අනුරගේ ජඩ වැඩ: GSP+ බදු සහනය දැඩි අවදානමක - ඇඟලුම් සංගම් සංසදයෙන් (JAAF) දැඩි අනතුරු ඇඟවීමක්

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙනවා.

    දශක හතරකට වැඩි කාලයක් පුරා අවභාවිත වූ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට මෙම නව පනත ගෙන ආවද, විචාරකයින් සහ නීති විශාරදයින් පෙන්වා දෙන්නේ මර්දනකාරී නීතිමය ක්‍රමවේදයන් තවදුරටත් මෙහි අන්තර්ගත වන බවයි.

    පුළුල් හා අපැහැදිලි ත්‍රස්තවාදී අර්ථ දැක්වීම්, ජනාධිපතිවරයාට හිමි සංවිධාන තහනම් කිරීමේ ඒකාධිකාරී බලය, අධිකරණ අධීක්ෂණයකින් තොරව හමුදාවට පොලිස් බලතල ලැබීම සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීමේ නියෝග වැනි කරුණු හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය වන බව සඳහන්.

    ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් දරන ඇඟලුම් කර්මාන්තය, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් රටට ගෙන එන බවත්, යුරෝපා සංගමය යනු මෙම අපනයනවලින් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා අතිශය තීරණාත්මක වෙළෙඳපොළක් බවත් එම සංසඳයේ නිවේදනයේ සඳහන්.

    2026 වසරේ මුල් භාගය තුළ යුරෝපා සංගමය වෙත සිදුකළ ඇඟලුම් අපනයනය 2025 වසරට සාපේක්ෂව 8%කින් පහත වැටී ඇති අතර, එම කාලය තුළ චීනයෙන් සහ වියට්නාමයෙන් යුරෝපය සිදුකළ ආනයන පිළිවෙළින් 5%කින් සහ 9%කින් ඉහළ ගොස් ඇති බව එම සංසඳය පෙන්වා දෙනවා.

    මේ හරහා ශ්‍රී ලංකාවට සිය වටිනා වෙළෙඳපොළ කොටස ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

    යුරෝපා සංගමය විසින් ලබා දෙන GSP+ බදු සහනය යනු ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා බදු රහිතව එරට වෙළෙඳපොළට ඇතුළු වීමට ඇති එකම මඟ වන බවත්, එහෙත් එය මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ දැඩි කොන්දේසිය මත රඳා පවතින බවත් පෙන්වා දෙන එම සංසඳය, ඉදිරි 2027-28 වසරවලදී මෙම සම්මුතීන් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැංවෙන අතර, 2027 වසරෙන් අවසන් වන වත්මන් GSP+ සහන කාලසීමාවෙන් පසු නව වෙළෙඳ චක්‍රය සඳහා නැවත අයදුම් කළ යුතු බව සඳහන් කරනවා.

    කෙසේ වෙතත්, මෙම පනත වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, නව අයදුම්පත ප්‍රතික්ෂේප වීමට එය ප්‍රධානතම බාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවට ඔවුන් අදහස් දක්වනවා.

    පනත් කෙටුම්පතේ පළමු කියවීම ඔක්තෝබර් 6 වැනිදා සිදු වූ අතර, නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර එය සම්මත කර ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට නීතියේ ව්‍යවස්ථාපිතභාවය පිළිබඳව පමණක් තීන්දු ලබා දිය හැකි බැවින්, පනතේ ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය වන්නේ කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය සංශෝධන සිදු කිරීම බවත් එම සංසඳය සඳහන් කරනවා.

    රටකට ආරක්ෂක බලතල අවශ්‍ය වුවද, රඳවා තබා ගැනීමේ නියෝග අනුමත කිරීමට පෙර මහේස්ත්‍රාත්වරුන්ට සාක්ෂි පරික්ෂා කිරීමට ඉඩ සැලසීම, සංවිධාන තහනම් කිරීමේදී අධිකරණ මැදිහත්වීමක් ලබා දීම සහ අත්අඩංගුවට ගැනීම් සිවිල් පොලිසියට පමණක් පැවරීම වැනි සරල පියවරයන් හරහා මෙම ගැටළුව විසඳා ගත හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙන බවත්, පනත සම්මත වීමෙන් පසු එය නිවැරදි කිරීමට යාම අතිශය පාඩු සහගත වනු ඇති බැවින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය සහ රටේ ආර්ථික අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි JAAF සංගමය දැඩිව අවධාරණය කර සිටිනවා.







    ------ Post added on Oct 27, 2026 at 1:31 PM

    රජය හඳුන්වා දී තිබෙන ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crime Bill) මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට ද පටහැනි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

    අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකට පිටපත් සහිතව අධිකරණ ඇමැතිවරයාට එම ලිපිය යොමු කර තිබේ.

    මෙම පනත් කෙටුම්පත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා අතිශය මර්දනකාරී එකක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියෙන් පෙන්වා දෙයි.

    නව පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වන වගන්තිය ප්‍රතිනිර්මාණය කර ඇති බව එහි සඳහන්ය.

    මෙම පනත් කෙටුම්පතේ විධි විධාන වලටඅනුව බරපතල අපරාධයකට සම්බන්ධ හෝ හවුල් වන සැකකරුවෙකු රඳවා තබා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට පොලිසියට අවකාශය සලසා දී ඇති බව එහි දැක්වේ.

    එසේම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ පච්ච සටහන් , නැතහොත් එවැනි සාමාජිකයින් සමග සරල ඇසුරක් පැවැත්වීම පවා පනතට ඇතුළත්කර තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

    මානව නිදහසට බලපාන ඇතැම් කරුණු අධිකරණ කටයුතුවලින් පවා ඉවත් කර ඇති බවත් එය ඉතා භයානක ලක්ෂණයක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව සිය ලිපියෙන් පෙන්වා දෙයි.

    ඒ අනුව සැකකරුවෙකු නිදහස් කළ යුතුද, ඇප මත මුදා හැරිය යුතුද, නැතහොත් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුද යන්න තීරණය කිරීමේ සාමාන්‍ය අභිමතානුසාරී බලය අධිකරණය වෙත පැවරී තිබුණත් මෙමගින් එය ඉවත් කර ඇති බව කොමිෂන් සභාව අධිකරණ ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    - https://newshub.lk/blog/2026/10/24/human-rights-commission-opposes-governments-new-bill/

    ------ Post added on Oct 27, 2026 at 1:33 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    EU එකට ඇඟලුම් අපනයන 8%ක් වැටිලා තියෙද්දි GSP+ එකත් අවදානමක වැටුනොත් ඒක කර්මාන්තෙට ලොකු පහරක් වෙනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113

    87-89 ගේන්න හදපු මිනීමරු පොල්පොට් පාලනය දැන් ගේන්නද හදන්නේ ? ​

    ‘Withdraw it in its entirety’: Amnesty slams Organised Crime Bill​


    Colombo, Oct. 27 (Daily Mirror) - A new bill before Sri Lanka’s parliament that grants the authorities sweeping arbitrary powers to tackle ‘organized crime’ and deny suspects’ human rights should be immediately withdrawn, Amnesty International said today.

    The Prevention of Organised Crimes bill, tabled in Sri Lanka’s parliament on 6 October, contains provisions that would make confessions extracted under duress admissible in court, enable the detention of suspects for up to two years without trial, and ban the media from reporting on court proceedings. The bill also confers the police with wide powers to conduct searches without a warrant, and imprison people for not providing information to authorities.

    The bill mirrors many elements of Sri Lanka’s repressive Prevention of Terrorism Act (PTA), which has been misused since the 1970s to target minorities and repress dissent.

    “This extraordinary bill is the most alarming in a string of repressive laws proposed by the National People’s Power (NPP) government. It reintroduces most of the very worst elements of the PTA and applies them to a wide range of offences,” said Smriti Singh, Amnesty International’s South Asia Director.

    We urge the Sri Lankan government to withdraw the bill in its entirety

    Smriti Singh, Amnesty International’s South Asia Director

    “The bill entrenches impunity and risks reviving the conditions that enabled arbitrary detention, torture and other ill-treatment under the PTA, including the use of coerced statements to secure convictions. It allows what effectively amounts to secret trials and it removes virtually all the safeguards designed to prevent the abuse of police power. The international community, which saw and decried the abuses under the PTA, should shudder.

    “We urge the Sri Lankan government to withdraw the bill in its entirety and engage in meaningful public consultations around how to tackle organized crime while protecting human rights.”

    The bill also empowers police to obtain personal information from telecommunications, satellite, digital and data service providers – including subscriber identities, call records and device location data – without a court order. This would infringe on the right to privacy and create significant risks of abuse, including the surveillance of journalists’ contacts, lawyers’ communications, and organizers of lawful assemblies.

    The bill covers offences already criminalized under Sri Lankan law, including intellectual property violations, Penal Code offences such as obstructing public servants and secret wrongful confinement, but subjects them to fewer due process safeguards when committed by an organized criminal group, to support prosecutions.

    An organized criminal group is defined in the bill as “a structured group of three or more persons, existing for a period of time and acting in concert… in order to obtain, directly or indirectly, a financial or other material benefit”.

    To determine whether an individual is a member of such a group, courts are allowed to consider a range of circumstantial evidence including their “style of dress, hand signs, language or tattoos used by known members of the organised criminal group” or whether they visit places known to be used by organized criminal groups. Courts are also allowed to consider past conduct and association as admissible evidence to prove membership of an organized criminal group.

    Statements made before a magistrate by persons who can’t be cross-examined – on account of their being dead or because they cannot be found – are also permitted as evidence of criminal conduct, while a provision in the bill making it an offence to knowingly do “any other act… in furtherance of a common criminal object borne by the members of an organised criminal group” is extremely vague, and subject to possible abuse.

    “Criminal guilt must be based on actual evidence of individual wrongdoing from objective factual circumstances defined by law with sufficient precision, not appearance, association or suspicion. Provisions that allow people to be branded members of criminal groups based on how they dress, whom they know or where they go risk discriminatory profiling and undermine the prohibition of arbitrary detention and the right to a fair trial,” said Smriti Singh.

    - https://www.dailymirror.lk/breaking...Amnesty-slams-Organised-Crime-Bill/108-353551
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,600
    1
    20,887
    113
    35
    Spain
    උන් දන්නවා ඊළඟ ඉලෙක්ෂන් එකෙන් ෆක් වෙලා යනවා කියල. එක නිසා දැන් තියෙන බලය පාවිච්චි කරලා තනි පක්ෂ ආණ්ඩුවක් හදන්න යන්නේ. ආපහු ඉලෙක්ෂන් නෑ. දැන් කොහොමත් රටම ෆක් වෙලා ඉවරයි. මොකද උසස් තනතුර වල ඉඳල හෙන්චය්යෝ දාගෙන වෙන මිනිහෙක් ආණ්ඩුවක් කරන්න ආවත් එළවලා දාන ගානට හදාගෙන යනවා. මුළු රටම උන්ගේ පක්ෂය යටතේ තියෙන තැනක් වේගෙන යනවා.
     
    • Like
    Reactions: monson