රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට පියවර

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,757
    9,096
    113
    රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට පියවර



    හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ.

    අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්‍රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    දැනට සිදු කරන විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇත.
    එම විමර්ශනයේ කොටසක් ලෙස අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රකිත රාජපක්ෂගේ නිවස වෙත ගොස් තිබේ.

    කෙසේවෙතත්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ නිවේදනය භාරදීමට යන අවස්ථාවේ දී රකිත රාජපක්ෂ නිවසේ සිට නොමැති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
     
    • Like
    Reactions: vito and SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,839
    2,212
    113
    United States
    නාවල ගෙදරට ලියුම දෙන්න ගියත් රකිත ගෙදර හිටියේ නැතිලු නේ, ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ
     
    • Like
    Reactions: SomiBoyz