හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ මරණය: අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට – තවත් නිලධාරීන්ගේ වැඩ තහනම්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ මරණය: අපරාධ අංශයේ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට – තවත් නිලධාරීන්ගේ වැඩ තහනම්
    https://www.gossiplanka.com/2026/10/homagama-police-ishara.html · ගොසිප් ලංකා

    Homagama%20Police.jpg


    හෝමාගම පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන නොවැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 28 පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකාර නිලධාරියා හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි. පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

    මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟම, අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඊට අමතරව එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේද සේවය අත්හිටුවා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් අත්හිටුවා තිබේ.