බාබකියු උඳුනක දුමක් විසවෙලා...නුවරඑළියේදී අඹුසැමි යුවළක් මරුට 🙁

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,860
    9,257
    113




    නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුළ බාබකියු උදුනකින් විෂ සහිත දුම ආඝ්‍රාණය වීමෙන් අඹුසැමි යුවළක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

    පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි නාවිකයකු සහ ඔහුගේ 46 හැවිරිදි බිරිඳ බවයි.

    මෙම යුවළ මීපිලිමාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකිරීමේ කටයුතුවල නියැලී සිට ඇති අතර ඉදිකිරීම් භූමිය අසල කුලියට ගත් නිවසක තාවකාලිකව නවාතැන් ගෙන ඇත.

    නුවරඑළියේ පැවැති අධික ශීත කාලගුණය හේතුවෙන් මෙම යුවළ තම කාමරය තුළ බාබකියු උඳුනක් දල්වා ඇති බවත්, උඳුන දැල්වෙමින් තිබියදී නින්දට ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

    අඟහරුවාදා (03) අලුයම ඥාතීන් විසින් ඔවුන් දෙපළට දුරකතන ඇමතුම් ලබාදී ඇති නමුත් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමෙන් පසුව ඥාතීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී නිවස පරීක්ෂා කිරීමේදී අඹුසැමි යුවළ මියගොස් සිටිනු දැක ඇත.

    පසුව සිද්ධිය පිළිබඳව නානුඔය පොලිසියට දැනුම් දී තිබේ
    .



     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    මීපිලිමානේ සීතලට කාමරේ ඇතුලෙම බාබකියු උඳුන දල්වපු එක කොච්චර අනතුරුදායකද කියලා හිතුවෙවත් නැතුව ඇති, දෙන්නටම නිවන් සුව ලැබේවා.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    929
    1,832
    93
    මේ වගේ දෙයක් වුන පලවෙනි වතාව නෙමෙයි.

    මිනිස්සු මේ ගැන දැනුවත් වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක නම් තේරෙන්නෙ නෑ..

    2000 දශකයේ මුල් කාලෙ අත්තනගල්ල පැත්තේ කපල් එකක් මැරිලා අන්තිමට ලොකු හොල්මන් කතා ටිකකුත් පැතිරුනා. මේකේ ඉන්න නාකි කුකුල්ලු දන්නවා ඇති.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,851
    15,885
    113
    🌎
    මේ වගේ දෙයක් වුන පලවෙනි වතාව නෙමෙයි.

    මිනිස්සු මේ ගැන දැනුවත් වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක නම් තේරෙන්නෙ නෑ..

    2000 දශකයේ මුල් කාලෙ අත්තනගල්ල පැත්තේ කපල් එකක් මැරිලා අන්තිමට ලොකු හොල්මන් කතා ටිකකුත් පැතිරුනා. මේකේ ඉන්න නාකි කුකුල්ලු දන්නවා ඇති.
    Me comment ekath AI generated vage penne mata vithrda :baffled:
     
    • Wow
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    .ඕකේ සම්පූර්න වෙන සිද්දිය ටික් ටොක් එකක් ටිබ්බා හමබ උනොත් දාන්නම්.. කාබන් මොනොක්සයිඩ් කොහොමද ඇඟ ඇතුලේ වැඩ කරන්නේ කියල එහෙමත් ඒකේ තිබ්බා,,
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,907
    113
    35
    Spain
    නිවන්සුව අත්වේවා!!

    හැම අවුරුද්දෙම නුවර එළියේ මේක වෙනවා නේ? ඇයි මේ හෝටල් කාරයෝ බේසික් ගයිඩ්ලයින් එකක්වත් හදල ටුවරිස්ලට කියල දෙන්නේ නැත්තේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,323
    29,398
    113
    2000 දශකයේ මුල් කාලෙ අත්තනගල්ල පැත්තේ කපල් එකක් මැරිලා අන්තිමට ලොකු හොල්මන් කතා ටිකකුත් පැතිරුනා. මේකේ ඉන්න නාකි කුකුල්ලු දන්නවා ඇති.
    haha ow... holman kathanan e kaale nidan haarena scene ekak hinda hadapu ekak kiyelath kiyenewa
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    Meke link eka wenama dapakp meka load wen ne
    ඔක ගොඩක් ලින්ක් වලට වෙනවා.. සයිට් එක දෙපාරක් 3න් පාරක් රිෆ්‍රෙශ් කරන්න ඕනේ.. නැත්හම් ටැබ් එක ක්ලෝස් කරල ආයේ ත්‍රෙඩ් එකට යන්න ඕනේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,786
    9,198
    113
    * **November 2026 (Meepilimana, Nuwara Eliya):** A married couple died inside a rented house in the Meepilimana area. Authorities found that the deaths were caused by inhaling toxic fumes emitted by a barbecue stove left inside the enclosed living space overnight. The Nanu Oya Police investigated the scene and sent the bodies for a post-mortem examination.

    * **February 2022 (Nuwara Eliya):** A couple staying at a hotel/lodge in Nuwara Eliya passed away after sleeping in an enclosed room with a charcoal barbecue grill. Police suspected carbon monoxide gas emanating from the charcoal in an unventilated room caused asphyxiation.

    * **January 2017 (Nuwara Eliya):** One person died and two others were hospitalized after inhaling toxic fumes inside a room at a lodge. The group had cooked chicken on a BBQ and brought the grill indoors due to cold weather, resulting in heavy smoke accumulation.

    ---

    ### Carbon Monoxide Safety Warning

    Because Nuwara Eliya experiences cold weather, travelers sometimes bring burning or extinguished charcoal grills indoors for heat.

    * **The Mechanism:** Charcoal combustion consumes oxygen and produces **carbon monoxide (CO)**, an odorless, colorless, and tasteless gas.
    * **Precaution:** Never bring charcoal grills, BBQ stoves, or open fires inside enclosed spaces, rooms, tents, or lodges—even if the charcoal appears to be fully extinguished, as it continues emitting hazardous toxic gases.
     
    • Sad
    Reactions: Inigo Montoya