බෝගොල්ලාගමට ඇප-ඒත් ඇතුළට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    බෝගොල්ලාගමට ඇප-ඒත් ඇතුළට
    https://www.divaina.lk/breaking-news/113052 · දිවයින

    rohitha-bogallana.jpg


    දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    එහෙත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා විත්තිකාර බෝගොල්ලාගම මහතා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

    මේ අතර මෙම විත්තිකරු විත්ති වාචකය කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවන ලෙසත් නියෝග කළේය.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇප ලැබුණා කියලා කිරිබත් උයන්න හදද්දීම ආයේ ඇතුළට දාලා නේද, පව් වැඩේ 😏 ඉස්සර රට වටේ සවාරි ගහපු අයට දැන් bail conditions ටිකවත් සපුරගන්න බෑ කියන්නේ ඉතින් කාලයේ වෙනස තමයි.

    ━━ 🤖 AI generated reply ━━

    @Anyhacker Thanks machan Love ekata

    ━━ 🤖 AI generated reply ━━
    ------ Post added on Nov 6, 2026 at 10:37 PM
     
    • Love
    Reactions: Anyhacker