Tiktok penne nati ayata pahalin yt eka
(-Copied Content-)
ඔයාගේත් දත් අපිළිවෙලයි ද?ඒත් වුවමනා වුනත්, දත්වලට කම්බි(Braces) තවමත් නොදා ඉන්න ඔයාට මොකක් හරි හේතුවක් තියෙනවා ද? හැබැයි, කම්බි(Braces) යොදන්නේ නැතිව දත්වල අපිළිවෙල හරිගස්ස ගන්න ප්‍රතිකාර ක්‍රමයක් දැන් ඔයාට කායෝ ඩෙන්ටල් වෙතින් ලබා ගන්න පුළුවන්. ඒ තමයි ක්ලියර් අලයින(ර්)ස් (Clear Aligners) එහෙමත් නැත්නම් විනිවිද පෙනෙන අලයින(ර්)ස්. දත්වල අපිළිවෙල බව නිවැරදි කර ගන්න කම්බි යොදන්න අකමැති අයට මේ ප්‍රතිකාරය හොඳ විකල්ප ප්‍රතිකාරයක් විදියට හදුන්වන්න පුළුවන්.
දත් අපිළිවෙල වුණු අවස්ථා අද කාලේ සුලභව දකින්න ලැබෙන දෙයක්. දත් අතර හිඩැස්,දත් ඇදව පිහිටීම, දත් ඉදිරියට හෝ පසු පසට නෙරා ඒම, පොකුරු දත්, දත් ඇදි නිසි ලෙස එකමත එක නොපිහිටීම වගේ දන්ත ගැටලු අපි පොදුවේ “දන්ත විකලාංග ගැටලු” (Orthodontic Problems / Malocclusions ) විදියට හඳුන්වනවා. මීට අමතරව හකු/හනු අස්ථි ආශ්‍රිත සහ උඩු හෝ යටි තල්ල ආශ්‍රිතව ඇතිවන ගැටලුත් දන්ත විකලාංග ගැටලු විදියටයි සලකන්නේ. මේ වගේ තත්වයන් නිවැරදි කරන්න භාවිතා කරන දන්ත ප්‍රතිකාර “දන්ත විකලාංග ප්‍රතිකාර” විදියට හඳුන්වනවා.
Clear Aligners ක්ලියර් අලයින(ර්)ස්.
ක්ලියර් අලයින(ර්)ස් ප්‍රතිකාරය කම්බි යොදන්න අකමැති අයට ලබා ගන්න පුළුවන් හොඳ ප්‍රතිකාරයක්.මේ ප්‍රතිකාරයේ දී කරන දේ සරලව කිව්වොත්, මෙතන දී වෙන්නේ ඔයාගේ දත් දැන් තියෙන තත්වය ඉස්සෙල්ලම ස්කෑන් කරලා දත් හරි විදියට හැදිලා ඉවරවෙන තැන දක්වා ඔයාට දත්වලට පළඳින්න අවශ්‍ය කරන ට්‍රේ (Tray) කට්ටලයක් සැලසුම් කරලා, ඒ ට්‍රේ සකස් කරල ඔයාට ලබා දීමයි. ( ඒ කියන්නේ ට්‍රේ දෙකක් තුනක් නෙවෙයි, ගොඩක්. මොකද දත්වල නිවැරදි වීමත් එක්ක කාලයකට සැරයක් ඔයාටම මේ කට්ටලයෙන් ගැලපෙන ට්‍රේ මාරු කරමින් පාවිච්චි කරන්න වෙනවා.) මේ ට්‍රේ කොටස ඔයාගේ දත් උඩට සවි කරන්න පුළුවන් විදියට හදපු විනිවිද පේන ප්ලාස්ටික් කොටසක්. මෙඩිකල් ග්‍රේඩ්(medical-grade) ප්ලාස්ටික් වර්ගයකින් තමයි මේ ක්ලියර් අලයිනස්(Clear aligners) ට්‍රේ හදන්නේ. ඔයාට ලබා දෙන ට්‍රේ කට්ටලය අදාළ වෛද්‍ය උපදෙස් පරිදි කාලයකට සැරයක් එකින් එක මාරු කරමින් අනිකුත් පිළිපදින්න ඕන කරුණු පිළිපදිමින් පාවිච්චි කිරීම තමයි ඔයාට පැවරෙන රාජකාරිය
මේ ප්‍රතිකාරය ලබා ගැනීමේ දී Dental එකට පැමිණීම් වාර කීපයක් (බොහෝ විට පැමිණීම් දෙකක් හෝ තුනක්) විතරයි එන්න ඕන. ඉන් පස්සේ සිදු කරන පරීක්ෂණ වලින් සහ ඒවා මඟින් ලබා ගන්න ප්‍රතිඵල මත විශේෂ පරිගණක මෘදුකාංගයක්(Computer Software) මඟින් ඔයාගේ දත් දැන් තියෙන තත්වයේ ඉදලා දත් හරි පිළිවෙලට හැදිලා ඉවරවෙන අන්තිම පියවර දක්වා අච්චු සකස් කරන්න අදාළ දත්ත සටහන් ලබා දෙනවා. ඔයාගේ දත් නිවැරදි කරන්න ගතවෙන කාලය අනුව තමයි ඔයාට කොච්චර ට්‍රේ ප්‍රමාණයක් අවශ්‍ය ද කියන දේ අදාල පරිගණක වැඩසටහන මඟින් තීරණය කරන්නේ.
ක්ලියර් අලයින(ර්)ස් වල වාසි මොනවා ද ?
මාසෙන් මාසේ adjustment කරන්න ඩෙන්ටල් එකට එන්න කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඔයාට Tray කට්ටලයම මුලින්ම දෙන නිසා ඔයාටම උපදෙස් අනුව නියමිත කාලයකට වරක් Tray කට්ටලය මාරු කරන්න තමයි තියෙන්නේ.
- කම්බි නැති නිසා සහ විනිවිද පෙනෙන ද්‍රව්‍යයකින් සකස් කර ඇති නිසා කම්බි බ්‍රේසස්(Metal Braces) තරම් බාහිරින් බැලූ බැල්මට ක්ලියර් අලයින(ර්)ස් පැළඳගෙන ඉන්න බවක් කෙනෙක්ට හදුනා ගන්න අමාරුයි.
- කම්බි සහිත බ්‍රේසස් ලබා ගැනීමෙන් පසුව කම්බි නිසා යම් යම් කෑම වර්ග ලබා ගැනීමේ පහසුතා ඇති වෙනවා. නමුත්, ක්ලියර් අලයිනස් යෙදීමේ දී මේ වගේ ගැටලු ඇති වෙන්නේ නෑ. මොකද ආහාර ගන්න වෙලාවට ඔයාටම ගලවලා ඕනම කෑමක් රසවිඳින්න අවස්ථාව ලැබෙනවා.
- වඩාත් සුවපහසු වීම සහ භාවිතයේ පහසුව. දත් මතට සවි කරන වඩාත් හොඳින් සවිවන ලෙස සකස් කරන නිසා සහ සුමට මතුපිටක් තිබෙන නිසා පැළඳ සිටීමේ දී වඩාත් සුවපහසු බවක් සලසනවා.
- සමහර විකලාංග ප්‍රතිකාරයන් නිසා දත් පිරිසිඳු කිරීමේ යම් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන් වුනත් Clear Aligners අවශ්‍ය වේලාවට ගලවන්න පුළුවන් නිසා සාමාන්‍ය විදියට දත් මැදීම සිදු කරන්න පුළුවන්.
කායෝ ඩෙන්ටල් විකලාංග ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතින් මෙම ප්‍රතිකාරය ලබා ගන්න දැන්ම අමතන්න - 0817688288. නැත්නම් 0714189999 අංකයට WhatsApp පණිවිඩයක් අප වෙත යොමු කරන්න. මීට අමතරව සාමාන්‍ය බ්‍රේසස් (Metal Braces) සහ දත්වල පැහැයට සමාන බ්‍රේසස් (Tooth Coloured Braces / Ceramic Braces) ප්‍රතිකාරත් කායෝ දන්ත රෝහල මඟින් ලබා ගන්න ඔබටත් පුළුවන්.(මෙම ප්‍රතිකාර සඳහා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද ලබා ගත හැක.)
Last edited: