සමනල සංක්‍රමනය (Butterfly Migration) පිලිඹඳ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,980
    103,693
    113
    සමනල සංක්‍රමනය (Butterfly Migration) පිලිඹඳ සටහනක්

    අද දින උදෑසන සිට ප පදිංචි නුගේගොඩ නගරයේ මෙන්ම අවට ප්‍රදේශ වලිනුත් සුදු සහ කහ සමනලුන් විශාල වශයෙන් එකම දිශාවකට පියඹා යනු දැකිය හැකි විය.එමෙන්ම අද දිනයේදී බොහෝ දෙනෙක් මෙම සංසිද්ධිය දැක මවෙත තොරතුරු දන්වා සහ විස්තර විමසා තිබේ.
    මේ අප දකින්නේ අතීතයේ සෑම වසරකම නොවැම් බර් සහ දෙසැම් බර් මාසවලදී දකිනා සමනල් පර්‍යටනයක ආරඹ්හක අවස්ථාව වේ.මෙම සමනල් පර්‍යටනයේ යෙදී සිටින විශේශ සංඛ්‍යාව 70 පමන වන බව අතීත වාර්තා සහ අප විසින් 1987 ව්සරේ සිට කල අධ්‍යයන අනුව පෙනී ගොස් තිබේ.
    බොහෝ විට මෙම පර්‍යටනයේ මුල් අවස්ථාවේදී හමු වන්නේ Lemon Emigrant සහ Mottled Emigrant යන සමනලුන් වේ.නමුත් පසු අවස්ථාවලදී මීට තවතවත් විශේශ එක්වීම දැකිය හැකි වේ.කෙසේ වෙතත් පසු කාලීනව මෙම සංක්‍රමනයේ නියුතු සමනලුන් සංඛ්‍යාව බොහෝ දුරට අඩුවීමක් සිදුව තිබුනි.ඇතැම් වසර වලදී සංක්‍රමනයක් දැකගත නොහැකි තරමට මෙය අඩුවීමක් සිදුව තිබිනි.මේ වසරට ප්‍රථමයෙන් මෙවන් විශාල සංඛ්‍යා වලින් සමනල් පර්‍යටනයක් දර්ශනය වූයේ 2014 වසරේ නොවැම් බර් මාසයේ සිට වේ.එහිදී දුටු තවත් සුවිශේශී දෙයක් නම් ඉහල කඳුකරයේ වාසය කරනා Painted Lady නම් සමනලයා සුලු සංඛ්‍යා වලින් කොලඹ අවටදී දැකීම විය.
    එසේම පසුගිය වසර කීපයකදී Orange Migrant නම් සමනලයාද මෙම සංක්‍රමනයට එක්වී තිබීම විය.මීට දශක දෙකකට ප්‍රථම ශ්‍රී ලංකවෙන් ප්‍රථම වරට වාර්තා වූ මෙම සමනල් විශේශය මෙරටට ආනයනය කරනා විසිතුරු ශාක සමඟ පැමිනෙන්නට ඇති බවට මතයක් තිබේ.මෙම සමනලයා පියාඹන විට ඉදිරි පියාපත් දෙකේ උඩ පැත්ත දීප්තිමත් සුදු පාටිනුත්,පසු පියාපත් දෙකේ උඩ පැත්ත දීප්තිමත් කහ පාටිනුත් වීම නිසා කහ වර්න ආකාරයේ Lemon Emigrant සමනලුන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි වේ.

    අද දිනයේ සංක්‍රමනයේ යෙදී සිටිනු දුටුවේ මෙරට සුලභ සමනල විශේශයක් වන Lemon Emigrant (Catopsilia pomona) නම් සමනලයා වේ.පසුගිය පැය හයක කාලයේදී (උදේ 9.30 සිට සවස 3.30 තෙක්) එක් ස්ථානයකින් විනාඩියක කාලයක් තුල සමනලයින් 45 සිට 70 දක්වා සංඛ්‍යාවක් මෙසේ සංක්‍රමනයේ යෙදී සිටින බව දැකීමට හැකි විය.
    සංක්‍රමනයේ යෙදී සිටින මෙම විශේශයේ සමනලුන් ඇතමෙක් සුදුවන්ව සහ අන් අය ලාකහ සහ ඇතමුන් වඩාත් තද කහ පාට වලිනුත් යුතුව දකින්නට හැකි වේ.මීට හේතුව වන්නේ මෙම විශේශයේ සමනලයන් වෙනස් රූපානුදර්ශ ගනනාවකින් හමුවීමයි.
    මේ සමනල විශේශයේ රූපානුදර්ශයන් ස්පර්ශකවල වර්නය අනුව ප්‍රධාන කාන්ඩ(groups) දෙකකට බෙදේ.මේ ප්‍රධාන කාන්ඩ දෙක තුලම වෙනස් ස්වරූපයේ "ආකාරයන් " (forms) කිහිපය බැගින් තිබේ.මේ වෙනස් ආකාරයන් වෙන්කර තිබෙන්නේ පියාපත්වල වර්නයන් සහ එහි තිබෙන සලකුනු මතය. මේ සමනලයාගේ විශේශත්වයක් නම් මෙවන් වෙනස් ආකාරයන් ගනනාවක් එක විටක මෙන්ම එකම රංචුවේද හමුවීමයි.
    සමනලයාගේ ස්පර්ශක යුගල කලු හෝ අලු පාට සහිත සහ සුදු හෝ ලා කහ පාට පියාපත් දරන්නන් Crochole කාන්ඩයටද ස්පර්ශක රතු හෝ රෝස පාටින් යුතු සහ කහ පාට සිට ඉතා තද කහ පාට දක්වා වර්න සහිත පියාපත් දරන්නන් Pomona කාන්ඩයටද වෙන්කර තිබේ.
    ** මෙම ඡායාරූප වලින් ප්‍රථම දෙකෙන් Pomona ආකාරයත් අනුක් දෙකෙන් Crochole ආකාරයත් සහිත සමනලුන් නිරූපනය වේ.

    ++ ඡායාරූප සියල්ල ගන්නා ලද්දේ මවිසිනි.


    ------ Post added on Nov 7, 2026 at 4:26 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,418
    21,603
    113
    අඩෝ මන් දැක්ක කවුරුහරි අම්බලන්ගොඩත් දැකල දාල තිබුනා.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,308
    1
    63,854
    113
    Mother Earth
    තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙය අස්වාභාවික සිද්ධියක් බවත් කුමක් හෝ දෙයක් ගැන ස්වභාවධර්මයා විසින් අනතුරු හැඟවීමක් බවත්ය. විශාල භූ චලනයකට ප්‍රථම මෙලෙස සමනලුන් එක් දිශාවකට සංසරණය කරයි. එම ස්වභාවික අපදාවෙන් ගැළවීමට නම් ඔබත් සමනලුන් පියාසර කරන දිශාවට ඉක්මනින් ගමන් කරන්න යනුවෙන් ඒ මහතා පවසයි. :baffled:

    අඩෝ සිරාවට ? 🤷‍♂️
     
    • Wow
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,980
    103,693
    113
    තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙය අස්වාභාවික සිද්ධියක් බවත් කුමක් හෝ දෙයක් ගැන ස්වභාවධර්මයා විසින් අනතුරු හැඟවීමක් බවත්ය. විශාල භූ චලනයකට ප්‍රථම මෙලෙස සමනලුන් එක් දිශාවකට සංසරණය කරයි. එම ස්වභාවික අපදාවෙන් ගැළවීමට නම් ඔබත් සමනලුන් පියාසර කරන දිශාවට ඉක්මනින් ගමන් කරන්න යනුවෙන් ඒ මහතා පවසයි. :baffled:

    අඩෝ සිරාවට ? 🤷‍♂️
    හිනෙන්ද කිව්වේ.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Candid-B

    AS Dishantha

    Junior member
  • Jan 31, 2026
    36
    12
    8
    අපි පොඩි දවස්වල සමනල්ලු රංචු පිටින්, රෑට කණාමැදිරි රංචු..
    ඒත් දැන් කෝ උන්..😪
     
    • Like
    Reactions: NRTG

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,193
    1,027
    113
    www.youtube.com
    පොඩි කාලේ අහලා තිබ්බේ ඔය සමනල්ලු සිරීපාදේ වන්දනා කරන්න යනවා කියලා
     
    • Love
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,372
    6,881
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර 2000 & ඊට කලින් අපේ ගෙදර දවල්ට සමනලයෝ එන පැත්තේ ජනෙල් වහනවා මේ කාලෙට සමනලයෝ ඇතුලේ ඇවිත් එලියට යන්න බැරුව මැරෙන නිසා .


    මේ අවුරුද්දේ දැන් දවස් තුන හතරක ඉඳන් ඉස්සර තරම දහස් ගානක් නැති උනත් සමනලයෝ යනවා දැක්ක දැන් දවස් තුනක් අදත් එක්ක ,

    අවුරුදු පහලක්වක් විස්සකින් විතර දැක්කේ .

    (උදේ 9.30 සිට සවස 3.30 තෙක්) එක් ස්ථානයකින් විනාඩියක කාලයක් තුල සමනලයින් 45 සිට 70 දක්වා සංඛ්‍යාවක් මෙසේ සංක්‍රමනයේ යෙදී සිටින බව දැකීමට හැකි විය.
    mama eka winadi 2-3 ta dakinna athi 40-50 ada dawasata 300+ dakinna athi total 10min adu kalekadi
    issara dahas ganak eka para dakinne galle district yanne uthru dishawata
    habayi eka digata yane naha 100 withara pack yanawa aththe

    අපි පොඩි දවස්වල සමනල්ලු රංචු පිටින්, රෑට කණාමැදිරි රංචු..
    ඒත් දැන් කෝ උන්..😪
    ඔව් ඉස්සර පොඩි කාලේ හවසට මහා වවුලෝ , කාක්කෝ , වෙන කුරුල්ලෝ කොක්කු රෑන් පිටින් යනවා දකිනවා .

    එත් කොරෝනා curfew කාලේ විතරක් පොඩ්ඩක් දැක්ක ආයෙත් ඔහොම යනවා රෑන් හවසට , එත් ඉස්සර තරම් නැහැ
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,027
    26,929
    113
    Fantasy
    පොඩි කාලේ අහලා තිබ්බේ ඔය සමනල්ලු සිරීපාදේ වන්දනා කරන්න යනවා කියලා
    අවාරෙ සිරිපාදෙ යන උන්ට නීතිය ක්‍රියාත්මක කරන්ඩ ඕනේ.
    අශේන් සේනාරත්න සිරිපාදෙ ගියපු එකයි මේකයි අතර මොකක් හරි සම්බන්දයක් ඇති
     
    • Like
    Reactions: Solo Rider

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,469
    5,671
    113
    Panadura
    මෙම සමනල් විශේශය මෙරටට ආනයනය කරනා විසිතුරු ශාක සමඟ පැමිනෙන්නට ඇති බවට මතයක් තිබේ.