පුවත් පසුබිම: නොවැම්බර් 6 වැනිදා සවස කොළඹට පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබුණු බව වාර්තා වුණා. නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් පැවසුවේ නගරයේ ජලය බැසයාමේ පද්ධතිය මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට සැලසුම් කර ඇති බවයි. ජාතික රෝහලට සිදු වූ ජල ගැලීම නොරිස් ඇළේ නඩත්තුවේ අඩුපාඩු සමඟ සම්බන්ධ බවටද වාර්තා පළ වුණා.

