හිතාදර නොරිකෝ

SK29

Well-known member
  • Apr 14, 2017
    8,508
    9,959
    113
    දුර හිදන් මා දුරක ඇවිදින්
    නතර වූ තැන ඉමක රැදෙමින්
    දුටු දෑස මා
    නොසන්සුන් කර
    රැදුනි මතකයි මට ඔබේ රුව
    නොව මෙනුවර තෝකියෝවක්
    හමුවන්නෙ නෙතු
    මිදොරියෙහි නොව
    රෝහලේ කැන්ටිමේ
    උදේ පිපුන
    සුදුම සුදු සකුරා මලක්
    හවස මා දකින්නෙ
    මඳක් මැලවුන වතින් ඉන්නා
    රෝ දුක් නිමා සිනා සලනා
    සුවඳ හමනා
    සුදු රෝස මලක්
    ඉතින් අවසරද සොදුරිය
    ගතින් හා හිතෙන්
    හුදකලා වූ මට තනිමකන්නට
    දිගාමඩුල්ලෙ පිපුන
    කිමෝනා නිල සුදු වතින් සැරසුන
    සුදුම සුදු සකුරා
    හෙද මලට
    -කලන පුතා-
    2026/10/28
    පිස්සු කෙලින්නෙ නැතුව මේක ලස්සනට ලියලා ඒ කෙල්ලට දීපන්. :)
    දැක්කම හොඳට හිනා වෙලා කතා කරපන්.
     
    • Sad
    Reactions: kalana putha 97

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,253
    11
    3,750
    113
    උඩරට කැරැල්ල නිසා ගොඩක් වංශතුන් සහ පවුල් රහසින් පිටත් වුණා ඈත පළාත් වලට ගල්ගමුව, කුරුණෑගල, දඹුල්ල අනුරධපුර,පොළොන්නරුව, අම්පාර, මහියංගනය වගේ 50 km ට එහා.... පසුව කලවම්. වුනත් ඒ ඒ ප්‍රදේශ වල හිටපු අයත් එක්ක.... ඌව පළාතේ එහෙම කලවම් වෙන්න ජනතාවක් හිටියේ නැති නිසා ඔවුන්ගේ නියම නුවර රාජකීය පෙනුම නැති වුනේ නෑ කියලා පොතක තිබ්බා
    තවත් කොටසක් රහසින් බෝධි කුලයට ඇතුල් වුණා කියනවා.

    කොහොමත් 15-50 range එකේ පිරිමි ගොඩක් මැරුව, සුද්දෝ විසින්. පුප දුන්න නිළමේල බේරුණ. හරී හමන් වීරයන්ගේ පවුල් වල නමක් වත් දන්නේ නැතිව තාම ජිවත් වෙන්නේ. පොඩි කාලේ ඉඳන් වසන් කරලා ජිවත් කෙරෙව්ව හින්ද.


    තෙන්නකෝන් විමලානන්ද ගේ උඩරට කැරැල්ල පොත බලන්න.

    බයගුල්ලෝ කියලම කියන්න බෑ... සටන් වලට යවල ඔක්කොම බිලි දුන්නේ නෑ. ගොඩක් හොයා හොයා මැරුවේ රාජකීය උරුමය, වැව් සම්බන්ද රාජකාරි කරපු අය, වෙදකම කරපු අය....

    සාමාන්‍ය. විදිහට face nto face set එකට පස්සේ ( infantry )
    අනෙක් අයට exit වෙන්න ලොකු. අවස්ථාවක් ලැබුණා.

    1796 ඉංග්‍රීසි මුහුදු බඩ පළාත් අල්ලා ගත්තට පස්සේ...1815, 1818,

    1848 කැරලි ඔක්කොම වටේ අය පාවලා දුන්නේ.
    ------ Post added on Oct 29, 2026 at 5:31 PM
    අද ලංකාවේ වෙන්නෙත් මේක.

    අලුත් ත්‍රස්තවාදී පනතේ ප්‍රදානම අරමුණ තමයි .දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    පිස්සු කෙලින්නෙ නැතුව මේක ලස්සනට ලියලා ඒ කෙල්ලට දීපන්. :)
    දැක්කම හොඳට හිනා වෙලා කතා කරපන්.
    අනේ බයයි බන් ,එයා ලස්සන උනාට සැර පාටයි
     
    • Love
    • Haha
    Reactions: Yudewwa and SK29

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    කට ඇරලා අහන්නැතුව ඉඳලා වෙන එකෙක් උස්සන් යනකන් බලන් හිටපන්
    ඊට පස්සෙ වෙඩිමට ගිහින් බුරියානි කාලා කිරියෙ ත්‍රෙඩ් එකක් දායි 😂
     
    • Haha
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    පිස්සු කෙලින්නෙ නැතුව මේක ලස්සනට ලියලා ඒ කෙල්ලට දීපන්. :)
    දැක්කම හොඳට හිනා වෙලා කතා කරපන්.

    ඊට පස්සෙ වෙඩිමට ගිහින් බුරියානි කාලා කිරියෙ ත්‍රෙඩ් එකක් දායි 😂
    කලනපුතාගෙ අදෝනාව කියලා රැපක් ලිව්වාම 🤣👇

    මන් කල්පනා කලේ දවස ගානෙ එයා හම්බුනාම වෙන දේවල් ගැන උබලට අප්ඩේට් එකක් දෙන්න ,අද ඉදන් 🥰
    ------ Post added on Nov 3, 2026 at 3:02 PM

    මන් අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ.මම හරිම අප්සට් එකේ හිටියෙ මේ වගෙ පලාතකටම එන්ඩ උනාට.ගෙදර මතක් වෙනවා-යාලුවො මතක් වෙනවා.මම රෑට නොකා නොබී ඔහේ මනෝගහනවා ,අඩනවා.ඔහොම මුල් සතියම ගෙවුනා.පස්සෙ මම උදෙන්ම ලැහැස්තිවෙලා යන්න හුරු උනා.ඒක ඉබේටම උන දෙයක්.ගිහිල්ලා අත්සන් කරලා කැන්ටින් එකට ගිහිල්ලා තේ එකක් බොන එක මම පුරුද්දක් කරගත්තා.එතන පෝලිමේදි තමා මම මුලින්ම එයාව දැක්කෙ.අමුතුම ඇස් දෙකක්.ඒක එදා දැක්කා එච්චරයි.ආයෙ ඊලග දවසෙත් මම එයාව දැක්කා.එදා නම් මාස්ක් එකක් දාලා හිටියෙ.මම මේ කියන මොහොතේදිත් මම ට්‍රැක අවුල් වෙලා මේ වගෙ දුර පලාතකට එන්න උනාට හරිම දුකෙන් හිටියෙ.ඔහොම කාලයක් ගත උනා.දැන් සමහර දාට මට නොරිකෝ (එයා මෙයා අරයා ගානවට වඩා මන් ආසයි එයාට ඒ නමෙන් කතාකරන්න).මොකද මලගිය ඇත්තො කතාවේ නොරිකෝ චාං (චාං කියන්නෙ ආදරේට/සං කියන්නෙ ගරු වචනය) කියද්දි මට කවදාවත්ම ජපන් කෙල්ලෙක් මැවුනෙ නෑ මැවුනෙ ලංකාවෙ ජපන් පෙනුමැති කෙල්ලෙක්ව.එයාව මට හම්බෙන්න ගත්තා සමහර දාට උදේට-සමහර දාට හවසට.මොකක්දො සතුටක් එයා දැකීමෙන්ම මට දැනෙන්න ගත්තා.
    ------ Post added on Nov 3, 2026 at 3:07 PM
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    කලනපුතාගෙ අදෝනාව කියලා රැපක් ලිව්වාම මන් කල්පනා කලේ දවස ගානෙ එයා හම්බුනාම වෙන දේවල් ගැන උබලට අප්ඩේට් එකක් දෙන්න ,අද ඉදන් ------ Post added on Nov 3, 2026 at 3:02 PMමන් අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ.මම හරිම අප්සට් එකේ හිටියෙ මේ වගෙ පලාතකටම එන්ඩ උනාට.ගෙදර මතක් වෙනවා-යාලුවො මතක් වෙනවා.මම රෑට නොකා නොබී ඔහේ මනෝගහනවා ,අඩනවා.ඔහොම මුල් සතියම ගෙවුනා.පස්සෙ මම උදෙන්ම ලැහැස්තිවෙලා යන්න හුරු උනා.ඒක ඉබේටම උන දෙයක්.ගිහිල්ලා අත්සන් කරලා කැන්ටින් එකට ගිහිල්ලා තේ එකක් බොන එක මම පුරුද්දක් කරගත්තා.එතන පෝලිමේදි තමා මම මුලින්ම එයාව දැක්කෙ.අමුතුම ඇස් දෙකක්.ඒක එදා දැක්කා එච්චරයි.ආයෙ ඊලග දවසෙත් මම එයාව දැක්කා.එදා නම් මාස්ක් එකක් දාලා හිටියෙ.මම මේ කියන මොහොතේදිත් මම ට්‍රැක අවුල් වෙලා මේ වගෙ දුර පලාතකට එන්න උනාට හරිම දුකෙන් හිටියෙ.ඔහොම කාලයක් ගත උනා.දැන් සමහර දාට මට නොරිකෝ (එයා මෙයා අරයා ගානවට වඩා මන් ආසයි එයාට ඒ නමෙන් කතාකරන්න).මොකද මලගිය ඇත්තො කතාවේ නොරිකෝ චාං (චාං කියන්නෙ ආදරේට/සං කියන්නෙ ගරු වචනය) කියද්දි මට කවදාවත්ම ජපන් කෙ------ Post added on Nov 3, 2026 at 3:07 PM
    දවස ගාණෙ අප්ඩේට් දැම්මොත් කිරියෙ උන් උඹේ නොරිකෝවත් හොයාගෙන ගෙදරටම එයි 😂
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    දවස ගාණෙ අප්ඩේට් දැම්මොත් කිරියෙ උන් උඹේ නොරිකෝවත් හොයාගෙන ගෙදරටම එයි 😂
    හපොයි 😒😒😒
    දවස ගාණෙ අප්ඩේට් දැම්මොත් කිරියෙ උන් උඹේ නොරිකෝවත් හොයාගෙන ගෙදරටම එයි 😂

    eya ehema ne ban.
    kokatath kiyala pinthuurayak dapan balanna. Ape expertla hariyatama kiyai.
    නයිස් ට්‍රයි.ඒ හා සමාන පෙනුමක් තියන කෙල්ලෙක් නම් ඉන්නවා
    ------ Post added on Nov 3, 2026 at 3:10 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    හපොයි නයිස් ට්‍රයි.ඒ හා සමාන පෙනුමක් තියන කෙල්ලෙක් නම් ඉන්නවා------ Post added on Nov 3, 2026 at 3:10 PM
    කිරියෙ ඉන්න ෂර්ලොක් හෝම්ස්ලට අහුවුණොත් නම් උඹට ගමත් දාලා දුවන්න වෙන්නෙ 😂
     
    • Haha
    Reactions: kalana putha 97

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,253
    9,120
    113
    මන් කල්පනා කලේ දවස ගානෙ එයා හම්බුනාම වෙන දේවල් ගැන උබලට අප්ඩේට් එකක් දෙන්න ,අද ඉදන්
    අනුරාදව පරදන්නද හදන්නේ?? කමක් නෑ කමක් නෑ.. මේ ත්‍රෙඩ් එකේම ලියපන් .
     
    • Haha
    Reactions: kalana putha 97

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අනුරාදව පරදන්නද හදන්නේ?? කමක් නෑ කමක් නෑ.. මේ ත්‍රෙඩ් එකේම ලියපන් .
    අනුරාධයා නම් දවසට ත්‍රෙඩ් දහයක් දානවා මූ එක ත්‍රෙඩ් එකේම ඩයරිය ලියනවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,253
    9,120
    113
    මන් කල්පනා කලේ දවස ගානෙ එයා හම්බුනාම වෙන දේවල් ගැන උබලට අප්ඩේට් එකක් දෙන්න ,අද ඉදන් 🥰
    කෝ ඉතින් අප්ඩේට්... දැන් තත්ත්වේ කොහොමද.. හිනා වෙනවද?? කතා කරනවද??

    @kalana putha 97 මොකෝ නොරිකෝ එක්ක තරහ උනාද?? එයා කසාද බැදපු කෙනෙක්ද?? හිත කැඩුනද??
    ------ Post added on Nov 11, 2026 at 6:20 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    කෝ ඉතින් අප්ඩේට්... දැන් තත්ත්වේ කොහොමද.. හිනා වෙනවද?? කතා කරනවද??

    @kalana putha 97 මොකෝ නොරිකෝ එක්ක තරහ උනාද?? එයා කසාද බැදපු කෙනෙක්ද?? හිත කැඩුනද??
    ------ Post added on Nov 11, 2026 at 6:20 PM
    අප්ඩේට් දෙන්න තරන් නම් දෙයක් නෑ.අනික ඒ ගෑල්ලමයා සැර පාටයි 😒
    ඒ හන්දා බයයි

    අනුරාදව පරදන්නද හදන්නේ?? කමක් නෑ කමක් නෑ.. මේ ත්‍රෙඩ් එකේම ලියපන් .
    මට අනූ මාමා එක්ක තරගයක් නෑ
    ඒත් අනූ මාමාගෙ රැකෝඩ් කඩන්න කැමතී
    ------ Post added on Nov 12, 2026 at 9:04 AM

    කිරියෙ ඉන්න ෂර්ලොක් හෝම්ස්ලට අහුවුණොත් නම් උඹට ගමත් දාලා දුවන්න වෙන්නෙ 😂
    මෙන්න මේකයි මට බය ඉතෙන්න හේතුව 🤣👍🙂😒
    ------ Post added on Nov 12, 2026 at 9:05 AM
     
    • Haha
    Reactions: Yudewwa and SK29

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,253
    9,120
    113
    අප්ඩේට් දෙන්න තරන් නම් දෙයක් නෑ.අනික ඒ ගෑල්ලමයා සැර පාටයි 😒
    ඒ හන්දා බයයි
    සැර උනාට දග නෑ නේ... බය නැතුව ගිහින් කතා කරන්න.. ඕක හිතේ තදකර න ඉන ඉන්න උඹේ හිත ලෙඩවෙයි. ඊට පසේ උම්බ්ව තමයි මානසික රෝහලට දමන්න වෙන්නේ...
    හෙට සෙනසුරදනේ.. හෙට මොකද කරන්නේ??
     
    • Love
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    සැර උනාට දග නෑ නේ... බය නැතුව ගිහින් කතා කරන්න.. ඕක හිතේ තදකර න ඉන ඉන්න උඹේ හිත ලෙඩවෙයි. ඊට පසේ උම්බ්ව තමයි මානසික රෝහලට දමන්න වෙන්නේ...
    හෙට සෙනසුරදනේ.. හෙට මොකද කරන්නේ??
    මම සතියකින් වගෙ දැක්කෙ නම් නෑ..අදත් වැඩ බන්.බලමුකො නේ? විශේෂයක් උනොත් කියන්නම් මම 🌚🥰
    ස්තූතීයි මෝටිවේසන් එකට යුදෙව්වෝ
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,253
    9,120
    113
    මම සතියකින් වගෙ දැක්කෙ නම් නෑ..අදත් වැඩ බන්.බලමුකො නේ? විශේෂයක් උනොත් කියන්නම් මම 🌚🥰
    ස්තූතීයි මෝටිවේසන් එකට යුදෙව්වෝ
    අද ඉරිදා නිවාඩු දවස.. නොරිකොත් නිවාඩුයි... ඉන්නෙත් පිටිසර පැත්තක... නිකන් පළාතේ ලස්සන බලන්න යනවා වගේ නොරිකොලගේ ගෙවල් පැත්තේ රවුමක් ගැහුවොත් නරකද??

    එහෙම යනකොට නොරිකොව දැක්කොත් හා නංගි ඔයාලයි ගෙවල් මෙහේද?? මම අලුතින් තමයි ඉස්පිරිදාලේ වැඩට ආවේ...
    මම මේ ඉතින් නිවාඩු දවසට මේ පැත්තේ ලස්සන බලන්න ඇවිදිනවා .. හරිම ලස්සනයි මෙහෙ...
    තව ලස්සන තැන් කොහෙද මෙහෙ තියන? පන්සල් තියනවද??

    ඔන්න ඔය වගේ ටෝකක් දාල එකෙන්ම අල්ලගන්න පුළුවන්...
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    අද ඉරිදා නිවාඩු දවස.. නොරිකොත් නිවාඩුයි... ඉන්නෙත් පිටිසර පැත්තක... නිකන් පළාතේ ලස්සන බලන්න යනවා වගේ නොරිකොලගේ ගෙවල් පැත්තේ රවුමක් ගැහුවොත් නරකද??

    එහෙම යනකොට නොරිකොව දැක්කොත් හා නංගි ඔයාලයි ගෙවල් මෙහේද?? මම අලුතින් තමයි ඉස්පිරිදාලේ වැඩට ආවේ...
    මම මේ ඉතින් නිවාඩු දවසට මේ පැත්තේ ලස්සන බලන්න ඇවිදිනවා .. හරිම ලස්සනයි මෙහෙ...
    තව ලස්සන තැන් කොහෙද මෙහෙ තියන? පන්සල් තියනවද??

    ඔන්න ඔය වගේ ටෝකක් දාල එකෙන්ම අල්ලගන්න පුළුවන්...
    ගෙවල් දන්නෙ නෑ බන්
    ලොවෙත් එයා මෙහෙ කෙනෙක් නම් නෙමෙයි.මට නමවත් අහගන්න වීදිහක් නෑ.ලගදි කතාබහ කලා.ඒත් රාජකාරිමය අවශ්‍යතාවකට විතරයි.මමත් ඒ බෝඩර් එක පැන්නෙ නෑ.පෙනුමෙ හැටියට උඩරට දිහා වගෙ (මගෙ අනුමානය බදුල්ල,බණ්ඩාරවෙල වගෙ දිහාවක වෙන්න ඕන) පෙනුමක්.හරිම ආඩම්බරයි.පාරෙදි දැක්කත් අහක බලන් වගෙ යන්නෙ.මමත් එතකොට අහක බලන්ම යනවා 🙂.මූනෙ හිනාවක් දැකලම නෑ මම.අනේ මන්දා හරිම අමුතු පාටයි.
    හැබැයි දකින හැමවෙලේම වැඩ වැඩ වැඩ.අඩෝ නමක් ගමක් අහන්නවත් පොඩි හිනා කෑල්ලක් මූනෙ නැති එකයි අවුල.
     
    • Wow
    Reactions: Yudewwa