ප්‍රමෝෂන් වලට ජාතික වනෝද්‍යාන තුළ 'බිකිනි ෆොටෝ ෂූට්' ගැන පරීක්ෂණ

$onny

Well-known member
  • May 21, 2012
    3,342
    4,129
    113
    ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අභ්‍යන්තරයේ වාණිජමය අරමුණු වෙනුවෙන් බිකිනි ඇඳුමින් සැරසුණු ඡායාරූප රූගත කිරීම් සිදු කෙරෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
    විදේශීය කාන්තාවන් බිකිනි ඇඳුමින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟ මෙරට ස්වභාවික පරිසරය වාණිජමය කටයුතු සඳහා භාවිත කිරීම සහ ආරක්ෂිත වනජීවී කලාප තුළ හා ඒ අවට සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

    මේ අතර, තණමල්විල ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන ආයතනයක් වන Anilka Rooms & Eco Estate ආයතනය යාල ජාතික වනෝද්‍යානයට ආසන්න පරිසරයක බිකිනි සහ විලාසිතා ඡායාරූප රූගත කිරීම් ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කිරීම ද අවධානයට ලක්ව තිබේ. කෙසේ වෙතත්, එම ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සහ ජාතික වනෝද්‍යාන අභ්‍යන්තරයේ සිදු කෙරෙන බවට පැවසෙන අනවසර වාණිජ ඡායාරූප රූගත කිරීම් පිළිබඳ වෙනම එල්ල වන චෝදනා අතර සෘජු සම්බන්ධතාවක් පවතින බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් තහවුරු වී නොමැත. ඒවා එකිනෙකට වෙනස් කරුණු දෙකක් ලෙස පවතී.

    මෙම සිදුවීම පිළිබඳව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ යාල ජාතික වනෝද්‍යාන ආරක්ෂක කවුළුවෙන් මේ සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් ලැබී නොතිබූ බවයි. බිකිනි හෝ ඊට සමාන ඇඳුම් ඇඳගෙන සංචාරකයින්ට ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම තහනම් කරන නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව ඔහු පෙන්වා දී ඇත. කෙසේ නමුත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කර තිබේ.
    මේ අතර, ලුණුගම්වෙහෙර, යාල සහ කුමන යන ජාතික වනෝද්‍යාන තුළ වාණිජමය බිකිනි ඡායාරූප රූගත කිරීම් සිදු කෙරෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඉල්ලා සිටී.

    "අපේ ජාතික වනෝද්‍යාන වනජීවීන්ට සහ පැමිණෙන පවුල්වලට පූජනීය ආරක්ෂිත ස්ථාන වේ: මෙම නීතිවිරෝධී බිකිනි රූගත කිරීමේ මෙහෙයුම දැන්ම නවත්වන්න!" යන මැයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ඇය මේ පිළිබඳව ප්‍රශ්න කර ඇත. නිරාවරණය වූ පිහිනුම් ඇඳුම්වලින් සැරසුණු විදේශීය නිරූපිකාවන් යොදා ගනිමින් ඡායාරූපකරණ පැකේජ ප්‍රචාරණය කරන බවට වාර්තා වන පෞද්ගලික වාණිජ ආයතනයක ක්‍රියාකාරකම් ඇයගේ විවේචනයට ලක්ව තිබේ.
    ඇයගේ චෝදනාවලට අනුව, මෙම රූගත කිරීම් සඳහා නිරූපිකාවන් ජාතික වනෝද්‍යාන තුළ පෙනී සිටින අතර, ඒ සඳහා විවෘත සෆාරි ජීප් රථ ද භාවිත කරන බවට චෝදනා එල්ල වේ. සංචාරකයින් සමඟ ගමන් කිරීමට අනුයුක්ත කර සිටින වනජීවී නිලධාරීන්ගේ සහ සෆාරි මාර්ගෝපදේශකයින්ගේ දැනුවත්භාවයකින් තොරව මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර ඇත.
    මෙම ක්‍රියාකරුවන් අදාළ බලපත්‍ර සහ අනුමැතීන් ලබාගෙන ඇත්දැයි විමර්ශනය කරන ලෙස ශර්මිලා රාජපක්ෂ මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක පොලිසිය සහ අනෙකුත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මෙරට සංචාරය කරන අතරතුර වාණිජමය නිරූපණ සහ ඡායාරූපකරණ කටයුතුවල නිරත වීමට අදාළ විදේශීය ජාතිකයින්ට නීත්‍යානුකූල අවසරයක් තිබේද යන්න පිළිබඳව ද ඇය ප්‍රශ්න මතු කර ඇත.
    විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, වනජීවී ආරක්ෂිත කලාප තුළ රූගත කිරීම් සිදු කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා වන අයදුම්පත් යෝජිත රූගත කිරීමට අවම වශයෙන් සති දෙකකට පෙර ඉදිරිපත් කළ යුතුය.
    මෙම චෝදනා හේතුවෙන් ආරක්ෂිත කලාප තුළ සිදුවන වාණිජ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම, බලපත්‍ර අවශ්‍යතා බලාත්මක කිරීම සහ වනජීවී නිලධාරීන්ගේ හා සෆාරි ක්‍රියාකරුවන්ගේ වගකීම් පිළිබඳව පුළුල් ප්‍රශ්න රැසක් මතුව තිබේ.
    කෙසේ වෙතත්, ජාතික වනෝද්‍යාන තුළ වාණිජමය ඡායාරූප රූගත කිරීම් සිදුවන බවට එල්ල වන චෝදනා මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැත. එමෙන්ම, මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)

    899691646_29977019335218960_2467995544825256969_n.png



    මේවට නම් වරදක් කියන්න බෑනේ
     
    • Like
    Reactions: S.GUNE

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,820
    2,920
    113
    Just like M.E. we too got our "culture" brah..

    I have my own experience having to give up on an Airbnb venture cuz of the neighborhood unrest..
     
    • Like
    Reactions: $onny

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,982
    26,469
    113
    nude area වෙන් කරන්න තියෙන්නේ.... හෙළුවෙන් යන අයට නොමිලේ..... ඇඳුම් පිටින් යන අයට සල්ලි අරගෙන.

    හොඳ ගාණක් හොයන්න පුළුවන් බලන්න යන අයගෙන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,736
    1
    159,795
    113
    98
    කෑගල්ල
    මේවට නම් වරදක් කියන්න බෑනේ

    පාක් එකෙ රූල්ස් කැඩෙන එක විදියක් තමයි,

    photoshoot නිකන් ගහන්නෙ නැනෙ, හොද ලොකෙශන් එකක් ඔනෙ,
    පාක් එක ඇතුලෙ ඔනෙ ඔනෙ තැන් වල බහින්න බැ, ඩෙසිග්නෙටඩ් තැන් තියනව, එතැන් වල විතරයි විසිටර්ස්ල බස්ස්වන්න පුලුවන්
    කුමන නන් ඩෙසිග්නෙටඩ් තැන් මෙලො රහක් නැ, එ කියන්නෙ මෙ යන එවුන් අනිව උන්ට ඔන ඔන තැන් වල බහිනව, විල්ලු, sand dunes, beaches වල වගෙ
    එක තහනම්.

    අනික ඔය වගෙ එකක් පටන් ගන්න එවුන් අනිත් නීති සත 5කට care කරන්නෙ නැ
    කුමන බන්ග්ලො එකාට බෝතලෙ දීල එකෙක් රෑත් සෆරි ගිහිල්ල තිබ්බ

    ඕක genuine කරනව නන් අවුලක් නැ
    හැබැයි ගෙරි සින්හලු කියන්නෙ සත 5ක නිදහසක් දෙන්න වටින එවුන් නෙවෙයි
    දුන්නම ඉවරයි ඉතින්, එතන රීල යන්නෙ
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,054
    2,404
    113
    Galle
    ඇණිමල් සෙස් ප්‍රමොට් කරාද දන්නේ නෑ....ඒ අස්සේ ටාසන් සිරිලංකන් වර්ෂන් එකකුත් ගහලලු....ඕවා ලීක් නැද්ද බං....පොටෝ නැද්ද ගහපු..
     
    • Haha
    Reactions: $onny

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,923
    6,030
    113
    පාක් එකෙ රූල්ස් කැඩෙන එක විදියක් තමයි,

    photoshoot නිකන් ගහන්නෙ නැනෙ, හොද ලොකෙශන් එකක් ඔනෙ,
    පාක් එක ඇතුලෙ ඔනෙ ඔනෙ තැන් වල බහින්න බැ, ඩෙසිග්නෙටඩ් තැන් තියනව, එතැන් වල විතරයි විසිටර්ස්ල බස්ස්වන්න පුලුවන්
    කුමන නන් ඩෙසිග්නෙටඩ් තැන් මෙලො රහක් නැ, එ කියන්නෙ මෙ යන එවුන් අනිව උන්ට ඔන ඔන තැන් වල බහිනව, විල්ලු, sand dunes, beaches වල වගෙ
    එක තහනම්.

    අනික ඔය වගෙ එකක් පටන් ගන්න එවුන් අනිත් නීති සත 5කට care කරන්නෙ නැ
    කුමන බන්ග්ලො එකාට බෝතලෙ දීල එකෙක් රෑත් සෆරි ගිහිල්ල තිබ්බ

    ඕක genuine කරනව නන් අවුලක් නැ
    හැබැයි ගෙරි සින්හලු කියන්නෙ සත 5ක නිදහසක් දෙන්න වටින එවුන් නෙවෙයි
    දුන්නම ඉවරයි ඉතින්, එතන රීල යන්නෙ
    දුප් බව්වා යන්න. කැලේ ඉන්න නරි බිකිනි ඇදපු කෙල්ලේක්ව දකි කියලා කියන කතා. උබලට විතරයි බීකිනි දකින්න හොඳ.