සංගායනාවකට අංග 2 ක් තියෙනවා. නිවැරිදි දහම මතු කිරීම පළමුවට වෙනවා. දෙවනුව, මතු කල දහමට නොගැළපෙන භික්ෂුන් නෙරපනවා.
සංගායනාවේ පලමු අංගය සිදු වුනා 2009 යුද්දය අවසන් වීමත් සමග. සංගායනාව හදුනා ගෙන නිවන් මග ගමන් කරන පිරිසක් දැන් ඉන්නවා.
මුන් වහන්සේ මම හිතන්නේ දිඹුලාගල රජ මහ විහාරයේ නායක හිමි නම. ලංකාවේ ඉපදුන බෞද්ධ හිමිනමක් වෙලා, දිඹුලාගල ජිවත් වෙමින් 2009 සිදිවුන දේ හඳුනා ගන්න බැරීවීම කනගාටුදායකයි.
බුදු දහමට නොගැළපෙන භික්ෂුන් නෙරපන එක කරන්නේ රජය විසින්. රජය පළමුව හදුනා ගන්නේ ඕනේ නිවැරිදි දහම මොකක්ද කියලා. ඉන්පසු ඒ ධහම නොපිළිපදින්නේ නම් ඔවුන්ව සාසනෙන් නෙරපන්න ඕනේ.
නමුත් රජය එවැනි දෙයක් කලොත්, දිඹුලාගල රජ මහ විහාරයේ නායක හිමි නමටත් සිවුර ගලවලා ගෙදර යන්න වෙනවා. මහා නායකලාට සිවුරු ගලවන්න වෙනවා.