සබඳ නුඹටයි මේ නිසඳැස් කවි පෙළ
කිවිඳියක් නොවුනාට, මාත්‍රා නොතිබුනාට,
හැඟුම්බර වදන් පෙළක් කුරුටු ගෑවේ කොළයක නුඹ,
නොසිතූ ලෙස මසිත තුල,
සඟවනමුත් ඔබ ලොවට ස්නේහය,
ගෙන පන්හිඳ කරට,
පබැඳ වදනින් වදන අරුත ගෙන,
අකලංක බැඳීමක් අභිසෙස් කලා නුඹ,
චින්තනයේ අනන්තයට,
දිව ගොස් පද සිතුවම් කොට,
සෙනෙහෙ මුසු කොට වියා...