"හැම දාම හැම දේම නැති වෙන්නෙ මට විතරද"
මගෙ සිත ඔබ ගැන සිතත්දි..
ඔබෙ සිත තවමත් ඔහු ළග..
නෙත ඔබව සොයද්දි
ඔබ පතයි ඔහුගෙ රුව
අනාරාධිත ආදරේ මගෙ සිත දවද්දී
බොදව ගිය ආදරේ ඔබේ සිත පෙලද්දී..
කොතෙක් කල් සිටින්නද
ඔබේ පෙම මම වෙතැයි
කෙසේ මම සිතන්නද..
ඔබෙ ගැන සිතද්දි
නෙතු කදුලු වැටෙද්දි..
සිතට එන එකම දෙය...