ඔබ වැරදියි. සෝතාපන්න වූ විට මමත්වය දුරුවනවා යන්න දුර්මතයක්. බොහෝ අය මෙසේ සිතන්නේ සත්කාය දිට්ටි යනු මමත්වය නැතිවීම යනුවෙන් සිතා සිටින නිසාය. සත්කාය දිට්ටි යනු පංච ස්කන්ධය සාර යැයි ඇතිවන දෘෂ්ටියයි. මෙහි සත් යනු සාර යන්නයි. කාය යන්නෙන් පංච ස්කන්ධය හෙවත් ලෝකය (මෙයට තම ශරීරයද ඇතුලත්ය) නිරූපනය කරයි...