කෙසේ වෙතත් මේ ඉලක්කම් දෙස බලා, එයින් පමණක් මෛත්රීපාල සිරිසේනගේ කදවුර සැනසුම් සුසුම් හෙළුව හොත් එය ඔවුන් කර ගන්නා බරපතල අත් වැරැද්දකි. ඒ, මහින්ද රාජපක්ෂ යනු කිසිසේත්ම පරාජය භාරගෙන පහසුවෙන් පසු බසින්නෙකු නොවන නිසා ය. ඔහු හොදින් තෙම්පරාදු වූ දේශපාලන චරිතයකි. ඒ නිසා ඡන්ද දිනයට පෙර අවසාන මොහොතේ...