මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූලැල්ලේ අප වෙන්වූයේ
සීත හිමවතේ හමන මාරුතේ
සීත හිමවතේ හමන මාරුතේ
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ
දෑස බොඳවෙලා දෙසිත ගොළුවෙලා
දෑස බොඳවෙලා දෙසිත ගොළුවෙලා
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ
මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූලැල්ලේ අප වෙන්වූයේ...
- ගුණදාස කපුගේ