රාත්‍රිය සේ
මගෙ හදවත ඔබට කළුවර නම්
උදෑසනකට ඉඩ තබා මම සැඟව යන්නම්
රාත්‍රිය සේ
ඔබේ මිටියාවත සමීපේ නිලන දිය දහරේ
සිහිල වී ඉන්නම්
රිවි තැවුල් ගෙන ඔබ හඬනවිට
මදනලට මුසුවී එන්නම්
ඔබ සොයා එන්නම්
රාත්‍රිය සේ
ජීවිතේ මැද හුදෙකලා වූ නිහඬ රෑ යාමේ
සඳක් වී ඉන්නම්
නුවන් දොරකඩ පෙම් රැඟුම් ලන
පෙමාතුර ලිහිණී...