මඟුල් දවසේ දෙන බත ආදර බතයි. මංගල ගමනට සැරසී සිටින පිරිසට මේ බත දෙනු ලැබේ. එසේම මඟුල් කෑමෙන් පසුව වෙහෙස මහන්සියෙන් සිටින නෑ පිරිසට දෙන බත කනහැර බතයි. එය රාත්‍රියේ දී දෙනු ලැබේ. ඉන්පසු මංගල කටයුතු සිදුවී දින කීපයක් ගතවූ පසු මනාලයා විසින් විශාල සංග්‍රහ උත්සවයක් පවත්වනු ලැබේ. දෙවැනි ගමන දිනයේදී...