පායා සීත රැයේ
පාවි නිල් අඹරේ
දිළෙනා තරුවේ
තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ....
තනි තරුවේ ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ
පායා සීත රැයේ
පාවි නිල් අඹරේ
දිළෙනා තරුවේ
තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ....
මද පවනේ රැඳී විලසින්
හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ...