පින්නේ තෙමුණු කූසුමක සිරි විඳින්නට
හිමිදිරි උදේ සියොතුන් නද අසන්නට
සිත තුළ පැතුම් පුරවා ගෙන සිටින්නට
කවුරුද ආස නැති දිවි මඟ රැඳෙන්නට
මුළු ලෝකයම බියෙනුයි සලිතව යන්නේ
රෝගී බවේ කරුමෙන් දන බිය ගන්නේ
ජීවත්වීම කෙලෙසද සතුටක් වන්නේ
රෝගය නමැති සතුරා බිය වද්දන්නේ
ලෝකය දියුණු බව කීවට සැක...