බලාපල්ලා, අසිංහලයො මට මල්මාලා දානවා
අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ. පරසුද්දගෙ කලිසමයි ටයි එකයි දාගත්තු මරක්කලයෙක්. ඒ මොකද? උඹලගෙ මහ රජාටයි හැට හුටහමාරක් ඇමති...