බුදුන් වහන්සේ වදාළ දේශනා වල අන්තර්ගතය යථාර්ථයෙහි ප්‍රතිමූර්තියක් වුවද, ආශ්චර්යන් හා මනඃකල්පිත මිථ්‍යා අදහස් බෞද්ධ ධර්මයට කෙසේ හෝ අන්තර්ගත වීම නිසා ධර්මයේ සාරය වසන් කරන ව්‍යාකූලත්වයන්ගෙන් වෙන්කර එය ලගාකර ගත හැක්කේ තම තමන්ගේ උත්සාහය මගින් පමණි. බුද්ධ ධර්මයෙහි මූලික සංකල්පයන් සැබෑ ලෙස අවබොධකර...