Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ϟ₪♣*විශ්වය*3♣₪ϟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු මුහුණතේ ඇති කළු පැල්ලම්

සූර්යයා දෙස පියවි ඇසින් එක මොහොතක් වත් එක එල්ලේ බැලිය නොහැකි බව ඔබ හොදින් අත් දැක ඇති කරුණකි. ඒ සූර්යයා සතු ප්‍රභල දීප්තිය හේතුවෙනි. අහසේ දිස් වන දීප්තිමත්ම ආකාශ වස්තුව වන්නේද සූර්යයාය. නමුත් විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීමේදී, සමහර කාල වලදී හිරු මුහුණතේ කළු පැහැති පැල්ලම් වැනි යමක් දිස් වේ. මේවා තාරකා විද්‍යාවේදී හැදින්වෙන්නේ හිරු ලප(Sunspots) යනුවෙනි.

හිරු ලප වල ඉතිහාසය ක්‍රි.පූ. යුගය තරම් ඈතකට දිව යන්නකි. සූර්යය ලප පලමු වරට නිරීක්ශණය කරනු ලැබූ පුත්ගලයින් සම්බන්ධව ඇති තොරතුරු අවිනිශ්චිත නමුත් මේ පිළිබදව ඇති පැරණිතම සටහන් ලෙස දැක්විය හැක්කේ ක්‍රි.පූ. 28 දී චීන තාරකා විද්‍යාඥයින් හිරු මුහුණතේ ඇති කළු පැල්ලම් වැනි යමක් දැක ඇති බවට වන තොරතුරුය. ක්‍රි.ව. 4 වන සියවසේදී ග්‍රීක දාර්ශණිකයින් හිරු ලප නිරීක්ශණය කොට ඇති බවටද තොරතුරු හමුවේ. සූර්යයා අපහසුවකින් තොරව පියවි ඇසින් බැලිය හැකි සමහර අවස්ථාවන් වලදී, එනම් සූර්යයා ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථා වලදී, දුහුවිලි වලින් වැසී පවත්නා විට සහ හිරු බැස යාමේදී, ඔවුන් සූර්යය ලප නිරීක්ශණය කොට ඇත.

සූර්යයා පැහැදිලිව ඉතා ගැබුරින් අධ්‍යනය කිරීම ඇරබෙන්නේ 17 වන සියවසේදී තාරකා විද්‍යා ක්ශේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල දුරේක්ෂයේ නිපදවීමත් සමගය. මේ යුගයේදී තාරකා විද්‍යාඥයින් දුරේක්ෂය භාවිතයෙන්(ප්‍රක්ශේපණ ක්‍රමය භාවිතයෙන්) සූර්යය ලප ඇති වීම, ඒවායේ ව්‍යාප්තිය, කාලයත් සමග ඒවායේ හැඩය වෙනස් වීම ආදිය පිළිබදව තොරතුරු සටහන් කර ගැණුනි. මෙකල විසූ බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වූයේ හිරු ලප යනු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනා සූර්යයාගේ උපග්‍රහයින් හෝ ග්‍රහයින් විය හැකි බවයි. නමුත් සූර්යය ලප කාලයත් සමග වෙනස් වන ආකාරය ගැබුරින් අධ්‍යනය කල මහා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ මතය වූයේ හිරු ලප සූර්යයා මතුපිට ඇතිවන්නක් බවයි. මේ අනුව හිරු ලප සූර්යය මුහුණත හරහා ගමන් ගන්නා බැවින්, සූර්යයා තමා වටා කරකැවෙමින් පවතින බවත්, එහි භ්‍රමණ කාලයත් ඔහු විසින් නිර්නය කෙරිණි. මෙතැන් සිට 20 වන සියවස දක්වා වූ අවුරුදු 300ක් තරම් වූ කාලය පුරාවට බොහෝ දෙනා සූර්යය ලප පිළිබදව දැන සිටියේ මෙපමණකි. සූර්යයා මතුපිට දිස් වන මේ අත්භූත අදුරු පැල්ලම් පිළිබද ඉතා පැහැදිළි හෙළිදරවු කිරීමක් සිදු වන්නේ 20 වන සියවසේ දී තාරකා විද්‍යා ක්ෂේත්රයට එක් වන නව තාක්ෂණික මෙවලම් සමගය.

හිරු ලප ඇති වීමේ යාන්ත්‍රණය

සූර්යය ලප යනු ඉතා සරලව සූර්යය මුහුණතේ ඇති උෂ්ණත්වයෙන් අඩු ස්ථානයන්ය. සූර්යයා මතුපිට සාමන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500 පමණ වේ. සාමාන්‍යය හිරු ලපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 3,700ක් පමණ වන අගයකි. මෙම ස්ථාන අදුරු ලෙස පෙනීමට හේතුව මේ විශාල උෂ්ණත්ව වෙනසයි. උදාහරණයක් ලෙස දීප්තිමත් පසුබිමක් ඉදිරියෙන් ඇති වස්තුවක් හෝ පුත්ගලයෙකු ගැන සිතන්න. එම වස්තුව හෝ පුත්ගලයා ඔබට දිස් වනු ඇත්තේ පසුබිමට සාපේක්ෂව අදුරුවය. තවත් පැහැදිලිව දකවතොත් ඔබ දකිනුයේ අදාල වස්තුව හෝ පුත්ගලයාගේ ඡායාවය. සූර්යය මුහුනතේ ඇති අඩු උෂ්ණත්ව කලාප අදුරු ලෙස දිස් වීමට හේතුව වන්නේද මෙයයි. ගැටලුව වන්නේ අධික උෂ්ණත්වයකින් හෙබි සූර්යය මුහුණත මත මෙතරම් අඩු උෂ්ණත්ව කලාප ඇති වීමේ හේතුව කුමක්ද යන්නයි.

හිරු ලප නිර්මාණය වී ඇති ප්‍රදේශ වල සූර්යයාගේ චුම්භක ක්ශේත්‍රය ඉතා ප්‍රභලය(සාමාන්‍ය අගය මෙන් 1000 ගුණයක් තරම්). ප්‍රභල චුම්භක ක්ශේත්‍රයක් පවතින ප්‍රදේශ වල, ඒ අවට පවතින උණුසුම් වායූන් ඉවත් කරනු ලබයි. සූර්යයා යනු අති විශාල වායුමය පද්ධතියකි. එහි එක් ප්‍රදේශයක පවතින අධික උෂ්ණත්වයකින් යුත් වායූන් ඉවත්ව ගිය විට එතැන නිර්මාණය වනුයේ අඩු උෂ්ණත්ව කලාපයකි.

සූර්යය අභ්‍යන්තරය මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එනම් 'විකිරණ කලාපය' හා 'සංවහන කලාපය' යනුවෙනි. විකිරණ කලාපය තුල නිපදවෙන සූර්යය ශක්තිය මතුපිට දක්වා ගෙන එනුයේ සංවහන කලාපය තුල සිදුවන වායූන්ගේ සංවහන ක්‍රියාවලිය තුලිනි. තවදුරටත් පැහැදිලි කලහොත් මෙම කලාපය අඩියේ වායූන් උණුසුම් වන අතර උණුසුම් වූ වායූන් පිටත කලාපය දක්වා පැමිණෙයි. මෙලෙස පිටත කලාපය දක්වා පැමිණෙන වායූන් වල උෂ්ණත්වය අඩු වූවායින් පසුව නැවත අඩිය කරා ගමන් කරයි. මෙය චක්රාකාරව සිදුවන්නකි. සූර්යය චුම්භක ක්ශේත්‍රය නිර්මාණය වනුයේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි. සූර්යයාගේ භ්‍රමණය, සංවහන ක්‍රියාවලියත් සමග එකතු වූ පසු අයනීකරණය වූ එසේත නොමැති නම් ප්ලස්මා අවස්ථාවේ පවතින වායූන්ගේ ඉහල පහල යාමත් සමගින් විද්‍යුත් ධාරා නිර්මාණය වන අතර ඒ හේතුවෙන් සූර්යය චුම්භක ක්ෂේත්රය නිර්මාණය වේ.

සූර්යයා යනු වායුමය වස්තුවක් වන නිසාවෙන් එහි භ්‍රමණ වේගය ඒකාකාරී නොවේ. සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශය ධ්රැව ප්‍රදේශ වලට වඩා වේගයෙන් කරකැවෙයි. සූර්යය භ්‍රමණයේ ඇති මේ වෙනස චුම්භක ක්ෂේත්රය සැම තැනම ඒකාකාරී ලෙස පැතිර නොතිබීමට බලපායි. සූර්යයගේ සමහර ස්ථාන වල චුම්භක ක්ෂේත්රයේ ප්‍රභලත්වය වැඩි වීමට හේතු වන්නේ මෙයයි.

හිරු ලප වල ලක්ෂණ

සූර්යය ලපයක ප්‍රමාණය 300km සිට 100 000km දක්වා පරාසයක විහිදෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ සූර්යය ලපයක් පෘථිවිය තරම් විශාලය. ඕනෑම සූර්යය ලපයක් කළු කුඩා තිතක් ලෙස ආරම්භ වී පසුව කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ. හොදින් වර්ධනය වූ සාමාන්‍ය සූර්යය ලපයක් ඉතා තද අදුරු බවකින් යුත් මධ්‍යය කොටසක්(umbra) හා ඊට එපිටින් සාමාන්‍ය අදුරු බවකින් යුත් පිටත කොටසකින්(penumbra) යන මූලික කොටස් දෙකක එකතුවක් ලෙස(රූපය-1) හදුනාගත හැකිය. මෙහි මධ්‍යය කොටසේ උෂ්ණත්වය සූර්යය මතුපිටට වඩා 1600K පමණ සිසිල් වන අතර හිරු ලපයේ මුලු ප්‍රදේශයෙන් 70% පමණ වන පිටත කොටසේ උෂ්ණත්වය 500K පමණ අගයකින් සිසිල් වේ.

රූපය-1

විශාල හිරු ලප වල පැවැත්ම මාස 6ක් දක්වා දිගු විය හැකි අතර කුඩා ප්‍රමාණයේ ලප වල පැවැත්ම සමහර අවස්ථා වලදී පැය කිහිපයකට පමණක් සීමා වේ. සූර්යය ලප ඇති වන්නේ බොහෝ විට සූර්යය අක්ශාංෂ(උතුරු සහ දකුණු) අංශක 5 හා 40 අතර ප්‍රදේශ වලය. ඉහල අක්ශාංෂ වලදී ආරම්භ වන සූර්යය ලප කාලයත් සමග වර්ධනය වෙමින් සූර්යයාගේ සමක ප්‍රදේශය කරා ගමන් කරයි. හිරු ලප සූර්යයා මත පවතිනුයේ යුගලයක් ලෙස හෝ පොකුරක් ලෙසිනි. යුගලයක් ලෙස පවතින විට ඒවායේ චුම්භක ක්ශේත්‍ර වල දිශාවන් එකිනෙකින් වෙනස්ව පිහිටයි.

[QUOTE="shenl, post: 8599583, member: 309104"] [SIZE=5][U]හිරු මුහුණතේ ඇති කළු පැල්ලම්[/U] [IMG]http://www4.picturepush.com/photo/a/4437422/640/fdg/6.jpg[/IMG] සූර්යයා දෙස පියවි ඇසින් එක මොහොතක් වත් එක එල්ලේ බැලිය නොහැකි බව ඔබ හොදින් අත් දැක ඇති කරුණකි. ඒ සූර්යයා සතු ප්‍රභල දීප්තිය හේතුවෙනි. අහසේ දිස් වන දීප්තිමත්ම ආකාශ වස්තුව වන්නේද සූර්යයාය. නමුත් විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීමේදී, සමහර කාල වලදී හිරු මුහුණතේ කළු පැහැති පැල්ලම් වැනි යමක් දිස් වේ.[/SIZE] [SIZE=5]මේවා තාරකා විද්‍යාවේදී හැදින්වෙන්නේ හිරු ලප(Sunspots) යනුවෙනි.[/SIZE] [SIZE=5] හිරු ලප වල ඉතිහාසය ක්‍රි.පූ. යුගය තරම් ඈතකට දිව යන්නකි. සූර්යය ලප පලමු වරට නිරීක්ශණය කරනු ලැබූ පුත්ගලයින් සම්බන්ධව ඇති තොරතුරු අවිනිශ්චිත නමුත් මේ පිළිබදව ඇති පැරණිතම සටහන් ලෙස දැක්විය හැක්කේ ක්‍රි.පූ. 28 දී චීන තාරකා විද්‍යාඥයින් හිරු මුහුණතේ ඇති කළු පැල්ලම් වැනි යමක් දැක ඇති බවට වන තොරතුරුය. ක්‍රි.ව. 4 වන සියවසේදී ග්‍රීක දාර්ශණිකයින් හිරු ලප නිරීක්ශණය කොට ඇති බවටද තොරතුරු හමුවේ. සූර්යයා අපහසුවකින් තොරව පියවි ඇසින් බැලිය හැකි සමහර අවස්ථාවන් වලදී, එනම් සූර්යයා ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථා වලදී, දුහුවිලි වලින් වැසී පවත්නා විට සහ හිරු බැස යාමේදී, ඔවුන් සූර්යය ලප නිරීක්ශණය කොට ඇත. සූර්යයා පැහැදිලිව ඉතා ගැබුරින් අධ්‍යනය කිරීම ඇරබෙන්නේ 17 වන සියවසේදී තාරකා විද්‍යා ක්ශේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල දුරේක්ෂයේ නිපදවීමත් සමගය. මේ යුගයේදී තාරකා විද්‍යාඥයින් දුරේක්ෂය භාවිතයෙන්(ප්‍රක්ශේපණ ක්‍රමය භාවිතයෙන්) සූර්යය ලප ඇති වීම, ඒවායේ ව්‍යාප්තිය, කාලයත් සමග ඒවායේ හැඩය වෙනස් වීම ආදිය පිළිබදව තොරතුරු සටහන් කර ගැණුනි. මෙකල විසූ බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වූයේ හිරු ලප යනු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනා සූර්යයාගේ උපග්‍රහයින් හෝ ග්‍රහයින් විය හැකි බවයි. නමුත් සූර්යය ලප කාලයත් සමග වෙනස් වන ආකාරය ගැබුරින් අධ්‍යනය කල මහා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ මතය වූයේ හිරු ලප සූර්යයා මතුපිට ඇතිවන්නක් බවයි. මේ අනුව හිරු ලප සූර්යය මුහුණත හරහා ගමන් ගන්නා බැවින්, සූර්යයා තමා වටා කරකැවෙමින් පවතින බවත්, එහි භ්‍රමණ කාලයත් ඔහු විසින් නිර්නය කෙරිණි. මෙතැන් සිට 20 වන සියවස දක්වා වූ අවුරුදු 300ක් තරම් වූ කාලය පුරාවට බොහෝ දෙනා සූර්යය ලප පිළිබදව දැන සිටියේ මෙපමණකි. සූර්යයා මතුපිට දිස් වන මේ අත්භූත අදුරු පැල්ලම් පිළිබද ඉතා පැහැදිළි හෙළිදරවු කිරීමක් සිදු වන්නේ 20 වන සියවසේ දී තාරකා විද්‍යා ක්ෂේත්රයට එක් වන නව තාක්ෂණික මෙවලම් සමගය. [B]හිරු ලප ඇති වීමේ යාන්ත්‍රණය[/B] සූර්යය ලප යනු ඉතා සරලව සූර්යය මුහුණතේ ඇති උෂ්ණත්වයෙන් අඩු ස්ථානයන්ය. සූර්යයා මතුපිට සාමන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500 පමණ වේ. සාමාන්‍යය හිරු ලපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 3,700ක් පමණ වන අගයකි. මෙම ස්ථාන අදුරු ලෙස පෙනීමට හේතුව මේ විශාල උෂ්ණත්ව වෙනසයි. උදාහරණයක් ලෙස දීප්තිමත් පසුබිමක් ඉදිරියෙන් ඇති වස්තුවක් හෝ පුත්ගලයෙකු ගැන සිතන්න. එම වස්තුව හෝ පුත්ගලයා ඔබට දිස් වනු ඇත්තේ පසුබිමට සාපේක්ෂව අදුරුවය. තවත් පැහැදිලිව දකවතොත් ඔබ දකිනුයේ අදාල වස්තුව හෝ පුත්ගලයාගේ ඡායාවය. සූර්යය මුහුනතේ ඇති අඩු උෂ්ණත්ව කලාප අදුරු ලෙස දිස් වීමට හේතුව වන්නේද මෙයයි. ගැටලුව වන්නේ අධික උෂ්ණත්වයකින් හෙබි සූර්යය මුහුණත මත මෙතරම් අඩු උෂ්ණත්ව කලාප ඇති වීමේ හේතුව කුමක්ද යන්නයි. හිරු ලප නිර්මාණය වී ඇති ප්‍රදේශ වල සූර්යයාගේ චුම්භක ක්ශේත්‍රය ඉතා ප්‍රභලය(සාමාන්‍ය අගය මෙන් 1000 ගුණයක් තරම්). ප්‍රභල චුම්භක ක්ශේත්‍රයක් පවතින ප්‍රදේශ වල, ඒ අවට පවතින උණුසුම් වායූන් ඉවත් කරනු ලබයි. සූර්යයා යනු අති විශාල වායුමය පද්ධතියකි. එහි එක් ප්‍රදේශයක පවතින අධික උෂ්ණත්වයකින් යුත් වායූන් ඉවත්ව ගිය විට එතැන නිර්මාණය වනුයේ අඩු උෂ්ණත්ව කලාපයකි. සූර්යය අභ්‍යන්තරය මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එනම් 'විකිරණ කලාපය' හා 'සංවහන කලාපය' යනුවෙනි. විකිරණ කලාපය තුල නිපදවෙන සූර්යය ශක්තිය මතුපිට දක්වා ගෙන එනුයේ සංවහන කලාපය තුල සිදුවන වායූන්ගේ සංවහන ක්‍රියාවලිය තුලිනි. තවදුරටත් පැහැදිලි කලහොත් මෙම කලාපය අඩියේ වායූන් උණුසුම් වන අතර උණුසුම් වූ වායූන් පිටත කලාපය දක්වා පැමිණෙයි. මෙලෙස පිටත කලාපය දක්වා පැමිණෙන වායූන් වල උෂ්ණත්වය අඩු වූවායින් පසුව නැවත අඩිය කරා ගමන් කරයි. මෙය චක්රාකාරව සිදුවන්නකි. සූර්යය චුම්භක ක්ශේත්‍රය නිර්මාණය වනුයේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි. සූර්යයාගේ භ්‍රමණය, සංවහන ක්‍රියාවලියත් සමග එකතු වූ පසු අයනීකරණය වූ එසේත නොමැති නම් ප්ලස්මා අවස්ථාවේ පවතින වායූන්ගේ ඉහල පහල යාමත් සමගින් විද්‍යුත් ධාරා නිර්මාණය වන අතර ඒ හේතුවෙන් සූර්යය චුම්භක ක්ෂේත්රය නිර්මාණය වේ. සූර්යයා යනු වායුමය වස්තුවක් වන නිසාවෙන් එහි භ්‍රමණ වේගය ඒකාකාරී නොවේ. සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශය ධ්රැව ප්‍රදේශ වලට වඩා වේගයෙන් කරකැවෙයි. සූර්යය භ්‍රමණයේ ඇති මේ වෙනස චුම්භක ක්ෂේත්රය සැම තැනම ඒකාකාරී ලෙස පැතිර නොතිබීමට බලපායි. සූර්යයගේ සමහර ස්ථාන වල චුම්භක ක්ෂේත්රයේ ප්‍රභලත්වය වැඩි වීමට හේතු වන්නේ මෙයයි. [B]හිරු ලප වල ලක්ෂණ[/B] සූර්යය ලපයක ප්‍රමාණය 300km සිට 100 000km දක්වා පරාසයක විහිදෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ සූර්යය ලපයක් පෘථිවිය තරම් විශාලය. ඕනෑම සූර්යය ලපයක් කළු කුඩා තිතක් ලෙස ආරම්භ වී පසුව කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ. හොදින් වර්ධනය වූ සාමාන්‍ය සූර්යය ලපයක් ඉතා තද අදුරු බවකින් යුත් මධ්‍යය කොටසක්(umbra) හා ඊට එපිටින් සාමාන්‍ය අදුරු බවකින් යුත් පිටත කොටසකින්(penumbra) යන මූලික කොටස් දෙකක එකතුවක් ලෙස(රූපය-1) හදුනාගත හැකිය. මෙහි මධ්‍යය කොටසේ උෂ්ණත්වය සූර්යය මතුපිටට වඩා 1600K පමණ සිසිල් වන අතර හිරු ලපයේ මුලු ප්‍රදේශයෙන් 70% පමණ වන පිටත කොටසේ උෂ්ණත්වය 500K පමණ අගයකින් සිසිල් වේ.[/SIZE] [SIZE=5][IMG]http://www5.picturepush.com/photo/a/4437423/640/fdg/7.jpg[/IMG] [/SIZE] [SIZE=5]රූපය-1 විශාල හිරු ලප වල පැවැත්ම මාස 6ක් දක්වා දිගු විය හැකි අතර කුඩා ප්‍රමාණයේ ලප වල පැවැත්ම සමහර අවස්ථා වලදී පැය කිහිපයකට පමණක් සීමා වේ. සූර්යය ලප ඇති වන්නේ බොහෝ විට සූර්යය අක්ශාංෂ(උතුරු සහ දකුණු) අංශක 5 හා 40 අතර ප්‍රදේශ වලය. ඉහල අක්ශාංෂ වලදී ආරම්භ වන සූර්යය ලප කාලයත් සමග වර්ධනය වෙමින් සූර්යයාගේ සමක ප්‍රදේශය කරා ගමන් කරයි. හිරු ලප සූර්යයා මත පවතිනුයේ යුගලයක් ලෙස හෝ පොකුරක් ලෙසිනි. යුගලයක් ලෙස පවතින විට ඒවායේ චුම්භක ක්ශේත්‍ර වල දිශාවන් එකිනෙකින් වෙනස්ව පිහිටයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom