Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"අංගම්" "බන්ධන" "ඉනා"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අංගම්" "බන්ධන" "ඉනා"

http://www.divaina.com/2009/08/16/siya05.html

පුහුදුන් මිනිසා අන්‍යයන්ට විණ කිරීමට භාවිත කළ රහසිගත අනර්ථකාරී අභිචාර ක්‍රම කීපයක් පිළිබඳ මීට කලින් ලිපියේ ද සාකච්ඡා කෙරිණි. ඉතා සුළු ක්‍රියාකාරකමක සිට ඉතා අවදානම් ක්‍රියා දක්වා මෙම අභිචාර ක්‍රම පැතිරී පවතී. අනර්ථකාරී අදහසකින් බැලීම "ඇස්වහ" වැදීමටත්, අනර්ථකාරී අදහසින් කතාකිරීම "කටවහ" වැදීමටත් හේතු විය හැක. මෙසේම අනර්ථකාරී අදහසකින් මන්ත්රණකර පිඹීම අංගම් ලෙස ද බොහෝ දෙනා කීහ. මහියංගන ප්‍රදේශයේ ජනයාත් මුස්ලිම් ජනයාත් අංගම් පිඹීමට සුවිශේෂ දස්කම් ඇත්තන් වෙතියි පිළිගැනේ. තවද පන්සල්වල පැවැති උත්සව වලදීත්, සිංහල විවාහ මංගල උත්සව වලදීත් අංගම් පිඹින ලද අවස්ථා පිළිබඳවත් බොහෝ ගැමියෝ දනිති. අංගම්, ගණනින් තිස්දෙකක් ඇතැයි පිළිගැනේ. අංගම යනු පිඹීමක් ලෙස ව්‍යවහාර වුවත් ලේන්සුවක් වැන්නකින් සුළං වැදීමට සැලැස්වීමෙන්, ස්පර්ශයෙන් හෝ මුහුණ බැලීම ආදී ක්‍රියා මගින්ද අංගම් ක්‍රියාත්මක කළ හැකිය. මෙසේ ක්‍රියාත්මක කිරීම පහසු වුවත් ඇතැම් අංගම් නිර්මාණය කරගැනීම ඉතා අසීරුය. එමෙන්ම ඒවා බලගතු බවින්ද වැඩි අගයක් ගනී.

මල්කඩවර අංගම මෙසේ බලගතු මෙන්ම නිර්මාණය කරගැනීමටද දුෂ්කර අංගමකි. මිනී ඔලුවක් ගෙන පුළුස්සා එහි අලු මිනී ලේ වලින් අනා හෙප්පුවක දමාගත යුතුය. පසුව මල් තටුව තනා පන්දම් තුනක් සිටුවා බත්, ලේ, පුලුටු ආදී ගොටු අට පුදා දුම්මල අල්ලා කිරිගසක් මුල හිඳ කහකැටියේ හිරු බහින වේලාවේ හෙවත් සැන්දෑ කාලයේ අදාළ මන්ත්‍රයෙන් එකසිය අටවර මැතිරීම සිදුකරයි. එසේ මතුරන අතරතුර මෙයට බාධා කිරීමට ගස් ගල් පෙරළාගෙන ඇතෙක් පැමිණෙයි. ඇතා නැවැත්වීමට වෙනම මන්ත්රයකි. එය සිහිකර පිඹීමෙන් ඇතා වැටෙයි. නැවත දෙවැනි වර මතුරන විට සක්වල එළිය වැටෙයි. කට්ටඬියා දිගටම මතුරයි. ක්‍රමයෙන් එළිය ඒකරාශීවී ඇවිත් මිනී අලු දැමූ හෙප්පුවට වැටෙයි. මෙසේ ජීවම්කර තනාගත් මිනී අලු දෙවියන් මිනිසුන් යකුන් වැට්ටීමට පිඹිය හැකිය. මෙය රිදී මුදුවෙන් පිඹිය යුතු අතර එයින් වැටෙන්නකු සත් පැයෙන් මෙහා සිහි කළ යුතු බවත් නැතිනම් ජීවිතක්ෂයට පත්වන බවත් පැවැසේ. සිහිකිරීම සඳහා වෙනම මන්ත්රයකි. එයින් පැන් මතුරා ඉසීමෙන් සිහිය ලැබේ.

මෙසේ මිනී අලු පමණක් නොව අංගම් පිඹීමට විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගනී. "රොඩී අංගම" සඳහා කලාඳුරු වද, දෙබර වද හා එම පැණි, ගුරුලන්, දිවි මකුළුවන්, විස දූවිලි සමව ගෙන වේලා කුඩුකරගත් මිශ්‍රණයක් භාවිත කරයි. එමෙන්ම "වෙඩි අංගමේදී" භාවිත කරන්නේ හුණු ස්වල්පයක් පමණි. සතුරා තුවක්කුවෙන් වෙඩි තබන විට කට්ටඬියා හුණු ස්වල්පයක් මතුරා වෙඩිකරු ඉහළ සිටින සතෙකුට වෙඩි තබන්නේ නම් ගසක පාමුලද, බිම සිටින සතකුට වෙඩි තබන්නේ නම් ගසක කොලයකද (ඉහළ) එම හුණු ගායි. එයින් වෙඩිල්ල වරදී. තවද එළබටු හෝ මළබටු මතුරා බෙරහඬ අල්ලා පෑගීමෙන් බෙර පලන අංගමක් හා පහත විස්තර කෙරෙන අංගමද තමන් තරුණ කාලයේ අත්හදාබලා ඇති බව එක් මන්ත්රාචාර්යවරයෙක් පැවැසීය. එම අනෙක් අංගමේදී කිසිදු භෞතික ද්‍රව්‍යයක් භාවිත නොකිරීම විශේෂිතය. එහි මන්ත්‍රය සය වරක් බිම බලා මතුරා සතුරාගේ දෑස් දෙස බලා සත්වැනි වර මැතිරිය යුතුය. නව පැයෙන් ඔහුට මර උණ ගැනෙතියි ද ඔහු පැවැසීය.

පිඹින දේ "අංගම්" ලෙස කියූ සේම බඳින දේ "බන්ධන" ලෙසින් ද අතීතයේ සිට සැලකේ. මෙහිදී විවිධ බැඳීම් අවස්ථා කීපයක් දක්නට ලැබේ. "විස බැඳීම" යනු සතුරාට සර්පයෙකු දෂ්ඨ කළ අවස්ථාවක හෝ වෙනත් විෂක් ශරීරගත වූ විටෙක එම විෂ විනාශ නොවන පරිදි බැඳ තැබීමයි. එමෙන්ම වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීමෙන් ඇතිවන ඕනෑම ලෙඩක් සුවනොවී පැවතීම හා වැඩිවීම සඳහා තුන්දොස් බැඳීම් ද සිදු කරයි. මෙම බැඳීම් කපා ඉවත් නොකළ හොත් සතුරාට මරණය වුව උදාවිය හැකිවේ. එම බැඳුමෙන් සිදුවන්නේ සතුරාගේ දුර්වලත්වය හා නොහැකියාව බැඳ තබා එය වර්ධනය කිරීමකි.

දිවගුරු බන්ධනය මීට වෙනස් ය. තුන් නූලක් (තුන් පාට) ගෙන ජීවම් කර සතුරාගේ කටහඬ අල්ලා ගැට හිර කර රෑසි කූඩයකට දමා දුම් වදින තැනක එල්ලීම එක් ක්රමයකි. තවද පොළොං දතක් ජීවම් කර සතුරාගේ කටහඬ අල්ලා කෙසෙල් පතුරකට ගැසීමෙන් ද කටහඬ බැඳිය හැකි යයි විශ්වාස කෙරේ. එසේම කෙනෙක් ප්‍රගුණ කළ මන්ත්‍ර ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර ද බැඳීමක් කළ හැකි බවද මන්ත්රාචාර්යවරු පවසති. එහිදී සිදුවන්නේ සතුරාගේ හැකියාවන් ප්‍රයෝජනයට ගත නොහෙන සේ බැඳ තැබීම හා දුර්වල කිරීමයි.

මීට අමතරව ඉඩකඩම් ගේ දොර ආදියට සිදුකරන "භූමි පාලුව" ද එක් ආකාරයක බැඳ තැබීමකි. එහිදී සිදුවන්නේ විවිධ අමනුෂ්‍ය කොටස් ගෙන්වා එම භූමියේ බැඳ තැබීමයි. මෙහිදී සොහොන් අලු, මිනී ඇටකටු, ගල් වර්ග, බිත්තර මෙන්ම යන්ත්‍ර අඳින ලද පත්ඉරුද ඉඩම්වල වැළලීමෙන් භූමි පාලු සිදු කළ හැකිය. තවද ඇතැමෙක් මේ සඳහා වෙනත් කෙනෙක් කැප කළ ප්‍රේත තටුවක තැබූ ද්‍රව්‍ය ද යොදාගනී. මෙසේ යොදාගන්නා ද්‍රව්‍ය මල් බුලත් තටුවේ තබා කැවිලි, පළතුරු හත බැගින් හෝ පහ බැගින් තබා දියමස්, ගොඩමස්, පුලුටු පස් වර්ගය ආදිය තබා එක් එක් මන්ත්‍රයන්ට අදාළව එකසිය අටවර හෝ දහස්වර මතුරා අදාළ වස්තූන් සතුරාගේ ඉඩමේ වැළලීම හෝ ඉඩමට දැමීම සිදුකරයි. මෙහිදී ඇතැම් විට නිවසේ එළිය වැටෙන තැනක වැළලිය යුතු බවද කියෑවේ. මෙයින් එම නිවස හා ඉඩම යක්ෂ භූතාදී අමනුෂ්‍ය කොටස්වලට භාර වන බව ගැමියෝ සිතති. මෙයින් එම ඉඩමේ නිවැසියන් ලෙඩවීම, අසමගිවීම, ආරවුල් ඇතිවී මිනීමරා ගැනීම, ආදිය සිදුවන අතර "පැල ඉණි ඇටයේ ගුරුකම" ආදී ඇතැම් දරුණු භූමි පාලු මගින් කෙටි කාලයකින් නිවසේ සියලු සාමාජිකයන් මිය යැමක් ද සිදුවන බව මන්ත්රාචාර්යවරු පවසති.

තවද කාන්තාවන්ගේ මාස් ශුද්ධිය හා සම්බන්ධව සිදුකරන බන්ධනයන්ද කට්ටඬියන් තුළ දක්නට ලැබේ. ඊයම් කොලයක කාන්තාවගේ නම ලියා එයට මතුරා එය මිනී ඇටයක දමා වෙඩි ලුණු දමා හිරකර ඇයගේ නිවසේ එළිය වැටෙන ස්ථානයක වැළලීමෙන් එම කාන්තාවගේ මාස් ශුද්ධිය නවතී. එයින් ඇඟ දැවිල්ල හා පුපුරා යැම ඇතිවී මරණය වුව උදා විය හැකි යයි පිළිගැනේ. තවද "රත් නිවිතිය වැලේ ගුරුකම" ද මෙවැනිම වූ බන්ධනයකි. කලු, රතු, සුදු යන තුන්පාට නූල් නව පොටක් ගෙන ගැට නවයක් ගසා ගැට නවය ජීවම් කර හිර කරයි. මේ මතින් අදාළ කාන්තාවට පැනීමට සලස්වා එය රත් නිවිතිය වැලක ගැටගසා එම රත් නිවිතිය වැල ගලායන ජලයක නිතර සේදී යන ආකාරයට බැඳ තබයි. මෙසේ එම රත් නිවිතිය වැල සේදී යන්නේ කොපමණ කලක්ද එතෙක් අදාළ කාන්තාවගේ මාස් ශුද්ධිය නොනැවතී පවතී. මෙබඳු බන්ධන කැපීම ද ඉතා අසීරු යයි හීන්කන්දේ සිරිපාල වෙද මහතා ප්‍රකාශ කර සිටී.

අන්‍යයන්ගේ සිත් දිනාගැනීම, තමාට වසඟකර ගැනීම, තම බසට නතුකර ගැනීම මෙන්ම නඩු හෝ සම්මුඛ පරීක්ෂණ ජය ගැනීම ආදිය ඉණාවක් මගින් කරගත හැකි යයි ගැමියෝ පිළිගනිති. මෙහිදී ස්ත්‍රීන්, පුරුෂයන්, රජුන්, දෙවියන් පමණක් නොව සතුන් ද වශීකර ගැන්මට අතීතයේ මන්ත්‍ර ශාස්ත්‍ර තිබී ඇත. උදාහරණ ලෙස "හස්තිකාන්ත" මන්ත්‍රයෙන් ඇතුන් වශීකරගැන්මට හැකියාව තිබූ බව ජනශ්රැතියේ එයි. ස්ත්‍රී පුරුෂ වශීකර්මයන්හිදී බෙහෙවින් භාවිත කෙරෙන්නේ ජීවම් කළ යමක් කෑමට දීම හෝ අදාළ අයගේ නියපොතු කැබැල්ලක්, කෙස් කීපයක්, ඇඳුමක නූලක් ආදිය ගෙන ජප කිරීම, පැන්නීම ආදියයි. එහෙත් රාජ වශී හා දේව වශී ආදියේදී භාවිත වන ක්‍රමය මීට වෙනස්ය. එහිදී තෙල් මතුරා තිලක තබා යැම මන්ත්‍ර සිහිකිරීම ආදිය සිදුකරයි.

මෙසේ බොහෝ වශී කර්මයන් සිදුකර ගැනීමට බල ඇති මන්ත්රයකි "සෙලිංගු මන්ත්‍රය". මෙහිදී තනි පාට ඇති කුලුඳුල් එළදෙනකගෙන් තෙල් සාදාගෙන මල් බුලත් තටුවේ තබා එකසිය අටවර ජීවම් කර තබාගෙන තමාට ඕනෑම විටෙක ඕනෑම ස්ත්‍රියකගේ නම අසුකර සත්විටක් මතුරා එම තෙල් යටිපල්ලේ ගා රත් කරයි. එය කොතෙක් බලවත් වශීකර්මයක්දයත් පුස්කොලපොත්වල සඳහන් වන්නේ එම කාන්තාව "ගල්දොරවත් පලාන එති" යනුවෙනි. එමෙන්ම දුම්මල තෙල් එකසිය අට වර මතුරා නළලේ තිලක තබාගෙන ගොස් තමාට අවශ්‍ය ස්ත්‍රියගේ මුහුණ බලා මන්ත්‍රය සිහිකිරීමෙන්ද ඇය වශීකරගත හැකියයි පැවසේ. නොයිඳුල් තැඹිලි තෙල් මතුරා මුහුණ පිරිමැද යැමෙන් රාජ වශී සිදුවේයයි ද සඳහන් වේ.

තවත් ස්ත්‍රී පුරුෂ ඉණාවක් මෙසේ දැක්වේ. ඉණාව කරවාගන්නා අයගේ දකුණු අතේ සුළැඟිල්ලෙන් ලේ ටිකක් ගෙන එය සීනිවලට කලවම්කර ගනී. මේ සීනි "මෝහිනී", "මදන", "සල්ලාල" වැනි දිශ්ටි මන්ත්‍රයකින් දිශ්ටිකර ප්‍රාණවත් කරගනී. අනතුරුව ජපකරන මන්ත්‍රයේ අදාළ තැන්වලට ඉණාව කරවන හා ඉණාවට ලක්විය යුතු අයගේ නම් යොදා ජීවම් කරයි. පසුව අදාළ අයට මෙම සීනි කැවීම මගින් වශීකර්මය සාර්ථක වේයයි පිළිගැනේ. මීට අමතරව දහඩිය, මුත්‍රා, ආදී දේ ද රැගෙන සිදුකරන ජුගුප්සාජනක ඉණාකිරීම්ද ඇත. උදාහරණ ලෙස මුත්‍රා උණුකර එයින් සෑදෙන ලුණු වැනි කුඩු වර්ගයක් මතුරා කැවීමෙන් වහලකුගෙන් මෙන් වැඩගත හැකි යයි කියෑවේ.

මෙහිදී ස්ත්‍රී වශියට වෙනම මන්ත්‍රත් පුරුෂ වශියට වෙනම මන්ත්‍රත් දක්නට ඇත. පුරුෂ වශී මන්ත්‍රයක් පුරුෂයන් සඳහා භාවිත කළහොත් ස්වප්නාභාධ ඇතිවිය හැකි බව මන්ත්රාචාර්යවරු කියති. එමෙන්ම ඇසේ, කනේ, දතේ, දිවේ, නාසයේ පංචමළ හා ඇඟේ කුණු දාඩිය, ශුක්‍ර ආදී ජුගුප්සාජනක දේ රැගෙන තරුණ තරුණියන් යක්ෂ යක්ෂණියන්ගේ හා ප්‍රේතයන්ගේ මන්ත්‍ර වලින් බන්ධනය කරවා වශී කිරීම මගින් බොහෝ භයානක ප්‍රතිඵල අත්විය හැකි බවත්, බඩේ පපුවේ පිළිකා, ක්ෂය රෝගය, දරුණු කැස්ස, උදරාබාධ, අධික පපුවේ දැවිල්ල, අධික පිපාසාව, කෑම අරුචිය, උගුරකට වේලීම ආදී දේ ඇතිවී සදාකාලික රෝගියකු වීමට ඉඩකඩ ඇති බවත් මුදලම ධනය කොටනොගත් මන්ත්රාචාර්යයෝ පවසති. වර්තමානයේ පුවත්පත් දැන්වීම් ආදියේ පළවන බොහෝ වශීකර්ම වලට පෙළඹෙන ඇතැම් අනුවණ පුද්ගලයන්ට සිදුවන්නේ අනාගතයේදී සුවකළ නොහැකි රෝග සහිත අල්පායුෂ සහකරුවකු හෝ සහකාරියක හිමිකර ගැනීමටයි.

ඇතැම් ඉණාකර්ම වලට විවිධ බෙහෙත් වර්ග ද යොදා ගනී. ඒ අතර උක් හකුරු, මීපැණි, නෙළුම් මල් රේණු, එළඟිතෙල්, ගෝරෝචන, පිණිදිය, ඔළිඳ මුල්, එළකටරොඩු මුල්, තෝර මුල්, කෑල මුල්, කුංකුම, හඳුන්, නිල් මානෙල්, නාමල්, තැඹිලි තෙල් ආදිය ද ඒ අතර වේ.

මන්ත්‍ර ශාස්ත්රයේ අෂ්ඨකර්මයෙන් එක් කර්මයක් වන වශීකර්මයට සුදුසු වේලාව ලෙස අතීත ඇදුරන් නම්කර ඇත්තේ උදේ හා දිවා 6-10 කාලයයි. එමෙන්ම ඊට හිමි වර්ණය තද රතු පැහැයයි. ශුභ දිශාව ගිණිකොණය. ශුභ නැකැත් වන්නේ පුනාවස, පුවපුටුප, අභිවිත් ආදියයි. මේ සියල්ලට අනුගතව සිදුකෙරෙන වශීකර්මය සාර්ථක වන බව පිළිගැනීමයි. කෙසේ වෙතත් මෙහිදී කුමන පිළිවෙතකට කුමන ද්‍රව්‍යයක් රැගෙන වශීකර්මයක් සිදුකළත් එහි යම් බලපෑමකින් වශීකර්මය සාර්ථක වී නම් එයින් බිහිවන්නේ රෝගියෙකි. මක්නිසාද එය ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය කායික හෝ මානසික ස්වභාවය නොවන බැවිනි. මෙයද බුදුදහමට අනුව දරුණු පාපයකි. ඉහතදී සඳහන් කළ විවිධ අනර්ථකාරී අභිචාර අතරින් අද වන විටත් ප්‍රසිද්ධියේම විශාල ප්‍රචාරණයක්ද සහිතව සිදුකෙරෙන අනර්ථකාරී අභිචාර විධිය වන්නේ වශීකර්මයයි.

අනර්ථකාරී අභිචාර කර්මයන් සාරධර්ම අගයන සමාජයන් විසින් එකහෙලාම බැහැර කරන්නකි. එහෙත් අද වන විටත් මේවාට පෙළඹෙන හා මේවායින් යහමින් මුදල් උපයන බොහෝ පිරිස් මෙම සමාජයේ නැතුවා නොවේ. ඒ අතර මෙබඳු විණයන් සමනය කරමින් මේවායේ ආදීනව දක්වමින් මේවා නොකිරීමට සමාජය පොළඹවන ඇදුරු මහතුන්ද සිටීම ප්‍රශස්තය. එහෙත් මෙබඳු ශිල්පක්රම වැළලී යැමට ඉඩදිය යුතුද යන්න මතභේදයට තුඩුදෙන කරුණකි.

බුද්ධික සමන් ගුණවර්ධන

[QUOTE="codegeek, post: 22215029, member: 405480"] [b]"අංගම්" "බන්ධන" "ඉනා"[/b] [SIZE="6"]http://www.divaina.com/2009/08/16/siya05.html පුහුදුන් මිනිසා අන්‍යයන්ට විණ කිරීමට භාවිත කළ රහසිගත අනර්ථකාරී අභිචාර ක්‍රම කීපයක් පිළිබඳ මීට කලින් ලිපියේ ද සාකච්ඡා කෙරිණි. ඉතා සුළු ක්‍රියාකාරකමක සිට ඉතා අවදානම් ක්‍රියා දක්වා මෙම අභිචාර ක්‍රම පැතිරී පවතී. අනර්ථකාරී අදහසකින් බැලීම "ඇස්වහ" වැදීමටත්, අනර්ථකාරී අදහසින් කතාකිරීම "කටවහ" වැදීමටත් හේතු විය හැක. මෙසේම අනර්ථකාරී අදහසකින් මන්ත්රණකර පිඹීම අංගම් ලෙස ද බොහෝ දෙනා කීහ. මහියංගන ප්‍රදේශයේ ජනයාත් මුස්ලිම් ජනයාත් අංගම් පිඹීමට සුවිශේෂ දස්කම් ඇත්තන් වෙතියි පිළිගැනේ. තවද පන්සල්වල පැවැති උත්සව වලදීත්, සිංහල විවාහ මංගල උත්සව වලදීත් අංගම් පිඹින ලද අවස්ථා පිළිබඳවත් බොහෝ ගැමියෝ දනිති. අංගම්, ගණනින් තිස්දෙකක් ඇතැයි පිළිගැනේ. අංගම යනු පිඹීමක් ලෙස ව්‍යවහාර වුවත් ලේන්සුවක් වැන්නකින් සුළං වැදීමට සැලැස්වීමෙන්, ස්පර්ශයෙන් හෝ මුහුණ බැලීම ආදී ක්‍රියා මගින්ද අංගම් ක්‍රියාත්මක කළ හැකිය. මෙසේ ක්‍රියාත්මක කිරීම පහසු වුවත් ඇතැම් අංගම් නිර්මාණය කරගැනීම ඉතා අසීරුය. එමෙන්ම ඒවා බලගතු බවින්ද වැඩි අගයක් ගනී. මල්කඩවර අංගම මෙසේ බලගතු මෙන්ම නිර්මාණය කරගැනීමටද දුෂ්කර අංගමකි. මිනී ඔලුවක් ගෙන පුළුස්සා එහි අලු මිනී ලේ වලින් අනා හෙප්පුවක දමාගත යුතුය. පසුව මල් තටුව තනා පන්දම් තුනක් සිටුවා බත්, ලේ, පුලුටු ආදී ගොටු අට පුදා දුම්මල අල්ලා කිරිගසක් මුල හිඳ කහකැටියේ හිරු බහින වේලාවේ හෙවත් සැන්දෑ කාලයේ අදාළ මන්ත්‍රයෙන් එකසිය අටවර මැතිරීම සිදුකරයි. එසේ මතුරන අතරතුර මෙයට බාධා කිරීමට ගස් ගල් පෙරළාගෙන ඇතෙක් පැමිණෙයි. ඇතා නැවැත්වීමට වෙනම මන්ත්රයකි. එය සිහිකර පිඹීමෙන් ඇතා වැටෙයි. නැවත දෙවැනි වර මතුරන විට සක්වල එළිය වැටෙයි. කට්ටඬියා දිගටම මතුරයි. ක්‍රමයෙන් එළිය ඒකරාශීවී ඇවිත් මිනී අලු දැමූ හෙප්පුවට වැටෙයි. මෙසේ ජීවම්කර තනාගත් මිනී අලු දෙවියන් මිනිසුන් යකුන් වැට්ටීමට පිඹිය හැකිය. මෙය රිදී මුදුවෙන් පිඹිය යුතු අතර එයින් වැටෙන්නකු සත් පැයෙන් මෙහා සිහි කළ යුතු බවත් නැතිනම් ජීවිතක්ෂයට පත්වන බවත් පැවැසේ. සිහිකිරීම සඳහා වෙනම මන්ත්රයකි. එයින් පැන් මතුරා ඉසීමෙන් සිහිය ලැබේ. මෙසේ මිනී අලු පමණක් නොව අංගම් පිඹීමට විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගනී. "රොඩී අංගම" සඳහා කලාඳුරු වද, දෙබර වද හා එම පැණි, ගුරුලන්, දිවි මකුළුවන්, විස දූවිලි සමව ගෙන වේලා කුඩුකරගත් මිශ්‍රණයක් භාවිත කරයි. එමෙන්ම "වෙඩි අංගමේදී" භාවිත කරන්නේ හුණු ස්වල්පයක් පමණි. සතුරා තුවක්කුවෙන් වෙඩි තබන විට කට්ටඬියා හුණු ස්වල්පයක් මතුරා වෙඩිකරු ඉහළ සිටින සතෙකුට වෙඩි තබන්නේ නම් ගසක පාමුලද, බිම සිටින සතකුට වෙඩි තබන්නේ නම් ගසක කොලයකද (ඉහළ) එම හුණු ගායි. එයින් වෙඩිල්ල වරදී. තවද එළබටු හෝ මළබටු මතුරා බෙරහඬ අල්ලා පෑගීමෙන් බෙර පලන අංගමක් හා පහත විස්තර කෙරෙන අංගමද තමන් තරුණ කාලයේ අත්හදාබලා ඇති බව එක් මන්ත්රාචාර්යවරයෙක් පැවැසීය. එම අනෙක් අංගමේදී කිසිදු භෞතික ද්‍රව්‍යයක් භාවිත නොකිරීම විශේෂිතය. එහි මන්ත්‍රය සය වරක් බිම බලා මතුරා සතුරාගේ දෑස් දෙස බලා සත්වැනි වර මැතිරිය යුතුය. නව පැයෙන් ඔහුට මර උණ ගැනෙතියි ද ඔහු පැවැසීය. පිඹින දේ "අංගම්" ලෙස කියූ සේම බඳින දේ "බන්ධන" ලෙසින් ද අතීතයේ සිට සැලකේ. මෙහිදී විවිධ බැඳීම් අවස්ථා කීපයක් දක්නට ලැබේ. "විස බැඳීම" යනු සතුරාට සර්පයෙකු දෂ්ඨ කළ අවස්ථාවක හෝ වෙනත් විෂක් ශරීරගත වූ විටෙක එම විෂ විනාශ නොවන පරිදි බැඳ තැබීමයි. එමෙන්ම වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීමෙන් ඇතිවන ඕනෑම ලෙඩක් සුවනොවී පැවතීම හා වැඩිවීම සඳහා තුන්දොස් බැඳීම් ද සිදු කරයි. මෙම බැඳීම් කපා ඉවත් නොකළ හොත් සතුරාට මරණය වුව උදාවිය හැකිවේ. එම බැඳුමෙන් සිදුවන්නේ සතුරාගේ දුර්වලත්වය හා නොහැකියාව බැඳ තබා එය වර්ධනය කිරීමකි. දිවගුරු බන්ධනය මීට වෙනස් ය. තුන් නූලක් (තුන් පාට) ගෙන ජීවම් කර සතුරාගේ කටහඬ අල්ලා ගැට හිර කර රෑසි කූඩයකට දමා දුම් වදින තැනක එල්ලීම එක් ක්රමයකි. තවද පොළොං දතක් ජීවම් කර සතුරාගේ කටහඬ අල්ලා කෙසෙල් පතුරකට ගැසීමෙන් ද කටහඬ බැඳිය හැකි යයි විශ්වාස කෙරේ. එසේම කෙනෙක් ප්‍රගුණ කළ මන්ත්‍ර ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර ද බැඳීමක් කළ හැකි බවද මන්ත්රාචාර්යවරු පවසති. එහිදී සිදුවන්නේ සතුරාගේ හැකියාවන් ප්‍රයෝජනයට ගත නොහෙන සේ බැඳ තැබීම හා දුර්වල කිරීමයි. මීට අමතරව ඉඩකඩම් ගේ දොර ආදියට සිදුකරන "භූමි පාලුව" ද එක් ආකාරයක බැඳ තැබීමකි. එහිදී සිදුවන්නේ විවිධ අමනුෂ්‍ය කොටස් ගෙන්වා එම භූමියේ බැඳ තැබීමයි. මෙහිදී සොහොන් අලු, මිනී ඇටකටු, ගල් වර්ග, බිත්තර මෙන්ම යන්ත්‍ර අඳින ලද පත්ඉරුද ඉඩම්වල වැළලීමෙන් භූමි පාලු සිදු කළ හැකිය. තවද ඇතැමෙක් මේ සඳහා වෙනත් කෙනෙක් කැප කළ ප්‍රේත තටුවක තැබූ ද්‍රව්‍ය ද යොදාගනී. මෙසේ යොදාගන්නා ද්‍රව්‍ය මල් බුලත් තටුවේ තබා කැවිලි, පළතුරු හත බැගින් හෝ පහ බැගින් තබා දියමස්, ගොඩමස්, පුලුටු පස් වර්ගය ආදිය තබා එක් එක් මන්ත්‍රයන්ට අදාළව එකසිය අටවර හෝ දහස්වර මතුරා අදාළ වස්තූන් සතුරාගේ ඉඩමේ වැළලීම හෝ ඉඩමට දැමීම සිදුකරයි. මෙහිදී ඇතැම් විට නිවසේ එළිය වැටෙන තැනක වැළලිය යුතු බවද කියෑවේ. මෙයින් එම නිවස හා ඉඩම යක්ෂ භූතාදී අමනුෂ්‍ය කොටස්වලට භාර වන බව ගැමියෝ සිතති. මෙයින් එම ඉඩමේ නිවැසියන් ලෙඩවීම, අසමගිවීම, ආරවුල් ඇතිවී මිනීමරා ගැනීම, ආදිය සිදුවන අතර "පැල ඉණි ඇටයේ ගුරුකම" ආදී ඇතැම් දරුණු භූමි පාලු මගින් කෙටි කාලයකින් නිවසේ සියලු සාමාජිකයන් මිය යැමක් ද සිදුවන බව මන්ත්රාචාර්යවරු පවසති. තවද කාන්තාවන්ගේ මාස් ශුද්ධිය හා සම්බන්ධව සිදුකරන බන්ධනයන්ද කට්ටඬියන් තුළ දක්නට ලැබේ. ඊයම් කොලයක කාන්තාවගේ නම ලියා එයට මතුරා එය මිනී ඇටයක දමා වෙඩි ලුණු දමා හිරකර ඇයගේ නිවසේ එළිය වැටෙන ස්ථානයක වැළලීමෙන් එම කාන්තාවගේ මාස් ශුද්ධිය නවතී. එයින් ඇඟ දැවිල්ල හා පුපුරා යැම ඇතිවී මරණය වුව උදා විය හැකි යයි පිළිගැනේ. තවද "රත් නිවිතිය වැලේ ගුරුකම" ද මෙවැනිම වූ බන්ධනයකි. කලු, රතු, සුදු යන තුන්පාට නූල් නව පොටක් ගෙන ගැට නවයක් ගසා ගැට නවය ජීවම් කර හිර කරයි. මේ මතින් අදාළ කාන්තාවට පැනීමට සලස්වා එය රත් නිවිතිය වැලක ගැටගසා එම රත් නිවිතිය වැල ගලායන ජලයක නිතර සේදී යන ආකාරයට බැඳ තබයි. මෙසේ එම රත් නිවිතිය වැල සේදී යන්නේ කොපමණ කලක්ද එතෙක් අදාළ කාන්තාවගේ මාස් ශුද්ධිය නොනැවතී පවතී. මෙබඳු බන්ධන කැපීම ද ඉතා අසීරු යයි හීන්කන්දේ සිරිපාල වෙද මහතා ප්‍රකාශ කර සිටී. අන්‍යයන්ගේ සිත් දිනාගැනීම, තමාට වසඟකර ගැනීම, තම බසට නතුකර ගැනීම මෙන්ම නඩු හෝ සම්මුඛ පරීක්ෂණ ජය ගැනීම ආදිය ඉණාවක් මගින් කරගත හැකි යයි ගැමියෝ පිළිගනිති. මෙහිදී ස්ත්‍රීන්, පුරුෂයන්, රජුන්, දෙවියන් පමණක් නොව සතුන් ද වශීකර ගැන්මට අතීතයේ මන්ත්‍ර ශාස්ත්‍ර තිබී ඇත. උදාහරණ ලෙස "හස්තිකාන්ත" මන්ත්‍රයෙන් ඇතුන් වශීකරගැන්මට හැකියාව තිබූ බව ජනශ්රැතියේ එයි. ස්ත්‍රී පුරුෂ වශීකර්මයන්හිදී බෙහෙවින් භාවිත කෙරෙන්නේ ජීවම් කළ යමක් කෑමට දීම හෝ අදාළ අයගේ නියපොතු කැබැල්ලක්, කෙස් කීපයක්, ඇඳුමක නූලක් ආදිය ගෙන ජප කිරීම, පැන්නීම ආදියයි. එහෙත් රාජ වශී හා දේව වශී ආදියේදී භාවිත වන ක්‍රමය මීට වෙනස්ය. එහිදී තෙල් මතුරා තිලක තබා යැම මන්ත්‍ර සිහිකිරීම ආදිය සිදුකරයි. මෙසේ බොහෝ වශී කර්මයන් සිදුකර ගැනීමට බල ඇති මන්ත්රයකි "සෙලිංගු මන්ත්‍රය". මෙහිදී තනි පාට ඇති කුලුඳුල් එළදෙනකගෙන් තෙල් සාදාගෙන මල් බුලත් තටුවේ තබා එකසිය අටවර ජීවම් කර තබාගෙන තමාට ඕනෑම විටෙක ඕනෑම ස්ත්‍රියකගේ නම අසුකර සත්විටක් මතුරා එම තෙල් යටිපල්ලේ ගා රත් කරයි. එය කොතෙක් බලවත් වශීකර්මයක්දයත් පුස්කොලපොත්වල සඳහන් වන්නේ එම කාන්තාව "ගල්දොරවත් පලාන එති" යනුවෙනි. එමෙන්ම දුම්මල තෙල් එකසිය අට වර මතුරා නළලේ තිලක තබාගෙන ගොස් තමාට අවශ්‍ය ස්ත්‍රියගේ මුහුණ බලා මන්ත්‍රය සිහිකිරීමෙන්ද ඇය වශීකරගත හැකියයි පැවසේ. නොයිඳුල් තැඹිලි තෙල් මතුරා මුහුණ පිරිමැද යැමෙන් රාජ වශී සිදුවේයයි ද සඳහන් වේ. තවත් ස්ත්‍රී පුරුෂ ඉණාවක් මෙසේ දැක්වේ. ඉණාව කරවාගන්නා අයගේ දකුණු අතේ සුළැඟිල්ලෙන් ලේ ටිකක් ගෙන එය සීනිවලට කලවම්කර ගනී. මේ සීනි "මෝහිනී", "මදන", "සල්ලාල" වැනි දිශ්ටි මන්ත්‍රයකින් දිශ්ටිකර ප්‍රාණවත් කරගනී. අනතුරුව ජපකරන මන්ත්‍රයේ අදාළ තැන්වලට ඉණාව කරවන හා ඉණාවට ලක්විය යුතු අයගේ නම් යොදා ජීවම් කරයි. පසුව අදාළ අයට මෙම සීනි කැවීම මගින් වශීකර්මය සාර්ථක වේයයි පිළිගැනේ. මීට අමතරව දහඩිය, මුත්‍රා, ආදී දේ ද රැගෙන සිදුකරන ජුගුප්සාජනක ඉණාකිරීම්ද ඇත. උදාහරණ ලෙස මුත්‍රා උණුකර එයින් සෑදෙන ලුණු වැනි කුඩු වර්ගයක් මතුරා කැවීමෙන් වහලකුගෙන් මෙන් වැඩගත හැකි යයි කියෑවේ. මෙහිදී ස්ත්‍රී වශියට වෙනම මන්ත්‍රත් පුරුෂ වශියට වෙනම මන්ත්‍රත් දක්නට ඇත. පුරුෂ වශී මන්ත්‍රයක් පුරුෂයන් සඳහා භාවිත කළහොත් ස්වප්නාභාධ ඇතිවිය හැකි බව මන්ත්රාචාර්යවරු කියති. එමෙන්ම ඇසේ, කනේ, දතේ, දිවේ, නාසයේ පංචමළ හා ඇඟේ කුණු දාඩිය, ශුක්‍ර ආදී ජුගුප්සාජනක දේ රැගෙන තරුණ තරුණියන් යක්ෂ යක්ෂණියන්ගේ හා ප්‍රේතයන්ගේ මන්ත්‍ර වලින් බන්ධනය කරවා වශී කිරීම මගින් බොහෝ භයානක ප්‍රතිඵල අත්විය හැකි බවත්, බඩේ පපුවේ පිළිකා, ක්ෂය රෝගය, දරුණු කැස්ස, උදරාබාධ, අධික පපුවේ දැවිල්ල, අධික පිපාසාව, කෑම අරුචිය, උගුරකට වේලීම ආදී දේ ඇතිවී සදාකාලික රෝගියකු වීමට ඉඩකඩ ඇති බවත් මුදලම ධනය කොටනොගත් මන්ත්රාචාර්යයෝ පවසති. වර්තමානයේ පුවත්පත් දැන්වීම් ආදියේ පළවන බොහෝ වශීකර්ම වලට පෙළඹෙන ඇතැම් අනුවණ පුද්ගලයන්ට සිදුවන්නේ අනාගතයේදී සුවකළ නොහැකි රෝග සහිත අල්පායුෂ සහකරුවකු හෝ සහකාරියක හිමිකර ගැනීමටයි. ඇතැම් ඉණාකර්ම වලට විවිධ බෙහෙත් වර්ග ද යොදා ගනී. ඒ අතර උක් හකුරු, මීපැණි, නෙළුම් මල් රේණු, එළඟිතෙල්, ගෝරෝචන, පිණිදිය, ඔළිඳ මුල්, එළකටරොඩු මුල්, තෝර මුල්, කෑල මුල්, කුංකුම, හඳුන්, නිල් මානෙල්, නාමල්, තැඹිලි තෙල් ආදිය ද ඒ අතර වේ. මන්ත්‍ර ශාස්ත්රයේ අෂ්ඨකර්මයෙන් එක් කර්මයක් වන වශීකර්මයට සුදුසු වේලාව ලෙස අතීත ඇදුරන් නම්කර ඇත්තේ උදේ හා දිවා 6-10 කාලයයි. එමෙන්ම ඊට හිමි වර්ණය තද රතු පැහැයයි. ශුභ දිශාව ගිණිකොණය. ශුභ නැකැත් වන්නේ පුනාවස, පුවපුටුප, අභිවිත් ආදියයි. මේ සියල්ලට අනුගතව සිදුකෙරෙන වශීකර්මය සාර්ථක වන බව පිළිගැනීමයි. කෙසේ වෙතත් මෙහිදී කුමන පිළිවෙතකට කුමන ද්‍රව්‍යයක් රැගෙන වශීකර්මයක් සිදුකළත් එහි යම් බලපෑමකින් වශීකර්මය සාර්ථක වී නම් එයින් බිහිවන්නේ රෝගියෙකි. මක්නිසාද එය ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය කායික හෝ මානසික ස්වභාවය නොවන බැවිනි. මෙයද බුදුදහමට අනුව දරුණු පාපයකි. ඉහතදී සඳහන් කළ විවිධ අනර්ථකාරී අභිචාර අතරින් අද වන විටත් ප්‍රසිද්ධියේම විශාල ප්‍රචාරණයක්ද සහිතව සිදුකෙරෙන අනර්ථකාරී අභිචාර විධිය වන්නේ වශීකර්මයයි. අනර්ථකාරී අභිචාර කර්මයන් සාරධර්ම අගයන සමාජයන් විසින් එකහෙලාම බැහැර කරන්නකි. එහෙත් අද වන විටත් මේවාට පෙළඹෙන හා මේවායින් යහමින් මුදල් උපයන බොහෝ පිරිස් මෙම සමාජයේ නැතුවා නොවේ. ඒ අතර මෙබඳු විණයන් සමනය කරමින් මේවායේ ආදීනව දක්වමින් මේවා නොකිරීමට සමාජය පොළඹවන ඇදුරු මහතුන්ද සිටීම ප්‍රශස්තය. එහෙත් මෙබඳු ශිල්පක්රම වැළලී යැමට ඉඩදිය යුතුද යන්න මතභේදයට තුඩුදෙන කරුණකි. බුද්ධික සමන් ගුණවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom