Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අංජුලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු පාට රැළි කරපු තිර රෙදිවලින් වට වෙච්ච සීතල දේශන ශාලාවේ බොකු ගැහිච්ච කහ පාට ෆයිබර් පුටුවල ළමයි පේළි පේළි වාඩිවෙලා ඉන්නව. සීලිමෙන් විහිදෙන රිදී පාට විදුලි එළියට හැමදේම සැරට බබළනව. හරියටම ඒ ගොල්ලො ඉස්සරහින් හිටගත්තම මට ඉස්සරහින් වම් පැත්තෙ අඩි තුන හතරක් ඈතින් දෙවැනි පේළියේ තුන්වැනි පුටුවෙ එයා වාඩිවෙලා මං දිහා බලන් ඉන්නව.

ලොකු රැුළි තියෙන කළු පාට කොණ්ඩෙ ලාවට දෙපැත්තට බෙදල බුරුලට මිටියක් වෙන්න බැඳල ඒ මිටිය ඉස්සරහට අරන් උස පපුව උඩින් තියාගෙන ඉන්නව. හිතුවක්කාරෙට වගේ එහෙට මෙහෙට හැරිච්ච රැුළි තියෙන කොණ්ඩෙ දිගේ රිදී පාට ලයිට් එළිය බේරෙනව. දුන්නක් වගේ රවුමට හදාපු ඇහි බැමට යටින් ඉහළට ඉස්සුණු කළු පාට ලොකු ඇහි පිහාටු පොඞ්ඩක්වත් හොලවන්නෙ නැතුව දිලිසෙන ලොකු රවුම් ඇස් මගෙ දිහාට හරෝගෙන එක එල්ලේ බලන් ඉන්නව. ඒක ඉවසන්න බැරුව ඒ ඇස්වලින් මගෙ ඇස් අයින් කර ගන්නව.

පිළිම හදන කෙනකුටවත් අඹන්න බැරි තරම් මොළකැටි නහය යටින් හරියටම විතරන් කාරයෙක් නියම කරන තැන රෝස පාට නාරම්බික් වගේ තොල් පෙතිත් ඊටත් යටින් හරියටම නියම තැනින් වක් වෙලා දෙකට බෙදෙන නිකටත් නැවෙන තැන් හොයන්න බැරි තරම් සියුමැලි විධියට ගිහිං කන් පෙතිවලට හේත්තු වෙනව. ගිනි අව්වට දිලිසෙන මූදු වතුරෙ කොළ පාට මැද රතුයි කහයි ලොකු මල් වැටිච්ච අත් නැති ගවුම පිරිච්ච පපුවත් හීනි ඉඟත් නැඹත් පුළුල් උකුලත් නිතඹත් හැඩ දාර බේරිලා පේන්න ඇෙඟ් ගානට කිටි කිටියේ හිර වෙලා ඉන්නව. ඒ හින්දම හිර වෙච්ච ලැම හුස්ම ගන්නකොට උස් පාත් වෙන හැටි ඈතටත් පේනව. ඇත් දළ පාට පිරිච්ච මූණත් වාත්තු කරා වගේ රවුම් බෙල්ලත් අත් ගොබත් ලයිට් එළියට තවත් දිස්නෙට පේනව. ඇහැට ඇහැ හම්බු වෙච්චි ගමන් විදුලි කොටනව වගේ වෙනව. මං බිම බලා ගන්නව. එයා වාඩි වෙලා ඉන්න ගමන් හිර වෙලා ඉහළට ඉස්සුණු ගවුම වම් අතින් පහළට ඇදල පිරුණු දෙකලව වහගෙන පුටු ඇන්ද උඩ තියෙන සටහන් කොළ දිහා බලා ගන්නව. එයා අංජුලා. මං දේශනය පටන් ගන්නව.

විශ්වවිද්යාගලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න ළමයි ස්වාධීන පර්යේෂණ නිබන්ධයක් හැටියට පොතක් ලියන්න ඕනෑ. ඒකට හරියන අලූත් මාතෘකාවක් හොයා ගන්න හුඟ දෙනෙකුට බෑ. හුඟ දෙනෙකුට අපිටම මාතෘකා හොයල දෙන්න වෙනව. අංජුලා මාව හම්බුවෙන්න ආවා.

”මං කැමැතියි බොබ් මාලේගේ රෙගේ සංගීතයත් එයාගෙ රස්තා දහමත් ලංකාවට බලපාල තියෙන හැටි කරන්න” මට පුදුම හිතුණ. ඒක අලූත් පැත්තක්. ඒත් මේ වගේ ගෑනු ළමයකුට ඒක කරන්න පුළුවන් වෙයිද? රස්තා දහමත් ඒක අදහන අයත් අමුතුයි. ඒ වගේ අය ගැන හොයන්න යන්න නිර්භීතකමකුත් ඕනෑ” මං එයාට කියනව.

”නෑ මට පුළුවන්” එයා කියනව. හැඩකාර ඇඟ ඇතුලේ හයිය හිතක් තියෙනව කියල මට හිතෙනව. මං හිනාවෙලා එයා දිරිමත් කරනව. එළියෙ පුපුරු ගහන අව්වට රත්වෙච්ච වාතය කාමර ඇතුළෙ තෙරපෙන දවාලවල, ගස් මුදුන්වලට ගිරව් එකතු වෙන හැන්දෑවල සැරින් සැරේ ඇවිත් රස්තා දහම අදහන අය ගැන එයා හොයාගත්තු දේවල් මට හති ඇර ඇර කියනව. ඔහොම ඔහොම අවුරුද්දක් ගෙවිල යනව.

අවුරුදු හතරක් ඉඳල යන අයට සමුදෙන සාදය තියෙන සරසවියෙ සුන්දරම රාතිරුරුයේ පාට පාට දහස් ගණන් නිවෙන පත්තු වෙන ලයිට් එළියට රනින් රිදීයෙන් දිලිසෙන සාරි ගවුම් ඇඳල අඩි උස සපත්තු දාල කොණ්ඩ හදල මාල වළලූ පුරෝගෙන කැකිරි හිනා වගුරන සුරංගනාවියො රංචු මැද එයත් රැුජිනක් වගේ ඉන්නව. සුදු මේස රෙදි දාල රතු රෝස මල් පොකුරු මැද තියපු රවුම් මේසෙ වටේ එයා ඇත් දළ පාට ඇඟ පේන දැලක් වගේ රිදී පෙති අල්ලපු සාරියක් රිදී තනපට හැට්ටෙට ඇඳල දියමන්ති කැට පේළි පේළි තියෙන මාලය බෙල්ලට තද වෙන්න බැඳල කොණ්ඩෙ මුදුන් කරල සුදු රෝස මල් පොකුරක් ගහල වාඩිවෙලා ඉන්නව. මූණට ඇලෙන්න තීරු තීරු තියන යට රැුවුලත් පැත්තට පීරපු කළු කොණ්ඩෙත් තියෙන ඇත් දළ පාටම උස මහත හින්දි නළුවෙක් වගේ කෙනෙක් රිදී පාට ඉරි ඉරි තියෙන අත් දිග කමිසෙ දිලිසෙන කළු කලිසමට යට කරල ඉස්සරහ දිගට තියෙන දිලිසෙන කළු සපත්තු දාල එයා ළඟින්ම වාඩිවෙලා හිටිය. ඒ එයාගෙ බෝයි ෆ්රෙදන්ඞ්. ඒ දෙන්න රෝමියෝ ජුලියට් කියල මට හිතුණ. ? වෙලා සංගීතෙ වැඩිවෙලා හැමෝගෙම හිතෙත් ඇෙඟත් දාංගලේ වැඩි වෙනකොට මං එළියට ආව. සරුංගල් කාලෙ හන්ද හුළඟ තදට තිබුණ.

සීතල උඳුවප් මාසෙ උපාධි පරල් දානෝත්සවයේදී එයා ලෝගුව දාල ගිහිං උපාධිය ගත්ත. ඊට පස්සෙ දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, පෝය ගෙවිල ගියා. ඇසළ මාසේ කැකෑරෙන මද්දහනක දුඹුරු පාට පරණ ටීෂර්ට් එකකුත් කිලූටු ඩෙනිම් කලිසමකුත් ඇඳල සෙරෙප්පු දාපු කොණ්ඩෙ අවුල් වෙච්ච රැුවුලවත් හරියට නොකපපු උස මහත කෙනෙක් මාව හොයාගෙන ආව. ඇඟ දිගේ දාඩිය ගලන එයාගෙ මූණෙ හිඟන්නෙකුගෙ වගේ අසරණකමක් තිබුණ. මං ටික වෙලාවකින් අඳුනගත්ත. ඒ මං එදා දැකපු රෝමියෝ. එයා කතා කළා.

”සර් අංජුලාට අසනීපයි. එයාට පිළිකාවක්. බේරගන්න බැරි වෙයි. එයා දැන් ජීවිතේ අන්තිම හරියෙ ඉන්නෙ. සැරින් සැරේ එයා ආස කරන දේවල් ඉල්ලනවා. අපි හැමදේම ගෙනත් දෙනවා. රස්තා දහම ගැන උපාධියට ලියපු පොත ආයෙමත් බලන්න ආසයි කියල එයා කියනවා. එයා ගාව කොපියක්වත් නෑ. අනේ පුළුවන් නං මෙහෙ තියෙන පොත දෙන්න. එයාට පෙන්නල ආපහු ගෙනත් දෙන්නම්” මගෙ ඇඟ ගිනියම් වෙලා දියවෙලා කකුල් දෙක පාමුල වැක්කෙරෙනව වගේ දැනුණ. එක පෑන් පාරින් අනුමත කරල මං ඒ පොත ආපහු දුන්න.

පහුවෙනිදා එයාට විස බීජ යයි කියල බයට වතුර නාල අලූත් ඇඳුමක් ඇඳන් මං එයා බලන්න ගියා. කැකෑරෙන ගිනි ගහන මද්දහනෙ මරණය පතාගෙන ඉන්න නෑයො බලන්න ඉවක් බවක් නැතුව දුවන සෙනඟ පීරගෙන මං හොයාගෙන හොයාගෙන ගියා. අන්තිමට වීදුරු කූඩුවක සුදු පාට ඇ`දක සුදුපාට අත් නැති නයිටියක් ඇඳන් හිසේ කෙස් ගහක්වත් නැතුව එයා වාඩිවෙලා හිටියා. ඒත් ඒ දෑස් එකපාරටම මාව දැකල එදා වගේම දිලිසුනා. නාරම්බික් වගේ තොල් පෙති දම් පාටට හැරිල තිබුණ. පියයුරක ලොකු රතු පැල්ලමක් තිබුණ. සේලයින්, ඉන්ජෙක්ෂන්, ලේ ගන්න කටු ගහලම අත් ඉදිමිල තිබුණ. ඉස්පිරිතාලෙදි වින්ද වේදනාව ඔක්කොම කියල අන්තිමට ”දැන් මට හොඳයි. ගෙදර ගිහිං සිංහල බේත් කරනව” කියල එයා කියනව. ඇස්වල අලූත් බලාපොරොත්තු නළියනව.

”මං ඔළුවට අත තිබ්බට කමක් නැද්ද’’ මං අහනව. ”කමක් නෑ සර්” එයා කියනව. මං එයාගෙ හිස් මුදුනට අත තිබ්බ. ”ඔයාට සනීප වෙයි බයවෙන්න එපා” මං කියනව. මගේ අතින් ගින්දර පිටවෙනව වගේ මට දැනෙනව. මං එහෙම ගොඩක් වෙලා හිටිය. එයත් පුරු පුරු ගාන පූස් පැටියෙක් වගේ කරබාගෙන හිටිය. ලෙඩ වෙලා ඉන්දැද්දි එයා බලන්න ඉස්පිරිතාලෙට එන්න නෑයෙකුටවත් යාළුවෙකුටවත් ඉඩ දීල තිබුණෙ නෑ. ටික වෙලාවකින් අක්ක ආව. තාත්තත් ආව. එයාගෙ බෝයි ෆ්රෙවන්ඩුත් ආව. මං ආපහු එන්න ආව.

ඇසළ මාසෙ ඉවර වෙලා හුළං අල්ලන නිකිනි මාසෙ ආව. රූපවාහිනියෙ විමුක්තිගෙ මහත්තයගෙ අයියගෙ මළ ගෙදර වාද්දුවේ. වැඩ හන්දා ? වෙලා එහෙ යන්න හිතුවත් ? පානෙ තනියම යන්න එපා කියල මගෙ හිත කිව්ව. අන්තිමට ධර්මෙත් අඬගහගෙන පානදුර හිරණ පැත්තෙන් ගියා. ගෙවල් දොරවල් හිඟ අහීමාන පාළු පැත්තක්. වාහනේ ඉස්සරහ රෝදෙන් මහ සද්දයක් ආව. අයින් කරල බලද්දි රෝදෙක පැත්තකින් දෙපොළක්ම කැපිල ගිහිං තිබුණ. මං වෙලාව බැලූව ? 8 යි. අපි ලයිට් එළියක් තියෙන හරියක් බලල අයින් කරල හදාගන්න බැලූව. ධර්මෙ රෝද මාරු කරනකම් මං කරුවල ගඟ දිහා බලාගෙන හිටිය. ගඟ දිගේ එන හුළඟ ඇෙඟ් එතෙද්දි මට එයා මතක් උනා. එයා ඉන්නෙත් මේ ළඟ. දැන් සනීප ඇති කියලත් හිතුණ. අපි වාහනේ හදාගෙන මළ ගෙදරත් ගිහිං ආපහු මහ ? එද්දි මට ඔැංඑ පණිවුඩයක් ආවා. ඒකෙ මෙහෙම තිබුණ. ”අංජුලා අද ? 8 ට නැති වෙලා. සර්ට කියන්නම කියල එයාගෙ අක්කා කිව්ව.”

එයා මිහිදන් කරන දා පිනි වේලෙන්නත් කලින් මං එයාගෙ ගෙදරට ගියා. ගාලූ පාරෙ ඉඳන් ගෙදෙට්ට යනකම් හැම පාරකම රෝස පාට සාටකෙත් එක්ක කළුපාට ලෝගුව දාල ගත්ත එයාගෙ උපාධි පිංතූරෙ දාපු දැන්වීම් අලෝල තිබුණ. අමුත්තො කවුරුවත්ම හිටියෙ නෑ. එකම එක පාරක් මිනිත්තුවක් විතරක් දැකල හිටි තාත්ත මාව අඳුනගත්ත.

ටකරං තහඩු මඩුත් හිස් ප්ලාස්ටික් පුටු සිය ගාණකුත් උත්සවේට ලෑස්ති වෙලා පුංචි ගේ පොඞ්ඩ දිහා බලන් හිටිය. සාලෙ දිලිසෙන සුමුදු සැටින් රැුළි මැද සුදුපාට මනමාලි ගවුමක් ඇඳල වේල් දාල මල් පොකුරක් දෑතින් අරන් පහන් දැල් මල් වියන් මැද එයා සන්සුන්ව සැතපිලා හිටිය. පාත්වෙලා හිස සිඹින්න මට ඕනෑ වුණා. කිසිදාක මළ ගෙදරක අඬල නැති මගෙ ඇස් බර වෙන්න ගත්ත. මං එළියට ඇවිත් වම් අතේ ඇඟිලි දෙකකින් දෙහි ගෙඩියක් මිරිකනව වගේ ඇස් දෙක මිරිකල දැම්ම. අම්ම මා එක්ක කතා කළා.

”එයා ලෙඩින් ඉන්නව දැකල තියෙන්නෙ සර් විතරයි. යාළුවෙකුටවත් එන්න දුන්නෙ නෑ. අම්මේ සර් මාව බලන්න ආව. මගේ ඔළුවට අත තියල සනීපවෙයි කියලත් කිව්ව කියල මා එක්ක කිව්ව. යාලූවො එක්කත් එහෙම කියල තිබුණ. අම්මේ මට මේ වේදනාව දරාගන්න බෑ. අම්ම නැතුව මට යන්නත් බෑ. අපි හතර දෙනාම වහ බොමු අම්මේ කියල එයා අන්තිමට කිව්ව. මං මෙච්චර වේදනාවක් විඳිනව කියල අම්ම දන්නව නං පොඩි කාලෙදි මාව මරල දානව නේද අම්මෙ කියලත් කිව්ව. එයාගෙ පේරඳිනම සම්බන්ධෙට විරුද්ධ වෙලා හිටිය බෝයිගෙ පැත්තෙ අය ලෙඬේ දැනගෙන කසාද බඳින්න කියල කැමැත්ත දුන්නම මට මේ ලෙඬේ හැදුන එක ගැන සතුටුයි. දැන් මට එයාව බඳින්න පුළුවන් කියල එයා කියල තියෙනව” එහෙම කියල අම්ම ඈත හිස් අහස දිහා බලාගෙන හිටිය. මට මතක් වුණා මගෙ අම්ම මැරෙනකොට එයාට අවුරුදු විසිතුනයි. පුංචි දරු පැටව් තුන් දෙනා ගැන හිත හිතා මැරෙන්න ඇති. අංජුලාට අවුරුදු විසි පහයි. එයත් ඇස් ඉදිරිපිට පෙනි පෙනී තියෙන ලස්සන අනාගතේ ගැන හිත හිතා යන්න ඇති.

මං සමු අරන් එන්න හදද්දි එයා ළඟ මාස නමයක්ම වැටීගෙන උපස්ථාන කරපු එයාගෙ බෝයි, නිපුනගේ සාක්කුවේ තිබිච්ච අංජුලාගේ ෆෝන් එකට ඇලර්ට් එකක් ආවා. එයාගෙ හොඳම යාලූවා වත්සලාගේ බර්ත්ඬේ එක අද. විෂ් කරන්න අමතක වෙයි කියල කලින් ඇලර්ට් එකක් දාගෙන තිබිල. ඒත් ඉතිං දැන් එයාට වෙනද වගේ වත්සලාට සුබ පතන්න බෑනේ. ඒ වෙලාවේ වත්සලත් එතන හිටිය. ඇලර්ට් එක දැකල එයාගෙ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණ.

එයා මිහිදන් කරන වෙලාවෙ මං විශ්වවිද්යාවලෙ අර දේශන ශාලාවෙම දේශනේක හිටිය. එතන හිටිය සිය ගාණක් ළමයින්ට එයා ගැන කියල රැුළි කළු කොණ්ඩෙ විහිදල රෝස පාට සාටකෙත් එක්ක කළු ලෝගුව දාල පපුව හරියට තිබුණ අර දැන්වීමේ පාට පිංතූරේ උස්සල පෙන්නුව. පපුව දාල ගියා වගේ හැමෝම ”ස් ස් ස්” කියල කටෙන් සද්ද කරල හුස්ම ඇතුළට ගත්ත. එයා වෙනුවෙන් මිනිත්තුවක් නිශ්ශබ්දව ඉන්න කියල මං ඉල්ලූව.

හැමෝම ඉද්ද ගැහුව වගේ හිටගෙන මීයට පිම්බ වගේ හිටිය. මිනිත්තුව ඉවරයි. හැමෝම වාඩිවුණා. මං වම් පැත්ත බැලූව. දෙවැනි පේළියේ තුන්වැනි පුටුවේ අංජුලා නෑ. එතන දුන්නක් වගේ රවුමට හදාපු ඇහි බැම තියෙන ලොකු ඇස් තියෙන බෙදුණු නිකටක් තියෙන වෙන කෙනෙක් වාඩි වෙලා හිටියා.

-මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණිවළලු කොලමෙන් උපුටා ගන්නා ලදී.-

ඔබගේ අදහස් මෙහිද සටහන් කරන්න.

[QUOTE="පැණිවළලු, post: 12918885, member: 406269"] [CENTER][IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/525821_323605397716082_367194993_n.jpg[/IMG] [LEFT][SIZE=3]කළු පාට රැළි කරපු තිර රෙදිවලින් වට වෙච්ච සීතල දේශන ශාලාවේ බොකු ගැහිච්ච කහ පාට ෆයිබර් පුටුවල ළමයි පේළි පේළි වාඩිවෙලා ඉන්නව. සීලිමෙන් විහිදෙන රිදී පාට විදුලි එළියට හැමදේම සැරට බබළනව. හරියටම ඒ ගොල්ලො ඉස්සරහින් හිටගත්තම මට ඉස්සරහින් වම් පැත්තෙ අඩි තුන හතරක් ඈතින් දෙවැනි පේළියේ තුන්වැනි පුටුවෙ එයා වාඩිවෙලා මං දිහා බලන් ඉන්නව. ලොකු රැුළි තියෙන කළු පාට කොණ්ඩෙ ලාවට දෙපැත්තට බෙදල බුරුලට මිටියක් වෙන්න බැඳල ඒ මිටිය ඉස්සරහට අරන් උස පපුව උඩින් තියාගෙන ඉන්නව. හිතුවක්කාරෙට වගේ එහෙට මෙහෙට හැරිච්ච රැුළි තියෙන කොණ්ඩෙ දිගේ රිදී පාට ලයිට් එළිය බේරෙනව. දුන්නක් වගේ රවුමට හදාපු ඇහි බැමට යටින් ඉහළට ඉස්සුණු කළු පාට ලොකු ඇහි පිහාටු පොඞ්ඩක්වත් හොලවන්නෙ නැතුව දිලිසෙන ලොකු රවුම් ඇස් මගෙ දිහාට හරෝගෙන එක එල්ලේ බලන් ඉන්නව. ඒක ඉවසන්න බැරුව ඒ ඇස්වලින් මගෙ ඇස් අයින් කර ගන්නව. පිළිම හදන කෙනකුටවත් අඹන්න බැරි තරම් මොළකැටි නහය යටින් හරියටම විතරන් කාරයෙක් නියම කරන තැන රෝස පාට නාරම්බික් වගේ තොල් පෙතිත් ඊටත් යටින් හරියටම නියම තැනින් වක් වෙලා දෙකට බෙදෙන නිකටත් නැවෙන තැන් හොයන්න බැරි තරම් සියුමැලි විධියට ගිහිං කන් පෙතිවලට හේත්තු වෙනව. ගිනි අව්වට දිලිසෙන මූදු වතුරෙ කොළ පාට මැද රතුයි කහයි ලොකු මල් වැටිච්ච අත් නැති ගවුම පිරිච්ච පපුවත් හීනි ඉඟත් නැඹත් පුළුල් උකුලත් නිතඹත් හැඩ දාර බේරිලා පේන්න ඇෙඟ් ගානට කිටි කිටියේ හිර වෙලා ඉන්නව. ඒ හින්දම හිර වෙච්ච ලැම හුස්ම ගන්නකොට උස් පාත් වෙන හැටි ඈතටත් පේනව. ඇත් දළ පාට පිරිච්ච මූණත් වාත්තු කරා වගේ රවුම් බෙල්ලත් අත් ගොබත් ලයිට් එළියට තවත් දිස්නෙට පේනව. ඇහැට ඇහැ හම්බු වෙච්චි ගමන් විදුලි කොටනව වගේ වෙනව. මං බිම බලා ගන්නව. එයා වාඩි වෙලා ඉන්න ගමන් හිර වෙලා ඉහළට ඉස්සුණු ගවුම වම් අතින් පහළට ඇදල පිරුණු දෙකලව වහගෙන පුටු ඇන්ද උඩ තියෙන සටහන් කොළ දිහා බලා ගන්නව. එයා අංජුලා. මං දේශනය පටන් ගන්නව. විශ්වවිද්යාගලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න ළමයි ස්වාධීන පර්යේෂණ නිබන්ධයක් හැටියට පොතක් ලියන්න ඕනෑ. ඒකට හරියන අලූත් මාතෘකාවක් හොයා ගන්න හුඟ දෙනෙකුට බෑ. හුඟ දෙනෙකුට අපිටම මාතෘකා හොයල දෙන්න වෙනව. අංජුලා මාව හම්බුවෙන්න ආවා. ”මං කැමැතියි බොබ් මාලේගේ රෙගේ සංගීතයත් එයාගෙ රස්තා දහමත් ලංකාවට බලපාල තියෙන හැටි කරන්න” මට පුදුම හිතුණ. ඒක අලූත් පැත්තක්. ඒත් මේ වගේ ගෑනු ළමයකුට ඒක කරන්න පුළුවන් වෙයිද? රස්තා දහමත් ඒක අදහන අයත් අමුතුයි. ඒ වගේ අය ගැන හොයන්න යන්න නිර්භීතකමකුත් ඕනෑ” මං එයාට කියනව. ”නෑ මට පුළුවන්” එයා කියනව. හැඩකාර ඇඟ ඇතුලේ හයිය හිතක් තියෙනව කියල මට හිතෙනව. මං හිනාවෙලා එයා දිරිමත් කරනව. එළියෙ පුපුරු ගහන අව්වට රත්වෙච්ච වාතය කාමර ඇතුළෙ තෙරපෙන දවාලවල, ගස් මුදුන්වලට ගිරව් එකතු වෙන හැන්දෑවල සැරින් සැරේ ඇවිත් රස්තා දහම අදහන අය ගැන එයා හොයාගත්තු දේවල් මට හති ඇර ඇර කියනව. ඔහොම ඔහොම අවුරුද්දක් ගෙවිල යනව. අවුරුදු හතරක් ඉඳල යන අයට සමුදෙන සාදය තියෙන සරසවියෙ සුන්දරම රාතිරුරුයේ පාට පාට දහස් ගණන් නිවෙන පත්තු වෙන ලයිට් එළියට රනින් රිදීයෙන් දිලිසෙන සාරි ගවුම් ඇඳල අඩි උස සපත්තු දාල කොණ්ඩ හදල මාල වළලූ පුරෝගෙන කැකිරි හිනා වගුරන සුරංගනාවියො රංචු මැද එයත් රැුජිනක් වගේ ඉන්නව. සුදු මේස රෙදි දාල රතු රෝස මල් පොකුරු මැද තියපු රවුම් මේසෙ වටේ එයා ඇත් දළ පාට ඇඟ පේන දැලක් වගේ රිදී පෙති අල්ලපු සාරියක් රිදී තනපට හැට්ටෙට ඇඳල දියමන්ති කැට පේළි පේළි තියෙන මාලය බෙල්ලට තද වෙන්න බැඳල කොණ්ඩෙ මුදුන් කරල සුදු රෝස මල් පොකුරක් ගහල වාඩිවෙලා ඉන්නව. මූණට ඇලෙන්න තීරු තීරු තියන යට රැුවුලත් පැත්තට පීරපු කළු කොණ්ඩෙත් තියෙන ඇත් දළ පාටම උස මහත හින්දි නළුවෙක් වගේ කෙනෙක් රිදී පාට ඉරි ඉරි තියෙන අත් දිග කමිසෙ දිලිසෙන කළු කලිසමට යට කරල ඉස්සරහ දිගට තියෙන දිලිසෙන කළු සපත්තු දාල එයා ළඟින්ම වාඩිවෙලා හිටිය. ඒ එයාගෙ බෝයි ෆ්රෙදන්ඞ්. ඒ දෙන්න රෝමියෝ ජුලියට් කියල මට හිතුණ. ? වෙලා සංගීතෙ වැඩිවෙලා හැමෝගෙම හිතෙත් ඇෙඟත් දාංගලේ වැඩි වෙනකොට මං එළියට ආව. සරුංගල් කාලෙ හන්ද හුළඟ තදට තිබුණ. සීතල උඳුවප් මාසෙ උපාධි පරල් දානෝත්සවයේදී එයා ලෝගුව දාල ගිහිං උපාධිය ගත්ත. ඊට පස්සෙ දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, පෝය ගෙවිල ගියා. ඇසළ මාසේ කැකෑරෙන මද්දහනක දුඹුරු පාට පරණ ටීෂර්ට් එකකුත් කිලූටු ඩෙනිම් කලිසමකුත් ඇඳල සෙරෙප්පු දාපු කොණ්ඩෙ අවුල් වෙච්ච රැුවුලවත් හරියට නොකපපු උස මහත කෙනෙක් මාව හොයාගෙන ආව. ඇඟ දිගේ දාඩිය ගලන එයාගෙ මූණෙ හිඟන්නෙකුගෙ වගේ අසරණකමක් තිබුණ. මං ටික වෙලාවකින් අඳුනගත්ත. ඒ මං එදා දැකපු රෝමියෝ. එයා කතා කළා. ”සර් අංජුලාට අසනීපයි. එයාට පිළිකාවක්. බේරගන්න බැරි වෙයි. එයා දැන් ජීවිතේ අන්තිම හරියෙ ඉන්නෙ. සැරින් සැරේ එයා ආස කරන දේවල් ඉල්ලනවා. අපි හැමදේම ගෙනත් දෙනවා. රස්තා දහම ගැන උපාධියට ලියපු පොත ආයෙමත් බලන්න ආසයි කියල එයා කියනවා. එයා ගාව කොපියක්වත් නෑ. අනේ පුළුවන් නං මෙහෙ තියෙන පොත දෙන්න. එයාට පෙන්නල ආපහු ගෙනත් දෙන්නම්” මගෙ ඇඟ ගිනියම් වෙලා දියවෙලා කකුල් දෙක පාමුල වැක්කෙරෙනව වගේ දැනුණ. එක පෑන් පාරින් අනුමත කරල මං ඒ පොත ආපහු දුන්න. පහුවෙනිදා එයාට විස බීජ යයි කියල බයට වතුර නාල අලූත් ඇඳුමක් ඇඳන් මං එයා බලන්න ගියා. කැකෑරෙන ගිනි ගහන මද්දහනෙ මරණය පතාගෙන ඉන්න නෑයො බලන්න ඉවක් බවක් නැතුව දුවන සෙනඟ පීරගෙන මං හොයාගෙන හොයාගෙන ගියා. අන්තිමට වීදුරු කූඩුවක සුදු පාට ඇ`දක සුදුපාට අත් නැති නයිටියක් ඇඳන් හිසේ කෙස් ගහක්වත් නැතුව එයා වාඩිවෙලා හිටියා. ඒත් ඒ දෑස් එකපාරටම මාව දැකල එදා වගේම දිලිසුනා. නාරම්බික් වගේ තොල් පෙති දම් පාටට හැරිල තිබුණ. පියයුරක ලොකු රතු පැල්ලමක් තිබුණ. සේලයින්, ඉන්ජෙක්ෂන්, ලේ ගන්න කටු ගහලම අත් ඉදිමිල තිබුණ. ඉස්පිරිතාලෙදි වින්ද වේදනාව ඔක්කොම කියල අන්තිමට ”දැන් මට හොඳයි. ගෙදර ගිහිං සිංහල බේත් කරනව” කියල එයා කියනව. ඇස්වල අලූත් බලාපොරොත්තු නළියනව. ”මං ඔළුවට අත තිබ්බට කමක් නැද්ද’’ මං අහනව. ”කමක් නෑ සර්” එයා කියනව. මං එයාගෙ හිස් මුදුනට අත තිබ්බ. ”ඔයාට සනීප වෙයි බයවෙන්න එපා” මං කියනව. මගේ අතින් ගින්දර පිටවෙනව වගේ මට දැනෙනව. මං එහෙම ගොඩක් වෙලා හිටිය. එයත් පුරු පුරු ගාන පූස් පැටියෙක් වගේ කරබාගෙන හිටිය. ලෙඩ වෙලා ඉන්දැද්දි එයා බලන්න ඉස්පිරිතාලෙට එන්න නෑයෙකුටවත් යාළුවෙකුටවත් ඉඩ දීල තිබුණෙ නෑ. ටික වෙලාවකින් අක්ක ආව. තාත්තත් ආව. එයාගෙ බෝයි ෆ්රෙවන්ඩුත් ආව. මං ආපහු එන්න ආව. ඇසළ මාසෙ ඉවර වෙලා හුළං අල්ලන නිකිනි මාසෙ ආව. රූපවාහිනියෙ විමුක්තිගෙ මහත්තයගෙ අයියගෙ මළ ගෙදර වාද්දුවේ. වැඩ හන්දා ? වෙලා එහෙ යන්න හිතුවත් ? පානෙ තනියම යන්න එපා කියල මගෙ හිත කිව්ව. අන්තිමට ධර්මෙත් අඬගහගෙන පානදුර හිරණ පැත්තෙන් ගියා. ගෙවල් දොරවල් හිඟ අහීමාන පාළු පැත්තක්. වාහනේ ඉස්සරහ රෝදෙන් මහ සද්දයක් ආව. අයින් කරල බලද්දි රෝදෙක පැත්තකින් දෙපොළක්ම කැපිල ගිහිං තිබුණ. මං වෙලාව බැලූව ? 8 යි. අපි ලයිට් එළියක් තියෙන හරියක් බලල අයින් කරල හදාගන්න බැලූව. ධර්මෙ රෝද මාරු කරනකම් මං කරුවල ගඟ දිහා බලාගෙන හිටිය. ගඟ දිගේ එන හුළඟ ඇෙඟ් එතෙද්දි මට එයා මතක් උනා. එයා ඉන්නෙත් මේ ළඟ. දැන් සනීප ඇති කියලත් හිතුණ. අපි වාහනේ හදාගෙන මළ ගෙදරත් ගිහිං ආපහු මහ ? එද්දි මට ඔැංඑ පණිවුඩයක් ආවා. ඒකෙ මෙහෙම තිබුණ. ”අංජුලා අද ? 8 ට නැති වෙලා. සර්ට කියන්නම කියල එයාගෙ අක්කා කිව්ව.” එයා මිහිදන් කරන දා පිනි වේලෙන්නත් කලින් මං එයාගෙ ගෙදරට ගියා. ගාලූ පාරෙ ඉඳන් ගෙදෙට්ට යනකම් හැම පාරකම රෝස පාට සාටකෙත් එක්ක කළුපාට ලෝගුව දාල ගත්ත එයාගෙ උපාධි පිංතූරෙ දාපු දැන්වීම් අලෝල තිබුණ. අමුත්තො කවුරුවත්ම හිටියෙ නෑ. එකම එක පාරක් මිනිත්තුවක් විතරක් දැකල හිටි තාත්ත මාව අඳුනගත්ත. ටකරං තහඩු මඩුත් හිස් ප්ලාස්ටික් පුටු සිය ගාණකුත් උත්සවේට ලෑස්ති වෙලා පුංචි ගේ පොඞ්ඩ දිහා බලන් හිටිය. සාලෙ දිලිසෙන සුමුදු සැටින් රැුළි මැද සුදුපාට මනමාලි ගවුමක් ඇඳල වේල් දාල මල් පොකුරක් දෑතින් අරන් පහන් දැල් මල් වියන් මැද එයා සන්සුන්ව සැතපිලා හිටිය. පාත්වෙලා හිස සිඹින්න මට ඕනෑ වුණා. කිසිදාක මළ ගෙදරක අඬල නැති මගෙ ඇස් බර වෙන්න ගත්ත. මං එළියට ඇවිත් වම් අතේ ඇඟිලි දෙකකින් දෙහි ගෙඩියක් මිරිකනව වගේ ඇස් දෙක මිරිකල දැම්ම. අම්ම මා එක්ක කතා කළා. ”එයා ලෙඩින් ඉන්නව දැකල තියෙන්නෙ සර් විතරයි. යාළුවෙකුටවත් එන්න දුන්නෙ නෑ. අම්මේ සර් මාව බලන්න ආව. මගේ ඔළුවට අත තියල සනීපවෙයි කියලත් කිව්ව කියල මා එක්ක කිව්ව. යාලූවො එක්කත් එහෙම කියල තිබුණ. අම්මේ මට මේ වේදනාව දරාගන්න බෑ. අම්ම නැතුව මට යන්නත් බෑ. අපි හතර දෙනාම වහ බොමු අම්මේ කියල එයා අන්තිමට කිව්ව. මං මෙච්චර වේදනාවක් විඳිනව කියල අම්ම දන්නව නං පොඩි කාලෙදි මාව මරල දානව නේද අම්මෙ කියලත් කිව්ව. එයාගෙ පේරඳිනම සම්බන්ධෙට විරුද්ධ වෙලා හිටිය බෝයිගෙ පැත්තෙ අය ලෙඬේ දැනගෙන කසාද බඳින්න කියල කැමැත්ත දුන්නම මට මේ ලෙඬේ හැදුන එක ගැන සතුටුයි. දැන් මට එයාව බඳින්න පුළුවන් කියල එයා කියල තියෙනව” එහෙම කියල අම්ම ඈත හිස් අහස දිහා බලාගෙන හිටිය. මට මතක් වුණා මගෙ අම්ම මැරෙනකොට එයාට අවුරුදු විසිතුනයි. පුංචි දරු පැටව් තුන් දෙනා ගැන හිත හිතා මැරෙන්න ඇති. අංජුලාට අවුරුදු විසි පහයි. එයත් ඇස් ඉදිරිපිට පෙනි පෙනී තියෙන ලස්සන අනාගතේ ගැන හිත හිතා යන්න ඇති. මං සමු අරන් එන්න හදද්දි එයා ළඟ මාස නමයක්ම වැටීගෙන උපස්ථාන කරපු එයාගෙ බෝයි, නිපුනගේ සාක්කුවේ තිබිච්ච අංජුලාගේ ෆෝන් එකට ඇලර්ට් එකක් ආවා. එයාගෙ හොඳම යාලූවා වත්සලාගේ බර්ත්ඬේ එක අද. විෂ් කරන්න අමතක වෙයි කියල කලින් ඇලර්ට් එකක් දාගෙන තිබිල. ඒත් ඉතිං දැන් එයාට වෙනද වගේ වත්සලාට සුබ පතන්න බෑනේ. ඒ වෙලාවේ වත්සලත් එතන හිටිය. ඇලර්ට් එක දැකල එයාගෙ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණ. එයා මිහිදන් කරන වෙලාවෙ මං විශ්වවිද්යාවලෙ අර දේශන ශාලාවෙම දේශනේක හිටිය. එතන හිටිය සිය ගාණක් ළමයින්ට එයා ගැන කියල රැුළි කළු කොණ්ඩෙ විහිදල රෝස පාට සාටකෙත් එක්ක කළු ලෝගුව දාල පපුව හරියට තිබුණ අර දැන්වීමේ පාට පිංතූරේ උස්සල පෙන්නුව. පපුව දාල ගියා වගේ හැමෝම ”ස් ස් ස්” කියල කටෙන් සද්ද කරල හුස්ම ඇතුළට ගත්ත. එයා වෙනුවෙන් මිනිත්තුවක් නිශ්ශබ්දව ඉන්න කියල මං ඉල්ලූව. හැමෝම ඉද්ද ගැහුව වගේ හිටගෙන මීයට පිම්බ වගේ හිටිය. මිනිත්තුව ඉවරයි. හැමෝම වාඩිවුණා. මං වම් පැත්ත බැලූව. දෙවැනි පේළියේ තුන්වැනි පුටුවේ අංජුලා නෑ. එතන දුන්නක් වගේ රවුමට හදාපු ඇහි බැම තියෙන ලොකු ඇස් තියෙන බෙදුණු නිකටක් තියෙන වෙන කෙනෙක් වාඩි වෙලා හිටියා. -මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණිවළලු කොලමෙන් උපුටා ගන්නා ලදී.- ඔබගේ අදහස් මෙහිද සටහන් කරන්න. [/SIZE][SIZE=3] [/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom