Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අක්කපාන / Kalanchoe pinnata /
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]196245[/ATTACH]

පාෂාණභේද , ශිලෝද්භේද , ශෛලෝද්භේද , බින්න යෝජනී , පර්ණ බීජ අක්කපාන ශාකයට පර්යාය නාමයන් වෙයි. Air plant , Cathedral bells , miracle leaf , wonder of the world යනුවෙන් අක්කපාන ශාකය ඉංග්‍රීසියෙන් හදුන්වන අතර දෙමළෙන් මලකුල්ලි , මල්ලක්කල්ලි නමින්ද සංස්කෘතයෙන් පර්ණබීජ කියාද නාමකරණය වී ඇත.

නිවර්තන අප්‍රිකාව නිජබිම ලෙස සැලකෙන අක්කපාන ශාකය මෙරට බොහෝ ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන්හි බහුලව දැකගත හැකිය. මෙය සිංහලෙන් "පහණබෙය" යනුවෙන්ද හඳුන්වයි. මීටරයක් හෝ ඊට වඩා වඩා තරමක් උසට සෘජු කඳක් සහිතව වැඩෙන මෙම ශාකය මාංසල ස්වභාවයකින් යුක්තය. මෙහි පත්‍ර විවිධාකාර වන අතර සරල මෙන්ම සංයුක්ත පත්‍රද දැකිය හැකිය. පත්‍ර දාරය දන්තූර හෝ සභංග වෙයි. විශාල පුෂ්ප මංජරියේ විහිදී ගිය ශාඛා මත පහලට එල්ලෙන රතු පැහැති තැබිලි පැහැති මල් හටගනියි. ඵලය පටලමය වරාවකි. මේරු අක්කපාන කොළ ගිලීහී පොළවට වැටීමෙන් පසු පත්‍ර දාරයෙන් මුල් ඇදෙමින් නව පැළෑටි බිහි වේ. අක්කපාන කොළ සලාදයක් ලෙස සහ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකිය. අක්කපාන Crassulaceae කුලයට අයත් ශාකයකි.

අක්කපාන ශාකයේ දෝෂ කර්ම වන්නේ වාත පිත්ත ශාමක බවයි. අන්තර්ගත ගුණ කර්ම සේ සදහන් වන්නේ රස - කෂාය , අම්ල ගුණ - ලඝු , රූක්ෂ විපාක - මධුර වීර්යය - ශීත ලෙසටයි. එසේම calcium sulphate , calcium oxalete , tertarate of pottasium ආදී රසායන සංයෝගවලින්ද අනූනයි.

අක්කපාන සඳහා යොදන පර්යාය නාමයක් වන්නේ පාෂාණභේද යන්නයි. මෙම ශාකයේ පවතින ගල් දියකිරීමට ඇති හැකියාව එයින් ප්‍රකට වෙයි. මුත්‍රා ගල් හා මුත්‍රා අඩස්සිය , රක්ත අර්ශස් , රක්ත ප්‍රවාහිකා මෙන්ම රක්ත ප්‍රදර , ඇස් රෝග , තැලුම් , අතීසාර , රක්ත අතීසාර , අර්ශස් , ගෙඩි , වණ , තුවාල , චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී අක්කපාන කොළ යොදා ගනී. මෘදුකිරීමේ , විෂහරණය කිරීමේ , දාහය දුරු කිරීමේ , රුධිර වහනය වැළකීමේ , වේදනා නැසීමේ ගුණවලින්ද අක්කපාන සමත් වෙයි .

* අක්කපාන ශාකය තම්බා බීම හෝ කොල සලාදයක් සේ සකසා අනුභව කිරීමත්, කොල යුෂ පානය කිරීමත් මුත්‍රා ගල් සඳහා ප්‍රතිකර්මයකි.

* විදුරුමස් පුපුරා දත් ඒමේදී ඇතිවන වේදනාවට අක්කපාන කොළ තලා මීපැණි සමග ආලේප කිරීම.

* අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුවවෙයි.

* තුවාල සුවකිරීමට අක්කපාන කොළ එළඟිතෙල් සමග අඹරා බැඳීම.

* අකලට කෙස් පැසීම වැළකීමට අක්කපාන කොළ යුෂ තලතෙල් හා මිශ්‍ර කර හිසේ ගෑම සුදුසුයි.

* කිරි දෙන මවුවරුන්ට කිරි එරී වේදනා ඇති වනවිට අක්කපාන කොළ , එඬරු තෙල් හා අඹරා රත්කර ආලේපකිරීම.

* අක්කපාන කොල අඹරා යටි බඩෙහි ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සියට ඔසුවකි.

* අක්කපාන කොළ තබා බැඳීමෙන් බිඳුණු අස්ථි සැකසෙන අතර එනිසා 'බින්න යෝජනී ' නමද ඊට පට බැඳී ඇත.

* අම්ල පිත්ත රෝගය , බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැකිය.

* සෙම්ගෙඩි හෝ තදබල උගුරේ ආසාදනයක් නිසා උගුර රිදෙන විට අක්කපාන කොලයක් මැදින් කඩා විවර වූ පැත්ත ඇතුලට සිටිනසේ දිව මත තබා උඩුතල්ලට තද කර යුෂ උරා බිව් සැනින් ඒ වේදනාව පහ වී යන බව වෛද්‍ය සචින් ජයනෙත්ති මහතා සඳහන් කරයි.

* කොළරාවට හා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලෙස අක්කපාන කොළ යුෂ ලබා දෙයි. ඇදුම වැනි ශ්වසන පද්ධතියේ රෝගවලටත් එය ගුණදායකයි.

* පිළිස්සුම් වේදනාවට අක්කපාන කොළ තලා එම ද්‍රාවණය ආලේප කිරීම.

* තැලීම් , ඉදිමීම් ආදී වේදනාවලට අක්කපාන කොළ තලාගත් තලපයට එළඟි තෙල් දමා රත්කර නිවුණු පසු ආලේප කිරීම.

* ️මලබද්ධයට අක්කපාන කොළ , කොහිල දඩු සමභාගව ගෙන කොටා වණ්ඩුවේ තම්බා යුෂ ගෙන මීපැණි සමඟ භාවිතය ඔසුවකි.

* කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලට අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.

* මුත්‍රා දැවිල්ලට හා වේදනාවට අක්කපාන ශාකය සහමුලින් ගෙන තම්බා පෙරා පානය කිරීම.

* මානසික ආතතියට අක්කපාන දලු මිටක් අතින් පොඩි කර උණුවතුරේ තම්බා බීම ගුණදායකය.

* වෙනත් ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය වලින් ආසාදිත වූ අක්මාවටද අක්කපාන කොළ තැම්බු වතුර පානය හිතකරය.

* වලපනේ රුපහ ගෙඩි වණ වෙදකමට ප්‍රසිද්ධ සුදුබන්ඩා වෙදමහතා ගෙඩියක් පලන්නට පෙර ස්ථානික නිර්වින්දනයට ආලේප කළ බෙහෙතේ ප්‍රධාන සංඝටක දෙකෙන් එකක් අක්කපාන (අනික ගැටතුඹ). මෙය වේදනා නාශකයක් ලෙස යොදා ගැනීම චීනයේ සහ කැරිබියානු දුපත් වාසින් අතරත් දකින්න පුළුවන්" යැයි එතුමා තවදුරටත් පවසයි. අක්කපාන රක්ත ශෝධක , වණ ශෝධන හා රොපණ , වේදනා නාශක ආදී ගුණයන්ගෙන් යුක්තයි.

ශරීරයේ සියුම් ධමනි ශාඛා හකුළුවන ශක්තියක් ඇති බැවින් සිරුරේ ලේ ගැලීම් නතර කර ලීමට හැකි බව සදහන් වෙයි. ලේ අතීසාර , රක්ත ප්‍රදර, රක්ත අර්ශස් රෝගවලදී ප්‍රතිකාර සඳහා මේ කොළ යුෂ ලබා දෙන්නේ එනිසායි.

වාජීකරණ ගුණ සහිත අක්කපාන ශුක්‍ර දෝෂ දුරුකර දරු සම්පත් අහිමිවූවන්ට එය ලබාදීමේ හැකියාවද ඇති ඖෂධයකි. සමෙහි තැලීම් , තුවාල වීම් , වණවීම් , ඉදිමුම් ආදියටත් කැසීම් වැනි චර්ම ආබාධවල දීත් අඹරා ගත් අක්කපාන කොළ හෝ මිරිකාගත් යුෂ ආලේප කිරීමෙන් සුවපත් වෙන අතර එමගින් සම නිරෝගිව පැහැපත් වෙයි.

ඉරුවාරදය සුව කිරීමටත් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමටත් අක්මාවත් ආරක්ෂා කිරීමත් අක්කපාන කොල යුෂ සුදුසු බව සදහන් වෙයි. අක්කපාන යුෂ පොල්තෙල් සමග මිශ්‍ර කර හිසෙහි ගා සම්බාහනය කිරීමෙන් හිස් සොරි දුරු කරගත හැකි අතර ඇස් යට කළුවූවිට කොළ අඹරා ආලේප කිරීමෙන් අවපැහැය අඩු කර ගත හැකිය. පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම නිසා මුත්‍රා පිටකිරීම අපහසු වූ කල අක්කපාන කොළ උණුවතුර කෝප්පයක දමා තැම්බෙන්නට හැර පෙරා උදේ හිස්බඩ බීම සුදුසු බව සඳහන් වෙයි.

සති දෙකකට වරක් අක්කපාන දලු දෙමිටක් ගෙන හීනියට ලියා එයට යහමින් රතු ලූනු ද අවශ්‍ය තරමට ගම්මිරිස් , දෙහි සහ ලුණු ද මුසු කර ගොටුකොළ මෙන් සම්බෝල සකසා ආහරයට ගැනීම රෝගී නීරෝගී සැමටම ගුණදායකය.

අක්කපාන කොළ මිරිකා දෙහි සමඟ මිශ්‍රකොට රසවත් පානයක්ද සකසා ගත හැකිය.

වෑංජනය , මැල්ලුම , සම්බෝලය , කැඳ , තැම්බුම යනාදී වශයෙන් නොයෙක් ආකාරයෙන් ආහාරයට අක්කපාන එක්කර ගත හැකිවුවත් එය කළ යුත්තේ අවම වශයෙනි පරිස්සමෙනි සති දෙකකට වරක් බැගිනි. ගැබිණි මවුවරුන්ට අක්කපාන සුදුසු නොවන අතර අනෙක් අයද වැඩිමනක් ආහාරයට එක්කර ගැනීමේදී වෛද්‍ය උපදෙස් ඇතිව කිරීම නුවණට හුරුය.

අක්කපාන ශාකයේ ප්‍රධාන රසායනික ගුණ අතර P-hydroxybenzoic , protocatechuic , gallic , p - coumaric , affeic acid . minor flavonids , quercitrin , afzelin හා flavone අන්තර්ගත බව සදහන් වෙයි.

අක්කපාන ශාකයේ වෙනත් භාවිතයන් අතර ආහාර පිණිස යොදාගන්නා අතර දළු ආහාරය පිණිස බහුලව යොදා ගනී. තවද විසිතුරු පැළෑටියක් ලෙස භාවිතා වන අතර අක්කපාන වර්ග කිහිපයක්ම ලොව හමුවෙයි. අක්කපාන ශාකය Red pierrot සමනලයාගේ ධාරක ශාක අතර එකකි.

ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු කෘති හා ඔසු පැල දෙපාර්තමේන්තුව ද . පලාත් පිටුවේ හා ඉපැරණි හෙළ වෙදකම සමූහයේ මෙන්ම අන්තර්ජාලයෙන්ද තොරතුරු ගෙන සැකසුනකි ...

මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට    ....

බෙහෙත් පිටුවෙනි

[QUOTE="reuse, post: 28570211, member: 200727"] [ATTACH type="full"]196245[/ATTACH] පාෂාණභේද , ශිලෝද්භේද , ශෛලෝද්භේද , බින්න යෝජනී , පර්ණ බීජ අක්කපාන ශාකයට පර්යාය නාමයන් වෙයි. Air plant , Cathedral bells , miracle leaf , wonder of the world යනුවෙන් අක්කපාන ශාකය ඉංග්‍රීසියෙන් හදුන්වන අතර දෙමළෙන් මලකුල්ලි , මල්ලක්කල්ලි නමින්ද සංස්කෘතයෙන් පර්ණබීජ කියාද නාමකරණය වී ඇත. නිවර්තන අප්‍රිකාව නිජබිම ලෙස සැලකෙන අක්කපාන ශාකය මෙරට බොහෝ ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන්හි බහුලව දැකගත හැකිය. මෙය සිංහලෙන් "පහණබෙය" යනුවෙන්ද හඳුන්වයි. මීටරයක් හෝ ඊට වඩා වඩා තරමක් උසට සෘජු කඳක් සහිතව වැඩෙන මෙම ශාකය මාංසල ස්වභාවයකින් යුක්තය. මෙහි පත්‍ර විවිධාකාර වන අතර සරල මෙන්ම සංයුක්ත පත්‍රද දැකිය හැකිය. පත්‍ර දාරය දන්තූර හෝ සභංග වෙයි. විශාල පුෂ්ප මංජරියේ විහිදී ගිය ශාඛා මත පහලට එල්ලෙන රතු පැහැති තැබිලි පැහැති මල් හටගනියි. ඵලය පටලමය වරාවකි. මේරු අක්කපාන කොළ ගිලීහී පොළවට වැටීමෙන් පසු පත්‍ර දාරයෙන් මුල් ඇදෙමින් නව පැළෑටි බිහි වේ. අක්කපාන කොළ සලාදයක් ලෙස සහ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකිය. අක්කපාන Crassulaceae කුලයට අයත් ශාකයකි. අක්කපාන ශාකයේ දෝෂ කර්ම වන්නේ වාත පිත්ත ශාමක බවයි. අන්තර්ගත ගුණ කර්ම සේ සදහන් වන්නේ රස - කෂාය , අම්ල ගුණ - ලඝු , රූක්ෂ විපාක - මධුර වීර්යය - ශීත ලෙසටයි. එසේම calcium sulphate , calcium oxalete , tertarate of pottasium ආදී රසායන සංයෝගවලින්ද අනූනයි. අක්කපාන සඳහා යොදන පර්යාය නාමයක් වන්නේ පාෂාණභේද යන්නයි. මෙම ශාකයේ පවතින ගල් දියකිරීමට ඇති හැකියාව එයින් ප්‍රකට වෙයි. මුත්‍රා ගල් හා මුත්‍රා අඩස්සිය , රක්ත අර්ශස් , රක්ත ප්‍රවාහිකා මෙන්ම රක්ත ප්‍රදර , ඇස් රෝග , තැලුම් , අතීසාර , රක්ත අතීසාර , අර්ශස් , ගෙඩි , වණ , තුවාල , චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී අක්කපාන කොළ යොදා ගනී. මෘදුකිරීමේ , විෂහරණය කිරීමේ , දාහය දුරු කිරීමේ , රුධිර වහනය වැළකීමේ , වේදනා නැසීමේ ගුණවලින්ද අක්කපාන සමත් වෙයි . * අක්කපාන ශාකය තම්බා බීම හෝ කොල සලාදයක් සේ සකසා අනුභව කිරීමත්, කොල යුෂ පානය කිරීමත් මුත්‍රා ගල් සඳහා ප්‍රතිකර්මයකි. * විදුරුමස් පුපුරා දත් ඒමේදී ඇතිවන වේදනාවට අක්කපාන කොළ තලා මීපැණි සමග ආලේප කිරීම. * අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුවවෙයි. * තුවාල සුවකිරීමට අක්කපාන කොළ එළඟිතෙල් සමග අඹරා බැඳීම. * අකලට කෙස් පැසීම වැළකීමට අක්කපාන කොළ යුෂ තලතෙල් හා මිශ්‍ර කර හිසේ ගෑම සුදුසුයි. * කිරි දෙන මවුවරුන්ට කිරි එරී වේදනා ඇති වනවිට අක්කපාන කොළ , එඬරු තෙල් හා අඹරා රත්කර ආලේපකිරීම. * අක්කපාන කොල අඹරා යටි බඩෙහි ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සියට ඔසුවකි. * අක්කපාන කොළ තබා බැඳීමෙන් බිඳුණු අස්ථි සැකසෙන අතර එනිසා 'බින්න යෝජනී ' නමද ඊට පට බැඳී ඇත. * අම්ල පිත්ත රෝගය , බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැකිය. * සෙම්ගෙඩි හෝ තදබල උගුරේ ආසාදනයක් නිසා උගුර රිදෙන විට අක්කපාන කොලයක් මැදින් කඩා විවර වූ පැත්ත ඇතුලට සිටිනසේ දිව මත තබා උඩුතල්ලට තද කර යුෂ උරා බිව් සැනින් ඒ වේදනාව පහ වී යන බව වෛද්‍ය සචින් ජයනෙත්ති මහතා සඳහන් කරයි. * කොළරාවට හා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලෙස අක්කපාන කොළ යුෂ ලබා දෙයි. ඇදුම වැනි ශ්වසන පද්ධතියේ රෝගවලටත් එය ගුණදායකයි. * පිළිස්සුම් වේදනාවට අක්කපාන කොළ තලා එම ද්‍රාවණය ආලේප කිරීම. * තැලීම් , ඉදිමීම් ආදී වේදනාවලට අක්කපාන කොළ තලාගත් තලපයට එළඟි තෙල් දමා රත්කර නිවුණු පසු ආලේප කිරීම. * ️මලබද්ධයට අක්කපාන කොළ , කොහිල දඩු සමභාගව ගෙන කොටා වණ්ඩුවේ තම්බා යුෂ ගෙන මීපැණි සමඟ භාවිතය ඔසුවකි. * කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලට අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය. * මුත්‍රා දැවිල්ලට හා වේදනාවට අක්කපාන ශාකය සහමුලින් ගෙන තම්බා පෙරා පානය කිරීම. * මානසික ආතතියට අක්කපාන දලු මිටක් අතින් පොඩි කර උණුවතුරේ තම්බා බීම ගුණදායකය. * වෙනත් ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය වලින් ආසාදිත වූ අක්මාවටද අක්කපාන කොළ තැම්බු වතුර පානය හිතකරය. * වලපනේ රුපහ ගෙඩි වණ වෙදකමට ප්‍රසිද්ධ සුදුබන්ඩා වෙදමහතා ගෙඩියක් පලන්නට පෙර ස්ථානික නිර්වින්දනයට ආලේප කළ බෙහෙතේ ප්‍රධාන සංඝටක දෙකෙන් එකක් අක්කපාන (අනික ගැටතුඹ). මෙය වේදනා නාශකයක් ලෙස යොදා ගැනීම චීනයේ සහ කැරිබියානු දුපත් වාසින් අතරත් දකින්න පුළුවන්" යැයි එතුමා තවදුරටත් පවසයි. අක්කපාන රක්ත ශෝධක , වණ ශෝධන හා රොපණ , වේදනා නාශක ආදී ගුණයන්ගෙන් යුක්තයි. ශරීරයේ සියුම් ධමනි ශාඛා හකුළුවන ශක්තියක් ඇති බැවින් සිරුරේ ලේ ගැලීම් නතර කර ලීමට හැකි බව සදහන් වෙයි. ලේ අතීසාර , රක්ත ප්‍රදර, රක්ත අර්ශස් රෝගවලදී ප්‍රතිකාර සඳහා මේ කොළ යුෂ ලබා දෙන්නේ එනිසායි. වාජීකරණ ගුණ සහිත අක්කපාන ශුක්‍ර දෝෂ දුරුකර දරු සම්පත් අහිමිවූවන්ට එය ලබාදීමේ හැකියාවද ඇති ඖෂධයකි. සමෙහි තැලීම් , තුවාල වීම් , වණවීම් , ඉදිමුම් ආදියටත් කැසීම් වැනි චර්ම ආබාධවල දීත් අඹරා ගත් අක්කපාන කොළ හෝ මිරිකාගත් යුෂ ආලේප කිරීමෙන් සුවපත් වෙන අතර එමගින් සම නිරෝගිව පැහැපත් වෙයි. ඉරුවාරදය සුව කිරීමටත් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමටත් අක්මාවත් ආරක්ෂා කිරීමත් අක්කපාන කොල යුෂ සුදුසු බව සදහන් වෙයි. අක්කපාන යුෂ පොල්තෙල් සමග මිශ්‍ර කර හිසෙහි ගා සම්බාහනය කිරීමෙන් හිස් සොරි දුරු කරගත හැකි අතර ඇස් යට කළුවූවිට කොළ අඹරා ආලේප කිරීමෙන් අවපැහැය අඩු කර ගත හැකිය. පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම නිසා මුත්‍රා පිටකිරීම අපහසු වූ කල අක්කපාන කොළ උණුවතුර කෝප්පයක දමා තැම්බෙන්නට හැර පෙරා උදේ හිස්බඩ බීම සුදුසු බව සඳහන් වෙයි. සති දෙකකට වරක් අක්කපාන දලු දෙමිටක් ගෙන හීනියට ලියා එයට යහමින් රතු ලූනු ද අවශ්‍ය තරමට ගම්මිරිස් , දෙහි සහ ලුණු ද මුසු කර ගොටුකොළ මෙන් සම්බෝල සකසා ආහරයට ගැනීම රෝගී නීරෝගී සැමටම ගුණදායකය. අක්කපාන කොළ මිරිකා දෙහි සමඟ මිශ්‍රකොට රසවත් පානයක්ද සකසා ගත හැකිය. වෑංජනය , මැල්ලුම , සම්බෝලය , කැඳ , තැම්බුම යනාදී වශයෙන් නොයෙක් ආකාරයෙන් ආහාරයට අක්කපාන එක්කර ගත හැකිවුවත් එය කළ යුත්තේ අවම වශයෙනි පරිස්සමෙනි සති දෙකකට වරක් බැගිනි. ගැබිණි මවුවරුන්ට අක්කපාන සුදුසු නොවන අතර අනෙක් අයද වැඩිමනක් ආහාරයට එක්කර ගැනීමේදී වෛද්‍ය උපදෙස් ඇතිව කිරීම නුවණට හුරුය. අක්කපාන ශාකයේ ප්‍රධාන රසායනික ගුණ අතර P-hydroxybenzoic , protocatechuic , gallic , p - coumaric , affeic acid . minor flavonids , quercitrin , afzelin හා flavone අන්තර්ගත බව සදහන් වෙයි. අක්කපාන ශාකයේ වෙනත් භාවිතයන් අතර ආහාර පිණිස යොදාගන්නා අතර දළු ආහාරය පිණිස බහුලව යොදා ගනී. තවද විසිතුරු පැළෑටියක් ලෙස භාවිතා වන අතර අක්කපාන වර්ග කිහිපයක්ම ලොව හමුවෙයි. අක්කපාන ශාකය Red pierrot සමනලයාගේ ධාරක ශාක අතර එකකි. ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු කෘති හා ඔසු පැල දෙපාර්තමේන්තුව ද . පලාත් පිටුවේ හා ඉපැරණි හෙළ වෙදකම සමූහයේ මෙන්ම අන්තර්ජාලයෙන්ද තොරතුරු ගෙන සැකසුනකි ... මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට 🙏 🙏 🙏 .... බෙහෙත් පිටුවෙනි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom