Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අකුසල් දුරු කොට කුසලය මතු කර ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

‘න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති. යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති, කුසලෙසු ධම්මේසු.’

අංගුත්තර නිකායෙහි පංචක නිපාතයට ඇතුළත් අකුසල සමාපත්ති සූත්‍රාගත දහම් කරුණු කීපයකුයි අද මම පැහැදිලි කර දෙන්නේ. මෙම සූත්‍රයෙහි සමාපත්ති යනු එක අරමුණක සිත රඳවා ගැනීම ලෙස අර්ථකථනය කළ හැක. මෙයම භාවනා යන්නෙන්ද නම් කළ හැක. පුද්ගලයාගේ සිත, කය, වදන මුල් කරගෙන ඇති වන පුද්ගලයා දුකට වේදනාවට පත් කරවන ක්‍රියාවලිය අකුසල නම් වෙයි. දස අකුසල කර්මාදිය මේ ගණයට වැටෙයි.

එසේම පුද්ගලයාගේ ඉන්ද්රිය මගින් ද මේ දස අකුසල ක්‍රියාත්මක වෙයි. එසේ සිදුවෙන අකුසල් නිතර නිතර පුද්ගල සන්ථානයෙහි තැන්පත් වෙයි. මෙසේ ඇතිවන අකුසල සිතිවිලි නිතර සන්ථානගතවීම හෙවත් සිතේ තැන්පත් වීම අකුසල සමාපත්ති ලෙස හඳුන්වා දිය හැක. ඔබගේ නිවසේ දී කාර්යාලයේ දී ගමේ දී ඔබට ඇතිවන යම් සිද්ධියක් පදනම්කරගෙන සුව සහගත හෝ දුක්ඛ සහගත, සිතිවිලි ධාරාවක් ඔබේ සිතේ හට ගනියි. මෙය නැවත නැවත වැඩෙයි. ඔබට යම් නින්දාවක් අපහාස කිරීමක් කළා නම් ඔබට නරක වචනයෙන් බැන්නා නම් එහිදී ඇතිවන තරහා, වෛරය, නිතර නිතර සිත තුළ වැඩෙයි. හැම මොහොතකම මේ සිතිවිල්ල චිත්‍රයක් ලෙස මැවෙයි. මොන දේ කරන්න ගියත් ඒ හැම අවස්ථාවකම මේ අකුසලය මතු වෙයි. මෙය අකුසල සමාපත්ති, අකුසල භාවනා යනුවෙන් හඳුන්වයි. මිනිසා ජීවත් වන හැමදාම සිදුවන ක්‍රියාදාමය අකුසල වැඩීමකි. මේවා නිරායාසයෙන් සිදුවෙමින් පවතියි. මෙවන් අවස්ථාවලදී මිනිස් සිත තුළ ආතති වැඩි වෙයි. මානසික තැවුල් වැඩිවෙයි. මිනිස් සිතේ වැඩිපුරම ගොඩ නැඟෙනේනේ මේ අකුසල සිතිවිලියි. මේවාට සිත පුරුදු පුහුණු කළ යුතු නැත. නිරන්තරයෙන්ම මේ අකුසල සිතිවිලි සිත තුළ උපදියි. ඒ තුළින් මෙලොව ජීවිතය අසාර්ථක වෙයි. පංච ඉන්ද්රිය මගින් ගනු ලබන විවිධ අරමුණු මුල් කර ගෙන හටගන්නා ආශාව, තරහා, වෛරස, වැනි සිත ලෙඩ කරවන මේ අකුසල් නිසා ආතති, මානසික තැවුල් උද්ගත වන අතර එයම මෙලොව පරලොව දෙලොවම ජීවිත අඳුරු වෙයි.

අකුසල කර්ම වැඩිවන විට ඔහු දුශ්ශීල වෙයි. එසේම අධාර්මික වෙයි. එසේ නම් පින්වත, මේ අකුසල් වැඩීම නිසා මිනිස් ජීවිතයම අඳුරුයි. ඒ පුද්ගලයින් සිටින ගේ දොර අඳුරුයි. දියුණුවක් නැත. මිල මුදල් විනාශ වෙයි. කෙටියෙන් කියතොත් මේ ජීවිතයම අඳුරු වෙයි.

එසේ නම් ඔබේ ජීවිතය සැපවත්කර ගැනීමට මෙලොව සුඛිත මුදිත ජීවිතයක් සඳහා අවශ්‍ය වන්නේ අකුසල කර්ම අත්හැර දමා කුසලධර්ම පුරුදු පුහුණු කිරීමයි. අප අපගේ කායික සුවය සඳහා විවිධ අවස්ථාවල කය පරීක්ෂා කර බලයි. අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කරයි. ලොකු සැලැකිල්ලක් කයට දක්වන අප ශරීරයෙහි වැදගත්ම අංශය වන මනස ගැන ද සොයා බැලිය යුතුයි. පරීක්ෂා කර බැලිය යුතු යි. එහිදී ඔබට තේරුම් ගත හැකි වෙයි මනසෙහි ඇති දුබලතාවය. අද බොහෝ අය සිත, මනස ගැන අවධානය යොමු නොකරයි. කුසලයට සිත යෙදවීමට වේලාවක් නැත. සිත ගැන සොයා බැලීමට විවේකයක් නොමැත. එහෙත් පින්වත සිත ගැන පරීක්ෂාකොට සිත හදා ගන්න වැඩපිළිවෙළක් දියත් කළ යුතු යි. ඒ සඳහා කුසල භාවනාව ඉතා වැදගත් වෙයි. මේ සඳහා ඉහත දක්වා ඇති සූත්‍ර ධර්මයට අනුව ක්‍රියා කිරීම තුළින් එම අරමුණ ඉටු කර ගත හැක.

කුසල් දහම් මුල්කරගෙන ශ්‍රද්ධාව පවතිනතාක් කල් අකුසල සමාපත්තියකට ඒ මනසේ ඉඩක් නැතැයි මෙයින් ගම්‍ය වෙයි. එසේ නම් අකුසල් යටපත් කොට කුසල් මතු කර ගැනීම සඳහා ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීර්යය ප්‍රඥාව දියුණුකර ගත යුතුයි.

ශ්‍රද්ධාව, යනු තෙරුවන් කෙරෙහි ඇති පැහැදීම, විශ්වාසයයි. මේ ශ්‍රද්ධාව සෑම කුසලයකම මූල බීජය වන නිසා සද්ධා බීජං යනුවෙන් දක්වා ඇත. මෙම ශ්‍රද්ධා චෛතසිකය, ඕනෑම සිතක හට ගත්විට එහි අකුසල් යටපත් වෙයි. කුසලය, පිනම සිදුකිරීමට පෙලඹෙයි. එමනිසා මේ ශ්‍රද්ධා ගුණය උදක පාරිශුද්ධ නීල මාණික්‍යයකට උපමා කොට ඇත. මඩ වතුරකට මෙම නීල මාණික්‍යය දැමූ විට එම මඩ කුණු යටට කිඳා බැස පිරිසුදු වතුර දක්නට ලැබෙයි. අන්න ඒ වගේ මිනිස් සිත නමැති මඩ වගුරකට ශ්‍රද්ධාව නමැති වටිනා මැණික වැටුන විට එහි ඇති සියලු අකුසල කර්ම නමැති මඩ යටට කිඳා බසියි. කුසලය, පින සිදුකිරීමට සිත පෙලඹෙයි. යම් කුසලයක් කරයි නම් ඒ සඳහා පෙලඹේ නම් එම සිත තුළ මේ ශ්‍රද්ධාව මතු වී ඇත. ඒ අනුව සෑම බෞද්ධ සන්තානයකම මේ ශ්‍රද්ධා චෛතසිකය ඇතිකර ගත යුතු ය. එවිට අකුසලය දුරලා කුසලයටම නැඹුරු වෙයි.

මේ ශ්‍රද්ධාවෙහි විවිධ ප්‍රභේද ඇත. එයින් ප්‍රධාන ප්‍රභේද දෙකකි. අමූලික සද්ධා, ආකාරවතී සද්ධා යනුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි. ප්‍රඥාවෙන් තොර කරුණු කාරණා හරිහැටි තේරුම් නොගෙන ඇතිවන පැහැදීම අමූලික ශ්‍රද්ධා නම් වෙයි. මෙය චල ශ්‍රද්ධා මෝඩ ශ්‍රද්ධා යනුවෙන් ද හඳුන්වාදෙයි. බොහෝ බෞද්ධයන් කුසල කර්මවල නිරත වන්නේ මේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි. ඉන් සිදු වන්නේ කුසල් නොව අකුසල්ය. මීට ප්‍රතිවිරුද්ධ ශ්‍රද්ධාව ආකාරවතී ශ්රද්ධාවයි. ප්‍රඥාවෙන් මුසු විචාරශීලීව ක්‍රියාත්මක වන්නේ මේ ශ්රද්ධාවයි. හැබෑ බෞද්ධයා ළඟ තිබිය යුත්තේ කුසල්. පින් කළ යුත්තේ මේ ආකාරවතී ශ්‍රද්ධාවෙනි. එවන් ශ්‍රද්ධාවන්තයා, සිල්වත් ගුණවත් අය දැකීමට කැමැතියි. ඉන් කුසල් කර ගනියි. සද්ධර්මය ඇසීමට ලැදියි. ඉන් අකුසල් කුසල් තේරුම් ගෙන අකුසලය බැහැර කරයි. කුසල් රැස් කරයි. මසුරුමල දුරලා පරිත්‍යාගයට කැමැති වෙයි. එය විශාල කුසලයකි.

මේ ශ්‍රද්ධා ගුණය හැරුණු විට හිරිඔත්තප්ප දෙකද කුසල් රැස් කර ගැනීමට ප්‍රබල කාරණයකි. හිරි යනු පවට, අකුසලයට ඇති ලජ්ජාවයි. එම අකුසලයට ඇති භය ඔත්තප්පයයි. මේ ලජ්ජා භය දෙක නිසා ලෝකය පාලනය වන බැවින් මේවා ලෝක පාලන ධර්ම ලෙස ද දෙවිවරු සතුටු කරවන ධර්ම නිසා දේව ධර්ම ලෙසද හඳුන්වා ඇත. මේවා තුළින් අකුසලය බැහැර වෙයි. ඒ පුද්ගලයා කුසලයට නැඹුරු වෙයි. තම හෘදය සාක්ෂියට විරුද්ධ තම අදහන ආගම ධර්මයට පටහැනි ලෝකාපවාදයට ලක්වන බොහෝ ක්‍රියා අකුසලයට හා පවට බරයි. එම ක්‍රියාදාමය අකුසල ක්‍රියා නම් වෙයි. ඒ පිළිබඳ යම් පුද්ගලයෙක් ලජ්ජාවට පත් වෙනවා නම්.එහිදී භයට පත් වෙනවා නම් ඔහු අකුසලය බැහැර කොට කුසලය ක්‍රියාත්මක කරයි.

එසේම වීර්යය ද අකුසල් දුරුකොට කුසල් රැස්කරවන හතර වන ක්‍රියා මාර්ගයයි. උපන් අකුසල් දුරලීම නූපන් කුසල් ඇති කර ගැනීම, උපන් කුසල් වර්ධනය කර ගැනීම සඳහා ගන්නා වෙර වීර්යය මින් අදහස් කරයි. එය කුසල සංවර්ධනයට ප්රමුඛ සාධකයකි.

මේ හරුණ විට ප්‍රඥාව ද අකුසල සමාපත්ති මර්ධනයට හේතුවන පස්වන කාරණයයි. චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගන්නා නුවණ ප්‍රඥාව ලෙස ගැඹුරින් නිර්වචනය කොට ඇත. ඊට මෙහා සංඥා විඤ්ඤාණ ප්‍රඥා යනුවෙන් මෙය වර්ග කළ හැක. දැනුමෙහි ප්‍රභේද තුනක් ලෙස මෙය නම් කරයි. සංඥා යනු සාමාන්‍ය ලෙස යමක් හඳුනා ගැනීමයි. ඊට වඩා හඳුනා ගැනීමේ ශක්තිය විඤ්ඤාණ නම් වෙයි. යමක් පිළිබඳ යථාර්ථයෙන් දැන ගැනීම. ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්‍රඥා නම් වෙයි. ප්‍රඥාව යනු යමක් පිළිබඳ පරිපූර්ණ දැනුමයි. බුදු, පසේ, බුදු, මහරහතුන් තුළ පමණයි මේ ප්‍රඥාව හට ගන්නේ. අප තුළ දැනට පිහිටා ඇති නුවණින් පින්පව් කුසල් අකුසල් හඳුනාගෙන පව් අකුසල් දුරලා පින් කුසල් රැස්කර ගැනීම මෙහිදී අපේක්ෂා කෙරෙයි.

මෙකී ධර්ම කරුණු පහ දියුණු කරගෙන ඒ තුළින් අකුසල් දුරලා කුසල කර්ම රැස්කර ගන්නට හැකියාව ලැබෙයි. ඔබත් මේ ධර්ම කරුණු කෙරෙහි සිත යොමා කුසල ධර්ම රැස්කර ගන්න. එය සසර දුක නිවා ගැනීමට හේතු වෙයි. ඒ සඳහා ඔබට ශක්තිය වාසනාව උදාවේවා.

[QUOTE="asliyanage, post: 25924668, member: 8764"] නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ‘න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති. යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති, කුසලෙසු ධම්මේසු.’ අංගුත්තර නිකායෙහි පංචක නිපාතයට ඇතුළත් අකුසල සමාපත්ති සූත්‍රාගත දහම් කරුණු කීපයකුයි අද මම පැහැදිලි කර දෙන්නේ. මෙම සූත්‍රයෙහි සමාපත්ති යනු එක අරමුණක සිත රඳවා ගැනීම ලෙස අර්ථකථනය කළ හැක. මෙයම භාවනා යන්නෙන්ද නම් කළ හැක. පුද්ගලයාගේ සිත, කය, වදන මුල් කරගෙන ඇති වන පුද්ගලයා දුකට වේදනාවට පත් කරවන ක්‍රියාවලිය අකුසල නම් වෙයි. දස අකුසල කර්මාදිය මේ ගණයට වැටෙයි. එසේම පුද්ගලයාගේ ඉන්ද්රිය මගින් ද මේ දස අකුසල ක්‍රියාත්මක වෙයි. එසේ සිදුවෙන අකුසල් නිතර නිතර පුද්ගල සන්ථානයෙහි තැන්පත් වෙයි. මෙසේ ඇතිවන අකුසල සිතිවිලි නිතර සන්ථානගතවීම හෙවත් සිතේ තැන්පත් වීම අකුසල සමාපත්ති ලෙස හඳුන්වා දිය හැක. ඔබගේ නිවසේ දී කාර්යාලයේ දී ගමේ දී ඔබට ඇතිවන යම් සිද්ධියක් පදනම්කරගෙන සුව සහගත හෝ දුක්ඛ සහගත, සිතිවිලි ධාරාවක් ඔබේ සිතේ හට ගනියි. මෙය නැවත නැවත වැඩෙයි. ඔබට යම් නින්දාවක් අපහාස කිරීමක් කළා නම් ඔබට නරක වචනයෙන් බැන්නා නම් එහිදී ඇතිවන තරහා, වෛරය, නිතර නිතර සිත තුළ වැඩෙයි. හැම මොහොතකම මේ සිතිවිල්ල චිත්‍රයක් ලෙස මැවෙයි. මොන දේ කරන්න ගියත් ඒ හැම අවස්ථාවකම මේ අකුසලය මතු වෙයි. මෙය අකුසල සමාපත්ති, අකුසල භාවනා යනුවෙන් හඳුන්වයි. මිනිසා ජීවත් වන හැමදාම සිදුවන ක්‍රියාදාමය අකුසල වැඩීමකි. මේවා නිරායාසයෙන් සිදුවෙමින් පවතියි. මෙවන් අවස්ථාවලදී මිනිස් සිත තුළ ආතති වැඩි වෙයි. මානසික තැවුල් වැඩිවෙයි. මිනිස් සිතේ වැඩිපුරම ගොඩ නැඟෙනේනේ මේ අකුසල සිතිවිලියි. මේවාට සිත පුරුදු පුහුණු කළ යුතු නැත. නිරන්තරයෙන්ම මේ අකුසල සිතිවිලි සිත තුළ උපදියි. ඒ තුළින් මෙලොව ජීවිතය අසාර්ථක වෙයි. පංච ඉන්ද්රිය මගින් ගනු ලබන විවිධ අරමුණු මුල් කර ගෙන හටගන්නා ආශාව, තරහා, වෛරස, වැනි සිත ලෙඩ කරවන මේ අකුසල් නිසා ආතති, මානසික තැවුල් උද්ගත වන අතර එයම මෙලොව පරලොව දෙලොවම ජීවිත අඳුරු වෙයි. අකුසල කර්ම වැඩිවන විට ඔහු දුශ්ශීල වෙයි. එසේම අධාර්මික වෙයි. එසේ නම් පින්වත, මේ අකුසල් වැඩීම නිසා මිනිස් ජීවිතයම අඳුරුයි. ඒ පුද්ගලයින් සිටින ගේ දොර අඳුරුයි. දියුණුවක් නැත. මිල මුදල් විනාශ වෙයි. කෙටියෙන් කියතොත් මේ ජීවිතයම අඳුරු වෙයි. එසේ නම් ඔබේ ජීවිතය සැපවත්කර ගැනීමට මෙලොව සුඛිත මුදිත ජීවිතයක් සඳහා අවශ්‍ය වන්නේ අකුසල කර්ම අත්හැර දමා කුසලධර්ම පුරුදු පුහුණු කිරීමයි. අප අපගේ කායික සුවය සඳහා විවිධ අවස්ථාවල කය පරීක්ෂා කර බලයි. අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කරයි. ලොකු සැලැකිල්ලක් කයට දක්වන අප ශරීරයෙහි වැදගත්ම අංශය වන මනස ගැන ද සොයා බැලිය යුතුයි. පරීක්ෂා කර බැලිය යුතු යි. එහිදී ඔබට තේරුම් ගත හැකි වෙයි මනසෙහි ඇති දුබලතාවය. අද බොහෝ අය සිත, මනස ගැන අවධානය යොමු නොකරයි. කුසලයට සිත යෙදවීමට වේලාවක් නැත. සිත ගැන සොයා බැලීමට විවේකයක් නොමැත. එහෙත් පින්වත සිත ගැන පරීක්ෂාකොට සිත හදා ගන්න වැඩපිළිවෙළක් දියත් කළ යුතු යි. ඒ සඳහා කුසල භාවනාව ඉතා වැදගත් වෙයි. මේ සඳහා ඉහත දක්වා ඇති සූත්‍ර ධර්මයට අනුව ක්‍රියා කිරීම තුළින් එම අරමුණ ඉටු කර ගත හැක. කුසල් දහම් මුල්කරගෙන ශ්‍රද්ධාව පවතිනතාක් කල් අකුසල සමාපත්තියකට ඒ මනසේ ඉඩක් නැතැයි මෙයින් ගම්‍ය වෙයි. එසේ නම් අකුසල් යටපත් කොට කුසල් මතු කර ගැනීම සඳහා ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීර්යය ප්‍රඥාව දියුණුකර ගත යුතුයි. ශ්‍රද්ධාව, යනු තෙරුවන් කෙරෙහි ඇති පැහැදීම, විශ්වාසයයි. මේ ශ්‍රද්ධාව සෑම කුසලයකම මූල බීජය වන නිසා සද්ධා බීජං යනුවෙන් දක්වා ඇත. මෙම ශ්‍රද්ධා චෛතසිකය, ඕනෑම සිතක හට ගත්විට එහි අකුසල් යටපත් වෙයි. කුසලය, පිනම සිදුකිරීමට පෙලඹෙයි. එමනිසා මේ ශ්‍රද්ධා ගුණය උදක පාරිශුද්ධ නීල මාණික්‍යයකට උපමා කොට ඇත. මඩ වතුරකට මෙම නීල මාණික්‍යය දැමූ විට එම මඩ කුණු යටට කිඳා බැස පිරිසුදු වතුර දක්නට ලැබෙයි. අන්න ඒ වගේ මිනිස් සිත නමැති මඩ වගුරකට ශ්‍රද්ධාව නමැති වටිනා මැණික වැටුන විට එහි ඇති සියලු අකුසල කර්ම නමැති මඩ යටට කිඳා බසියි. කුසලය, පින සිදුකිරීමට සිත පෙලඹෙයි. යම් කුසලයක් කරයි නම් ඒ සඳහා පෙලඹේ නම් එම සිත තුළ මේ ශ්‍රද්ධාව මතු වී ඇත. ඒ අනුව සෑම බෞද්ධ සන්තානයකම මේ ශ්‍රද්ධා චෛතසිකය ඇතිකර ගත යුතු ය. එවිට අකුසලය දුරලා කුසලයටම නැඹුරු වෙයි. මේ ශ්‍රද්ධාවෙහි විවිධ ප්‍රභේද ඇත. එයින් ප්‍රධාන ප්‍රභේද දෙකකි. අමූලික සද්ධා, ආකාරවතී සද්ධා යනුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි. ප්‍රඥාවෙන් තොර කරුණු කාරණා හරිහැටි තේරුම් නොගෙන ඇතිවන පැහැදීම අමූලික ශ්‍රද්ධා නම් වෙයි. මෙය චල ශ්‍රද්ධා මෝඩ ශ්‍රද්ධා යනුවෙන් ද හඳුන්වාදෙයි. බොහෝ බෞද්ධයන් කුසල කර්මවල නිරත වන්නේ මේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි. ඉන් සිදු වන්නේ කුසල් නොව අකුසල්ය. මීට ප්‍රතිවිරුද්ධ ශ්‍රද්ධාව ආකාරවතී ශ්රද්ධාවයි. ප්‍රඥාවෙන් මුසු විචාරශීලීව ක්‍රියාත්මක වන්නේ මේ ශ්රද්ධාවයි. හැබෑ බෞද්ධයා ළඟ තිබිය යුත්තේ කුසල්. පින් කළ යුත්තේ මේ ආකාරවතී ශ්‍රද්ධාවෙනි. එවන් ශ්‍රද්ධාවන්තයා, සිල්වත් ගුණවත් අය දැකීමට කැමැතියි. ඉන් කුසල් කර ගනියි. සද්ධර්මය ඇසීමට ලැදියි. ඉන් අකුසල් කුසල් තේරුම් ගෙන අකුසලය බැහැර කරයි. කුසල් රැස් කරයි. මසුරුමල දුරලා පරිත්‍යාගයට කැමැති වෙයි. එය විශාල කුසලයකි. මේ ශ්‍රද්ධා ගුණය හැරුණු විට හිරිඔත්තප්ප දෙකද කුසල් රැස් කර ගැනීමට ප්‍රබල කාරණයකි. හිරි යනු පවට, අකුසලයට ඇති ලජ්ජාවයි. එම අකුසලයට ඇති භය ඔත්තප්පයයි. මේ ලජ්ජා භය දෙක නිසා ලෝකය පාලනය වන බැවින් මේවා ලෝක පාලන ධර්ම ලෙස ද දෙවිවරු සතුටු කරවන ධර්ම නිසා දේව ධර්ම ලෙසද හඳුන්වා ඇත. මේවා තුළින් අකුසලය බැහැර වෙයි. ඒ පුද්ගලයා කුසලයට නැඹුරු වෙයි. තම හෘදය සාක්ෂියට විරුද්ධ තම අදහන ආගම ධර්මයට පටහැනි ලෝකාපවාදයට ලක්වන බොහෝ ක්‍රියා අකුසලයට හා පවට බරයි. එම ක්‍රියාදාමය අකුසල ක්‍රියා නම් වෙයි. ඒ පිළිබඳ යම් පුද්ගලයෙක් ලජ්ජාවට පත් වෙනවා නම්.එහිදී භයට පත් වෙනවා නම් ඔහු අකුසලය බැහැර කොට කුසලය ක්‍රියාත්මක කරයි. එසේම වීර්යය ද අකුසල් දුරුකොට කුසල් රැස්කරවන හතර වන ක්‍රියා මාර්ගයයි. උපන් අකුසල් දුරලීම නූපන් කුසල් ඇති කර ගැනීම, උපන් කුසල් වර්ධනය කර ගැනීම සඳහා ගන්නා වෙර වීර්යය මින් අදහස් කරයි. එය කුසල සංවර්ධනයට ප්රමුඛ සාධකයකි. මේ හරුණ විට ප්‍රඥාව ද අකුසල සමාපත්ති මර්ධනයට හේතුවන පස්වන කාරණයයි. චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගන්නා නුවණ ප්‍රඥාව ලෙස ගැඹුරින් නිර්වචනය කොට ඇත. ඊට මෙහා සංඥා විඤ්ඤාණ ප්‍රඥා යනුවෙන් මෙය වර්ග කළ හැක. දැනුමෙහි ප්‍රභේද තුනක් ලෙස මෙය නම් කරයි. සංඥා යනු සාමාන්‍ය ලෙස යමක් හඳුනා ගැනීමයි. ඊට වඩා හඳුනා ගැනීමේ ශක්තිය විඤ්ඤාණ නම් වෙයි. යමක් පිළිබඳ යථාර්ථයෙන් දැන ගැනීම. ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්‍රඥා නම් වෙයි. ප්‍රඥාව යනු යමක් පිළිබඳ පරිපූර්ණ දැනුමයි. බුදු, පසේ, බුදු, මහරහතුන් තුළ පමණයි මේ ප්‍රඥාව හට ගන්නේ. අප තුළ දැනට පිහිටා ඇති නුවණින් පින්පව් කුසල් අකුසල් හඳුනාගෙන පව් අකුසල් දුරලා පින් කුසල් රැස්කර ගැනීම මෙහිදී අපේක්ෂා කෙරෙයි. මෙකී ධර්ම කරුණු පහ දියුණු කරගෙන ඒ තුළින් අකුසල් දුරලා කුසල කර්ම රැස්කර ගන්නට හැකියාව ලැබෙයි. ඔබත් මේ ධර්ම කරුණු කෙරෙහි සිත යොමා කුසල ධර්ම රැස්කර ගන්න. එය සසර දුක නිවා ගැනීමට හේතු වෙයි. ඒ සඳහා ඔබට ශක්තිය වාසනාව උදාවේවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom