අද චීනෙන් නොමිලේ නිළ ඇදුම් පරිත්‍යාග කලා.
උත්සවේ තිබ්බෙ 11.30ට. චීන තානාපති ඇතුළු ඔක්කොම ඇවිත් හිටියා.
හැබැයි අගමැතිනිය ආවෙ 12.30ට. පැයක් පරක්කු වෙලා.
පැයක් එතන ඉන්න බැරිකමට තානාපති එතනින් ගිහින් ආයෙම 12.30ට ආවා අගමැතිනිය එද්දි.
එහෙම කරන්න එපා, පව්නෙ. කාලය වටිනවානෙ හැමෝටම,රස්තියාදු වෙන්න කවුරුත් ආසා නෑනෙ..ඒකත් මේ වගේ ලොකු ප්‍රදනයක් දෙද්දි..
ඔය අගමැති නිල නිවස, ඒ වගේම වරප්‍රසාද එහෙම දීල තියෙන්නෙ රටේ පාළකයො විදියට ඉන්න ඕගොල්ලොන්ගෙ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා. ඒව භුක්ති විදලා හරියට වැඩේ කරන එකයි මිනිස්සුන්ට වෙන්න ඕන.
ගෙදරට ඕන බඩු ගන්න කීල්ස් එකට තනියම යන එක වගේ ඒවත් නරක නෑ, හැබැයි ඒව එච්චරම වැඩක් නෑ.
හැබැයි රටේ දෙවෙනි පුරවැසියා වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක, වෙලාවට වැඩකරන එක වගේ දේවල් නම් ගොඩක් වැදගත්.
ආයෙ එහෙම කරන්න එපා.