අගමැති ඇමති ගන්ධබ්බයෝ - නලින් ද සිල්වා

ceng

Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    අගමැති ඇමති ගන්ධබ්බයෝ - නලින් ද සිල්වා

    කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය

    අගමැති ඇමති ගන්ධබ්බයෝ

    රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත් අනුව්‍යවස්ථා පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ එක් එක් අය විවිධ අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් ප්‍රශ්නය අවුල් කරන නිසා. මෙහි දී බලපාන ප්‍රධාන අනුව්‍යවස්ථා වන්නේ 42(4) හා 43(3) යි. 42(4) අනුව ජනාධිපතිවරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයේ ඇති මන්ත්‍රිවරයා අගමැති ලෙස පත් කළ හැකියි. එහි දී පාර්ලිමේන්තුවේ මතය විමසීම අවශ්‍ය නැහැ. අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් මිස පාර්ලිමේන්තුව විසින් නොවන බව 42(4)න් පැහැදිලි වෙනවා. මෙහි දී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව හා විශ්වාසය යන වචනයි. මේ දහනවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර මෙන් ම පසවද ඇති තත්වයි. 2015 ජනවාරි 9 වැනි දා රනිල් අගමැති ලෙස පත්කෙරුණේ ද 2018 ඔක්තෝම්බර් 26 වැනි දින මහින්ද අගමැති ලෙස පත්කෙරුණේ ද මේ ප්‍රතිපාදන යොදා ගනිමින්. එදා මෙන් ම අදත් ඒ පත්කිරීම් ව්‍යවස්ථාවට එකඟයි. මෙහි දී සිටින අගමැති අස් කර පසුව වෙනත් අගමැතිවරයකු පත් කළ යුතු බවක් කියැවෙන්නේ නැහැ.

    එහෙත් එයින් කියැවෙන්නේ නැහැ එකවිට අගමැතිවරුන් දෙදෙනකු ඉන්න බවක්. ඇතැම් විදේශීය මාධ්‍යවේදීන් එසේ සිතා ගෙන ඇති. ඔවුන්ගේ දැනුම ගැන අප අනුකම්පා කරනවා. 43(3) අනුව ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය හා කාර්ය ද අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ද වෙනස් කළ හැකියි. මෙහි කවර අවස්ථාවක දී යැයි කියා තිබෙන්නේ ජනාධිපතිවරයා සුදුුසු යැයි සිතන අවස්ථාවක දී යන්න සඳහායි. මෙයින් අත්තනෝමතික ව විෂය කාර්ය හා සංයුතිය වෙනස් කළ හැකි ය යන්න ගම්‍ය වන්නේ නැහැ. ජනාධිපතිට ඒ සඳහා නිමිත්තක් තිබිය යුතුයි.

    රනිල් හා ඔහුගේ ආණ්ඩුව පසුගිය අවුරුදු කිහිපය තිස්සේ කර ඇති ක්‍රියා දෙස බලන විට ජනාධිපති මේ අනුව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ යුතුව තිබුණේ බොහෝ කලකට පෙර. අප ඒ දිනවල ම ඒ බව කිවුවා. රට විකුණන, ආර්ථිකය පහළට ඇද දමන දෙමළ ජාතිවාදයට කප්පන් වරප්‍රසාද දෙන අගමැතිවරයකු ඉවත් කිරීමට මෙතරම් කලක් බලා සිටීමෙන් ජනාධිපති කර ඇත්තේ වරදක්. මේ අනුව්‍යවස්ථාව ඇත්තේ අත්තනෝමතික ව ක්‍රියා කිරීමට නොව රනිල් වැනි රටට විරුද්ධව වැඩ කරන අගමැතිවරුන් මාරු කර වෙනත් අයකු අගමැති ලෙස පත් කරන්නයි. මේ අනුව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අගමැති විමසීමට හෝ අගමැතිගෙන් උපදෙස් ගැනීමට හෝ අවශ්‍ය නැහැ. අනෙක් සමහර අනුව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අගමැතිගෙන් විමසන්න ඕන නැත්නම් උපදෙස් ගන්න ඕන.

    42(4) හා 43(3) එකවිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අමාත්‍ය මණ්ඩලයේ විෂය කාර්ය හා සංයුතිය වෙනස් කිරීමේ දී අගමැතිටත් එය අදාළ වෙනවා. අගමැතිත් වෙනස් කරන්න පුළුවන්. ඒ සමග වෙනත් අයකු අගමැති ලෙස පත් කරන්න පුළුවන්. 46(2) අනුව අගමැති එකී ධුරය දරන්නේ අමාත්‍ය මණ්ඩලය පවතින තාක් පමණයි. 43(3) යටතේ විෂය කාර්ය හා සංයුතිය වෙනස් කළ විට අමාත්‍ය මණ්ඩලය පවතින්නේ නැහැ. ඒ කියන්නේ 46(2) අනුව, 43(3) ක්‍රියාත්මක වන විට 46(2) ද ක්‍රියාත්මක වනවා. මේ සියල්ල එක විට සිිදුවන දේ මිස එකක් අනෙක පසුපස සිදුවන දේ නොවේ.

    පසුගිය 26 වැනි දා සිට 29 වැනි දා රාත්‍රි දක්වා අගමැති හැරෙන්න වෙනත් ඇමතිවරුන් හිටියේ නැහැ. එහි දී ඇමතිවරුන් ඉවත් කර ජනාධිපති ලිපි යවන්න අවශ්‍ය නැහැ. ඇතැමුන් ලිපියක් ආවේ නැහැ කියා තමන් තාමත් ඇමතිවරුන් ලෙස සිතා සිටිනවා. අමාත්‍ය මණ්ඩලය විසිරවෙන්නේ 48(1) අනුවයි. මෙයින් කියැවෙන්නේ අගමැති අග්‍රාමත්‍ය ධුරය දැරීම නතර වූ විට ද අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන බවයි. අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වන්නේ කෙසේ ද යන්න ද එම 48(1) අනුව්‍යවස්ථාවෙහි ම සඳහන් වෙනවා. ඒ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්, ඉල්ලා අස්වීමෙන්, අන්‍යාකාරයෙන්. අගමැති ධුරයෙන් ඉවත් කරන්නේ කෙසේ ද යන්න දහනවවැනි සංශෝධනයේ සඳහන් වන්නේ නැහැ. ඒ නිසා එය අදාළ නැහැ. රනිල් ඉල්ලා අස්වූයේත් නැහැ. එහෙත් අන්‍යාකරයෙන් ඔහු අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර කරලා. ඒ 42(4) හා 43(3) ක්‍රියත්මක කිරීමෙන්. අගමැති ඉවත් නොකළත් අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වන්න පුළුවන්. රනිල් සම්බන්ධයෙන් සිදු වූයේ එයයි. ඒ සමග ඇමති මණ්ඩලය ද විසුරුවා හරිනු ලැබුවා. මෙහි වැදගත් වචන අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වීම යන්නයි.

    මෙය ඉතා සරලයි. මෙහි කිසිම සංකීර්ණ බවක් නැහැ. මෙහි දී කිවයුතු කරුණක් නම් ඊනියා ජාතික ආණ්ඩුව අහෝසි වීම මෙහි දී බල නොපාන බවයි. ඊනියා ජාතික ආණ්ඩුව අහෝසි වුණත් අගමැති ඉවත් වන්නේවත් අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වන්නේවත් නැහැ. එවිට රනිල් යටතේ ම 30 දෙනකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් රනිල්ගේ උපදෙස් මත පත් කර ගන්න වෙනවා. රනිල් අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර කිරීමට ජාතික ආණ්ඩුව අහෝසි කිරීමෙන් බැහැ. ඇතැමුන් එසේ සිතනවා විය හැකියි. එය වැරදි තරකයක්. එලෙස සිතන අය, තර්ක කරන අය, සියල්ල අවුල් කර රනිල්ට ආයුධ සපයනවා. ඊනියා ජාතික ආණ්ඩු කතා නැතිව ඉහත දක්වා ඇති ආකාරයට ජනාධිපති රනිල් අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර කරළා.

    රනිල් අග්‍රමාත්‍ය ධුරය දැරීම නතර කිරීමත් මහින්ද අගමැති ලෙස පත් කිරීමත් ව්‍යවස්ථාවට එකඟයි. අද රනිල්ට හා තමන්ට ඛලය ගැනීම සඳහා උද්ඝෝෂණයකට පිරිස කැඳවන්නන් සිතන්නේ තමන් ඇමතිවරුන් බවත් තමන් කරන දේ ව්‍යවස්ථානුකූල බවත්. එය වැරදියි. ඔවුන් ක්‍රියා කරන්නේ ව්‍යවස්ථාවට එරෙහිවයි. ප්‍රජාතන්ත්‍ර විරෝධීවයි. ඇතැම් ගන්ධබ්බයන්ට තමන් මිය ගිය බව දැනෙන්න ටිකක් කල් ගතවෙනවා. රනිලුත් රනිල්ට උල්පන්දන් දෙන ඇමතිවරුනුත් ඒ ගන්ධබ්බයන් වැනියි. ඔවුන්ට තමන් තවදුරටත් අගමැති හෝ ඇමතිවරුන් හෝ නොවන බව තේරුම් ගැනීමට කල් ගතවෙනවා.

    රනිල් ඉතා නින්දිත විධියට තමන්ට අවශ්‍ය විදෙස් තානාපතිවරුන් පමණක් කැඳවා බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ඊනියා සාම සාධක හමුදා කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා. ජෙනීවාහි දී රටට විරුද්ධ ව යෝජනා ගෙනා මේ පිරිසට රටට විරුද්ධව හමුදා එවන ලෙස ඉල්ලීම් කිරීම සුළු දෙයක්. මොවුන් තනතුරු දැරීම නතර කිරීමට මෛත්‍රිපාලත් අගමැති තනතුර භාර ගැනීමට මහින්දත් කලින් ඉදිරිපත් නොවීමෙන් කර ඇත්තේ වරදක්.

    රනිල්ට අද ඉතිරිව ඇත්තේ එක් දෙයක් පමණක්. ඒ ව්‍යවස්ථානුකූල ව පත් වී ඇති මහින්දට හා ඇමති මණ්ඩලයට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම මිස ඊනියා උද්ඝෝෂණ කිරීමවත් රටට එරෙහිව විදෙස් හමුදා ගෙන ඒමට කටයුතු කිරීමවත් නො වෙයි. නව ඇමතිවරුන් පත් කිරීමට අතුරු අයවැයක් සකස් කිරීමට සති කිහිපයක් ගත වෙනවා. ඒ සඳහා අවකාශය ලබා ගැනීමට ජනාධිපති පාර්ලිමේන්තු සැසිය අවසන් කර තිබෙනවා. ලබන 16 වැනි දා පාර්ලිමේන්තුව නැවත රැස් වූ විට රනිල්ට විශ්වාසභංගය ගෙනා හැකියි. හිටපු අගමැතිගේ ඉත්තකු ලෙස කටයුතු කරන කතානායක තම දුක කියන්න මල්වත්තට හා අස්ගිරියට දුවන්න ඕනැ නැහැ. පසුගිය කාලයේ ඔහු එසේ කළා නම් ඔහුට මහනුවර ම රැඳී සිටින්න වෙනවා. ඔහු හිටපු කතානායක වන්නේ කවදා ද යන ප්‍රශ්නය පමණක් දැනට ඉතිිරි වී තිබෙනවා.
    Nalin de Silva
     
    • Like
    Reactions: jayanathek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර

    නව ඇමතිවරුන් පත් කිරීමට අතුරු අයවැයක් සකස් කිරීමට සති කිහිපයක් ගත වෙනවා. ඒ සඳහා අවකාශය ලබා ගැනීමට ජනාධිපති පාර්ලිමේන්තු සැසිය අවසන් කර තිබෙනවා.--

    :lol::lol::lol:ඔය කතාව කලින් කීවා නම් ඉවරනේ... කල්තබුවේ අතුරු අයවැය සකස් කරන්න කියලා...

    ඇත්තටම කල්තැබුවේ නැත්නම් අයවැය සකස් කරන්න බෑනේ.. වැඩ වැඩියනේ.. නලින් උතුමා හිතන්න ඇත්තේ එග්සෑම් ඒකට ලැස්ති වෙන්න ස්ටඩී ලීව් දීලා කියලා... :yes::yes::yes:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අනේ මේ මනුස්සයා තාම ලියනවද?මෙයාට කියන්න මෙයා දැන් මැරිලා කියලා. එයා ඒක තාම දන්නේ නෑ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නලීන්ද සිල්වා කියන්නේ මහාචාර්ය වරයෙක්, ගණිතඥයෙක්, ඒ නිසා මම අගෞරවයක් නොවන විධියට ගුරුවරයෙකු කියලා හිතාගෙන කියන්නේ. නලින්ද සිල්වා මහාචාර්යතුමා නීති විශාරදයෙක් නෙමෙයි. ගණිතඥයෙක්. එයා වියවස්ථාවේ වගන්ති පෙන්න පෙන්නා කරන්නේ නොදන්න මගුලක්.

    එතුමා බටහිර විද්‍යාව හදාරලා, පර්යේෂණ කරලා Doctorate in Theoretical Physics -Cosmology අරගෙන පර්යේෂණ කරලා (බටහිර විද්‍යාවට අනුව ) නිබන්ධන කරලා, පොත් ලියලා මහාචාර්ය පට්ටමක් අරගෙන, ඊට පස්සේ ඒ විද්‍යාව වැරදියි කියලා කෑ ගහනවා.

    හැබැයි ඒ වැරදි විද්‍යාවෙන් ගත්ත ආචාර්ය පට්ටම පට්ටම අතහරින්නේ නෑ. පී.එච්.ඩී එක ගත්ත විශ්වවිද්‍යාලයට කියලා තමන්ගේ නම විද්‍යාර්ථී ලයිස්තුවෙන් කපන්න කියලා ඉල්ලලා නෑ. එහෙම කලා කියලා ප්‍රසිද්ධ කරලත් නෑ,

    එහෙව් මිනිහා කොහොමද අනිත් අයට ගන්දබ්බයා කියන්නේ.

    එතුමා බටහිර විද්‍යාව විශ්වාස නොකරනවානම්, එහි තර්කණය වැරදියි කියනවානම් ඉස්සෙල්ලා කරන්න ඕනෑ, තමන් කරපු පර්යේෂණ, ලියපු නිබන්ධන, විද්‍යා පොත් වැරදියි කියලා ඒවා ඉල්ලා අස්කරගෙන, මහාචාර්ය පට්ටමත් ගලවගන්න ඕනෑ. එහෙම කරන්නේ නැ.

    එතුමාට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. ඕනෑ කෙනෙකුට විරුද්ධ වෙන්න, බනින්න අයිතිය තියෙනවා. හැබැයි මං සුදනා තියරිය දාන එක වැරදියි.