Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැති මෝදිගේ බිරිඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැති මෝදිගේ බිරිඳ

අගමැති මෝදිගේ බිරිඳ

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට මුහුණදී අනූනවයෙන් දිවි ගලවා ගැනීමේ පුවතක් බදාදා (07 දා) ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට 65 වෙනි වියේ පසුවන ඇය මේ ආකාරයෙන් මෙම රිය අනතුරට මුහුණදී තිබුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ බේගු නමැති ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදීය. මෙම අනතුරින් ඇයගේ දිවි බේරී ඇතත් රථය පදවමින් සිටි ඇගේ ඥාතියෙකු මරණයට පත්ව ඇති බවද වාර්තා වෙයි. එයට අමතරව රථයෙහි සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුද, ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා තිබේ. එදින පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන් ගත් මෝටර් රථය තවත් ට්‍රක් රථයක් සමග ගැටීමෙනි. අනතුරින් ජශෝදාබන්ටද සුළු තුවාල සිදුව ඇති අතර ඇය වහා චිතෝර්ගාර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත. ට්‍රක් රථයෙහි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් බලධාරීන් සඳහන් කර තිබේ.

විශ්‍රාමික ගුරුවරියක වන ජශෝදාබන් අගමැති මෝදිගේ බිරිඳ වුවද වැඩිය මාධ්‍ය තුළ දැකගන්නට ලැබෙන චරිතයක් නොවේ. එයට හේතුවක් නම් ඇය මේ වනවිට මෝදි සමග ජීවත් නොවීමයි. ඔවුන් දෙදෙනා දැන් දශක ගණනාවක් තිස්සේම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වෙන්වය. 1967 වසරේ මේ දෙදෙනා විවාහ වන විට මෝදිගේ වයස අවුරුදු 18ක්ද, ජශෝදාබන්ගේ වයස 16ක්ද වූ බව පැවැසේ. ඔවුන් අතර විවාහය තීන්දු වී ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීමය.

විවාහයෙන් වසර තුනකට පමණ පසු මෝදි ඇයගෙන් වෙන්ව ජීවත් වීමට පටන්ගෙන ඇති අතර එය සිදුව ඇත්තේ දෙදෙනාගේම එකඟතාව මත බවද සඳහන් වේ. පසුව මෝදි ටික කලක් හිමාලයේ සැරිසරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට පටන් ගත් බව පැවැසේ. පසුව ජශෝදාබන්ද ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කර ගුරු වෘත්තියට පිවිස ඇත. ඇය මේ වනවිට වාසය කරන්නේ මෝදිගේ උපන්ගම වන වද්නගර් සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි බ්රහ්මන්වාදා නම් ග්රාමයේය. මෙයට ටික කලකට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා ජීවත් වන්නේ ඉන්දියානු රුපියල් 14,000ක විශ්‍රාම වැටුපකින් බවයි. ඇය ඉතා සරල, ආගමික ජීවිතයක් ගත කරන තැනැත්තියක බවද සඳහන් වේ. මේ වනවිට ජශෝදාබන් ජීවත් වන්නේ ඇගේ සහෝදරයාත්, ඔහුගේ බිරිඳත් සමගය. ඇයත්, අගමැති මෝදිත් අතර මේ වනවිට කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවක්ද පෙනේ. තමා කවදා හෝ දිනෙක නැවත ඔහු මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවක්ද ජශෝදාබන් වරක් ප්‍රකාශ කර තිබිණි.

අගමැති මෝදි බොහෝ විට ඔහුගේ විවාහය සම්බන්ධ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් දක්වන්නේ නිහඬතාවකි. ඔහු මුල්වරට සිය විවාහය පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ද ඉතාම මෑතකදී ය. ඒ, 2014 වසරේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ ය. මේ වනවිටත් මෝදි සැලකෙන්නේ බ්‍රහ්මචර්යාව රකින අයෙකු ලෙසිනි. ඇතැමුන් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දුවාදී ඡන්දදායකයන් තුළ ආකර්ශනයක් ඇති කිරීම සඳහා ඔහු මෙවැනි ජීවන ෙශෙලියක් අනුගමනය කරන බවයි. එමෙන්ම ඔහු දේශපාලන අරමුණු වෙනුවෙන් සිය බිරිඳ අත්හැර දැමූ බවට චෝදනා නගන්නන්ද නැතුවා නොවේ. එය කාන්තාවන් පිළිබඳ ඔහුගේ ආකල්ප පෙන්වා දෙන්නක් ලෙසද ඔවුහු චෝදනා කරති. 2014 වනතුරුම විවාහය පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට මැලිවීම ගැනද මෝදි වෙත නොයෙක් වර දෝෂාරෝපන එල්ල වී තිබේ. ඔහු අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගි වීමට තමාට ඇරයුම් නොකළ බව වරක් ජශෝදාබන් මාධ්‍ය වෙත පවසා තිබිණි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර නිල වශයෙන් දික්කසාදයක් සිදුව නැති බවද සඳහන් වෙයි. මෝදි 2014 නාමයෝජනා පෝරමය පුරවන අවස්ථාවේ, විවාහය පිලිබඳ විමසා තිබූ තැනක 'ජශෝදා' යනුවෙන් ලියා ඇති නමුත් ඔහු පවසා ඇත්තේ තමා ඇය පිළිබඳ වැඩි තොරතුරක් නොදන්නා බවයි. ඇයගේ ලිපිනය පවා නොදන්නා බවක් ඔහු කියා ඇති බව පැවසිණි. කෙසේ වෙතත් තමා හුදෙකලා ජීවිතයට වඩාත් ප්‍රිය කරන බවද වරක් ඔහු පවසා තිබිණි.

දිගු කාලයක් තිස්සේ මෝදිගෙන් වෙන්ව ජීවත් වුවද ජශෝදාබන් සිය සැමියා අගමැති ධුරයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මහත් ප්‍රසාදයෙන් අදහස් දක්වා තිබෙනුද පසුගිය කාලයේ දක්නට ලැබිණි. මෝදි ඉන්දියාවේ කළු සල්ලි එළියට අදිනු පිණිස එරට රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට අලුත් නෝට්ටු හඳුන්වා දුන් අවස්ථාව එයට එක් නිදසුනකි. බොහෝ පාර්ශ්ව ඔහුගේ මෙම පියවර විවේචනය කරද්දී ජශෝදාබන් එය ඉතා වැදගත් පියවරක් බව පවසමින් අගය කළාය.

කිත්සිරි මල්වත්ත

[QUOTE="araki, post: 22873993, member: 360239"] [b]අගමැති මෝදිගේ බිරිඳ[/b] [SIZE=4][B][SIZE=5]අගමැති මෝදිගේ බිරිඳ[/SIZE][/B] [/SIZE] [SIZE=4]ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට මුහුණදී අනූනවයෙන් දිවි ගලවා ගැනීමේ පුවතක් බදාදා (07 දා) ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට 65 වෙනි වියේ පසුවන ඇය මේ ආකාරයෙන් මෙම රිය අනතුරට මුහුණදී තිබුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ බේගු නමැති ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදීය. මෙම අනතුරින් ඇයගේ දිවි බේරී ඇතත් රථය පදවමින් සිටි ඇගේ ඥාතියෙකු මරණයට පත්ව ඇති බවද වාර්තා වෙයි. එයට අමතරව රථයෙහි සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුද, ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා තිබේ. එදින පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන් ගත් මෝටර් රථය තවත් ට්‍රක් රථයක් සමග ගැටීමෙනි. අනතුරින් ජශෝදාබන්ටද සුළු තුවාල සිදුව ඇති අතර ඇය වහා චිතෝර්ගාර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත. ට්‍රක් රථයෙහි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් බලධාරීන් සඳහන් කර තිබේ.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://d21f9k49b5udzz.cloudfront.net/frontimage/2018/February/2018.02.09/ethera1.jpg[/IMG] විශ්‍රාමික ගුරුවරියක වන ජශෝදාබන් අගමැති මෝදිගේ බිරිඳ වුවද වැඩිය මාධ්‍ය තුළ දැකගන්නට ලැබෙන චරිතයක් නොවේ. එයට හේතුවක් නම් ඇය මේ වනවිට මෝදි සමග ජීවත් නොවීමයි. ඔවුන් දෙදෙනා දැන් දශක ගණනාවක් තිස්සේම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වෙන්වය. 1967 වසරේ මේ දෙදෙනා විවාහ වන විට මෝදිගේ වයස අවුරුදු 18ක්ද, ජශෝදාබන්ගේ වයස 16ක්ද වූ බව පැවැසේ. ඔවුන් අතර විවාහය තීන්දු වී ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීමය. විවාහයෙන් වසර තුනකට පමණ පසු මෝදි ඇයගෙන් වෙන්ව ජීවත් වීමට පටන්ගෙන ඇති අතර එය සිදුව ඇත්තේ දෙදෙනාගේම එකඟතාව මත බවද සඳහන් වේ. පසුව මෝදි ටික කලක් හිමාලයේ සැරිසරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට පටන් ගත් බව පැවැසේ. පසුව ජශෝදාබන්ද ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කර ගුරු වෘත්තියට පිවිස ඇත. ඇය මේ වනවිට වාසය කරන්නේ මෝදිගේ උපන්ගම වන වද්නගර් සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි බ්රහ්මන්වාදා නම් ග්රාමයේය. මෙයට ටික කලකට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා ජීවත් වන්නේ ඉන්දියානු රුපියල් 14,000ක විශ්‍රාම වැටුපකින් බවයි. ඇය ඉතා සරල, ආගමික ජීවිතයක් ගත කරන තැනැත්තියක බවද සඳහන් වේ. මේ වනවිට ජශෝදාබන් ජීවත් වන්නේ ඇගේ සහෝදරයාත්, ඔහුගේ බිරිඳත් සමගය. ඇයත්, අගමැති මෝදිත් අතර මේ වනවිට කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවක්ද පෙනේ. තමා කවදා හෝ දිනෙක නැවත ඔහු මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවක්ද ජශෝදාබන් වරක් ප්‍රකාශ කර තිබිණි. අගමැති මෝදි බොහෝ විට ඔහුගේ විවාහය සම්බන්ධ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් දක්වන්නේ නිහඬතාවකි. ඔහු මුල්වරට සිය විවාහය පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ද ඉතාම මෑතකදී ය. ඒ, 2014 වසරේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ ය. මේ වනවිටත් මෝදි සැලකෙන්නේ බ්‍රහ්මචර්යාව රකින අයෙකු ලෙසිනි. ඇතැමුන් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දුවාදී ඡන්දදායකයන් තුළ ආකර්ශනයක් ඇති කිරීම සඳහා ඔහු මෙවැනි ජීවන ෙශෙලියක් අනුගමනය කරන බවයි. එමෙන්ම ඔහු දේශපාලන අරමුණු වෙනුවෙන් සිය බිරිඳ අත්හැර දැමූ බවට චෝදනා නගන්නන්ද නැතුවා නොවේ. එය කාන්තාවන් පිළිබඳ ඔහුගේ ආකල්ප පෙන්වා දෙන්නක් ලෙසද ඔවුහු චෝදනා කරති. 2014 වනතුරුම විවාහය පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට මැලිවීම ගැනද මෝදි වෙත නොයෙක් වර දෝෂාරෝපන එල්ල වී තිබේ. ඔහු අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගි වීමට තමාට ඇරයුම් නොකළ බව වරක් ජශෝදාබන් මාධ්‍ය වෙත පවසා තිබිණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර නිල වශයෙන් දික්කසාදයක් සිදුව නැති බවද සඳහන් වෙයි. මෝදි 2014 නාමයෝජනා පෝරමය පුරවන අවස්ථාවේ, විවාහය පිලිබඳ විමසා තිබූ තැනක 'ජශෝදා' යනුවෙන් ලියා ඇති නමුත් ඔහු පවසා ඇත්තේ තමා ඇය පිළිබඳ වැඩි තොරතුරක් නොදන්නා බවයි. ඇයගේ ලිපිනය පවා නොදන්නා බවක් ඔහු කියා ඇති බව පැවසිණි. කෙසේ වෙතත් තමා හුදෙකලා ජීවිතයට වඩාත් ප්‍රිය කරන බවද වරක් ඔහු පවසා තිබිණි. දිගු කාලයක් තිස්සේ මෝදිගෙන් වෙන්ව ජීවත් වුවද ජශෝදාබන් සිය සැමියා අගමැති ධුරයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මහත් ප්‍රසාදයෙන් අදහස් දක්වා තිබෙනුද පසුගිය කාලයේ දක්නට ලැබිණි. මෝදි ඉන්දියාවේ කළු සල්ලි එළියට අදිනු පිණිස එරට රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට අලුත් නෝට්ටු හඳුන්වා දුන් අවස්ථාව එයට එක් නිදසුනකි. බොහෝ පාර්ශ්ව ඔහුගේ මෙම පියවර විවේචනය කරද්දී ජශෝදාබන් එය ඉතා වැදගත් පියවරක් බව පවසමින් අගය කළාය.[/SIZE] [SIZE=4]කිත්සිරි මල්වත්ත [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom