Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරුට_ගිය_කියුරියෝසිටි_යානයේ_විස්මිත_වී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරුට_ගිය_කියුරියෝසිටි_යානයේ_විස්මිත_වී

අඟහරුට ගිය කියුරියෝසිටි යානයේ ගමන ඇසුරෙන් තත්පර 60ක විස්මිත වීඩියෝවක්!

අඟහරු මත තවමත් ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි හෙවත් ‘කුතුහලයා’ එහි නව මසක් තිස්සේ කළ ගමන මිනිත්තුවක වීඩියෝවකට කැටි කොට ඔබට දැන් දැක ගැනීමට පුළුවන්.

මෙම විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ ඇමරිකාවේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහුත් මෙවැන්නක් නිපද වූ පළමු වැනි වතාව මෙයයි.

ඔහු කියුරියෝසිටි වෙබ් අඩවියෙන් තමයි, මේ සඳහා අවශ්‍ය මූලික රූප රාමු ලබා ගෙන ඇත්තේ. කියුරියෝසිටි රෝවරයේ ඉදිරිපස වම් පැත්තේ ඇති හැස්කැම් කැමරාවෙන් ලබා ගත් ඒ රූප එම්පීඊජී (MPEG) සංරූපයක් බවට හරවා ගත්තා. ඒක තමා විනාඩියක (තත්පර 60ක) වීඩියෝවක් ලෙස ගිය සතියේ යූටියුබ් එකට මුදා හැරියේ.

ඒ වීඩියෝව ඇරඹෙන්නේ කියුරියෝසිටි රෝවරයේ මේ දැවැන්ත සෙවණැල්ලෙන්.

මේ අපූරු වීඩියෝ පටය දැනටමත් අන්තර්ජාලය හරහා ලක්ෂ ගණනක් බලලා තියෙනවා. කියුරියෝසිටි අඟහරු මතට ගියේ 2012 අගෝස්තු මාසයේ 6 වැනිදායි.

එදා සිට මේ දක්වාත් ඒ රතු ග්‍රහයාගේ පෘෂ්ඨය රූ ගත කරමින්, විවිධ විමර්ශනවල යෙදෙමින් හා පස් පරීක්ෂා කරමින් එහි ඇති විශේෂ රසායානාගාරය තුළ විශ්ලේෂණය කරමින් පෘථිවියට වාර්තා එවනවා.

පසුගිය සතියේ රෝවරය ‘කම්බර්ලෑන්ඞ්’ යනුවෙන් නම් කර ඇති පාෂාණයක යටින් ඇති පස් අංශූ එයාගේ රොබෝ අතෙන් ඉවත් කර එම යානයේ ම ඇති රසායානගාරයේ දී පරීක්ෂණයට ලක් කළා.

මාර්තු මාසයේ දී ගේල් ආවාටයේ ඇති පස් පරීක්ෂා කර ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් විය හැකි පරිසරයක්, එනම් ඒ සඳහා අවශ්‍ය මූලික රසායනික ද්‍රව්‍ය එහි අඩංගුව ඇති බව සනාථ කළා. වසර දෙකක් කාලයක් තිස්සේ පර්යේෂණ කිරීමට මෙම රෝවරය අඟහරු මතට යැවීමට හේතු වූ එක් කරුණක් තමයි, ජීවීන්ට පැවතීමට සුදුසු පරිසරයක් තිබේදැයි පිරික්සීම.

විද්‍යාඥයන් දැන් මහත් ඕනෑකමින් බලාපොරොත්තු වන්නේ දැනට රෝවරයේ ඇති රසායානගාරය තුළ පිරික්සුමට ලක් වන අඟහරු පෘෂ්ඨය විද ලබා ගත් පස් සාම්පලවල වැඩි විස්තර දැන ගැනීමටයි. ඒ පස් ලබා ගත්තේ ‘යෙලෝනයිෆ් බේ’ කියන ස්ථානයෙන්.

සිඳී ගිය පැරණි දිය පාරක් බඳු තැනක තිබී විද ලබා ගත් පස්වල ජීවය පැවතීමට අවශ්‍ය මූලිකම රසායනික ද්‍රව්‍ය ඇති බව සොයා ගනු ලැබුවා. ඒ රසායනික මූල ද්‍රව්‍ය වන්නේ සල්ෆර් හෙවත් ගෙන්දගම්, නයිට්රජන්, හයිඩ්රජන්, ඔක්සිජන්, පොස්පරස් හා කාබන්ය.

ඇමරිකාව මේ අඟහරු ලොවට යැවූ කියුරියෝසිටි රෝවර යානයට වැය වූ මුලූ මුදල ඩොලර් බිලියන 2.5ක්.

විද්‍යාඥයන් මීළඟට බලාපොරොත්තු වෙනවා රෝවරය ලවා ගේල් ආවාටය අසල පිහිටි කි.මී. 5ක් (සැ. 3ක්) උස කන්දක් කරණය කරවන්න.

ඒ ගැන විස්තර ඉදිරි ලිපියකින් බලාපෙරොත්තු වන්න.

දැන් අන්තර්ජාලයේ යූටියුබ් ඔස්සේ දැක ගත හැකි මෙතෙක් කියුරියෝසිටි යානය ගෙවූ ගමන ගැන තැනූ වීඩියෝ පටය නරඹන්න.

කියුරියෝසිටි රෝවරය අඟහරු මත යද්දී ගන්නා ලද ඡායාරූපයක්.

මේ විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහු මෙවැන්නක් කළ පළමු වතාවයි, මේ.

මේ දැක්වෙන්නේ අඟහරු මතුපිට සටහන්ව ඇති කියුරියෝසිටි රෝවරයේ ටයර් සලකුණුයි.

කැණීම් කිරීම හා පස් එකතු කිරීම සඳහා කියුරියෝසිටි රෝවරයේ ඇති විශේෂ අත්.

අන්තර්ජාලය තුළ මේ වීඩියෝ පටියට තිබූ ඉල්ලූම කෙතරම්ද යත් කියුරියෝසිටි නිල ට්වීටර් වෙබ් අඩවියේ පවා එම වීඩියෝ පටිය සඳහා සබැඳියක් යොදා තියෙනවා.

කියුරියෝසිටි යානය - මේ මෙහෙයුම අතර මගදී පරිගණක ගැටලූ රැසක් එක පිට එක ආවත් කෙසේ හෝ ඒවා විසඳා ගෙන තවමත් මෙහෙයුම පැවැත් වෙනවා. විද්‍යා පරීක්ෂණ කිසිවක් අඩාල වුණේ නැහැ.

රෝවරයේ එක් දිගු අතක සවි කළ කැමරාවකින් ගත් පසෙහි ඡායාරූපයක්. යානය මේ පාෂාණය උඩින් එය බිඳී ගියා. එයින් පාෂණයෙහි ඇතුළත වෙනස් පැහැයක් ඇති බව හෙළි වුණා.

[YOUTUBE]3FH6QPAD-BU[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන්...

[QUOTE="HondaMPLG, post: 15074346, member: 391001"] [b]අඟහරුට_ගිය_කියුරියෝසිටි_යානයේ_විස්මිත_වී[/b] [B] [I][SIZE=5]අඟහරුට ගිය කියුරියෝසිටි යානයේ ගමන ඇසුරෙන් තත්පර 60ක විස්මිත වීඩියෝවක්! [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] අඟහරු මත තවමත් ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි හෙවත් ‘කුතුහලයා’ එහි නව මසක් තිස්සේ කළ ගමන මිනිත්තුවක වීඩියෝවකට කැටි කොට ඔබට දැන් දැක ගැනීමට පුළුවන්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මෙම විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ ඇමරිකාවේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහුත් මෙවැන්නක් නිපද වූ පළමු වැනි වතාව මෙයයි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඔහු කියුරියෝසිටි වෙබ් අඩවියෙන් තමයි, මේ සඳහා අවශ්‍ය මූලික රූප රාමු ලබා ගෙන ඇත්තේ. කියුරියෝසිටි රෝවරයේ ඉදිරිපස වම් පැත්තේ ඇති හැස්කැම් කැමරාවෙන් ලබා ගත් ඒ රූප එම්පීඊජී (MPEG) සංරූපයක් බවට හරවා ගත්තා. ඒක තමා විනාඩියක (තත්පර 60ක) වීඩියෝවක් ලෙස ගිය සතියේ යූටියුබ් එකට මුදා හැරියේ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2332136-1A096E31000005DC-697_634x615.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] ඒ වීඩියෝව ඇරඹෙන්නේ කියුරියෝසිටි රෝවරයේ මේ දැවැන්ත සෙවණැල්ලෙන්.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] මේ අපූරු වීඩියෝ පටය දැනටමත් අන්තර්ජාලය හරහා ලක්ෂ ගණනක් බලලා තියෙනවා. කියුරියෝසිටි අඟහරු මතට ගියේ 2012 අගෝස්තු මාසයේ 6 වැනිදායි. [/SIZE][/B][/I] [I][B][SIZE=5] එදා සිට මේ දක්වාත් ඒ රතු ග්‍රහයාගේ පෘෂ්ඨය රූ ගත කරමින්, විවිධ විමර්ශනවල යෙදෙමින් හා පස් පරීක්ෂා කරමින් එහි ඇති විශේෂ රසායානාගාරය තුළ විශ්ලේෂණය කරමින් පෘථිවියට වාර්තා එවනවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] පසුගිය සතියේ රෝවරය ‘කම්බර්ලෑන්ඞ්’ යනුවෙන් නම් කර ඇති පාෂාණයක යටින් ඇති පස් අංශූ එයාගේ රොබෝ අතෙන් ඉවත් කර එම යානයේ ම ඇති රසායානගාරයේ දී පරීක්ෂණයට ලක් කළා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] මාර්තු මාසයේ දී ගේල් ආවාටයේ ඇති පස් පරීක්ෂා කර ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් විය හැකි පරිසරයක්, එනම් ඒ සඳහා අවශ්‍ය මූලික රසායනික ද්‍රව්‍ය එහි අඩංගුව ඇති බව සනාථ කළා. වසර දෙකක් කාලයක් තිස්සේ පර්යේෂණ කිරීමට මෙම රෝවරය අඟහරු මතට යැවීමට හේතු වූ එක් කරුණක් තමයි, ජීවීන්ට පැවතීමට සුදුසු පරිසරයක් තිබේදැයි පිරික්සීම. [/SIZE][/B][/I] [I][B][SIZE=5] විද්‍යාඥයන් දැන් මහත් ඕනෑකමින් බලාපොරොත්තු වන්නේ දැනට රෝවරයේ ඇති රසායානගාරය තුළ පිරික්සුමට ලක් වන අඟහරු පෘෂ්ඨය විද ලබා ගත් පස් සාම්පලවල වැඩි විස්තර දැන ගැනීමටයි. ඒ පස් ලබා ගත්තේ ‘යෙලෝනයිෆ් බේ’ කියන ස්ථානයෙන්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] සිඳී ගිය පැරණි දිය පාරක් බඳු තැනක තිබී විද ලබා ගත් පස්වල ජීවය පැවතීමට අවශ්‍ය මූලිකම රසායනික ද්‍රව්‍ය ඇති බව සොයා ගනු ලැබුවා. ඒ රසායනික මූල ද්‍රව්‍ය වන්නේ සල්ෆර් හෙවත් ගෙන්දගම්, නයිට්රජන්, හයිඩ්රජන්, ඔක්සිජන්, පොස්පරස් හා කාබන්ය. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඇමරිකාව මේ අඟහරු ලොවට යැවූ කියුරියෝසිටි රෝවර යානයට වැය වූ මුලූ මුදල ඩොලර් බිලියන 2.5ක්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] විද්‍යාඥයන් මීළඟට බලාපොරොත්තු වෙනවා රෝවරය ලවා ගේල් ආවාටය අසල පිහිටි කි.මී. 5ක් (සැ. 3ක්) උස කන්දක් කරණය කරවන්න. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඒ ගැන විස්තර ඉදිරි ලිපියකින් බලාපෙරොත්තු වන්න. [/SIZE][/B][/I] [I][B][SIZE=5] දැන් අන්තර්ජාලයේ යූටියුබ් ඔස්සේ දැක ගත හැකි මෙතෙක් කියුරියෝසිටි යානය ගෙවූ ගමන ගැන තැනූ වීඩියෝ පටය නරඹන්න. [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2332136-1A096E35000005DC-204_634x618.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කියුරියෝසිටි රෝවරය අඟහරු මත යද්දී ගන්නා ලද ඡායාරූපයක්.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2332136-1A096E41000005DC-711_634x614.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහු මෙවැන්නක් කළ පළමු වතාවයි, මේ.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2332136-1A096E59000005DC-108_634x607.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] මේ දැක්වෙන්නේ අඟහරු මතුපිට සටහන්ව ඇති කියුරියෝසිටි රෝවරයේ ටයර් සලකුණුයි.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2332136-1A096E4A000005DC-887_634x620.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කැණීම් කිරීම හා පස් එකතු කිරීම සඳහා කියුරියෝසිටි රෝවරයේ ඇති විශේෂ අත්. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2332136-1A096E6D000005DC-218_634x608.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] අන්තර්ජාලය තුළ මේ වීඩියෝ පටියට තිබූ ඉල්ලූම කෙතරම්ද යත් කියුරියෝසිටි නිල ට්වීටර් වෙබ් අඩවියේ පවා එම වීඩියෝ පටිය සඳහා සබැඳියක් යොදා තියෙනවා.[/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/03/26/article-0-18EBCFF4000005DC-28_634x520.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] කියුරියෝසිටි යානය - මේ මෙහෙයුම අතර මගදී පරිගණක ගැටලූ රැසක් එක පිට එක ආවත් කෙසේ හෝ ඒවා විසඳා ගෙන තවමත් මෙහෙයුම පැවැත් වෙනවා. විද්‍යා පරීක්ෂණ කිසිවක් අඩාල වුණේ නැහැ. [/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/03/20/article-2296135-18C70C0E000005DC-158_634x472.jpg[/IMG] [/SIZE][/B][/I][/CENTER] [CENTER][I][B][SIZE=5] රෝවරයේ එක් දිගු අතක සවි කළ කැමරාවකින් ගත් පසෙහි ඡායාරූපයක්. යානය මේ පාෂාණය උඩින් එය බිඳී ගියා. එයින් පාෂණයෙහි ඇතුළත වෙනස් පැහැයක් ඇති බව හෙළි වුණා.[/SIZE][/B][/I][/CENTER] [YOUTUBE]3FH6QPAD-BU[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ "[URL="http://www.malkakulu.com/"][COLOR=Magenta]මල් කැකුළු[/COLOR][/URL]" එකෙන්...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom