Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරු_ග්‍රහයා_conversation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරු_ග්‍රහයා_conversation

2016 ජනවාරි 10

ආචාර්ය සරත් ගුණපාලය මහතා දැක්වු අදහස් සිළුමිණ පුවත් පත වෙත

ලොව අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳව ප්‍රමුඛතම ආයතනය ඇමෙරිකාවේ නාසා ආයතනයයි. එම ආයතනයේ හා ඊට අනුබද්ධ පර්යේෂණාගාර හයක පමණ විවිධ ක්ෂේත්රවල විද්‍යාඥයෝ 60000ක් පමණ සේවය කරති. ඒ අතරින් අධි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයන් සිටින්නේ 80ක් පමණි. ඒ එක් අයෙක් ශ්‍රී ලාංකිකයකු බව කීවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. මේ වෙන කවුරුවත් නොව නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ අධිශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලයෝය. වසර 30කට අධික කාලයක් ඇමෙරිකාවේ සිටියත් සිංහල භාෂාව ඉතා හොඳින් කථා කරන අපේකම, අපේ රට අමතක නොකළ ආචාර්ය සරත් ගුණපාලයන් නාසා ආයතනයේ අලුත්ම පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව සිළුමිණ පුවත්පතට ලබා දුන් සුවිශේෂි සම්මුඛ සාකච්ඡාවයි මේ. පසුගිය දා සති 2ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ විද්වතා පුවත්පතකට දුන් එකම සම්මුඛ සාකච්ඡාව ද මෙය පමණි.

කොහොම ද තොරතුරු? අලුතින් මොනවා ද නාසා ආයතනයේ මේ දවස්වල කරන පර්යේෂණ කටයුතු?

මම මේ දවස් 10 - 12කට ලංකාවට ආවා කොළඹ සරසවියේ අපේ කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවට එක්වෙන්න.

නාසා ආයතනයේ මා වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් ලැබ් එකෙන් ඉස්සර අඟහරුගේ ජලය තිබෙනවා කියලා කිව්වා. ඒ අනුව ජලය තිබෙන ආකාරය අපි සොයා ගත්තා. ඊළඟට අපි අඟහරුගේ ජීවය තිබුණු වකවානු පිළිබඳව හොයනවා. මිනිස්සු සහිත යානයක් පවා අපි ඉදිරි වසර 15 - 20 තුළ අඟහරුට යවන්නයි අදහස.

අඟහරු පිළිබඳව මෙතෙක් සිදුකළ පර්යේණ මඟින් ලැබුණු අලුත් තොරතුරු හා ප්‍රතිඵල පිළිබඳව කතා කළොත්...?

අපි පසුගිය වසර 16 ඇතුළත මිනිසුන් රහිත යානා 4ක් අඟහරුට යවා තිබෙනවා. මුලින්ම මිනිසුන් රහිත යානා යවලා අඟහරු ලෝකයේ ජලය තිබෙනවා ද කියලා සොයා බැලුවා. මුලින්ම පාත් ෆයින්ඩර් යානය අපි අඟහරුට යැවුවා. ඒකේ අධෝරක්ත කිරණ කැමරාව හදන්න මම සම්බන්ධ වුණා. ඊට පස්සේ 2012 දී අපි 'කියුරියෝයිටි' යානාව යැව්වා. ඒක තාම අඟහරුවල සිට අපිට සුවිශේෂි ඡායාරූප හා දත්ත එවනවා. ඒ අනුව අඟහරු ලෝකයේ ගලා යන ජලය නැහැ. නමුත් ජලය ගලා ගිහින් තිබෙනවා. ජලවාෂ්ප තිබෙනවා. අපේ ලෝකයේ ගංගා යට තිබෙන අයුරින් ජලය ගලා යන ස්ථාන පිළිබඳව ඡායාරූප අපිට ලැබුණා.

ජලය ගලා ගෙන ගියාම ගල් වැලි රවුම් වෙලා හැදිලා තිබෙනවා. අඟහරු පෘෂ්ඨයේ පස් එක්ක වතුර තිබෙනවා. වායුගෝලයේ ජල වාෂ්ප තිබෙනවා. එහි පීඩනය අඩුයි. ජලය එහි ද්‍රව ලෙස තියාගන්න බැහැ. අඟහරුගේ වායුගෝලයේ වැඩියෙන්ම තිබෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඊට අමතරව අඟහරුගේ උත්තර ධ්‍රැවයෙහි දක්ෂිණ ධ්‍රැවයෙහි මිදිච්ච මඩ තිබෙනවා. ඒවා උෂ්ණත්වය වැඩි වෙන කාලයට දිය වෙලා පසට කාන්දු වෙනවා.

මොකක්ද නාසා ආයතනයෙන් අඟහරුට යවන්න හදන අලුත්ම යානය?

නාසා ආයතනයේ අපේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරය මඟින් අඟහරුට 2020 දී අලුත් පර්යේෂණ යානාවක් යවනවා. ඒක 'කියුරියෝසිටි'වලට සමානයි. ඒකට තවම නමක් නැහැ. දැනට කියන්නේ 2020 'මාර්ස්' කියලා. ඒක රාත්තල් 2200 ක් බරයි.

මේ යානය යැවීමේ ප්‍රධාන අරමුණ මොකක්ද?

මෙතෙක් කල් අපි යැවුව යානාවලින් කළේ අඟහරුගේ ජලය තිබෙනවා ද කියලා හොයන එක. මේ අලුත්යානාවෙන් කෙරෙන්නේ අඟහරු ලෝකයේ ජීවයක් තිබුණා ද නැත්නම් ක්ෂුද්‍ර ජීවින් වගේ ජීවින් තවමත් ඉන්නවා ද කියල හොයන එක සමඟ ජීවින් සිටියානම් ඒ කාලය සොයා බැලීමයි.

ඒ අනුව වායුගෝලයයි ජලයයි තිබෙන මායිම් ප්‍රදේශයේ තමයි අපි වැඩිපුර පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන්නේ. මේකට අලුත් නමක් ළඟදි දමයි. ඉස්සර 'කියුරියෝසිටි' එකටත් කිව්වේ 'මාර්ස් සයන්ස් ලැබෝරටිරි' කියලා.

අලුත් යානය හැදීමට ඔබතුමා සහ ඔබතුමාගේ කණ්ඩායම එක්වන්නේ මොන අයුරින් ද?

තාම ඒ පිළිබඳව කටයුතු කරමින් පවතිනවා. කොහොමත් අපිට ඒකේ සුවිශේෂි කැමරාවල තාක්ෂණික උපකරණවල කටයුතු කරන්න වේවි. අඟහරුට යවපු හැම යානයකටම අපි සම්බන්ධ වුණා.

ඔබතුමා දැනට ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ මොන තනතුර ද දරන්නෙ?

මම දැන් නාසා එකේ 'ෆෙලෝ සයන්ටිස්ට්' කෙනෙක්. නාසා එකේ විද්‍යාගාර 10 ක් තිබෙනවා. ලොකු ඒවා 5 යි. පොඩි ඒවා 5 යි. අපේ එක ලොකුම එකක්. මේවායේ විද්‍යාඥයන් 60000ක් විතර ඉන්නවා. ඉන් 80ක් පමණයි ෆෙලෝ සයන්ස්ටිස්ට්ලා ඉන්නේ. මම වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ විද්‍යාඥයන් 10000ක් ඉන්නවා. ඉන් ෆෙලෝ සයන්ටිස්ට්ලා ඉන්නේ 20 දෙනයි. ශ්‍රී ලාංකිකයකුට නාසා එකේ ෆෙලෝ සයන්ටිස්ට් වීමට අවස්ථාව ලැබුණු මුල්ම අවස්ථාව මේකයි. නාසා එකේ ඉන්න එකම සිංහල ශ්‍රී ලාංකික ෆෙලෝ සයන්ටිස්ට් මමයි. ඒක මට වඩා රටට ආඩම්බරයක්, ජාතියට ආඩම්බරයක්.

මොකක්ද දැනට අඟහරු සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම පර්යේෂණය?

අඟහරු පිළිබඳව අලුත්ම පර්යේෂණ කරන්නේ අපි යවපු කියුරියෝසිටි යානයයි. 2012 දී අපි ඒක යැව්වේ. දැන් අවුරුදු 3ක් ඒක පර්යේෂණ කරලා අපිට අඟහරු පිළිබඳව නොදත් අලුත් රහස් තොරතුරු රැසක් එවලා තිබෙනවා. මේ යානය ක්‍රියා කරන්නේ පරමාණු බලයෙන්, බර රාත්තල් 2200ක්. පුංචි පරණ පොක්ස්වැගන් කාරෙකකට වැඩිය ලොකුයි. මේක අඩි 9 අඟල් 10ක් දිගයි. අඩි 9ක් පළලයි. අඩි 7ක් උසයි.

නැවේ තිබෙන කුළු ගහ වගේ කැමරාවක් සහිත උපකරණයකින් අඩි 7ක් උසින් මෙහි තිබෙනවා. ඒකෙන් ඈත ඡායාරූප ගන්න පුළුවන්. ඊට අමතරව අඟහරු ලෝකෙට එන විකිරණග්රහණය කරගන්න උපකරණයක් මෙහි තිබෙනවා. ඉදිරියේදී මිනිසුන් සහිත යානාවක් යවන විට විකිරණ තිබුණොත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒ පිළිබඳව පර්යේෂණ කරනවා. ගල් පස් ආදිය පර්යේෂණ කර ඒවායේ තිබෙන මූලද්‍රව්‍ය හා සංයෝග අපට පවසන්න පුළුවන් අලුත් උපකරණයක් ද මේකට සවිකර තිබෙනවා. අඟහරු ලෝකයේ තිබෙන වැලි ගල් පස් හා පාෂාණ පිළිබඳව පර්යේෂණ කිරීමට තවත් අධි තාක්ෂණික උපකරණයක් ද කියුරියෝසිටිවල අන්තර්ගතයි. එය භූ විද්‍යාඥයන්ට වැදගත් තොරතුරු සපයමින් තිබෙනවා.

පස් ගන්න පුළුවන් උපකරණ ඒ පස්වල තිබෙන මූලද්‍රව්‍ය සංයෝග පිළිබඳව සෙවීමට හැකි උපකරණ කිහිපයක්ම මේ කියුරියෝසිටි යානයේ අන්තර්ගතයි.

අඟහරු ලෝකේ තිබෙන එක එක වායු ජාති සොයන උපකරණයක් ද මේකට සවි කරලා තිබෙනවා. මේක හැදුවේ මගේ උපදෙස් ඇතිව මගේ විද්‍යාඥ කණ්ඩායමයි. ඊට අමතරව අඟහරු ලෝකේ විවිධ ජීවින් ඉඳලා මැරුණානම් ඒ අය පිටකරන ජීව වායුවක් පිළිබඳව පරීක්ෂණ කරන්න මේකෙන් පුළුවන්. ඒ ජීව වායුව පිටවුණේ කවදා ද කියලා කාබන් - 14 ක්‍රමයෙන් සොයා ගන්න පුළුවන්. අඟහරු ලෝකේ ජීවය තිබුණානම් කාබන් 14 ක්‍රමයෙන් ඒ ජීවින් සිටි කාලය පිළිබඳව සොයා බලන්න පුළුවන් මේ උපකරණය මඟින්. මේ උපකරණයේ නම CLS. මේකට ලේසර් උපකරණයක් සවිකර තිබෙනවා. මේකෙන් ඈත තිබෙන වායුන් පිළිබඳවත් පරීක්ෂණ කරන්න පුළුවන්.

කියුරියෝසිටි බැස්සුවේ අඟහරු ලෝකයේ සුවිශේෂ තැනකට ද?

අපි කියුරියෝසිටි යානය බැස්සුවේ අඟහරු ලෝකයේ ගේල් කියන ආවාටයටයි. ඒක කිලෝමීටර් 150ක් පළලයි. කියුරියෝසිටි එවපු ත්‍රිමාණ ඡායාරූපවලින් අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ගේල් ආවාටය අවට ප්‍රදේශය පුරා ජලය ගලා ගිය ස්වභාවයක් තිබෙන බව. ජලය විශාල ලෙස කලක් ගලාගෙන ගියාම යට ඇති ගල් සුමට රවුම් වීම මෙහි දක්නට ලැබුණා. අපේ ගංගාවල යටත් තිබෙන ගල් සුමට වෙලා තිබෙනවා. අපි දකිනවා මේ ලක්ෂණ අඟහරුගේ තවත් තැන්වල තිබෙනවා. ඒ අනුව අපි දැන් තීරණය කරලා තිබෙන්නේ අඟහරුවල මීට වසර ගණනාවකට පෙර ජලය තිබූ බවයි.

මීට අමතරව රසායනික හා භෞතික පරීක්ෂණ කරලා අපි සොයාගෙන තිබෙනවා අඟහරුවල තිබුණු වතුර එක්වෙලා කිරිමැටි කැල්සියම් කාබනේට් හැදිලා කියලා. ඒ සාම්පල් එකක් රත් කළාම වතුර එන බව පේනවා. අඟහරුගේ උෂ්ණත්වය රෑට ඍණ 80 යි. දවල්ට අංශක 1 යි.

අඟහරුවල අලුතින් අපි සොයා ගත්ත ගල් වැටි අතර ඉඩකඩක් තිබෙනවා. ඒ වගේ අපේ ලෝකයේ ගල් අතර තිබෙන ඉඩවල තිබෙනවා, කැල්සියම් සල්පේට්. අඟහරු ලෝකේ තිබෙන ගල් අතර තිබෙන ඉඩවලත් තිබෙන්නේ කැල්සියම් සල්පේට්. අඟහරුවල කියුරියෝසිටි රෝවර් එක හැතැප්ම 10 ට වඩා ගිහිල්ලා තිබෙනවා.

අඟහරු ලෝකයේ කඳු තිබෙනවා ද?

ඔව්. අපි ඒ කඳුවල තිබෙන පාෂාණ පිළිබඳවත් පර්යේෂණ කරනවා. මේ ළඟදි අපි ඔබිටර් එකක් මඟින් කන්දක බෑවුම මත කළු දිග පැල්ලම් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ පස් තෙත් වූ බව පෙනෙනවා. ඒ අනුව ඒ බෑවුම මත හයිඩ්රේට් හැදිලා ඒ කියන්නේ උඩ තිබෙන අයිස් දියවෙනවා. පසුව ඒ වතුර යටින් තැන්පත් වෙනවා. ඒ අනුව වතුර තිබෙන්නේ පස් එක්ක පොළොව උඩ පොඩ්ඩක් විතර ගලාගෙන ගිය බව අපට කියන්න පුළුවන්.

අඟහරු පිළිබඳව සිදුකරන අලුත් පර්යේෂණ වැඩ සටහන් මොනවා ද?

අපි 2016 දී අලුත් පර්යේෂණ යානාවක් යවනවා. 'ඉන්සයිඩ්' කියලා යානාවක්. ඊට පස්සේ 2020 දී මාර්ස් 2020 යවනවා, 2022 දී අපි තවත් ඕබිටර් එකක් යවන්නයි සැලසුම් කරගෙන ඉන්නේ. ඒක කක්ෂගත වෙනවා විතරයි බස්සවන්නේ නැහැ.

අපි වසර 5 - 6 කට වරක් අඟහරුට යානා යවනවා. ඒ අනුව අපි 2025 දී 'මාර්ස් සාම්පල් රිටර්න්' යානාව යවන්නයි සැලසුම් කළේ. ඒකෙන් පස් කිලෝ 200 ක් පොළොවට අරන් එන්නයි බලාපොරොත්තුව. මේකට ඩොලර් මිලියන 7 - 8 ක් විතර වැය වෙනවා. මේ ගෙන එන පස් සාම්පල නාසා විද්‍යාගාරවල ඉහළ තාක්ෂණය අනුව පර්යේෂණ කිරීමටයි කටයුතු කරන්නේ. එවිට ජීවය පිළිබඳව යම් දත්ත ලැබේවි.

නාසා පර්යේෂණ ආයතනය මඟින් අඟහරුට මිනිසුන් යැවීමට සැලසුමක් නැද්ද?

තිබෙනවා. ඒ අනුව 2030, 2035 විතර කාලේදි අපි මිනිසුන් තිදෙනෙක් විතර අඟහරුට යවන්න උත්සාහ කරනවා. මෙහාට මම ආවට පස්සේ නාසා පරිපාලකයෙක් මට දැනුම්වත් කිරිමක් කළා මේ යානාව පිළිබඳව 2038, 39, 40 වගේ කාලවල මෙම යානාව අඟහරුට යවන්න අපේක්ෂා කරනවා. මේකට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක් විතර යනවා. අඟහරුට යානයක් යන්න මාස 8ක් යනවා. ලොකුම ප්රශ්නය ඒ යානයේ යවන අජටාකාශගාමින්ට අවශ්‍ය වතුර යවන එකයි. ඒ අනුව මාස 17කට අවශ්‍ය ජලය ගෙනයන්න ඕනෑ. නමුත් මේකට පිළිතුරක් අපි සොයාගත්තා. ඒ අනුව මේ ජලය මුලින්ම ඉර වටා යන පුංචි යානාවල ගබඩා කරලා ඉහළට යවලා තියෙනවා. පසුව ඒ ජලය මිනිසුන් අරන් යන යානාවලට ලබාදීම කරනවා.

[QUOTE="manarrow, post: 19550954, member: 524640"] [b]අඟහරු_ග්‍රහයා_conversation[/b] [SIZE="4"][COLOR="Blue"]2016 ජනවාරි 10 ආචාර්ය සරත් ගුණපාලය මහතා දැක්වු අදහස් සිළුමිණ පුවත් පත වෙත ලොව අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳව ප්‍රමුඛතම ආයතනය ඇමෙරිකාවේ නාසා ආයතනයයි. එම ආයතනයේ හා ඊට අනුබද්ධ පර්යේෂණාගාර හයක පමණ විවිධ ක්ෂේත්රවල විද්‍යාඥයෝ 60000ක් පමණ සේවය කරති. ඒ අතරින් අධි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයන් සිටින්නේ 80ක් පමණි. ඒ එක් අයෙක් ශ්‍රී ලාංකිකයකු බව කීවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. මේ වෙන කවුරුවත් නොව නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ අධිශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලයෝය. වසර 30කට අධික කාලයක් ඇමෙරිකාවේ සිටියත් සිංහල භාෂාව ඉතා හොඳින් කථා කරන අපේකම, අපේ රට අමතක නොකළ ආචාර්ය සරත් ගුණපාලයන් නාසා ආයතනයේ අලුත්ම පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව සිළුමිණ පුවත්පතට ලබා දුන් සුවිශේෂි සම්මුඛ සාකච්ඡාවයි මේ. පසුගිය දා සති 2ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ විද්වතා පුවත්පතකට දුන් එකම සම්මුඛ සාකච්ඡාව ද මෙය පමණි. කොහොම ද තොරතුරු? අලුතින් මොනවා ද නාසා ආයතනයේ මේ දවස්වල කරන පර්යේෂණ කටයුතු? මම මේ දවස් 10 - 12කට ලංකාවට ආවා කොළඹ සරසවියේ අපේ කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවට එක්වෙන්න. නාසා ආයතනයේ මා වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් ලැබ් එකෙන් ඉස්සර අඟහරුගේ ජලය තිබෙනවා කියලා කිව්වා. ඒ අනුව ජලය තිබෙන ආකාරය අපි සොයා ගත්තා. ඊළඟට අපි අඟහරුගේ ජීවය තිබුණු වකවානු පිළිබඳව හොයනවා. මිනිස්සු සහිත යානයක් පවා අපි ඉදිරි වසර 15 - 20 තුළ අඟහරුට යවන්නයි අදහස. අඟහරු පිළිබඳව මෙතෙක් සිදුකළ පර්යේණ මඟින් ලැබුණු අලුත් තොරතුරු හා ප්‍රතිඵල පිළිබඳව කතා කළොත්...? අපි පසුගිය වසර 16 ඇතුළත මිනිසුන් රහිත යානා 4ක් අඟහරුට යවා තිබෙනවා. මුලින්ම මිනිසුන් රහිත යානා යවලා අඟහරු ලෝකයේ ජලය තිබෙනවා ද කියලා සොයා බැලුවා. මුලින්ම පාත් ෆයින්ඩර් යානය අපි අඟහරුට යැවුවා. ඒකේ අධෝරක්ත කිරණ කැමරාව හදන්න මම සම්බන්ධ වුණා. ඊට පස්සේ 2012 දී අපි 'කියුරියෝයිටි' යානාව යැව්වා. ඒක තාම අඟහරුවල සිට අපිට සුවිශේෂි ඡායාරූප හා දත්ත එවනවා. ඒ අනුව අඟහරු ලෝකයේ ගලා යන ජලය නැහැ. නමුත් ජලය ගලා ගිහින් තිබෙනවා. ජලවාෂ්ප තිබෙනවා. අපේ ලෝකයේ ගංගා යට තිබෙන අයුරින් ජලය ගලා යන ස්ථාන පිළිබඳව ඡායාරූප අපිට ලැබුණා. ජලය ගලා ගෙන ගියාම ගල් වැලි රවුම් වෙලා හැදිලා තිබෙනවා. අඟහරු පෘෂ්ඨයේ පස් එක්ක වතුර තිබෙනවා. වායුගෝලයේ ජල වාෂ්ප තිබෙනවා. එහි පීඩනය අඩුයි. ජලය එහි ද්‍රව ලෙස තියාගන්න බැහැ. අඟහරුගේ වායුගෝලයේ වැඩියෙන්ම තිබෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඊට අමතරව අඟහරුගේ උත්තර ධ්‍රැවයෙහි දක්ෂිණ ධ්‍රැවයෙහි මිදිච්ච මඩ තිබෙනවා. ඒවා උෂ්ණත්වය වැඩි වෙන කාලයට දිය වෙලා පසට කාන්දු වෙනවා. මොකක්ද නාසා ආයතනයෙන් අඟහරුට යවන්න හදන අලුත්ම යානය? නාසා ආයතනයේ අපේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරය මඟින් අඟහරුට 2020 දී අලුත් පර්යේෂණ යානාවක් යවනවා. ඒක 'කියුරියෝසිටි'වලට සමානයි. ඒකට තවම නමක් නැහැ. දැනට කියන්නේ 2020 'මාර්ස්' කියලා. ඒක රාත්තල් 2200 ක් බරයි. මේ යානය යැවීමේ ප්‍රධාන අරමුණ මොකක්ද? මෙතෙක් කල් අපි යැවුව යානාවලින් කළේ අඟහරුගේ ජලය තිබෙනවා ද කියලා හොයන එක. මේ අලුත්යානාවෙන් කෙරෙන්නේ අඟහරු ලෝකයේ ජීවයක් තිබුණා ද නැත්නම් ක්ෂුද්‍ර ජීවින් වගේ ජීවින් තවමත් ඉන්නවා ද කියල හොයන එක සමඟ ජීවින් සිටියානම් ඒ කාලය සොයා බැලීමයි. ඒ අනුව වායුගෝලයයි ජලයයි තිබෙන මායිම් ප්‍රදේශයේ තමයි අපි වැඩිපුර පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන්නේ. මේකට අලුත් නමක් ළඟදි දමයි. ඉස්සර 'කියුරියෝසිටි' එකටත් කිව්වේ 'මාර්ස් සයන්ස් ලැබෝරටිරි' කියලා. අලුත් යානය හැදීමට ඔබතුමා සහ ඔබතුමාගේ කණ්ඩායම එක්වන්නේ මොන අයුරින් ද? තාම ඒ පිළිබඳව කටයුතු කරමින් පවතිනවා. කොහොමත් අපිට ඒකේ සුවිශේෂි කැමරාවල තාක්ෂණික උපකරණවල කටයුතු කරන්න වේවි. අඟහරුට යවපු හැම යානයකටම අපි සම්බන්ධ වුණා. ඔබතුමා දැනට ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ මොන තනතුර ද දරන්නෙ? මම දැන් නාසා එකේ 'ෆෙලෝ සයන්ටිස්ට්' කෙනෙක්. නාසා එකේ විද්‍යාගාර 10 ක් තිබෙනවා. ලොකු ඒවා 5 යි. පොඩි ඒවා 5 යි. අපේ එක ලොකුම එකක්. මේවායේ විද්‍යාඥයන් 60000ක් විතර ඉන්නවා. ඉන් 80ක් පමණයි ෆෙලෝ සයන්ස්ටිස්ට්ලා ඉන්නේ. මම වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ විද්‍යාඥයන් 10000ක් ඉන්නවා. ඉන් ෆෙලෝ සයන්ටිස්ට්ලා ඉන්නේ 20 දෙනයි. ශ්‍රී ලාංකිකයකුට නාසා එකේ ෆෙලෝ සයන්ටිස්ට් වීමට අවස්ථාව ලැබුණු මුල්ම අවස්ථාව මේකයි. නාසා එකේ ඉන්න එකම සිංහල ශ්‍රී ලාංකික ෆෙලෝ සයන්ටිස්ට් මමයි. ඒක මට වඩා රටට ආඩම්බරයක්, ජාතියට ආඩම්බරයක්. මොකක්ද දැනට අඟහරු සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම පර්යේෂණය? අඟහරු පිළිබඳව අලුත්ම පර්යේෂණ කරන්නේ අපි යවපු කියුරියෝසිටි යානයයි. 2012 දී අපි ඒක යැව්වේ. දැන් අවුරුදු 3ක් ඒක පර්යේෂණ කරලා අපිට අඟහරු පිළිබඳව නොදත් අලුත් රහස් තොරතුරු රැසක් එවලා තිබෙනවා. මේ යානය ක්‍රියා කරන්නේ පරමාණු බලයෙන්, බර රාත්තල් 2200ක්. පුංචි පරණ පොක්ස්වැගන් කාරෙකකට වැඩිය ලොකුයි. මේක අඩි 9 අඟල් 10ක් දිගයි. අඩි 9ක් පළලයි. අඩි 7ක් උසයි. නැවේ තිබෙන කුළු ගහ වගේ කැමරාවක් සහිත උපකරණයකින් අඩි 7ක් උසින් මෙහි තිබෙනවා. ඒකෙන් ඈත ඡායාරූප ගන්න පුළුවන්. ඊට අමතරව අඟහරු ලෝකෙට එන විකිරණග්රහණය කරගන්න උපකරණයක් මෙහි තිබෙනවා. ඉදිරියේදී මිනිසුන් සහිත යානාවක් යවන විට විකිරණ තිබුණොත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒ පිළිබඳව පර්යේෂණ කරනවා. ගල් පස් ආදිය පර්යේෂණ කර ඒවායේ තිබෙන මූලද්‍රව්‍ය හා සංයෝග අපට පවසන්න පුළුවන් අලුත් උපකරණයක් ද මේකට සවිකර තිබෙනවා. අඟහරු ලෝකයේ තිබෙන වැලි ගල් පස් හා පාෂාණ පිළිබඳව පර්යේෂණ කිරීමට තවත් අධි තාක්ෂණික උපකරණයක් ද කියුරියෝසිටිවල අන්තර්ගතයි. එය භූ විද්‍යාඥයන්ට වැදගත් තොරතුරු සපයමින් තිබෙනවා. පස් ගන්න පුළුවන් උපකරණ ඒ පස්වල තිබෙන මූලද්‍රව්‍ය සංයෝග පිළිබඳව සෙවීමට හැකි උපකරණ කිහිපයක්ම මේ කියුරියෝසිටි යානයේ අන්තර්ගතයි. අඟහරු ලෝකේ තිබෙන එක එක වායු ජාති සොයන උපකරණයක් ද මේකට සවි කරලා තිබෙනවා. මේක හැදුවේ මගේ උපදෙස් ඇතිව මගේ විද්‍යාඥ කණ්ඩායමයි. ඊට අමතරව අඟහරු ලෝකේ විවිධ ජීවින් ඉඳලා මැරුණානම් ඒ අය පිටකරන ජීව වායුවක් පිළිබඳව පරීක්ෂණ කරන්න මේකෙන් පුළුවන්. ඒ ජීව වායුව පිටවුණේ කවදා ද කියලා කාබන් - 14 ක්‍රමයෙන් සොයා ගන්න පුළුවන්. අඟහරු ලෝකේ ජීවය තිබුණානම් කාබන් 14 ක්‍රමයෙන් ඒ ජීවින් සිටි කාලය පිළිබඳව සොයා බලන්න පුළුවන් මේ උපකරණය මඟින්. මේ උපකරණයේ නම CLS. මේකට ලේසර් උපකරණයක් සවිකර තිබෙනවා. මේකෙන් ඈත තිබෙන වායුන් පිළිබඳවත් පරීක්ෂණ කරන්න පුළුවන්. කියුරියෝසිටි බැස්සුවේ අඟහරු ලෝකයේ සුවිශේෂ තැනකට ද? අපි කියුරියෝසිටි යානය බැස්සුවේ අඟහරු ලෝකයේ ගේල් කියන ආවාටයටයි. ඒක කිලෝමීටර් 150ක් පළලයි. කියුරියෝසිටි එවපු ත්‍රිමාණ ඡායාරූපවලින් අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ගේල් ආවාටය අවට ප්‍රදේශය පුරා ජලය ගලා ගිය ස්වභාවයක් තිබෙන බව. ජලය විශාල ලෙස කලක් ගලාගෙන ගියාම යට ඇති ගල් සුමට රවුම් වීම මෙහි දක්නට ලැබුණා. අපේ ගංගාවල යටත් තිබෙන ගල් සුමට වෙලා තිබෙනවා. අපි දකිනවා මේ ලක්ෂණ අඟහරුගේ තවත් තැන්වල තිබෙනවා. ඒ අනුව අපි දැන් තීරණය කරලා තිබෙන්නේ අඟහරුවල මීට වසර ගණනාවකට පෙර ජලය තිබූ බවයි. මීට අමතරව රසායනික හා භෞතික පරීක්ෂණ කරලා අපි සොයාගෙන තිබෙනවා අඟහරුවල තිබුණු වතුර එක්වෙලා කිරිමැටි කැල්සියම් කාබනේට් හැදිලා කියලා. ඒ සාම්පල් එකක් රත් කළාම වතුර එන බව පේනවා. අඟහරුගේ උෂ්ණත්වය රෑට ඍණ 80 යි. දවල්ට අංශක 1 යි. අඟහරුවල අලුතින් අපි සොයා ගත්ත ගල් වැටි අතර ඉඩකඩක් තිබෙනවා. ඒ වගේ අපේ ලෝකයේ ගල් අතර තිබෙන ඉඩවල තිබෙනවා, කැල්සියම් සල්පේට්. අඟහරු ලෝකේ තිබෙන ගල් අතර තිබෙන ඉඩවලත් තිබෙන්නේ කැල්සියම් සල්පේට්. අඟහරුවල කියුරියෝසිටි රෝවර් එක හැතැප්ම 10 ට වඩා ගිහිල්ලා තිබෙනවා. අඟහරු ලෝකයේ කඳු තිබෙනවා ද? ඔව්. අපි ඒ කඳුවල තිබෙන පාෂාණ පිළිබඳවත් පර්යේෂණ කරනවා. මේ ළඟදි අපි ඔබිටර් එකක් මඟින් කන්දක බෑවුම මත කළු දිග පැල්ලම් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ පස් තෙත් වූ බව පෙනෙනවා. ඒ අනුව ඒ බෑවුම මත හයිඩ්රේට් හැදිලා ඒ කියන්නේ උඩ තිබෙන අයිස් දියවෙනවා. පසුව ඒ වතුර යටින් තැන්පත් වෙනවා. ඒ අනුව වතුර තිබෙන්නේ පස් එක්ක පොළොව උඩ පොඩ්ඩක් විතර ගලාගෙන ගිය බව අපට කියන්න පුළුවන්. අඟහරු පිළිබඳව සිදුකරන අලුත් පර්යේෂණ වැඩ සටහන් මොනවා ද? අපි 2016 දී අලුත් පර්යේෂණ යානාවක් යවනවා. 'ඉන්සයිඩ්' කියලා යානාවක්. ඊට පස්සේ 2020 දී මාර්ස් 2020 යවනවා, 2022 දී අපි තවත් ඕබිටර් එකක් යවන්නයි සැලසුම් කරගෙන ඉන්නේ. ඒක කක්ෂගත වෙනවා විතරයි බස්සවන්නේ නැහැ. අපි වසර 5 - 6 කට වරක් අඟහරුට යානා යවනවා. ඒ අනුව අපි 2025 දී 'මාර්ස් සාම්පල් රිටර්න්' යානාව යවන්නයි සැලසුම් කළේ. ඒකෙන් පස් කිලෝ 200 ක් පොළොවට අරන් එන්නයි බලාපොරොත්තුව. මේකට ඩොලර් මිලියන 7 - 8 ක් විතර වැය වෙනවා. මේ ගෙන එන පස් සාම්පල නාසා විද්‍යාගාරවල ඉහළ තාක්ෂණය අනුව පර්යේෂණ කිරීමටයි කටයුතු කරන්නේ. එවිට ජීවය පිළිබඳව යම් දත්ත ලැබේවි. නාසා පර්යේෂණ ආයතනය මඟින් අඟහරුට මිනිසුන් යැවීමට සැලසුමක් නැද්ද? තිබෙනවා. ඒ අනුව 2030, 2035 විතර කාලේදි අපි මිනිසුන් තිදෙනෙක් විතර අඟහරුට යවන්න උත්සාහ කරනවා. මෙහාට මම ආවට පස්සේ නාසා පරිපාලකයෙක් මට දැනුම්වත් කිරිමක් කළා මේ යානාව පිළිබඳව 2038, 39, 40 වගේ කාලවල මෙම යානාව අඟහරුට යවන්න අපේක්ෂා කරනවා. මේකට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක් විතර යනවා. අඟහරුට යානයක් යන්න මාස 8ක් යනවා. ලොකුම ප්රශ්නය ඒ යානයේ යවන අජටාකාශගාමින්ට අවශ්‍ය වතුර යවන එකයි. ඒ අනුව මාස 17කට අවශ්‍ය ජලය ගෙනයන්න ඕනෑ. නමුත් මේකට පිළිතුරක් අපි සොයාගත්තා. ඒ අනුව මේ ජලය මුලින්ම ඉර වටා යන පුංචි යානාවල ගබඩා කරලා ඉහළට යවලා තියෙනවා. පසුව ඒ ජලය මිනිසුන් අරන් යන යානාවලට ලබාදීම කරනවා. [/COLOR][/SIZE] [IMG]http://www.ceylonradio.co.uk/wp-content/uploads/2012/08/Widwatha.jpg?2c305e[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom