Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අටමස්ථානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුර පූජනීය අටමස්ථානය

මෙරට බෞද්ධයන්ගේ ආගමික හා සංස්කෘතියේ ආරම්භය ලෙස සැලකෙන්නේ අනුරාධපුර යුගයයි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට රැගෙනෙ ආ බුදු දහම නිසා ලක්වාසීන්ට සංවිධානාත්මක ආගමික ස්ථාවරයක් ඇති විය. ඒ ආගමික නිදහසත් බුදු දහමට ලැබුණු රාජානුග්‍රහය නිසාත් බුදු දහමේ සිතීමේ හා විමසීමේ නිදහස නිසාත් ජනතාවට වඩාත්ම ළං වූ ආගමක් බවට පත් විය. ඒ අනුව මෙරට රජතුමා බෞද්ධ විය යුතුය යන සංකල්පයත්, බෞද්ධාගමේ සංකේත ලෙසින් චෛත්‍යය ඇතුළු ආගමික ස්ථාන ඉදි කිරීමත් රජතුමාගේ ප්‍රධාන වගකීමක් බවට පත් විය. ඒ අනුව අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීම ආරම්භ විය. අටමස්ථාන සංකල්පය බිහි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන පිහිටුවීමට වැඩම වූ අවස්ථාවේ උන්වහන්සේ ගේ අවධානයට ලක් වූ ප්‍රධාන ස්ථාන අටමස්ථාන ලෙස හැඳීන් වේ.

රුවන් වැලි මහා සෑය

දේවානම්පියතිස්ස රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී එහි ස්තූපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දුටු දුටුගැමුණු රජු එහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලි සෑය නමින් ප්‍රසිද්ධ වූ බවත් සැලකේ. වර්තමානයේ අනුරාධපුරයේ තිබෙන ප්‍රධානතම පූජනීය චෛත්‍යය ලෙස සැලකේ. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති චෛත්‍යයද මෙය බව සැලකේ. විෂ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්තූපය ගිලා නොබැසීම සඳහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු අපේ ඉතිහායේ සඳහන් වේ. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ තෙවැනි ආගමික නිර්මාණය විය. වෙසක් මස පසළොස්වක පොහෝ දිනයක මුල් ගල තබා වැඩ අරඹා එවකට ලංකාවේ විශාලම චෛත්‍යය ලෙස වැඩ නිම කරන ලදි. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු තැන්පත් කර ඇති අතර පන්සිය පනස් ජාතකය ද බුදු සිරිතේ විවිධ අවස්ථා ද රන් පත් ඉරුත නිරූපණය කොට ඇතැයි ථූපවංශය ආදී මූලාශ්‍ර වල දැක්වේ. රුවන්වැලිසෑයේ වට ප්‍රමාණය අඩි 942 කි.

ශී‍්‍ර මහා බෝධින් වහන්සේ

සිදුහත් බෝසත් තුමා බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වන විට ඊට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව ධර්මාශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම වූ පසු දෙවනපෑතිස් රජු එය අනුරාධපුරයේ බෝධීන් වහන්සේ අද වැඩ සිටින ස්ථානයේ රෝපණය කළේය. දෙවනපෑතිස් රජ සිරිලක මහා දඹකොළපටුනට ගොස් බෝධීන් වහන්සේ පිළිගත්තේ කරවටක් දියඹට ගොස් බවත් ඉතිහාසයේ දැක්වේ. එමෙන්ම ලක් රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කළ බවත් දැක් වේ. ශී‍්‍ර මහා බෝධි මළුවේ මළු පහක් තිබේ. ඒවා නම් උඩ මළුව, රන්වැට මළුව, විහාර මළුව, දේවාල මළුව, වැලි මළුවය. මීට අධිගෘහිත දෙවියා ලෙස සැලකෙන්නේ කලු දේවතා බණ්ඩාර හෙවත් විෂ්ණු දෙවියන්ය. බෝධීන් වහන්සේ හා සම්බන්ධිතව අද දක්වාම පැවතගෙන එන චාරිත්‍ර අතර දරමිටි පෝය හෙවත් ඇසළ පෝය සැමරීම, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු සහ අලුත් අවුරුදු මංගල්‍යයන් කාර්තික නම් වු විෂ්ණු දේව මංගල්‍යය දැකිය හැකිය. ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ලෙස හැඳීන්වේ.

මිරිසවැටිය

මිරිසවැටිය චෛත්‍ය ඉදි කිරීම සම්බන්ධව ප්‍රධාන මත දෙකක් තිබේ. එයින් වඩාත් ප්‍රසිද්ධ හා ඓතිහාසිකව පිළිගැනෙන මතය මිරිස් මාළුව හා සම්බන්ධ කතාවයි. මහා වංශයේ සදහන් පරිදි දුටුගැමුණු රජු අත පසුවීමකින් භික්ෂූන්ට අග්‍ර කොටස පිළි නොගන්වා මිරිස් මාළුවක් ආහාරයට ගත් නිසා මිරිසවැටිය නමින් දැගැබක් ඉදි කර එය භික්ෂූන් වහන්සේට පිළි ගැන්වූ බවයි. අනෙක් මතය වන්නේ දුටුගැමුණු රජු එළාර රජු සමඟ සටන් කොට ජයලබා අභිෂේක කොට හත් වැනි දින ජලකෙළියට තිසා වැවට බසිනා විට මිරිසවැටිය ඉදි කරන ලද ස්ථානයේ තම සධාතුක ජය කොන්තය තැබූ බවත් පසුව එය ගැනීමට හැදුමුත් සෙලවීමටත් නොහැකි වූ බවත් එයද තැන්පත් කොට මිරිසවැටිය කරවූ බවක්ද කියවේ. ථූපයේ හා ආරාමයේ වැඩ වසර 03 කින් නිම කරන ලද අතර මිරිසවැටි උත්සවයට භික්ෂු භික්ෂුනීන් ලක්ෂ 02 ක් පමණ සහභාගි වු බවද කියැවේ.

ථූපාරාමය

අනුරාධපුරයේ මුලින්ම ඉදි වූ දාගැබ ථූපාරාමය වන අතර අටමස්ථානවල පැරණිම දාගැබ වේ. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගෙන් මුලින්ම ලැබුණ පැළ අටෙන් එක් පැළයක් ථූපාරාමයේ තැන්පත් කළ බව කියැවේ. මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්තූපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ වන අතර මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. මෙරට ප්‍රථම චෛත්‍යය නිසා පඨමක චේතිය නමින්ද එය හැඳීන් වේ. ආරම්භයේදි ස්තූපය ධාන්‍යාකාර යුක්ත වුවද මාඝ ආක්‍රමණයෙන් විනාශ වී ගොස් 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්රිත කැටයම් මෙන්ම , ඇත් පොකුණ , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත. බුදුරජාණන් වහන්සේ තෙවන වර වැඩමවා මෙම ස්ථානයේ සමාධි සුවයෙන් වැඩ වසා ඇත. මිහිඳු හිමියන්ගේ උපදෙස් අනුව මෙම චෛත්‍යය කරවා තිබේ.

ජේතවනාරාමය

ලොව විශාලතම දාගැබ ලෙස සැලකෙන ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කරවන ලදි. අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්නව පිහිටි ජේත උද්‍යානයේ ඉදිකරන ලද නිසා ජේතවනාරාමය නමින් ප්‍රසිද්ධ වී ඇත. චෛත්‍ය මළුවේ පැත්තක දිග අඩි 576 කි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් ගෙන නිධන්කොට ජේතවනාරාමය ඉදි කළ බව සැලකේ. එසේම බුදුන් වහන්සේගේ බඳ පටිය, හා රජවරු කිහිප දෙනෙකුගේ ප්‍රතිමා මෙහි තැන්පත් කොට ඇත. ගඩොලින් ඉදිකළ උසම ගොඩනැගිල්ල මෙය වන අතර එකල එහි උස අඩි 400 (වර්තමානයේ උස අඩි 237කි) ක් බවත් ගඩොල් කැට ලක්ෂ 56 ක් චෛත්‍යය ඉදි කිරීමට යොදා ගෙන ඇති බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.

අභයගිරි දාගැබ

වළගම්බා රජු යුද්ධයකදී දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දි ජෛන ආශ්රමයක සිටි ගිරි නම් නිගන්ඨයකු රජු දැක “මහා කලු සිංහලයා පලා යනවා” යයි කෑ ගැසීය. වසර 14 කට පසු වළගම්බා රජු රහසිගතව සේනා සංවිධානය කර භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය තනවන ලදී. තමන්ට රජවීමට උපකාර කළ තිස්ස හිමිට මෙම දාගැබ රජු විසින් ම පූජා කරන ලදී. මෙය මෙරට සිදු කරන ලද ප්‍රථම ආරාම පූජාවයි. ඒ නිසාම අග්නි දිග ආසියාවේ මෙන්ම දකුණු ආසියාවේ භික්ෂූන් වහන්සේලා මෙහි පැමිණ ඉගෙනීමේ කටයුතු වල නිරත වී ඇත. කලා නිර්මාණ අතර ප්රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත.

ලංකාරාමය

වළගම්බා රජු සතුරන් සමඟ යුද්ධකර ජයගත්තේ එතුමාගේ බිසව වන සෝමා දේවිය නිසාය. එම නිසා ඇයට රජු විසින් අගනා මැණිකක් පරිත්‍යාග කළ අතර එම මැණික මෙම දාගැබේ තැන්පත් කර ඇති බවද කියැවේ. . ලංකාරාමය අටමස්ථාන අතරින් කුඩාම දාගැබ වේ. මෙය සම්පූර්ණයෙන් ගඩොලින් නිම කළ අතර මුලින් තිබූ ස්වරූපයට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් දැන් දක්නට ඇත. ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ ‘සිලා සොම්භ කණ්ඩක’ යන නමිනි. වළගම්බා රජු විසින්ම තැනවූ අභයගිරියට අයත් ආරාමයක් වූ ලංකාරාමය ට වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය ,මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්තූපයේ විශ්කම්භය අඩි 38කි.

ලෝවාමහාපාය

දෙව්ලොව ප්රසාදයක සැකැස්මකට අනුව අනුරාධපුරයේ ඉදි කරන ලද එකම ආගමික ස්ථානය ලෝවාමහා පායයි. ලෝවාමහා පාය ඉදි කිරීමේදී දුටුගැමුණු රජු විසින් ඒ සඳහා අවශ්‍ය වන සැලැස්ම රහතන් වහන්සේලාගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී රහතන් වහන්සේලා විසින් තව්තිසා දෙව්ලොව තිබූ ප්‍රසාදයක් ඇසුරින් සැලැස්ම සකස් කර දී තිබේ. එම සැලැස්මට අනුකූලව මෙම ගොඩනැගිල්ල සෑදීමේදී රජු කිසිවෙකුගෙන් නොමිලේ සේවය ලබා ගෙන නොමැත. සැමට වැටුප් ගෙවීය. අවසානයේ දොරටු හතරකින් හා මහල් නවයකින් යුක්ත වන ආකාරයෙන් මෙහි වැඩ කටයුතු නිම කර තිබේ. ශෛලමය ස්තම්භ පේලියක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත. මහල් නවයකින් යුක්ත වූ ලෝවාමහාපාය කාමර දහසකින් යුක්ත වූ බවද ඉතිහාසය කියා පායි. සද්ධාතිස්ස රජ දවස ගින්නෙන් විනාශ වූ මෙය නැවත සත් මහල්ව ඉදි කර ඇත. මහාවිහාර සංකීර්ණයේ නටබුන් අතරට අයත් වැදගත් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපාය අටමස්ථාන අතරටත් අයත් වේ. මෙහි පියස්ස තඹ වලින් කළ උළු යොදා සෙවිළි කිරීම හේතුවෙන් ලෝවාමහාපාය යන නම ලැබී ඇති බව සැලකේ. වර්තමානයේ අපි ලොවාමහාපාය වශයෙන් හදුනාගන්නේ එම ස්ථම්භ පේළිය පමණි.

[QUOTE="leeroxxroxx, post: 26449232, member: 419938"] [HEADING=2]අනුරාධපුර පූජනීය අටමස්ථානය[/HEADING] මෙරට බෞද්ධයන්ගේ ආගමික හා සංස්කෘතියේ ආරම්භය ලෙස සැලකෙන්නේ අනුරාධපුර යුගයයි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට රැගෙනෙ ආ බුදු දහම නිසා ලක්වාසීන්ට සංවිධානාත්මක ආගමික ස්ථාවරයක් ඇති විය. ඒ ආගමික නිදහසත් බුදු දහමට ලැබුණු රාජානුග්‍රහය නිසාත් බුදු දහමේ සිතීමේ හා විමසීමේ නිදහස නිසාත් ජනතාවට වඩාත්ම ළං වූ ආගමක් බවට පත් විය. ඒ අනුව මෙරට රජතුමා බෞද්ධ විය යුතුය යන සංකල්පයත්, බෞද්ධාගමේ සංකේත ලෙසින් චෛත්‍යය ඇතුළු ආගමික ස්ථාන ඉදි කිරීමත් රජතුමාගේ ප්‍රධාන වගකීමක් බවට පත් විය. ඒ අනුව අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීම ආරම්භ විය. අටමස්ථාන සංකල්පය බිහි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන පිහිටුවීමට වැඩම වූ අවස්ථාවේ උන්වහන්සේ ගේ අවධානයට ලක් වූ ප්‍රධාන ස්ථාන අටමස්ථාන ලෙස හැඳීන් වේ. [CENTER] [TABLE] [TR] [TD] [HEADING=2]රුවන් වැලි මහා සෑය[/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-01.jpg[/IMG] [LEFT]දේවානම්පියතිස්ස රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී එහි ස්තූපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දුටු දුටුගැමුණු රජු එහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලි සෑය නමින් ප්‍රසිද්ධ වූ බවත් සැලකේ. වර්තමානයේ අනුරාධපුරයේ තිබෙන ප්‍රධානතම පූජනීය චෛත්‍යය ලෙස සැලකේ. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති චෛත්‍යයද මෙය බව සැලකේ. විෂ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්තූපය ගිලා නොබැසීම සඳහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු අපේ ඉතිහායේ සඳහන් වේ. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ තෙවැනි ආගමික නිර්මාණය විය. වෙසක් මස පසළොස්වක පොහෝ දිනයක මුල් ගල තබා වැඩ අරඹා එවකට ලංකාවේ විශාලම චෛත්‍යය ලෙස වැඩ නිම කරන ලදි. ද්‍රෝණයක් පමණ සර්වඥධාතු තැන්පත් කර ඇති අතර පන්සිය පනස් ජාතකය ද බුදු සිරිතේ විවිධ අවස්ථා ද රන් පත් ඉරුත නිරූපණය කොට ඇතැයි ථූපවංශය ආදී මූලාශ්‍ර වල දැක්වේ. රුවන්වැලිසෑයේ වට ප්‍රමාණය අඩි 942 කි.[/LEFT] [HR][/HR] [HEADING=2]ශී‍්‍ර මහා බෝධින් වහන්සේ[/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-02.jpg[/IMG] සිදුහත් බෝසත් තුමා බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වන විට ඊට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව ධර්මාශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම වූ පසු දෙවනපෑතිස් රජු එය අනුරාධපුරයේ බෝධීන් වහන්සේ අද වැඩ සිටින ස්ථානයේ රෝපණය කළේය. දෙවනපෑතිස් රජ සිරිලක මහා දඹකොළපටුනට ගොස් බෝධීන් වහන්සේ පිළිගත්තේ කරවටක් දියඹට ගොස් බවත් ඉතිහාසයේ දැක්වේ. එමෙන්ම ලක් රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කළ බවත් දැක් වේ. ශී‍්‍ර මහා බෝධි මළුවේ මළු පහක් තිබේ. ඒවා නම් උඩ මළුව, රන්වැට මළුව, විහාර මළුව, දේවාල මළුව, වැලි මළුවය. මීට අධිගෘහිත දෙවියා ලෙස සැලකෙන්නේ කලු දේවතා බණ්ඩාර හෙවත් විෂ්ණු දෙවියන්ය. බෝධීන් වහන්සේ හා සම්බන්ධිතව අද දක්වාම පැවතගෙන එන චාරිත්‍ර අතර දරමිටි පෝය හෙවත් ඇසළ පෝය සැමරීම, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු සහ අලුත් අවුරුදු මංගල්‍යයන් කාර්තික නම් වු විෂ්ණු දේව මංගල්‍යය දැකිය හැකිය. ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් ඇති වෘක්ෂය ලෙස හැඳීන්වේ. [HR][/HR] [HEADING=2]මිරිසවැටිය[/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-03.jpg[/IMG] මිරිසවැටිය චෛත්‍ය ඉදි කිරීම සම්බන්ධව ප්‍රධාන මත දෙකක් තිබේ. එයින් වඩාත් ප්‍රසිද්ධ හා ඓතිහාසිකව පිළිගැනෙන මතය මිරිස් මාළුව හා සම්බන්ධ කතාවයි. මහා වංශයේ සදහන් පරිදි දුටුගැමුණු රජු අත පසුවීමකින් භික්ෂූන්ට අග්‍ර කොටස පිළි නොගන්වා මිරිස් මාළුවක් ආහාරයට ගත් නිසා මිරිසවැටිය නමින් දැගැබක් ඉදි කර එය භික්ෂූන් වහන්සේට පිළි ගැන්වූ බවයි. අනෙක් මතය වන්නේ දුටුගැමුණු රජු එළාර රජු සමඟ සටන් කොට ජයලබා අභිෂේක කොට හත් වැනි දින ජලකෙළියට තිසා වැවට බසිනා විට මිරිසවැටිය ඉදි කරන ලද ස්ථානයේ තම සධාතුක ජය කොන්තය තැබූ බවත් පසුව එය ගැනීමට හැදුමුත් සෙලවීමටත් නොහැකි වූ බවත් එයද තැන්පත් කොට මිරිසවැටිය කරවූ බවක්ද කියවේ. ථූපයේ හා ආරාමයේ වැඩ වසර 03 කින් නිම කරන ලද අතර මිරිසවැටි උත්සවයට භික්ෂු භික්ෂුනීන් ලක්ෂ 02 ක් පමණ සහභාගි වු බවද කියැවේ. [HR][/HR] [HEADING=2]ථූපාරාමය[/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-04.jpg[/IMG] අනුරාධපුරයේ මුලින්ම ඉදි වූ දාගැබ ථූපාරාමය වන අතර අටමස්ථානවල පැරණිම දාගැබ වේ. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගෙන් මුලින්ම ලැබුණ පැළ අටෙන් එක් පැළයක් ථූපාරාමයේ තැන්පත් කළ බව කියැවේ. මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්තූපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ වන අතර මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. මෙරට ප්‍රථම චෛත්‍යය නිසා පඨමක චේතිය නමින්ද එය හැඳීන් වේ. ආරම්භයේදි ස්තූපය ධාන්‍යාකාර යුක්ත වුවද මාඝ ආක්‍රමණයෙන් විනාශ වී ගොස් 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්රිත කැටයම් මෙන්ම , ඇත් පොකුණ , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත. බුදුරජාණන් වහන්සේ තෙවන වර වැඩමවා මෙම ස්ථානයේ සමාධි සුවයෙන් වැඩ වසා ඇත. මිහිඳු හිමියන්ගේ උපදෙස් අනුව මෙම චෛත්‍යය කරවා තිබේ. [HR][/HR] [HEADING=2]ජේතවනාරාමය [/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-05.jpg[/IMG] ලොව විශාලතම දාගැබ ලෙස සැලකෙන ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කරවන ලදි. අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්නව පිහිටි ජේත උද්‍යානයේ ඉදිකරන ලද නිසා ජේතවනාරාමය නමින් ප්‍රසිද්ධ වී ඇත. චෛත්‍ය මළුවේ පැත්තක දිග අඩි 576 කි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් ගෙන නිධන්කොට ජේතවනාරාමය ඉදි කළ බව සැලකේ. එසේම බුදුන් වහන්සේගේ බඳ පටිය, හා රජවරු කිහිප දෙනෙකුගේ ප්‍රතිමා මෙහි තැන්පත් කොට ඇත. ගඩොලින් ඉදිකළ උසම ගොඩනැගිල්ල මෙය වන අතර එකල එහි උස අඩි 400 (වර්තමානයේ උස අඩි 237කි) ක් බවත් ගඩොල් කැට ලක්ෂ 56 ක් චෛත්‍යය ඉදි කිරීමට යොදා ගෙන ඇති බව ඉතිහාසඥයෝ විශ්වාස කරති. [HR][/HR] [HEADING=2]අභයගිරි දාගැබ [/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-06.jpg[/IMG] වළගම්බා රජු යුද්ධයකදී දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දි ජෛන ආශ්රමයක සිටි ගිරි නම් නිගන්ඨයකු රජු දැක “මහා කලු සිංහලයා පලා යනවා” යයි කෑ ගැසීය. වසර 14 කට පසු වළගම්බා රජු රහසිගතව සේනා සංවිධානය කර භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය තනවන ලදී. තමන්ට රජවීමට උපකාර කළ තිස්ස හිමිට මෙම දාගැබ රජු විසින් ම පූජා කරන ලදී. මෙය මෙරට සිදු කරන ලද ප්‍රථම ආරාම පූජාවයි. ඒ නිසාම අග්නි දිග ආසියාවේ මෙන්ම දකුණු ආසියාවේ භික්ෂූන් වහන්සේලා මෙහි පැමිණ ඉගෙනීමේ කටයුතු වල නිරත වී ඇත. කලා නිර්මාණ අතර ප්රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. [HR][/HR] [HEADING=2]ලංකාරාමය [/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-07.jpg[/IMG] වළගම්බා රජු සතුරන් සමඟ යුද්ධකර ජයගත්තේ එතුමාගේ බිසව වන සෝමා දේවිය නිසාය. එම නිසා ඇයට රජු විසින් අගනා මැණිකක් පරිත්‍යාග කළ අතර එම මැණික මෙම දාගැබේ තැන්පත් කර ඇති බවද කියැවේ. . ලංකාරාමය අටමස්ථාන අතරින් කුඩාම දාගැබ වේ. මෙය සම්පූර්ණයෙන් ගඩොලින් නිම කළ අතර මුලින් තිබූ ස්වරූපයට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් දැන් දක්නට ඇත. ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ ‘සිලා සොම්භ කණ්ඩක’ යන නමිනි. වළගම්බා රජු විසින්ම තැනවූ අභයගිරියට අයත් ආරාමයක් වූ ලංකාරාමය ට වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය ,මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්තූපයේ විශ්කම්භය අඩි 38කි. [HR][/HR] [HEADING=2]ලෝවාමහාපාය [/HEADING] [IMG]https://www.budusarana.lk/budusarana/2017/06/08/z_p49-Anuradapura-08.jpg[/IMG] දෙව්ලොව ප්රසාදයක සැකැස්මකට අනුව අනුරාධපුරයේ ඉදි කරන ලද එකම ආගමික ස්ථානය ලෝවාමහා පායයි. ලෝවාමහා පාය ඉදි කිරීමේදී දුටුගැමුණු රජු විසින් ඒ සඳහා අවශ්‍ය වන සැලැස්ම රහතන් වහන්සේලාගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී රහතන් වහන්සේලා විසින් තව්තිසා දෙව්ලොව තිබූ ප්‍රසාදයක් ඇසුරින් සැලැස්ම සකස් කර දී තිබේ. එම සැලැස්මට අනුකූලව මෙම ගොඩනැගිල්ල සෑදීමේදී රජු කිසිවෙකුගෙන් නොමිලේ සේවය ලබා ගෙන නොමැත. සැමට වැටුප් ගෙවීය. අවසානයේ දොරටු හතරකින් හා මහල් නවයකින් යුක්ත වන ආකාරයෙන් මෙහි වැඩ කටයුතු නිම කර තිබේ. ශෛලමය ස්තම්භ පේලියක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත. මහල් නවයකින් යුක්ත වූ ලෝවාමහාපාය කාමර දහසකින් යුක්ත වූ බවද ඉතිහාසය කියා පායි. සද්ධාතිස්ස රජ දවස ගින්නෙන් විනාශ වූ මෙය නැවත සත් මහල්ව ඉදි කර ඇත. මහාවිහාර සංකීර්ණයේ නටබුන් අතරට අයත් වැදගත් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපාය අටමස්ථාන අතරටත් අයත් වේ. මෙහි පියස්ස තඹ වලින් කළ උළු යොදා සෙවිළි කිරීම හේතුවෙන් ලෝවාමහාපාය යන නම ලැබී ඇති බව සැලකේ. වර්තමානයේ අපි ලොවාමහාපාය වශයෙන් හදුනාගන්නේ එම ස්ථම්භ පේළිය පමණි.[/TD] [/TR] [/TABLE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom