Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
21 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අට ලෝ දහම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යස අයස ගැන දන්නේ නැති අයට හොද ලිපියක් මෙන්න

අටලෝදහම

යස - අයස

අනුන් ගේ කීර්තිය මකාලීමට නොයෙක් දේ කරන අයත් ලෝකයෙහි කවදත් දුලබ නැත. පෙරට වඩා අද මේ නරක ගතිය සියදහස් ගුණයෙන් අධිකය. ගුණමකු අය ගුණවතුන්ගේ නම නරක් කිරීමට ව්‍යාපාරයක් වශයෙන් දිගට කරගෙන යති. ඊට කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කරති. පව් සිදුවීම ගැන ඔවුන් ගේ තැකීමක් නැත.

බුද්ධාදී ආර්යයන් වහන්සේලා ගේ ගුණය කොතරම් පැතිර ගියත් බොරු චෝදනා නිසා කොතරම් අගුණයක් පැතිර ගියත්, ඒ දෙක්හිම උන්වහන්සේ මධ්‍යස්ථවනසේක. ආර්යයන් එසේ වුවත් පුහුදුන් බොහෝ දෙන යසසේ දී උඩඟු වීමත් අයසේදී දොම්නස්වැ පසුබට වීමත් ස්වභාවයෙකි. සමහරෙක් යසස - කීර්තිය ලැබීමට නො කරන අයුත්තෙක් නැත. නො කරන අපරාධයෙක් නො මැත. බොහොම හරි හොඳ නමක් රටේ ඇති කර ගන්නට සිතා නොයෙක් දේ කරති.

ආත්ම ගෞරවය

ගිහියන් පමණක් නොවැ, ඇතැම් පැවිද්දන් පවා බණ ටිකක් දෙස තත්, බණ භාවනාවක් කරතත්, ගුණදහමක් වඩතත් එයින් ප්‍රසිද්ධියක් ම බලාපොරොත්තු වෙති. අද වෙසෙන උසස් යයි සලකනු ලබන බොහෝ ගිහියෝ දන් ටිකක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, සිල් සමාදන් වුවත්, බණ ඇසුවත්, වෙහෙර විහාරයකට ගියත් ඒ සියල්ලම ප‍්‍රසිද්ධියටම – නම පතළ කැරැ ගැනුමට ම සිදු කරති. පුහුදුන් ලෝකයා කීර්තියට එතරම්ම කෑදරය. පොඩි අපකීර්තියක් හෝ ඇති වුවහොත් එයත් එසේම පසුබට වෙති. මෙහිලා සැලකිය යුතු කරුණෙක් වෙයි. එනම්: තම නම නරක් නො වන ලෙස කි‍්‍රයා කිරීමට පරෙස්සම් වීම ආත්ම ගෞරවය ඇති ඕනෑම කෙනෙකු ගේ යුතුකම විය යුතු බවයි. බොරු චෝදනා නිසා තමත් වෙත එල්ල වන්නා වූ අපකීර්තියට බිය නො විය යුතුවාක් මෙන් ම, ස්වල්ප මාත්‍ර දෝෂයක් හේතු කොට ගෙන හෝ, ඇති වන අපකීර්තියට විශාල බියක් පහළ කරගත යුතුය.

තම වැරැදි නිසා පහළ වන්නා වූ අපකීර්තිය ගැන සැලකිලිමත් වනවා මිස අටලෝ දහම අනුව අපකීර්තියත් ඇතිවිය යුතු යයි සිත සිතා වරදෙහි බැදීම මිනිස්කමට නො ගැළපෙන්නකි. ආත්ම ගෞරවය තිබෙන කොයි කවුරුන් වුව ද, තම හොඳ නමට කිළුටක් වේ නම්, එය වළකා ගන්නට ජීවිතය පවා කැප කරති. නම නරක් කැරගත් ජීවිතය අවලංගු තඹ කාසියක් තරම්වත් වටින්නේ නැත. එහෙයින් යසස අයසට හැරෙන්නට ඉඩ නො තබා සිහි නුවණින් කි‍්‍රයා කරන ගමන ඊර්ෂ්‍යා පරවශයන් පතුරුවා හරින අයසට කලබල නොවී මැදිහත් විය යුතුය.

නින්දා – ප්‍රශංසා

නින්දාව හා ප්‍රශංසාව ලෝ දහම් දෙකෙකි. සැමදාම නින්දා පමණක් ලබන කෙනෙක් නැත්තාක් මෙන් ම, සැමදාම ප්‍රශංසා පමණක් ලබන කෙනෙක්ද නැත. සියල්ලන් කෙරෙහි විටින් විට මේ දෙක ගලා ඒම කිසිවකු හට වළකාලන්නට නො පිළිවන්ය. පුහුදුන් ලෝ වැස්සා ප්‍රශංසාවම බලාපොරොත්තු වනවා මිස, සිහි නෙකිනුදු නින්දාව බලාපොරොත්තු වන්නේ නැත. තමන් ගේ කොපමණ දොස් ඇතත් ඒවාට පවා නින්දා කරනවාට වැඩි දෙනෙක් අකමැතිය. ඒ නිසාම වැරදි වලින් පිරී ගිය මිනිසා පවා ප්‍රශංසා කරවා ගන්නටම සූදානම් වන්නේ ය.

දූෂිත පුද්ගලයන්

එබඳු දෝෂ දූෂිත පුද්ගලයන්ට ප්‍රශංසා කිරීමටත් සැදී පෑදී සිටින අයත් මෙකල සුලභය. මේ බොරු ප්‍රශංසා - බොරු ස්තුති නිසා තව තවත් මහජනයා නොමඟට ම වැටෙනවායයි මඳක් සලකා බලන්නේවත් නැතිව කරන ප්‍රශංසා නිසා වත්මන් සමාජය නොමඟටම යොමුවන බව පෙනේ. සාමාන්‍ය නූගත් මහජනයා ඒ බොරු වැණුම් අසා කොහොම විසුවත් ගුණවර්ණනාවන් අඩුවක් නැතිව ලැබෙන නිසා, තමන්ට වඩා පහසු වූ වැරැදි වැඩවල යෙදුනාට ඇති වරද කුමක්දැයි සලකා තව තව වැරදි වැඩවලම යෙදෙති. සමහරවිට පින් තකා දන් ටිකක් දෙන්නා වූ දායකයන්ටත් ස්තුති ප්‍රශංසා කොට, ඔවුන් ගේ පින්කම කිළුටු කිරීමට සැරසෙන ප්‍රතිග්‍රාහකයෝ ද මෙකල දිනපතා වැඩි වෙති. පස් පව් දස අකුසලින් පිරිගියවුන් පවා මළොත් ඔවුන්ගේ මළගමේ දී පවා කැරෙන ගුණ වැණුම් විළිබිය තිබෙන කෙනෙකුට අසන්නට නො පිළිවන් තරම්ය. යම් තැනක ගුණ වර්ණනාව අඩු වුවොත්, එයට නොකැමැත්ත පළ කරන තරමට අද සමාජය නොමඟට වැටී ඇත. සිතට එකඟව යමක් ප්‍රකාශ කළොත්, ඒ ප්රකාශකයාට අද රටේ ඉඩක් ලැබෙන්නේ නැත. වංක කුහක-බොරු වැණුම් කරන්නන් හට ආවඩන, ඒවාට කැමැති අය ද අද වැඩියයි කිව යුතුය.

කල්‍යාණ මිත්‍රයා

එසේ වුවද නින්දා ප්‍රශංසා දෙක කළ යුතු සැටි තේරුම් ගෙන කරනවා නම්, එය කාගේත් වැඩ පිණිස හේතු වන්නේ ය. වරද වරද වශයෙන් ම කිව යුතුය. පෙන්වා දිය යුතුය. වරදට නින්දා කොට එය පෙන්වා දෙන තැනැත්තා නියම කල්‍යාණ මිත්‍රයා බව වදාළ සේක. ගුණය කා කෙරෙහි තිබුණත් ගුණයමැයි. එයට ව්‍යාජ ලෙස නොව අවංක සිතින් පැසැසිය යුතුය. එසේ නොව නින්දා කළ යුත්තට ප්‍රශංසා කිරීමත්, ප්‍රශංසා කළ යුත්තට නින්දා කිරීමත් අයුතු කි‍්‍රයා මෙන් ම පව් සිදුවන්නා වූ කි‍්‍රයාවෝ ය. එහෙයින් වදාළහ.

“යො නින්දියං පසංසති

තංචා නින්දති යො පසංසියො

විචිනාති මුඛෙන සො කලිං

කලිනා තෙන සුඛං න වින්දති”

යමෙක් නින්දා කළ යුත්තාට පසසාද, පැසැසිය යුත්තාට නින්දා කෙරේද, හේ මුවින් පව් රැස්කර ගන්නේ ය. එම පවින් දුක් විඳින්නේය. යනු එහි අදහසයි.

නින්දා කිරීම ද බොහෝ දෙනෙකුට ඉතා හුරු පුරුදු වැඩෙකි. අද නින්දා කිරීමට ඉලක්කය වශයෙන් ගණන් ගෙන තිබුණේ සුගුණයි. හොඳ ගතියි. ගුණය නො රුස්සන ගුණයට සමච්චල් කරන ගුණවතුන් පහත් කොට සලකන මෙවැනි කාලයක් කවදාවත් නොවීය. භික්ෂූන් වහන්සේ අතර පවා මේ දුර්ගුණය ඉතා තදින් ම බලපවත්නා බැව් අකමැත්තෙන් වුවද, කිව යුතුව ඇත. භික්ෂුවක් වශයෙන් තමන් අයත් හරි මඟ ගමන් කරන්නා වූ භික්ෂුවට අද සමාජයෙන් ලැබෙන්නේ නින්දාවක් ය. භික්ෂුන් වශයෙන් පෙනී සිටින්නෝම භික්ෂුන් ගේ සංවරය ශීලය ගුණය අවමානයට ලක් කරති. සංවරව මඟ තොට ගමන් කිරීම, කැප සරුප් පඩු පෙවූ සිවුරු පරිහරණය, පාත්‍ර පරිහරණය ආදී භික්ෂු ජීවිතයට අයත් ගිහි ආකල්පයෙන් වෙන් වූ වැඩ පිළිවෙළ පවා උපහාසයට ලක් කොට නින්දා කරති. අද සමහරෙක් මගතොට යන එන විට සිවුර හරෙන් මෙහෙන් දමාගෙන, වටපිට බල බලා අසංවරව ආගිය තරමටම “මඟ හපන්කම් කරන්නෝ අපි වම්හ” යි ආඩම්බර වෙති. මෙවැනි විගඩම් දකින සැදෑවත් බෞද්ධයන් ගේසිත කළකිරෙනවා පමණක් නොව, මහත් දොම්නසට පත් වෙනවා නොවේ ද යි අබමල් රේණුවකට වත් තැකීමක් නො කරති. බුදු සසුන් විසාහි නො පහන් අය පහන් කිරීමටත් පහන් අයගේ පැහැදීම දියුණු කිරීමටත් මම බැදී සිටින්නෙමියි අදහස් මාත්‍රයකුදු පහළ නො කෙරෙති. ඔව්හු “නච බුද්ධං සමාචරෙ කිඤ්චි - යෙන විඤ්ඤො පරෙ උපවදෙය්‍යුං” නුවනැත්තන් දොස් කියන සුළු වරදක් වත් නොකළ යුතුය යන බුදු වදන දෙස බැලීමකුදු නො මැත.

සංකර ගතිසිරිත්

අද ගිහි සමාජයෙහි ද සිනාවට ලක් කරනු ලබන්නෝ ගුණවත් සිල්වත් හික්මුණු ගිහියෝ ය. ගුණ ලවයක් නොමැති බොහෝ ගිහියෝ ගුණවත් ගිහියාට නින්දා කරති. ගිහියන් සිල්වතුන් වීම, ගුණවත්වීම, බණ දහම් ඇසීම, විහාර පන්සල් යාම, භික්ෂුන් ඇසුරු කිරීම, සැදැහැවත්ව ආගම ඇදහීම, දන් පින් කිරීම, තෙරුවන් වන්දනාව, මාපියාදී වැඩිහිටියවුන් පිදීම, කුල දෙටුවන් පිදීම, ගුරුන් පිදීම, යටත් පහත් පැවැත්ම, ආර්ය චාරිත්‍ර පැවැත්මාදී යහපත් ගති සියල්ලම නින්දාවට ලක් කොට දොස් නගන දේ වී තිබේ.

සිල්වතුන් ගුණවතුන් ඇසුරු නො කිරීම, මවුපිය ගුරුවරා දීනට අකීකරුවීම, නො හික්මීම, සංකර ගති සිරිත් කර පින්නා ගැනීමාදී දුර්ගුණ උසස් කොට වණන්නෝ බොහෝය. හැම පසින් ම පවිටන් නැඟ එන මෙවැනි අන් කාලයක් ගැන අසන්නට වත් ලැබී නැත. එහෙයින් සත් කි්රයාවන් පහත් කොට සලකා ඒවාට නින්දා කිරීමත් අසත් කි්රයාවන් උසස් කොට සලකා ඒවාට පැසැසීමත් පුදුමයට කරුණු නොවේ.

බුදුරජාණන් වහන්සේ අපරමිත ගුණය හා නුවණ කරණ කොට ගෙන පහන් වූ අය මෙතෙකැයි සීමා කළ නො හැකිය. එදා පමණක් නොව මෙදා ද එදා මෙදා අතර කාලයේ දී අසීමිත ජන සමූහයක් උන්වහන්සේ කෙරෙහි ජනිත ප්‍රසාදය හේතු කොට ගෙන නිම් හිම් නැති පැසැසුම් කළ බවත් කරන බවත් ඉතා පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කස්සපාදී ජටිලයන් දමනය කොට බුදු සසුනේ පැවිදි උපසපන් බව හා රහත් බව සලසාදී ඒ දහසක් දෙනා වහන්සේ රජගහ නුවරට සැපත් වූ කල්හි තරුණ වෙසක් මවා ගත් සක් දෙව් රජ

“දන්තො දන්තෙහි සහ පුරාණ ජටිලෙහි

විප්පමුත්තො විප්පමුත්තෙහි

සිංගී නික්ඛසවණ්ණො

රාජගහං පාවීසි භගවා”

ඉඳුරන් දමනය කරන ලද දඹ රන් පැහැති බුදුරජාණන් වහන්සේ දැමුණා වූ පුරාණ ජටිල රහත් සඟගණ සමඟ රජගහනුවරට පිවිසි සේක. කෙලෙසුන් ගෙන් හා බව දුකින් මිදුණා වූ දඹරන් පැහැති බුදුරජාණන්වහන්සේ කෙලෙසුන්ගෙන් හා බව දුකින් මිදුණා වූ සඟගණ සමඟ රජගහ නුවරට පිවිසි සේක, යනාදී ප්රශංසාත්මක ගීතිකා ගයමින් පැසැසීය. මේ ඈ විසින් දෙව් බඹුන් ගේ පැසැසීම් මෙපමණයයි කිව නො හැකිය.

දිනක් ඓශ්චර්යයෙන් පිරීගිය ජානුස්සොණි නම් බමුණකුහට තථාගතයන් වහන්සේ හමුවී එන්නා වනූ පිලොතික නම් පිරිවැජි යෙක් හමු විය. බමුණ “ඔබ කොයි සිට එන්නෙහි”දැයි ජානුස්සොණි පිලොතිකගෙන් ඇසූ විට, “මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ හමුවැ එමියි, කීවේ” ය. ඉක්බිති ජාණුස්සොණි තෙමේ පිලොතිකගෙන් “ කිම පින්වත් වාත්සායනය, ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ප්රඥාමහත්වය කෙබඳු ද? හේ පණ්ඩිතයෙකැයි සිතන්නෙහිදැ”යි ඇසීය. එවිට පිලොතික “කො වාහං හො, කෙව සමණස්ස ගෞතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමී සොපි නූනස්ස තාදිසොව, යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාව්යෙයත් තියං ජානෙය්යාති” පින්වත, මම කවරෙක් වෙම්ද? මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥා මහත්වය දැනීමෙහි කවර නම් සමර්ථකමක් ඇත්තෙක් වෙම්ද? මම එවැනි දැනුමක් නැත්තෙක්මි. යමෙක් ශ්‍රමණභවත් ගෞතමයන් ගේ ප්රඥාමහත්වය හා පාණ්ඩිත්‍යය දැනුමට සමර්ථ වේද? හෙතෙමේත් ඒකාන්තයෙන්ම එබඳු සම්මා සම්බුදු කෙනෙක්ම විය යුතුය. ඒ නිසා උන්වහන්සේ පසසන්ට මම කවරෙක් වෙම්ද? මට එබඳු කිසි දක්ෂකමෙක් නැත.

නින්දා පරිභව

උන්වහන්සේ “පසත්ථ පසත්ථො” දෙව් මිනිසුන් විසින් පසසන ලද්දවුන්ගෙන් ද පසසන ලද උතුමෙකැයි කීය. මේ ආදී අසංඛ්‍ය ගණන් සත්වයන් ගෙන් පැසැසුම් ලැබූ උන්වහන්සේ නොයෙක් දෙනාගේ නින්දා අපහාසයන්ට ද අනන්ත වාරයක් ලක් වූසේක. උන්වහන්සේට චෝදනා කිරීමට වසවත් මරුවා හැම විට ම උන්වහන්සේ ගේ වරදක් අල්ලා ගන්නට බුදු වූදා සිට පිරිනිවීම තෙක්ම පසුපසැ ඇවිද නො හැකිව පසුව පැසැසීය. ලෙව්හි නිවැරැදි එකම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ බැවින් අංශුමාත්ර වරදක් වත් අල්ලා ගන්නට නො පිළිවන් වූ වසවත් සතළිස් පස් වසක්ම පියවරින් පියවර තථාගතයන් වහන්සේ ගේ් වරදක් අල්ලා ගන්නට තමන් ලුහුබැන්ඳ බවත්, අබමල් රේණුවක් සා වරදකුදු ඇසිඳ ගන්නට නො සමත් වූ බවත් කියා පැසැසීය. බුදුරජාණන් වහන්සේ ගේ නිවැරැදි ගතිය එසේ වුවද, චිඤ්චා මානවිකාව, කුසැ දර මිටියක් බැඳගෙන ශ්‍රමණ භවත් ගෞතමයන් නිසා ගැබ් ගත්තියක්මියි චෝදනාවක් ඉදිරි පත් කොට උන්වහන්සේ සල්ලාලයකු බවට නින්දා පරිභව කළාය.

අන්‍ය තීර්ථකයෝ සුන්දරී නම් පිරි වැජිය මරා වළලා එය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගේ් කෘතියකැයි කියාපාමින් උන්වහන්සේ මිනීමරුවකු බවට නින්දා කළහ. මාගන්දි නම් බැමිණිය තම නුවර වැසි නො හික්මුණු අයට අල්ලස් දී නොයෙක් ලෙසින් නින්දා පරිභව කරවන ලදී. ඒ නින්දා බස් ඇසිය නො හැකි ආනන්ද මාහිමියෝ “ස්වාමීනි, මෙතරම් නින්දා බස් අසමින් මෙනුවර විසීමෙන් ඇති ඵලය කුමක්ද? අන් නුවරකට යම්හ”යි කීහ. “ආනන්දය, ඒ යන නුවරදී නින්දා කළොත් කුමක් කළ යුතුද? අන් නුවරකට යමු යි” කීහ. “ආනන්දය, මෙසේ නින්දා කරන වා යයි නුවරින් නුවරට යන්නට පටන් ගත්තොත් මුළු පොළොවද ඉඩ මඳ වේ”යි පවසා මේ නින්දා පරිභව තව සතියකට වඩා නො පවත්නේ යයි වදාරා, ඒවා සංසිඳෙන තුරු එහිම වැඩ සිටි සේක.

අගුණ කියමින්

දිනක් සුප්පිය නම් පරිබ්‍රාජකයෙක් තම අතැවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයකු සමඟ මඟ බැස යන්නේ පන්සීයක් භික්ෂූන්වහන්සේ සමඟ මඟ වඩින්නා වූ බුදුරජාණන්වහන්සේට ඇසෙන සේ උන්වහන්සේ ගේ අගුණ කියමින් ධර්මයේ අගුණ කියමින්, සංඝයාගේ අගුණ කියමින්, පසු පස ආවේය. ඒ සමඟ ගමන් කරන බ්‍රහ්මදත්ත මානවකයා තෙරුවන්හි ගුණ වැණීය. එසේ අවුත් රෑ බුදුරජාණන්වහන්සේ ලැගුම් ගත් අම්බලට්ඨිකා උයනේ රාජාගාරයෙහි ඔහු ද අතවැසියා සමඟ ලැගුම් ගෙන, පෙර සේම තෙරුවන් පිළිබඳ අගුණ ප්‍රකාශ කළහ. මෙහිදී ද ගුරුවරයා තෙරුවන් පිළිබඳ අගුණ ප්‍රකාශ කරත්ම, අතැවැසි බ්‍රහ්මදත්ත මාණවකයා තෙරුවන් විෂයයෙහි ගුණම වැණුවේය. මෙහි දී භික්ෂූන් වහන්සේ සුප්පිය – බ්‍රහ්මදත්ත යන ගුරු ශිෂ්‍ය දෙදෙනා ගේ අන්‍යොන්‍ය ප්‍රතිවිරුද්ධ කථාව බුදුරජාණන් වහන්සේට කියා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ “මහණෙනි, යමෙක් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනට දොස් පවරා කථා කළත්, ඊට තමුන්නාන්සේලාගේ සිත්හි අමනාපයක් පහළ කැර ගත යුතු නොවේ.

සතුටක් සොම්නසක්

කෝපයක් හෝ විරුද්ධත්වයක් ඇති කැරැ ගත යුතු නොවේ. යම් ලෙසකින් තෙරුවන් කෙරෙහි දොස් නඟතැයි තමුන්නාන්සේලා ගේ සිත අමනාප කර ගත්තොත්, එය තමුන්නාන්සේලාටම අලාභයකි. තමුන්නාන්සේලාටම අනතුරෙකි. තෙරුවනට යම් දොසක් නඟනවා නම්, එය සත්‍යයක්ද අසත්‍යයක්දැයි සලකා බැලිය යුතුය. එසේම යම් කෙනෙක් තෙරුවන් පසසනවා නම්, එහිලා සතුටක් - සොම්නසක් පහළ කැරැ නො ගත යුතුය.

එසේ සතුටක් සොම්නසක් පහළ වූවත් එය ඔබට අලාභයෙකි. අනතුරෙකි. ඒ කියන ගුණ තෙරුවන් විෂයෙහි විද්‍යාමාන වන්නේදැයි නුවණින් සලකා බැලිය යුතුය. මහාකාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශිත යට සඳහන් කාරණය ගැන සියල්ලන් විසින් ම ඉතා හොඳින් සිතට ගත යුතුය. එනම්; දෙවි මිනිස් ඈ කිසිවකුට සකාරණව දොස් නඟන්නට නොහැකි වන්නා වූ, තෙරුවනට යමකු දෙස් නැඟුවත්, ප්‍රශංසා කළත්, එය නිකම්ම ඉවතට නො දමා සත්යයෙක්දැයි සිහි නුවණින් යුතුව මෙනෙහි කළ යුතු බවයි.

එසේ මෙනෙහි කොට නිකරුණේ හේතුවක් නො මැතිව ඊර්ෂ්‍යා පරවශව කැරෙන නින්දාව ගැන ස්වල්පයක්වත් දොම්නස් නො විය යුතුවාක් මෙන් ම, ප්‍රශංසාව ගැන ද ඇත්ත වශයෙන් පැසැසිය යුතු කරුණක් නිසාම පසසනවාදැයි නුවණින් සලකා බැලිය යුතුය. එසේ සලකා බලා, යම් ගුණයක් නිසා පසසනවා නම්, එය තේරුම් ගෙන එහිලා මධ්‍යස්ථව තව තවත් ගුණවත් වීමට ඉටා ගත යුතුය. නො එසේ ව බොරු ස්තුතියක් - බොරු ප්‍රශංසාවක් දැයි සලකා බලා එවැන්නක් නම් එයට නො රැවටී මේ මා නො මඟට දමන්නට, මගෙන් ප්‍රයෝජන ගන්නට මට කැරෙන බොරු ප්රශංසාවක්ය, මා මේ චාටු කතාවලට රැවටෙන්නේ් නැත. යනාදී වශයෙන් සලකා එවැනි ප්‍රශංසා තුට්ටුවකට වත් ගණන් නො ගෙන, තව තවත් ගුණවත් වීමට ඉටා ගත යුතුය. අද ඊර්ෂා පරවශව කැරෙන නින්දාත්, අනුන් රවටා තම වාසියක් සලසා ගැනීමට කැරෙන ප්රසංශාත් නිම්හිම් නැත. ගුණමකු කුහකයන් ගුණවතුනට වුවත් නිකරුණේ නින්දා කොට පිරිහෙලනට නො ගන්නා උත්සාහයක් නො මැත,

කාමාදි කෙළෙස්

එසේම බොරු ස්තුති ප්‍රශංසා කොට මහජනයා නො මඟ හෙලා, වාසි ලබා ගන්නට කැරෙන උත්සාහයේ ප්‍රමාණයක්ද නැත. යම් කිසිවකුගේ වරදක් තිබේ නම්, එය කිව යුත්තේ ඔහුට නින්දා පරිභව කරන අදහසින් නොවේ. එය කිව යුත්තේ් ඔහුට ලජ්ජාවක් ඇති නො වන ලෙස වෙන අය ඉදිරියේ දී නොව, ඔහු තනි කොට හුදු මෙත් සිතිනි. යම් කෙනෙකුන් ගේවරදක් ගැන ඔහුට නින්දා කොට පිරිහෙළන අදහසින් ඒ වරද ප්‍රකට කොට හරින තැනැත්තාගේ කාමාදී කෙලෙස් වැඩෙන බවත්, ඔහුට සසර දුකින් මිදෙන්නට නො පිළිවන් වන බවත් (රහත් විය නො හැකි බවත්) බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සුඛ – දුක්ඛ

අටලෝ දහමට ඇතුළත් වන්නා වූ අනෙක් දහම් දෙක නම් සැප දුක් දෙකයි, සැප දුක් දෙකම කායික සැපය, මානසික සැපය, කායික දුකය, මානසික දුකයයි දෙපරිදිය. මේ දෙක ද සියල්ලන් කෙරෙහි රිය සක සේ පෙරැළී එයි. බුදුරජාණන්වහන්සේට රහතන් වහන්සේට හෝ යම් කිසි කායික සුඛයක් විඳින්නට ලැබුණත්, එහි ලා සොම්නසෙක් නැත. එසේම කායික දුක් කොතෙක් ලැබුණත් උන්වහන්සේලාට එහිලා දොම්නසක්ද නැත. උන්වහන්සේලාට මානසික දුක් පහළවීමෙක් කොහොත්ම නැත. සියලු කෙලෙස් මුලු සුන් කොට නසන ලද හෙයින් “සබ්බදා චෙ සුඛං සෙති - බ්රාහ්මණො පරිනිබ්බුතො” කෙලෙස් පිරිනිවීයෙන් පිරිනිවන් පා වදාළ රහතන් වහන්සේ හැමදාම සුවසේ වාසය කරන සේකැයි දේශනා කළ සේක. ඒ අනුව රහතන්වහන්සේ හැමදාම සුවසේය. උන්වහන්සේට පහළ වන්නාවු කායික දුක්ඛ වේදනාවෝ උන්වහන්සේගේ අර්හත්ඵල සමාප්තත්ති සුඛයට පීඩා කිරීමට නො සමත් වෙති. එහෙයින් සුවසේ ය.

දිණමිණ

[QUOTE="Cronus, post: 14686133, member: 464108"] [SIZE=3]යස අයස [SIZE=3]ගැ[SIZE=3]න [/SIZE][/SIZE]දන්නේ නැති අයට හොද ලිපියක් මෙන්න [/SIZE][CENTER][SIZE=3][COLOR=#FF0000]අටලෝදහම[/COLOR][/SIZE][/CENTER] [SIZE=3][B] [COLOR=#800080]යස - අයස[/COLOR][/B] [/SIZE][CENTER] [SIZE=3][IMG]http://www.dinamina.lk/2009/04/01/a0904013.jpg[/IMG] [/SIZE] [/CENTER] [LEFT] [SIZE=3][B][COLOR=#800080]අ[/COLOR][/B]නුන් ගේ කීර්තිය මකාලීමට නොයෙක් දේ කරන අයත් ලෝකයෙහි කවදත් දුලබ නැත. පෙරට වඩා අද මේ නරක ගතිය සියදහස් ගුණයෙන් අධිකය. ගුණමකු අය ගුණවතුන්ගේ නම නරක් කිරීමට ව්‍යාපාරයක් වශයෙන් දිගට කරගෙන යති. ඊට කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කරති. පව් සිදුවීම ගැන ඔවුන් ගේ තැකීමක් නැත. [/SIZE][/LEFT] [SIZE=3] බුද්ධාදී ආර්යයන් වහන්සේලා ගේ ගුණය කොතරම් පැතිර ගියත් බොරු චෝදනා නිසා කොතරම් අගුණයක් පැතිර ගියත්, ඒ දෙක්හිම උන්වහන්සේ මධ්‍යස්ථවනසේක. ආර්යයන් එසේ වුවත් පුහුදුන් බොහෝ දෙන යසසේ දී උඩඟු වීමත් අයසේදී දොම්නස්වැ පසුබට වීමත් ස්වභාවයෙකි. සමහරෙක් යසස - කීර්තිය ලැබීමට නො කරන අයුත්තෙක් නැත. නො කරන අපරාධයෙක් නො මැත. බොහොම හරි හොඳ නමක් රටේ ඇති කර ගන්නට සිතා නොයෙක් දේ කරති. [COLOR=#800080]ආත්ම ගෞරවය[/COLOR] ගිහියන් පමණක් නොවැ, ඇතැම් පැවිද්දන් පවා බණ ටිකක් දෙස තත්, බණ භාවනාවක් කරතත්, ගුණදහමක් වඩතත් එයින් ප්‍රසිද්ධියක් ම බලාපොරොත්තු වෙති. අද වෙසෙන උසස් යයි සලකනු ලබන බොහෝ ගිහියෝ දන් ටිකක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, සිල් සමාදන් වුවත්, බණ ඇසුවත්, වෙහෙර විහාරයකට ගියත් ඒ සියල්ලම ප‍්‍රසිද්ධියටම – නම පතළ කැරැ ගැනුමට ම සිදු කරති. පුහුදුන් ලෝකයා කීර්තියට එතරම්ම කෑදරය. පොඩි අපකීර්තියක් හෝ ඇති වුවහොත් එයත් එසේම පසුබට වෙති. මෙහිලා සැලකිය යුතු කරුණෙක් වෙයි. එනම්: තම නම නරක් නො වන ලෙස කි‍්‍රයා කිරීමට පරෙස්සම් වීම ආත්ම ගෞරවය ඇති ඕනෑම කෙනෙකු ගේ යුතුකම විය යුතු බවයි. බොරු චෝදනා නිසා තමත් වෙත එල්ල වන්නා වූ අපකීර්තියට බිය නො විය යුතුවාක් මෙන් ම, ස්වල්ප මාත්‍ර දෝෂයක් හේතු කොට ගෙන හෝ, ඇති වන අපකීර්තියට විශාල බියක් පහළ කරගත යුතුය. තම වැරැදි නිසා පහළ වන්නා වූ අපකීර්තිය ගැන සැලකිලිමත් වනවා මිස අටලෝ දහම අනුව අපකීර්තියත් ඇතිවිය යුතු යයි සිත සිතා වරදෙහි බැදීම මිනිස්කමට නො ගැළපෙන්නකි. ආත්ම ගෞරවය තිබෙන කොයි කවුරුන් වුව ද, තම හොඳ නමට කිළුටක් වේ නම්, එය වළකා ගන්නට ජීවිතය පවා කැප කරති. නම නරක් කැරගත් ජීවිතය අවලංගු තඹ කාසියක් තරම්වත් වටින්නේ නැත. එහෙයින් යසස අයසට හැරෙන්නට ඉඩ නො තබා සිහි නුවණින් කි‍්‍රයා කරන ගමන ඊර්ෂ්‍යා පරවශයන් පතුරුවා හරින අයසට කලබල නොවී මැදිහත් විය යුතුය. [COLOR=#800080]නින්දා – ප්‍රශංසා[/COLOR] නින්දාව හා ප්‍රශංසාව ලෝ දහම් දෙකෙකි. සැමදාම නින්දා පමණක් ලබන කෙනෙක් නැත්තාක් මෙන් ම, සැමදාම ප්‍රශංසා පමණක් ලබන කෙනෙක්ද නැත. සියල්ලන් කෙරෙහි විටින් විට මේ දෙක ගලා ඒම කිසිවකු හට වළකාලන්නට නො පිළිවන්ය. පුහුදුන් ලෝ වැස්සා ප්‍රශංසාවම බලාපොරොත්තු වනවා මිස, සිහි නෙකිනුදු නින්දාව බලාපොරොත්තු වන්නේ නැත. තමන් ගේ කොපමණ දොස් ඇතත් ඒවාට පවා නින්දා කරනවාට වැඩි දෙනෙක් අකමැතිය. ඒ නිසාම වැරදි වලින් පිරී ගිය මිනිසා පවා ප්‍රශංසා කරවා ගන්නටම සූදානම් වන්නේ ය. [COLOR=#800080]දූෂිත පුද්ගලයන්[/COLOR] එබඳු දෝෂ දූෂිත පුද්ගලයන්ට ප්‍රශංසා කිරීමටත් සැදී පෑදී සිටින අයත් මෙකල සුලභය. මේ බොරු ප්‍රශංසා - බොරු ස්තුති නිසා තව තවත් මහජනයා නොමඟට ම වැටෙනවායයි මඳක් සලකා බලන්නේවත් නැතිව කරන ප්‍රශංසා නිසා වත්මන් සමාජය නොමඟටම යොමුවන බව පෙනේ. සාමාන්‍ය නූගත් මහජනයා ඒ බොරු වැණුම් අසා කොහොම විසුවත් ගුණවර්ණනාවන් අඩුවක් නැතිව ලැබෙන නිසා, තමන්ට වඩා පහසු වූ වැරැදි වැඩවල යෙදුනාට ඇති වරද කුමක්දැයි සලකා තව තව වැරදි වැඩවලම යෙදෙති. සමහරවිට පින් තකා දන් ටිකක් දෙන්නා වූ දායකයන්ටත් ස්තුති ප්‍රශංසා කොට, ඔවුන් ගේ පින්කම කිළුටු කිරීමට සැරසෙන ප්‍රතිග්‍රාහකයෝ ද මෙකල දිනපතා වැඩි වෙති. පස් පව් දස අකුසලින් පිරිගියවුන් පවා මළොත් ඔවුන්ගේ මළගමේ දී පවා කැරෙන ගුණ වැණුම් විළිබිය තිබෙන කෙනෙකුට අසන්නට නො පිළිවන් තරම්ය. යම් තැනක ගුණ වර්ණනාව අඩු වුවොත්, එයට නොකැමැත්ත පළ කරන තරමට අද සමාජය නොමඟට වැටී ඇත. සිතට එකඟව යමක් ප්‍රකාශ කළොත්, ඒ ප්රකාශකයාට අද රටේ ඉඩක් ලැබෙන්නේ නැත. වංක කුහක-බොරු වැණුම් කරන්නන් හට ආවඩන, ඒවාට කැමැති අය ද අද වැඩියයි කිව යුතුය. [COLOR=#800080]කල්‍යාණ මිත්‍රයා[/COLOR] එසේ වුවද නින්දා ප්‍රශංසා දෙක කළ යුතු සැටි තේරුම් ගෙන කරනවා නම්, එය කාගේත් වැඩ පිණිස හේතු වන්නේ ය. වරද වරද වශයෙන් ම කිව යුතුය. පෙන්වා දිය යුතුය. වරදට නින්දා කොට එය පෙන්වා දෙන තැනැත්තා නියම කල්‍යාණ මිත්‍රයා බව වදාළ සේක. ගුණය කා කෙරෙහි තිබුණත් ගුණයමැයි. එයට ව්‍යාජ ලෙස නොව අවංක සිතින් පැසැසිය යුතුය. එසේ නොව නින්දා කළ යුත්තට ප්‍රශංසා කිරීමත්, ප්‍රශංසා කළ යුත්තට නින්දා කිරීමත් අයුතු කි‍්‍රයා මෙන් ම පව් සිදුවන්නා වූ කි‍්‍රයාවෝ ය. එහෙයින් වදාළහ. “යො නින්දියං පසංසති තංචා නින්දති යො පසංසියො විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති” යමෙක් නින්දා කළ යුත්තාට පසසාද, පැසැසිය යුත්තාට නින්දා කෙරේද, හේ මුවින් පව් රැස්කර ගන්නේ ය. එම පවින් දුක් විඳින්නේය. යනු එහි අදහසයි. නින්දා කිරීම ද බොහෝ දෙනෙකුට ඉතා හුරු පුරුදු වැඩෙකි. අද නින්දා කිරීමට ඉලක්කය වශයෙන් ගණන් ගෙන තිබුණේ සුගුණයි. හොඳ ගතියි. ගුණය නො රුස්සන ගුණයට සමච්චල් කරන ගුණවතුන් පහත් කොට සලකන මෙවැනි කාලයක් කවදාවත් නොවීය. භික්ෂූන් වහන්සේ අතර පවා මේ දුර්ගුණය ඉතා තදින් ම බලපවත්නා බැව් අකමැත්තෙන් වුවද, කිව යුතුව ඇත. භික්ෂුවක් වශයෙන් තමන් අයත් හරි මඟ ගමන් කරන්නා වූ භික්ෂුවට අද සමාජයෙන් ලැබෙන්නේ නින්දාවක් ය. භික්ෂුන් වශයෙන් පෙනී සිටින්නෝම භික්ෂුන් ගේ සංවරය ශීලය ගුණය අවමානයට ලක් කරති. සංවරව මඟ තොට ගමන් කිරීම, කැප සරුප් පඩු පෙවූ සිවුරු පරිහරණය, පාත්‍ර පරිහරණය ආදී භික්ෂු ජීවිතයට අයත් ගිහි ආකල්පයෙන් වෙන් වූ වැඩ පිළිවෙළ පවා උපහාසයට ලක් කොට නින්දා කරති. අද සමහරෙක් මගතොට යන එන විට සිවුර හරෙන් මෙහෙන් දමාගෙන, වටපිට බල බලා අසංවරව ආගිය තරමටම “මඟ හපන්කම් කරන්නෝ අපි වම්හ” යි ආඩම්බර වෙති. මෙවැනි විගඩම් දකින සැදෑවත් බෞද්ධයන් ගේසිත කළකිරෙනවා පමණක් නොව, මහත් දොම්නසට පත් වෙනවා නොවේ ද යි අබමල් රේණුවකට වත් තැකීමක් නො කරති. බුදු සසුන් විසාහි නො පහන් අය පහන් කිරීමටත් පහන් අයගේ පැහැදීම දියුණු කිරීමටත් මම බැදී සිටින්නෙමියි අදහස් මාත්‍රයකුදු පහළ නො කෙරෙති. ඔව්හු “නච බුද්ධං සමාචරෙ කිඤ්චි - යෙන විඤ්ඤො පරෙ උපවදෙය්‍යුං” නුවනැත්තන් දොස් කියන සුළු වරදක් වත් නොකළ යුතුය යන බුදු වදන දෙස බැලීමකුදු නො මැත. [COLOR=#800080]සංකර ගතිසිරිත[/COLOR]් අද ගිහි සමාජයෙහි ද සිනාවට ලක් කරනු ලබන්නෝ ගුණවත් සිල්වත් හික්මුණු ගිහියෝ ය. ගුණ ලවයක් නොමැති බොහෝ ගිහියෝ ගුණවත් ගිහියාට නින්දා කරති. ගිහියන් සිල්වතුන් වීම, ගුණවත්වීම, බණ දහම් ඇසීම, විහාර පන්සල් යාම, භික්ෂුන් ඇසුරු කිරීම, සැදැහැවත්ව ආගම ඇදහීම, දන් පින් කිරීම, තෙරුවන් වන්දනාව, මාපියාදී වැඩිහිටියවුන් පිදීම, කුල දෙටුවන් පිදීම, ගුරුන් පිදීම, යටත් පහත් පැවැත්ම, ආර්ය චාරිත්‍ර පැවැත්මාදී යහපත් ගති සියල්ලම නින්දාවට ලක් කොට දොස් නගන දේ වී තිබේ. සිල්වතුන් ගුණවතුන් ඇසුරු නො කිරීම, මවුපිය ගුරුවරා දීනට අකීකරුවීම, නො හික්මීම, සංකර ගති සිරිත් කර පින්නා ගැනීමාදී දුර්ගුණ උසස් කොට වණන්නෝ බොහෝය. හැම පසින් ම පවිටන් නැඟ එන මෙවැනි අන් කාලයක් ගැන අසන්නට වත් ලැබී නැත. එහෙයින් සත් කි්රයාවන් පහත් කොට සලකා ඒවාට නින්දා කිරීමත් අසත් කි්රයාවන් උසස් කොට සලකා ඒවාට පැසැසීමත් පුදුමයට කරුණු නොවේ. බුදුරජාණන් වහන්සේ අපරමිත ගුණය හා නුවණ කරණ කොට ගෙන පහන් වූ අය මෙතෙකැයි සීමා කළ නො හැකිය. එදා පමණක් නොව මෙදා ද එදා මෙදා අතර කාලයේ දී අසීමිත ජන සමූහයක් උන්වහන්සේ කෙරෙහි ජනිත ප්‍රසාදය හේතු කොට ගෙන නිම් හිම් නැති පැසැසුම් කළ බවත් කරන බවත් ඉතා පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කස්සපාදී ජටිලයන් දමනය කොට බුදු සසුනේ පැවිදි උපසපන් බව හා රහත් බව සලසාදී ඒ දහසක් දෙනා වහන්සේ රජගහ නුවරට සැපත් වූ කල්හි තරුණ වෙසක් මවා ගත් සක් දෙව් රජ “දන්තො දන්තෙහි සහ පුරාණ ජටිලෙහි විප්පමුත්තො විප්පමුත්තෙහි සිංගී නික්ඛසවණ්ණො රාජගහං පාවීසි භගවා” ඉඳුරන් දමනය කරන ලද දඹ රන් පැහැති බුදුරජාණන් වහන්සේ දැමුණා වූ පුරාණ ජටිල රහත් සඟගණ සමඟ රජගහනුවරට පිවිසි සේක. කෙලෙසුන් ගෙන් හා බව දුකින් මිදුණා වූ දඹරන් පැහැති බුදුරජාණන්වහන්සේ කෙලෙසුන්ගෙන් හා බව දුකින් මිදුණා වූ සඟගණ සමඟ රජගහ නුවරට පිවිසි සේක, යනාදී ප්රශංසාත්මක ගීතිකා ගයමින් පැසැසීය. මේ ඈ විසින් දෙව් බඹුන් ගේ පැසැසීම් මෙපමණයයි කිව නො හැකිය. දිනක් ඓශ්චර්යයෙන් පිරීගිය ජානුස්සොණි නම් බමුණකුහට තථාගතයන් වහන්සේ හමුවී එන්නා වනූ පිලොතික නම් පිරිවැජි යෙක් හමු විය. බමුණ “ඔබ කොයි සිට එන්නෙහි”දැයි ජානුස්සොණි පිලොතිකගෙන් ඇසූ විට, “මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ හමුවැ එමියි, කීවේ” ය. ඉක්බිති ජාණුස්සොණි තෙමේ පිලොතිකගෙන් “ කිම පින්වත් වාත්සායනය, ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ප්රඥාමහත්වය කෙබඳු ද? හේ පණ්ඩිතයෙකැයි සිතන්නෙහිදැ”යි ඇසීය. එවිට පිලොතික “කො වාහං හො, කෙව සමණස්ස ගෞතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමී සොපි නූනස්ස තාදිසොව, යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාව්යෙයත් තියං ජානෙය්යාති” පින්වත, මම කවරෙක් වෙම්ද? මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥා මහත්වය දැනීමෙහි කවර නම් සමර්ථකමක් ඇත්තෙක් වෙම්ද? මම එවැනි දැනුමක් නැත්තෙක්මි. යමෙක් ශ්‍රමණභවත් ගෞතමයන් ගේ ප්රඥාමහත්වය හා පාණ්ඩිත්‍යය දැනුමට සමර්ථ වේද? හෙතෙමේත් ඒකාන්තයෙන්ම එබඳු සම්මා සම්බුදු කෙනෙක්ම විය යුතුය. ඒ නිසා උන්වහන්සේ පසසන්ට මම කවරෙක් වෙම්ද? මට එබඳු කිසි දක්ෂකමෙක් නැත. [COLOR=#800080]නින්දා පරිභව[/COLOR] උන්වහන්සේ “පසත්ථ පසත්ථො” දෙව් මිනිසුන් විසින් පසසන ලද්දවුන්ගෙන් ද පසසන ලද උතුමෙකැයි කීය. මේ ආදී අසංඛ්‍ය ගණන් සත්වයන් ගෙන් පැසැසුම් ලැබූ උන්වහන්සේ නොයෙක් දෙනාගේ නින්දා අපහාසයන්ට ද අනන්ත වාරයක් ලක් වූසේක. උන්වහන්සේට චෝදනා කිරීමට වසවත් මරුවා හැම විට ම උන්වහන්සේ ගේ වරදක් අල්ලා ගන්නට බුදු වූදා සිට පිරිනිවීම තෙක්ම පසුපසැ ඇවිද නො හැකිව පසුව පැසැසීය. ලෙව්හි නිවැරැදි එකම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ බැවින් අංශුමාත්ර වරදක් වත් අල්ලා ගන්නට නො පිළිවන් වූ වසවත් සතළිස් පස් වසක්ම පියවරින් පියවර තථාගතයන් වහන්සේ ගේ් වරදක් අල්ලා ගන්නට තමන් ලුහුබැන්ඳ බවත්, අබමල් රේණුවක් සා වරදකුදු ඇසිඳ ගන්නට නො සමත් වූ බවත් කියා පැසැසීය. බුදුරජාණන් වහන්සේ ගේ නිවැරැදි ගතිය එසේ වුවද, චිඤ්චා මානවිකාව, කුසැ දර මිටියක් බැඳගෙන ශ්‍රමණ භවත් ගෞතමයන් නිසා ගැබ් ගත්තියක්මියි චෝදනාවක් ඉදිරි පත් කොට උන්වහන්සේ සල්ලාලයකු බවට නින්දා පරිභව කළාය. අන්‍ය තීර්ථකයෝ සුන්දරී නම් පිරි වැජිය මරා වළලා එය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගේ් කෘතියකැයි කියාපාමින් උන්වහන්සේ මිනීමරුවකු බවට නින්දා කළහ. මාගන්දි නම් බැමිණිය තම නුවර වැසි නො හික්මුණු අයට අල්ලස් දී නොයෙක් ලෙසින් නින්දා පරිභව කරවන ලදී. ඒ නින්දා බස් ඇසිය නො හැකි ආනන්ද මාහිමියෝ “ස්වාමීනි, මෙතරම් නින්දා බස් අසමින් මෙනුවර විසීමෙන් ඇති ඵලය කුමක්ද? අන් නුවරකට යම්හ”යි කීහ. “ආනන්දය, ඒ යන නුවරදී නින්දා කළොත් කුමක් කළ යුතුද? අන් නුවරකට යමු යි” කීහ. “ආනන්දය, මෙසේ නින්දා කරන වා යයි නුවරින් නුවරට යන්නට පටන් ගත්තොත් මුළු පොළොවද ඉඩ මඳ වේ”යි පවසා මේ නින්දා පරිභව තව සතියකට වඩා නො පවත්නේ යයි වදාරා, ඒවා සංසිඳෙන තුරු එහිම වැඩ සිටි සේක. [COLOR=#800080]අගුණ කියමින්[/COLOR] දිනක් සුප්පිය නම් පරිබ්‍රාජකයෙක් තම අතැවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයකු සමඟ මඟ බැස යන්නේ පන්සීයක් භික්ෂූන්වහන්සේ සමඟ මඟ වඩින්නා වූ බුදුරජාණන්වහන්සේට ඇසෙන සේ උන්වහන්සේ ගේ අගුණ කියමින් ධර්මයේ අගුණ කියමින්, සංඝයාගේ අගුණ කියමින්, පසු පස ආවේය. ඒ සමඟ ගමන් කරන බ්‍රහ්මදත්ත මානවකයා තෙරුවන්හි ගුණ වැණීය. එසේ අවුත් රෑ බුදුරජාණන්වහන්සේ ලැගුම් ගත් අම්බලට්ඨිකා උයනේ රාජාගාරයෙහි ඔහු ද අතවැසියා සමඟ ලැගුම් ගෙන, පෙර සේම තෙරුවන් පිළිබඳ අගුණ ප්‍රකාශ කළහ. මෙහිදී ද ගුරුවරයා තෙරුවන් පිළිබඳ අගුණ ප්‍රකාශ කරත්ම, අතැවැසි බ්‍රහ්මදත්ත මාණවකයා තෙරුවන් විෂයයෙහි ගුණම වැණුවේය. මෙහි දී භික්ෂූන් වහන්සේ සුප්පිය – බ්‍රහ්මදත්ත යන ගුරු ශිෂ්‍ය දෙදෙනා ගේ අන්‍යොන්‍ය ප්‍රතිවිරුද්ධ කථාව බුදුරජාණන් වහන්සේට කියා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ “මහණෙනි, යමෙක් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනට දොස් පවරා කථා කළත්, ඊට තමුන්නාන්සේලාගේ සිත්හි අමනාපයක් පහළ කැර ගත යුතු නොවේ. [COLOR=#800080]සතුටක් සොම්නසක්[/COLOR] කෝපයක් හෝ විරුද්ධත්වයක් ඇති කැරැ ගත යුතු නොවේ. යම් ලෙසකින් තෙරුවන් කෙරෙහි දොස් නඟතැයි තමුන්නාන්සේලා ගේ සිත අමනාප කර ගත්තොත්, එය තමුන්නාන්සේලාටම අලාභයකි. තමුන්නාන්සේලාටම අනතුරෙකි. තෙරුවනට යම් දොසක් නඟනවා නම්, එය සත්‍යයක්ද අසත්‍යයක්දැයි සලකා බැලිය යුතුය. එසේම යම් කෙනෙක් තෙරුවන් පසසනවා නම්, එහිලා සතුටක් - සොම්නසක් පහළ කැරැ නො ගත යුතුය. එසේ සතුටක් සොම්නසක් පහළ වූවත් එය ඔබට අලාභයෙකි. අනතුරෙකි. ඒ කියන ගුණ තෙරුවන් විෂයෙහි විද්‍යාමාන වන්නේදැයි නුවණින් සලකා බැලිය යුතුය. මහාකාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශිත යට සඳහන් කාරණය ගැන සියල්ලන් විසින් ම ඉතා හොඳින් සිතට ගත යුතුය. එනම්; දෙවි මිනිස් ඈ කිසිවකුට සකාරණව දොස් නඟන්නට නොහැකි වන්නා වූ, තෙරුවනට යමකු දෙස් නැඟුවත්, ප්‍රශංසා කළත්, එය නිකම්ම ඉවතට නො දමා සත්යයෙක්දැයි සිහි නුවණින් යුතුව මෙනෙහි කළ යුතු බවයි. එසේ මෙනෙහි කොට නිකරුණේ හේතුවක් නො මැතිව ඊර්ෂ්‍යා පරවශව කැරෙන නින්දාව ගැන ස්වල්පයක්වත් දොම්නස් නො විය යුතුවාක් මෙන් ම, ප්‍රශංසාව ගැන ද ඇත්ත වශයෙන් පැසැසිය යුතු කරුණක් නිසාම පසසනවාදැයි නුවණින් සලකා බැලිය යුතුය. එසේ සලකා බලා, යම් ගුණයක් නිසා පසසනවා නම්, එය තේරුම් ගෙන එහිලා මධ්‍යස්ථව තව තවත් ගුණවත් වීමට ඉටා ගත යුතුය. නො එසේ ව බොරු ස්තුතියක් - බොරු ප්‍රශංසාවක් දැයි සලකා බලා එවැන්නක් නම් එයට නො රැවටී මේ මා නො මඟට දමන්නට, මගෙන් ප්‍රයෝජන ගන්නට මට කැරෙන බොරු ප්රශංසාවක්ය, මා මේ චාටු කතාවලට රැවටෙන්නේ් නැත. යනාදී වශයෙන් සලකා එවැනි ප්‍රශංසා තුට්ටුවකට වත් ගණන් නො ගෙන, තව තවත් ගුණවත් වීමට ඉටා ගත යුතුය. අද ඊර්ෂා පරවශව කැරෙන නින්දාත්, අනුන් රවටා තම වාසියක් සලසා ගැනීමට කැරෙන ප්රසංශාත් නිම්හිම් නැත. ගුණමකු කුහකයන් ගුණවතුනට වුවත් නිකරුණේ නින්දා කොට පිරිහෙලනට නො ගන්නා උත්සාහයක් නො මැත, [COLOR=#800080]කාමාදි කෙළෙස්[/COLOR] එසේම බොරු ස්තුති ප්‍රශංසා කොට මහජනයා නො මඟ හෙලා, වාසි ලබා ගන්නට කැරෙන උත්සාහයේ ප්‍රමාණයක්ද නැත. යම් කිසිවකුගේ වරදක් තිබේ නම්, එය කිව යුත්තේ ඔහුට නින්දා පරිභව කරන අදහසින් නොවේ. එය කිව යුත්තේ් ඔහුට ලජ්ජාවක් ඇති නො වන ලෙස වෙන අය ඉදිරියේ දී නොව, ඔහු තනි කොට හුදු මෙත් සිතිනි. යම් කෙනෙකුන් ගේවරදක් ගැන ඔහුට නින්දා කොට පිරිහෙළන අදහසින් ඒ වරද ප්‍රකට කොට හරින තැනැත්තාගේ කාමාදී කෙලෙස් වැඩෙන බවත්, ඔහුට සසර දුකින් මිදෙන්නට නො පිළිවන් වන බවත් (රහත් විය නො හැකි බවත්) බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. [COLOR=#800080]සුඛ – දුක්ඛ[/COLOR] අටලෝ දහමට ඇතුළත් වන්නා වූ අනෙක් දහම් දෙක නම් සැප දුක් දෙකයි, සැප දුක් දෙකම කායික සැපය, මානසික සැපය, කායික දුකය, මානසික දුකයයි දෙපරිදිය. මේ දෙක ද සියල්ලන් කෙරෙහි රිය සක සේ පෙරැළී එයි. බුදුරජාණන්වහන්සේට රහතන් වහන්සේට හෝ යම් කිසි කායික සුඛයක් විඳින්නට ලැබුණත්, එහි ලා සොම්නසෙක් නැත. එසේම කායික දුක් කොතෙක් ලැබුණත් උන්වහන්සේලාට එහිලා දොම්නසක්ද නැත. උන්වහන්සේලාට මානසික දුක් පහළවීමෙක් කොහොත්ම නැත. සියලු කෙලෙස් මුලු සුන් කොට නසන ලද හෙයින් “සබ්බදා චෙ සුඛං සෙති - බ්රාහ්මණො පරිනිබ්බුතො” කෙලෙස් පිරිනිවීයෙන් පිරිනිවන් පා වදාළ රහතන් වහන්සේ හැමදාම සුවසේ වාසය කරන සේකැයි දේශනා කළ සේක. ඒ අනුව රහතන්වහන්සේ හැමදාම සුවසේය. උන්වහන්සේට පහළ වන්නාවු කායික දුක්ඛ වේදනාවෝ උන්වහන්සේගේ අර්හත්ඵල සමාප්තත්ති සුඛයට පීඩා කිරීමට නො සමත් වෙති. එහෙයින් සුවසේ ය. දිණමිණ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom