අට වැනිදා දිනුම මහින්දට ද? මෛත්‍රීපාලට ද?

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    10690058_547042455410986_4299600047313818789_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තීරණාත්මක ඡන්දය භාවිතා කරන්න නැත්නම් අවුරුදු 8 පසු තැවෙන්න වෙයි අවුරුදු 8 ක මර්දනයකින් පස්සෙ සාධාරණ මැතිවරනයක් බලාපොරොත්තුවෙන මොඩයෙක් වෙන්න එපා
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!
    MY3

    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    මාසයකට ආසන්න කාලයක් තිස්සේ දිග හැරුණු ජනාධිපතිවරණ ඡන්ද සටන එහි අවසානය කරා ළගා වෙමින් පවතී. සහතිකවම, එය මේ වන විට පසුවනුයේ එහි කූඨප්‍රාප්ති අවස්ථාවේය. පාලන වෙනසක් හා බලය තවදුරටත් රැක ගැන්ම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර නිර්මාණය වී ඇති ද්වන්ද සටන රටේ දේශපාලනය උණුසුම් කර ඇත්තේ පසුගිය දා රටේ දිස්ත්‍රික්ක 21 ක් වසා ගත් ගංවතුර තර්ජනය පිළිබද කථිකාව ද පරයමිනි.

    මේ ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින් එක් කෝටි පනස් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූදෙනෙකු ඡන්ද පොලට යාමට අවැසි සුදුසුකම් සපුරා තිබේ. අපේක්ෂා කළ යුතු ආකාරයට ම මේ මිලියන 15 කට වැඩි ඡන්ද දායකයන්ගෙන් සාතිශය බහුතරය සිංහල බෞද්ධ ඡන්ද දායකයන් ය. ගණනින් එය එක්කෝටි පන් ලක්ෂ පනස් නව දහස් හත්සිය විසි අටකි. ජනවාරි 08 වන දා ඡන්ද පොලට යාමට සුදුසුකම් සපුරා ඇති මුළු ශ්‍රී ලංකා දෙමළ ඡන්ද දායකයන් සංඛ්‍යාව දාසය ලක්ෂ අසූහය දහස් හාරසිය අසූ හතකි. මේ අතර, මුස්ලිම් ඡන්ද දායකයන් ගණන දාහත් ලක්ෂ හැට දහස් අටසිය විස්සක් වන අතර, සිංහල කතෝලික ඡන්ද සංඛ්‍යාව හත්ලක්ෂ පන්දහන් පන්සිය අසූහතකි. ඊට අමතරව මැද කදුකරය තුල වැඩි නියෝජනයක් දැක ගත හැකි ඉන්දියානු දෙමළ ඡන්ද දායකයන් හය ලක්ෂ විසි පන්දහස් අටසිය පනස් එක් දෙනෙකු ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් සම්පූර්ණ කර ඇත. 2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කියවීමක් සිදු කිරීමේ දී මේ සියළු ඉලක්කම් අතිශය වැදගත් ය.

    ජනාධිපතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු දිගහැරී ඇති ආකාරය දෙස බලන විට මෙම ජනාධිපතිවරණය ගල උඩ සටනක් නොඑසේ නම් “ෆොටෝ ෆිනිෂ්” අවසානයක් ගමන කරන වග නම් සුපැහැදිලි ය. ඒ තරමටම තරඟය උණුසුම් ය. තනි අශ්වයෙකුගේ තරගයක් වෙතැයි බොහෝ දෙනා අනුමාන කළ ජනාධිපතිවරණ ඡන්ද සටන මෙතරම් උණුසුම් එකක් බවට පත් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා තරගයට පිවිසීම යැයි පැවසුවහොත් එහි කිසිදු වරදක් නොමැති තරම් ය. මෛත්‍රීපාල සිරිසේනගේ අපේක්ෂකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට කර ඇති බලපෑම කෙතරම් දැයි කියතොත් මේ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පවා ආණ්ඩුවට අහිමිව තිබේ.

    මේ සටහන තබන මොහොත වන විට පසුගිය දින 40 තුල ආණ්ඩුවෙන් මැති ඇමතිවරුන් 26 දෙනෙකු ඉවත්ව ඇති අතර, ඊට සාපේක්ෂව ඔවුන් අළුතින් එකතු කර ගත්තේ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණි. පිල් මාරු ක්‍රියාවලියේ දී ලද එම වාසිය, මහජන මතය තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ සටන මෛත්‍රීපාල කදවුරට පහසු කළේය. විශේෂයෙන්ම මැතිවරණ අවස්ථාවක දී සිදු වන පිල් මාරුවක් වඩාත් ප්‍රයෝජනවත් වීමට නම් ඒ තුල රුහුණේ හෝ රජරට ප්‍රබල දේශපාලනඥයෙකු සිටිම වැදගත් බවට අදහසක් සමාජගතව තිබේ. එම අවශ්‍යතාවය මෙහිදී සම්පූර්ණ වූයේ රජරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපදනම් සහිත ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු වන මෛත්‍රී හා දුමින්ද මෙවර එකවර පිල් මාරු කළ බැවිනි.

    මෙබදු පිපිරීමක් මීට පෙර පැවැති කිසිදු ජනාධිපතිවරණයක දී දැකගත නොහැකි වූ අතර, බොහෝ විට සිදු වූයේ දේශපාලන බලය හිමි දිශාවට සුළං හැමීම පමණි. මේ බොහෝ දෙනෙකු පිල් මාරු කළේ ප්‍රතිපත්තිමය කාරණා වලට වඩා පෞද්ගලික විරහ වේදනාවන් නිසා බව අවිවාදිත ය. උදාහරණයක් ලෙස දුමින්ද දිසානායකට එහිදී වඩා වැදගත් වී තිබුණේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ප්‍රශ්නයකට වඩා එස්.එම් චන්ද්‍රසේනලා සමග තිබූ ප්‍රශ්නය ය. ත්‍රිකුණාමලයේ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන ට බේරා ගැනීමට තිබුණේ ආරියවතී ගලප්පත්තිලා, සුසන්ත පුංචිනිලමේ ලා සමග ප්‍රශ්නයකි. ෆයිසර් මුස්තාපා ට අදාළව එය බොදුබල සේනාව සමග ප්‍රශ්නයක් විය. මේ පිල්මාරු බොහොමයක් පිටු පස වැඩ කළේ ඒ ආකාරයේ “ඇරියස් කවර්” කිරීමට තිබූ අවශ්‍යතාවන් ය. ඒ නිසාම මේ පිල් මාරු සිදු කළ සියල්ලගේ ම ශක්තීන් අවසාන විග්‍රහයේ දී ආණ්ඩු විරෝධී ඡන්ද බවට පත් වන්නේ නැත.

    නමුත්, සංකේතාත්මක අර්ථයෙන් එම පිල්මාරු තුල විශේෂ දේශපාලන වටිනාකමක් ඇත. බලපෙරළියකට අවැසි රැල්ල නිර්මාණය කිරීමේ දී ඊට විශාල වැදගත් කමක් අනිවාර්යයෙන් ම හිමි වේ. පිල්මාරු කිරීමේ සටනේ දී මෛත්‍රි පාර්ශවයට පැහැදිලි වැඩි වාසියක් හිමිව ඇත්තේ, බිම් මට්ටමින් දේශපාලනයේ නියුතු පලාත් පාලන නියෝජිතයන් 400 කට අධික පිරිසක් (හකීම්, බදුර්දීන් හා දිගම්බරම්ගේ පලාත් පාලන නියෝජිතයන් ද ඇතුළුව) පසුගිය දින තිස්පහ තුල එක්වීම නිසාය. ගම් මට්ටමට ඔවුන්ගේ පණිවිඩය ගෙන යෑම එය සහතිකවම පහසු කරන ලදී.

    ශ්‍රී ලංකාවේ දැනට සිටින කීර්තිමත් දේශපාලන විචාරකයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෑතක දී පවසා තිබූ ආකාරයට මහජන පරිකල්පනය දිනා ගැනීමේ සටනේ ජයග්‍රහණය මේ වන විට හිමිව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට ය. එහිදී “වෙනසක් අවශ්‍ය ” ය යන අදහස මහජන දේශපාලන විඤ්ඤාණයේ ගැඹුරටම කිදා බැස සිටීම මෛත්‍රීපාල කදවුරට වාසි වී ඇති බව මහාචාර්යවරයා පවසයි. ඒ අදහස තුල සෑහෙන සත්‍යයක් ගැබ් ව ඇති අතර, මෛත්‍රීපාල සිරිසේන වටා ජනතාව ඒකරාශී කිරීමේ දී “වෙනසක්” වෙනුවෙන් පෙළ ගැසිය යුතු බව වන කාරණය තදින් වැඩ කර ඇති බව බැලූ බැල්මටම පෙනී යයි.


    ඡන්ද සටන තුල මහින්ද රාජපක්ෂ අභිබවමින් මෛත්‍රීපාල සිරිසේන පෙරට පැමිණ තිබීම, පසුගිය දා නිකුත් වූ සමීක්ෂණ වාර්තා කිහිපයකින් ද තහවුරු වී තිබුණි. 2005 හා 2010, ජනාධිපතිවරණවල දී මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය තුල දැක ගත හැකි වූ ප්‍රධාන පෙලේ බුද්ධිමය හිසක් වූ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රමුඛ කොළඹ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරු පිරිසක් සිදු කළ ස්වාධීන මත විමසුමක දී අනාවරණය වී තිබුණේ 53% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගනු ඇති බව ය. මේ අතර, “නිව්යෝර්ක්” නුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක “යුරේෂියා” නමැති ප්‍රකට දේශපාලන උපදේශන ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබූ සමීක්ෂණ වාර්තාවකින් ද කියවුනේ ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සියුම් ජයක් හිමි කර ගනු ඇති බව ය. එම ආයතනය මීට පෙර පසුගිය නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිලිබද අනාවැකියක් පවසමින් සදහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සම්බන්ධව වැඩි සමභාවිතාවක් ඇති බවය. කෙසේ වෙතත් ගුණරුවන් ප්‍රමුඛ කොළඹ විශ්ව විද්‍යාල ආචාර්යවරු තම සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කර පැය හතලිස් අටක් ඇතුලත නිකුත් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රමුඛ කැලණිය විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් සිදු කළ සමීක්ෂණයකින් හෙළිව තිබුණේ 53% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරට ද ජනාධිපති තනතුරට තේරී පත් වනු ඇති බව ය.

    කැබලිවලට කැඩී තිබු, ඒකාබද්ධ වීමක් පිලිබද කිසිදු තාර්කික බලාපොරොත්තුවක් තබා ගත නොහැකි වු විපක්ෂයක් හමුවේ ජයග්‍රහණය පිලිබද දැඩි බලාපොරොත්තු සහිතව තම ධූර කාලය නිමවීමට වසර දෙකක් ඉතුරුව තිබිය දී, ජනාධිපතිවරණයක් කැද වූ මහින්ද රාජපක්ෂ පාලනය කිසිදු ලෙසකින් හෝ මෙබදු “ගල උඩ” සටනක් අපේක්ෂා කළේ නැත. බොක්සිං වළල්ලට වී ප්‍රතිවාදියකු නොමැතිව තම හෙවණැල්ල සමග “ෂැඩෝ බොක්සිං” ක්‍රීඩා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ අද අතිශය තියුණු තරගයක් අභිමුව සිටී.

    සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාව වැනි දේශපාලන සංස්කෘතිය මැනවින් වර්ධනය නොවූ රටක මැතිවරණය දී වඩාත් වැදගත්කමක් ලැබෙනුයේ ඡන්ද ව්‍යාපාරය තුල ඇති ප්‍රදර්ශනාත්මකභාවයට මිස අපේක්ෂකයන් සමාජගත කරන ප්‍රතිපත්තිවලට නොවේ. සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනය අතැතිව මැතිවරණයට පිවිසීම තුල අපේක්ෂා කළ යුතු ආකාරයට එම වාසිය මහින්ද රාජපක්ෂ මහතාට හිමි ව තිබේ. එය තර්ක විරහිත ය.

    නමුත් ගැටළුව වනුයේ තම රැස්වීම්වලට ඇදුන විශාල ජනගඟ ඡන්ද බවට පත් කර ගැනීමට ඔහුට හැකිවේද යන්න ය. මහින්දගේ රැස්වීම්වලට, ජනතාව විශාල වශයෙන් පැමිණි බව සත්‍යයක් වුව ද “බොක්කෙන්ම” සිදු වන්නකට වඩා එතැන දී දැක ගත හැකි වූයේ යම් ආකාරයක බලහත්කාරයකි. සමෘද්ධිය කපන බවට වන තර්ජන සේ ම විවිධ භෞතික අල්ලස් ලබා දීම් ද ඒ සෙනග ඒකරාශී කිරීම පිටුපස වැඩ කළ මූලික සාධක බව අමුතුවෙන් විස්තර කර යුතු නොමැති තරම් ය. ඊට සාපේක්ෂව මෛත්‍රීගේ ඡන්ද ව්‍යාපාරය සිදු වූයේ සෑහෙන දුරට ස්වේච්ඡා පදනමිනි. මෛත්‍රීගේ රැස්වීම්වලට පැමිණෙන්නන් හා ඔහු වටා පෙළගැසෙමින් සිටින අනුගාමිකයන් තළ බොහෝ විට දැක ගත හැකි වූයේ වෙනසක් පිලිබද අදහසකි. ඒ නිසාම ඔවුන් දේශපාලනික ය. කිසිවකු අපේක්ෂා නොකළ, අලුත් මුහුණකට ප්‍රජාතන්ත්‍රීය සමාජයක් තුල කළ හැකි බලපෑම සැබැවින්ම මෛත්‍රීගේ ඡන්ද ව්‍යාපාරය තුල පෙනෙන්නට තිබුණි.

    අද අප ජීවත්වනුයේ තොරතුරු තාක්ෂණය තම ගමන් මගෙහි ඉහළටම පැමිණ සිටින යුගයක ය. ඒ තුල සයිබර් අවකාශය යනු තව දුරටත් කිසිවෙකුට ආගන්තුක නොවන මාධ්‍යයක් වී තිබේ. විද්‍යුත් හා මුද්‍රිත ඔස්සේ සිදු කරන ප්‍රචාරනයන් හා තැන තැන පවත්වන ප්‍රචාරක රැස්වීම්වලට අමතරව සයිබර් අවකාශය දක්වා ද ජනාධිපතිවරණ ඡන්ද සටන අද ව්‍යාප්තව ඇත. මීට පෙර මෙරට පැවැති කිසිදු ජනාධිපතිවරණයක දී සිදු නොවූ ආකාරයට සයිබර් අවකාශය තුල ඡන්ද ප්‍රචාරනයක් මෙවර දැක ගත හැකි විය.

    ශ්‍රී ලංකාව තුල මේ මොහොතේ ලක්ෂ විසි පහකට අධික“ෆේස් බුක්” ගිණුම් ප්‍රමාණයක් ඇති අතර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන්නන් ඒ සමාජ තීරුව ආමන්ත්‍රණය කිරීමට වැඩි උනන්දුවක් හා සැලකිල්ලක් දක්වා තිබූ බව පෙනෙන්නට තිබුණි.

    මෙම සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නන්ගෙන් අති බහුතරය තරුණයන් ය. 2010 දී ඡන්ද ප්‍රකාශ නොකළ නව ලක්ෂ පනස්දාහකට අධික පිරිසක් මෙවර අලුත් ඡන්ද දායකයන් ලෙස ජනාධිපතිවරණයක දී මුල් වරට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ය. 1994 ජනාධිපතිවරණයෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් හතලිස් ලක්ෂයකට වඩා මෙවර ඡන්ද හිමි නාමලේඛනය තුල සිටී. පොදුවේ ගත් විට රටේ මුළු ඡන්දදායකයින්ගෙන් 35% කට ආසන්න පිරිසක් අවුරුදු තිස් ගනන්වල පසුවන්නන් ය.
    මේ වන විට සයිබර් අවකාශය තුල සිදු වන ඡන්ද සටනේ වැඩි වාසිය මෛත්‍රීපාල පාර්ශවයට හිමි ව ඇත්තේ තාර්කිකව එය එසේ විය යුතු බැවිනි. සාමාන්‍යයෙන් තරුණ ඡන්දදායකයන් යනු වෙනසකට කැමති පිරිසකි.

    පසුගිය කාලයේ ආණ්ඩු විරෝධී විපක්ෂ වේදිකාවේ දැක ගත හැකි වූ ප්‍රධාන අඩුපාඩුවක් වූයේ ජනතාවගේ හදගැස්ම හා කට ගැස්ම හදුනන භෞතික තලයේ දේශපාලනඥයන් ඒ තුල නොසිටීම ය. චම්පික රණවක, රාජිත සේනාරත්න හා අතුරලියේ රතන වැනි සමූහ සන්නිවේදනය විෂයෙහි දක්ෂ ප්‍රකාශකයන්ගේ සේවාව හිමිවීම පොදු අපේක්ෂකයාගේ වේදිකාවට නවතාවක් එක් කරත් දී එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාව තුල සුපුරුදු පරිදි මෙවරත් වැඩි වශයෙන් අසන්නට ලැබුණේ ඩයස්පෝරා අවලාද හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිලිබද කතාය .

    රහස් ගිවිසුම්, යුද්ධය හා ඒකීයභාවය ගැන කියමින් සිංහල බෞද්ධ ඡන්ද පදනම ආමන්ත්‍රණය කිරීමට සන්ධාන ප්‍රකාශයකයන් ගත් උත්සාහය අසාර්ථක එකක් වූයේ පසුගිය කාලයේ සිංහල බෞද්ධ දහරාව නමැති කේක් ගෙඩිය තැවරූ, “අයිසින්” වූ චම්පික රණවක, රතනහිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දඹර අමිල හිමි, සරත් ෆොන්සේකා, තිලක් කරුණාරත්න වැන්නන් මෛත්‍රීගේ ඡන්ද සටන ශක්තිමත් කළ නිසාවෙනි. එසේම රටේ සිංහල බෞද්ධ දේශපාලනය තුල තවත් වැදගත් පුද්ගල චරිතයක් වන කරු ජයසූරියගේ සේවාව හිමි ඇත්තේ ද ඔවුන්ට ය. ඒ තුල දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග විපක්ෂයේ පොදු අපේක්ෂකයා ඇති කර ගත්තා ය කියු ගිවිසුම් පිලිබද හා යුද්ධය උත්කර්ශයට නංවමින් ආණ්ඩුවේ ප්‍රකාශකයන් කරන ලද කතා සමාජය බරපතල ලෙස භාර ගත් ආකාරයක් පෙනුනේ නැත.


    පොදුවේ ගත් විට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය තුල දැකගත හැකි වූ අසංවිධානාත්මකභාවය ද ඔහුගේ ඡන්ද සටනට යම් බලපෑමක් එල්ල කළ බව මේ ලියුම්කරුගේ අදහස යි. ඔහුට සහාය පළකරමින් විකාශනය වූ ඇතැම් විද්‍යුත් මාධ්‍ය දැන්වීම් මෛත්‍රීපාලගේ නොහැකියාව ප්‍රශ්න කිරීමේ අදහසින් නිර්මාණය කර තිබූ මුත් වක්‍රාකාරයෙන් ඉන් සැබැවින්ම සිදු වූයේ රාජපක්ෂ පාලනයටම චෝදනා එල්ල කර ගැනීමකි. එම විනාශකාරී ප්‍රචාරක ව්‍යාපෘතිය අවසානයේ ආණ්ඩුවට පාරාවළලක් වූ අතර, සල්මන් ඛාන්ව මෙරටට රැගෙන ඒම එහි කූඨ ප්‍රාප්ති අවස්ථාව විය.

    මේ සියලු තත්ත්වයන් තුල ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් එකක් බවට පත් කර තිබේ. අවසන් වරට පැවැති පළාත් සභා නමයේ ප්‍රතිඵල පිලිබද යලි පසු විපරමක් කර බලද්දී මේ මැතිවරණය ගමන් කරනුයේ ද රාජපක්ෂ පාලනයේ ශරීර සෞඛ්‍යයට හිත කර ලෙස නොවේ.

    එකවර රටපුරා මැතිවරණයක් පවත්වනවා වෙනුවට පැහැදිලි දේශපාලන අරමුණක් සහිතව කඩින් කඩ පැවැත්වූ පසුගිය පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය රටේ පළාත් නමයෙන්ම ලැබූ මුළු ඡන්ද ගණන 4944572 ක් විය. එය මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයේ ලැබූ ඡන්ද ගණන වූ හැට ලක්ෂ පහලොස් දහස් නවසිය තිස් හතර (6015934) සමග බලන විට ඡන්ද දස ලක්ෂ හැත්තෑ එක් දහස් තුන්සිය හැට දෙකක (1071362) අඩුවකි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලනයෙන් සිව් වසරක් තුල ගිලිහී ඇති මුළු ඡන්ද ගණනේ අඩුවීමේ ප්‍රතිශතය ලෙස දැක්වුවහොත් 17% ක් පමණ වේ. ඉන් පැහැදිලි වනුයේ 2010 දී මහින්ද වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කළ සෑම හය දෙනෙකුගෙන් කෙනෙකුම මේ වන විට ඔහුට අහිමි වී ඇති බව ය.

    සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණයකට සාපේක්ෂව වඩා වැඩි ඡන්ද ප්‍රකාශ කිරීමක් ජාතික මට්ටමේ මැතිවරණයක දී දැක ගත හැකි වුවත් එබදු තත්ත්වයක දී පවා එසේ වැඩි වන ඡන්ද ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් රාජපක්ෂවරුන්ට නොමැති බව 76% ක්ඡන්ද පොලට ආ පසු ගිය ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල සාක්ෂි සපයයි. එවැනි තත්ත්වයක දී පවා ඡන්ද දායකයන්ගේ තේරීම විපක්ෂය බව ඌවේ අවසාන ප්‍රතිඵලය කියවීමේ දී ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැකිය.


    ඌව මැතිවරණයේ දී ආණ්ඩුවේ ඡන්ද පදනම 21% කින් අඩුවෙද්දී එජාපය පසුගිය වතාවට වඩා 19% කින් තම ඡන්ද පදනම වැඩි කර ගෙන තිබිණි. අනෙක් අතට පළාත් සභා මැතිවරණයේ දී ලැබූ ඡන්ද පංගුව ආරක්ෂා කර ගැනීමට සන්ධානය අසමත් බව 2005 හා 2010 ජනාධිපතිවරණ දෙකම ඔප්පු කර පෙන්වා ඇත. උදාහරණයක් ලෙස 2009 ඌව පළාත් සභා මැතිවරණයේ දී 72.39% ඡන්ද ප්‍රතිශතයක් සන්ධානය ලැබූ මුත් ඉන් මාස 4 ඇතුලත පැවැති 2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට ඌවෙන් ලබා ගත හැකි වූයේ 57.82% ක් පමණි. එම ප්‍රවණතාවයේ වැඩි වීමක් මිස අඩුවීමක් තාර්කිකව කිසිවෙකුට හෝ අපේක්ෂා කළ නොහැකි තරම් ය.

    අනෙක් අතට, පසුගිය පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගොනුව සිටි ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම රිෂාඩ් බදුර්දීන් ලා හා දිගම්බරම් ලා ද අද එහි නැත. ඊටත් අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා වූ මෛත්‍රී ඇතුළු මැති ඇමතිවරු රැසක් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේ සේවාව ද ඊට අහිමී වි ඇත.

    මේ අතර, රටේ සමස්ත සුළු ජාතික ඡන්ද පංගුව ලක්ෂ හතලින් පහකට අධික වන අතර, ප්‍රතිශතයක් ලෙස එය 30% කි. සුළු ජාතින් නියෝජනය කරන පක්ෂ අතරින් මේ වන විට මහින්ද රාජපක්ෂ සමග රැදී සිටිනුයේ ආරුමුගම් තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය පමණි. ජනාධිපතිවරණයේ දී රටේ සමස්ත සුළු ජාතික ඡන්දවලින් 75% වලංගු ඡන්ද බවට පත් වුවහොත් මේ වන විට ඊට අදාළ දේශපාලන සමීකරණය සැකසී අති ආකාරයට ඉන් 80% ක් පමණ ලැබෙනුයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ය. එසේ වුවහොත් එම අගය ඡන්ද විසිහත් ලක්ෂ හැට දහසකි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය වැනි මැතිවරණයක දී ඉහළ ඡන්ද භාවිතාවක් දැකගත හැකි අතර, ලියාපදිංචි වී සිටින මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 75% පමණ වලංගු ඡන්ද බවට පත්වුවහොත් ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව 50% සීමාව ඉක්මවීමට ජයග්‍රාහකයාට අවශ්‍ය වනුයේ ඡන්ද පනස් හය ලක්ෂ විසිපන් දහසකි.

    කලින් පෙන්වා දුන් ආකාරයට සුළු ජාතින්ගේ ඡන්දවලින් 80% ක් මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවුවහොත් අවසාන ජයග්‍රහණය සදහා ඔහු සිංහල බෞද්ධ ඡන්දවලින් ලබා ගත යුතුව ඇත්තේ ඡන්ද විසි නව ලක්ෂයකට වඩා අඩුවෙනි. ලක්ෂ 105 ක් වන සිංහල බෞද්ධ ඡන්දවලින් 75%ක් වලංගු ඡන්ද වෙතැයි අනුමාන කළහොත් එවිට එම අගය හැත්තෑ අට ලක්ෂ හැත්තෑ පන්දහසකි. ඉන් අවසාන ජයග්‍රහණය සදහා මෛත්‍රීපාල සිරිසේන ලබා ගත යුතුව ඇත්තේ ඡන්ද විසි නව ලක්ෂයක් පමණි. එම ඉලක්කම් අනුව සාමාන්‍යයක් ලෙස ජයග්‍රහණය සදහා ඔහු සිංහල බෞද්ධ ඡන්ද වලින් ලබා ගත යුතුව ඇත්තේ 37% ක පමණ ප්‍රතිශතයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයකට අදාළව නම් සෑම සිංහල බෞද්ධ ඡන්ද දායකයන් සියයකින් හැට තුන් දෙනෙකුගේ සහාය ඔහු ලබා ගත යුතුව ඇත.

    කෙසේ වෙතත් මේ ඉලක්කම් දෙස බලා, එයින් පමණක් මෛත්‍රීපාල සිරිසේනගේ කදවුර සැනසුම් සුසුම් හෙළුව හොත් එය ඔවුන් කර ගන්නා බරපතල අත් වැරැද්දකි. ඒ, මහින්ද රාජපක්ෂ යනු කිසිසේත්ම පරාජය භාරගෙන පහසුවෙන් පසු බසින්නෙකු නොවන නිසා ය. ඔහු හොදින් තෙම්පරාදු වූ දේශපාලන චරිතයකි. ඒ නිසා ඡන්ද දිනයට පෙර අවසාන මොහොතේ දී හෝ විපක්ෂ කදවුරෙන් ප්‍රබල නායකයෙකු එක් කර ගනිමින් මෛත්‍රීපාලට ඡන්දය දෙන්නන්ගේ ප්‍රබෝධය අවුල් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන්නන් සූදානම් ව සිටිය යුතුය. අප එසේ පවසනුයේ දැනටමත් එබදු සැලසුමක් තිරයෙන් පිටුපස ක්‍රියාත්මක වෙමින් ඇති නිසා ය.


    patta bro
     

    Similar threads