Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
"අඩු කුලේද?"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාලිය කුමාරයාගේ කතාවනම් අශෝකමාලාගේ රූපයට වශීවීම නිසා සිද්ධ උන දෙයක් . හැබැයි උපතින්ම වාසනා ගුණය හා පුන්‍ය ශක්තියක් තිබුන දෙන්නෙක් . අනාගත වංශ දේශනාවට අනුව මෛත්‍රී බෝධිසත්වයන්ගේ දරුවා විදිහට උත්පත්තිය ලබනවා කියලා සදහනක් තිබුනා .

ආර්යයන්ගේ වාසයක් වූ අනුරාධපුරයෙහි ලෝහ කර්මාන්තයෙහි දක්ෂ ලෝකුරුවෙක් විය. දිනක් ගොවි උපකරණ කිහිපයක් තනවා ගැනීම සඳහා මොහු වෙත එක්තරා ගොවියෙක් පැමිණියේ ය. ඔහු ඒ සඳහා පඬුරු පිණිස ඇල් සහල්, ඌරු මස් සහ වේවැල් කරටි රැගෙනවිත් තිබුණි. ලෝකුරුවා ඒවා ගෙන තමාට තෑගි පිණිස ලැබුණු ඇල් හාල්, ඌරු මස්වලින් තවත් දහස් ගණන් තෑගි ලැබීමට කල්පනා කළේ ය.

මේ අතර පුවඟු දිවයිනෙහි වාසය කළ සංඝයා වහන්සේ සතරනමක් පිඬු පිණිස අනුරාධපුරයට වැඩියහ. දන් දීමට සුදුසු පුද්ගලයන් සොය සොයා සිටි ලෝකුරුවා මේ සතරනම දැක උන්වහන්සේලාට ආරාධනා කර සිය ගෙට වැඩමවා මනා සේ පනවන ලද ආසනවල වඩා හිඳුවා ප්‍රසන්න සිතින් යුතුව ඒ මස් සහිත ඇල් හාලේ බත වළඳවා මෙසේ ප්‍රාර්ථනාවක් කළේ ය.

“මම දෙවියෙකු හෝ මිනිසෙකු හෝ වී යම් යම් භවයක උපදින්නේ නම් දහස් ගණන් පඬුරු මට ලැබේවා.” මෙසේ පතා හෙතෙම තාදී ගුණ ඇති ඒ රහතන් වහන්සේලාට දානය පිළිගන්වා ඉමහත් සොම්නසින් මිය පරලොව ගොස් දුටුගැමුණු නිරිඳුන්ගේ බිසවගේ කුසෙහි පිළිසිඳගෙන පුතෙකු ව උපන්නේ ය. ඒ කුමරු මව් කුස පිළිසිඳ ගත් දා සිට දහස් ගණන් පඬුරු ගලාගෙන එන්නට විය. මව් දේවිය ඒවා පිළිගත්තා ය. මව්කුසින් උපන් දා සිට කුමාරයා ම ඒවා පිළිගත්හ.

මෙසේ දොළොස් වසක් ඉක්ම යන තුරු පඬුරු ගලා ආ නිසා ද ඒ කාලය තුළ දී ලෝකයෙහි ඇල් සහල්වලින් අඩුවක් නොවීම නිසා ද ඔහු ‘සාලිය කුමාරයා’ නමින් ප්‍රකට විය. කලක් ගතවීමෙන් පසු ඉතාමත් රූ සිරියෙන් යුතු අසෝකමාලා නමැති සැඩොල් තරුණියක් ඔහුගේ භාර්යාව විය. ඇයගේ පූර්ව ජන්මය පිළිබඳව ද සීහල වත්ථු යන ග්රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි.

අසෝකමාලා

අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව බරණැස එක් දුගී මහලු කාන්තාවක් භික්ෂූන් දෙනමකට දිනපතා දන් දෙයි. දිනක් වේලාසනින් ම භික්ෂු දෙනමක් ඇගේ ගෙදරට වැඩියාහ. සැදැහැති උපාසිකාව ඒ දෙනම අමතා “ස්වාමීනී, තවම දනට වේලාව නො පැමිණියේ ය. දානය පිළියෙල කරනතුරු මේ ශාලාවෙහි වැඩ සිටිනු මැනව” යි කීවා ය. භික්ෂු දෙනම ඒ අසුන් හලට ගොස් බණ කියමින් සිටියහ. මැහැල්ල වහා දන් පිළියෙල කොට තම දියණියට “දුවණියනි, අසුන් හලට ගොස් ඒ භික්ෂු දෙනම වඩමවාගෙන එන්න. උන්වහන්සේලා බොහෝ වේලා එහි වැඩ සිටියහ” යැයි ඇයට කීහ. ඈ එහි යන විට භික්ෂූන් දහම් කථාවේ ම හුන් බැවින් ඇය එම දහම් කථාව අවසන් කරන තෙක් සිට දේශනාව අවසානයේ තෙවරක් සාදු.. සාදු.. සාදු යි කියා “ස්වාමීනි, දන් වැළඳීමට කාලය පැමිණ ඇත” යි දන්වා, උන්වහන්සේලා වැඩමවාගෙන ගෙට ආවා ය. මේ සිද්ධිය නොදත් මව “හිතුවක්කාර කෙල්ල, කොහි ඇවිද දවල් වූ පසු භික්ෂූන් රැගෙන ආවෙහිදැ” යි ඇසුවා ය. “සැඩොලිය, කුමක් කියන්නී ද? මම බණ අසමින් සිටියෙමි. බණ ඇසූ මට ඔබ කෝප වීදැ?” යි දියණිය ඇසුවා ය.

කෝපයෙන් යුතු වූ ඇය යළිත් මවට පරුෂ වචන කීවා ය. මවට පරුෂ වචන කීමේ වරද නිසා ඇය බොහෝ අකුසල් රැස්කර ගත්තා ය. පසුව මේ දෙදෙනා මිය පරලොව ගොස් දෙව්ලොව උපන්නාහ. දියණිය එහි බොහෝ කලක් වාසය කොට ඉන් චුත වී මිනිස් ලොව සැඩොල් කුලයක උපන්නා ය.

ඕ තොමෝ ඉතා රූමත් වූවා ය. දැකුම්කළු වූවා ය. දුටුවන් පහදන සිරියෙන් යුක්ත ය. ධනයෙන් පිරිපුන් ය. බොහෝ උපකරණ ඇත්තී ය. බණ අසා සාදුකාර දීම නිසා ඇගේ මුඛයෙන් රැස් විහිදේ. මෙසේ ඇය පරපුරෙන් පැමිණ අනුරාධපුරයේ එක ගමක් අසල සැඩොල් කුලයක උපන්නී ය. ඒ භවයේත් ඕ තොමෝ මනා රූ සිරියෙන් බැබළුණා ය. දුටුවන් නෙත් සිත් පිනවන්නී ය. රන්වන් පැහැති දෙවඟනක් බඳු වූවා ය. බණ අසා සාදුකාර දුන් බැවින් ඇගේ මුවින් අසෝක මල් රේණු වැනි රැස් විහිදෙයි. එම නිසා ඇයට අසෝකමාලා යැයි නම් තැබූහ.

දොළොස් හැවිරිදි වියේ පසු වූ ඇය දිනක් යම්කිසි කටයුත්තක් සඳහා අනුරාධපුර නගරයට ගියා ය. මෙදින ම සාලිය කුමරු ද රථයක නැගී පිරිවර සමඟ එම නුවරට යන අතර නුවර දොරටුවට පැමිණියේ ය. අසෝකමාලා සාලිය කුමරු දැක, බියෙන් තැතිගෙන මාර්ගයෙන් ඉවත් ව පවුරේ බිත්තියට හේත්තු වූවා ය. ඇය දුටු සාලිය කුමරු සිතුවම් කළ රූපයෙකැයි සිතා ඒ ගැන මිනිසුන්ගෙන් විමසා මෙසේ ද කීවේ ය. “ප්‍රාකාර බිත්තියෙහි ඇඳි මේ ස්ත්‍රී රූපය අතිශයින් රූමත් ය. මින් පෙර අප විසින් නොදක්නා ලද මෙය කවුරුන් විසින් අඳින ලද්දක් ද?” එය අසා මිනිස්සු “මෙය සිතුවම් කළ රූපයක් නො වෙයි. මේ සැඩොල් කෙල්ලකි. ඔබතුමාට නො පෙනෙනු රිසියෙන් ඕ බිත්තියට හේත්තු වී සිටියි” කී ය. දැරියක් ය යන වචනය අසා ඈ පිළිබඳ සිත් ඇත්තේ “ඇය අන්තඃපුරයට ගෙන යව. ඇය මාගේ බිරිය වන්නී ය” යි කුමරු කී ය. කුමරුන්ගේ අණින් එතැනට ගිය මිනිස්සු, බිත්තියට ඇලී සිටි ඇය ඉවතට ගත්හ. අබරණින් සරසා සළුවක් අන්දවා මනා සේ සුවඳ ගල්වා කුමාරයා වෙතට ගෙන ගියහ. කුමරු ඇය රැගෙන සිය මාලිගයට ගොස් අගමෙහෙසිය තනතුරෙහි තබා බොහෝ සත්කාර කළේ ය.

මේ පුවත සවන් වැකුණු පිය රජතුමා තම පුතු සැඩොලියක් බිරිඳ කරගෙන අන්තඃපුරයට ඇතුළු කළේ යැයි බෙහෙවින් කිපී “සාලිය කුමරු නගරයෙන් නෙරපන්නෙමි” යි සිතා එහි පැමිණියේ ය. අසෝකමාලාව පියරජු දැක රන් බඳුනකට පැන් ගෙන ඔහුගේ පා දෝවනය පිණිස රජු වෙත ආවා ය. ඇගේ රූ සිරි දැක පිය රජතුමා ද මත් විය. සාලිය කුමරු ද පියාණන්ට වැඳ සිටියේ ය. රජතුමා කුමරුන් දැක “ඉදින් තාගේ බිරිය නො වී නම් මම ඇය මගේ භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. ආදර සිතක් ඇති කෙනෙකුට කුලය හෝ ගෝත්‍රය නො පෙනෙයි.” කියා ආපසු හැරී ගියේ ය.

අසෝකමාලාව මෙසේ සාලිය රජකුමරුන්ගේ බිරිඳ වූ අතර කුමාරයා දහස් ගණනින් පඬුරු ආදිය ලබමින් වාසය කළේ ය. කුමරුන්ට මේ අයුරින් කාලය ගත කරන අතරේ “මේ පුණ්‍ය විපාකය කවුරුන්ගේ ද? මාගේ ම පින් බලයෙන්දැ” යි විමසා බැලීමට සිතක් පහළ විය. “වනයේදීත් මෙවැනි ම විපාක ලැබේ ද?” විමසීම පිණිස කසාවත් හැඳගෙන හුදෙකලා ව නුවරින් නික්මී බටහිර දිසාවට ගොස් පඳුරු අස්සේ සැඟවී හුන්නේ ය. ඔහු මෙසේ කැලේ සැඟවී සිටින විට රන් රිදී තඹ පිත්තල ආදියෙන් සාදන ලද භාජන පුරවාගත් ගැල් පන්සියයක් රැගෙන ජනපද වැසියෝ එහි පැමිණියහ. කුමරු ඒවා තමා සඳහා ම රැගෙන ආ පඬුරු බව අසා දැනගෙන ඒවාත් රැගෙන සිය මාළිගාවට පැමිණියේ ය.

පසු දිනයේ ද උතුරු දොරටුවෙන් නික්මී එසේ ම සැඟවී හුන්නේ ය. එදින රත්හැල් පිරවූ ගැල් පන්සියයක් අවුත් කුමාරයා සිටි තැන නැවතිණි. ගැල් අයිතිකරුවෝ කුමරු එතැන ඇතැයි දැන ඒවා බාර දුන්හ. එදින ඒවා රැගෙන ගොස් පසුදින නැගෙනහිර දොරටුවෙන් නික්මී පෙර සේ ම සැඟවී සිටියේ ය. එදින සුවඳ ගිතෙල් ගැල් පන්සියයක් පුරවාගෙන අවුත් කුමරුට දුන්හ. ඊට පසු දින දකුණු දොරටුවෙන් නික්මී සැඟවී සිටියේ ය. එදින සකුරු මී පැණි හා පැණි භාජන පුරාවාගත් ගැල් පන්සියයක් අවුත් කුමරු සමීපයෙහි නැවතිණි. ගැල්කරුවෝ ඒවා කුමරුන්ට පඬුරු පිණිස දී ආපසු ගියහ.

ඊට පසු සාලිය කුමරා නුවර අවට දී ද මේ විපාක ලැබේවිදෝ, නැතහොත් දිවයිනේ කොතැන සිටියත් ලැබේවිදැයි පරීක්ෂා කර බලනු පිණිස අසෝකමාලාව හා රථයක නැඟී සෑගිරිය දෙසට ගියේ ය. සෑගිරියටත්, ගමටත් අතරෙහි දී නැවතී රියෙන් බැස කුමරු බිම හිඳගෙන අසෝකමාලාව ඇමතී ය. “මට හොඳටම බඩගිනියි. මෙහි දී ම අනුභව කරන්නෙමි. මේ වනයෙහි ගොස් වහා ආහාරයට යමක් රැගෙන එන්න.” “ හිමියෙනි, මිනිස් වාසයකින් තොර මේ වනයෙහි ආහාර කෙසේ සොයන්නෙම් ද? අප ළඟත් නැත. අනිකෙකු ළඟත් නැත.” යැයි ඇය කීවා ය. කුමරු බිරිඳගේ කීම අසා තම අත තිබුණු සැරයටිය ඇය අතට දී “මේ සැරයටියෙන් අර පෙනෙන ගසට පහර දී ආහාර ඉල්ලව.” යි කියා කීවේ ය. ඕ තොමෝ ද “යහපති හිමියනි” යි කියා සැරයටිය ගෙන “ආහාර දෙව” යි කියා ඒ ගසට ගැසුවා ය. එහි හුන් රුක්දෙවියාගේ ශරීරයෙහි සැරයටිය වැදීමෙන් බියට පත් වූ රුක් දෙවියා “ස්වාමීනී, කුමක් නිසා මට මෙසේ පහර දෙන්නේදැ?” යි අසා “වෙලාවට කලින් නොවැ කුමාරයා ආවේ. ‘ආහාර රැගෙන එන්නැ’ යි දෙවියනට නියම කළෙමි” යි කීය.

දෙවිවරු බත් කත් හතරක් යකුන් අත එවූහ. කුමරා යකුන්ගෙන් ඒවා ගෙන්වාගෙන ඔවුන්ට ම කියා සෑගිරියට ගෙන ගොස් භික්ෂු සංඝයාට වළඳවා පසුව සිය බිරිඳ සමඟ අනුභව කළේ ය. මෙසේ දින හතක් සෑගිරියේ වාසය කරමින් දන් දී ආපසු අනුරාධපුරයට ආවේ ය. පිය රජතුමා කුමරු දැක “ඔබ මාගේ රටෙහි පිටිසර ප්‍රදේශයට ගොස් මහජනයා පෙළා ධන ධාන්‍ය උදුරාගෙන විනාශ කරනවා නේ ද?” යි කී ය. “මහරජ, මම ජනයාගෙන් කිසි දෙයක් උදුරා නො ගනිමි. දෙවියෝ ඒවා මට දුන්හ. සත් දිනක් ම මම සෑගිරියෙහි සිටියෙමි.” යි කුමරු කීවේ ය.

මෙසේ පිරිසිදු වූ සිත් ඇති, රැස් කළා වූ කුසල් බල ඇති, හාත්පස ජනපදයන්හි මිනිසුන්ට ප්‍රිය වූ සාලිය කුමාරයා නිරන්තරයෙන් ම බොහෝ කම්සැප වින්දේ ය. එමෙන් ම දස කුසල්වල අප්‍රමාදව නොයෙකුත් දන් දෙමින් සුගතිය කරා යන පින් දහම් කොට තමන්ගේ ගෙදරට යන්නාක් මෙන් දෙව්ලොව උපත ලැබූහ. පතිරූපදේස වාසයත්, පෙර පින් ඇති බවත්, තමා රැකගැනීමත් යන දහම් මඟ යමින් සිටි සිව් සස් දහම් අවබෝධය පතා කුසල් දහම්හි යෙදෙන පුද්ගලයනට මේ සාලිය කුමරුට මෙන් දෙවියෝ ඇලුම් කරති.

[QUOTE="neo7x, post: 29097328, member: 231437"] [SIZE=5]සාලිය කුමාරයාගේ කතාවනම් අශෝකමාලාගේ රූපයට වශීවීම නිසා සිද්ධ උන දෙයක් . හැබැයි උපතින්ම වාසනා ගුණය හා පුන්‍ය ශක්තියක් තිබුන දෙන්නෙක් . අනාගත වංශ දේශනාවට අනුව මෛත්‍රී බෝධිසත්වයන්ගේ දරුවා විදිහට උත්පත්තිය ලබනවා කියලා සදහනක් තිබුනා . ආර්යයන්ගේ වාසයක් වූ අනුරාධපුරයෙහි ලෝහ කර්මාන්තයෙහි දක්ෂ ලෝකුරුවෙක් විය. දිනක් ගොවි උපකරණ කිහිපයක් තනවා ගැනීම සඳහා මොහු වෙත එක්තරා ගොවියෙක් පැමිණියේ ය. ඔහු ඒ සඳහා පඬුරු පිණිස ඇල් සහල්, ඌරු මස් සහ වේවැල් කරටි රැගෙනවිත් තිබුණි. ලෝකුරුවා ඒවා ගෙන තමාට තෑගි පිණිස ලැබුණු ඇල් හාල්, ඌරු මස්වලින් තවත් දහස් ගණන් තෑගි ලැබීමට කල්පනා කළේ ය. මේ අතර පුවඟු දිවයිනෙහි වාසය කළ සංඝයා වහන්සේ සතරනමක් පිඬු පිණිස අනුරාධපුරයට වැඩියහ. දන් දීමට සුදුසු පුද්ගලයන් සොය සොයා සිටි ලෝකුරුවා මේ සතරනම දැක උන්වහන්සේලාට ආරාධනා කර සිය ගෙට වැඩමවා මනා සේ පනවන ලද ආසනවල වඩා හිඳුවා ප්‍රසන්න සිතින් යුතුව ඒ මස් සහිත ඇල් හාලේ බත වළඳවා මෙසේ ප්‍රාර්ථනාවක් කළේ ය. “මම දෙවියෙකු හෝ මිනිසෙකු හෝ වී යම් යම් භවයක උපදින්නේ නම් දහස් ගණන් පඬුරු මට ලැබේවා.” මෙසේ පතා හෙතෙම තාදී ගුණ ඇති ඒ රහතන් වහන්සේලාට දානය පිළිගන්වා ඉමහත් සොම්නසින් මිය පරලොව ගොස් දුටුගැමුණු නිරිඳුන්ගේ බිසවගේ කුසෙහි පිළිසිඳගෙන පුතෙකු ව උපන්නේ ය. ඒ කුමරු මව් කුස පිළිසිඳ ගත් දා සිට දහස් ගණන් පඬුරු ගලාගෙන එන්නට විය. මව් දේවිය ඒවා පිළිගත්තා ය. මව්කුසින් උපන් දා සිට කුමාරයා ම ඒවා පිළිගත්හ. මෙසේ දොළොස් වසක් ඉක්ම යන තුරු පඬුරු ගලා ආ නිසා ද ඒ කාලය තුළ දී ලෝකයෙහි ඇල් සහල්වලින් අඩුවක් නොවීම නිසා ද ඔහු ‘සාලිය කුමාරයා’ නමින් ප්‍රකට විය. කලක් ගතවීමෙන් පසු ඉතාමත් රූ සිරියෙන් යුතු අසෝකමාලා නමැති සැඩොල් තරුණියක් ඔහුගේ භාර්යාව විය. ඇයගේ පූර්ව ජන්මය පිළිබඳව ද සීහල වත්ථු යන ග්රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. [B]අසෝකමාලා[/B] අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව බරණැස එක් දුගී මහලු කාන්තාවක් භික්ෂූන් දෙනමකට දිනපතා දන් දෙයි. දිනක් වේලාසනින් ම භික්ෂු දෙනමක් ඇගේ ගෙදරට වැඩියාහ. සැදැහැති උපාසිකාව ඒ දෙනම අමතා “ස්වාමීනී, තවම දනට වේලාව නො පැමිණියේ ය. දානය පිළියෙල කරනතුරු මේ ශාලාවෙහි වැඩ සිටිනු මැනව” යි කීවා ය. භික්ෂු දෙනම ඒ අසුන් හලට ගොස් බණ කියමින් සිටියහ. මැහැල්ල වහා දන් පිළියෙල කොට තම දියණියට “දුවණියනි, අසුන් හලට ගොස් ඒ භික්ෂු දෙනම වඩමවාගෙන එන්න. උන්වහන්සේලා බොහෝ වේලා එහි වැඩ සිටියහ” යැයි ඇයට කීහ. ඈ එහි යන විට භික්ෂූන් දහම් කථාවේ ම හුන් බැවින් ඇය එම දහම් කථාව අවසන් කරන තෙක් සිට දේශනාව අවසානයේ තෙවරක් සාදු.. සාදු.. සාදු යි කියා “ස්වාමීනි, දන් වැළඳීමට කාලය පැමිණ ඇත” යි දන්වා, උන්වහන්සේලා වැඩමවාගෙන ගෙට ආවා ය. මේ සිද්ධිය නොදත් මව “හිතුවක්කාර කෙල්ල, කොහි ඇවිද දවල් වූ පසු භික්ෂූන් රැගෙන ආවෙහිදැ” යි ඇසුවා ය. “සැඩොලිය, කුමක් කියන්නී ද? මම බණ අසමින් සිටියෙමි. බණ ඇසූ මට ඔබ කෝප වීදැ?” යි දියණිය ඇසුවා ය. කෝපයෙන් යුතු වූ ඇය යළිත් මවට පරුෂ වචන කීවා ය. මවට පරුෂ වචන කීමේ වරද නිසා ඇය බොහෝ අකුසල් රැස්කර ගත්තා ය. පසුව මේ දෙදෙනා මිය පරලොව ගොස් දෙව්ලොව උපන්නාහ. දියණිය එහි බොහෝ කලක් වාසය කොට ඉන් චුත වී මිනිස් ලොව සැඩොල් කුලයක උපන්නා ය. ඕ තොමෝ ඉතා රූමත් වූවා ය. දැකුම්කළු වූවා ය. දුටුවන් පහදන සිරියෙන් යුක්ත ය. ධනයෙන් පිරිපුන් ය. බොහෝ උපකරණ ඇත්තී ය. බණ අසා සාදුකාර දීම නිසා ඇගේ මුඛයෙන් රැස් විහිදේ. මෙසේ ඇය පරපුරෙන් පැමිණ අනුරාධපුරයේ එක ගමක් අසල සැඩොල් කුලයක උපන්නී ය. ඒ භවයේත් ඕ තොමෝ මනා රූ සිරියෙන් බැබළුණා ය. දුටුවන් නෙත් සිත් පිනවන්නී ය. රන්වන් පැහැති දෙවඟනක් බඳු වූවා ය. බණ අසා සාදුකාර දුන් බැවින් ඇගේ මුවින් අසෝක මල් රේණු වැනි රැස් විහිදෙයි. එම නිසා ඇයට අසෝකමාලා යැයි නම් තැබූහ. දොළොස් හැවිරිදි වියේ පසු වූ ඇය දිනක් යම්කිසි කටයුත්තක් සඳහා අනුරාධපුර නගරයට ගියා ය. මෙදින ම සාලිය කුමරු ද රථයක නැගී පිරිවර සමඟ එම නුවරට යන අතර නුවර දොරටුවට පැමිණියේ ය. අසෝකමාලා සාලිය කුමරු දැක, බියෙන් තැතිගෙන මාර්ගයෙන් ඉවත් ව පවුරේ බිත්තියට හේත්තු වූවා ය. ඇය දුටු සාලිය කුමරු සිතුවම් කළ රූපයෙකැයි සිතා ඒ ගැන මිනිසුන්ගෙන් විමසා මෙසේ ද කීවේ ය. “ප්‍රාකාර බිත්තියෙහි ඇඳි මේ ස්ත්‍රී රූපය අතිශයින් රූමත් ය. මින් පෙර අප විසින් නොදක්නා ලද මෙය කවුරුන් විසින් අඳින ලද්දක් ද?” එය අසා මිනිස්සු “මෙය සිතුවම් කළ රූපයක් නො වෙයි. මේ සැඩොල් කෙල්ලකි. ඔබතුමාට නො පෙනෙනු රිසියෙන් ඕ බිත්තියට හේත්තු වී සිටියි” කී ය. දැරියක් ය යන වචනය අසා ඈ පිළිබඳ සිත් ඇත්තේ “ඇය අන්තඃපුරයට ගෙන යව. ඇය මාගේ බිරිය වන්නී ය” යි කුමරු කී ය. කුමරුන්ගේ අණින් එතැනට ගිය මිනිස්සු, බිත්තියට ඇලී සිටි ඇය ඉවතට ගත්හ. අබරණින් සරසා සළුවක් අන්දවා මනා සේ සුවඳ ගල්වා කුමාරයා වෙතට ගෙන ගියහ. කුමරු ඇය රැගෙන සිය මාලිගයට ගොස් අගමෙහෙසිය තනතුරෙහි තබා බොහෝ සත්කාර කළේ ය. මේ පුවත සවන් වැකුණු පිය රජතුමා තම පුතු සැඩොලියක් බිරිඳ කරගෙන අන්තඃපුරයට ඇතුළු කළේ යැයි බෙහෙවින් කිපී “සාලිය කුමරු නගරයෙන් නෙරපන්නෙමි” යි සිතා එහි පැමිණියේ ය. අසෝකමාලාව පියරජු දැක රන් බඳුනකට පැන් ගෙන ඔහුගේ පා දෝවනය පිණිස රජු වෙත ආවා ය. ඇගේ රූ සිරි දැක පිය රජතුමා ද මත් විය. සාලිය කුමරු ද පියාණන්ට වැඳ සිටියේ ය. රජතුමා කුමරුන් දැක “ඉදින් තාගේ බිරිය නො වී නම් මම ඇය මගේ භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. ආදර සිතක් ඇති කෙනෙකුට කුලය හෝ ගෝත්‍රය නො පෙනෙයි.” කියා ආපසු හැරී ගියේ ය. අසෝකමාලාව මෙසේ සාලිය රජකුමරුන්ගේ බිරිඳ වූ අතර කුමාරයා දහස් ගණනින් පඬුරු ආදිය ලබමින් වාසය කළේ ය. කුමරුන්ට මේ අයුරින් කාලය ගත කරන අතරේ “මේ පුණ්‍ය විපාකය කවුරුන්ගේ ද? මාගේ ම පින් බලයෙන්දැ” යි විමසා බැලීමට සිතක් පහළ විය. “වනයේදීත් මෙවැනි ම විපාක ලැබේ ද?” විමසීම පිණිස කසාවත් හැඳගෙන හුදෙකලා ව නුවරින් නික්මී බටහිර දිසාවට ගොස් පඳුරු අස්සේ සැඟවී හුන්නේ ය. ඔහු මෙසේ කැලේ සැඟවී සිටින විට රන් රිදී තඹ පිත්තල ආදියෙන් සාදන ලද භාජන පුරවාගත් ගැල් පන්සියයක් රැගෙන ජනපද වැසියෝ එහි පැමිණියහ. කුමරු ඒවා තමා සඳහා ම රැගෙන ආ පඬුරු බව අසා දැනගෙන ඒවාත් රැගෙන සිය මාළිගාවට පැමිණියේ ය. පසු දිනයේ ද උතුරු දොරටුවෙන් නික්මී එසේ ම සැඟවී හුන්නේ ය. එදින රත්හැල් පිරවූ ගැල් පන්සියයක් අවුත් කුමාරයා සිටි තැන නැවතිණි. ගැල් අයිතිකරුවෝ කුමරු එතැන ඇතැයි දැන ඒවා බාර දුන්හ. එදින ඒවා රැගෙන ගොස් පසුදින නැගෙනහිර දොරටුවෙන් නික්මී පෙර සේ ම සැඟවී සිටියේ ය. එදින සුවඳ ගිතෙල් ගැල් පන්සියයක් පුරවාගෙන අවුත් කුමරුට දුන්හ. ඊට පසු දින දකුණු දොරටුවෙන් නික්මී සැඟවී සිටියේ ය. එදින සකුරු මී පැණි හා පැණි භාජන පුරාවාගත් ගැල් පන්සියයක් අවුත් කුමරු සමීපයෙහි නැවතිණි. ගැල්කරුවෝ ඒවා කුමරුන්ට පඬුරු පිණිස දී ආපසු ගියහ. ඊට පසු සාලිය කුමරා නුවර අවට දී ද මේ විපාක ලැබේවිදෝ, නැතහොත් දිවයිනේ කොතැන සිටියත් ලැබේවිදැයි පරීක්ෂා කර බලනු පිණිස අසෝකමාලාව හා රථයක නැඟී සෑගිරිය දෙසට ගියේ ය. සෑගිරියටත්, ගමටත් අතරෙහි දී නැවතී රියෙන් බැස කුමරු බිම හිඳගෙන අසෝකමාලාව ඇමතී ය. “මට හොඳටම බඩගිනියි. මෙහි දී ම අනුභව කරන්නෙමි. මේ වනයෙහි ගොස් වහා ආහාරයට යමක් රැගෙන එන්න.” “ හිමියෙනි, මිනිස් වාසයකින් තොර මේ වනයෙහි ආහාර කෙසේ සොයන්නෙම් ද? අප ළඟත් නැත. අනිකෙකු ළඟත් නැත.” යැයි ඇය කීවා ය. කුමරු බිරිඳගේ කීම අසා තම අත තිබුණු සැරයටිය ඇය අතට දී “මේ සැරයටියෙන් අර පෙනෙන ගසට පහර දී ආහාර ඉල්ලව.” යි කියා කීවේ ය. ඕ තොමෝ ද “යහපති හිමියනි” යි කියා සැරයටිය ගෙන “ආහාර දෙව” යි කියා ඒ ගසට ගැසුවා ය. එහි හුන් රුක්දෙවියාගේ ශරීරයෙහි සැරයටිය වැදීමෙන් බියට පත් වූ රුක් දෙවියා “ස්වාමීනී, කුමක් නිසා මට මෙසේ පහර දෙන්නේදැ?” යි අසා “වෙලාවට කලින් නොවැ කුමාරයා ආවේ. ‘ආහාර රැගෙන එන්නැ’ යි දෙවියනට නියම කළෙමි” යි කීය. දෙවිවරු බත් කත් හතරක් යකුන් අත එවූහ. කුමරා යකුන්ගෙන් ඒවා ගෙන්වාගෙන ඔවුන්ට ම කියා සෑගිරියට ගෙන ගොස් භික්ෂු සංඝයාට වළඳවා පසුව සිය බිරිඳ සමඟ අනුභව කළේ ය. මෙසේ දින හතක් සෑගිරියේ වාසය කරමින් දන් දී ආපසු අනුරාධපුරයට ආවේ ය. පිය රජතුමා කුමරු දැක “ඔබ මාගේ රටෙහි පිටිසර ප්‍රදේශයට ගොස් මහජනයා පෙළා ධන ධාන්‍ය උදුරාගෙන විනාශ කරනවා නේ ද?” යි කී ය. “මහරජ, මම ජනයාගෙන් කිසි දෙයක් උදුරා නො ගනිමි. දෙවියෝ ඒවා මට දුන්හ. සත් දිනක් ම මම සෑගිරියෙහි සිටියෙමි.” යි කුමරු කීවේ ය. මෙසේ පිරිසිදු වූ සිත් ඇති, රැස් කළා වූ කුසල් බල ඇති, හාත්පස ජනපදයන්හි මිනිසුන්ට ප්‍රිය වූ සාලිය කුමාරයා නිරන්තරයෙන් ම බොහෝ කම්සැප වින්දේ ය. එමෙන් ම දස කුසල්වල අප්‍රමාදව නොයෙකුත් දන් දෙමින් සුගතිය කරා යන පින් දහම් කොට තමන්ගේ ගෙදරට යන්නාක් මෙන් දෙව්ලොව උපත ලැබූහ. පතිරූපදේස වාසයත්, පෙර පින් ඇති බවත්, තමා රැකගැනීමත් යන දහම් මඟ යමින් සිටි සිව් සස් දහම් අවබෝධය පතා කුසල් දහම්හි යෙදෙන පුද්ගලයනට මේ සාලිය කුමරුට මෙන් දෙවියෝ ඇලුම් කරති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom