Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතහැර දැමූ රුසියානු අවිවල මූලාකෘති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතහැර දැමූ රුසියානු අවිවල මූලාකෘති

එක් යුද රථයක් සේවයට එක්වන්නට වරම් ලබද්දී තවත් එවැනි රථ 10ක් පමණ ඊට නුසුදුසු වන්නේ එක්කෝ ඵලදායි නොවන නිසා හෝ ආර්ථික වශයෙන් ලාභදායි නොවන නිසාවෙනි.කෙසේවෙතත් ඒවා සාමාන්‍යයෙන් නිෂ්ඵල නිර්මාණ නොවන්නේ ඉන් සමහරක් පසුකාලයකදී නව පරම්පරාවක අවි සඳහා පදනම විය හැකි නිසාය.පහත දැක්වෙන්නේ ඊට උදාහරණ ලෙස රුසියානු ඉතිහාසයෙන් උපුටා ගත් අවි කිහිපයකි.

රත්රන් මත්ස්‍යයා

ප්‍රොජෙක්ට් 661 ඇන්කර්,එසේත් නැත්නම් කේ-162 හෝ කේ-222 යන නමින් ප්‍රසිද්ධ න්‍යෂ්ඨික බලැති සබ්මැරීනය(නේටෝ නාමය -Papa class)ලෝක ඉතිහාසය තුල නිපදවන ලද වේගවත්ම සබ්මැරීනය ලෙස තවමත් පිළිගනු ලැබේ.මෙම සබ්මැරිනයට නාවුක සැතපුම් 44.7 හෙවත් පැයට සැතපුම් 51.4/පැයට කිලෝ මීටර් 82.8 වේගයකින් යාත්‍රා කල හැකි විය.එයට කෲස් මිසයිල 10 ක් සහ ටෝර්පිඩෝ 12ක් ගෙන යාමට පුලුවනි.

කේ-222 සබ්මැරීනයේ තිබුණු අවාසියක් වන්නේ එහි බඳ නිර්මාණය කර තිබුණේ මිලෙන් අධිකතම ලෝහයක් වන ටයිටේනියම් යොදාගෙනය.මෙම සබ්මැරීනයට ගෝල්ඩ් ෆිෂ් - රත්රන් මාලුවා යන අන්වර්ථ නාමය පටබැදෙන්නේද මේ හේතුව නිසාවෙනි.ඊට අමතරව කේ-222 සබ්මැරීනය යාත්‍රා කරද්දී නිපදවෙන ශබ්දය සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක වීම නිසා සතුරන්ගේ අවධානයට ලක්වීම වැඩි සම්භාවිතාවයක් තිබිණි.කේ-222 සබ්මැරීන ඒකකයක් පමණක් 1969 වර්ෂයේදී සේවයට එක් කර ගන්නා ලද අතර වසර 20ක සේවා කාලයකින් පසුව ඒවා විශ්‍රාම යවන ලදි.මෙම සබ්මැරීනයේ සමහරක් සංකල්ප ප්‍රොජෙක්ට් 670 ස්කාට්(නේටෝ නාමය - Charlie class)වැනි න්‍යෂ්ඨික බලැති සබ්මැරීන නිර්මාණය කිරීමේදී ප්‍රයෝජනයට ගන්නා ලදි.

කේ-222 සබ්මැරීනය

සෝවියට් කැස්පියන් රාක්ෂයා

ලූන් නම් පන්තියට අයත් එක්රනෝප්ලේන්(නේටෝ නාමය - Duck)එනම් ගොඩබිම් ආචරණ යානය ජල තලයක නොගෑවී ඊට ඉහළින් සමාන්තරව පියාසර කරන යානයකි.එම වර්ගයෙ අනෙකුත් යාත්‍රා මෙන් නොව මෙම සෝවියට් දැවැන්තයා දිගින් මීටර් 74ක්ද පළලින් මීටර් 44ක් විය.එයට කි.ග්රෑ. 300 අවි ශීර්ෂයක් සහිත පී-270 මොස්කිට් නෞකා නාශක මිසයිල 6ක් ගෙන යා හැකිය.ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වා දැමීමට එම මිසයිලවලින් 3ක් පමණක් ප්‍රමාණවත් යැයි සඳහන් වේ.මෙම යානය නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණ වූයේද ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කිරීමයි.තවද ඊට නාවික සැතපුම් 297 එනම් පැයට කි.මී.550 තරම් වේගයකින් සිය ඉලක්කය වෙත ළඟාවීමට හැකියාව තිබිණි.මෙම යානය ජල තලයට ඉතා ආසන්නයෙන් යාත්‍රා කරන නිසා බොහොමයක් රේඩාර් පද්ධතිවලට එය අනාවරණය වන්නේ ආසන්නයට පැමිණි පසුවයි.

ලූන් යානය නිර්මාණය කලේ එහි මුල්කාලීන මූලාකෘතියක් වූ කොර්බ්ල් මේකෙට් එනම් බටහිර රටවල් කැස්පියන් මොන්ස්ටර් යන නමින් හැඳින්වූ යානය මත පදනම්වයි.අවාසනාවට එම යානයටත් අත් වූයේ ගෝල්ඩ් ෆිෂ් සබ්මැරීනයට අත් වූ ඉරණමයි.1987 දී ප්‍රථම වරට ලූන් යානය දියත් කලත්,මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සෝවියට් දේශයට ප්‍රමාණවත් අරමුදල් නොතිබීම නිසා ව්‍යාපෘතිය අතහැර දමන ලදි.කෙසේවෙතත් කැස්පියන් මොන්ස්ටර් යානයේ මුල් නිර්මාපකයෝ 2015 වර්ෂයේදී නිවේදනය කලේ ඔවුන් එක්රනෝප්ලේන් යානයේ නූතන සංස්කරණයක් නිර්මාණය කරන්නට කටයුතු ආරම්භ කර තිබෙන බවයි.

ලූන් එක්රනෝප්ලේන් යානය

සුකොයි-57 යානයේ පියා

සුකොයි-47 බර්කුට්(නේටෝ නාමය - Firkin)මූලාකෘති ෆයිටර් ජෙට් යානය සතුව විශිෂ්ඨ අංගයක් ඇතුලත් විය.සුචල්යතාවය සහ හැසිරවීමේ හැකියාව අධික කරවන ඉදිරිපසට ආනත වූ පියාපත් දෙකක් මෙම යානය සතුව තිබිණි.ඒ හරහා යානයට ලැබුණු අනෙකුත් වාසි වන්නේ කෙටි දුර ප්‍රමාණයක් ඇතුලත ගුවන් ගත වීම සහ ගොඩබැස්සවීම සිදු කල හැකිවීම සහ උච්ච කෝණික ප්‍රහාර වලදී ඉහළ ස්ථායිතාවයක් රදවා ගැනීම ආදියයි.කෙසේවෙතත් මෙවැනි සැලැස්මක් හරහා යානයේ පියාපත් මත ඇතිවන ආතතිය සාපේක්ෂව වැඩි නිසා එහි නිෂ්පාදන කටයුතු සඳහා මිල අධික අමුද්‍රව්‍ය අවශ්‍ය විය.

1997 වර්ෂය වන විට රුසියානු ආර්ථිකයේ දරුණු පසුබෑම මෙම ව්‍යාපෘතියේ සමාප්තියට පාර කැපීය.නමුත් ඒ ව්‍යාපෘතිය හරහා ඉස්මතු වූ සංකල්ප අපතේ ගියේ නැත.ඒවා පස්වන පරම්පරාවේ රුසියානු ෆයිටර් ජෙට් යානයක් වන සුකොයි-57 යානයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන තිබේ.

සුකොයි-47 යානය

කළු රාජාලියා

ඔබ්ජෙක්ට් 640 නැතිනම් බ්ලැක් ඊගල් යුද ටැංකිය දැනට රුසියානු හමුදාව භාවිතා කරන යුද ටැංකි මොඩලවලට වඩා සැලකිය යුතු වෙනස්කම් නොදරයි.නමුත් එහි තිබූ එක් වාසියක් වූයේ අභ්‍යන්තර මැදිරියේ පහළම කෙළවරේ කාර්ය මණ්ඩලයට ආසන පනවා තිබීමයි.එහි අරමුණ වූයේ යුද ටැංකිය සතු ප්‍රහාරයකට ලක්වුවහොත් කාර්ය මණ්ඩලයේ ජීවිත සුරැකීමයි.යුද ටැංකිය නව්‍යතා වලින් පොහොසත් නොවීමත්,ගෑස් ටර්බයින් එන්ජිම් සහිත යුද ටැංකිවලට හමුදා ප්‍රධානීන්ගේ තිබෙන අකමැත්තත් නිසා ඔබ්ජෙක්ට් 640 යුද ටැංකිය නිෂ්පාදනය සඳහා සුදුසුකම් නොලැබීය.නමුත් එහි මූලික සංකල්පය පසුකාලීනව 'අමාටා' යුද ටැංකිය සඳහා ප්‍රයෝජනයට ගැනිණි.

බ්ලැක් ඊගල් යුද ටැංකිය

සෝවියට් සෙරෙප්පුව

මිග්-105 නැතිනම් ලැපොට් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද්දේ සෝවියට් දේශයේ කක්ෂීය අභ්‍යාවකාශ යානා ව්‍යාපෘතියකි.එය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපදයේ ඩයිනා-සෝර් ව්‍යාපෘතියට පිළිතුරක් වශයෙනි.ඇමෙරිකානු ව්‍යාපෘතිය යුදමය අරමුණු පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කල එකකි.ඇමෙරිකානු යානය දියත් කිරීම රොකට් මගින් සිදුකෙරුණද,සෝවියට් විද්‍යාඥයෝ සැලැසුම් කලේ තම යානය උඩුගුවනේදී ද්‍රව ඉන්ධන යොදාගෙන දියත් කිරීමටයි.ඒ හරහා දියත් කිරීමට වැයවන පිරිවැය අවම කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

මෙම ව්‍යාපෘතිය පසුකාලීනව අතහැර දමන ලද්දේ රොකට් බලයෙන් ප්‍රචාලනය වන බූරාන් කක්ෂීය අභ්‍යාවකාශ යානයට සෝවියට් දේශයේ වැඩි අවධානයක් යොමුවීමත් සමගයි.මිග්-105 පිටුපස තිබෙන සංකල්ප මේ තාක් කල් කිසිම ව්‍යාපෘතියක් සඳහා ප්‍රයෝජනයට ගෙන නැතත් අනාගතයේ යම් දිනෙක එම සංකල්පද රුසියානුවන් භාවිතා කරාවි.

මිග්-105 යානය

source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 23280418, member: 547562"] [b]අතහැර දැමූ රුසියානු අවිවල මූලාකෘති[/b] [CENTER][IMG]https://4.bp.blogspot.com/-Z1BAuXfLXEk/WxZLk3mIQGI/AAAAAAAAA-8/4hO_3S-L9kgIY50seEaUHIrHsUB6EfxnACLcBGAs/s640/1064860722.jpg[/IMG][/CENTER] [SIZE="3"]එක් යුද රථයක් සේවයට එක්වන්නට වරම් ලබද්දී තවත් එවැනි රථ 10ක් පමණ ඊට නුසුදුසු වන්නේ එක්කෝ ඵලදායි නොවන නිසා හෝ ආර්ථික වශයෙන් ලාභදායි නොවන නිසාවෙනි.කෙසේවෙතත් ඒවා සාමාන්‍යයෙන් නිෂ්ඵල නිර්මාණ නොවන්නේ ඉන් සමහරක් පසුකාලයකදී නව පරම්පරාවක අවි සඳහා පදනම විය හැකි නිසාය.පහත දැක්වෙන්නේ ඊට උදාහරණ ලෙස රුසියානු ඉතිහාසයෙන් උපුටා ගත් අවි කිහිපයකි.[/SIZE] [SIZE="4"][B][CENTER]රත්රන් මත්ස්‍යයා[/CENTER][/B][/SIZE] [SIZE="3"]ප්‍රොජෙක්ට් 661 ඇන්කර්,එසේත් නැත්නම් කේ-162 හෝ කේ-222 යන නමින් ප්‍රසිද්ධ න්‍යෂ්ඨික බලැති සබ්මැරීනය(නේටෝ නාමය -Papa class)ලෝක ඉතිහාසය තුල නිපදවන ලද වේගවත්ම සබ්මැරීනය ලෙස තවමත් පිළිගනු ලැබේ.මෙම සබ්මැරිනයට නාවුක සැතපුම් 44.7 හෙවත් පැයට සැතපුම් 51.4/පැයට කිලෝ මීටර් 82.8 වේගයකින් යාත්‍රා කල හැකි විය.එයට කෲස් මිසයිල 10 ක් සහ ටෝර්පිඩෝ 12ක් ගෙන යාමට පුලුවනි.[/SIZE] [SIZE="3"]කේ-222 සබ්මැරීනයේ තිබුණු අවාසියක් වන්නේ එහි බඳ නිර්මාණය කර තිබුණේ මිලෙන් අධිකතම ලෝහයක් වන ටයිටේනියම් යොදාගෙනය.මෙම සබ්මැරීනයට ගෝල්ඩ් ෆිෂ් - රත්රන් මාලුවා යන අන්වර්ථ නාමය පටබැදෙන්නේද මේ හේතුව නිසාවෙනි.ඊට අමතරව කේ-222 සබ්මැරීනය යාත්‍රා කරද්දී නිපදවෙන ශබ්දය සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක වීම නිසා සතුරන්ගේ අවධානයට ලක්වීම වැඩි සම්භාවිතාවයක් තිබිණි.කේ-222 සබ්මැරීන ඒකකයක් පමණක් 1969 වර්ෂයේදී සේවයට එක් කර ගන්නා ලද අතර වසර 20ක සේවා කාලයකින් පසුව ඒවා විශ්‍රාම යවන ලදි.මෙම සබ්මැරීනයේ සමහරක් සංකල්ප ප්‍රොජෙක්ට් 670 ස්කාට්(නේටෝ නාමය - Charlie class)වැනි න්‍යෂ්ඨික බලැති සබ්මැරීන නිර්මාණය කිරීමේදී ප්‍රයෝජනයට ගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/aiPKn96l.jpg[/IMG] [B][CENTER]කේ-222 සබ්මැරීනය [/CENTER][/B] [B][SIZE="4"]සෝවියට් කැස්පියන් රාක්ෂයා[/SIZE][/B][/CENTER] [SIZE="3"]ලූන් නම් පන්තියට අයත් එක්රනෝප්ලේන්(නේටෝ නාමය - Duck)එනම් ගොඩබිම් ආචරණ යානය ජල තලයක නොගෑවී ඊට ඉහළින් සමාන්තරව පියාසර කරන යානයකි.එම වර්ගයෙ අනෙකුත් යාත්‍රා මෙන් නොව මෙම සෝවියට් දැවැන්තයා දිගින් මීටර් 74ක්ද පළලින් මීටර් 44ක් විය.එයට කි.ග්රෑ. 300 අවි ශීර්ෂයක් සහිත පී-270 මොස්කිට් නෞකා නාශක මිසයිල 6ක් ගෙන යා හැකිය.ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වා දැමීමට එම මිසයිලවලින් 3ක් පමණක් ප්‍රමාණවත් යැයි සඳහන් වේ.මෙම යානය නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණ වූයේද ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කිරීමයි.තවද ඊට නාවික සැතපුම් 297 එනම් පැයට කි.මී.550 තරම් වේගයකින් සිය ඉලක්කය වෙත ළඟාවීමට හැකියාව තිබිණි.මෙම යානය ජල තලයට ඉතා ආසන්නයෙන් යාත්‍රා කරන නිසා බොහොමයක් රේඩාර් පද්ධතිවලට එය අනාවරණය වන්නේ ආසන්නයට පැමිණි පසුවයි.[/SIZE] [SIZE="3"]ලූන් යානය නිර්මාණය කලේ එහි මුල්කාලීන මූලාකෘතියක් වූ කොර්බ්ල් මේකෙට් එනම් බටහිර රටවල් කැස්පියන් මොන්ස්ටර් යන නමින් හැඳින්වූ යානය මත පදනම්වයි.අවාසනාවට එම යානයටත් අත් වූයේ ගෝල්ඩ් ෆිෂ් සබ්මැරීනයට අත් වූ ඉරණමයි.1987 දී ප්‍රථම වරට ලූන් යානය දියත් කලත්,මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සෝවියට් දේශයට ප්‍රමාණවත් අරමුදල් නොතිබීම නිසා ව්‍යාපෘතිය අතහැර දමන ලදි.කෙසේවෙතත් කැස්පියන් මොන්ස්ටර් යානයේ මුල් නිර්මාපකයෝ 2015 වර්ෂයේදී නිවේදනය කලේ ඔවුන් එක්රනෝප්ලේන් යානයේ නූතන සංස්කරණයක් නිර්මාණය කරන්නට කටයුතු ආරම්භ කර තිබෙන බවයි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/Pe63BINl.jpg[/IMG][/CENTER] [B][CENTER]ලූන් එක්රනෝප්ලේන් යානය[/CENTER][/B] [B][CENTER][SIZE="4"]සුකොයි-57 යානයේ පියා[/SIZE][/CENTER][/B] [SIZE="3"]සුකොයි-47 බර්කුට්(නේටෝ නාමය - Firkin)මූලාකෘති ෆයිටර් ජෙට් යානය සතුව විශිෂ්ඨ අංගයක් ඇතුලත් විය.සුචල්යතාවය සහ හැසිරවීමේ හැකියාව අධික කරවන ඉදිරිපසට ආනත වූ පියාපත් දෙකක් මෙම යානය සතුව තිබිණි.ඒ හරහා යානයට ලැබුණු අනෙකුත් වාසි වන්නේ කෙටි දුර ප්‍රමාණයක් ඇතුලත ගුවන් ගත වීම සහ ගොඩබැස්සවීම සිදු කල හැකිවීම සහ උච්ච කෝණික ප්‍රහාර වලදී ඉහළ ස්ථායිතාවයක් රදවා ගැනීම ආදියයි.කෙසේවෙතත් මෙවැනි සැලැස්මක් හරහා යානයේ පියාපත් මත ඇතිවන ආතතිය සාපේක්ෂව වැඩි නිසා එහි නිෂ්පාදන කටයුතු සඳහා මිල අධික අමුද්‍රව්‍ය අවශ්‍ය විය.[/SIZE] [SIZE="3"]1997 වර්ෂය වන විට රුසියානු ආර්ථිකයේ දරුණු පසුබෑම මෙම ව්‍යාපෘතියේ සමාප්තියට පාර කැපීය.නමුත් ඒ ව්‍යාපෘතිය හරහා ඉස්මතු වූ සංකල්ප අපතේ ගියේ නැත.ඒවා පස්වන පරම්පරාවේ රුසියානු ෆයිටර් ජෙට් යානයක් වන සුකොයි-57 යානයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/6u0IQqcl.jpg[/IMG] [B][CENTER]සුකොයි-47 යානය[/CENTER][/B] [B][CENTER][SIZE="4"]කළු රාජාලියා[/SIZE][/CENTER][/B][/CENTER] [SIZE="3"]ඔබ්ජෙක්ට් 640 නැතිනම් බ්ලැක් ඊගල් යුද ටැංකිය දැනට රුසියානු හමුදාව භාවිතා කරන යුද ටැංකි මොඩලවලට වඩා සැලකිය යුතු වෙනස්කම් නොදරයි.නමුත් එහි තිබූ එක් වාසියක් වූයේ අභ්‍යන්තර මැදිරියේ පහළම කෙළවරේ කාර්ය මණ්ඩලයට ආසන පනවා තිබීමයි.එහි අරමුණ වූයේ යුද ටැංකිය සතු ප්‍රහාරයකට ලක්වුවහොත් කාර්ය මණ්ඩලයේ ජීවිත සුරැකීමයි.යුද ටැංකිය නව්‍යතා වලින් පොහොසත් නොවීමත්,ගෑස් ටර්බයින් එන්ජිම් සහිත යුද ටැංකිවලට හමුදා ප්‍රධානීන්ගේ තිබෙන අකමැත්තත් නිසා ඔබ්ජෙක්ට් 640 යුද ටැංකිය නිෂ්පාදනය සඳහා සුදුසුකම් නොලැබීය.නමුත් එහි මූලික සංකල්පය පසුකාලීනව 'අමාටා' යුද ටැංකිය සඳහා ප්‍රයෝජනයට ගැනිණි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/tE7peMfl.jpg[/IMG][/CENTER] [B][CENTER]බ්ලැක් ඊගල් යුද ටැංකිය[/CENTER][/B] [B][CENTER][SIZE="4"]සෝවියට් සෙරෙප්පුව[/SIZE][/CENTER][/B] [SIZE="3"]මිග්-105 නැතිනම් ලැපොට් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද්දේ සෝවියට් දේශයේ කක්ෂීය අභ්‍යාවකාශ යානා ව්‍යාපෘතියකි.එය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපදයේ ඩයිනා-සෝර් ව්‍යාපෘතියට පිළිතුරක් වශයෙනි.ඇමෙරිකානු ව්‍යාපෘතිය යුදමය අරමුණු පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කල එකකි.ඇමෙරිකානු යානය දියත් කිරීම රොකට් මගින් සිදුකෙරුණද,සෝවියට් විද්‍යාඥයෝ සැලැසුම් කලේ තම යානය උඩුගුවනේදී ද්‍රව ඉන්ධන යොදාගෙන දියත් කිරීමටයි.ඒ හරහා දියත් කිරීමට වැයවන පිරිවැය අවම කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය.[/SIZE] [SIZE="3"]මෙම ව්‍යාපෘතිය පසුකාලීනව අතහැර දමන ලද්දේ රොකට් බලයෙන් ප්‍රචාලනය වන බූරාන් කක්ෂීය අභ්‍යාවකාශ යානයට සෝවියට් දේශයේ වැඩි අවධානයක් යොමුවීමත් සමගයි.මිග්-105 පිටුපස තිබෙන සංකල්ප මේ තාක් කල් කිසිම ව්‍යාපෘතියක් සඳහා ප්‍රයෝජනයට ගෙන නැතත් අනාගතයේ යම් දිනෙක එම සංකල්පද රුසියානුවන් භාවිතා කරාවි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/3Byu7ael.jpg[/IMG][/CENTER] [B][CENTER]මිග්-105 යානය[/CENTER][/B] source:sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom