Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්දැකීමෙන් දේශපාලන විද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් තරුණ පක්ෂයක්...

දෙවැනි කොටස.

මුලින්ම ඔබ දේශපාලනයට එන බව කියන කොටම ඔබේ මිතුරන්, හිතවතුන් පිරිසක් ඔබෙන් ඈත් වෙනවා.

ඔබට දේශපාලනයේදී පක්ෂයක් තෝර ගන්න වෙනවා නැත්නම් හදන්න වෙනවා. එතනදි අනෙක් දේශපාලන පක්ෂ වලට හිතවත් කට්ටිය ඔබෙන් ඈත් වෙනවා. ඒ වගේම ඔබ සමග සමාජ ක්‍රියාකාරකම් වල හිටපු එකට මහන්සි වෙච්චි අය අයින් වෙනවා. සමහරු දේශපාලනයට ගෑවෙන්න අකමැතියි. සමහරු ඒ කරන පොදු වැඩ වලින් ඔබ දේශපාලනිකව වාසියක් අරගනියි කියලා බයයි, ඒ අයව පාවිච්චි වෙයි කියලා අකමැතියි.

ඔබ තියෙන දේශපාලන දහරාවක් තෝර ගත්තොත් ඒ දහරාවේ කට්ටිය ඔබත් එක්ක සෙට් වෙනවා. අනිත් කට්ටිය තරහා වෙනවා. Facebook එකේ හිටපු යාළුවෝ unfriend වෙන මට්ටමට යනවා. තව පිරිසක් ඔබටම unfriend කරන්න වෙන මට්ටමට වාතයක් වෙනවා. ඔය මුල් අවධියේ දී ඔබේ ලඟම ඈයෝ ඔබව තෝරා ගන්නේ ඒ ආකාරයට. ඒත් ඔබව තදින් විශ්වාස කරන කීපදෙනෙක් වටේට ඉතුරු වෙයි.

ඊට පස්සේ ඔබ ඉදිරියට යන්න ගන්නවා. එහෙම යන කොට ඔබ තෝර ගන්න පක්ෂය මත ඔබේ ගමන තීරණය වෙනවා. තියෙන පක්ෂ අපි 1, 2, 3 කියලා කියමු. 1 තමයි දිනන්න ඉන්නේ. 2 පරදින්න ඉන්නේ. 3 හැමදාම එතන කියලා හිතමු. ඔබට 1 තෝර ගත්තොත් ගමන ලේසියි. සහයට කට්ටිය වැඩියි. මූඩ් එක හොඳයි. 2 අමාරුයි. ඒත් ගමනක් තියෙනවා. ඒ පාක්ෂිකයන් ඔබට සපෝට් කරනවා. 3 ඉතිං හැමදාම 3 නිසා ඒ ඉන්න කාඩර් එක ඔබ ලඟට එනවා. හැබැයි ඔබ අලුත්ම තැනක් හදන්න ගත්තොත් ඔබට ඉතාමත් සුළු පිරිසක් එක්ක අමාරුවෙන් ඔළුව උස්සන්න වෙන්නේ.

දැන් අපි තෝර ගන්නේ ඒ 4 වෙනි පාර නම්, දැන් ඔබට ලේබල් ගහන්න ගන්නවා. අරයගේ අතකොළු , මෙයාගේ බළල් අත්, NGO කාරයෝ, ඩොලර් කාක්කෝ, නානා ප්‍රකාර ලේබල්. සමාජයට ඔබව කියවා ගන්න බෑ. දේශපාලනිකව ස්වාධීන වීම කියන්නේ විභාගෙට ආපු නොතේරෙන ගාණක් වගේ. හැමෝම ඒක කටු ගාලා දානවා. නොතේරෙන දේ තේරුම් ගන්න පුළුවන් විදියට උත්සහ කරනවා. ඒත් ඔබ දරාගෙන හිටියොත් ඔබව වැඩෙනවා. කුඹුරකට විසි කරපු බිත්තර වී ඇටේ වගේ ඔබ වැඩෙනවා.

ඔබේ මතය නිසා විරෝධයක් දක්වන අය දැන් එනවා අලුත්ම ආවේශයකින්. ඒ එන්නේ මඩ බාල්දි ගණන් අරගෙන. ඔබ කරපු නොකරපු සියළු දේ හොයනවා. ඔබේම කතාව විකෘති කරලා ලියනවා. ඔබත් නොදත් කතන්දර එකතු කරනවා. ඔබේ උගත් කම් පවා පිළිගන්න බෑ කියනවා. මගේම විශ්වවිද්‍යාලයේ සමහරු මගේ වෛද්‍ය ලියාපදිංචිය ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒ මඩ එච්චර ප්‍රභලයි. ඔබව නොදන්න මිනිස්සු ඔබව මුලින්ම මඩකින් දැන ගත්තොත් ඔවුන් මතක තියා ගන්නේ වැරදි තැනකින්. ඔවුන් ඔබට ගර හන්න ගන්නවා. බනිනවා. විරුද්ධ වෙනවා. මඩ ආයේ ආයේ එනවා. ජීවිතේට නොදන්න මිනිස්සු ඔබේ මතවාදය ගැන හෑලි ලියලා බනිනවා, අපහාස කරනවා. කතා ගොතනවා. ඒ ඔක්කොම පහු කර ගෙන ඔබට යන්න වෙනවා.

මේවට මූණ දෙන කොට ඔබව ටිකක් සීසන් වෙනවා. ඒවට හුරු වෙනවා. ඔබ වටා යම් පිරිසක් එකතු වෙනවා. ඒ අතරේ ඔබව මුලින්ම විශ්වාස කරපු එකටම ඉන්න පිරිස උනත් සමහර වෙලාවට මත ගැටුම් ඇවිත් ඈත් වෙනවා. පොඩි කාලේ ඉඳං එකට සෙල්ලම් කරපු උන් පවා ඈත් වෙන්න පුළුවන්. කමක් නෑ අලුත් අය එකතු වෙනවා.

මේ අතරේ ඔබට අරමුදල් ඕන වෙනවා. වැඩ තියෙනවා. සංවිධානය වෙන්න ඕන වෙනවා. ඔබට ඉස්සරහට යන්න බැරි නම්, ආධාර ඉල්ලන්න වෙනවා. සල්ලි අල්ලන්න ගියොත් ඔබ අමාරුවේ වැටෙනවා. හොඳ හිතින් දෙන අය වගේම ඔබව උගුලකට අල්ල ගන්න දෙන අයත් ඉන්නවා. ඒ නිසා නොගෙන ඉන්න එක තමයි හොඳ. සල්ලි නැතුව යන්න ක්‍රමයක් හොයන්න ඕන වෙනවා. එත් එක්කම පක්ෂය පුළුල් කරද්දී තව කට්ටිය ඕන වෙනවා. අලුතින් ඔබ දන්න මිනිස්සුන්ට අමතරව නොදන්න අයත් ගන්න ඕනේ. එක සීමාවකට පස්සේ සම්පූර්ණ ආගන්තුකයෝ එක්ක එකට පක්ෂයක් කරන්න වෙනවා. විශ්වාසය ඇති කර ගැනීම ඉතා අමාරුයි. ඒ අතරේ වැරදි අය ඇතුලට එනවා. ඔබව පාවිච්චි කරන්න හදනවා. ඔත්තු බලනවා.

ඒ වගේම ඔබට දක්ෂයෝ ඕනේ. ඔබට බෑ වරෙං මචං කියලා දන්න අය විතරක් අරගෙන වැඩේ කරන්න. ඔබට අලුත් අය ඕනේ. ඇතුලට ගන්න කලින් විශ්වාසය තහවුරු කර ගන්න බෑ. කාලයක් යනවා ඒකට. වැරදි අය ආවොත් වැඩේ ඉවරයි. ඒ වගේම විශ්වාසයි කියලා අදක්ෂයෝ පුරව ගෙනත් බෑ. දක්ෂයෝ අනාගතයේ දී එයි නම් ඒ අයට පක්ෂය ඇතුලේ ඉඩ තියන්නත් ඕනේ. ඒ නිසා සංවිධාන ව්‍යුහය හදා ගෙන යද්දී අමාරු වෙනවා. මත ගැටුම් එනවා. බෙදෙනවා, කැඩෙනවා.

ඔබ අධෛර්මත් උනොත් ඔබට එපා වෙනවා. එහෙම උනොත් අනිත් අර පක්ෂ බලං ඉන්නවා ඔබව ලං කර ගන්න. දැන් ඔබට පිරිසක් ඉන්නවා, නමක් ලාවට හරි තියෙනවා. ඔබටත් හිතෙනවා දැන් ඇති කර ගන්න බෑ කියලා. ඔබ සමහර විට වැඩේ අතෑරලා දානවා. නැත්නම් ඔය තියෙන පක්ෂ වලට ගොදුරක් වෙලා, තියෙන ක්රමයේම ගිලෙනවා. ඒ හැම විටෙම ඔබ ජීවිතෙන් පරාදයි.

ඔබ ශක්තිමත් නම් ඔබ අල්ලං ඉඳීවි. ඔබ හරි නම් ඔබේ හිතේ සතුට තියේවී. මිනිසුන් ඔබව විශ්වාස කරන්න ගනිවී. ටික ටික ඔබේ කීර්තිය වැඩේවි. අලුත් වෙනසක් හොයන මිනිස්සු ඔබව නායකයෙකු ලෙස දකිවී. අනතුරුව ඔබ දිනාවි.

මේක තමයි අත්දැකීමෙන් කියන්න තියෙන්නේ. ඔබට අලුත් ගමනාන්තයක් ඕනේ නම් වෙන අය ගිය පාරවල් වල යෑමෙන් වළකින්න. පරණ බස් වල නැගීමෙන් වළකින්න. ධෛර්යමත්ව මූණ දෙන්න. ධනය, බලය පරාජය කරන්න. ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටින්න.

ඔබට පුළුවන් නම්, රට හැදෙයි.

පැතුම් කර්නර්

1.2K1.2K

96 comments

130 shares

[QUOTE="riduna pm, post: 27730763, member: 567786"] අලුත් තරුණ පක්ෂයක්... දෙවැනි කොටස. මුලින්ම ඔබ දේශපාලනයට එන බව කියන කොටම ඔබේ මිතුරන්, හිතවතුන් පිරිසක් ඔබෙන් ඈත් වෙනවා. ඔබට දේශපාලනයේදී පක්ෂයක් තෝර ගන්න වෙනවා නැත්නම් හදන්න වෙනවා. එතනදි අනෙක් දේශපාලන පක්ෂ වලට හිතවත් කට්ටිය ඔබෙන් ඈත් වෙනවා. ඒ වගේම ඔබ සමග සමාජ ක්‍රියාකාරකම් වල හිටපු එකට මහන්සි වෙච්චි අය අයින් වෙනවා. සමහරු දේශපාලනයට ගෑවෙන්න අකමැතියි. සමහරු ඒ කරන පොදු වැඩ වලින් ඔබ දේශපාලනිකව වාසියක් අරගනියි කියලා බයයි, ඒ අයව පාවිච්චි වෙයි කියලා අකමැතියි. ඔබ තියෙන දේශපාලන දහරාවක් තෝර ගත්තොත් ඒ දහරාවේ කට්ටිය ඔබත් එක්ක සෙට් වෙනවා. අනිත් කට්ටිය තරහා වෙනවා. Facebook එකේ හිටපු යාළුවෝ unfriend වෙන මට්ටමට යනවා. තව පිරිසක් ඔබටම unfriend කරන්න වෙන මට්ටමට වාතයක් වෙනවා. ඔය මුල් අවධියේ දී ඔබේ ලඟම ඈයෝ ඔබව තෝරා ගන්නේ ඒ ආකාරයට. ඒත් ඔබව තදින් විශ්වාස කරන කීපදෙනෙක් වටේට ඉතුරු වෙයි. ඊට පස්සේ ඔබ ඉදිරියට යන්න ගන්නවා. එහෙම යන කොට ඔබ තෝර ගන්න පක්ෂය මත ඔබේ ගමන තීරණය වෙනවා. තියෙන පක්ෂ අපි 1, 2, 3 කියලා කියමු. 1 තමයි දිනන්න ඉන්නේ. 2 පරදින්න ඉන්නේ. 3 හැමදාම එතන කියලා හිතමු. ඔබට 1 තෝර ගත්තොත් ගමන ලේසියි. සහයට කට්ටිය වැඩියි. මූඩ් එක හොඳයි. 2 අමාරුයි. ඒත් ගමනක් තියෙනවා. ඒ පාක්ෂිකයන් ඔබට සපෝට් කරනවා. 3 ඉතිං හැමදාම 3 නිසා ඒ ඉන්න කාඩර් එක ඔබ ලඟට එනවා. හැබැයි ඔබ අලුත්ම තැනක් හදන්න ගත්තොත් ඔබට ඉතාමත් සුළු පිරිසක් එක්ක අමාරුවෙන් ඔළුව උස්සන්න වෙන්නේ. දැන් අපි තෝර ගන්නේ ඒ 4 වෙනි පාර නම්, දැන් ඔබට ලේබල් ගහන්න ගන්නවා. අරයගේ අතකොළු , මෙයාගේ බළල් අත්, NGO කාරයෝ, ඩොලර් කාක්කෝ, නානා ප්‍රකාර ලේබල්. සමාජයට ඔබව කියවා ගන්න බෑ. දේශපාලනිකව ස්වාධීන වීම කියන්නේ විභාගෙට ආපු නොතේරෙන ගාණක් වගේ. හැමෝම ඒක කටු ගාලා දානවා. නොතේරෙන දේ තේරුම් ගන්න පුළුවන් විදියට උත්සහ කරනවා. ඒත් ඔබ දරාගෙන හිටියොත් ඔබව වැඩෙනවා. කුඹුරකට විසි කරපු බිත්තර වී ඇටේ වගේ ඔබ වැඩෙනවා. ඔබේ මතය නිසා විරෝධයක් දක්වන අය දැන් එනවා අලුත්ම ආවේශයකින්. ඒ එන්නේ මඩ බාල්දි ගණන් අරගෙන. ඔබ කරපු නොකරපු සියළු දේ හොයනවා. ඔබේම කතාව විකෘති කරලා ලියනවා. ඔබත් නොදත් කතන්දර එකතු කරනවා. ඔබේ උගත් කම් පවා පිළිගන්න බෑ කියනවා. මගේම විශ්වවිද්‍යාලයේ සමහරු මගේ වෛද්‍ය ලියාපදිංචිය ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒ මඩ එච්චර ප්‍රභලයි. ඔබව නොදන්න මිනිස්සු ඔබව මුලින්ම මඩකින් දැන ගත්තොත් ඔවුන් මතක තියා ගන්නේ වැරදි තැනකින්. ඔවුන් ඔබට ගර හන්න ගන්නවා. බනිනවා. විරුද්ධ වෙනවා. මඩ ආයේ ආයේ එනවා. ජීවිතේට නොදන්න මිනිස්සු ඔබේ මතවාදය ගැන හෑලි ලියලා බනිනවා, අපහාස කරනවා. කතා ගොතනවා. ඒ ඔක්කොම පහු කර ගෙන ඔබට යන්න වෙනවා. මේවට මූණ දෙන කොට ඔබව ටිකක් සීසන් වෙනවා. ඒවට හුරු වෙනවා. ඔබ වටා යම් පිරිසක් එකතු වෙනවා. ඒ අතරේ ඔබව මුලින්ම විශ්වාස කරපු එකටම ඉන්න පිරිස උනත් සමහර වෙලාවට මත ගැටුම් ඇවිත් ඈත් වෙනවා. පොඩි කාලේ ඉඳං එකට සෙල්ලම් කරපු උන් පවා ඈත් වෙන්න පුළුවන්. කමක් නෑ අලුත් අය එකතු වෙනවා. මේ අතරේ ඔබට අරමුදල් ඕන වෙනවා. වැඩ තියෙනවා. සංවිධානය වෙන්න ඕන වෙනවා. ඔබට ඉස්සරහට යන්න බැරි නම්, ආධාර ඉල්ලන්න වෙනවා. සල්ලි අල්ලන්න ගියොත් ඔබ අමාරුවේ වැටෙනවා. හොඳ හිතින් දෙන අය වගේම ඔබව උගුලකට අල්ල ගන්න දෙන අයත් ඉන්නවා. ඒ නිසා නොගෙන ඉන්න එක තමයි හොඳ. සල්ලි නැතුව යන්න ක්‍රමයක් හොයන්න ඕන වෙනවා. එත් එක්කම පක්ෂය පුළුල් කරද්දී තව කට්ටිය ඕන වෙනවා. අලුතින් ඔබ දන්න මිනිස්සුන්ට අමතරව නොදන්න අයත් ගන්න ඕනේ. එක සීමාවකට පස්සේ සම්පූර්ණ ආගන්තුකයෝ එක්ක එකට පක්ෂයක් කරන්න වෙනවා. විශ්වාසය ඇති කර ගැනීම ඉතා අමාරුයි. ඒ අතරේ වැරදි අය ඇතුලට එනවා. ඔබව පාවිච්චි කරන්න හදනවා. ඔත්තු බලනවා. ඒ වගේම ඔබට දක්ෂයෝ ඕනේ. ඔබට බෑ වරෙං මචං කියලා දන්න අය විතරක් අරගෙන වැඩේ කරන්න. ඔබට අලුත් අය ඕනේ. ඇතුලට ගන්න කලින් විශ්වාසය තහවුරු කර ගන්න බෑ. කාලයක් යනවා ඒකට. වැරදි අය ආවොත් වැඩේ ඉවරයි. ඒ වගේම විශ්වාසයි කියලා අදක්ෂයෝ පුරව ගෙනත් බෑ. දක්ෂයෝ අනාගතයේ දී එයි නම් ඒ අයට පක්ෂය ඇතුලේ ඉඩ තියන්නත් ඕනේ. ඒ නිසා සංවිධාන ව්‍යුහය හදා ගෙන යද්දී අමාරු වෙනවා. මත ගැටුම් එනවා. බෙදෙනවා, කැඩෙනවා. ඔබ අධෛර්මත් උනොත් ඔබට එපා වෙනවා. එහෙම උනොත් අනිත් අර පක්ෂ බලං ඉන්නවා ඔබව ලං කර ගන්න. දැන් ඔබට පිරිසක් ඉන්නවා, නමක් ලාවට හරි තියෙනවා. ඔබටත් හිතෙනවා දැන් ඇති කර ගන්න බෑ කියලා. ඔබ සමහර විට වැඩේ අතෑරලා දානවා. නැත්නම් ඔය තියෙන පක්ෂ වලට ගොදුරක් වෙලා, තියෙන ක්රමයේම ගිලෙනවා. ඒ හැම විටෙම ඔබ ජීවිතෙන් පරාදයි. ඔබ ශක්තිමත් නම් ඔබ අල්ලං ඉඳීවි. ඔබ හරි නම් ඔබේ හිතේ සතුට තියේවී. මිනිසුන් ඔබව විශ්වාස කරන්න ගනිවී. ටික ටික ඔබේ කීර්තිය වැඩේවි. අලුත් වෙනසක් හොයන මිනිස්සු ඔබව නායකයෙකු ලෙස දකිවී. අනතුරුව ඔබ දිනාවි. මේක තමයි අත්දැකීමෙන් කියන්න තියෙන්නේ. ඔබට අලුත් ගමනාන්තයක් ඕනේ නම් වෙන අය ගිය පාරවල් වල යෑමෙන් වළකින්න. පරණ බස් වල නැගීමෙන් වළකින්න. ධෛර්යමත්ව මූණ දෙන්න. ධනය, බලය පරාජය කරන්න. ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටින්න. ඔබට පුළුවන් නම්, රට හැදෙයි. පැතුම් කර්නර් [URL='https://www.facebook.com/photo/?fbid=535614817939689&set=a.416985873135918&__cft__[0]=AZX_hNSlBbSTpX45T3_A7A7KvyZ7YBwVbPokGaj8vLHFdtDujcosviyGDepsIjYZijWDnk3Ho5lfpaOIefb2g2luzTl_gWCfKKDb5Lo7uQ8f4BItv_rCmVY1Mlw4YQ8z3NV75G_qURMNcmSCXT1E947m&__tn__=EH-R'][IMG alt="May be an image of 7 people, people standing and outdoors"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/281809119_535614814606356_4501256017224721710_n.jpg?stp=dst-jpg_p180x540&_nc_cat=1&ccb=1-6&_nc_sid=8bfeb9&_nc_ohc=f70fyBrLZzoAX8AHqo5&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AT93HQ5r26JqwcstwSyQVRaHAaRT8hbsY4qOyjd67RPsKw&oe=6287850B[/IMG] [/URL] 1.2K1.2K 96 comments 130 shares [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom