Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුකුලේ පැදීම' සහ Indika Rathnayake ගේ පට්ටපල් කෙබර

එදා ඉඳං ම මම කියන දෙයක් තම යි සමාජ මාධ්‍යයවල පළ වෙන සමහර ලිපි, තොරතුරු පිළිගන්න කලින් ඒ කරුණු ගැන එක පාරක් නෙවෙයි, දහ දොළොස් වතාවක් විතර හොයලා බලන්න කියන එක. ඒ වගේ ම තම යි ඒ ලිපිය හෝ ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයා කවුරු ද? ඔහු ගෙ අදහස්, ඔහු නියෝජනය කරන පාර්ශ්ව, අරමුණු වගේ දේවල් ගැනත් අවධානය යොමු කළාට වරදක් නෑ. ඉතිහාසය ගැන කතා කරද්දි ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒ තම යි, 'ඉතිහාසය හැදෑරීමට පෙර ඉතිහාසඥයා හදාරන්න' කියන එක. කොහොම හරි මේ ලිපිය මම ලියන්නෙත් සමාජ මාධ්‍යවල පළ වුණු සාවද්‍ය අදහසක් ගැන.

"රුකුලේ පැදීම". මේ ලංකාවෙ සමහර පැතිවල භාවිත වෙන වචනයක්. මම හැදුණු වැඩුණු වන්නි හත් පත්තුව, නුවර කලාවිය වගේ ප්‍රදේශවලින් දැනට මට මේ වචනය අහන්න ලැබිලා නැති නිස යි "සමහර පැතිවල" කියන වචන කීපය මම අමුණන්නෙ (ඒ ප්‍රදේශවලත් මේ වචනය භාවිත වන බව අසා ඇත්නම් දැනුමැත්තෝ දැනුම්වත් කරත් වා!). වචනෙ තේරුම බැලුවොත් සාමාන්‍යයෙන් "රුකුල්" කියන්නෙ "කරුව", "දෙබල" වගේ තේරුම් දෙන වචනයක්. ප්‍රාදේශීය ව්‍යවහාර අනුවත් මේ වචනවල අර්ථ වෙනස් වෙන්න පුළුවන්. සමහරු කියන විදියට "රුකුලේ පැදීම" කියන එකෙන් අදහස් කරන්නෙ "කැලෑ වැදිලා (රහසේ) කෙරෙන ස්ත්‍රී පුරුෂ සංසර්ගය". කතාබට බහිමු.

රුකුලේ පැදීම කියන්නෙ ලංකාවෙ පැවැති ලිංගික සිරිතක් කියලා තම යි ඉන්දික රත්නායක සටහන් කරලා තියෙන්නෙ. ප්‍රධාන කාරණාව තම යි ඕවා ලංකාවෙ තිබුණු සිරිත් නෙවෙ යි.

නා නා ප්‍රකාර සංසිද්ධීන්වලට මිනිස්සු කියපු වචන තිබුණා. කාව හරි රවට්ට රවට්ට බොරු බලාපොරොත්තු දෙනකොට අපෙ ගම්වල මිනිස්සු කීවා 'ඔය මනුස්සයට මනවැල් නො දී හිටහං පැටියෙ' කියලා. 'මනවැල්' කිව්වෙ 'බොරු බලාපොරොත්තුවලට'. පෙම්වතුන් දෙපලක් එකට ඇවිදගෙන යන වෙලාවක මාත් එක්ක හිටපු මගෙ හිතවතෙක් අර දෙන්න ගෙන් අහනවා 'ආ... දෙන්නා වලව්වෙ යනවා වගේ නේද?' කියලා. ඒ ජෝඩුවට ඒක තේරුනා ද අපි දන්නෑ. කොයික වෙතත් ඒ කියපු එක මට තේරුනෙත් නෑ. ඒ නිසා ම 'වලව්වෙ යනවා' කියන්නෙ මොකක්ද කියලා මම හොයලා බැලුවා. අහලා බැලුවා. මට අහන්න, දැනගන්න ලැබුණෙ මේ වගේ දෙයක්.

ඇහැලේපොල අදිකාරම රත්නපුර ඉන්න කාලෙ ඔහු ගෙ නෙත ගැටෙන රූපත් තරුණියන් ඔහු ගෙ වලව්වට අරගෙන යන්න පුරුදු වෙලා හිටියලු. ඒ නිසා ම ඇහැලේපොල ගෙ වලව්වට 'අන්තඃපුරය' කියලා නමකුත් පටබැඳිලා තිබුණලු. සමහරු කියන විදියට ඇහැලේපොල අදිකාරම තරුණියන් ව වලව්වට අරං ගියෙ ඇයි කියන කාරණාව මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. ඔය සංසිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා තම යි තරුණයෙක්-තරුණියක් හුදකලාව කොහෙ හරි යද්දි 'වලව්වෙ යනවා' හෝ 'වලව්වෙ යනව ද?' කියන ව්‍යවහාරය ඒ ප්‍රදේශයේ ගැමියො අතර පැතිරිලා තියෙන්නෙ.

මේවා සිරිත් නෙවෙයි. සංසිද්ධියකට ගැමියො දුන්න හැඳින්වීමක්. හෝ සංසිද්ධියක් පැහැදිලි කරන්න ගැමියො නිර්මාණය කරගත්ත ව්‍යවහාරයක්. මේවා සමාජයෙ ගර්හාවට ලක්වුණු දේවල් මිසක් සිරිත් විදියට වැළැඳ ගත් ඒවා නෙවෙයි.

ඉන්දික රත්නායක කියන විදියට 'ගමේ ගම්මුලාදෑනියා හෝ ඊට සමාන ප්‍රභූන් විසින් ගමේ ගැටිස්සියන් සමහර විට වැඩි විය පත් නො වූ ගැහැණු ළමයින් එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් සමඟ ලිංගික ව එකතුවීමට ගමේ වන රොදකට යෑම රුකුලෙ පැදීම කියලා හඳුන්වනවා' ලු. ඒක සත් රාග සිරිත්වලිනුත් එකක් ලු (මම ඉන්දික රත්නායකට ආරාධනා කරනවා පුළුවන් නම් සත් රාග සිරිත් ටික, ඒ සිරිත් සඳහන් මූලාශ්‍රය එක්ක ම ලියලා පෙන්වන්න කියලා). ඒ විතරක් නෙවෙයි දැරියන් අකමැති වුණත් ගම්මුලාදෑනියා හෝ ප්රභූවරයාට එකඟ වෙන්න සිදු වුණා ලු.

ලංකාවෙ හිටපු ගුණගරුක, සදාචාර සම්පන්න ප්‍රභූන් වගේ ම, සදාචාර විරෝධී වැඩ කරපු අයත් ඇති තරම් හිටියා. ඒ අය කරපු සදාචාර විරෝධී දේවල් සමාජ සම්මත වත්, සිරිත් වත් නෙවෙ යි. ඒ ක්‍රියාකාරකම් සමාජ ආචාරධර්ම ඉක්මවා ගියපුවා. හැරත් ඒ කාලෙ ප්රභූන්ට ඔච්චර දෙයක් කරගන්න කැළේ අස්සට ම රිංගන්න තරං ඉඩ කඩං, නිවාස අහේනියක් තිබුණෙ නෑ. ඒ වගේ ම තම යි මේ වගේ සදාචාර විරෝධී වැඩ කරපු ප්‍රභූන් ගෙ මේ නොපනත්කම් ධනයට සහ බලයට මුවාවෙලා කරපු නිසා සාමාන්‍ය ජනතාවට කළ හැකි දෙයක් තිබුණෙ නෑ. රජෙක් යටතේ හිටපු කාලෙ නං රජතුමාට පැමිණිලි කිරීමේ අවස්ථාවක් තියෙන්න ඇති. වංශවතුන්ට තිබුණු ධනය සහ බලය නිසා කීයෙන් කී දෙනෙක් මේ ප්‍රවේශය ගත්ත ද කියන එක නං සැකයි.

ඉන්දික රත්නායක ඊගාවට කරන්නෙ තමන් වත් හරියට නො දන්න ඉතිහාසයෙන් අග මුල පටලන එක. ඔහු කියනවා මෙහෙම.

"සුනේත්ර දේවිය මලයාලම් කුමාරයෙක් සමඟ රුකුලෙ පැදීම නිසා උපන් කුමරා රුකුලෙ කුමරා ලෙස හැඳින් වූ පසුව අලකේශ්වර මරා කෝට්ටේ රජ වූ පරාක්‍රමබාහු රජු යි".

මුල් සටහනෙ අක්ෂර දෝෂ සහ ඇතැම් තැන්වල පද බෙදීම් හදල යි උපුටා ගැනීම මම සටහන් කළේ.

මේ කියලා තියෙන්නෙ ඇත්ත ද? අපිට කියවන්න, දකින්න ලැබෙන මූලාශ්‍රය අනුව නම් ඒ කියලා තියෙන්නෙත් පට්ටපල් බොරුවක්.

පරාක්‍රමබාහු රජතුමා, රුකුලේ පරාක්‍රමබාහු හෝ රුකුලේ කුමාරයා (රජ වෙන්න කලිං) කියලා ව්‍යවහාරයට ආවෙ කොහොම ද? රජතුමා ගෙ තාත්තා කවුරු ද?

රාජාවලිය කියන විදියට නං පරාක්‍රමබාහු රජතුමා ගෙ තාත්තා තම යි විජයබාහු රජතුමා. මේ තියෙන්නෙ රාජාවලියෙ වචන.

"... විජයබාහු රජ අල්ලාගෙන ගිය අවදියේදී එරජුගේ බිසව සුනේත්‍රාදේවි කුමාරයාත් කැඳවාගෙන නුවරින් නික්ම වීදාගම වෙහෙරට වන්නාහ."

රාජාවලිය විතරක් නෙවෙයි. වැලන්ටයින් පවා කියන විදියට පරාක්‍රමබාහු කියන්නෙ විජයබාහු ගෙ සහ සුනේත්‍රා දේවි ගෙ පුතා (ඔහු සව්ලු ව්ගබාහු සහ සිමිත්ර දෙව කියන වචන සඳහන් කළත්, ඒ විජයබාහු සහ සුනේත්‍රා දේවි කියන වචන දෙක වැලන්ටයින් ගෙ හුරුවට සටහන් කරපු ආකාරය බව තේරුම් ගන්න අපහසු තැනි ව ඇති කියලා හිතනවා).

එතකොට 'රුකුලේ' කොටස ආවෙ කොහොම ද? ඒකට උත්තරෙත් රාජාවලිය ම දෙනවා. රාජාවලිය කියන විදියට පරාක්‍රමබාහු කුමාරයා සහ සුනේත්‍රා දේවිය වීදාගම තෙරුන් ගේත් අනුදැනුම ඇති ව සතර කෝරලයේ "රුකුලේ පොල්වත්තේ" ආචාරියා ගෙ ගෙදර සඟවනවා. රුකුල කියන්නෙ ගමක්. රාජාවලිය විතරක් නෙවෙ යි. තුඩුගල විසිදාගම බණ්ඩාරවලියෙත් මේ ගැන සඳහන් වෙනවා. තුඩුගල විසිදාගම බණ්ඩාරවලියෙ පුස්කොළ ලේඛන දෙකක් මේ ලිපිය ලියන්න අවශ්‍ය නිසා ම මම කියෙව්වා. මේ තියෙන්නෙ තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය මේ ගැන කියන හැටි.

"... කුමාරයා කොලඹ තොටමුනට ගොඩබාන්නේ නැතිව මුන්නෙස්සරමට ගොඩබාමින් මායාදුනු කෝරලයට වැඩමවාගෙන ගොසින් අපි ඉල්ලූ විටක දෙන ශටියට රුකුල මහ තෙරුන් වහන්සේට රහසෙන් පරෙස්සන් කරණ හැටියට හසුන් ඇරිය නිසා ඒ හැටියට ගොඩ බා උන්වහන්සෙට භාර දුන්නා ය. උන්වහන්සේ විසින් රහසෙන් කුමාරයා රුකුලවත්තේ පරෙස්සං කරණ වේලාවට෴ කෝට්ටෙ නුවර රජ පැමිනි අලකේස්වර මන්ත්‍රීන් රෛගං නුවර දී නැති කර දමා රුකුල වත්තෙ වැඩ සිටිය කුමාරයා වැඩමවාගෙන කෝට්ටෙ නුවර රජ පමුනුවා රුකුල ප්‍රාක්‍රමබාහු මහා රාජොත්තමයා ය යි යන නමින් ප්‍රසිද්ධ ව රාජ්‍ය ශ්‍රියාව කර වදාරණ ප්රස්ථාවට෴ ..."

තුඩුගල විසිදාගම බණ්ඩාරවලියෙ තියෙන විස්තරවලින් පැහැදිලි වෙනවා ඇයි පරාක්‍රමබාහු රජතුමාට 'රුකුල පරාක්‍රමබාහු' කිව්වෙ කියලා. ඒ වෙන හේතුවක් නෙවෙ යි. කුමාරයා ආරක්ෂාවට හැංගිලා හිටියෙ "රුකුලවත්තෙ". රාජාවලිය කියන විදියට "රුකුලේ පොල්වත්තේ". හැංගිලා හිටපු ගමේ නමිනු යි රජතුමාව "රුකුලේ පරාක්‍රමබාහු" කියලා හඳුන්වන්නෙ. සමහර විට විසිදාගම බණ්ඩාරවලිය සඳහන් කරන 'රුකුල මහ තෙරුන් ගෙ' සම්බන්ධයකුත් ඇති.

ලියපු ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා.

හිතවතුනි,

"දෙවියකු කී දැයක් වත් කරුණු නැති වැ නො අදහනු" (කුමාරතුංග මුනිදාස)

- ශකිල රාජකරුණා

-Copied form facebook

[QUOTE="Pm123, post: 28836786, member: 577627"] රුකුලේ පැදීම' සහ Indika Rathnayake ගේ පට්ටපල් කෙබර එදා ඉඳං ම මම කියන දෙයක් තම යි සමාජ මාධ්‍යයවල පළ වෙන සමහර ලිපි, තොරතුරු පිළිගන්න කලින් ඒ කරුණු ගැන එක පාරක් නෙවෙයි, දහ දොළොස් වතාවක් විතර හොයලා බලන්න කියන එක. ඒ වගේ ම තම යි ඒ ලිපිය හෝ ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයා කවුරු ද? ඔහු ගෙ අදහස්, ඔහු නියෝජනය කරන පාර්ශ්ව, අරමුණු වගේ දේවල් ගැනත් අවධානය යොමු කළාට වරදක් නෑ. ඉතිහාසය ගැන කතා කරද්දි ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒ තම යි, 'ඉතිහාසය හැදෑරීමට පෙර ඉතිහාසඥයා හදාරන්න' කියන එක. කොහොම හරි මේ ලිපිය මම ලියන්නෙත් සමාජ මාධ්‍යවල පළ වුණු සාවද්‍ය අදහසක් ගැන. "රුකුලේ පැදීම". මේ ලංකාවෙ සමහර පැතිවල භාවිත වෙන වචනයක්. මම හැදුණු වැඩුණු වන්නි හත් පත්තුව, නුවර කලාවිය වගේ ප්‍රදේශවලින් දැනට මට මේ වචනය අහන්න ලැබිලා නැති නිස යි "සමහර පැතිවල" කියන වචන කීපය මම අමුණන්නෙ (ඒ ප්‍රදේශවලත් මේ වචනය භාවිත වන බව අසා ඇත්නම් දැනුමැත්තෝ දැනුම්වත් කරත් වා!). වචනෙ තේරුම බැලුවොත් සාමාන්‍යයෙන් "රුකුල්" කියන්නෙ "කරුව", "දෙබල" වගේ තේරුම් දෙන වචනයක්. ප්‍රාදේශීය ව්‍යවහාර අනුවත් මේ වචනවල අර්ථ වෙනස් වෙන්න පුළුවන්. සමහරු කියන විදියට "රුකුලේ පැදීම" කියන එකෙන් අදහස් කරන්නෙ "කැලෑ වැදිලා (රහසේ) කෙරෙන ස්ත්‍රී පුරුෂ සංසර්ගය". කතාබට බහිමු. රුකුලේ පැදීම කියන්නෙ ලංකාවෙ පැවැති ලිංගික සිරිතක් කියලා තම යි ඉන්දික රත්නායක සටහන් කරලා තියෙන්නෙ. ප්‍රධාන කාරණාව තම යි ඕවා ලංකාවෙ තිබුණු සිරිත් නෙවෙ යි. නා නා ප්‍රකාර සංසිද්ධීන්වලට මිනිස්සු කියපු වචන තිබුණා. කාව හරි රවට්ට රවට්ට බොරු බලාපොරොත්තු දෙනකොට අපෙ ගම්වල මිනිස්සු කීවා 'ඔය මනුස්සයට මනවැල් නො දී හිටහං පැටියෙ' කියලා. 'මනවැල්' කිව්වෙ 'බොරු බලාපොරොත්තුවලට'. පෙම්වතුන් දෙපලක් එකට ඇවිදගෙන යන වෙලාවක මාත් එක්ක හිටපු මගෙ හිතවතෙක් අර දෙන්න ගෙන් අහනවා 'ආ... දෙන්නා වලව්වෙ යනවා වගේ නේද?' කියලා. ඒ ජෝඩුවට ඒක තේරුනා ද අපි දන්නෑ. කොයික වෙතත් ඒ කියපු එක මට තේරුනෙත් නෑ. ඒ නිසා ම 'වලව්වෙ යනවා' කියන්නෙ මොකක්ද කියලා මම හොයලා බැලුවා. අහලා බැලුවා. මට අහන්න, දැනගන්න ලැබුණෙ මේ වගේ දෙයක්. ඇහැලේපොල අදිකාරම රත්නපුර ඉන්න කාලෙ ඔහු ගෙ නෙත ගැටෙන රූපත් තරුණියන් ඔහු ගෙ වලව්වට අරගෙන යන්න පුරුදු වෙලා හිටියලු. ඒ නිසා ම ඇහැලේපොල ගෙ වලව්වට 'අන්තඃපුරය' කියලා නමකුත් පටබැඳිලා තිබුණලු. සමහරු කියන විදියට ඇහැලේපොල අදිකාරම තරුණියන් ව වලව්වට අරං ගියෙ ඇයි කියන කාරණාව මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. ඔය සංසිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා තම යි තරුණයෙක්-තරුණියක් හුදකලාව කොහෙ හරි යද්දි 'වලව්වෙ යනවා' හෝ 'වලව්වෙ යනව ද?' කියන ව්‍යවහාරය ඒ ප්‍රදේශයේ ගැමියො අතර පැතිරිලා තියෙන්නෙ. මේවා සිරිත් නෙවෙයි. සංසිද්ධියකට ගැමියො දුන්න හැඳින්වීමක්. හෝ සංසිද්ධියක් පැහැදිලි කරන්න ගැමියො නිර්මාණය කරගත්ත ව්‍යවහාරයක්. මේවා සමාජයෙ ගර්හාවට ලක්වුණු දේවල් මිසක් සිරිත් විදියට වැළැඳ ගත් ඒවා නෙවෙයි. ඉන්දික රත්නායක කියන විදියට 'ගමේ ගම්මුලාදෑනියා හෝ ඊට සමාන ප්‍රභූන් විසින් ගමේ ගැටිස්සියන් සමහර විට වැඩි විය පත් නො වූ ගැහැණු ළමයින් එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් සමඟ ලිංගික ව එකතුවීමට ගමේ වන රොදකට යෑම රුකුලෙ පැදීම කියලා හඳුන්වනවා' ලු. ඒක සත් රාග සිරිත්වලිනුත් එකක් ලු (මම ඉන්දික රත්නායකට ආරාධනා කරනවා පුළුවන් නම් සත් රාග සිරිත් ටික, ඒ සිරිත් සඳහන් මූලාශ්‍රය එක්ක ම ලියලා පෙන්වන්න කියලා). ඒ විතරක් නෙවෙයි දැරියන් අකමැති වුණත් ගම්මුලාදෑනියා හෝ ප්රභූවරයාට එකඟ වෙන්න සිදු වුණා ලු. ලංකාවෙ හිටපු ගුණගරුක, සදාචාර සම්පන්න ප්‍රභූන් වගේ ම, සදාචාර විරෝධී වැඩ කරපු අයත් ඇති තරම් හිටියා. ඒ අය කරපු සදාචාර විරෝධී දේවල් සමාජ සම්මත වත්, සිරිත් වත් නෙවෙ යි. ඒ ක්‍රියාකාරකම් සමාජ ආචාරධර්ම ඉක්මවා ගියපුවා. හැරත් ඒ කාලෙ ප්රභූන්ට ඔච්චර දෙයක් කරගන්න කැළේ අස්සට ම රිංගන්න තරං ඉඩ කඩං, නිවාස අහේනියක් තිබුණෙ නෑ. ඒ වගේ ම තම යි මේ වගේ සදාචාර විරෝධී වැඩ කරපු ප්‍රභූන් ගෙ මේ නොපනත්කම් ධනයට සහ බලයට මුවාවෙලා කරපු නිසා සාමාන්‍ය ජනතාවට කළ හැකි දෙයක් තිබුණෙ නෑ. රජෙක් යටතේ හිටපු කාලෙ නං රජතුමාට පැමිණිලි කිරීමේ අවස්ථාවක් තියෙන්න ඇති. වංශවතුන්ට තිබුණු ධනය සහ බලය නිසා කීයෙන් කී දෙනෙක් මේ ප්‍රවේශය ගත්ත ද කියන එක නං සැකයි. ඉන්දික රත්නායක ඊගාවට කරන්නෙ තමන් වත් හරියට නො දන්න ඉතිහාසයෙන් අග මුල පටලන එක. ඔහු කියනවා මෙහෙම. "සුනේත්ර දේවිය මලයාලම් කුමාරයෙක් සමඟ රුකුලෙ පැදීම නිසා උපන් කුමරා රුකුලෙ කුමරා ලෙස හැඳින් වූ පසුව අලකේශ්වර මරා කෝට්ටේ රජ වූ පරාක්‍රමබාහු රජු යි". මුල් සටහනෙ අක්ෂර දෝෂ සහ ඇතැම් තැන්වල පද බෙදීම් හදල යි උපුටා ගැනීම මම සටහන් කළේ. මේ කියලා තියෙන්නෙ ඇත්ත ද? අපිට කියවන්න, දකින්න ලැබෙන මූලාශ්‍රය අනුව නම් ඒ කියලා තියෙන්නෙත් පට්ටපල් බොරුවක්. පරාක්‍රමබාහු රජතුමා, රුකුලේ පරාක්‍රමබාහු හෝ රුකුලේ කුමාරයා (රජ වෙන්න කලිං) කියලා ව්‍යවහාරයට ආවෙ කොහොම ද? රජතුමා ගෙ තාත්තා කවුරු ද? රාජාවලිය කියන විදියට නං පරාක්‍රමබාහු රජතුමා ගෙ තාත්තා තම යි විජයබාහු රජතුමා. මේ තියෙන්නෙ රාජාවලියෙ වචන. "... විජයබාහු රජ අල්ලාගෙන ගිය අවදියේදී එරජුගේ බිසව සුනේත්‍රාදේවි කුමාරයාත් කැඳවාගෙන නුවරින් නික්ම වීදාගම වෙහෙරට වන්නාහ." රාජාවලිය විතරක් නෙවෙයි. වැලන්ටයින් පවා කියන විදියට පරාක්‍රමබාහු කියන්නෙ විජයබාහු ගෙ සහ සුනේත්‍රා දේවි ගෙ පුතා (ඔහු සව්ලු ව්ගබාහු සහ සිමිත්ර දෙව කියන වචන සඳහන් කළත්, ඒ විජයබාහු සහ සුනේත්‍රා දේවි කියන වචන දෙක වැලන්ටයින් ගෙ හුරුවට සටහන් කරපු ආකාරය බව තේරුම් ගන්න අපහසු තැනි ව ඇති කියලා හිතනවා). එතකොට 'රුකුලේ' කොටස ආවෙ කොහොම ද? ඒකට උත්තරෙත් රාජාවලිය ම දෙනවා. රාජාවලිය කියන විදියට පරාක්‍රමබාහු කුමාරයා සහ සුනේත්‍රා දේවිය වීදාගම තෙරුන් ගේත් අනුදැනුම ඇති ව සතර කෝරලයේ "රුකුලේ පොල්වත්තේ" ආචාරියා ගෙ ගෙදර සඟවනවා. රුකුල කියන්නෙ ගමක්. රාජාවලිය විතරක් නෙවෙ යි. තුඩුගල විසිදාගම බණ්ඩාරවලියෙත් මේ ගැන සඳහන් වෙනවා. තුඩුගල විසිදාගම බණ්ඩාරවලියෙ පුස්කොළ ලේඛන දෙකක් මේ ලිපිය ලියන්න අවශ්‍ය නිසා ම මම කියෙව්වා. මේ තියෙන්නෙ තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය මේ ගැන කියන හැටි. "... කුමාරයා කොලඹ තොටමුනට ගොඩබාන්නේ නැතිව මුන්නෙස්සරමට ගොඩබාමින් මායාදුනු කෝරලයට වැඩමවාගෙන ගොසින් අපි ඉල්ලූ විටක දෙන ශටියට රුකුල මහ තෙරුන් වහන්සේට රහසෙන් පරෙස්සන් කරණ හැටියට හසුන් ඇරිය නිසා ඒ හැටියට ගොඩ බා උන්වහන්සෙට භාර දුන්නා ය. උන්වහන්සේ විසින් රහසෙන් කුමාරයා රුකුලවත්තේ පරෙස්සං කරණ වේලාවට෴ කෝට්ටෙ නුවර රජ පැමිනි අලකේස්වර මන්ත්‍රීන් රෛගං නුවර දී නැති කර දමා රුකුල වත්තෙ වැඩ සිටිය කුමාරයා වැඩමවාගෙන කෝට්ටෙ නුවර රජ පමුනුවා රුකුල ප්‍රාක්‍රමබාහු මහා රාජොත්තමයා ය යි යන නමින් ප්‍රසිද්ධ ව රාජ්‍ය ශ්‍රියාව කර වදාරණ ප්රස්ථාවට෴ ..." තුඩුගල විසිදාගම බණ්ඩාරවලියෙ තියෙන විස්තරවලින් පැහැදිලි වෙනවා ඇයි පරාක්‍රමබාහු රජතුමාට 'රුකුල පරාක්‍රමබාහු' කිව්වෙ කියලා. ඒ වෙන හේතුවක් නෙවෙ යි. කුමාරයා ආරක්ෂාවට හැංගිලා හිටියෙ "රුකුලවත්තෙ". රාජාවලිය කියන විදියට "රුකුලේ පොල්වත්තේ". හැංගිලා හිටපු ගමේ නමිනු යි රජතුමාව "රුකුලේ පරාක්‍රමබාහු" කියලා හඳුන්වන්නෙ. සමහර විට විසිදාගම බණ්ඩාරවලිය සඳහන් කරන 'රුකුල මහ තෙරුන් ගෙ' සම්බන්ධයකුත් ඇති. ලියපු ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා. හිතවතුනි, "දෙවියකු කී දැයක් වත් කරුණු නැති වැ නො අදහනු" (කුමාරතුංග මුනිදාස) - ශකිල රාජකරුණා -Copied form facebook [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom