Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස

ගොඩක් දවසකට පස්සේ ආයෙත් ලිපි මාලාවක් එක්ක ඔබට යමක් ලියන්න සූදානම් වෙද්දි බොහොමයක් දේවල් හිතන්න සිද්ධවුණා. මොකද අද රටේ තොටේ ඇහෙන සිද්ධි, අපරාධ, ගැටුම් ගණනාවකට හේතුවෙන්නේ පුද්ගලික ජීවිත ඇතුලේ ගැටුම්.

අවාසනාවන්තම කරුණ තමයි මේ ගැටුම් බහුතරයක පිටිපස සිටින හේතුව වෙන්නේ කාන්තාවක් හෝ කාන්තාවන් වීම. ඒ විතරක්ම නෙවෙයි, මේ ගැටුම්,අපරාධ වලින් වැඩිපුරම පීඩාවට පත්වෙන්නෙත් කාන්තාවන්. ඒ නිසාම අපි පුද්ගලික ජීවිතය ඇතුලේ මේ සිද්ධවෙන ගැටුම්වලට හේතුවෙන කාරණා ටිකක් ගැඹුරින් හිතන්න උත්සහ කලා.

බොහොමයක් මේ ගැටළුවල මතුපිට පෙනෙන්නේ පුද්ගලික බැඳීම්වල තිබෙන පොදු ගැටළු කීපයක් වුනත් ඇත්තටම ඒවා යටට හාරලා බලද්දි ගිනිගනිමින්,ලෝ දිය බුබුළු නගිමින් තිබෙන්නේ ඔබ මම නොහිතන දෙයක්. ඒ තමයි ‘ලිංගිකත්වය පදනම් කරගත් ගැටළු’. අපි කලින් මාස කීපයක් පුරාවට ඔබට ලියපු ‘සිරි යහනේ- නෑ සහනේ’ ලිපි මාලාවෙන් කතාකලේ යුවලකගේ පුද්ගලික ජීවිතයේ ලිංගික ජීවිතය සාර්ථකව පවත්වාගන්න අවශ්‍ය දේවල්. මම පුද්ගලිකව හිතනවා ඔබට ඒකෙන් වැදගත් දේවල් ටිකක් ජීවිතේට එකතු කරගන්න ලැබෙන්න ඇති කියලා.

අදින් පටන්ගන්න ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාවත් ඒ වගේම වැදගත් ලිපි මාලාවක් වේවි කියලා හිතනවා. විශේෂයෙන්ම මේ ලිපි මාලාව සෘජුවම ආමන්ත්‍රණය කරන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන් අතරේත් තරුණ සහ විවාහ දිවියට එළඹ ඇති අයට මේ ලිපි මාලාව ඉතාම වැදගත් වේවි.

හරි, එහෙනම් මුලින්ම කියලා ඉන්නම් මේ ලිපි මාලාවේ බලාපොරොත්තුව මොකක්ද කියලා. අපි කලින් කිව්වා වගේම කාන්තාවන්ට මුහුණදෙන්න වෙන බොහොමයක් ගැටළුවලට හේතුවත් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න. පවුල් කැඩීබිඳී යන්නේ, අපරාධ ඝාතන සිද්ධවෙන්නේ, රටතොට දාලා යන්න සිද්ධවෙන්නේ බොහොමයක් විට ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවෙන ගැටළු නිසා. මොකද මානවයා අනිත් හැමදේටමත් වඩා ලිංගිකත්වය කියන කාරණයෙදි ඉතාම සංවේදීයි සහ ආත්මාර්ථකාමීයි. ඒක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ වගේම ලෝක ඉතිහාසයේ පවා කතාවුණු මාතෘකාවක්.

ලංකාව තුල කිසිම පුද්ගලයෙක්ට පූර්ණ හෝ අත්‍යවශ්‍ය ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමක් ලබාගැනීමට ක්‍රමයක් නෑ. ඒ නිසාම බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ අක්‍රමවත් ක්‍රමවේද, ආයතන ගණනාවක් විවිධ වැඩසටහන්, වැඩමුළු සංවිධානය කරලා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය (Sexual and Reproductive Health) ගැන දැනුවත් කිරීමට උත්සහ ගත්තත් මම හිතන්නේ නෑ ඒවා සීයට සීයක්ම අද වෙද්දි සාර්ථක වෙලා තියනවා කියලා. ඒකට මිනිස්සුන්ගේ ආකල්පත් බොහොම බරපතල විදිහට බලපානවා. ඒ නිසා මේ ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාවේ අරමුණ වෙන්නේ බොහොම මූලික තැනක ඉඳන් ලිංගිකත්වය නැතිනම් Sexuality ගැන කතාකරන්න. මොකද ඒක සමස්ත කාන්තාවන්ගේ සුබසිද්ධිය සහ දැනුවත්භාවය වෙනුවෙන් කළයුතු හොඳම දෙයක් කියලා හිතන නිසා.

ඉතින් මේ ලිපි මාලාව ඉදිරිියට කියවන ඔබට ලිංගිකත්වය, ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය, යුවලක් අතරේ ලිංගික බැඳීම්, කාන්තාවන්ට වැදගත් වෙන ලිංගික දැනුම, ලිංගාශ්‍රිිත රෝග ඇතුලු ප්‍රායෝගික කාරණා බොහොමයක් කාන්තාවන්ට දැනෙන විදිහට, ඔවුන්ට වැදගත් වෙන කෝණයකින්, සරලව කියලා දෙන්න තමයි සූදානම.

ඇත්තම කතාවනම් කාන්තාවන් බොහොමයක් තමන් කාන්තාවන් කියලා දන්නේ තමන්ට ස්ත්‍රී ලිංගයක් පිහිටා තිබීම සහ පොඩි කාලේ ඉඳලම කෙල්ලෙක්..කෙල්ලෙක් කියන නිසා තමයි. තමන්ගේ ලිංගික අවයවය වෙන යෝනිය කියන්නේ මොකක්ද? ඒකෙන් සිද්ධවෙන්නේ මොකක්ද? තමන් ගැබිණියක් වෙන්නේ කොහොමද? තමන්ට ලිංගිකව හැදෙන්න පුළුවන් ලෙඩ රෝග මොනවද? ලිංගික ජීවිතයක් කියලා දෙයක් අහලා තියනවා ඒත් ඒ මොකක්ද? වගේ කාරණා බහුතරයක් දෙනෙක් දන්නේ නෑ. ඒවා දැනගන්න හරි හමන් විදිහක් ඇත්තෙත් නෑ.

මේ කටුක යථාර්ථයට උත්තරයක් දෙන එක මේ ලිපි මාලාවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක පටන්ගන්න එක්කම මම මුලින්ම ඔබෙන් අහන්නම් ප්‍රශ්නයක්. මොකක්ද sex කියන්නේ? ඔබ පොඩ්ඩක් මේ ප්රශ්නය ගැන ඔබෙන්ම අහලා බලන්න. ඔබට පොඩි කාලේ මේ වචනය ඇහුනට තේරුමක් නෑ, ඉස්කෝලේ යන කාලේ මේක ඇහුනම ටිකක් ලැජ්ජා හිතුනා..අයියෝ වල් වැඩ කියලා හිතුනා..ඒත් නාගරිකව ටිකක් අධ්‍යාපන මට්ටම දියුනු තැනක ජීවත්වුණ කෙනෙක්නම් ඔබ ඊට වඩා ගැඹුරට ගිහින් sex ගැන හොයලා ඇති. පස්සේ කාලෙක sex අත්දැකීම් ලබන්න ඇති, ඒත් හරියටම sex කියන්නේ මොකක්ද කියලා අදටත් ඔබ නොදන්නවා ඇති.

ඇත්තටම මොකක්ද sex කියන්නේ. Sex කියන වචනය නිර්මාණ්ය වෙන්නේ Sexuality කියන සංකල්පය එක්ක. Sexuality එහෙමත් නැත්නම් ලිංගිකත්වය කියන සංකල්පය අනුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2006 අවුරුද්දේ ඉදිරිපත්කරපු නිර්වචනයට අනුව ලිංගිකත්වය කියන්නේ කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ ලිංගික දිශානතිය (Sexual orientation), කාන්තා හෝ පිරිමිභාවය (sex), ස්ත්‍රීපුරුෂ සමාජභාවය (Gender identities), ලිංගික අනුරාගය (Eroticism), ඇඟෑළුම්කම (intimacy) සහ වර්ගයා බෝ කිරීමේ ප්‍රජනන ක්‍රියාවලිය (Reproduction) ඇතුලු ක්‍රියාකාරකම් සහ සංකල්ප සියල්ලෙහිම එකතුවයි. ඒ වගේම මේ ලිංගිකත්වය කියන සංකල්පයට ජීවවිද්‍යාත්මක, මානසික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, ආගමික,ඓතිහාසික,නීතිමය සහ ආධ්‍යාත්මික සාධක බලපෑම් එල්ලකරනවා. ඒ කියන්නේ මේ කියපු සාධක වලට අනුව එක් එක් පුද්ගලයාගේ ලිංගිකත්වය වෙනස් වෙන්න පුළුවන්.

එතකොට sex කියන වචනය එක් පැත්තකින් පුද්ගලයෙක්ගේ කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න පිළිබඳ කියවෙන වචනය වගේම ‘මානවයා ලිංගිකව හැසිරීම එහෙමත් නැතිනම් ලිංගික කටයුතුවල නිරතවීම’ කියන දේ අදහස් කරන්නත් භාවිතා වෙනවා. එතකොට ඔබ මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැත්නම් මොකක්ද මේ වචන දෙක සහ ඒ වචන දෙක මිනිසා එක්ක බද්ධවෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති.

ඒ විතරක්ම නෙවෙයි මේ ලිංගිකත්වය කියන සංකල්පය ඇතුලේ තියන බොහෝ දේ පියවරෙන් පියවර ඔබ එක්ක කතා කරන්න මේ ලිපි මාලාවෙන් මම බලාපොරොත්තු වෙනවා. ලිංගික සතුට සහ ලිංගිකත්වය හා බැඳුණු හැමදේම කාන්තාවකගේ ජීවිතයේ බොහොම වටින සහ සුන්දර අත්දැකීම්. වැඩිවියට පත්වීම, ලිංගිකත්වය මුසු හැඟීම්,මුල්ම ලිංගික එක්වීම, පවුල් ජීවිතයක් ඇතුලේ සුන්දර ලිංගික එක්වීම්, දරුවන් බිහිකිරීම ඇතුලු ඉතා වැදගත් සුන්දරව විඳිය යුතු අත්දැකිම් ගණනාවක් නොදැනුවත්භාවය සහ අත්දැකීම් අඩුකම නිසා කාන්තාවන් බොහෝ දෙනෙක්ට ගැටලු ඇතිවෙන දේ බවට පත්ව තිබෙනවා.

අන්න ඒ නිසා මේ ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාව ලියවෙන්නේම මේ කියන කාරණා එක්ක. අපි ඊළඟ කොටසේ ඉඳන් පටන් ගමු මුල ඉඳලම සරලවම මේ ගැන කතාකරන්න. එහෙනම් ඒ වෙනකල් සතුටින් ඉන්න.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23345903, member: 421102"] [b]අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස[/b] [SIZE="4"]ගොඩක් දවසකට පස්සේ ආයෙත් ලිපි මාලාවක් එක්ක ඔබට යමක් ලියන්න සූදානම් වෙද්දි බොහොමයක් දේවල් හිතන්න සිද්ධවුණා. මොකද අද රටේ තොටේ ඇහෙන සිද්ධි, අපරාධ, ගැටුම් ගණනාවකට හේතුවෙන්නේ පුද්ගලික ජීවිත ඇතුලේ ගැටුම්. අවාසනාවන්තම කරුණ තමයි මේ ගැටුම් බහුතරයක පිටිපස සිටින හේතුව වෙන්නේ කාන්තාවක් හෝ කාන්තාවන් වීම. ඒ විතරක්ම නෙවෙයි, මේ ගැටුම්,අපරාධ වලින් වැඩිපුරම පීඩාවට පත්වෙන්නෙත් කාන්තාවන්. ඒ නිසාම අපි පුද්ගලික ජීවිතය ඇතුලේ මේ සිද්ධවෙන ගැටුම්වලට හේතුවෙන කාරණා ටිකක් ගැඹුරින් හිතන්න උත්සහ කලා. බොහොමයක් මේ ගැටළුවල මතුපිට පෙනෙන්නේ පුද්ගලික බැඳීම්වල තිබෙන පොදු ගැටළු කීපයක් වුනත් ඇත්තටම ඒවා යටට හාරලා බලද්දි ගිනිගනිමින්,ලෝ දිය බුබුළු නගිමින් තිබෙන්නේ ඔබ මම නොහිතන දෙයක්. ඒ තමයි ‘ලිංගිකත්වය පදනම් කරගත් ගැටළු’. අපි කලින් මාස කීපයක් පුරාවට ඔබට ලියපු ‘සිරි යහනේ- නෑ සහනේ’ ලිපි මාලාවෙන් කතාකලේ යුවලකගේ පුද්ගලික ජීවිතයේ ලිංගික ජීවිතය සාර්ථකව පවත්වාගන්න අවශ්‍ය දේවල්. මම පුද්ගලිකව හිතනවා ඔබට ඒකෙන් වැදගත් දේවල් ටිකක් ජීවිතේට එකතු කරගන්න ලැබෙන්න ඇති කියලා. අදින් පටන්ගන්න ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාවත් ඒ වගේම වැදගත් ලිපි මාලාවක් වේවි කියලා හිතනවා. විශේෂයෙන්ම මේ ලිපි මාලාව සෘජුවම ආමන්ත්‍රණය කරන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන් අතරේත් තරුණ සහ විවාහ දිවියට එළඹ ඇති අයට මේ ලිපි මාලාව ඉතාම වැදගත් වේවි. හරි, එහෙනම් මුලින්ම කියලා ඉන්නම් මේ ලිපි මාලාවේ බලාපොරොත්තුව මොකක්ද කියලා. අපි කලින් කිව්වා වගේම කාන්තාවන්ට මුහුණදෙන්න වෙන බොහොමයක් ගැටළුවලට හේතුවත් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න. පවුල් කැඩීබිඳී යන්නේ, අපරාධ ඝාතන සිද්ධවෙන්නේ, රටතොට දාලා යන්න සිද්ධවෙන්නේ බොහොමයක් විට ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවෙන ගැටළු නිසා. මොකද මානවයා අනිත් හැමදේටමත් වඩා ලිංගිකත්වය කියන කාරණයෙදි ඉතාම සංවේදීයි සහ ආත්මාර්ථකාමීයි. ඒක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ වගේම ලෝක ඉතිහාසයේ පවා කතාවුණු මාතෘකාවක්. ලංකාව තුල කිසිම පුද්ගලයෙක්ට පූර්ණ හෝ අත්‍යවශ්‍ය ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුමක් ලබාගැනීමට ක්‍රමයක් නෑ. ඒ නිසාම බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ අක්‍රමවත් ක්‍රමවේද, ආයතන ගණනාවක් විවිධ වැඩසටහන්, වැඩමුළු සංවිධානය කරලා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය (Sexual and Reproductive Health) ගැන දැනුවත් කිරීමට උත්සහ ගත්තත් මම හිතන්නේ නෑ ඒවා සීයට සීයක්ම අද වෙද්දි සාර්ථක වෙලා තියනවා කියලා. ඒකට මිනිස්සුන්ගේ ආකල්පත් බොහොම බරපතල විදිහට බලපානවා. ඒ නිසා මේ ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාවේ අරමුණ වෙන්නේ බොහොම මූලික තැනක ඉඳන් ලිංගිකත්වය නැතිනම් Sexuality ගැන කතාකරන්න. මොකද ඒක සමස්ත කාන්තාවන්ගේ සුබසිද්ධිය සහ දැනුවත්භාවය වෙනුවෙන් කළයුතු හොඳම දෙයක් කියලා හිතන නිසා. ඉතින් මේ ලිපි මාලාව ඉදිරිියට කියවන ඔබට ලිංගිකත්වය, ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය, යුවලක් අතරේ ලිංගික බැඳීම්, කාන්තාවන්ට වැදගත් වෙන ලිංගික දැනුම, ලිංගාශ්‍රිිත රෝග ඇතුලු ප්‍රායෝගික කාරණා බොහොමයක් කාන්තාවන්ට දැනෙන විදිහට, ඔවුන්ට වැදගත් වෙන කෝණයකින්, සරලව කියලා දෙන්න තමයි සූදානම. ඇත්තම කතාවනම් කාන්තාවන් බොහොමයක් තමන් කාන්තාවන් කියලා දන්නේ තමන්ට ස්ත්‍රී ලිංගයක් පිහිටා තිබීම සහ පොඩි කාලේ ඉඳලම කෙල්ලෙක්..කෙල්ලෙක් කියන නිසා තමයි. තමන්ගේ ලිංගික අවයවය වෙන යෝනිය කියන්නේ මොකක්ද? ඒකෙන් සිද්ධවෙන්නේ මොකක්ද? තමන් ගැබිණියක් වෙන්නේ කොහොමද? තමන්ට ලිංගිකව හැදෙන්න පුළුවන් ලෙඩ රෝග මොනවද? ලිංගික ජීවිතයක් කියලා දෙයක් අහලා තියනවා ඒත් ඒ මොකක්ද? වගේ කාරණා බහුතරයක් දෙනෙක් දන්නේ නෑ. ඒවා දැනගන්න හරි හමන් විදිහක් ඇත්තෙත් නෑ. මේ කටුක යථාර්ථයට උත්තරයක් දෙන එක මේ ලිපි මාලාවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක පටන්ගන්න එක්කම මම මුලින්ම ඔබෙන් අහන්නම් ප්‍රශ්නයක්. මොකක්ද sex කියන්නේ? ඔබ පොඩ්ඩක් මේ ප්රශ්නය ගැන ඔබෙන්ම අහලා බලන්න. ඔබට පොඩි කාලේ මේ වචනය ඇහුනට තේරුමක් නෑ, ඉස්කෝලේ යන කාලේ මේක ඇහුනම ටිකක් ලැජ්ජා හිතුනා..අයියෝ වල් වැඩ කියලා හිතුනා..ඒත් නාගරිකව ටිකක් අධ්‍යාපන මට්ටම දියුනු තැනක ජීවත්වුණ කෙනෙක්නම් ඔබ ඊට වඩා ගැඹුරට ගිහින් sex ගැන හොයලා ඇති. පස්සේ කාලෙක sex අත්දැකීම් ලබන්න ඇති, ඒත් හරියටම sex කියන්නේ මොකක්ද කියලා අදටත් ඔබ නොදන්නවා ඇති. ඇත්තටම මොකක්ද sex කියන්නේ. Sex කියන වචනය නිර්මාණ්ය වෙන්නේ Sexuality කියන සංකල්පය එක්ක. Sexuality එහෙමත් නැත්නම් ලිංගිකත්වය කියන සංකල්පය අනුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2006 අවුරුද්දේ ඉදිරිපත්කරපු නිර්වචනයට අනුව ලිංගිකත්වය කියන්නේ කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ ලිංගික දිශානතිය (Sexual orientation), කාන්තා හෝ පිරිමිභාවය (sex), ස්ත්‍රීපුරුෂ සමාජභාවය (Gender identities), ලිංගික අනුරාගය (Eroticism), ඇඟෑළුම්කම (intimacy) සහ වර්ගයා බෝ කිරීමේ ප්‍රජනන ක්‍රියාවලිය (Reproduction) ඇතුලු ක්‍රියාකාරකම් සහ සංකල්ප සියල්ලෙහිම එකතුවයි. ඒ වගේම මේ ලිංගිකත්වය කියන සංකල්පයට ජීවවිද්‍යාත්මක, මානසික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, ආගමික,ඓතිහාසික,නීතිමය සහ ආධ්‍යාත්මික සාධක බලපෑම් එල්ලකරනවා. ඒ කියන්නේ මේ කියපු සාධක වලට අනුව එක් එක් පුද්ගලයාගේ ලිංගිකත්වය වෙනස් වෙන්න පුළුවන්. එතකොට sex කියන වචනය එක් පැත්තකින් පුද්ගලයෙක්ගේ කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න පිළිබඳ කියවෙන වචනය වගේම ‘මානවයා ලිංගිකව හැසිරීම එහෙමත් නැතිනම් ලිංගික කටයුතුවල නිරතවීම’ කියන දේ අදහස් කරන්නත් භාවිතා වෙනවා. එතකොට ඔබ මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැත්නම් මොකක්ද මේ වචන දෙක සහ ඒ වචන දෙක මිනිසා එක්ක බද්ධවෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති. ඒ විතරක්ම නෙවෙයි මේ ලිංගිකත්වය කියන සංකල්පය ඇතුලේ තියන බොහෝ දේ පියවරෙන් පියවර ඔබ එක්ක කතා කරන්න මේ ලිපි මාලාවෙන් මම බලාපොරොත්තු වෙනවා. ලිංගික සතුට සහ ලිංගිකත්වය හා බැඳුණු හැමදේම කාන්තාවකගේ ජීවිතයේ බොහොම වටින සහ සුන්දර අත්දැකීම්. වැඩිවියට පත්වීම, ලිංගිකත්වය මුසු හැඟීම්,මුල්ම ලිංගික එක්වීම, පවුල් ජීවිතයක් ඇතුලේ සුන්දර ලිංගික එක්වීම්, දරුවන් බිහිකිරීම ඇතුලු ඉතා වැදගත් සුන්දරව විඳිය යුතු අත්දැකිම් ගණනාවක් නොදැනුවත්භාවය සහ අත්දැකීම් අඩුකම නිසා කාන්තාවන් බොහෝ දෙනෙක්ට ගැටලු ඇතිවෙන දේ බවට පත්ව තිබෙනවා. අන්න ඒ නිසා මේ ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාව ලියවෙන්නේම මේ කියන කාරණා එක්ක. අපි ඊළඟ කොටසේ ඉඳන් පටන් ගමු මුල ඉඳලම සරලවම මේ ගැන කතාකරන්න. එහෙනම් ඒ වෙනකල් සතුටින් ඉන්න. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom