Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 08 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]108761[/ATTACH]

මේ ලිපි මාලාව 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ විතර වෙනකල් පලකරලා නතර කරපු එකක්. ඒත් අපේ ඊමේල් ගිණුමට ලැබෙන ඉල්ලීම් සහ ගැටළු එක්ක හිතුවා ආයෙත් මේ ලිපි මාලාව දිගට ලියාගෙන යන්න ඕන කියලා. ඔන්න ඒ අනුව තමයි අවුරුදු දෙකකට ආසන්න කාලයකට පස්සේ ආයෙත් කාන්තාවන්ට අතිශයින්ම සුවිශේෂී වූ වෙනත් තැන්වල කතානොවෙන බොහෝ දේ ගැන කතා කරන මේ ලිපි මාලාව ලියවෙන්නේ. කලින් ලිපි සියල්ල ඔබට මෙතනින් කියවන්න පුළුවන්.

පහුගිය දවස්වල අපෙන් ප්‍රශ්න අහලා එවපු ඊමේල් සහ ෆේස්බුක් පණිවිඩ කීපයකම තිබුණා ‘කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම’ ගැන. සාමාන්‍යයෙන් මේක බොහොම අඩුවෙන් කතාවෙන මාතෘකාවක්. ලෝකයේ පවතින මිත්‍යාවක් තමයි කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම සුදුසු නෑ කියන එක. ඒ වගේම බොහොමයක් පුරුෂයන් හිතාගෙන ඉන්නේ ස්වයං වින්දනයේ යෙදෙන්නේ පුරුෂයන් පමණයි කියන එක. නමුත් මේ දෙකම සම්පූර්ණයෙන්ම වැරදියි.

මුලින්ම අපි බැලුවොත් ස්වයං වින්දනය (Masturbation) කියන්නේ මොකක්ද කියලා වෛද්‍ය ක්ෂේත්රයේ ඉගැන්වීම් සහ ලිංගික අධ්‍යාපනික ඉගැන්වීම් අනුව ස්වයං වින්දනය කියන්නේ යම් කාන්තාවක් හෝ පුරුෂයෙක් විසින් තමාගේම ලිංගික අවයව භාවිතා කරමින් ලිංගික උත්තේජනයක් ලැබීම හරහා ලිංගිකව තෘප්තියකට පැමිණීමයි. සරලවම කියනවනම් තනිවම ලිංගික සතුටක් ලබනවා කියන එක.

ප්‍රධානතම දේ තමයි ස්වයං වින්දනය කියන්නේ පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම පොදු දෙයක් සහ යොවුන් වියේ ලිංගිකව සක්‍රීයවෙන අවධියේ ඉඳන් මැදිවිය ඉක්මවෙනකල්ම කරන දෙයක්. මේකට කිසිම රීතියක් හෝ සම්මත ක්‍රමයක් නැහැ. එකිනෙකාට මේ ආකාරයන් වෙනස් වෙන්න පුළුවන්.

පිරිමි පුද්ගලයෙක් නම් ස්වයං වින්දනය ලබන්නේ තමන්ගේ පුරුෂ ලිංගය අතින් පිරිමදිමින් වෙන්න පුළුවන්. එතකොට කාන්තාවක් නම් තමන්ගේ ස්ත්‍රී ලිංගය හෙවත් යෝනි මාර්ගයේ ඇති සංවේදීම කොටස වෙන G-Sport එක හෝ ඒ ආශ්රිත ප්‍රදේශය, නැත්නම් පියයුරු ස්පර්ශ කරමින් ලිංගික තෘප්තියක් ලැබීම විය හැකියි.

ස්වයං වින්දනයේ යෙදීම අතිශය පුද්ගලික දෙයක් නිසා කිසිම කෙනෙක්ට ඒකෙන් සමාජයීය ගැටළුවක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවෙන්නේත් නෑ. අනාරක්ෂිත ආකාරයෙන් (විවිධ උපකරණ හෝ ආලේපන භාවිතයකින්) තොරව ස්වයං වින්දනයේ යෙදෙනවනම් කිසිම ගැටළුවකුත් නෑ.

ලංකාවේ පවා තරුණියන් සහ කාන්තාවන් කිසිඳු ගැටළුවකින් තොරව ස්වයං වින්දනයේ යෙදෙනවා. විශේෂයෙන්ම මානසික ආතතිය, පාළුව කාන්සිය හෝ ලිංගික තෘප්තිය අහිමිවීම වගේ කාරණා පදනම් කරගෙන ඔවුන් ලිංගිකව සතුටුවීමට ස්වයං වින්දනයේ යෙදෙනවා. අඬබෙර ගහලා ලෝකයට නොකිව්වට ඒක අතිශයින්ම සාමාන්‍ය දෙයක්. නමුත් සවයං වින්දනයට දීර්ඝ කාලීනව ඇබ්බැහිවෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.

ඒ කියන්නේ ස්වයං වින්දනය නිසා සෞඛ්‍ය ගැටළු හෝ සාඵල්‍යතා ගැටළු ඇතිවෙනවා කියන එක නිසා නෙවෙයි. එහෙම කිසිම සෞඛ්‍යමය ගැටළුවක් දන්න තරමින් ඇතිවෙන්නේ නෑ. එකම දේ දිගින් දිගටම ස්වයං වින්දනයට හුරුවීම නිසා ඇතැම්විට විවාහ ජීවිතයේ ලිංගික එක්වීම්වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම දෛනික වැඩ කටයුතුවලටත් බාධා වෙන්න පුළුවන්. වරක් තරුණියක් ප්‍රකාශ කරලා තිබුණු තමන් රැකියාව කරන ස්ථානයේ නාන කාමරයට ගිහින් දවසට කිහිප වතාවක්ම ස්වයං වින්දනයේ යෙදෙන බවත්, එහෙම කරන්නේ රැකියා පීඩනය නිසා බවත් නමුත් එහෙම දිගටම සිදුකරන නිසා රැකියාවේ කටයුතු වලටත් හිත යොමුකරගන්න එක බාධාවක් වී ඇති බවත්.

තවත් සමහර තරුණියන් ලිංගික දර්ශන අඩංගු වීඩියෝ නරඹමින් ස්වයං වින්දනයේ යෙදීමට හුරුවෙනවා. මේකත් එච්චර හොඳ පුරුද්දක් නොවෙන්නේ මේ වීඩියෝ දර්ශනවලට තියන ලිංගික උත්ප්රාසයන් කෘත්‍රීම නිසා සැබෑ ජීවිතයේ ලිංගික අත්දැකීම් නීරස වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ ගැනත් ටිකක් කල්පනාවෙන්.

අනිත් එක ලංකාව වගේ ලිංගික අධ්‍යාපනය ලැබීම ටිකක් අඩු රටක කාන්තාවන්ගේ ස්වයං වින්දනය ගැන සමාජයේ තියෙන්නේ පැහැදිලි විවෘත මතයක් නෙවෙයි නිසා කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදෙන එක යාළුවන් එක්ක කියන්නේ පරිස්සමින්. විශේෂයෙන්ම පිරිමි යහළුවන් හෝ පෙම්වතා, සැමියා එක්ක මේ ගැන කියද්දි කල්පනාවෙන්. මොකද ඔවුන් විවෘතව මේ දිහා බලන්නේ නැත්නම් ඒක කාන්තා ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

තව දෙයක් තමයි නිදහස් වටපිටාවක්, පැහැදිලි මනසක්, සුව පහසු ස්ථානයක්, ආරක්ෂාව සහ පුද්ගලිකත්වය නැති කිසිම අවස්ථාවක ස්වයං වින්දනයේ යෙදෙන්නේ පරිස්සමින්. මොකද එක පැත්තකින් ඔබ බලාපොරොත්තුවෙන් තෘප්තිය නොලැබීම වගේම වෙනත් ගැටළු ඇතිවෙන්නත් පුළුවන්.

ඒ නිසා කාන්තාවන් විදිහට ස්වයං වින්දනයේ යෙදෙන එක පාපයක් හෝ වරදක් කියන අසත්‍ය මත ගැන අවබෝධයක් ඔබට දැන් තිබෙනවා. ඒ වගේම තමයි ස්වයං වින්දනය තුලින් සෞඛ්‍යයට හානියක් වෙන්නේ නෑ කියන එකත් ඔබ දන්නවා. ඔබගේ බැඳීමට-පවුල් ජීවිතයට හානි කරගන්නේ නැතිව ඔබ කැමති විදිහකට සතුටුවීමට ස්වයං වින්දනය බාධාවක් නෑ.

ඉක්මණින්ම තවත් මේ වගේ වැදගත් මාතෘකාවක් එක්ක ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාවෙන් ඔබ හමුවෙන්නම්. අපි මෙහෙම කතාකල යුතුකිය කියලා හිතන මාතෘකා තිබේනම් editor.her.lk@gmail.com ලිපිනයට එවන්න අමතක කරන්න එපා.

උපුටා ගැනීම - her.lk වෙබ් අඩවියෙන්

[QUOTE="wijaindu, post: 26029621, member: 421102"] [ATTACH type="full"]108761[/ATTACH] මේ ලිපි මාලාව 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ විතර වෙනකල් පලකරලා නතර කරපු එකක්. ඒත් අපේ ඊමේල් ගිණුමට ලැබෙන ඉල්ලීම් සහ ගැටළු එක්ක හිතුවා ආයෙත් මේ ලිපි මාලාව දිගට ලියාගෙන යන්න ඕන කියලා. ඔන්න ඒ අනුව තමයි අවුරුදු දෙකකට ආසන්න කාලයකට පස්සේ ආයෙත් කාන්තාවන්ට අතිශයින්ම සුවිශේෂී වූ වෙනත් තැන්වල කතානොවෙන බොහෝ දේ ගැන කතා කරන මේ ලිපි මාලාව ලියවෙන්නේ. කලින් ලිපි සියල්ල ඔබට [URL='https://her.lk/search?searchword=%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%20%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92&searchphrase=all']මෙතනින් කියවන්න පුළුවන්[/URL]. පහුගිය දවස්වල අපෙන් ප්‍රශ්න අහලා එවපු ඊමේල් සහ ෆේස්බුක් පණිවිඩ කීපයකම තිබුණා ‘කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම’ ගැන. සාමාන්‍යයෙන් මේක බොහොම අඩුවෙන් කතාවෙන මාතෘකාවක්. ලෝකයේ පවතින මිත්‍යාවක් තමයි කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම සුදුසු නෑ කියන එක. ඒ වගේම බොහොමයක් පුරුෂයන් හිතාගෙන ඉන්නේ ස්වයං වින්දනයේ යෙදෙන්නේ පුරුෂයන් පමණයි කියන එක. නමුත් මේ දෙකම සම්පූර්ණයෙන්ම වැරදියි. මුලින්ම අපි බැලුවොත් ස්වයං වින්දනය (Masturbation) කියන්නේ මොකක්ද කියලා වෛද්‍ය ක්ෂේත්රයේ ඉගැන්වීම් සහ ලිංගික අධ්‍යාපනික ඉගැන්වීම් අනුව ස්වයං වින්දනය කියන්නේ යම් කාන්තාවක් හෝ පුරුෂයෙක් විසින් තමාගේම ලිංගික අවයව භාවිතා කරමින් ලිංගික උත්තේජනයක් ලැබීම හරහා ලිංගිකව තෘප්තියකට පැමිණීමයි. සරලවම කියනවනම් තනිවම ලිංගික සතුටක් ලබනවා කියන එක. ප්‍රධානතම දේ තමයි ස්වයං වින්දනය කියන්නේ පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම පොදු දෙයක් සහ යොවුන් වියේ ලිංගිකව සක්‍රීයවෙන අවධියේ ඉඳන් මැදිවිය ඉක්මවෙනකල්ම කරන දෙයක්. මේකට කිසිම රීතියක් හෝ සම්මත ක්‍රමයක් නැහැ. එකිනෙකාට මේ ආකාරයන් වෙනස් වෙන්න පුළුවන්. පිරිමි පුද්ගලයෙක් නම් ස්වයං වින්දනය ලබන්නේ තමන්ගේ පුරුෂ ලිංගය අතින් පිරිමදිමින් වෙන්න පුළුවන්. එතකොට කාන්තාවක් නම් තමන්ගේ ස්ත්‍රී ලිංගය හෙවත් යෝනි මාර්ගයේ ඇති සංවේදීම කොටස වෙන G-Sport එක හෝ ඒ ආශ්රිත ප්‍රදේශය, නැත්නම් පියයුරු ස්පර්ශ කරමින් ලිංගික තෘප්තියක් ලැබීම විය හැකියි. ස්වයං වින්දනයේ යෙදීම අතිශය පුද්ගලික දෙයක් නිසා කිසිම කෙනෙක්ට ඒකෙන් සමාජයීය ගැටළුවක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවෙන්නේත් නෑ. අනාරක්ෂිත ආකාරයෙන් (විවිධ උපකරණ හෝ ආලේපන භාවිතයකින්) තොරව ස්වයං වින්දනයේ යෙදෙනවනම් කිසිම ගැටළුවකුත් නෑ. ලංකාවේ පවා තරුණියන් සහ කාන්තාවන් කිසිඳු ගැටළුවකින් තොරව ස්වයං වින්දනයේ යෙදෙනවා. විශේෂයෙන්ම මානසික ආතතිය, පාළුව කාන්සිය හෝ ලිංගික තෘප්තිය අහිමිවීම වගේ කාරණා පදනම් කරගෙන ඔවුන් ලිංගිකව සතුටුවීමට ස්වයං වින්දනයේ යෙදෙනවා. අඬබෙර ගහලා ලෝකයට නොකිව්වට ඒක අතිශයින්ම සාමාන්‍ය දෙයක්. නමුත් සවයං වින්දනයට දීර්ඝ කාලීනව ඇබ්බැහිවෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ස්වයං වින්දනය නිසා සෞඛ්‍ය ගැටළු හෝ සාඵල්‍යතා ගැටළු ඇතිවෙනවා කියන එක නිසා නෙවෙයි. එහෙම කිසිම සෞඛ්‍යමය ගැටළුවක් දන්න තරමින් ඇතිවෙන්නේ නෑ. එකම දේ දිගින් දිගටම ස්වයං වින්දනයට හුරුවීම නිසා ඇතැම්විට විවාහ ජීවිතයේ ලිංගික එක්වීම්වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම දෛනික වැඩ කටයුතුවලටත් බාධා වෙන්න පුළුවන්. වරක් තරුණියක් ප්‍රකාශ කරලා තිබුණු තමන් රැකියාව කරන ස්ථානයේ නාන කාමරයට ගිහින් දවසට කිහිප වතාවක්ම ස්වයං වින්දනයේ යෙදෙන බවත්, එහෙම කරන්නේ රැකියා පීඩනය නිසා බවත් නමුත් එහෙම දිගටම සිදුකරන නිසා රැකියාවේ කටයුතු වලටත් හිත යොමුකරගන්න එක බාධාවක් වී ඇති බවත්. තවත් සමහර තරුණියන් ලිංගික දර්ශන අඩංගු වීඩියෝ නරඹමින් ස්වයං වින්දනයේ යෙදීමට හුරුවෙනවා. මේකත් එච්චර හොඳ පුරුද්දක් නොවෙන්නේ මේ වීඩියෝ දර්ශනවලට තියන ලිංගික උත්ප්රාසයන් කෘත්‍රීම නිසා සැබෑ ජීවිතයේ ලිංගික අත්දැකීම් නීරස වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ ගැනත් ටිකක් කල්පනාවෙන්. අනිත් එක ලංකාව වගේ ලිංගික අධ්‍යාපනය ලැබීම ටිකක් අඩු රටක කාන්තාවන්ගේ ස්වයං වින්දනය ගැන සමාජයේ තියෙන්නේ පැහැදිලි විවෘත මතයක් නෙවෙයි නිසා කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදෙන එක යාළුවන් එක්ක කියන්නේ පරිස්සමින්. විශේෂයෙන්ම පිරිමි යහළුවන් හෝ පෙම්වතා, සැමියා එක්ක මේ ගැන කියද්දි කල්පනාවෙන්. මොකද ඔවුන් විවෘතව මේ දිහා බලන්නේ නැත්නම් ඒක කාන්තා ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි නිදහස් වටපිටාවක්, පැහැදිලි මනසක්, සුව පහසු ස්ථානයක්, ආරක්ෂාව සහ පුද්ගලිකත්වය නැති කිසිම අවස්ථාවක ස්වයං වින්දනයේ යෙදෙන්නේ පරිස්සමින්. මොකද එක පැත්තකින් ඔබ බලාපොරොත්තුවෙන් තෘප්තිය නොලැබීම වගේම වෙනත් ගැටළු ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසා කාන්තාවන් විදිහට ස්වයං වින්දනයේ යෙදෙන එක පාපයක් හෝ වරදක් කියන අසත්‍ය මත ගැන අවබෝධයක් ඔබට දැන් තිබෙනවා. ඒ වගේම තමයි ස්වයං වින්දනය තුලින් සෞඛ්‍යයට හානියක් වෙන්නේ නෑ කියන එකත් ඔබ දන්නවා. ඔබගේ බැඳීමට-පවුල් ජීවිතයට හානි කරගන්නේ නැතිව ඔබ කැමති විදිහකට සතුටුවීමට ස්වයං වින්දනය බාධාවක් නෑ. ඉක්මණින්ම තවත් මේ වගේ වැදගත් මාතෘකාවක් එක්ක ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ ලිපි මාලාවෙන් ඔබ හමුවෙන්නම්. අපි මෙහෙම කතාකල යුතුකිය කියලා හිතන මාතෘකා තිබේනම් [EMAIL]editor.her.lk@gmail.com[/EMAIL] ලිපිනයට එවන්න අමතක කරන්න එපා. උපුටා ගැනීම - [URL='http://www.her.lk'][B]her.lk වෙබ් අඩවියෙන්[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom