Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීතයේ විසූ ප්‍රකට රණකාමීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්ද උඩරට රාජධානිය බිහිකළ

පළමු වන විමලධර්මසූරිය රජතුමා

අනුරාධපුර යුගය තරම් දීර්ඝකාලීන පාලනයක් ගෙන යැමට ඉන්පසු බිහිවන කිසිම රාජධානියකට අවස්ථාවක් නොලැබේ. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ විදේශීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරැලි කෝලාහල තත්ත්වයන්ය. අවසන් වරට ඪෂ පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1411-1466) කෝට්ටේ මුල්කර ගෙන මුළුමහත් ලංකාවේ ම බලය එක්සේසත් කිරීමට සමත් වුවද ඔහුගේ මරණයත් සමගම නැවත එය අසාර්ථක විය. 16 වන සියවසේ මුල් භාගයේ දී පෘතුගීසින් ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ලංකාවේ දක්නට ලැබෙන්නේ යාපනය කෝට්ටේ හා උඩරට නමින් බෙදී ගිය ප්‍රාදේශීය රාජ්‍යයන්ය. නමුත් කෝට්ටේ ප්‍රධාන රාජ්‍යය ලෙසට පිළිගත් බව පෙනේ. ක්‍රි.ව. 1521 දී සිදුවන විජයබා කොල්ලයත් සමග බිහිවන සීතාවක රාජධානිය බලය අතින් ද ජනප්රියත්වයෙන්ද මෙම සියලු රාජධානි අභිබවා සිටී. සීතාවක රාජධානිය ප්‍රබල වීමට බලපාන්නේ කෝට්ටේ බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551) රජු පෘතුගීසි සහයෝගය ලබා ගැනීම හා කෝට්ටේ පෘතුගීසින්ට අවනත රාජධානියක් වීම නිසාය. මෙම තත්ත්වය තවත් ප්‍රබල වන්නේ හත්වන බුවනෙකබාහු රජු මියගොස් ඔහුගේ මුණුබුරු ධර්මපාල කුමරු රජවීමත් සමගය. මෙනිසා දෑ හිතකාමී සියලු පිරිස් සීතාවක රාජධානිය වටා එක්රොක් වේ. ලංකාව පෘතුගීසින්ගෙන් නිදහස් කර ගැනීම සඳහා සීතාවක මායාදුන්නේ සහ රාජසිංහ යන පිය පුතුන් විසින් මාරාන්තික සටනක් ගෙන යනු ලබයි. එම බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට නොහැකි වුවද සීතාවකින් එල්ල වූ ප්‍රහාරය දැවැන්ත මෙන්ම අභියෝගාත්මක විය. සීතාවක රාජධානියේ බල ව්‍යාප්තියේ උපරිමත්වයට පත් වන්නේ ක්‍රි.ව. 1582 දී උඩරට යටත් කර ගැනීමත් සමගය. ක්‍රි.ව. 1592 දී සිදුවන රාජසිංහ රජුගේ මරණයත් සමග සීතාවක රාජධානිය පරිහානිය කරා වේගයෙන් ගමන් කරයි. එය පහසුවෙන්ම පෘතුගීසින්ට යටත් වෙයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරනුයේ කන්ද උඩරටද ආක්‍රමණය කර තමන්ට ගැති පාලකයකු පත්කර ගැනීම සඳහාය. නමුත්a ඒ අවස්ථාවේ පළමුවන විමලධර්මසූරිය රජු ඒ සියලු අභියෝග ජයගෙන කන්ද උඩරට නව රාජවංශයක් ආරම්භ කරමින් ක්‍රි.ව. 1592 දී බලයට පත්වේ. මේ එතුමාගේ ඓතිහාසික කතන්දරයයි.

ක්‍රි.ව. 1581 දී සීතාවක බලයට පත් වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කරනු ලබයි. එයට හේතුව වශයෙන් මේ වන විට උඩරට පාලකයාව සිටි කරල්ලියද්දේ පෘතුගීසින්ට පක්ෂග්රාහී වීම පෙන්වා දිය හැක. මෙම ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා රාජසිංහ රජුට උඩරට ප්‍රධානීන්ගෙන් සහයෝගය ලැබේ. ඒ අතර වීරසුන්දර බණ්ඩාර නම් ප්රභූවරයා ප්‍රධාන තැනක් ගනී. මෙහිදී පරාජයට පත්වන කරල්ලියද්දේ තම බිරිඳ දියණිය ඇතුළු පිරිසත් සමග පෘතුගීසි රැකවරණය පතා පලායයි. මෙහිදී රාජසිංහ රජුට සහයෝගය දක්වන වීරසුන්දර බණ්ඩාර අප ඉහතින් සඳහන් කළ විමලධර්මසූරිය රජුගේ පියතුමන්ය. (විමලධර්මසූරිය රජු රජවීමට පෙර හැඳින්වූයේ කොනප්පු බණ්ඩාර නමිනි.)

නමුත් වැඩිකල් යැමට මත්තෙන් රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියා මාර්ගය නිසා උඩරට ප්‍රභූන් මෙන්ම සංඝයා වහන්සේලාද කැළඹීමට පත්වේ. වීරසුන්දර බණ්ඩාර තමාට එරෙහිව නැගී එතැයි සැක කරන රාජසිංහ රජු ඔහු මරා දැමීමට තීරණය කරයි. ඔහුට "වලගම වට්ටාරම" දෙන බව ප්‍රකාශ කර සීතාවකට රැගෙන එන අවස්ථාවේ ගොල බොක්කේ වීදියේ බොරු වළක දමා මරණයට පත් කරනු ලැබේ. මෙයින් බියට පත්වන කොනප්පු බණ්ඩාර පෘතුගීසින්ගේ රැකවරණය පතා පලායයි.

එසේ පෘතුගීසීන් වෙත යන කොනප්පු බණ්ඩාර දොන් ජුවන් නමින් භෞතිස්ම ලබා ගෝව වෙත ගෙන යනු ලබයි. එහිදී ඔහුට මුහුණ පාන්නට වන්නේ බිහිසුණු අවස්ථාවකටය. එනම් ගෝවේ විසූ ගජබාහු නමැත්තාව කිසිම පුද්ගලයකුට පරාජය කළ නොහැකි විය. නමුත් ඒ අභියෝගය භාරගත් කොනප්පු බණ්ඩාර ඔහුව පහසුවෙන් ම මරාදැමූ බව රාජාවලිය පවසයි. මෙයින් සතුටට පත් ගෝවේ විසූ පෘතුගීසින් වසර තුනකට පසු නැවත ඔහු ලංකාවට එවා ඇත. මන්නාරමෙන් ගොඩබට කොනප්පු බණ්ඩාර උඩරට ආක්රමණයේ නියමුවා ලෙස පත්කොට යමසිංහ බණ්ඩාර රාජ්‍ය උරුමක්කරුවා ලෙස තෝරාගෙන ඇත. මෙහි අරමුණ වූයේ රණශූර කොනප්පු බණ්ඩාර මගින් උඩරට යටත්කොට යමසිංහ බණ්ඩාර තම (පෘතුගීසින්ගේ) අතවැසි පාලකයකු ලෙස පත්කර ගැනීමටය. ස්ව කැමැත්තෙන්ම මෙම සටනට එක්වීමට කොනප්පු බණ්ඩාර තීරණය කරන්නට ඇත්තේ තම පියා මැරූ පලිය රාජසිංහ රජුගෙන් ගැනීමට විය යුතුය.

මේ වන විට රාජසිංහ රජුගේ පාලනයට විරුද්ධව උඩරට කැරැලි කෝලාහල හටගෙන තිබුණි. එයට හේතුව රාජසිංහ රජු මුලින් සඳහන් කළ පරිදි බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ බැවිනි. කොනප්පු බණ්ඩාර කරල්ලියද්දේගේ බෑණා කෙනකු වූ යමසිංහ බණ්ඩාර (දොන් පිලිප්) හා එක්ව විශාල හමුදාවක් සමග උඩරටට පිවිසෙයි. උඩරට ප්‍රභූන් විසින් මොවුන් පිළිගෙන ඇත. නමුත් එහිදී පෘතුගීසින්ට අවශ්‍ය වූයේ යමසිංහ බණ්ඩාර තමන්ගේ අතවැසි පාලකයකු ලෙස උඩරට රජකරවීමයි. වැඩි කලක් යැමට මත්තෙන් කොනප්පු බණ්ඩාර විසින් යමසිංහ බණ්ඩාර පන්නා පෘතුගීසි හමුදාවද එළවා 1592 දී උඩරට ප්රභූන්ගේ ආශිර්වාදය මැද විමලධර්ම සූරිය නමින් රජ බවට පත්වේ. මේ අනුව ප්‍රථම වරට කන්ද උඩරට ස්වාධීන රාජධානියක් ස්ථාපනය වේ. එය සෙන්කඩගල රාජධානියේ ආරම්භයයි.

නමුත් වැඩිකලක් යැමට පෙර සීතාවක රාජසිංහ රජු තමාම හමුදාවක් රැගෙන ගොස් උඩරට ආක්‍රමණය කරනු ලබයි. රාජසිංහ රජු පරාජය කිරීමට මෙහිදී එතුමාට හැකි වේ. රාජසිංහ රජු නැවත එන අතරමඟ පෙතංගොඩ උයනේ දී උණකටුවක් පයේ ඇනීමෙන් එය දරුණු වී අබිරහස් මරණයකට පත්වේ. ඉන්පසු බිඳ වැටෙන සීතාවක රාජධානිය හා පෘතුගීසි රූකඩයකු ලෙස සිටින කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට අයත් වන අතර ලංකාවේ එකම ස්වාධීන රාජධානිය බවට කන්ද උඩරට පත් වේ.

නමුත් කෝට්ටේ පෘතුගීසිහු සෙන්කඩගල වටා නව රාජධානියක් ගොඩනැඟීම කිසිසේත්ම ඉවසුම් නොදෙන කරුණක් විය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුළුමහත් ලංකාවේ ම බලය ගොඩනඟා ගැනීමකටය. ඒ අනුව පෘතුගීසි ජෙනරාල් ජෙරෝ ලෝපේස් ද සූසා විශාල හමුදාවක් රැගෙන ගොස් 1594 දී උඩරට ආක්‍රමණය කරන ලදී, බලන කපොල්ලේ දී විමලධර්මසූරිය රජු පැරදී පලාගිය අතර සූසා කන්ද උඩරටට පැමිණ දෝන කතිරිනා උඩරට රැජින ලෙස අභිෂේක කරවයි. උඩරට පිරිස් ඇය පිළිගත්තද ඇය වටා වූ පෘතුගීසි ආරක්ෂක වළල්ල නිසා කිසිදු සිංහලයෙකුට ඇය හමුවිය නොහැකි විය. පෘතුගීසි නායකයකු සමග ඇය විවාහ වන බවට කටකතා පැතිරෙන්නට විය. යමසිංහ බණ්ඩාර රජ කර වූවාක් සේ මෙහිදී ද පෘතුගීසින් උත්සාහ කළේ දෝන කතිරිනා මාර්ගයෙන් උඩරට තමන්ට අවනත පාලනයක් ගෙන යැම සඳහා ය. එම පිරිස උඩරට නතර කළ සූසා නැවත ආපසු ඒමට පිටත් විය. නමුත් ඔහුගේ හමුදා තුළ වූ කුමන්ත්රණයකින් ලස්කිsරිඤ්ඤ හමුදාවේ නායක ජයවීර බණ්ඩාර මරා දමනු ලබයි. ඒත් සමග ම එම හමුදාව ඔවුන් අතහැර උඩරට හමුදාව හා එක්වෙයි. දන්තුරේ නම් ස්ථානයේ දී උඩරට හා පෘතුගීසි සේනා මුහුණට මුහුණලා බිහිසුණු යුද්ධයකට එළඹෙයි. විමලධර්මසූරිය රජු එම සටන ජය ගැනීමෙන් කුසුමාසන දේවිය නිරුපද්‍රිතව ලබාගෙන විවාහ කර ගත්තේය. එමගින් උඩරට රාජධානිය කෙරෙහි නීත්‍යානුකූල අයිතියක් ලබා ගැනීමටද විමලධර්මසූරිය රජුට හැකිවිය. එපමණක් නොව මෙතුමාගේ බල පරාක්‍රමය මෙන්ම උඩරට රාජධානියේ ශක්තිමත් භාවයද වැඩි විය. පෘතුගීසින්ගේ මෙම පරාජය පිළිබඳව ජුවාමි රුබේරු විසින් රචිත "සිලාන් දිවයිනේ ඓතිහාසික ෙ€දවාචක" යන ග්‍රන්ථයේ මෙසේ දැක්වේ.

"දුනු හී සහ තුවක්කු රැගත් හේවායෝ සැඟවී සිට අනාවරණයව සිටි අප හමුදාවට නොකඩවා පහර දෙන්නට වූහ. අපගේ සේනාව බලනට පැමිණීමට තැත්කළ නමුත් විශාල සේනාවක් මාර්ගය අවුරා සිටින බව දක්නට ලැබුණි. මේ අන්දමින් කපිතාන් ජෙනරාල් හා බෑණාවරුන් දෙදෙනාද ඇතුළු අපගේ සියලු සෙනඟ මහත් අපකීර්තිමත් මරණයකට ගොදුරු වූහ".

මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් බලය තහවුරු වන උඩරට රාජධානිය සිංහල රජවරුන් යටතේ 1739 දක්වා ම පාලනය වේ. නැවත වරක් පෘතුගීසින්ගෙන් එල්ල විය හැකි ආක්‍රමණ වළක්වා ගැනීමට මෙතුමා දකුණු ඉන්දියාවේ මදුරයි සහ මයිලපුර යන ප්‍රාදේශීය රාජ්‍යවල පාලකයන් ගෙන් වඩිග කුලී හමුදාවක් ලබාගෙන ඇත. මේ ආකාරයට කන්ද උඩරට දේශපාලනමය අතින් ස්ථාවර වීමෙන් අනතුරුව සංස්කෘතිකමය සංවර්ධනයක්ද මෙම යුගයේ දක්නට ලැබේ. කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම සඳහා විශාල අනුග්‍රහයක් ලබාදෙන අතර ලෝහ කර්මාන්තයේ හා මැණික් කර්මාන්තයේ දියුණුවට කළ සේවය මන්දාරම්පුර පුවතෙහිද සඳහන් වේ.

හම්බන්තොට ගිරවා - ඌව දෙ - දුම්බර බිම් තැන්නා

සබරගමුව සහ සත් - කෝරල - මන්නාරම තිබෙනා

යකඩ ලෝහෝ කම්හල් - එකසිය හැත්තෑ පමණ වනා

කරවා දහස් ගණන් නිරතුරු නෙක දන වැඩ කරනා

රත්නපුරය තුන් නව කෝරලද බුලත්ගම හිනිදුම

වෙල්ලස්සේ කිවුලෙ ගෙදර දියවානේ සහ විල්ගම

මන්දාරම් පුරයෙහි විල්කඩ ද මැණික් ගඟ රත්ගම

සිවුසැත්තෑ මැණික් රුවන් කරවා ආකර මනරම

1597 දී ධර්මපාල රජු මියයැමත් සමග කෝට්ටේ සම්පූර්ණ බලය පෘතුගීසින් අත පැවරුණි. එනිසා එකම ස්වාධීන රාජධානිය වූ කන්ද උඩරට වටා තව තවත් මිනිසුන්ගේ නැඹුරුතාව වැඩිවූ අතර ඔවුන්ගේ එකම ස්වාධීන නිදහස් රාජධානිය බවට උඩරට පත්විය. මෙහි වඩාත් උච්චතම අවස්ථාව වන්නේ සීතාවක දෙල්ගමුවේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කිරීමයි. එතුමා මහනුවර දළදා මන්දිරයක් කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී. ලාංකීය රජෙකුගේ රාජ්‍යත්වය තහවුරු වීමට අවශ්‍ය දළදාව උඩරටට ලැබීම විමලධර්ම සූරිය රජු දවස සිදුවූ වැදගත් සිදු වීමකි. මේ වන විට පිරිහී තිබූ බුදුදහම නැවත නඟා සිටුවීම සඳහා බුරුමයෙන් උපසම්පදා විනය කර්මය ලබා ගන්නා ලදී.

මේ ආකාරයට උඩරට රාජධානිය ගොඩනැඟෙද්දී දෙවන වතාවටද එහි බලය මැඬලීමට පෘතුගීසින් සූදානම් වූහ. සූසාට පසුව එම ධුරයට පත්ව ආ අසවේදු විසින් 1602 දී සුවිශාල හමුදාවක් සමග උඩරට ආක්‍රමණය කරනු ලැබීය. මුලදී අසවේදුට ජයග්‍රහණය හිමි වුවද ලස්කිරිඤ්ඤ හමුදාව උඩරටට අවනත වීම හා විමලධර්ම සූරිය රජුගේ උපාය කෞශල්යතාව නිසා එම දෙවන ආක්‍රමණයද පෘතුගීසින් ලද අන්ත පරාජයකින් කෙළවර විය. (බලන කපොල්ලේ දී මෙම සටන ඇතිවූ බැවින් එය "බලන සටන" නමින් හඳුන්වයි)

පෘතුගීසින් ලංකාවෙන් නෙරපා දැමීමට මෙතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය. මේ වන විට ශක්තිමත් නාවික හමුදාවක් සහිත ලන්දේසීන්ගෙන් ආධාර පැතීය. 1602 වසරේÊදී ලන්දේසි ජාතික ජෝරිෂ් වෑන් ස්පිල්බර්ජන් (Joris Van Spilbergen) මඩකලපුවට පැමිණීම රජුගේ බලාපොරොත්තු ඉටු කරන්නක් විය. නමුත් ඔහු හා රජු දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවද කිසිදු ගිවිසුමකට එළඹීමට අවස්ථාවක් නොලැබීම අවාසනාවට කරුණක් විය.

වැඩි කලක් යැමට මත්තෙන් නැවතත් ලන්දේසි දූත කණ්ඩායමක් සීබෝල් ද වාර්ට් (Sebald de Weert)) යටතේ සෙන්කඩගලට පැමිණේ. නමුත් මෙම හමුවීමද එතරම් සුබදායක නොවීය. වාර්ට් පෘතුගීසි නැව් මඩකලපුවේ දී අල්වා ගත්තද ඒ කිසිවක් රජු හා එකඟ වූ පරිදි සිදු නොවීය. එනිසා මෙම සාකච්ඡා අසාර්ථක වූ බව පෙනේ. අවසානයේ දී වාර්ට් බීමත්ව රජුට අගෞරව වන පරිදි හැසිරීම නිසා ඔහු ඇතුළු ඔහුගේ සගයන් පනස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්කර ඇත. මේ සිදුවීමත් සමග ලන්දේසීන්ගෙන් ආධාර ලබාගැනීමට තිබූ අවස්ථාව තවත් වසර ගණනාවකින් නැවතී ගියේය.

ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල පෘතුගීසි ආක්‍රමණ දෙකකට මුහුණ දෙමින් ඒවා සාර්ථකව ජය ගනිමින් වරෙක කොනප්පු බණ්ඩාර නමින් ද වරෙක අවුස්ත්‍රියාවේ දොන් ජුවාන් නමින් භෞතීස්ම නාමයෙන්ද තවත් විටෙක මේ සියල්ල ඉවතලා බෞද්ධාගමිකයකු ලෙස විමලධර්මසූරිය නමින් 1592 දී නව රාජවංශයක් ආරම්භ කරමින් සිහසුනට පත් මෙතුමා ක්‍රි.ව. 1604 දී දරුණු උණ රෝගයක් වැළඳීමෙන් මරුමුවට පත්විය. යම්කිසි දුර්භාග්‍යමත් හේතුවක් මත දන්තුරේÊහා බලන සටන අප පරාජයට පත්වූවා නම් 1815 ට තවත් සියවස් දෙකකට පමණ පෙර අප දේශයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විජාතික බලවේගයකට යටත්වීමට සිදු වනු නොඅනුමානය.

ලන්දේසි ජාතික ඉතිහාසඥයකු වූ බැල්දියෙස් විසින් විමලධර්මසූරිය රජු හඳුන්වා ඇත්තේ මෙසේය.

"දොන් ජුවාන් වීරෝදාර වූත් ශූර වූත් සෙනෙවියෙක් විය. කාලවර්ණ වූ ශරීර පැහැයෙන් යුත් මොහු උස් සිරුරක් හා ගැඹුරු කටහඬකින් හෙඹි ඉතා දක්ෂ පාලකයෙක් විය. ඔහුගේ රාජ්‍ය කාලය තුළදී රටේ මනා පාලනයක් පැවතියේය. වරද කරුවන් විෂයෙහි ඔවුන්ට විරුද්ධව තදින් ක්‍රියා කළ හෙතෙම යහපත් ජනයාට නොමසුරු බව කරුණාව හා ත්‍යාගශීලී භාවය උදක්ම පිදුවේය. සාමාන්‍ය නිල සේවයේ හෝ යුද සේවයේ හෝ විශිෂ්ට ලෙස සේවය කළ අයට මිල මුදල් තාන්න මාන්න ආදියෙන් සංග්‍රහ කළේය. රාජ්‍ය පාලකයකු වශයෙන් ඔහු කෙරෙහි වූ දූරදර්ශි බව නිසා විදේශ රජවරුන් සමග අත්සන් තබන ලද ගිවිසුම් ආදියට හානියක් නොවන පරිදි සුහද මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීමට මොහු සමත්විය. එහෙත් ලංකාව පුරා ඔහු පැතිරූ බලය නොඉවසූ පෘතුගීසින්ගේ නම් ඔහු පරම සතුරෙක් විය.

විදේශිකයකු අතින් මෙසේ වර්ණනා වී ඇති විමලධර්මසූරිය රජුගේ ගුණාංග අතිශයෝක්තියක් නොවන බව පිළිගත හැකිය. මේ හැරුණු විට තම රට ජාතියට මෙතුමා විසින් කෙතරම් භක්තිමත්ව සිටියේ ද යන්න ලන්දේසි නියෝජිත ස්පිල් බර්ජන්ට තමා හඳුන්වා දුන් අයුරින් මනාව පැහැදිලි වේ.

"මම වෙළෙන්දෙක් නොවෙමි. මම හේවායෙක් මි. මගේ අදහස ගෙවල් සෑදීම හෝ වතු වගා කිරීම හෝ වෙනයම් ක්‍රමයකින් මුදල් රැස්කිරීම හෝ නොවේ. මව්බිම ආරක්ෂා කර ගැනීම මගේ එකම බලාපොරොත්තුවයි."

තම ජීවිත කාලය පුරාවටම ඉහත ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීමට වෙර දැරූ මෙතුමා ලංකා ඉතිහාසයේ පහළ වූ රජවරුන් අතර සුවිශේෂ නරෝත්තමෙයෙක් වේ.

[QUOTE="crazybuddy, post: 14105879, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue][IMG]http://www.divaina.com/2012/03/28/king.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] කන්ද උඩරට රාජධානිය බිහිකළ පළමු වන විමලධර්මසූරිය රජතුමා අනුරාධපුර යුගය තරම් දීර්ඝකාලීන පාලනයක් ගෙන යැමට ඉන්පසු බිහිවන කිසිම රාජධානියකට අවස්ථාවක් නොලැබේ. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ විදේශීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරැලි කෝලාහල තත්ත්වයන්ය. අවසන් වරට ඪෂ පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1411-1466) කෝට්ටේ මුල්කර ගෙන මුළුමහත් ලංකාවේ ම බලය එක්සේසත් කිරීමට සමත් වුවද ඔහුගේ මරණයත් සමගම නැවත එය අසාර්ථක විය. 16 වන සියවසේ මුල් භාගයේ දී පෘතුගීසින් ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ලංකාවේ දක්නට ලැබෙන්නේ යාපනය කෝට්ටේ හා උඩරට නමින් බෙදී ගිය ප්‍රාදේශීය රාජ්‍යයන්ය. නමුත් කෝට්ටේ ප්‍රධාන රාජ්‍යය ලෙසට පිළිගත් බව පෙනේ. ක්‍රි.ව. 1521 දී සිදුවන විජයබා කොල්ලයත් සමග බිහිවන සීතාවක රාජධානිය බලය අතින් ද ජනප්රියත්වයෙන්ද මෙම සියලු රාජධානි අභිබවා සිටී. සීතාවක රාජධානිය ප්‍රබල වීමට බලපාන්නේ කෝට්ටේ බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551) රජු පෘතුගීසි සහයෝගය ලබා ගැනීම හා කෝට්ටේ පෘතුගීසින්ට අවනත රාජධානියක් වීම නිසාය. මෙම තත්ත්වය තවත් ප්‍රබල වන්නේ හත්වන බුවනෙකබාහු රජු මියගොස් ඔහුගේ මුණුබුරු ධර්මපාල කුමරු රජවීමත් සමගය. මෙනිසා දෑ හිතකාමී සියලු පිරිස් සීතාවක රාජධානිය වටා එක්රොක් වේ. ලංකාව පෘතුගීසින්ගෙන් නිදහස් කර ගැනීම සඳහා සීතාවක මායාදුන්නේ සහ රාජසිංහ යන පිය පුතුන් විසින් මාරාන්තික සටනක් ගෙන යනු ලබයි. එම බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට නොහැකි වුවද සීතාවකින් එල්ල වූ ප්‍රහාරය දැවැන්ත මෙන්ම අභියෝගාත්මක විය. සීතාවක රාජධානියේ බල ව්‍යාප්තියේ උපරිමත්වයට පත් වන්නේ ක්‍රි.ව. 1582 දී උඩරට යටත් කර ගැනීමත් සමගය. ක්‍රි.ව. 1592 දී සිදුවන රාජසිංහ රජුගේ මරණයත් සමග සීතාවක රාජධානිය පරිහානිය කරා වේගයෙන් ගමන් කරයි. එය පහසුවෙන්ම පෘතුගීසින්ට යටත් වෙයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරනුයේ කන්ද උඩරටද ආක්‍රමණය කර තමන්ට ගැති පාලකයකු පත්කර ගැනීම සඳහාය. නමුත්a ඒ අවස්ථාවේ පළමුවන විමලධර්මසූරිය රජු ඒ සියලු අභියෝග ජයගෙන කන්ද උඩරට නව රාජවංශයක් ආරම්භ කරමින් ක්‍රි.ව. 1592 දී බලයට පත්වේ. මේ එතුමාගේ ඓතිහාසික කතන්දරයයි. ක්‍රි.ව. 1581 දී සීතාවක බලයට පත් වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කරනු ලබයි. එයට හේතුව වශයෙන් මේ වන විට උඩරට පාලකයාව සිටි කරල්ලියද්දේ පෘතුගීසින්ට පක්ෂග්රාහී වීම පෙන්වා දිය හැක. මෙම ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා රාජසිංහ රජුට උඩරට ප්‍රධානීන්ගෙන් සහයෝගය ලැබේ. ඒ අතර වීරසුන්දර බණ්ඩාර නම් ප්රභූවරයා ප්‍රධාන තැනක් ගනී. මෙහිදී පරාජයට පත්වන කරල්ලියද්දේ තම බිරිඳ දියණිය ඇතුළු පිරිසත් සමග පෘතුගීසි රැකවරණය පතා පලායයි. මෙහිදී රාජසිංහ රජුට සහයෝගය දක්වන වීරසුන්දර බණ්ඩාර අප ඉහතින් සඳහන් කළ විමලධර්මසූරිය රජුගේ පියතුමන්ය. (විමලධර්මසූරිය රජු රජවීමට පෙර හැඳින්වූයේ කොනප්පු බණ්ඩාර නමිනි.) නමුත් වැඩිකල් යැමට මත්තෙන් රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියා මාර්ගය නිසා උඩරට ප්‍රභූන් මෙන්ම සංඝයා වහන්සේලාද කැළඹීමට පත්වේ. වීරසුන්දර බණ්ඩාර තමාට එරෙහිව නැගී එතැයි සැක කරන රාජසිංහ රජු ඔහු මරා දැමීමට තීරණය කරයි. ඔහුට "වලගම වට්ටාරම" දෙන බව ප්‍රකාශ කර සීතාවකට රැගෙන එන අවස්ථාවේ ගොල බොක්කේ වීදියේ බොරු වළක දමා මරණයට පත් කරනු ලැබේ. මෙයින් බියට පත්වන කොනප්පු බණ්ඩාර පෘතුගීසින්ගේ රැකවරණය පතා පලායයි. එසේ පෘතුගීසීන් වෙත යන කොනප්පු බණ්ඩාර දොන් ජුවන් නමින් භෞතිස්ම ලබා ගෝව වෙත ගෙන යනු ලබයි. එහිදී ඔහුට මුහුණ පාන්නට වන්නේ බිහිසුණු අවස්ථාවකටය. එනම් ගෝවේ විසූ ගජබාහු නමැත්තාව කිසිම පුද්ගලයකුට පරාජය කළ නොහැකි විය. නමුත් ඒ අභියෝගය භාරගත් කොනප්පු බණ්ඩාර ඔහුව පහසුවෙන් ම මරාදැමූ බව රාජාවලිය පවසයි. මෙයින් සතුටට පත් ගෝවේ විසූ පෘතුගීසින් වසර තුනකට පසු නැවත ඔහු ලංකාවට එවා ඇත. මන්නාරමෙන් ගොඩබට කොනප්පු බණ්ඩාර උඩරට ආක්රමණයේ නියමුවා ලෙස පත්කොට යමසිංහ බණ්ඩාර රාජ්‍ය උරුමක්කරුවා ලෙස තෝරාගෙන ඇත. මෙහි අරමුණ වූයේ රණශූර කොනප්පු බණ්ඩාර මගින් උඩරට යටත්කොට යමසිංහ බණ්ඩාර තම (පෘතුගීසින්ගේ) අතවැසි පාලකයකු ලෙස පත්කර ගැනීමටය. ස්ව කැමැත්තෙන්ම මෙම සටනට එක්වීමට කොනප්පු බණ්ඩාර තීරණය කරන්නට ඇත්තේ තම පියා මැරූ පලිය රාජසිංහ රජුගෙන් ගැනීමට විය යුතුය. මේ වන විට රාජසිංහ රජුගේ පාලනයට විරුද්ධව උඩරට කැරැලි කෝලාහල හටගෙන තිබුණි. එයට හේතුව රාජසිංහ රජු මුලින් සඳහන් කළ පරිදි බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ බැවිනි. කොනප්පු බණ්ඩාර කරල්ලියද්දේගේ බෑණා කෙනකු වූ යමසිංහ බණ්ඩාර (දොන් පිලිප්) හා එක්ව විශාල හමුදාවක් සමග උඩරටට පිවිසෙයි. උඩරට ප්‍රභූන් විසින් මොවුන් පිළිගෙන ඇත. නමුත් එහිදී පෘතුගීසින්ට අවශ්‍ය වූයේ යමසිංහ බණ්ඩාර තමන්ගේ අතවැසි පාලකයකු ලෙස උඩරට රජකරවීමයි. වැඩි කලක් යැමට මත්තෙන් කොනප්පු බණ්ඩාර විසින් යමසිංහ බණ්ඩාර පන්නා පෘතුගීසි හමුදාවද එළවා 1592 දී උඩරට ප්රභූන්ගේ ආශිර්වාදය මැද විමලධර්ම සූරිය නමින් රජ බවට පත්වේ. මේ අනුව ප්‍රථම වරට කන්ද උඩරට ස්වාධීන රාජධානියක් ස්ථාපනය වේ. එය සෙන්කඩගල රාජධානියේ ආරම්භයයි. නමුත් වැඩිකලක් යැමට පෙර සීතාවක රාජසිංහ රජු තමාම හමුදාවක් රැගෙන ගොස් උඩරට ආක්‍රමණය කරනු ලබයි. රාජසිංහ රජු පරාජය කිරීමට මෙහිදී එතුමාට හැකි වේ. රාජසිංහ රජු නැවත එන අතරමඟ පෙතංගොඩ උයනේ දී උණකටුවක් පයේ ඇනීමෙන් එය දරුණු වී අබිරහස් මරණයකට පත්වේ. ඉන්පසු බිඳ වැටෙන සීතාවක රාජධානිය හා පෘතුගීසි රූකඩයකු ලෙස සිටින කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට අයත් වන අතර ලංකාවේ එකම ස්වාධීන රාජධානිය බවට කන්ද උඩරට පත් වේ. නමුත් කෝට්ටේ පෘතුගීසිහු සෙන්කඩගල වටා නව රාජධානියක් ගොඩනැඟීම කිසිසේත්ම ඉවසුම් නොදෙන කරුණක් විය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුළුමහත් ලංකාවේ ම බලය ගොඩනඟා ගැනීමකටය. ඒ අනුව පෘතුගීසි ජෙනරාල් ජෙරෝ ලෝපේස් ද සූසා විශාල හමුදාවක් රැගෙන ගොස් 1594 දී උඩරට ආක්‍රමණය කරන ලදී, බලන කපොල්ලේ දී විමලධර්මසූරිය රජු පැරදී පලාගිය අතර සූසා කන්ද උඩරටට පැමිණ දෝන කතිරිනා උඩරට රැජින ලෙස අභිෂේක කරවයි. උඩරට පිරිස් ඇය පිළිගත්තද ඇය වටා වූ පෘතුගීසි ආරක්ෂක වළල්ල නිසා කිසිදු සිංහලයෙකුට ඇය හමුවිය නොහැකි විය. පෘතුගීසි නායකයකු සමග ඇය විවාහ වන බවට කටකතා පැතිරෙන්නට විය. යමසිංහ බණ්ඩාර රජ කර වූවාක් සේ මෙහිදී ද පෘතුගීසින් උත්සාහ කළේ දෝන කතිරිනා මාර්ගයෙන් උඩරට තමන්ට අවනත පාලනයක් ගෙන යැම සඳහා ය. එම පිරිස උඩරට නතර කළ සූසා නැවත ආපසු ඒමට පිටත් විය. නමුත් ඔහුගේ හමුදා තුළ වූ කුමන්ත්රණයකින් ලස්කිsරිඤ්ඤ හමුදාවේ නායක ජයවීර බණ්ඩාර මරා දමනු ලබයි. ඒත් සමග ම එම හමුදාව ඔවුන් අතහැර උඩරට හමුදාව හා එක්වෙයි. දන්තුරේ නම් ස්ථානයේ දී උඩරට හා පෘතුගීසි සේනා මුහුණට මුහුණලා බිහිසුණු යුද්ධයකට එළඹෙයි. විමලධර්මසූරිය රජු එම සටන ජය ගැනීමෙන් කුසුමාසන දේවිය නිරුපද්‍රිතව ලබාගෙන විවාහ කර ගත්තේය. එමගින් උඩරට රාජධානිය කෙරෙහි නීත්‍යානුකූල අයිතියක් ලබා ගැනීමටද විමලධර්මසූරිය රජුට හැකිවිය. එපමණක් නොව මෙතුමාගේ බල පරාක්‍රමය මෙන්ම උඩරට රාජධානියේ ශක්තිමත් භාවයද වැඩි විය. පෘතුගීසින්ගේ මෙම පරාජය පිළිබඳව ජුවාමි රුබේරු විසින් රචිත "සිලාන් දිවයිනේ ඓතිහාසික ෙ€දවාචක" යන ග්‍රන්ථයේ මෙසේ දැක්වේ. "දුනු හී සහ තුවක්කු රැගත් හේවායෝ සැඟවී සිට අනාවරණයව සිටි අප හමුදාවට නොකඩවා පහර දෙන්නට වූහ. අපගේ සේනාව බලනට පැමිණීමට තැත්කළ නමුත් විශාල සේනාවක් මාර්ගය අවුරා සිටින බව දක්නට ලැබුණි. මේ අන්දමින් කපිතාන් ජෙනරාල් හා බෑණාවරුන් දෙදෙනාද ඇතුළු අපගේ සියලු සෙනඟ මහත් අපකීර්තිමත් මරණයකට ගොදුරු වූහ". මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් බලය තහවුරු වන උඩරට රාජධානිය සිංහල රජවරුන් යටතේ 1739 දක්වා ම පාලනය වේ. නැවත වරක් පෘතුගීසින්ගෙන් එල්ල විය හැකි ආක්‍රමණ වළක්වා ගැනීමට මෙතුමා දකුණු ඉන්දියාවේ මදුරයි සහ මයිලපුර යන ප්‍රාදේශීය රාජ්‍යවල පාලකයන් ගෙන් වඩිග කුලී හමුදාවක් ලබාගෙන ඇත. මේ ආකාරයට කන්ද උඩරට දේශපාලනමය අතින් ස්ථාවර වීමෙන් අනතුරුව සංස්කෘතිකමය සංවර්ධනයක්ද මෙම යුගයේ දක්නට ලැබේ. කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම සඳහා විශාල අනුග්‍රහයක් ලබාදෙන අතර ලෝහ කර්මාන්තයේ හා මැණික් කර්මාන්තයේ දියුණුවට කළ සේවය මන්දාරම්පුර පුවතෙහිද සඳහන් වේ. හම්බන්තොට ගිරවා - ඌව දෙ - දුම්බර බිම් තැන්නා සබරගමුව සහ සත් - කෝරල - මන්නාරම තිබෙනා යකඩ ලෝහෝ කම්හල් - එකසිය හැත්තෑ පමණ වනා කරවා දහස් ගණන් නිරතුරු නෙක දන වැඩ කරනා රත්නපුරය තුන් නව කෝරලද බුලත්ගම හිනිදුම වෙල්ලස්සේ කිවුලෙ ගෙදර දියවානේ සහ විල්ගම මන්දාරම් පුරයෙහි විල්කඩ ද මැණික් ගඟ රත්ගම සිවුසැත්තෑ මැණික් රුවන් කරවා ආකර මනරම 1597 දී ධර්මපාල රජු මියයැමත් සමග කෝට්ටේ සම්පූර්ණ බලය පෘතුගීසින් අත පැවරුණි. එනිසා එකම ස්වාධීන රාජධානිය වූ කන්ද උඩරට වටා තව තවත් මිනිසුන්ගේ නැඹුරුතාව වැඩිවූ අතර ඔවුන්ගේ එකම ස්වාධීන නිදහස් රාජධානිය බවට උඩරට පත්විය. මෙහි වඩාත් උච්චතම අවස්ථාව වන්නේ සීතාවක දෙල්ගමුවේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කිරීමයි. එතුමා මහනුවර දළදා මන්දිරයක් කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී. ලාංකීය රජෙකුගේ රාජ්‍යත්වය තහවුරු වීමට අවශ්‍ය දළදාව උඩරටට ලැබීම විමලධර්ම සූරිය රජු දවස සිදුවූ වැදගත් සිදු වීමකි. මේ වන විට පිරිහී තිබූ බුදුදහම නැවත නඟා සිටුවීම සඳහා බුරුමයෙන් උපසම්පදා විනය කර්මය ලබා ගන්නා ලදී. මේ ආකාරයට උඩරට රාජධානිය ගොඩනැඟෙද්දී දෙවන වතාවටද එහි බලය මැඬලීමට පෘතුගීසින් සූදානම් වූහ. සූසාට පසුව එම ධුරයට පත්ව ආ අසවේදු විසින් 1602 දී සුවිශාල හමුදාවක් සමග උඩරට ආක්‍රමණය කරනු ලැබීය. මුලදී අසවේදුට ජයග්‍රහණය හිමි වුවද ලස්කිරිඤ්ඤ හමුදාව උඩරටට අවනත වීම හා විමලධර්ම සූරිය රජුගේ උපාය කෞශල්යතාව නිසා එම දෙවන ආක්‍රමණයද පෘතුගීසින් ලද අන්ත පරාජයකින් කෙළවර විය. (බලන කපොල්ලේ දී මෙම සටන ඇතිවූ බැවින් එය "බලන සටන" නමින් හඳුන්වයි) පෘතුගීසින් ලංකාවෙන් නෙරපා දැමීමට මෙතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය. මේ වන විට ශක්තිමත් නාවික හමුදාවක් සහිත ලන්දේසීන්ගෙන් ආධාර පැතීය. 1602 වසරේÊදී ලන්දේසි ජාතික ජෝරිෂ් වෑන් ස්පිල්බර්ජන් (Joris Van Spilbergen) මඩකලපුවට පැමිණීම රජුගේ බලාපොරොත්තු ඉටු කරන්නක් විය. නමුත් ඔහු හා රජු දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවද කිසිදු ගිවිසුමකට එළඹීමට අවස්ථාවක් නොලැබීම අවාසනාවට කරුණක් විය. වැඩි කලක් යැමට මත්තෙන් නැවතත් ලන්දේසි දූත කණ්ඩායමක් සීබෝල් ද වාර්ට් (Sebald de Weert)) යටතේ සෙන්කඩගලට පැමිණේ. නමුත් මෙම හමුවීමද එතරම් සුබදායක නොවීය. වාර්ට් පෘතුගීසි නැව් මඩකලපුවේ දී අල්වා ගත්තද ඒ කිසිවක් රජු හා එකඟ වූ පරිදි සිදු නොවීය. එනිසා මෙම සාකච්ඡා අසාර්ථක වූ බව පෙනේ. අවසානයේ දී වාර්ට් බීමත්ව රජුට අගෞරව වන පරිදි හැසිරීම නිසා ඔහු ඇතුළු ඔහුගේ සගයන් පනස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්කර ඇත. මේ සිදුවීමත් සමග ලන්දේසීන්ගෙන් ආධාර ලබාගැනීමට තිබූ අවස්ථාව තවත් වසර ගණනාවකින් නැවතී ගියේය. ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල පෘතුගීසි ආක්‍රමණ දෙකකට මුහුණ දෙමින් ඒවා සාර්ථකව ජය ගනිමින් වරෙක කොනප්පු බණ්ඩාර නමින් ද වරෙක අවුස්ත්‍රියාවේ දොන් ජුවාන් නමින් භෞතීස්ම නාමයෙන්ද තවත් විටෙක මේ සියල්ල ඉවතලා බෞද්ධාගමිකයකු ලෙස විමලධර්මසූරිය නමින් 1592 දී නව රාජවංශයක් ආරම්භ කරමින් සිහසුනට පත් මෙතුමා ක්‍රි.ව. 1604 දී දරුණු උණ රෝගයක් වැළඳීමෙන් මරුමුවට පත්විය. යම්කිසි දුර්භාග්‍යමත් හේතුවක් මත දන්තුරේÊහා බලන සටන අප පරාජයට පත්වූවා නම් 1815 ට තවත් සියවස් දෙකකට පමණ පෙර අප දේශයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විජාතික බලවේගයකට යටත්වීමට සිදු වනු නොඅනුමානය. ලන්දේසි ජාතික ඉතිහාසඥයකු වූ බැල්දියෙස් විසින් විමලධර්මසූරිය රජු හඳුන්වා ඇත්තේ මෙසේය. "දොන් ජුවාන් වීරෝදාර වූත් ශූර වූත් සෙනෙවියෙක් විය. කාලවර්ණ වූ ශරීර පැහැයෙන් යුත් මොහු උස් සිරුරක් හා ගැඹුරු කටහඬකින් හෙඹි ඉතා දක්ෂ පාලකයෙක් විය. ඔහුගේ රාජ්‍ය කාලය තුළදී රටේ මනා පාලනයක් පැවතියේය. වරද කරුවන් විෂයෙහි ඔවුන්ට විරුද්ධව තදින් ක්‍රියා කළ හෙතෙම යහපත් ජනයාට නොමසුරු බව කරුණාව හා ත්‍යාගශීලී භාවය උදක්ම පිදුවේය. සාමාන්‍ය නිල සේවයේ හෝ යුද සේවයේ හෝ විශිෂ්ට ලෙස සේවය කළ අයට මිල මුදල් තාන්න මාන්න ආදියෙන් සංග්‍රහ කළේය. රාජ්‍ය පාලකයකු වශයෙන් ඔහු කෙරෙහි වූ දූරදර්ශි බව නිසා විදේශ රජවරුන් සමග අත්සන් තබන ලද ගිවිසුම් ආදියට හානියක් නොවන පරිදි සුහද මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීමට මොහු සමත්විය. එහෙත් ලංකාව පුරා ඔහු පැතිරූ බලය නොඉවසූ පෘතුගීසින්ගේ නම් ඔහු පරම සතුරෙක් විය. විදේශිකයකු අතින් මෙසේ වර්ණනා වී ඇති විමලධර්මසූරිය රජුගේ ගුණාංග අතිශයෝක්තියක් නොවන බව පිළිගත හැකිය. මේ හැරුණු විට තම රට ජාතියට මෙතුමා විසින් කෙතරම් භක්තිමත්ව සිටියේ ද යන්න ලන්දේසි නියෝජිත ස්පිල් බර්ජන්ට තමා හඳුන්වා දුන් අයුරින් මනාව පැහැදිලි වේ. "මම වෙළෙන්දෙක් නොවෙමි. මම හේවායෙක් මි. මගේ අදහස ගෙවල් සෑදීම හෝ වතු වගා කිරීම හෝ වෙනයම් ක්‍රමයකින් මුදල් රැස්කිරීම හෝ නොවේ. මව්බිම ආරක්ෂා කර ගැනීම මගේ එකම බලාපොරොත්තුවයි." තම ජීවිත කාලය පුරාවටම ඉහත ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීමට වෙර දැරූ මෙතුමා ලංකා ඉතිහාසයේ පහළ වූ රජවරුන් අතර සුවිශේෂ නරෝත්තමෙයෙක් වේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom