Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීතාවර්ජනය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් කල් ෆේස්බුක් වෙබ් අඩවියේ පමණක් පල කරනලද ලිපි, එළකිරි වෙබ් අඩවියේද පල කිරීමට මා විසින් අදහස් කළා. දැනට එළකිරි වෙබ් අඩවිය තුල සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ලිපි පල කිරීම පමණයි. මෙහිදී ඔබට අන්තර්ගතය පිළිබද අදහස් දැක්විය හැකියි. නමුත් ඔබට මේවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමහා සම්බන්ධවිය හැකිය.

[CODE]http://www.facebook.com/dilanpanchana.jayasinghe[/CODE]

(c) පංචන ජයසිංහ.

අතීතාවර්ජනය...

පංචන ජයසිංහ

“භවිස්සනති භික්ඛවෙ භික්ඛු අනාගතමද්ධානං අභාවිත කායා අභාවිත සීලා අභාවිත චිත්තා අභාවිත පඤ්ඤා. තෙ අභාවිත කායා... අඤ්ඤේ උපසම්පාදෙස්සන්ති. තේ න සක්ඛිස්සන්ති විනේතුං අධිසීලේ අධිචිත්තේ අධිපඤ්ඤාය. තෙපි...”

මහණෙනි; අනාගත කාලයේදී කය නොවැඩූ, ශීලය නොවැඩූ, සිත හා ප්‍රඥාව නොවැඩූ භික්ෂූහු වෙති... ඔවුහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔවුහු අධිශීලයෙහි... අධිප්‍රඥාවෙහි හික්මවිය නොහැකි වෙති.

“...ඉති ඛො භික්ඛවෙ ධම්ම සංදේසා විනය සන්දේසා ධම්ම සංදේසෝ විනය සංදේසා ධම්ම සංදේසෝ ඉදං භික්ඛවේ පඨමං අනාගත භයං...”

මහණෙනි; මෙසේ ධර්ම පරිහානියෙන් විනය පරිහානියත්, විනය පරිහානියෙන් ධර්ම පරිහානියත් වෙයි. මෙය ප්‍රථම අනාගත භයයි. (අංගුත්තර නිකාය:පංචක නිපාත-5.2.3.9.තතිය අනාගත භය සුත්ත)

තථාගතයන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ විමුක්තිය උදෙසා පන්සාලිස් වසක් පුරා දෙසූ ධර්ම - විනය දෙක අනාගතයේදී තමාගේම ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස විසින් ලිහිල්ව ගෙන විනාශ කරන අයුරු ඉහත කී පරිදි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අනාගත භය වග්ගයේ සූත්‍ර හතරකින්ම අනාගත භය සූත්‍ර නමින් දේශනා කළ සේක. එහෙයින් එය ඔබ විසින් දත යුතුය. දැනද එය ප්‍රහාණ කරනු පිණිස ව්‍යායාම කටයුතුය. (තං වො පටිබුජඣිතබබං පටිබුජඣිත්වා ච තසස පහානාය වායමිතබබං) මෙම පාඨයද බුද්ධ භාෂිතයකි.

ලොව කොතැන්හි හෝ වසන සිත නමැති ඉන්ද්‍රය ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට ඔබින මනුෂ්‍ය දහමක් වන මෙය බුදු දහම බුද්ධ භාෂිතයෙන්ම ආරක්ෂා කර ගැනීමේ පතළ කීර්තියක් හිමිවන්නේ ථෙරවාදී බෞද්ධ රටවල් අතරින් මේ කුඩා රටටය. මේ කුඩා අභීතවත් සිංහල ජාතියටය. එසේ රැකගත් මෙම ධර්ම - විනය දෙක තථාගතයන් වහන්සේ දුටු පරිදිම විකෘති කරලීමේ මහා පාපයට වත්මනෙහි අපි කොටස්කරුවෝ වෙමුද...? පස්වෙනි අග්බෝ (බු.ව.1248-54), පළමුවැනි මිහිඳු(බු.ව.1262-65) දෙවැනි සේන වැනි රජවරුන් තථාගත ශාසනයට විලෝපනයන් සිදුවන අවස්ථාවන්හිදී ක්‍රියාකර ඇති ආකාරය මහාවංශය, දීපවංශය සාක්ෂි දරනු ඇත. දෙවැනි සේන රජු ථෙරවාදී බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමෙහිලා දැඩි ඕනෑකමකින් කටයුතු කළේ නැව් තොටක් පාසා දර්ශනවාදීන්ගේ මත පරීක්ෂා ධර්මධරයන් - විනයධරයන් යොදවමිනි. එපමණක් ඈත නොව, 20 වැනි ශතකයේ අග දසකයේ මුල් භාගයේදී (1992) අප රටට ජපානයෙන් ප්‍රසිද්ධියේම සිංහල භික්ෂුවක් මහායාන භික්ෂුවක් ලෙස මෙරටට ගොඩබැසීමට ගත් වෑයමක් රාජ්‍ය නායකයා මැදිහත්ව ගුවන් තොටුපළෙන්ම ආපසු හරවා යැවූ බව ප්‍රසිද්ධ සත්‍යයකි. තවද එම ශතකයේම අග දසකයේ අග භාගයේදී(1997) ථෙරවාදී භික්ෂුණී උපසම්පදාව ලොවෙන් අතුරුදන්ව තිබියදී තවත් බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමෙන්ම පමණක් ආරම්භ කළ හැකි භික්ෂුණී ශාසනය අවිශාරද, අවියත් පිරිසක් මූලිකව ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී ශාසන භාරධාරී මහසඟරුවන ධර්ම - විනය පෙන්වාලමින් කළ අනුශාසනා රජය භාරගත් අතර ඒ අනුව මේ තාක් විනය විරෝධීව පිහිටුවා ඇති භික්ෂුණී ශාසනයට නීත්‍යනුකූල රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නැත. එහෙත්, එම මෙහෙණින් වහන්සේලා තමන් වහන්සේලා ධර්මධරව, විනයධරව වත්මන් ලාංකික කාන්තාවන්ගේ විමුක්ති දායිකාවන් ලෙස කටයුතු කරනුයේ සඟමිත් තෙරණිය, අනුලා තෙරණිය පෙර දවස ක්‍රියා කළාක් මෙනි. ජාතික ශාසනික උන්නතිය හා එහි ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කරනු ලබන කැපකිරීමට කිසිවෙකුගේ අකුල් හෙලීමක් නැත්තේමය. ගෞතම බුදු සස්න තුළ නිර්වාණාවබෝධයට කාන්තා පක්ෂයට උපරිම අවකාශ ඇත්තේය.

කරුණු කාරණා මෙසේ පවතිද්දී මෙම කාල පරිච්ඡේදයේදී තථාගතයන් වහන්සේගේ ධර්මය අධර්මය ලෙසත්, විනය අවිනය ලෙසත් හුවා දක්වමින් අව්‍යක්ත, අවිශාරද භික්ෂූන් වහන්සේලා පිරිසකුත්, මාර්ග ඵල ලාභී යැයි කියාගන්නා අමනෝඥ පිරිසකුත්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් භාවිත කරමින් විශාල ශාසන විනාශයක් කරගෙන යති. සර්වඥතා ඥානයෙන් වදාළ ස්වාක්ඛාත ධර්මය (මුල - මැද - අග යහපත්ව දෙසූ - එකකුදු එකතු කළ නොහැකි - වැඩි යැයි කියා එකකුදු අඩුකළ නොහැකි - අර්ථ/ධර්ම/නිරුක්ති/පටිභාන වෙනස් කළ නොහැකි) ඒ ඒ අයට තේරෙන ආකාරයෙන් කියා හෝ ලියවා ත්‍රිපිටක පරිවර්තන ලෙසින් කරන හානිය අතිශයින් භයානනකය. මේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළ අනාගත භය ඉදිරිපත් වීමකි. ශාසනික වාතාවරණය මෙසේ වෙද්දී ජාතික හා සමාජයීය වශයෙන්ද අනාගතයේදී ඇතිවන පරිහානිය සම්බන්ධයෙන් කොසොල් රජු දුටු සිහින දහසය තුළින් බුදු රජාණන් වහන්සේ අවධාරණය කොට ඇත්තේය.

· 1 වැනි සිහිනය:

කොසොල් රජු -

"කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා"

බුදුන් වහන්සේ -

අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

· 2 වැනි සිහිනය:

කොසොල් රජු -

"රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන"

බුදුන් වහන්සේ -

අනාගතයේ පංච දුශ්චරිතයේ නිරත වෙමින් මිනිසුන් කටයුතු කරයි. පුංචි දරුවන් වැඩිහිටියන් සේ වැඩ කටයුතු කරයි. කුඩා වයසේදීම ගැහැනුන් රාගයෙන් පිනා ගොස් ආවාහ විවාහ වෙති.

· 3 වැනි සිහිනය:

.කොසොල් රජු -

"එදින ඉපදුණු වහුපැටියාගෙන් මව් එළදෙන කිරි බොනවා දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ පහළ වන දූ දරුවෝ මව් පියන්ට අකීකරු වෙති. ලැජ්ජා බිය නොමැතිව කටයුතු කරයි. වැඩිහිටියන්ට ගරු නොකරන නොසලකන සමාජයක් අනාගතයේ බිහිවෙයි. ඒ වාගේම දෙමාපියන්ට තම දරුවන් ළග දාසයන් මෙන් සේවය කොට ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම දෙමාපියන්ට සලකන්නේ වත් නැහැ

· . 4 වැනි සිහිනය

කොසොල් රජු -

"මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා"

බුදුන් වහන්සේ -

අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්රයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්රයට එක්වීම නිසා රටේ පාලන තන්ත්රය අවුල් වෙයි.

· 5 වැනි සිහිනය

කොසොල් රජු -

"පසු පසින් දිග බෙල්ලක් ඇති, ඔළු දෙකක් ඇති අශ්වයෙකු දුටුවෙමි. එම අශ්වයා දෙපසින්ම ආහාර අනුභව කරයි"

බුදුන් වහන්සේ -

අනාගතයේ ලෝකය පාපයටම බරවෙයි. අනාගතයේ මිනිසුන් ලැජ්ජා බියකින් තොරව අල්ලස් හා දූෂණයට පෙළබෙති. මෙය පාලන තන්ත්රය තුලද ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද සිදුවෙයි.

· 6 වැනි සිහිනය

කොසොල් රජු -

"මහලු ජරාපත් හිවලෙකු ඉතා වටිනා රන් තලියකට මූත්‍රා කරයි. මිනිසුන් ඒ දෙස කිසිවක් නොකර බලා සිටියි"

බුදුන් වහන්සේ -

සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිසුන් අනාගතයේ දී සම්පත් වලින් පිරිහී යනවා. මෙසේ පරම්පරාවෙන් උරුම වූ වස්තුව අහිමි මිනිසුන් තමන්ගේ දූ දරුවන් සුරා සූදුවට ලොල් වූ අයතා ලෙස ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා.

· 7 වැනි සිහිනය

කොසොල් රජු -

"දුප්පත් මිනිසෙකු අසුනකට වී සම් පටක වලින් ලණුවක් අඹරමින් එම ලණුව පහත හෙලයි. එම අසුන යට සිටින හිවල් ධේනුවක් ඒ මිනිසා විසින් අඹරන ලණුව කා දමයි. නමුත් ඒ මිනිසා ඒ බව නොදනි"

බුදුන් වහන්සේ -

අනාගතයේ මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය බහුල වෙනවා. අනාගතයේ ස්ත්‍රීන් තම සැමියා දහඩිය මහන්සියෙන් උපයන ධනය සොර සැමියන්ට දෙනවා. එම ස්ත්‍රීන් සාර ධර්ම හා සදාචාරය නොතකා තම සිරුර පිනවීමට ම පමනක් සිතයි. තවද බොහෝ කාන්තාවෝ තම සැමියා උපයන ධනය අර පිරිමැස්මෙන් තොරව විනාශ කරයි.

· 8 වැනි සිහිනය

කොසොල් රජු -

"මාළිගාවේ මිදුල පුරා කළ ගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එන ස්ත්‍රී, පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කළයකට වතුර පුරවනවා. හිස් කළ එසේම තිබෙනවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නොකිරීම නිසා ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙයි. එවිට රජය ජනතාව වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් ධනවත් වෙනවා. දුප්පතුන් තව තවත් පීඩනයට පත්කෙරෙනවා.

· 9 වැනි සිහිනය

කොසොල් රජු -

"පස් පියුමෙන් පිරි පොකුණක වටේ හිද වන සතුන් ජලය පානය කරති. ස්නානය කරති. එහෙත් පොකුණ මැද ජලය පමණක් අපිරිසිදු වෙයි"

බුදුන් වහන්සේ -

අනාගත රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ට වීම නිසා බදු බරින් ජනතාව පීඩාවට පත්කරති.

· 10 වන සිහිනය

කොසොල් රජු -

"ලිපක් මත මහ බත් සැළියක් දුටුවා. ඒ සැළියේ පැත්තක නො පිසුන සහල් ද, තවත් පැත්තක බෙරි වූ බත් ද, තවත් කොටසක නිසි සේ ඉදුණු සහල් ද තිබෙන අයුරු මම දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගත පාලකයින් අධාර්මික වීම නිසා රට තුල නිසි කලට වැසි නොලැබේ. වැස්ස ලැබුනත් එම වැස්ස වහින්නේ සෘතුවලට අනුව නො වෙයි. කඩින් කඩ තැනින් තැන වහිනවා. තවත් පැත්තක හොදටම පායනවා. තවත් පැත්තක වහ වැසි ඇද හැලෙනවා. එහෙම වුණහම ඔවුන්ගේ අස්වැන්න සමහර තැනක බොල් වෙනවා. සමහර තැනක නියගයට හසුවෙනවා. සමහර පෙදෙසක හොද අස්වැන්නක් ලැබෙනවා.

· 11 වන සිහිනය

කොසොල් රජු -

"ඉතා වටිනා අනර්ඝ සදුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ පුද පූජා සත්කාර වලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්‍රති රූපකයක් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සදහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා.

· 12 වන සිහිනය

කොසොල් රජු -

"ඉතා සැහැල්ලු ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි ගිලෙන අයුරු මම දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නො දී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙයි. ඒ හේතුව නිසා රාජ සභාව හිස් කථාවලින් පිරී යනවා. තවද විහාර ආරාම පූජනීය ස්ථාන වලද හිස් දේවල් ම රජ වෙනවා. මිනිස් සිත් තුල හිස් දේවල්ම රජ වෙනවා.

· 13 වන සිහිනය

කොසොල් රජු -

"මහා විශාල කළු ගල් ජලය මතුපිට පාවෙනවා දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ පාලකයෝත් ප්රජාවත් උගතුන්ගේත්, බුද්ධිමතුන්ගේත්, වියත් සිල්වත් හිමිවරුන්ගේත් උසස් කථා අගය කොට සලකන්නේ නැහැ. ඔවුන් විසින් උගත් බුද්ධිමතුන් නොසලකා හරිනවා. රාජ්‍ය සභාවේත්, රටේ හැම තැනකමත් යහපත් අයගේ අදහස් නොසලකා හරිනවා.

· 14 වැනි සිහිනය

කොසොල් රජු -

"ඉතා කුඩා මැඩියන් විශාල කළු නාගයන් පස්සේ පන්නමින් අල්ලා ගෙන අඹුල දඩු වගේ මුරු මුරු ශබ්දයෙන් කනවා දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ මිනිසුන් වඩ වඩාත් රාගාධික වෙනවා. වයසට ගිය පුරුෂයන් අඩු වයසේ ස්ත්රීන්ට හසුවනවා. ඒ ස්ත්‍රීහුත් දේපල වලට ධනයට ආසාවෙන් වියපත් පුරුෂයින් සමග විවාහ වෙනවා. සියලු සම්පත් එම ස්ත්‍රීන් විසින් පවරා ගෙන වියපත් ස්වාමි පුරුෂයන්ට නිග්‍රහ කරමින් ඔවුන් තමන්ගේ වසගයට ගන්නවා.

· 15 වන සිහිනය

කොසොල් රජු -

"කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනීමරුවන්, සොරුන් වැනි හීන මිනිසුන්ට පාලකයින් විසින් සම්භාවනීයත්වය දෙන නිසා ඒ අය ඉහළින් වැජඹෙනවා. ඒනිසා උගතුන්ට, බුද්ධිමතුන්ට ඹවුන්ගේ යටතේ සිටීමට සිදු වෙනවා.

· 16 වන සිහිනය

කොසොල් රජු -

"එළුවන් විසින් රුදුරු ව්‍යාඝ්‍රයන් පසු පස එලවා ගොස් උන්ව ගොදුරු කර ගන්නා ආකාරය දුටුවා"

බුදුන් වහන්සේ -

අනාගතයේ දී පහත් ගති ඇති අයට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා මිනිසුන්ට පාරම්පරිකව අයිති ඉඩම් කඩම් ඔවුහු විසින් කොල්ල කනවා. මිනිසුන් අධිකරණයේ පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මේ දාමරිකයන්ගෙන් තාඩන පීඩන විදීමට සිදු වෙනවා. අත පය කපා ගැනීමට ද සිදු වෙනවා. ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා ඔවුහු තම ඉඩම් කඩම් වල ආසාව අත් හැර ඒවා දාමරිකයන්ටම දෙනවා. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද අධාර්මික දුස්සීලයනට බලයත් ඉහල තනතුරුත් දැරීමට ඉඩ දී නිහඩව සිටිති.

මේ වාතාවරණය අද ඉස්මතු වී ඇතිවා නොවේද...? එහෙයින් අභ්‍යන්තරික හා බාහිර බලවේග හමුවේ ජාතික ශාසනික පරිහානිය බුදු මුවින් වදාළ පරිදිම ඇස් පනා පිට සිද්ධ වෙමින් පවතිද්දී ඒ පිළිබඳව මනා අවදියෙන් සිට එයින් වැළකිය හැකි මඟ කුමක්දැයි තෝරා බේරා ගත යුතුය. ජාතියක් වශයෙන් අද අපි එකී ව්‍යසනයන්ට මුහුණ දී සිටිමු. ඉන් වඩාත් භයංකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වී ඇත්තේ බෞද්ධ ප්‍රජාවටය. ඊට ඍජු ලෙසම අපි සියල්ලෝම වගකිව යුත්තෝ වෙමු. සම්මා සම්බුද්ධ ශාසනයටත්, රටටත්, ජාතියටත් විවිධ ව්‍යසනයන් පැමිණ රටත්, දැයත්, සමයත් ගරා වැටී පිරිහුණු අවස්ථාවලදී එම දුෂ්කර තත්ත්වයන්ගෙන් ගලවා යළිත් බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් බැබළවීමට ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පහළ වූහ. අනාගත භය පළමුව ඔබ හමුවේ තබමින් අපගේ අභිප්‍රාය වූයේ එකී අතීතය කරා ඔබවත් රැගෙන යාමටය. අතීතයත්, වර්තමානයත්, අනාගතයත් අතර අනුත්සාහිකව සැරිසැරීමය. අතීතාවර්ජනය ඊට කදිම නිදසුනක් වනු ඇත.

ධීරවීර දුටුගැමුණු රජතුමන්ගේ ජාතික ආගමික සේවය රන් අකුරින් ලියැවුණේ මහා සංඝරත්නයට පිං සිදු වන්නට ය. "මාගේ මේ ව්‍යායාමය කිසි විටෙකත් රජ සැප පිණිස නොව ශාසනයේ චිරස්ථිතිය සඳහා ය." යන ශ්‍රේෂ්ඨ අරමුණේ පිහිටා කටයුතු කළ එතුමන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය ඇති කළහ. එතුමන් සමඟ යුධ පෙරමුණෙහි වැඩම කරන ලද්දේද අර්හත් ධජය දරන ගෞරවනීය මහා සංඝරත්නයයි. අර්හත් ධජය නම් කසාවන් බුද්ධ චීවරයයි. මෙසේ ලක්දිව සෑම සියලු නර ශ්රේෂ්ඨයෙක්ම තම රාජ්යකරණයෙහිලා මුර දේවතාවුන් වහන්සේ සේ සලකා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවන්හි පිහිටා සඟ සසුන රැක ගැනීමට කටයුතු කළහ.

භික්ෂූන් වහන්සේ ස්වාර්ථය පමණක් සලකන්නෝ නොවෙති. ගිහි පැවිදි දෙපක්ෂයේම විමුක්තිය හා උන්නතිය සඳහාත්, ජාතියේ - සංස්කෘතියේ හා සමාජයේ විමුක්තිය සඳහාත් කටයුතු කරන පරාර්ථ චර්යාවෙන් පූර්ණ වූවෝ වෙති. පැවිදි ජීවිතයෙහි වටිනාකම මෙන්ම ගෞරවයටත්, ථෙරවාදී බුදු දහමේ චිර පැවැත්මටත් එල්ල වූ විවිධ තර්ජන - ගර්ජන හමුවේ නොසැලී තිරසර අදිටනින් ඒවා රැක ගැනීමට මුල් වූයේ මහා සංඝරත්නයයි. ජාතියක් වශයෙන් සිංහලයා විනාශ කිරීමට යත්න දැරූ සෑම අවස්ථාවකම බෞද්ධ සමාජයට පුරෝගාමීත්වය දෙමින් ක්‍රියා කළේ ඒ ඒ වකවානුවලදී වැඩවාසය කළ සුපටිපන්න - උජුපටිපන්නාදී සංඝශෝභන ගුණයන්ගෙන් ශෝභිත වූ මහා සංඝරත්නයමැයි. බාහිර විදේශ සතුරු බලවේග හා අභ්‍යන්තර බලලෝභී සතරු බලවේග හමුවේ රටත් - ජාතියත් -සම්බුදු සසුනත් රැක ගැනීමට උන්වහන්සේලා පෙරමුණට වැඩි අයුරු ඉතිහාසය තුළින් දැකිය හැකිය. සිය රටට ආදරය කරමින් දේශවාත්සල්‍යයෙන් හෙබි උජුපටිපන්න භික්ෂුවක් වන හැටි බුදු රජාණන් වහන්සේ මැනැවින් උගන්වා තිබේ. එහෙයින් උන්වහන්සේලා අවශ්‍යය අවස්ථාවන්හිදී සේනා සංවිධානය කළහ. සිංහල බෞද්ධ පාලන තන්ත්රය හා පාලක පක්ෂය රැකගත්හ. එහෙයින් ඕනෑම විජාතිකයෙකු පාලන තන්ත්රයට පිවිසෙන්නේ නම් සිංහල ජාතියත් බෞද්ධකමත් වැළඳගත යුතු වූ ආකාරය මහනුවර යුගයේ අවසාන කාලපරිච්ඡේදය තුළින් පෙනී යයි. පාලන තන්ත්රය හිමි වීමට නම් දළදාවේ භාරකාරත්වය හිමිවිය යුතු අතර රජුගේ කාර්යභාර්යය වූයේ ලෝක ශාසන දෙක ආරක්ෂා කිරීමයි... ලෝක නම් මහජනයාය. ශෘසන නම් සම්බුද්ධ ශෘසනයයි. බටහිර ජාතීන්ගේ ආක්‍රමණයට ලක්දිව නතු වීමත් සමඟ එම උදාර තත්ත්වය ගිලිහී ශාසනික මෙන්ම ජාතික,ආගමික,සමාජයීය, සංස්කෘතික වශයෙන් බලවත් පරිහානියක් සිදු විය. එපමණක් නොව, ගිහි පැවිදි සම්බන්ධතාවය බොහෝ දුරස් කෙරිණි. සිංහලයන්ගේ පොදු ආයතනය වූයේත්, ආගමික හා අධ්‍යාපනික මූලස්ථානය වූයේත් බෞද්ධ සිද්ධස්ථානයි.

රට අත්පත් කරගැනීමේ චේතනාවෙන් පමණක් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට එකඟ වූ ඉංග්‍රීසීහු පසුව එය නොසලකා හැර සම්බුද්ධ ශාසනයේ පරිහානියට කටයුතු කළහ. ඔවුහු සිංහලයන් තුළ ලාමකාකල්ප ඇති කොට විදේශිකයන්ට ගැතිව ආත්මාර්ථකාමීව ක්‍රියා කරන පිරිසක් ඇති කර ගත්හ. එවන් අවස්ථාවන්හිදී වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හනා හිමියන්, කුඩහපොළ හිමි, ධර්මාරාම හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් අනගාරික ධර්මපාල (පසුව පැවිදි වී සිරිදේවමිත්ත ධර්මපාල නම් විය) වැනි මහා යතිවරයන් වහන්සේලාගේ නායකත්වයෙන් මහා ජාතික ශාසනික පුනර්ජීවන ව්‍යාපාරයක් ඇතිකර ගත්හ. උන්වහන්සේලා නොපැකිලව කටයුතු කළ ආකාරය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ කාර්ය භාර්යය තුළින් පෙනේ. උන්වහන්සේ චීවරය උනා තබා සරමක් ඇඳගෙන තබා බයිසිකලයේ නැඟී ගාල්ල බලා යමින් පානදුරාවාදය සඳහා මිනිසුන් එකතු කළ අන්දම ඉතිහාසය දන්නවුන්ට අමතක නැත. එසේම, මුළුතැන්ගෙයි මුල්ලක තිබුණු මෝල්ගස්වල බෞද්ධකොඩි ගැටගසා පෙරහැරේ පැමිණ අවශය්‍ය අවස්ථාවේදී එම මෝල්ගස්වලින්ම මූලධර්මවාදීන්ට එළව එළවා පහර දී රටත් ජාතියත් බේරා ගත් අන්දම ඉතිහාසය තුළින් පෙනේ. මහා චතුර කථිකත්වයෙන් මිච්ඡා දිට්ඨිකයින්ගේ ඔද බිඳලූ උන්වහන්සේගේ පිටුපසින් සෙවණැල්ලක් මෙන් සිට සියලු ජවය ශක්තිය සපයනු ලැබුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේය. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය ඔසොවා අධිරාජ්‍යවාදීන්ගේ ඔද බින්ඳේ නියම සිංහල බෞද්ධ භික්ෂුවගේ උජුපටිපන්න ගුණය උධෘත කරලමිනි. මේ අපට ඓතිහාසිකත්වය තුළින් උරුම අභීත භික්ෂු උරුමයයි. ජාතික - ශාසනික උරුමයයි. උත්තරීතර මහා සංඝ බලයයි.

එහෙත්, අධිරාජ්‍යවාදී සමයේ ජාතියේ සියලු අංශයන්හි පැතිර ගිය පරිහානිය නිදහස ලැබූ පසු හෝ නිවැරදි කරතැයි අපේක්ෂා කළ නමුත්, අද වනවිට ඉංග්‍රීසීන් විසින් කළ දේටත් වඩා දේශපාලන අවශ්‍යතා පිරිමසා ගනු වස් ගිහි පැවිදි සම්බන්ධය වඩාත් දුරස් කොට හරි වැරදි හෝ හේතු සාධක පරීක්ෂා කිරීමකින් තොරව සෑම තැන්හිදීම භික්ෂූන් වහන්සේට නින්දා අපහාස බෞද්ධයන්ගේ කොඳු නාරටිය වන් භික්ෂූන් වහන්සේ අඩපණ කිරීමට හා බේදභින්න කිරීමට කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. එමඟින් සිදු වී ඇත්තේ සසුනේ චිර පැවැත්මට බලවත් හානියකි. භික්ෂූන් වහන්සේගේ ගරුත්වය විනාශ කිරීම වනාහී ජාතිය විනාශ කිරීමකි. ඒ ජාතිය හා සම්බුදු සසුන රැකුණේ උන්වහන්සේලා නිසාවෙන් වන බැවිනි..

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රජය බැඳී සිටී. නමුත් රජය විසින් භික්ෂූන් වහන්සේ හා පන්සල් සම්බන්ධයෙන්ද, බුදු දහම සම්බන්ධයෙන්ද කටයුතු කරන ආකාරයත්, අන්‍යාගමික හා ආයතනයන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයත් අතර වෙනස සලකා බැලූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වන පරිදි එය ක්‍රියාත්මක වේදැයි විමසීමට කාලය එළැඹ ඇත. ජන සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව බෞද්ධයින් 9%කින් පමණ අඩුවී තිබීමත්, පන්සල් ප්‍රමාණය අඩු වී තිබීමත්, සිංහල බෞද්ධ දරුවන්ගේ සංඛ්‍යාව අඩු වී තිබීමත් යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට, සිදු වෙමින් පවතින අනාගත අනතුර මැනැවින් වටහා ගත හැකිය. වර්තමාන සිංහලයාට පල්ලි දෙකක තර්ජනයකට මුහුණ දීමට සිදු වී ඇත. ඒ කතෝලික පල්ලිය හා මුස්ලිම් පල්ලිය යි... මේ දෙකම සිංහලයාගේ කරමත බලහත්කාරයෙන් පැටවූ ඒවාය සිංහල බෞද්ධ පදනම මත ගහට පොත්ත මෙන් පැවැති ගමයි පන්සලයි අතර සබැඳියාව බිඳී ගොස් රටේ ඒකීය භාවය හා ජාතිය දෙකඩ වූයේ මේ නිසාය. ප්රභාකරන්ගේ පිටුපස දිවුණු එකම අදෘෂ්‍යමාන සෙවණැල්ල වූයේද කතෝලික පල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැත. යථාර්ථය දැන කටයුතු කරන්නේ නම් මැනැවි. අපේ කම අපේ දේ නිවැරදිව හඳුනා ගැනීමට සබුද්ධික මනසක් තිබිය යුතුය. තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලය උදාහරණයකට ගෙන බලන්න. සිංහල බෞද්ධයෝ ඕතඩොක්ස් බෞද්ධයෝ ලෙස හංවඩු ගැසෙයි. සිංහල කතෝලිකයෝ කළු සිංහලයෝ ලෙස හංවඩු ගැසෙයි. දෙපාර්ශවයම එකතු වී යුද්ධ කොට මුසල්මානුවා පරාජය කළා යැයි කියමු. එහෙත්, ඉදිරියටත් පලිලියෙන් හා සිංහල කතෝලිකයාගෙන් සිංහල බෞද්ධයාට විඳින්නට සිදු වන දෑ බොහෝය. සිංහල බෞද්ධයෝ ස්වකීය දේශීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කරන්නට තතනද්දී සිංහල කතෝලිකයෝ ඊට එරෙහි වෙති. මේ දෙපාර්ශවය අතර ඝට්ඨනය සුදු අධිරාජ්‍යවාදය හා පාප් සංස්ථාව විසින් මැනැවින් බලාපොරොත්තු වූවකි. අනගාරික ධර්මපාලතුමා සිංහල කතෝලිකයන්ට මරු පහරක් වූයේ ඇයි ? දොන් ඩේවිඩ් හේවාවිතාරණලා වෙනුවට අනගාරික ධර්මපාලලා බිහි වූයේ ඇයි? අත්‍ය ආතතිය හා මන්ද මානසිකත්වය නිසාද....? නැගහොත් රටේ නියම උරුමය ගරු කල නිසාද....? මේ වන විට යුරෝපය මුස්ලිම්කරණය වෙද්දී ලංකාව වැනි සිංහල බෞද්ධ රටක හෝ ක්‍රිස්තියානිය පවත්වා ගැනීම ඔවුනගේ අභිලාශය වෙයි. එහෙයින් මුසල්මානුවාට විරුද්ධව සිංහල කතෝලික පදනම ආරක්ෂා කිරීම වූ කලී ඇස්සට දත නියවීමකි. මේ රටේ තමන්ගේ අදීන ඓතිහාසික උරුමය කුමක්දැයි තෝරා බේරා ගෙන සිංහල බෞද්ධකම වැළඳ ගැනීමට සැබෑ ස්වදේශිකයෝ ක්‍රියා කරති. කලකදි වහ කලකදි රස වෙනවා ලු. එහෙත් රස වුවත් වහ වහමය. එහි සැකයක් නැත්තේමය. ආරක්ෂා කළ යුත්තේ සිංහල බෞද්ධ පදනමය. උඩිනුත් ගින්දර - යටිනුත් ගින්දර - මැද්දේ සවුන්දර කිව්වාලු. සිංහල බෞද්ධයාට පල්ලි දෙකක අන්තරාය විඳින්නට සිදු වී ඇත්තේ මෙසේය. කෙසේ වෙතත් මේ උගුල්වලින් මිදිය යුතු කාලය එළැඹ ඇත. නියම සහජීවනය ආරක්ෂා වන්නේ සිංහල බෞද්ධ පදනම යටතේය. අපගේ හිසට ඉහළින් ඕනෑම කපුටෙකුට නිදහසේජ පියාසර කළ හැකිය. එහෙත්, අපගේ හිස මත කූඩු තැනිය නොහැකිය. කූඩු තනන්නට ඉඩ දුන් කළ ජාතික සමඟිය බිඳ වැටී, පාලන තන්ත්රය අස්ථාවර වී, අභ්‍යන්තර කුමන්ත්‍රණ හා කැරලි ඇති වී, විදේශ බලවේගයට නතු වෙමින් සහජීවනය නැති වී යනු ඇත. ලෝකයේ එකම සිංහල බෞද්ධ නිජ භූමිය මේ ලංකා දීපයයි. සිංහල දේශයයි. මේ සිංහල අපගෙ රටයි. බෞද්ධකම ආරක්ෂා කරනුයේ සිංහලයා මිස විජාතික ආක්රමණිකයා හෝ සංක්‍රමණිකයා නොවේ. උත්තරීතර මහා සංඝ බලය යළිත් පෙරමුණට පැමිණ ඇත. ඒ ශාසනය නම් වූ අපේ වත්ත සුද්ද කරමින් ශාසනික කඳ පණුවන්ගෙන් ශාසනය මුදවා ගැනීමටය. එසේම, ශාසනයට කුණු හෝදා ගෙන බාහිර කාණු ටික සුද්ද කර යළි විවෘත කළ නොහැකි සේ වසා දැමීමටය. මුළු රටම ආගාධයට ඇද වැටෙන මොහොතක යළිත් රටත් ජාතියත් ගොඩ නැඟීමටය. එවන් මොහොතක මූලධර්මවාදීහු, නපුංසක විජාතික සංක්‍රමණික හා ආක්රමණික කණ්ඩායම් බෞද්ධ බලවේගය විකෘති කොට පාවා දෙති. විවිධ මාධ්‍ය ඔස්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේ අන්තවාදීන් ත්රස්තවාදීන් ලෙස හුවා දක්වති. මේ අන්තවාදී හිපියන් සිංහල බෞද්ධ භික්ෂුවගේ උජුපටිපන්න ගුණය, උත්තරීතර මහා සංඝ බලය අංශුමාත්‍රයකින් හෝ හඳුනන්නේ නැත. රටත් ජාතියත් පළමුව රැකිය යුතුය. එවිටය සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ. සිංහල බෞද්ධයා හැර මෙකී වගකීම මැනැවින් බාරගෙන දිවිහිමියෙන් ඉටු කිරීමට කිසිවෙකුත් නැත. එහෙයින් සෙකියුලර් ජානවලින් උපන් මූලධර්මවාදී අන්තවාදීන්ට අපි පිළිතුරු දෙමු. අතීතය අදර්ශයට ගෙන වර්තමානය තුළින් අනාගතය ගොඩ නගමු. අතීතාවර්ජනය ඒ වෙනුවෙනි.

[QUOTE="ela, post: 13213274, member: 1428"] [INDENT][SIZE="3"][COLOR="DarkGreen"]මෙතෙක් කල් ෆේස්බුක් වෙබ් අඩවියේ පමණක් පල කරනලද ලිපි, එළකිරි වෙබ් අඩවියේද පල කිරීමට මා විසින් අදහස් කළා. දැනට එළකිරි වෙබ් අඩවිය තුල සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ලිපි පල කිරීම පමණයි. මෙහිදී ඔබට අන්තර්ගතය පිළිබද අදහස් දැක්විය හැකියි. නමුත් ඔබට මේවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමහා සම්බන්ධවිය හැකිය. [CODE]http://www.facebook.com/dilanpanchana.jayasinghe[/CODE] (c) පංචන ජයසිංහ.[/COLOR][/SIZE][/INDENT] [COLOR="Silver"]--------------------[/COLOR] [CENTER][IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/426655_330344980389556_1201246759_n.jpg[/IMG][/CENTER] [INDENT][INDENT][SIZE="3"][COLOR="DarkGreen"]අතීතාවර්ජනය... [SIZE="2"]පංචන ජයසිංහ[/SIZE] “භවිස්සනති භික්ඛවෙ භික්ඛු අනාගතමද්ධානං අභාවිත කායා අභාවිත සීලා අභාවිත චිත්තා අභාවිත පඤ්ඤා. තෙ අභාවිත කායා... අඤ්ඤේ උපසම්පාදෙස්සන්ති. තේ න සක්ඛිස්සන්ති විනේතුං අධිසීලේ අධිචිත්තේ අධිපඤ්ඤාය. තෙපි...” මහණෙනි; අනාගත කාලයේදී කය නොවැඩූ, ශීලය නොවැඩූ, සිත හා ප්‍රඥාව නොවැඩූ භික්ෂූහු වෙති... ඔවුහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔවුහු අධිශීලයෙහි... අධිප්‍රඥාවෙහි හික්මවිය නොහැකි වෙති. “...ඉති ඛො භික්ඛවෙ ධම්ම සංදේසා විනය සන්දේසා ධම්ම සංදේසෝ විනය සංදේසා ධම්ම සංදේසෝ ඉදං භික්ඛවේ පඨමං අනාගත භයං...” මහණෙනි; මෙසේ ධර්ම පරිහානියෙන් විනය පරිහානියත්, විනය පරිහානියෙන් ධර්ම පරිහානියත් වෙයි. මෙය ප්‍රථම අනාගත භයයි. (අංගුත්තර නිකාය:පංචක නිපාත-5.2.3.9.තතිය අනාගත භය සුත්ත) තථාගතයන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ විමුක්තිය උදෙසා පන්සාලිස් වසක් පුරා දෙසූ ධර්ම - විනය දෙක අනාගතයේදී තමාගේම ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස විසින් ලිහිල්ව ගෙන විනාශ කරන අයුරු ඉහත කී පරිදි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අනාගත භය වග්ගයේ සූත්‍ර හතරකින්ම අනාගත භය සූත්‍ර නමින් දේශනා කළ සේක. එහෙයින් එය ඔබ විසින් දත යුතුය. දැනද එය ප්‍රහාණ කරනු පිණිස ව්‍යායාම කටයුතුය. (තං වො පටිබුජඣිතබබං පටිබුජඣිත්වා ච තසස පහානාය වායමිතබබං) මෙම පාඨයද බුද්ධ භාෂිතයකි. ලොව කොතැන්හි හෝ වසන සිත නමැති ඉන්ද්‍රය ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට ඔබින මනුෂ්‍ය දහමක් වන මෙය බුදු දහම බුද්ධ භාෂිතයෙන්ම ආරක්ෂා කර ගැනීමේ පතළ කීර්තියක් හිමිවන්නේ ථෙරවාදී බෞද්ධ රටවල් අතරින් මේ කුඩා රටටය. මේ කුඩා අභීතවත් සිංහල ජාතියටය. එසේ රැකගත් මෙම ධර්ම - විනය දෙක තථාගතයන් වහන්සේ දුටු පරිදිම විකෘති කරලීමේ මහා පාපයට වත්මනෙහි අපි කොටස්කරුවෝ වෙමුද...? පස්වෙනි අග්බෝ (බු.ව.1248-54), පළමුවැනි මිහිඳු(බු.ව.1262-65) දෙවැනි සේන වැනි රජවරුන් තථාගත ශාසනයට විලෝපනයන් සිදුවන අවස්ථාවන්හිදී ක්‍රියාකර ඇති ආකාරය මහාවංශය, දීපවංශය සාක්ෂි දරනු ඇත. දෙවැනි සේන රජු ථෙරවාදී බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමෙහිලා දැඩි ඕනෑකමකින් කටයුතු කළේ නැව් තොටක් පාසා දර්ශනවාදීන්ගේ මත පරීක්ෂා ධර්මධරයන් - විනයධරයන් යොදවමිනි. එපමණක් ඈත නොව, 20 වැනි ශතකයේ අග දසකයේ මුල් භාගයේදී (1992) අප රටට ජපානයෙන් ප්‍රසිද්ධියේම සිංහල භික්ෂුවක් මහායාන භික්ෂුවක් ලෙස මෙරටට ගොඩබැසීමට ගත් වෑයමක් රාජ්‍ය නායකයා මැදිහත්ව ගුවන් තොටුපළෙන්ම ආපසු හරවා යැවූ බව ප්‍රසිද්ධ සත්‍යයකි. තවද එම ශතකයේම අග දසකයේ අග භාගයේදී(1997) ථෙරවාදී භික්ෂුණී උපසම්පදාව ලොවෙන් අතුරුදන්ව තිබියදී තවත් බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමෙන්ම පමණක් ආරම්භ කළ හැකි භික්ෂුණී ශාසනය අවිශාරද, අවියත් පිරිසක් මූලිකව ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී ශාසන භාරධාරී මහසඟරුවන ධර්ම - විනය පෙන්වාලමින් කළ අනුශාසනා රජය භාරගත් අතර ඒ අනුව මේ තාක් විනය විරෝධීව පිහිටුවා ඇති භික්ෂුණී ශාසනයට නීත්‍යනුකූල රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නැත. එහෙත්, එම මෙහෙණින් වහන්සේලා තමන් වහන්සේලා ධර්මධරව, විනයධරව වත්මන් ලාංකික කාන්තාවන්ගේ විමුක්ති දායිකාවන් ලෙස කටයුතු කරනුයේ සඟමිත් තෙරණිය, අනුලා තෙරණිය පෙර දවස ක්‍රියා කළාක් මෙනි. ජාතික ශාසනික උන්නතිය හා එහි ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කරනු ලබන කැපකිරීමට කිසිවෙකුගේ අකුල් හෙලීමක් නැත්තේමය. ගෞතම බුදු සස්න තුළ නිර්වාණාවබෝධයට කාන්තා පක්ෂයට උපරිම අවකාශ ඇත්තේය. කරුණු කාරණා මෙසේ පවතිද්දී මෙම කාල පරිච්ඡේදයේදී තථාගතයන් වහන්සේගේ ධර්මය අධර්මය ලෙසත්, විනය අවිනය ලෙසත් හුවා දක්වමින් අව්‍යක්ත, අවිශාරද භික්ෂූන් වහන්සේලා පිරිසකුත්, මාර්ග ඵල ලාභී යැයි කියාගන්නා අමනෝඥ පිරිසකුත්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් භාවිත කරමින් විශාල ශාසන විනාශයක් කරගෙන යති. සර්වඥතා ඥානයෙන් වදාළ ස්වාක්ඛාත ධර්මය (මුල - මැද - අග යහපත්ව දෙසූ - එකකුදු එකතු කළ නොහැකි - වැඩි යැයි කියා එකකුදු අඩුකළ නොහැකි - අර්ථ/ධර්ම/නිරුක්ති/පටිභාන වෙනස් කළ නොහැකි) ඒ ඒ අයට තේරෙන ආකාරයෙන් කියා හෝ ලියවා ත්‍රිපිටක පරිවර්තන ලෙසින් කරන හානිය අතිශයින් භයානනකය. මේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළ අනාගත භය ඉදිරිපත් වීමකි. ශාසනික වාතාවරණය මෙසේ වෙද්දී ජාතික හා සමාජයීය වශයෙන්ද අනාගතයේදී ඇතිවන පරිහානිය සම්බන්ධයෙන් කොසොල් රජු දුටු සිහින දහසය තුළින් බුදු රජාණන් වහන්සේ අවධාරණය කොට ඇත්තේය. · 1 වැනි සිහිනය: කොසොල් රජු - "කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා" බුදුන් වහන්සේ - අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි. · 2 වැනි සිහිනය: කොසොල් රජු - "රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන" බුදුන් වහන්සේ - අනාගතයේ පංච දුශ්චරිතයේ නිරත වෙමින් මිනිසුන් කටයුතු කරයි. පුංචි දරුවන් වැඩිහිටියන් සේ වැඩ කටයුතු කරයි. කුඩා වයසේදීම ගැහැනුන් රාගයෙන් පිනා ගොස් ආවාහ විවාහ වෙති. · 3 වැනි සිහිනය: .කොසොල් රජු - "එදින ඉපදුණු වහුපැටියාගෙන් මව් එළදෙන කිරි බොනවා දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ පහළ වන දූ දරුවෝ මව් පියන්ට අකීකරු වෙති. ලැජ්ජා බිය නොමැතිව කටයුතු කරයි. වැඩිහිටියන්ට ගරු නොකරන නොසලකන සමාජයක් අනාගතයේ බිහිවෙයි. ඒ වාගේම දෙමාපියන්ට තම දරුවන් ළග දාසයන් මෙන් සේවය කොට ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම දෙමාපියන්ට සලකන්නේ වත් නැහැ · . 4 වැනි සිහිනය කොසොල් රජු - "මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා" බුදුන් වහන්සේ - අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්රයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්රයට එක්වීම නිසා රටේ පාලන තන්ත්රය අවුල් වෙයි. · 5 වැනි සිහිනය කොසොල් රජු - "පසු පසින් දිග බෙල්ලක් ඇති, ඔළු දෙකක් ඇති අශ්වයෙකු දුටුවෙමි. එම අශ්වයා දෙපසින්ම ආහාර අනුභව කරයි" බුදුන් වහන්සේ - අනාගතයේ ලෝකය පාපයටම බරවෙයි. අනාගතයේ මිනිසුන් ලැජ්ජා බියකින් තොරව අල්ලස් හා දූෂණයට පෙළබෙති. මෙය පාලන තන්ත්රය තුලද ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද සිදුවෙයි. · 6 වැනි සිහිනය කොසොල් රජු - "මහලු ජරාපත් හිවලෙකු ඉතා වටිනා රන් තලියකට මූත්‍රා කරයි. මිනිසුන් ඒ දෙස කිසිවක් නොකර බලා සිටියි" බුදුන් වහන්සේ - සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිසුන් අනාගතයේ දී සම්පත් වලින් පිරිහී යනවා. මෙසේ පරම්පරාවෙන් උරුම වූ වස්තුව අහිමි මිනිසුන් තමන්ගේ දූ දරුවන් සුරා සූදුවට ලොල් වූ අයතා ලෙස ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා. · 7 වැනි සිහිනය කොසොල් රජු - "දුප්පත් මිනිසෙකු අසුනකට වී සම් පටක වලින් ලණුවක් අඹරමින් එම ලණුව පහත හෙලයි. එම අසුන යට සිටින හිවල් ධේනුවක් ඒ මිනිසා විසින් අඹරන ලණුව කා දමයි. නමුත් ඒ මිනිසා ඒ බව නොදනි" බුදුන් වහන්සේ - අනාගතයේ මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය බහුල වෙනවා. අනාගතයේ ස්ත්‍රීන් තම සැමියා දහඩිය මහන්සියෙන් උපයන ධනය සොර සැමියන්ට දෙනවා. එම ස්ත්‍රීන් සාර ධර්ම හා සදාචාරය නොතකා තම සිරුර පිනවීමට ම පමනක් සිතයි. තවද බොහෝ කාන්තාවෝ තම සැමියා උපයන ධනය අර පිරිමැස්මෙන් තොරව විනාශ කරයි. · 8 වැනි සිහිනය කොසොල් රජු - "මාළිගාවේ මිදුල පුරා කළ ගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එන ස්ත්‍රී, පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කළයකට වතුර පුරවනවා. හිස් කළ එසේම තිබෙනවා" බුදුන් වහන්සේ - අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නොකිරීම නිසා ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙයි. එවිට රජය ජනතාව වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් ධනවත් වෙනවා. දුප්පතුන් තව තවත් පීඩනයට පත්කෙරෙනවා. · 9 වැනි සිහිනය කොසොල් රජු - "පස් පියුමෙන් පිරි පොකුණක වටේ හිද වන සතුන් ජලය පානය කරති. ස්නානය කරති. එහෙත් පොකුණ මැද ජලය පමණක් අපිරිසිදු වෙයි" බුදුන් වහන්සේ - අනාගත රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ට වීම නිසා බදු බරින් ජනතාව පීඩාවට පත්කරති. · 10 වන සිහිනය කොසොල් රජු - "ලිපක් මත මහ බත් සැළියක් දුටුවා. ඒ සැළියේ පැත්තක නො පිසුන සහල් ද, තවත් පැත්තක බෙරි වූ බත් ද, තවත් කොටසක නිසි සේ ඉදුණු සහල් ද තිබෙන අයුරු මම දුටුවා" බුදුන් වහන්සේ - අනාගත පාලකයින් අධාර්මික වීම නිසා රට තුල නිසි කලට වැසි නොලැබේ. වැස්ස ලැබුනත් එම වැස්ස වහින්නේ සෘතුවලට අනුව නො වෙයි. කඩින් කඩ තැනින් තැන වහිනවා. තවත් පැත්තක හොදටම පායනවා. තවත් පැත්තක වහ වැසි ඇද හැලෙනවා. එහෙම වුණහම ඔවුන්ගේ අස්වැන්න සමහර තැනක බොල් වෙනවා. සමහර තැනක නියගයට හසුවෙනවා. සමහර පෙදෙසක හොද අස්වැන්නක් ලැබෙනවා. · 11 වන සිහිනය කොසොල් රජු - "ඉතා වටිනා අනර්ඝ සදුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ පුද පූජා සත්කාර වලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්‍රති රූපකයක් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සදහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා. · 12 වන සිහිනය කොසොල් රජු - "ඉතා සැහැල්ලු ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි ගිලෙන අයුරු මම දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නො දී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙයි. ඒ හේතුව නිසා රාජ සභාව හිස් කථාවලින් පිරී යනවා. තවද විහාර ආරාම පූජනීය ස්ථාන වලද හිස් දේවල් ම රජ වෙනවා. මිනිස් සිත් තුල හිස් දේවල්ම රජ වෙනවා. · 13 වන සිහිනය කොසොල් රජු - "මහා විශාල කළු ගල් ජලය මතුපිට පාවෙනවා දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ පාලකයෝත් ප්රජාවත් උගතුන්ගේත්, බුද්ධිමතුන්ගේත්, වියත් සිල්වත් හිමිවරුන්ගේත් උසස් කථා අගය කොට සලකන්නේ නැහැ. ඔවුන් විසින් උගත් බුද්ධිමතුන් නොසලකා හරිනවා. රාජ්‍ය සභාවේත්, රටේ හැම තැනකමත් යහපත් අයගේ අදහස් නොසලකා හරිනවා. · 14 වැනි සිහිනය කොසොල් රජු - "ඉතා කුඩා මැඩියන් විශාල කළු නාගයන් පස්සේ පන්නමින් අල්ලා ගෙන අඹුල දඩු වගේ මුරු මුරු ශබ්දයෙන් කනවා දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ මිනිසුන් වඩ වඩාත් රාගාධික වෙනවා. වයසට ගිය පුරුෂයන් අඩු වයසේ ස්ත්රීන්ට හසුවනවා. ඒ ස්ත්‍රීහුත් දේපල වලට ධනයට ආසාවෙන් වියපත් පුරුෂයින් සමග විවාහ වෙනවා. සියලු සම්පත් එම ස්ත්‍රීන් විසින් පවරා ගෙන වියපත් ස්වාමි පුරුෂයන්ට නිග්‍රහ කරමින් ඔවුන් තමන්ගේ වසගයට ගන්නවා. · 15 වන සිහිනය කොසොල් රජු - "කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනීමරුවන්, සොරුන් වැනි හීන මිනිසුන්ට පාලකයින් විසින් සම්භාවනීයත්වය දෙන නිසා ඒ අය ඉහළින් වැජඹෙනවා. ඒනිසා උගතුන්ට, බුද්ධිමතුන්ට ඹවුන්ගේ යටතේ සිටීමට සිදු වෙනවා. · 16 වන සිහිනය කොසොල් රජු - "එළුවන් විසින් රුදුරු ව්‍යාඝ්‍රයන් පසු පස එලවා ගොස් උන්ව ගොදුරු කර ගන්නා ආකාරය දුටුවා" බුදුන් වහන්සේ - අනාගතයේ දී පහත් ගති ඇති අයට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා මිනිසුන්ට පාරම්පරිකව අයිති ඉඩම් කඩම් ඔවුහු විසින් කොල්ල කනවා. මිනිසුන් අධිකරණයේ පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මේ දාමරිකයන්ගෙන් තාඩන පීඩන විදීමට සිදු වෙනවා. අත පය කපා ගැනීමට ද සිදු වෙනවා. ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා ඔවුහු තම ඉඩම් කඩම් වල ආසාව අත් හැර ඒවා දාමරිකයන්ටම දෙනවා. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද අධාර්මික දුස්සීලයනට බලයත් ඉහල තනතුරුත් දැරීමට ඉඩ දී නිහඩව සිටිති. මේ වාතාවරණය අද ඉස්මතු වී ඇතිවා නොවේද...? එහෙයින් අභ්‍යන්තරික හා බාහිර බලවේග හමුවේ ජාතික ශාසනික පරිහානිය බුදු මුවින් වදාළ පරිදිම ඇස් පනා පිට සිද්ධ වෙමින් පවතිද්දී ඒ පිළිබඳව මනා අවදියෙන් සිට එයින් වැළකිය හැකි මඟ කුමක්දැයි තෝරා බේරා ගත යුතුය. ජාතියක් වශයෙන් අද අපි එකී ව්‍යසනයන්ට මුහුණ දී සිටිමු. ඉන් වඩාත් භයංකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වී ඇත්තේ බෞද්ධ ප්‍රජාවටය. ඊට ඍජු ලෙසම අපි සියල්ලෝම වගකිව යුත්තෝ වෙමු. සම්මා සම්බුද්ධ ශාසනයටත්, රටටත්, ජාතියටත් විවිධ ව්‍යසනයන් පැමිණ රටත්, දැයත්, සමයත් ගරා වැටී පිරිහුණු අවස්ථාවලදී එම දුෂ්කර තත්ත්වයන්ගෙන් ගලවා යළිත් බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් බැබළවීමට ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පහළ වූහ. අනාගත භය පළමුව ඔබ හමුවේ තබමින් අපගේ අභිප්‍රාය වූයේ එකී අතීතය කරා ඔබවත් රැගෙන යාමටය. අතීතයත්, වර්තමානයත්, අනාගතයත් අතර අනුත්සාහිකව සැරිසැරීමය. අතීතාවර්ජනය ඊට කදිම නිදසුනක් වනු ඇත. ධීරවීර දුටුගැමුණු රජතුමන්ගේ ජාතික ආගමික සේවය රන් අකුරින් ලියැවුණේ මහා සංඝරත්නයට පිං සිදු වන්නට ය. "මාගේ මේ ව්‍යායාමය කිසි විටෙකත් රජ සැප පිණිස නොව ශාසනයේ චිරස්ථිතිය සඳහා ය." යන ශ්‍රේෂ්ඨ අරමුණේ පිහිටා කටයුතු කළ එතුමන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය ඇති කළහ. එතුමන් සමඟ යුධ පෙරමුණෙහි වැඩම කරන ලද්දේද අර්හත් ධජය දරන ගෞරවනීය මහා සංඝරත්නයයි. අර්හත් ධජය නම් කසාවන් බුද්ධ චීවරයයි. මෙසේ ලක්දිව සෑම සියලු නර ශ්රේෂ්ඨයෙක්ම තම රාජ්යකරණයෙහිලා මුර දේවතාවුන් වහන්සේ සේ සලකා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවන්හි පිහිටා සඟ සසුන රැක ගැනීමට කටයුතු කළහ. භික්ෂූන් වහන්සේ ස්වාර්ථය පමණක් සලකන්නෝ නොවෙති. ගිහි පැවිදි දෙපක්ෂයේම විමුක්තිය හා උන්නතිය සඳහාත්, ජාතියේ - සංස්කෘතියේ හා සමාජයේ විමුක්තිය සඳහාත් කටයුතු කරන පරාර්ථ චර්යාවෙන් පූර්ණ වූවෝ වෙති. පැවිදි ජීවිතයෙහි වටිනාකම මෙන්ම ගෞරවයටත්, ථෙරවාදී බුදු දහමේ චිර පැවැත්මටත් එල්ල වූ විවිධ තර්ජන - ගර්ජන හමුවේ නොසැලී තිරසර අදිටනින් ඒවා රැක ගැනීමට මුල් වූයේ මහා සංඝරත්නයයි. ජාතියක් වශයෙන් සිංහලයා විනාශ කිරීමට යත්න දැරූ සෑම අවස්ථාවකම බෞද්ධ සමාජයට පුරෝගාමීත්වය දෙමින් ක්‍රියා කළේ ඒ ඒ වකවානුවලදී වැඩවාසය කළ සුපටිපන්න - උජුපටිපන්නාදී සංඝශෝභන ගුණයන්ගෙන් ශෝභිත වූ මහා සංඝරත්නයමැයි. බාහිර විදේශ සතුරු බලවේග හා අභ්‍යන්තර බලලෝභී සතරු බලවේග හමුවේ රටත් - ජාතියත් -සම්බුදු සසුනත් රැක ගැනීමට උන්වහන්සේලා පෙරමුණට වැඩි අයුරු ඉතිහාසය තුළින් දැකිය හැකිය. සිය රටට ආදරය කරමින් දේශවාත්සල්‍යයෙන් හෙබි උජුපටිපන්න භික්ෂුවක් වන හැටි බුදු රජාණන් වහන්සේ මැනැවින් උගන්වා තිබේ. එහෙයින් උන්වහන්සේලා අවශ්‍යය අවස්ථාවන්හිදී සේනා සංවිධානය කළහ. සිංහල බෞද්ධ පාලන තන්ත්රය හා පාලක පක්ෂය රැකගත්හ. එහෙයින් ඕනෑම විජාතිකයෙකු පාලන තන්ත්රයට පිවිසෙන්නේ නම් සිංහල ජාතියත් බෞද්ධකමත් වැළඳගත යුතු වූ ආකාරය මහනුවර යුගයේ අවසාන කාලපරිච්ඡේදය තුළින් පෙනී යයි. පාලන තන්ත්රය හිමි වීමට නම් දළදාවේ භාරකාරත්වය හිමිවිය යුතු අතර රජුගේ කාර්යභාර්යය වූයේ ලෝක ශාසන දෙක ආරක්ෂා කිරීමයි... ලෝක නම් මහජනයාය. ශෘසන නම් සම්බුද්ධ ශෘසනයයි. බටහිර ජාතීන්ගේ ආක්‍රමණයට ලක්දිව නතු වීමත් සමඟ එම උදාර තත්ත්වය ගිලිහී ශාසනික මෙන්ම ජාතික,ආගමික,සමාජයීය, සංස්කෘතික වශයෙන් බලවත් පරිහානියක් සිදු විය. එපමණක් නොව, ගිහි පැවිදි සම්බන්ධතාවය බොහෝ දුරස් කෙරිණි. සිංහලයන්ගේ පොදු ආයතනය වූයේත්, ආගමික හා අධ්‍යාපනික මූලස්ථානය වූයේත් බෞද්ධ සිද්ධස්ථානයි. රට අත්පත් කරගැනීමේ චේතනාවෙන් පමණක් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට එකඟ වූ ඉංග්‍රීසීහු පසුව එය නොසලකා හැර සම්බුද්ධ ශාසනයේ පරිහානියට කටයුතු කළහ. ඔවුහු සිංහලයන් තුළ ලාමකාකල්ප ඇති කොට විදේශිකයන්ට ගැතිව ආත්මාර්ථකාමීව ක්‍රියා කරන පිරිසක් ඇති කර ගත්හ. එවන් අවස්ථාවන්හිදී වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හනා හිමියන්, කුඩහපොළ හිමි, ධර්මාරාම හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් අනගාරික ධර්මපාල (පසුව පැවිදි වී සිරිදේවමිත්ත ධර්මපාල නම් විය) වැනි මහා යතිවරයන් වහන්සේලාගේ නායකත්වයෙන් මහා ජාතික ශාසනික පුනර්ජීවන ව්‍යාපාරයක් ඇතිකර ගත්හ. උන්වහන්සේලා නොපැකිලව කටයුතු කළ ආකාරය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ කාර්ය භාර්යය තුළින් පෙනේ. උන්වහන්සේ චීවරය උනා තබා සරමක් ඇඳගෙන තබා බයිසිකලයේ නැඟී ගාල්ල බලා යමින් පානදුරාවාදය සඳහා මිනිසුන් එකතු කළ අන්දම ඉතිහාසය දන්නවුන්ට අමතක නැත. එසේම, මුළුතැන්ගෙයි මුල්ලක තිබුණු මෝල්ගස්වල බෞද්ධකොඩි ගැටගසා පෙරහැරේ පැමිණ අවශය්‍ය අවස්ථාවේදී එම මෝල්ගස්වලින්ම මූලධර්මවාදීන්ට එළව එළවා පහර දී රටත් ජාතියත් බේරා ගත් අන්දම ඉතිහාසය තුළින් පෙනේ. මහා චතුර කථිකත්වයෙන් මිච්ඡා දිට්ඨිකයින්ගේ ඔද බිඳලූ උන්වහන්සේගේ පිටුපසින් සෙවණැල්ලක් මෙන් සිට සියලු ජවය ශක්තිය සපයනු ලැබුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේය. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය ඔසොවා අධිරාජ්‍යවාදීන්ගේ ඔද බින්ඳේ නියම සිංහල බෞද්ධ භික්ෂුවගේ උජුපටිපන්න ගුණය උධෘත කරලමිනි. මේ අපට ඓතිහාසිකත්වය තුළින් උරුම අභීත භික්ෂු උරුමයයි. ජාතික - ශාසනික උරුමයයි. උත්තරීතර මහා සංඝ බලයයි. එහෙත්, අධිරාජ්‍යවාදී සමයේ ජාතියේ සියලු අංශයන්හි පැතිර ගිය පරිහානිය නිදහස ලැබූ පසු හෝ නිවැරදි කරතැයි අපේක්ෂා කළ නමුත්, අද වනවිට ඉංග්‍රීසීන් විසින් කළ දේටත් වඩා දේශපාලන අවශ්‍යතා පිරිමසා ගනු වස් ගිහි පැවිදි සම්බන්ධය වඩාත් දුරස් කොට හරි වැරදි හෝ හේතු සාධක පරීක්ෂා කිරීමකින් තොරව සෑම තැන්හිදීම භික්ෂූන් වහන්සේට නින්දා අපහාස බෞද්ධයන්ගේ කොඳු නාරටිය වන් භික්ෂූන් වහන්සේ අඩපණ කිරීමට හා බේදභින්න කිරීමට කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. එමඟින් සිදු වී ඇත්තේ සසුනේ චිර පැවැත්මට බලවත් හානියකි. භික්ෂූන් වහන්සේගේ ගරුත්වය විනාශ කිරීම වනාහී ජාතිය විනාශ කිරීමකි. ඒ ජාතිය හා සම්බුදු සසුන රැකුණේ උන්වහන්සේලා නිසාවෙන් වන බැවිනි.. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රජය බැඳී සිටී. නමුත් රජය විසින් භික්ෂූන් වහන්සේ හා පන්සල් සම්බන්ධයෙන්ද, බුදු දහම සම්බන්ධයෙන්ද කටයුතු කරන ආකාරයත්, අන්‍යාගමික හා ආයතනයන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයත් අතර වෙනස සලකා බැලූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වන පරිදි එය ක්‍රියාත්මක වේදැයි විමසීමට කාලය එළැඹ ඇත. ජන සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව බෞද්ධයින් 9%කින් පමණ අඩුවී තිබීමත්, පන්සල් ප්‍රමාණය අඩු වී තිබීමත්, සිංහල බෞද්ධ දරුවන්ගේ සංඛ්‍යාව අඩු වී තිබීමත් යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට, සිදු වෙමින් පවතින අනාගත අනතුර මැනැවින් වටහා ගත හැකිය. වර්තමාන සිංහලයාට පල්ලි දෙකක තර්ජනයකට මුහුණ දීමට සිදු වී ඇත. ඒ කතෝලික පල්ලිය හා මුස්ලිම් පල්ලිය යි... මේ දෙකම සිංහලයාගේ කරමත බලහත්කාරයෙන් පැටවූ ඒවාය සිංහල බෞද්ධ පදනම මත ගහට පොත්ත මෙන් පැවැති ගමයි පන්සලයි අතර සබැඳියාව බිඳී ගොස් රටේ ඒකීය භාවය හා ජාතිය දෙකඩ වූයේ මේ නිසාය. ප්රභාකරන්ගේ පිටුපස දිවුණු එකම අදෘෂ්‍යමාන සෙවණැල්ල වූයේද කතෝලික පල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැත. යථාර්ථය දැන කටයුතු කරන්නේ නම් මැනැවි. අපේ කම අපේ දේ නිවැරදිව හඳුනා ගැනීමට සබුද්ධික මනසක් තිබිය යුතුය. තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලය උදාහරණයකට ගෙන බලන්න. සිංහල බෞද්ධයෝ ඕතඩොක්ස් බෞද්ධයෝ ලෙස හංවඩු ගැසෙයි. සිංහල කතෝලිකයෝ කළු සිංහලයෝ ලෙස හංවඩු ගැසෙයි. දෙපාර්ශවයම එකතු වී යුද්ධ කොට මුසල්මානුවා පරාජය කළා යැයි කියමු. එහෙත්, ඉදිරියටත් පලිලියෙන් හා සිංහල කතෝලිකයාගෙන් සිංහල බෞද්ධයාට විඳින්නට සිදු වන දෑ බොහෝය. සිංහල බෞද්ධයෝ ස්වකීය දේශීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කරන්නට තතනද්දී සිංහල කතෝලිකයෝ ඊට එරෙහි වෙති. මේ දෙපාර්ශවය අතර ඝට්ඨනය සුදු අධිරාජ්‍යවාදය හා පාප් සංස්ථාව විසින් මැනැවින් බලාපොරොත්තු වූවකි. අනගාරික ධර්මපාලතුමා සිංහල කතෝලිකයන්ට මරු පහරක් වූයේ ඇයි ? දොන් ඩේවිඩ් හේවාවිතාරණලා වෙනුවට අනගාරික ධර්මපාලලා බිහි වූයේ ඇයි? අත්‍ය ආතතිය හා මන්ද මානසිකත්වය නිසාද....? නැගහොත් රටේ නියම උරුමය ගරු කල නිසාද....? මේ වන විට යුරෝපය මුස්ලිම්කරණය වෙද්දී ලංකාව වැනි සිංහල බෞද්ධ රටක හෝ ක්‍රිස්තියානිය පවත්වා ගැනීම ඔවුනගේ අභිලාශය වෙයි. එහෙයින් මුසල්මානුවාට විරුද්ධව සිංහල කතෝලික පදනම ආරක්ෂා කිරීම වූ කලී ඇස්සට දත නියවීමකි. මේ රටේ තමන්ගේ අදීන ඓතිහාසික උරුමය කුමක්දැයි තෝරා බේරා ගෙන සිංහල බෞද්ධකම වැළඳ ගැනීමට සැබෑ ස්වදේශිකයෝ ක්‍රියා කරති. කලකදි වහ කලකදි රස වෙනවා ලු. එහෙත් රස වුවත් වහ වහමය. එහි සැකයක් නැත්තේමය. ආරක්ෂා කළ යුත්තේ සිංහල බෞද්ධ පදනමය. උඩිනුත් ගින්දර - යටිනුත් ගින්දර - මැද්දේ සවුන්දර කිව්වාලු. සිංහල බෞද්ධයාට පල්ලි දෙකක අන්තරාය විඳින්නට සිදු වී ඇත්තේ මෙසේය. කෙසේ වෙතත් මේ උගුල්වලින් මිදිය යුතු කාලය එළැඹ ඇත. නියම සහජීවනය ආරක්ෂා වන්නේ සිංහල බෞද්ධ පදනම යටතේය. අපගේ හිසට ඉහළින් ඕනෑම කපුටෙකුට නිදහසේජ පියාසර කළ හැකිය. එහෙත්, අපගේ හිස මත කූඩු තැනිය නොහැකිය. කූඩු තනන්නට ඉඩ දුන් කළ ජාතික සමඟිය බිඳ වැටී, පාලන තන්ත්රය අස්ථාවර වී, අභ්‍යන්තර කුමන්ත්‍රණ හා කැරලි ඇති වී, විදේශ බලවේගයට නතු වෙමින් සහජීවනය නැති වී යනු ඇත. ලෝකයේ එකම සිංහල බෞද්ධ නිජ භූමිය මේ ලංකා දීපයයි. සිංහල දේශයයි. මේ සිංහල අපගෙ රටයි. බෞද්ධකම ආරක්ෂා කරනුයේ සිංහලයා මිස විජාතික ආක්රමණිකයා හෝ සංක්‍රමණිකයා නොවේ. උත්තරීතර මහා සංඝ බලය යළිත් පෙරමුණට පැමිණ ඇත. ඒ ශාසනය නම් වූ අපේ වත්ත සුද්ද කරමින් ශාසනික කඳ පණුවන්ගෙන් ශාසනය මුදවා ගැනීමටය. එසේම, ශාසනයට කුණු හෝදා ගෙන බාහිර කාණු ටික සුද්ද කර යළි විවෘත කළ නොහැකි සේ වසා දැමීමටය. මුළු රටම ආගාධයට ඇද වැටෙන මොහොතක යළිත් රටත් ජාතියත් ගොඩ නැඟීමටය. එවන් මොහොතක මූලධර්මවාදීහු, නපුංසක විජාතික සංක්‍රමණික හා ආක්රමණික කණ්ඩායම් බෞද්ධ බලවේගය විකෘති කොට පාවා දෙති. විවිධ මාධ්‍ය ඔස්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේ අන්තවාදීන් ත්රස්තවාදීන් ලෙස හුවා දක්වති. මේ අන්තවාදී හිපියන් සිංහල බෞද්ධ භික්ෂුවගේ උජුපටිපන්න ගුණය, උත්තරීතර මහා සංඝ බලය අංශුමාත්‍රයකින් හෝ හඳුනන්නේ නැත. රටත් ජාතියත් පළමුව රැකිය යුතුය. එවිටය සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ. සිංහල බෞද්ධයා හැර මෙකී වගකීම මැනැවින් බාරගෙන දිවිහිමියෙන් ඉටු කිරීමට කිසිවෙකුත් නැත. එහෙයින් සෙකියුලර් ජානවලින් උපන් මූලධර්මවාදී අන්තවාදීන්ට අපි පිළිතුරු දෙමු. අතීතය අදර්ශයට ගෙන වර්තමානය තුළින් අනාගතය ගොඩ නගමු. අතීතාවර්ජනය ඒ වෙනුවෙනි.[/COLOR][/SIZE][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom