Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද උදේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාගිනෙය්ය සංඝරක්ඛිත තරුණ ස්වාමීන් වහන්සේ මහත් සතුටින් යුක්තව ගුරුදේවයන් වහන්සේව සොයාගෙන පැමිණියා.

තම ගුරුදේවයන් වහන්සේ නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බව මේ ස්වාමීන් වහන්සේ දන්නෙ නැහැ.

ලෞකික දේවල් ගැන උන්වහන්සේගේ සිතෙහි කිසි ආශාවක් නැති බව දන්නෙත් නැහැ.

මහත් සතුටින් යුක්තව තමන් රැගෙන පැමිණි වස්ත්රය ගුරුදේවයන් වහන්සේට ආදරෙන් පිළිගැන්නුවා.

උන්වහන්සේගේ සිතෙහි අමුතු සතුටක් ඇති වුනේ නැහැ. ඒ පිළිගැන්නූ වස්ත්රය නැවත පොඩි නමටම දුන්නා.

තමන් මහත් දුර බැහැර සිට රැගෙන පැමිණි මේ වස්ත්රය මේසා ආදර ගෞරව දක්වන ගුරුදේවයන් වහන්සේ නොපිළිගන්නේ මන්ද?

උන්වහන්සේගේ සිත ප්රීතියට පත් නොවුනේ මන්ද? කියා මේ පොඩි නම කල්පනා කරන්නට පටන් ගත්තා.

ගුරුදේවයන් වහන්සේ පොඩි නමගේ සිතේ ඇති වූ කලකිරීම හඳුනා ගත්තා. හඳුනාගෙන ඒ සිත සතුටු කරවීම පිණිස ගුරුදේවයන් වහන්සේට පවන් සලන්න කියා කිව්වා.

පොඩි නමට ගොඩාක් දුක හිතුනා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා.

“මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ.

මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ.

උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති.

මට උන්වහන්සේගේ කරුණා මෛත්රිය නැතිව මේ සිවුරෙන් ඇති ඵලය කුමක්ද?

ඒ නිසා තවදුරටත් මා රැඳී සිටියොත් කැලේ දාපු දරකඩක් වගේ මට ඉන්නට සිදුවේවි.”

දැන් පොඩි නම දිගින් දිගටම සිත නොමඟ යන ආකාරයටම කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා.

දැන් ටික ටික නූපන් අකුසල් උපදින්නට පටන් ගන්නවා.

සිහි නුවණින් තොරව කල්පනා කරන පොඩි නමට තම සිත විසින් තමාව

නොමඟ යවන ආකාරය ගැන තේරුම් ගන්නට බැරිව යනවා.

තම ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා සිතින් පොඩි නම සිහින ලොවක අතරමං වෙනවා.

“ඔව්…. මං ගෙදර යනවා. මට ගුරුදේවයන් වහන්සේ නැතිව ඇති පලක් නැහැ.

ඔව්…. ගෙදර යන එක තමයි මට කරන්න තියෙන්නෙ. එහෙත් ගිය ගමන් මිල මුදල් හම්බ කරන එක ලෙහෙසි නැහැ.

ඒ වුනාට මට හොඳට අතේ පයේ හයිය තියෙනවා. මම කම්මැලි නෑ.

මට හොඳට වෙහෙස මහන්සි වෙන්න පුළුවන්. පහසුම ක්රමය නම් කිරි එළදෙනක් ගන්න එකයි.

අනික දැන් ඉන්න කිරිඑළදෙන්නු ඉක්මනින් වදනවා නෙව. එතකොට පැටවුත් ලැබෙනවා.

එහෙත් එළදෙන ගන්න සල්ලි කෝ….? ගෙදරට එකවරටම කියන්නත් බෑ.

හොඳම ක්රමය මේ පිරිකර විකුණගන්න එකයි. එතකොට එළදෙන ගන්න පුළුවනි.

පැටියා වැදුවාම හැමදාම කිරි ලැබෙනවා. මම එතකොට ඒ කිරි විකුණනවා. වැඩි කලක් යන්නෙ නෑ.

සෑහෙන ගාණක් එකතු කරගන්න පුළුවන්. වීරියවන්ත කෙනෙකුට කවුරුත් කැමතියි.

මං හොඳ තැනකින් ලස්සන ගෑණු ළමයෙක් කසාද බඳිනවා.

පුංචි පැලක් හදාගෙන, පොඩි ගොවිපලක් හදාගෙන, කුඹුරු කෑල්ලක් කරගෙන,

මගේම කියල නිදහස් ලෝකයක් මං ගොඩනගා ගන්නවා.

මං කැමති පුතෙක් ලබන්නයි. චූටි පුතාට මං ලස්සන නමක් දානවා.

ලස්සන ධර්ම චක්රයක් බෙල්ලෙ එල්ලනවා. එතකොට මගේ පොඩි පුතාවත්, බිරිඳවත් ලස්සනට සරසාගෙන

මෙයට වඩා හොඳ පිරිකරක් අරගෙන ගුරුදේවයන් වහන්සේව බැහැදකින්න එනවා.

එතකොට උන්වහන්සේට මං ගැන ආදරය හිතෙයි.

හැබැයි මං එනගමනෙදි අශ්ව කරත්තෙකින් ආවොත් තමයි ගොඩක්ම හොඳ.

ඒ වුනාට ඔය අශ්ව කරත්තෙට නගිද්දි බැරිවෙලාවත් මගේ බිරිඳ අතින් ළමයා වැටුනොත්

ආයෙ දෙකක් බලන්නෙ නෑ, එවෙලෙම උන්දැගෙ ඔළුවට අනිනවා” කියලා එකපාරටම අර පවන් සළමින් සිටිය

වටාපතින් ගුරුදේවයන් වහන්සේගේ හිසට පහර දුන්නා.

පොඩි නමගේ ඇස් ලොකු වුනා. ඇඟ සීතල වුනා. හිරි වැටිලා ගියා. සිහිය ඉපදුනා.

තමන් මේ පහර දුන්නේ මේ සා ආදර ගෞරව දක්වන තමන්ගේම ඥාතී වූ ගුරුදේවයන් වහන්සේට නොවේද? ගුරුදේවයන් වහන්සේට හිනහා ගියා. පොඩි නම දිහා හිනහ වෙවී බැලූවා.

“අනේ…. අනේ…. සංඝරක්ඛිත. බිරින්දෑට ගහන්නට ගොහින් බැරි වුන තැනේදි අපට නෙව තැලූවෙ.”

භාගිනෙය්ය සංඝරක්ඛිත පොඩි නමට මහා ලැජ්ජාවක් ඇති වුනා. වටාපත බිමින් තිබ්බා.

ගුරුදේවයන් වහන්සේට වැන්ඳා. පැනල දුවන්න සූදානම් වුනා.

අනිත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේව අල්ලගත්තා. කලබල සිත සංසිඳෙව්වා.

ගුරුදේවයන් වහන්සේ පොඩි නමට ආදරෙන් කථා කළා.

“සංඝරක්ඛිත, මේ සිතේ හැටි ඔහොම තමා. කලබල වෙන්න එපා. සිවුරු අරින්නට කල්පනා කරන්න ඕන නෑ. හිතට ලැජ්ජාවක් ඇති කරගන්නත් එපා. අපි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත දියුණු කරන ධර්මය අසමු” කියලා බුදුරජාණන් වහන්සේ ළඟට රැගෙන ගියා.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් සිතෙහි පවතින මේ භයානක ස්වභාවය

පෙන්වා දුන්නා. සිත ගැන ඉතාමත් පැහැදිලිව තේරුම් ගත හැකි ලෙස මෙම ගාථාව වදාළා.

දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං

යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනා...

දුරගමන් යන්නා වූ, තනිව හැසිරෙන්නා වූ, ශරීර ස්වරූපයක් නැත්තා වූ, සිරුර නැමති ගුහාවේ පවතින්නා වූ සිත, යම් කෙනෙක් සංවරය කරයි ද... ඔවුහු මාර බන්ධනයෙන් මිදෙති.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන් පොඩි නමගේ සිතට මහත් සතුටක් ඇති වුනා.

සිතේ කලබල ගතිය තුරන් වුනා. නැවතත් සිත ධර්මයට යොමු වුනා.

තම ගුරුදේවයන් වහන්සේ පිරිකර පූජාව භාර නොගත්තේ තමා ගැන අමනාපයෙන් නොවන බව අවබෝධ වුනා.

උන්වහන්සේ ලෝකයෙන් නිදහස්ව සිටින කෙනෙක් බවත් අවබෝධ වුනා.

ඒ වගේ ඇලීමෙන් තොරව වාසය කිරීමේ උතුම්කම පොඩි නමට වැටහුනා.

නැවතත් නිවන් මගට ආසා කළා. සතර සතිපට්ඨානයේ සිත පිහිටුවන්නට වීරිය කළා.

පොඩි නමගේ උත්සාහය සාර්ථක වුනා. නොමඟ ගිය සිත දමනය කරගත්තා.

සංවර කරගත්තා. මාර බන්ධනයන්ගෙන් නිදහස් වුනා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

මේ සිත දමනය කරගන්නා තැනැත්තා සක්විති රජුන්ටත් වඩා උතුම් තැනැත්තෙකු බව බුදු හිමියන් දේශනා කලා.

http://dhamma.ifbcnet.org/භාගිණ්යෙ-සංඝරක්ඛිත-පොඩි/

[QUOTE="Dishta Didin, post: 21618787, member: 555482"] [SIZE="3"]භාගිනෙය්ය සංඝරක්ඛිත තරුණ ස්වාමීන් වහන්සේ මහත් සතුටින් යුක්තව ගුරුදේවයන් වහන්සේව සොයාගෙන පැමිණියා. තම ගුරුදේවයන් වහන්සේ නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක් බව මේ ස්වාමීන් වහන්සේ දන්නෙ නැහැ. ලෞකික දේවල් ගැන උන්වහන්සේගේ සිතෙහි කිසි ආශාවක් නැති බව දන්නෙත් නැහැ. මහත් සතුටින් යුක්තව තමන් රැගෙන පැමිණි වස්ත්රය ගුරුදේවයන් වහන්සේට ආදරෙන් පිළිගැන්නුවා. උන්වහන්සේගේ සිතෙහි අමුතු සතුටක් ඇති වුනේ නැහැ. ඒ පිළිගැන්නූ වස්ත්රය නැවත පොඩි නමටම දුන්නා. තමන් මහත් දුර බැහැර සිට රැගෙන පැමිණි මේ වස්ත්රය මේසා ආදර ගෞරව දක්වන ගුරුදේවයන් වහන්සේ නොපිළිගන්නේ මන්ද? උන්වහන්සේගේ සිත ප්රීතියට පත් නොවුනේ මන්ද? කියා මේ පොඩි නම කල්පනා කරන්නට පටන් ගත්තා. ගුරුදේවයන් වහන්සේ පොඩි නමගේ සිතේ ඇති වූ කලකිරීම හඳුනා ගත්තා. හඳුනාගෙන ඒ සිත සතුටු කරවීම පිණිස ගුරුදේවයන් වහන්සේට පවන් සලන්න කියා කිව්වා. පොඩි නමට ගොඩාක් දුක හිතුනා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා. “මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ. මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති. මට උන්වහන්සේගේ කරුණා මෛත්රිය නැතිව මේ සිවුරෙන් ඇති ඵලය කුමක්ද? ඒ නිසා තවදුරටත් මා රැඳී සිටියොත් කැලේ දාපු දරකඩක් වගේ මට ඉන්නට සිදුවේවි.” දැන් පොඩි නම දිගින් දිගටම සිත නොමඟ යන ආකාරයටම කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙනවා. දැන් ටික ටික නූපන් අකුසල් උපදින්නට පටන් ගන්නවා. සිහි නුවණින් තොරව කල්පනා කරන පොඩි නමට තම සිත විසින් තමාව නොමඟ යවන ආකාරය ගැන තේරුම් ගන්නට බැරිව යනවා. තම ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා සිතින් පොඩි නම සිහින ලොවක අතරමං වෙනවා. “ඔව්…. මං ගෙදර යනවා. මට ගුරුදේවයන් වහන්සේ නැතිව ඇති පලක් නැහැ. ඔව්…. ගෙදර යන එක තමයි මට කරන්න තියෙන්නෙ. එහෙත් ගිය ගමන් මිල මුදල් හම්බ කරන එක ලෙහෙසි නැහැ. ඒ වුනාට මට හොඳට අතේ පයේ හයිය තියෙනවා. මම කම්මැලි නෑ. මට හොඳට වෙහෙස මහන්සි වෙන්න පුළුවන්. පහසුම ක්රමය නම් කිරි එළදෙනක් ගන්න එකයි. අනික දැන් ඉන්න කිරිඑළදෙන්නු ඉක්මනින් වදනවා නෙව. එතකොට පැටවුත් ලැබෙනවා. එහෙත් එළදෙන ගන්න සල්ලි කෝ….? ගෙදරට එකවරටම කියන්නත් බෑ. හොඳම ක්රමය මේ පිරිකර විකුණගන්න එකයි. එතකොට එළදෙන ගන්න පුළුවනි. පැටියා වැදුවාම හැමදාම කිරි ලැබෙනවා. මම එතකොට ඒ කිරි විකුණනවා. වැඩි කලක් යන්නෙ නෑ. සෑහෙන ගාණක් එකතු කරගන්න පුළුවන්. වීරියවන්ත කෙනෙකුට කවුරුත් කැමතියි. මං හොඳ තැනකින් ලස්සන ගෑණු ළමයෙක් කසාද බඳිනවා. පුංචි පැලක් හදාගෙන, පොඩි ගොවිපලක් හදාගෙන, කුඹුරු කෑල්ලක් කරගෙන, මගේම කියල නිදහස් ලෝකයක් මං ගොඩනගා ගන්නවා. මං කැමති පුතෙක් ලබන්නයි. චූටි පුතාට මං ලස්සන නමක් දානවා. ලස්සන ධර්ම චක්රයක් බෙල්ලෙ එල්ලනවා. එතකොට මගේ පොඩි පුතාවත්, බිරිඳවත් ලස්සනට සරසාගෙන මෙයට වඩා හොඳ පිරිකරක් අරගෙන ගුරුදේවයන් වහන්සේව බැහැදකින්න එනවා. එතකොට උන්වහන්සේට මං ගැන ආදරය හිතෙයි. හැබැයි මං එනගමනෙදි අශ්ව කරත්තෙකින් ආවොත් තමයි ගොඩක්ම හොඳ. ඒ වුනාට ඔය අශ්ව කරත්තෙට නගිද්දි බැරිවෙලාවත් මගේ බිරිඳ අතින් ළමයා වැටුනොත් ආයෙ දෙකක් බලන්නෙ නෑ, එවෙලෙම උන්දැගෙ ඔළුවට අනිනවා” කියලා එකපාරටම අර පවන් සළමින් සිටිය වටාපතින් ගුරුදේවයන් වහන්සේගේ හිසට පහර දුන්නා. පොඩි නමගේ ඇස් ලොකු වුනා. ඇඟ සීතල වුනා. හිරි වැටිලා ගියා. සිහිය ඉපදුනා. තමන් මේ පහර දුන්නේ මේ සා ආදර ගෞරව දක්වන තමන්ගේම ඥාතී වූ ගුරුදේවයන් වහන්සේට නොවේද? ගුරුදේවයන් වහන්සේට හිනහා ගියා. පොඩි නම දිහා හිනහ වෙවී බැලූවා. “අනේ…. අනේ…. සංඝරක්ඛිත. බිරින්දෑට ගහන්නට ගොහින් බැරි වුන තැනේදි අපට නෙව තැලූවෙ.” භාගිනෙය්ය සංඝරක්ඛිත පොඩි නමට මහා ලැජ්ජාවක් ඇති වුනා. වටාපත බිමින් තිබ්බා. ගුරුදේවයන් වහන්සේට වැන්ඳා. පැනල දුවන්න සූදානම් වුනා. අනිත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේව අල්ලගත්තා. කලබල සිත සංසිඳෙව්වා. ගුරුදේවයන් වහන්සේ පොඩි නමට ආදරෙන් කථා කළා. [B]“සංඝරක්ඛිත, මේ සිතේ හැටි ඔහොම තමා. කලබල වෙන්න එපා. සිවුරු අරින්නට කල්පනා කරන්න ඕන නෑ. හිතට ලැජ්ජාවක් ඇති කරගන්නත් එපා. අපි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත දියුණු කරන ධර්මය අසමු”[/B] කියලා බුදුරජාණන් වහන්සේ ළඟට රැගෙන ගියා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් සිතෙහි පවතින මේ භයානක ස්වභාවය පෙන්වා දුන්නා. සිත ගැන ඉතාමත් පැහැදිලිව තේරුම් ගත හැකි ලෙස මෙම ගාථාව වදාළා. [B]දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනා...[/B] [I]දුරගමන් යන්නා වූ, තනිව හැසිරෙන්නා වූ, ශරීර ස්වරූපයක් නැත්තා වූ, සිරුර නැමති ගුහාවේ පවතින්නා වූ සිත, යම් කෙනෙක් සංවරය කරයි ද... ඔවුහු මාර බන්ධනයෙන් මිදෙති.[/I] බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන් පොඩි නමගේ සිතට මහත් සතුටක් ඇති වුනා. සිතේ කලබල ගතිය තුරන් වුනා. නැවතත් සිත ධර්මයට යොමු වුනා. තම ගුරුදේවයන් වහන්සේ පිරිකර පූජාව භාර නොගත්තේ තමා ගැන අමනාපයෙන් නොවන බව අවබෝධ වුනා. [B]උන්වහන්සේ ලෝකයෙන් නිදහස්ව සිටින කෙනෙක් බවත් අවබෝධ වුනා. ඒ වගේ ඇලීමෙන් තොරව වාසය කිරීමේ උතුම්කම පොඩි නමට වැටහුනා. නැවතත් නිවන් මගට ආසා කළා. සතර සතිපට්ඨානයේ සිත පිහිටුවන්නට වීරිය කළා. පොඩි නමගේ උත්සාහය සාර්ථක වුනා. නොමඟ ගිය සිත දමනය කරගත්තා. සංවර කරගත්තා. මාර බන්ධනයන්ගෙන් නිදහස් වුනා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.[/B] [B]මේ සිත දමනය කරගන්නා තැනැත්තා සක්විති රජුන්ටත් වඩා උතුම් තැනැත්තෙකු බව බුදු හිමියන් දේශනා කලා. [/B][/SIZE] [url]http://dhamma.ifbcnet.org/භාගිණ්යෙ-සංඝරක්ඛිත-පොඩි/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom