Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ යුද්ධය සහ ඊශ්‍රායලය

අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින්

වසර 7 ක් පුරා දැලි පිහියෙන් කිරිකන හැටි ලොවට කියා දුන් රාජ්‍ය නායකයා ලෙස මම ඔහුව හඳුන්වා දෙන්නෙමි. මෙතෙක් කල් මා, බලයේ සිටින රාජ්‍ය නායකයෙකු සමග සුහඳ කතා බහක යෙදී ඇත්නම් ඒ ඔහු සමග පමණි. ඔහු පර්වේෂ් මුෂරෙෆ්ය (Pervez Musharraf). මා දන්නා තරමින් හමුදා කුමන්ත්රණයකින් රටක් අල්ලා ගත් මිලිටරි නායකයෙක් දීර්ඝ කාලින පාලනයකින් පසු ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියා නම් ඒ මුෂරෙෆ් පමණකි. අනෙක් සියල්ලෝම එක්කෝ මිය පරලොව ගියෝය. නැතහොත් සිරගෙදර ගියෝය.

මා මුෂරෙෆ් මහතා හමුවූ දිනම එවන විට පකිස්ථානය දැවැත්ත තාක්ෂණික විප්ලවයක් කරා මෙහෙයවමින් සිටි යෝධ චරිතයක් මුණ ගැසුණි. ඒ අතා-උර්-රහ්මාන් (Atta-ur-Rahman) නම් විද්‍යාඥයාය. කලින් සිටි ඇමතිවරයෙක්ද වූ ඔහු ඒ වන විට මුෂරෙෆ් මහතාගේ දකුණු අත බඳු විය.

ටික වෙලාවක් අප සමග කෝපි කෝප්පයක් තොලගාමින් සාමිච්චියේ යෙදී සිටි මුෂරෙෆ් මහතා අපෙන් සමුගෙන ගියේ මා රැගෙන යාමට වාහනය එන තෙක් අපට කතා බහ ඉදිරියටත් කරගෙන යන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවයි. අතා-උර්-රහ්මාන් මහතා සමග ගත කල ඊළඟ විනාඩි 10ය මා ජිවිතේ ලද විශාලම දැනුම් සම්භාරයකට මග පෑදීය.

පකිස්ථානය, ලංකාව වැනි ලෝකයේ ඇති ආර්ථික ඇබිත්තයන් පමණක් නොව යුරෝපයේ සියළු රටවල්, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි සද්ධන්තයන් පවා පසුගිය දශක ගණනාවක් තුල යම්තාක් දුරකට පාලනය වුයේ ඇමරිකානු සමාගම් කිහිපයකට අවශ්‍ය ආකාරයටය. මෙම සාකච්චාවෙන් පසුව ගෙවුණු දශකයකට වැඩි කාලය තුලදී මම අමතර කාරණා දෙකක් පසක් කරගතිමි. ඉන් පළමුවැන්න නම් සෙසු ලෝකය පමණක් නොව ඇමරිකානු පාලන තන්ත්රයද මෙම සමාගම් වල රූකඩයක් බවයි. දෙවැන්න, ලෝකයේ සිටින ආර්ථික වශයෙන් අසරණ බොහෝ රටවල පාලන තන්ත්රයේ දුරස්ථ පාලකය ඇමරිකානු සමාගම් වලින් බිඳී නව වහල් හිමියකුගේ අතට පත්වෙමින් තිබෙන බවයි. ඒ චීනයයි.

"චන්දිම, අපිට බැහැ අපිට ඕනේ විදියට කෙබාබ් (Kebab) හදන්න. ඒක කරන්න ඕනේ ඇමරිකානු කොම්පැනි වලට ඕනේ විදියට. මේක තමයි සරල යථාර්තය. හැබැයි අපි අවංක නම් ඒ වගේම දක්ෂ නම් අපිට පුළුවන් අපේ දේවල් වලින් අපේ කටට ඕනේ රහට, ඒත් ඇමරිකන් කාරයට ඕනේ විදියට කෙබාබ් හදන්න". අතා-උර්-රහ්මාන් මහතා මට ඉතා දිග පාඩමක් කෙටියෙන් කියා දුන්නේය.

කොහොම කෙබාබ් හැදුවත් එක් අවස්ථාවකදී මුෂරෙෆ් මහතා ඇමරිකානුවන්ට අවශ්‍ය වට්ටෝරුවෙන් මදක් පිට පැන්නේය. ඒ ඔහු පමණට වඩා දේශීය බලවේගයන්ට කිට්ටු වූ බැවිනි. ප්‍රතිපලය වුයේ ඔහු බලයෙන් පහ වීමයි. එහෙත් බලයෙන් පහවී යහතින් තම ඉදිරි දිවිය ගෙනයාමට තරම් (යම් කාලයක් ස්ව-කැමැත්තෙන් රටින් පිටුවහල් වී සිටියද) මුෂරෙෆ් මහතා භාග්‍යවන්ත විය. ඒ ඔහු පකිස්තානු ජනතාවට අගතියක් නොකළ හෙයින් බව මම සිතමි.

දැන් මා ඔබට කීමට යන්නේ බොහෝ දෙනෙකුගේ හද පාරවන කතාවකි. එය සිංහල ඔබගේ හිතට යවුල් පහරක් වනු ඇත.

අපේ රටේ 30 අවුරුද්දක් තිස්සේ කුරිරු යුද්දයක් තිබුණි.

"මෙම යුද්දය ඉන්දියාවට අවශ්‍ය විට ඇරඹුණි. ඉන්දියාවට අවශ්‍ය විට සමාප්ත වුනි".

ඔවුන්ගේ එම අවශ්‍යතාවය වෙනුවෙන් ලක්ෂයකට අධික මිනිසුන් සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වුනි.

70 දශකය නිමා වන විට ලංකාව ඉන්දියාවෙන් යම් පමණකට ස්වායත්ත ආර්ථික වර්ධනයක් කරා යොමුවී තිබුණි (එහි සමාජීය ගුණ දොස් වෙනමම සාකච්චා කල යුතුය). ඉන්දියාව එවන විට සෝවියට් කඳවුරේ හිතමිතුරෙකු වූ අතර පකිස්ථානය ඇමරිකන් කඳවුරේ විය. ලංකාව 70-77 කාලය තුල ගිය ගමන් මග අංශක 180 කින් කරකවා ඇමරිකන් ගැත්තකු බවට පත්වී තිබුණි. මේ වාතාවරණය ඉන්දියාවට අහිතකර වුවාට සැක නැත. ප්‍රතිපලය වුයේ මධ්‍යම රජයේ සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ පුර්ණ ආශිර්වාදය සහිතව දකුණු ඉන්දියාවේ LTTE පුහුණු කඳවුරු ඇතිවීමයි. මේ සඳහා ඉන්දියාවේ එවකට පැවති ප්‍රාන්ත දේශපාලන වාතාවරණයද හේතු සාධක වන්නට ඇත.

අහඹු සිදුවීමක් නොවන 83 කළු ජූලිය පසුපස ඉන්දියානු හස්තය තිබූ බව එවකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්චා වූ කරුණකි. හමුදා සෙබළුන් ඝාතනය කිරීම මෙන්ම ඉන්පසු ඇරඹි මෝඩ සිංහල අතලොස්සකගේ මංකොල්ලයද ඉතා මැනවින් සැලසුම් කල ක්‍රියාදාමයක් බවට සාක්ෂි එමට තිබුණි.

ඉන්පසු එළඹී දශකයේදී ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තරමටම රටේ ගැටලුවලට මැදිහත් විය. ලංකාවේ ජනමාධ්‍ය වල රටේ ජනාධිපතිවරයාට නොදෙවෙනි තැනක් ජේ එන් ඩික්සිත්ලාට හිමි විය. ඉන්දියාවට අවශ්‍ය ආකාරයට යුද්දය හා සාමය දෝලනය වන්න විය. රජයේ සහ LTTE නියෝජිත කණ්ඩායම් ඉන්දියාව කියන කියන ආකාරයට සාම සාකච්චා සඳහා නව දිල්ලියට, තිම්පු නුවරට ආදී වශයෙන් චාරිකා කරන්න විය.

මේ අවධියේ ලංකාවට යම් හෝ වාසියක් අත්පත් කරදුන් එකම ක්‍රියාවලිය ලෙස මා දකින්නේ ඉන්දු-ලංකා සාම ගිවිසුමයි. එහි අඩුපාඩු මෙන්ම එය අත්සන් කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයා අනුගමනය කල ක්‍රියාමාර්ග වල පැහැදිලි දුර්වලතා තිබුනත් එය සිදු නොවන්න ලංකාවේ අනාගතය බොහෝ සෙයින් අභාග්‍ය සම්පන්න වන්නට තිබුණි. එහෙත් එහි තිබු බොහෝ වාසි ලංකාවට නෙලාගැනීමට තිබු අවස්ථාවන් එවකට සිටි රැඩිකල් දේශපාලකයන් අහුරා දැමීය.

අන්තර් ජාතික දේශපාලනය කොතරම් සංකීර්ණ මෙන්ම තක්කඩි දැයි පෙන්වීමට හොඳම සාධකය අසූව දශකයේ ඊශ්‍රායලය ලංකාවේ ගැටළුවට සම්බන්ධ වූ ආකාරයයි. වික්ටර් ඔස්ත්රෝවුස්කි (Victor Ostrovsky) නම් මොසාඩ් නිලධාරියා ලංකාවට වැදගත් වන කරුණක් පසුකාලීනව හෙළිකරයි. මොසාඩ් සංවිධානය ඉන්දියාවේද අනුදැනුම පිට එකම කාලයක ඊශ්‍රායලයේ කන්තාරබද ප්‍රදේශයක ලංකා රජයේ හමුදා මෙන්ම LTTE සාමාජිකයන්ද පුහුණු කර ඇත. මේ සඳහා එකිනෙකට නුදුරේ වූ කඳවුරු දෙකක් යොදාගෙන ඇත. රජයේ හමුදා පුහුණු කිරීම සඳහා මුදල් ලබා ගෙන ඇති අතර LTTE සාමාජිකයන්ගෙන් මුදල් මෙන්ම නොයෙකුත් සේවාවන්ද ලබා ගෙන ඇත.

"මේ වඳුරන් අතට ආයුධ දී කාන්තාරය මැද එකිනෙකා මරා ගැනීමට ඉඩ දුන්නා නම් කොපමණ අහිංසක මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබුනා දැයි" කියමින් ඊශ්‍රායල් නිලධාරීන් විනෝද වූ බව ඔස්ත්රෝවුස්කි පවසයි.

ඉහත විහිළුව තුල ඇති කටුක යතාර්ථය ඔබට තේරුම් ගත හැකිද? ඔබගේ ලාංකික, සිංහල, බෞද්ධ යන ලේබල් ගලවා මේ දෙස බලන්න. පිටස්තරයන් පිරිසක් එකම රටක සහෝදර දෙපිරිසක් රිලවුන් මෙන් නටවමින් විනෝද වන අයුරු ඔබට පෙනෙනු ඇත. ඒ විනෝදය උදෙසා ධනය සහ ජීවිත කොතරම් නැති වුනාද? වරද කා අතද?

90 දශකයේ මුල් වසර කිහිපය බොහෝ විචාරකයන් හඳුන්වන්නේ "මායිම් ප්‍රති-අර්ථ දැක්වූ යුගය (Era of redefining borders)" ලෙසයි. සෝවියට් දේශය දේශසීමා ගණනාවකට කැඩුනි. බටහිර සහ නැගෙනහිර ජර්මනි අතර තිබු දේශසීමාව මෙන්ම දකුණු අප්‍රිකානු සමාජයේ තිබූ ආපාතෙඩ් සිමාද වියැකුනි. ඉන්දියාව සහ ඇමරිකාව අතර මිතුදමක් ගොඩනැගුණු අතර පකිස්ථානය චීනය වෙත සමීප විය. ලංකාව දෙලොවක් අතර තනි විය.

මා දකිනා ආකාරයට ඇමරිකාවට කිසිදාක ලංකාව පිළිබඳව විශේෂ උනන්දුවක් තිබුනේ නැත. ඔවුන්ට වැදගත් වන්නේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන්ද දැවැත්තයෙකු වන ඉන්දියාවයි. ඔවුන් ලංකාවේ කටයුතු වලට බලපෑමක් කරයි නම් ඒ බොහෝ විට ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව විය හැක. යුරෝපයට හෝ කැනඩාවටද ලංකාව එතරම් වැදගත් වන්නේ නැත. එම රටවල දේශපාලකයන්ට ලංකාවේ ප්‍රශ්ණය යම් තරමකට අදාළ වුයේ ඒ රටවල සිටිනා චන්ද බලය හිමි දෙමල ඩයස්පෝරාවේ සැලකිය යුතු ප්‍රමාණය නිසාය. අදටත් මෙම රටවල් පිළිබඳව පමණට වඩා විශාල භීතියක් ජනතාව අතර මවන්නේ වාර්ගික ප්රශ්නය හිගන්නාගේ තුවාලය කරගෙන රටේ සම්පත් සූරා කන තක්කඩි දේශපාලුවාය.

නව සහශ්රකය ලබන විට LTTE සංවිධානය පිළිබඳව ඉන්දියාව තුලද තිබුනේ නොසතුටකි. ඔවුන්ගේ අගමැතිවරයෙකු LTTE හස්තය මගින් ඝාතනය කර තිබුණි. එමෙන්ම තමිල්නාඩුව සහ ලංකාවේ කොටසක් සමග ඊලාම් රාජ්‍ය ලෙස ඉන්දියාවේ කොටසක් කැඩී යාමේ ඉඩකඩක්ද ඇති බව ඔවුන්ට පෙනුනි. තමන් ඇරඹු ක්‍රියාවලිය තමන්ගේ පාලනයෙන් ඉවතට ඇදී ගොස් ඇති බව ඉන්දියාවට පැහැදිලි විය. ඉන්දියාවේ ගාන්ධි ආධිපත්‍ය බිඳ වැටී තිබුණු අතර 2007 වනවිට තමිල්නාඩු දේශපාලනයේද හැඩතල වෙනස් විය.

ලංකාවේ යුද්ධය අවසන් කිරීමට තමන්ටද අවශ්‍ය බවට පණිවිඩය ඔවුන් ලංකා රජයට දන්වන්නේ මෙම කාලයේදීය. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පැමිණෙන විටත් ඉන්පසු ගතවූ වසරක පමණ කාලයේදීත් LTTE ය යුධමය වශයෙන් පරාජය කිරීමට ඔහුගේ අදහසක් නොවූ බව ඔහුගේ දේශපාලන සිරුරු බසින් (political body language) මනාව පැහැදිලි විය. එහෙත් ඉන්දීය රජයේ ඉඟියත් සමගම ඔහු ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රශංසනීය වේ. ඉන්පසු ගතවූ වසර දෙක තුල සිදුවූ කටයුතු බොහොමයක් ජනතාවට නොරහසකි. මහින්ද, ගෝඨාභය සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ධෛර්ය, ඥාන ශක්තිය මෙන්ම උපාය මාර්ගික ක්රියාන්විතයන්ද නොවන්න ඉන්දියාව මීට වඩා බොහෝ සෙයින් යුද්දයට මැදිහත්වන්න ඉඩ තිබුණි.

යුද්ධය අතරතුර ලංකාව පකිස්ථානයේ ආධාර ලබා ගැනීම සීමා කිරීමටත් ඒ අතරම යුද්දය ජයග්‍රාහීව පවත්වගෙන යාම සඳහා අවශ්‍ය අවම ආධාර පමණක් ලබා දීමටත් ඉන්දියාව වගබලා ගත්තේය. ඇමරිකාව මෙහිදී දැක්වූ නිද්‍රාශීලී ස්වභාවය ඉන්දියාවේ අවශ්‍යතාවය විය. සමහර විට ඇමරිකානු සමාගම් වලටද මෙම යුද්ධයෙහි සමාප්තිය තමාට වාසිදායක බව වැටහෙන්න ඇත.

යුද්ධය නැවැත්වීම සහ ත්‍රස්තවාදී නායකයන් බේරා ගැනීම සඳහා යුරෝපීය රටවලින් යෙදුනා යයි කියන අති විශාල පීඩනය ගැන බොහෝ දෙනා කතා කරති. එය බොහෝ සෙයින් ලංකාවේ දේශපාලකයන් තම වාසියට ගොඩ නගා ගත් සංඛල්පයක් බව පෙනේ. තම රටවල චන්ද කටයුතු වලදී වාසි ලබා ගැනීමට සමහර යුරෝපීය දේශපාලකයන් දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් යම් කර්තව්‍යයක් කරන බව පෙන්වීය. ඔවුන් එය අදත් කරයි. ඒ සඳහා ඔවුන් පුළුල් මාධ්‍ය ප්‍රචරයක්ද ලබා දෙයි. අපේ දේශපාලකයන් මේ බටහිරයන්ගේ අභිප්රායයන් ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහලින් මල්පල ගන්වා ඇත.

යුද්දයෙහි අවසන් කාල වකවානුවේදී ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් හෝ යුරෝපීය රටකින් බලඇණියක් පැමිණ බලහත්කාරයෙන් රටට ඇතුළු වුවා නම් කුමක් කළ යුතුව තිබුණේදැයි ඔබ අවංක උසස් හමුදා නිලධාරියකුගෙන් අසන්න. පිළිතුර අනිවාර්යයෙන්ම "මුකුත් නැහැ" යන්න බව මම සක් සුදක්සේ දනිමි.

එසේ බලහත්කාරයෙන් ඇතුළු වුවා නම් ලෝක ප්‍රජාව ඊට එරෙහි වන බව සමහරුන් පවසනු ඇත. මෙය අතිශයින්ම හාස්‍යජනක ප්‍රකාශයකි. පකිස්ථානයේදී, ඇෆ්ඝනිස්ථානයේදී, සිරියාවේදී, ඉරාකයේදී, කුවේටයේදී මේ බටහිරයන් අමුඅමුවේ මානුෂීය අයිතිවාසිකම් කෲර ලෙස උල්ලංඝනය කරද්දී ඊට එරෙහිවුවෝ කවුද?

වැඩිම වුනොත් රටවල් කිහිපයක් සිද්ධිය හෙලා දකින බවට ප්‍රකාශ නිකුත් කරනු ඇත.

source https://chandimagomes.blogspot.com/2018/12/blog-post.html

[QUOTE="rangana26, post: 23990602, member: 461943"] [b]ලංකාවේ යුද්ධය සහ ඊශ්‍රායලය[/b] [COLOR="Blue"][SIZE="4"]අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින් [IMG]https://2.bp.blogspot.com/-0QTX7STn7hU/XAhSqLF_13I/AAAAAAAAqqw/uMoOyqAO5m4PPeFGlryqXByWSwf2GoW2gCLcBGAs/s400/images%2B%25283%2529.jpg[/IMG] වසර 7 ක් පුරා දැලි පිහියෙන් කිරිකන හැටි ලොවට කියා දුන් රාජ්‍ය නායකයා ලෙස මම ඔහුව හඳුන්වා දෙන්නෙමි. මෙතෙක් කල් මා, බලයේ සිටින රාජ්‍ය නායකයෙකු සමග සුහඳ කතා බහක යෙදී ඇත්නම් ඒ ඔහු සමග පමණි. ඔහු පර්වේෂ් මුෂරෙෆ්ය (Pervez Musharraf). මා දන්නා තරමින් හමුදා කුමන්ත්රණයකින් රටක් අල්ලා ගත් මිලිටරි නායකයෙක් දීර්ඝ කාලින පාලනයකින් පසු ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියා නම් ඒ මුෂරෙෆ් පමණකි. අනෙක් සියල්ලෝම එක්කෝ මිය පරලොව ගියෝය. නැතහොත් සිරගෙදර ගියෝය. මා මුෂරෙෆ් මහතා හමුවූ දිනම එවන විට පකිස්ථානය දැවැත්ත තාක්ෂණික විප්ලවයක් කරා මෙහෙයවමින් සිටි යෝධ චරිතයක් මුණ ගැසුණි. ඒ අතා-උර්-රහ්මාන් (Atta-ur-Rahman) නම් විද්‍යාඥයාය. කලින් සිටි ඇමතිවරයෙක්ද වූ ඔහු ඒ වන විට මුෂරෙෆ් මහතාගේ දකුණු අත බඳු විය. ටික වෙලාවක් අප සමග කෝපි කෝප්පයක් තොලගාමින් සාමිච්චියේ යෙදී සිටි මුෂරෙෆ් මහතා අපෙන් සමුගෙන ගියේ මා රැගෙන යාමට වාහනය එන තෙක් අපට කතා බහ ඉදිරියටත් කරගෙන යන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවයි. අතා-උර්-රහ්මාන් මහතා සමග ගත කල ඊළඟ විනාඩි 10ය මා ජිවිතේ ලද විශාලම දැනුම් සම්භාරයකට මග පෑදීය. පකිස්ථානය, ලංකාව වැනි ලෝකයේ ඇති ආර්ථික ඇබිත්තයන් පමණක් නොව යුරෝපයේ සියළු රටවල්, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි සද්ධන්තයන් පවා පසුගිය දශක ගණනාවක් තුල යම්තාක් දුරකට පාලනය වුයේ ඇමරිකානු සමාගම් කිහිපයකට අවශ්‍ය ආකාරයටය. මෙම සාකච්චාවෙන් පසුව ගෙවුණු දශකයකට වැඩි කාලය තුලදී මම අමතර කාරණා දෙකක් පසක් කරගතිමි. ඉන් පළමුවැන්න නම් සෙසු ලෝකය පමණක් නොව ඇමරිකානු පාලන තන්ත්රයද මෙම සමාගම් වල රූකඩයක් බවයි. දෙවැන්න, ලෝකයේ සිටින ආර්ථික වශයෙන් අසරණ බොහෝ රටවල පාලන තන්ත්රයේ දුරස්ථ පාලකය ඇමරිකානු සමාගම් වලින් බිඳී නව වහල් හිමියකුගේ අතට පත්වෙමින් තිබෙන බවයි. ඒ චීනයයි. "චන්දිම, අපිට බැහැ අපිට ඕනේ විදියට කෙබාබ් (Kebab) හදන්න. ඒක කරන්න ඕනේ ඇමරිකානු කොම්පැනි වලට ඕනේ විදියට. මේක තමයි සරල යථාර්තය. හැබැයි අපි අවංක නම් ඒ වගේම දක්ෂ නම් අපිට පුළුවන් අපේ දේවල් වලින් අපේ කටට ඕනේ රහට, ඒත් ඇමරිකන් කාරයට ඕනේ විදියට කෙබාබ් හදන්න". අතා-උර්-රහ්මාන් මහතා මට ඉතා දිග පාඩමක් කෙටියෙන් කියා දුන්නේය. කොහොම කෙබාබ් හැදුවත් එක් අවස්ථාවකදී මුෂරෙෆ් මහතා ඇමරිකානුවන්ට අවශ්‍ය වට්ටෝරුවෙන් මදක් පිට පැන්නේය. ඒ ඔහු පමණට වඩා දේශීය බලවේගයන්ට කිට්ටු වූ බැවිනි. ප්‍රතිපලය වුයේ ඔහු බලයෙන් පහ වීමයි. එහෙත් බලයෙන් පහවී යහතින් තම ඉදිරි දිවිය ගෙනයාමට තරම් (යම් කාලයක් ස්ව-කැමැත්තෙන් රටින් පිටුවහල් වී සිටියද) මුෂරෙෆ් මහතා භාග්‍යවන්ත විය. ඒ ඔහු පකිස්තානු ජනතාවට අගතියක් නොකළ හෙයින් බව මම සිතමි. [IMG]https://4.bp.blogspot.com/-ETQKu5rq61Y/XAhS0kwS5-I/AAAAAAAAqq0/UG48u7uSLj08_k-VulBSR3KoExCp75j6ACLcBGAs/s320/pervaiz-muharraf.jpeg[/IMG] දැන් මා ඔබට කීමට යන්නේ බොහෝ දෙනෙකුගේ හද පාරවන කතාවකි. එය සිංහල ඔබගේ හිතට යවුල් පහරක් වනු ඇත. අපේ රටේ 30 අවුරුද්දක් තිස්සේ කුරිරු යුද්දයක් තිබුණි. "මෙම යුද්දය ඉන්දියාවට අවශ්‍ය විට ඇරඹුණි. ඉන්දියාවට අවශ්‍ය විට සමාප්ත වුනි". ඔවුන්ගේ එම අවශ්‍යතාවය වෙනුවෙන් ලක්ෂයකට අධික මිනිසුන් සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වුනි. 70 දශකය නිමා වන විට ලංකාව ඉන්දියාවෙන් යම් පමණකට ස්වායත්ත ආර්ථික වර්ධනයක් කරා යොමුවී තිබුණි (එහි සමාජීය ගුණ දොස් වෙනමම සාකච්චා කල යුතුය). ඉන්දියාව එවන විට සෝවියට් කඳවුරේ හිතමිතුරෙකු වූ අතර පකිස්ථානය ඇමරිකන් කඳවුරේ විය. ලංකාව 70-77 කාලය තුල ගිය ගමන් මග අංශක 180 කින් කරකවා ඇමරිකන් ගැත්තකු බවට පත්වී තිබුණි. මේ වාතාවරණය ඉන්දියාවට අහිතකර වුවාට සැක නැත. ප්‍රතිපලය වුයේ මධ්‍යම රජයේ සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ පුර්ණ ආශිර්වාදය සහිතව දකුණු ඉන්දියාවේ LTTE පුහුණු කඳවුරු ඇතිවීමයි. මේ සඳහා ඉන්දියාවේ එවකට පැවති ප්‍රාන්ත දේශපාලන වාතාවරණයද හේතු සාධක වන්නට ඇත. අහඹු සිදුවීමක් නොවන 83 කළු ජූලිය පසුපස ඉන්දියානු හස්තය තිබූ බව එවකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්චා වූ කරුණකි. හමුදා සෙබළුන් ඝාතනය කිරීම මෙන්ම ඉන්පසු ඇරඹි මෝඩ සිංහල අතලොස්සකගේ මංකොල්ලයද ඉතා මැනවින් සැලසුම් කල ක්‍රියාදාමයක් බවට සාක්ෂි එමට තිබුණි. [IMG]https://2.bp.blogspot.com/-HjhCiuS-B9c/XAhTY48-MoI/AAAAAAAAqrA/19TwRB1R-0kzh1k1eIz_z6vzNnAcoG6qwCLcBGAs/s320/14a-borella-rioters-1983-burning.jpg[/IMG] ඉන්පසු එළඹී දශකයේදී ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තරමටම රටේ ගැටලුවලට මැදිහත් විය. ලංකාවේ ජනමාධ්‍ය වල රටේ ජනාධිපතිවරයාට නොදෙවෙනි තැනක් ජේ එන් ඩික්සිත්ලාට හිමි විය. ඉන්දියාවට අවශ්‍ය ආකාරයට යුද්දය හා සාමය දෝලනය වන්න විය. රජයේ සහ LTTE නියෝජිත කණ්ඩායම් ඉන්දියාව කියන කියන ආකාරයට සාම සාකච්චා සඳහා නව දිල්ලියට, තිම්පු නුවරට ආදී වශයෙන් චාරිකා කරන්න විය. මේ අවධියේ ලංකාවට යම් හෝ වාසියක් අත්පත් කරදුන් එකම ක්‍රියාවලිය ලෙස මා දකින්නේ ඉන්දු-ලංකා සාම ගිවිසුමයි. එහි අඩුපාඩු මෙන්ම එය අත්සන් කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයා අනුගමනය කල ක්‍රියාමාර්ග වල පැහැදිලි දුර්වලතා තිබුනත් එය සිදු නොවන්න ලංකාවේ අනාගතය බොහෝ සෙයින් අභාග්‍ය සම්පන්න වන්නට තිබුණි. එහෙත් එහි තිබු බොහෝ වාසි ලංකාවට නෙලාගැනීමට තිබු අවස්ථාවන් එවකට සිටි රැඩිකල් දේශපාලකයන් අහුරා දැමීය. [COLOR="Red"]අන්තර් ජාතික දේශපාලනය කොතරම් සංකීර්ණ මෙන්ම තක්කඩි දැයි පෙන්වීමට හොඳම සාධකය අසූව දශකයේ ඊශ්‍රායලය ලංකාවේ ගැටළුවට සම්බන්ධ වූ ආකාරයයි. වික්ටර් ඔස්ත්රෝවුස්කි (Victor Ostrovsky) නම් මොසාඩ් නිලධාරියා ලංකාවට වැදගත් වන කරුණක් පසුකාලීනව හෙළිකරයි. මොසාඩ් සංවිධානය ඉන්දියාවේද අනුදැනුම පිට එකම කාලයක ඊශ්‍රායලයේ කන්තාරබද ප්‍රදේශයක ලංකා රජයේ හමුදා මෙන්ම LTTE සාමාජිකයන්ද පුහුණු කර ඇත. මේ සඳහා එකිනෙකට නුදුරේ වූ කඳවුරු දෙකක් යොදාගෙන ඇත. රජයේ හමුදා පුහුණු කිරීම සඳහා මුදල් ලබා ගෙන ඇති අතර LTTE සාමාජිකයන්ගෙන් මුදල් මෙන්ම නොයෙකුත් සේවාවන්ද ලබා ගෙන ඇත. [/COLOR] "මේ වඳුරන් අතට ආයුධ දී කාන්තාරය මැද එකිනෙකා මරා ගැනීමට ඉඩ දුන්නා නම් කොපමණ අහිංසක මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරාගන්න තිබුනා දැයි" කියමින් ඊශ්‍රායල් නිලධාරීන් විනෝද වූ බව ඔස්ත්රෝවුස්කි පවසයි. ඉහත විහිළුව තුල ඇති කටුක යතාර්ථය ඔබට තේරුම් ගත හැකිද? ඔබගේ ලාංකික, සිංහල, බෞද්ධ යන ලේබල් ගලවා මේ දෙස බලන්න. පිටස්තරයන් පිරිසක් එකම රටක සහෝදර දෙපිරිසක් රිලවුන් මෙන් නටවමින් විනෝද වන අයුරු ඔබට පෙනෙනු ඇත. ඒ විනෝදය උදෙසා ධනය සහ ජීවිත කොතරම් නැති වුනාද? වරද කා අතද? [IMG]https://4.bp.blogspot.com/-b8CC8exTZA4/XAhT6-2YtfI/AAAAAAAAqrI/7jqvqR1eLsU36zXMAMRKZEfhhn_TxRn6gCLcBGAs/s320/51YYTGE1B8L.jpg[/IMG] 90 දශකයේ මුල් වසර කිහිපය බොහෝ විචාරකයන් හඳුන්වන්නේ "මායිම් ප්‍රති-අර්ථ දැක්වූ යුගය (Era of redefining borders)" ලෙසයි. සෝවියට් දේශය දේශසීමා ගණනාවකට කැඩුනි. බටහිර සහ නැගෙනහිර ජර්මනි අතර තිබු දේශසීමාව මෙන්ම දකුණු අප්‍රිකානු සමාජයේ තිබූ ආපාතෙඩ් සිමාද වියැකුනි. ඉන්දියාව සහ ඇමරිකාව අතර මිතුදමක් ගොඩනැගුණු අතර පකිස්ථානය චීනය වෙත සමීප විය. ලංකාව දෙලොවක් අතර තනි විය. මා දකිනා ආකාරයට ඇමරිකාවට කිසිදාක ලංකාව පිළිබඳව විශේෂ උනන්දුවක් තිබුනේ නැත. ඔවුන්ට වැදගත් වන්නේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන්ද දැවැත්තයෙකු වන ඉන්දියාවයි. ඔවුන් ලංකාවේ කටයුතු වලට බලපෑමක් කරයි නම් ඒ බොහෝ විට ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව විය හැක. යුරෝපයට හෝ කැනඩාවටද ලංකාව එතරම් වැදගත් වන්නේ නැත. එම රටවල දේශපාලකයන්ට ලංකාවේ ප්‍රශ්ණය යම් තරමකට අදාළ වුයේ ඒ රටවල සිටිනා චන්ද බලය හිමි දෙමල ඩයස්පෝරාවේ සැලකිය යුතු ප්‍රමාණය නිසාය. අදටත් මෙම රටවල් පිළිබඳව පමණට වඩා විශාල භීතියක් ජනතාව අතර මවන්නේ වාර්ගික ප්රශ්නය හිගන්නාගේ තුවාලය කරගෙන රටේ සම්පත් සූරා කන තක්කඩි දේශපාලුවාය. නව සහශ්රකය ලබන විට LTTE සංවිධානය පිළිබඳව ඉන්දියාව තුලද තිබුනේ නොසතුටකි. ඔවුන්ගේ අගමැතිවරයෙකු LTTE හස්තය මගින් ඝාතනය කර තිබුණි. එමෙන්ම තමිල්නාඩුව සහ ලංකාවේ කොටසක් සමග ඊලාම් රාජ්‍ය ලෙස ඉන්දියාවේ කොටසක් කැඩී යාමේ ඉඩකඩක්ද ඇති බව ඔවුන්ට පෙනුනි. තමන් ඇරඹු ක්‍රියාවලිය තමන්ගේ පාලනයෙන් ඉවතට ඇදී ගොස් ඇති බව ඉන්දියාවට පැහැදිලි විය. ඉන්දියාවේ ගාන්ධි ආධිපත්‍ය බිඳ වැටී තිබුණු අතර 2007 වනවිට තමිල්නාඩු දේශපාලනයේද හැඩතල වෙනස් විය. ලංකාවේ යුද්ධය අවසන් කිරීමට තමන්ටද අවශ්‍ය බවට පණිවිඩය ඔවුන් ලංකා රජයට දන්වන්නේ මෙම කාලයේදීය. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පැමිණෙන විටත් ඉන්පසු ගතවූ වසරක පමණ කාලයේදීත් LTTE ය යුධමය වශයෙන් පරාජය කිරීමට ඔහුගේ අදහසක් නොවූ බව ඔහුගේ දේශපාලන සිරුරු බසින් (political body language) මනාව පැහැදිලි විය. එහෙත් ඉන්දීය රජයේ ඉඟියත් සමගම ඔහු ක්‍රියාත්මක වූ ආකාරය ප්‍රශංසනීය වේ. ඉන්පසු ගතවූ වසර දෙක තුල සිදුවූ කටයුතු බොහොමයක් ජනතාවට නොරහසකි. මහින්ද, ගෝඨාභය සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ධෛර්ය, ඥාන ශක්තිය මෙන්ම උපාය මාර්ගික ක්රියාන්විතයන්ද නොවන්න ඉන්දියාව මීට වඩා බොහෝ සෙයින් යුද්දයට මැදිහත්වන්න ඉඩ තිබුණි. [IMG]https://4.bp.blogspot.com/-ZAR5JnGzfAU/XAhUhkn_XfI/AAAAAAAAqrU/dzkYseZdu8QM6b1NEJ0AP-UBy7WhTJl6gCLcBGAs/s320/623982-3.png[/IMG] යුද්ධය අතරතුර ලංකාව පකිස්ථානයේ ආධාර ලබා ගැනීම සීමා කිරීමටත් ඒ අතරම යුද්දය ජයග්‍රාහීව පවත්වගෙන යාම සඳහා අවශ්‍ය අවම ආධාර පමණක් ලබා දීමටත් ඉන්දියාව වගබලා ගත්තේය. ඇමරිකාව මෙහිදී දැක්වූ නිද්‍රාශීලී ස්වභාවය ඉන්දියාවේ අවශ්‍යතාවය විය. සමහර විට ඇමරිකානු සමාගම් වලටද මෙම යුද්ධයෙහි සමාප්තිය තමාට වාසිදායක බව වැටහෙන්න ඇත. යුද්ධය නැවැත්වීම සහ ත්‍රස්තවාදී නායකයන් බේරා ගැනීම සඳහා යුරෝපීය රටවලින් යෙදුනා යයි කියන අති විශාල පීඩනය ගැන බොහෝ දෙනා කතා කරති. එය බොහෝ සෙයින් ලංකාවේ දේශපාලකයන් තම වාසියට ගොඩ නගා ගත් සංඛල්පයක් බව පෙනේ. තම රටවල චන්ද කටයුතු වලදී වාසි ලබා ගැනීමට සමහර යුරෝපීය දේශපාලකයන් දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් යම් කර්තව්‍යයක් කරන බව පෙන්වීය. ඔවුන් එය අදත් කරයි. ඒ සඳහා ඔවුන් පුළුල් මාධ්‍ය ප්‍රචරයක්ද ලබා දෙයි. අපේ දේශපාලකයන් මේ බටහිරයන්ගේ අභිප්රායයන් ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහලින් මල්පල ගන්වා ඇත. යුද්දයෙහි අවසන් කාල වකවානුවේදී ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් හෝ යුරෝපීය රටකින් බලඇණියක් පැමිණ බලහත්කාරයෙන් රටට ඇතුළු වුවා නම් කුමක් කළ යුතුව තිබුණේදැයි ඔබ අවංක උසස් හමුදා නිලධාරියකුගෙන් අසන්න. පිළිතුර අනිවාර්යයෙන්ම "මුකුත් නැහැ" යන්න බව මම සක් සුදක්සේ දනිමි. එසේ බලහත්කාරයෙන් ඇතුළු වුවා නම් ලෝක ප්‍රජාව ඊට එරෙහි වන බව සමහරුන් පවසනු ඇත. මෙය අතිශයින්ම හාස්‍යජනක ප්‍රකාශයකි. පකිස්ථානයේදී, ඇෆ්ඝනිස්ථානයේදී, සිරියාවේදී, ඉරාකයේදී, කුවේටයේදී මේ බටහිරයන් අමුඅමුවේ මානුෂීය අයිතිවාසිකම් කෲර ලෙස උල්ලංඝනය කරද්දී ඊට එරෙහිවුවෝ කවුද? වැඩිම වුනොත් රටවල් කිහිපයක් සිද්ධිය හෙලා දකින බවට ප්‍රකාශ නිකුත් කරනු ඇත. [IMG]https://3.bp.blogspot.com/-ljqADRsEu78/T7kDqj4172I/AAAAAAAAAHY/J0riut1_8FkyMkWUhGreFuxvh4TOFGNCQCPcBGAYYCw/s320/war-4%2Bcopy.jpg[/IMG] [/SIZE][/COLOR] source [URL="https://chandimagomes.blogspot.com/2018/12/blog-post.html"]https://chandimagomes.blogspot.com/2018/12/blog-post.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom