Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි..

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක.

එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව.

බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුව දඹදිව රජකම් කළේ ධර්මාශෝක මහා අධිරාජයා. එතුමාගේ මුල් නම අශෝක. එතුමා දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඒ කියන්නේ යුද්ධ කරල රටවල් ඇල්ලීමේ ප්‍රතිපදාව. පසුව කාලිංග දේශය සමඟ සිදුවුණු බිහිසුණු යුද්ධයෙන් පසුව එතුමා ජීවිතය පිළිබඳව ඉතාමත් කළකිරුණා. එදා එතුමාගේ ජීවිතයටත් මුළු මහත් බෞද්ධ ලෝකයටත් වැදගත්ම අමරණීයම දවසක්.ඒ තමයි මාලිගාවේ සඳලු තලයෙන් මහ මග බලාගෙන සිටින රජුගේ වේදනාවෙන් වෙලී ගිය සිත සනහාලමින් වැඩම කරන කසාය වරණයෙන් බබළන පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රූපකාය, මේ දර්ශනය දැකීමෙන් රජතුමා ගේ සිත පී‍්‍රති ප්රමෝදයට පත් වුනා පමණක් නොවෙයි චංචල වී ගිය සිත මදකට නිශ්චල වී ගියා.

ඉන්පසුව එතුමා ස්වකීය ඇමතිවරුන් ලවා මේ පුංචි සාමණේරයන් වහන්සේ ස්වකීය මාලිගයට වැඩම කරවා ගත්තා. තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධාන කළා. එතකොට පොඩි හාමුදුරුවො සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. උන්වහන්සේ සුගතියට මග සකස් කරගත් කෙනෙක්. නිවන් මගට යොමු වූ කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්හ. රජතුමාත් බොහෝ නිහතමානී ලෙස බිමින් වාඩි වුනා. දැන් බලන්න මුළු දඹදිව තලයම හෙල්ලුම් කන ආකාරයට කටයුතු කරපු අධිරාජයෙක් කටයුතු කරන ආකාරය. මේ තමයි ධර්මයේ බලය.

ඉතින් මේ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්ත. ඉන්පසුව එතුමාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුනා. “චන්ඩාශෝක” ධර්මාශෝක බවට පත් වුනා. දිග්විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා.

ඉන්පසුව ධර්මාශෝක අධිරාජයා මේ සාමණේරයන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මුණ ගැහුණා. තවදුරටත් ධර්මය තුළ ස්ථාපිත වුනා. ඊට පස්සෙ උන්වහන්සේගේ උපදෙස් ලබාගෙන වෙහෙර විහාර අසූහාර දහසක් කෙරෙව්ව. විශේෂයෙන්ම එතුමාට ඒ විහාර සඳහා අවශ්‍ය ධාතුන් වහන්සේලා එදා අජාසත්ත රජතුමා විසින් නිදන් කර තිබූ චෛත්‍යය තුළින් ලබා ගන්නට හැකි වුනා. වර්තමානය වන විට පුරා විද්‍යාඥයින් පවා තහවුරු කරල තිබෙනවා. ඒ වෙහෙර විහාර පිළිබඳව.

මේ වන විට ශාසනයට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අන්‍යලබ්ධිකයන් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට පටන් ගත්හ. ඒ නිසා බුද්ධ ශාසනයේ ශීඝ්‍ර පරිහානියක් ඇති වුනා. විනය විරෝධී භික්ෂූන් වහ්නසේලා එන්න එන්නම වැඩිවුනා. සත් අවුරුද්දකින් පොහොය කිරීමේ විනය කර්ම සිදුවී තිබුණේ නෑ. ඊට පස්සෙ මේ පිළිබඳව අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමඟ සාකච්ඡා කරල තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එය පැවැත්වුනේ පැළලුප්නුවර (පාඨලීපුත්ර) අශෝකාරමයේදී. මේ සඳහා රහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වුනා. මින් පසුව විනය විරෝධී භික්ෂූන් වහන්සේලා සැට දහසක් පමණ සිවුරු අරවා ශාසනයෙන් නෙරපා හැරියා.

තුන්වන ධර්ම සාංගායනාවෙන් සිදු වුණූ උදාරම සේවය තමයි රටවල් නවයකට ධර්ම ප්‍රචාරය කිරීම. ඒ අනුව අපි වාසනාවන්ත වුනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහස ලබන්න.

එදා පොසොන් පොහොය දා දඹදිව වේදිසා පුරයේ සිට ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණෙර, භණ්ඩුක උපාසක කියන පිරිස සමඟ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කළේ.

ඒ වෙලාවෙ අපේ රටේ රජතුමා හතලිස් දහසක පිරිවර සමග මුව දඩයමේ ගිහිල්ල හිටියෙ. ඒක ඒ කාලෙ තිබුණු එක්තරා චාරිත්රයකි. ඉතින් මේ වෙලාවෙ මිහිඳු මහ රහතන් වහන්සේට රජතුමාට මුණ ගැස්සවීම පිණිස එම පර්වතයට අරක් ගත් දේවතාවා රත්තරන් පාට ලස්සන මුවෙකුගේ වේශය අරගෙන රජතුමාට පෙනෙන්නට තණ කමින් සිටිය. රජතුමා මේ මුවාට විදින්නට ඕන කියල හිතාගෙන දුනුදිය ඇදගෙන ඌ පසුපස්සෙ එලවාගෙන ගියා. අර මුවාත් හරියටම මිහින්තලා පර්වතය ළඟින් දුවගෙන ගිහිල්ල අතුරුදන් වුනා. ඒ වෙලාවෙ රජතුමාව දුටු මිහිඳු මහ රහතන් වහන්සේ ‘තිස්ස’, ‘තිස්ස’ කියල කථා කළා. මේ ශ්‍රී ලංකාදීපයේ තමාට නම කියල අමතන්න තරම් අභිමානවත් පුද්ගලයා, කවුද කියල එතුමා බැලුවා. එතකොට එතුමා දැක්ක මිහින්තලා පර්වතයෙ කසාය වර්ණයෙන් බබලමින් වැඩ ඉන්න මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එතකොට එතුමා කලින් මහා සඟ රුවන පිළිබඳව අහල තිබුණත් මේ විදියට ඔබලා කවුද කියල ඇහුවා.

පින්වතුනි, අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි,

සමණාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා

තමේව අනුකම්පාය –ජම්බුදීපා ඉධා ගතා

යනගාථා රත්නය මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නෙ “මහරජතුමනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්රමණයන් වහන්සේලා වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි වැඩම කළා”, යනුවෙන් දේශනා කළා. ඊට පස්සෙ රජතුමා ඇසුවා ඔබ වහන්සේලා මෙහි වැඩියෙ කොහොමද කියල. ඒකට පිළිතුරු දුන් මහරහතන් වහන්සේ දියෙනුත් නොවේ.ගොඩිනුත් නොවේ. කියල පිළිතුරු දුන්න. ඊට පස්සෙ රජතුමා ඇහුවෙ නෑ අහසින්ද වැඩියෙ කියල. මොකද රජතුමාට නුවණ තිබුණ තේරුම් ගන්න මනස දියුණු කරල අහසින් ගමන් කරන උත්තමයෙක් ඉන්නා බවටත් ඒත් නූතන යුගයෙ ඉන්න සමහර මිථ්‍යාදෘෂ්ඨික පිරිස් මේව පිළිගන්නෙ නෑ. රජතුමා ඊට පස්සෙ දුනු ඊතල බිම දාල මහ රහතන් වහන්සේට කන් දුන්න. ලෝකයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය සිදු වුනේ ඒ වෙලාවෙ. මහ රහතන් වහන්සේට වුවමනා වුණේ රජතුමාගේ නුවණ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ නිසා අඹ ප්‍රශ්නයක් ඥාති ප්‍රශ්නයක් ඇහුව, එ දෙකටම ඉතාමත් බුද්ධිමත් ලෙස රජතුමා පිළිතුරු දුන්න. ඉන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ මජ්ඣිම නිකායේ පළමුවන කොටසට අයත් ඇතෙකුගේ පියවර සටහනට උපමා කරල වදාළ කුඩා දෙසුම වන ‘චූල හත්ථි පදෝපම ‘සූත්‍රය දේශනා කළා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු හතළිස් දහසක පිරිවර උතුම් තෙරුවන් සරණට පත් වුනා. මේ තමයි අප ලංකා ඉතිහාසයේ අමරණීය දවස, කල්ප ගාණකින් පහළවන ඒ අමා මෑණී බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යාමට අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමාට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ඒ පින්වත් දේවානම්පියතිස්ස රජතුමා ඒ අවස්ථාව සකල ලංකාවාසි සියලු දෙනාටම ලබා දීමට කටයුතු කළා.

මේ උතුම් සූත්‍ර දේශනාවෙ නම් බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි අන්තර්ගතය කුමක්ද කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ උතුම් සූත්‍රයේ තිබෙන්නෙ යම් ආර්ය ශ්‍රාවකයෙක් ස්ථාවරම උතුම් තිසරණයට පත්වීම ගැන. ඇත්තෙන්ම කෙනෙක් ධ්‍යාන ලබා ගත්තත්, පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලැබුවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි කියල පිළිගන්නෙ නෑ. ඒ පිළිගැනීම ඇති කර ගන්නෙ තමා විමුක්තියට පත් වුනා කියල සැබෑ ලෙසට දැන ගත්තට පස්සේ.

ඉතින් ශ්රද්ධාවන්ත පින්වතුනි, මිහිඳු මහ රහතන් වහන්සේ අපට තවත් දේශනා ගණනාවක් සිදු කළා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ දෙවැනි දවසෙම දේවදූත සූත්‍රය දේශනා කළා. මෙය තිබෙන්නෙ මජ්ඣිම නිකායෙ තුන්වන කොටසෙ. අද ඉන්න අපේ සමහර බෞද්ධයන් අපායවත් පිළිගන්නේ නෑ. ඒත් ඒ මිහිඳු මහ රහතන් වහන්සේට වුවමනා වුනේ ශ්‍රී ලාංකිකයන්ට අපාය ගැන කියල දීල අපායෙන් ගලවන්න. ඉතිං පින්වතුනි, අද දවස තමයි අපේ රටට ඒ ප්රඥාලෝකය උදා වුනු දවස, සතුන්ට අභයදානය ලැබිච්ච දවස. අපට සංසාරය ගැන ඉගෙන ගන්න ලැබුණු දවස. ඒ උතුම් තිසරණය සරණ යන්න ලැබුණු දවස, පින, පව, ගැන දැන ගන්න ලැබුණු දවස, ඒ උතුම් නිවන ගැන දැන ගන්න ලැබුණූ දවස, ඉතින් අපි මේ ටික තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. අවාසනාවකට අද අපේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට මේ වැටහීම නෑ. අපි අද පටන්වත් වාසනාවන්ත ජීවිතයක් ආරම්භ කරමු. ඒ උතුම් ධර්මයට අනුව ජීවිතය ගත කරමු. මෙලොව පරලොව වාසනාවන්ත කර ගනිමු. ඒ උතුම් නිවන සාක්ක්‍ෂාත් කර ගනිමු. ඔබට ඒ වාසනාව උදාවේවා!

http://maharahathunwadimagaosse.org/

[QUOTE="DonnieBrasco, post: 16769555, member: 401533"] [b]අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි..[/b] අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක. එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව. බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුව දඹදිව රජකම් කළේ ධර්මාශෝක මහා අධිරාජයා. එතුමාගේ මුල් නම අශෝක. එතුමා දිග් විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඒ කියන්නේ යුද්ධ කරල රටවල් ඇල්ලීමේ ප්‍රතිපදාව. පසුව කාලිංග දේශය සමඟ සිදුවුණු බිහිසුණු යුද්ධයෙන් පසුව එතුමා ජීවිතය පිළිබඳව ඉතාමත් කළකිරුණා. එදා එතුමාගේ ජීවිතයටත් මුළු මහත් බෞද්ධ ලෝකයටත් වැදගත්ම අමරණීයම දවසක්.ඒ තමයි මාලිගාවේ සඳලු තලයෙන් මහ මග බලාගෙන සිටින රජුගේ වේදනාවෙන් වෙලී ගිය සිත සනහාලමින් වැඩම කරන කසාය වරණයෙන් බබළන පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රූපකාය, මේ දර්ශනය දැකීමෙන් රජතුමා ගේ සිත පී‍්‍රති ප්රමෝදයට පත් වුනා පමණක් නොවෙයි චංචල වී ගිය සිත මදකට නිශ්චල වී ගියා. ඉන්පසුව එතුමා ස්වකීය ඇමතිවරුන් ලවා මේ පුංචි සාමණේරයන් වහන්සේ ස්වකීය මාලිගයට වැඩම කරවා ගත්තා. තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධාන කළා. එතකොට පොඩි හාමුදුරුවො සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. උන්වහන්සේ සුගතියට මග සකස් කරගත් කෙනෙක්. නිවන් මගට යොමු වූ කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්හ. රජතුමාත් බොහෝ නිහතමානී ලෙස බිමින් වාඩි වුනා. දැන් බලන්න මුළු දඹදිව තලයම හෙල්ලුම් කන ආකාරයට කටයුතු කරපු අධිරාජයෙක් කටයුතු කරන ආකාරය. මේ තමයි ධර්මයේ බලය. ඉතින් මේ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්ත. ඉන්පසුව එතුමාගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වුනා. “චන්ඩාශෝක” ධර්මාශෝක බවට පත් වුනා. දිග්විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළා. ඉන්පසුව ධර්මාශෝක අධිරාජයා මේ සාමණේරයන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මුණ ගැහුණා. තවදුරටත් ධර්මය තුළ ස්ථාපිත වුනා. ඊට පස්සෙ උන්වහන්සේගේ උපදෙස් ලබාගෙන වෙහෙර විහාර අසූහාර දහසක් කෙරෙව්ව. විශේෂයෙන්ම එතුමාට ඒ විහාර සඳහා අවශ්‍ය ධාතුන් වහන්සේලා එදා අජාසත්ත රජතුමා විසින් නිදන් කර තිබූ චෛත්‍යය තුළින් ලබා ගන්නට හැකි වුනා. වර්තමානය වන විට පුරා විද්‍යාඥයින් පවා තහවුරු කරල තිබෙනවා. ඒ වෙහෙර විහාර පිළිබඳව. මේ වන විට ශාසනයට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අන්‍යලබ්ධිකයන් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට පටන් ගත්හ. ඒ නිසා බුද්ධ ශාසනයේ ශීඝ්‍ර පරිහානියක් ඇති වුනා. විනය විරෝධී භික්ෂූන් වහ්නසේලා එන්න එන්නම වැඩිවුනා. සත් අවුරුද්දකින් පොහොය කිරීමේ විනය කර්ම සිදුවී තිබුණේ නෑ. ඊට පස්සෙ මේ පිළිබඳව අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමඟ සාකච්ඡා කරල තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එය පැවැත්වුනේ පැළලුප්නුවර (පාඨලීපුත්ර) අශෝකාරමයේදී. මේ සඳහා රහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වුනා. මින් පසුව විනය විරෝධී භික්ෂූන් වහන්සේලා සැට දහසක් පමණ සිවුරු අරවා ශාසනයෙන් නෙරපා හැරියා. තුන්වන ධර්ම සාංගායනාවෙන් සිදු වුණූ උදාරම සේවය තමයි රටවල් නවයකට ධර්ම ප්‍රචාරය කිරීම. ඒ අනුව අපි වාසනාවන්ත වුනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහස ලබන්න. එදා පොසොන් පොහොය දා දඹදිව වේදිසා පුරයේ සිට ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණෙර, භණ්ඩුක උපාසක කියන පිරිස සමඟ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කළේ. ඒ වෙලාවෙ අපේ රටේ රජතුමා හතලිස් දහසක පිරිවර සමග මුව දඩයමේ ගිහිල්ල හිටියෙ. ඒක ඒ කාලෙ තිබුණු එක්තරා චාරිත්රයකි. ඉතින් මේ වෙලාවෙ මිහිඳු මහ රහතන් වහන්සේට රජතුමාට මුණ ගැස්සවීම පිණිස එම පර්වතයට අරක් ගත් දේවතාවා රත්තරන් පාට ලස්සන මුවෙකුගේ වේශය අරගෙන රජතුමාට පෙනෙන්නට තණ කමින් සිටිය. රජතුමා මේ මුවාට විදින්නට ඕන කියල හිතාගෙන දුනුදිය ඇදගෙන ඌ පසුපස්සෙ එලවාගෙන ගියා. අර මුවාත් හරියටම මිහින්තලා පර්වතය ළඟින් දුවගෙන ගිහිල්ල අතුරුදන් වුනා. ඒ වෙලාවෙ රජතුමාව දුටු මිහිඳු මහ රහතන් වහන්සේ ‘තිස්ස’, ‘තිස්ස’ කියල කථා කළා. මේ ශ්‍රී ලංකාදීපයේ තමාට නම කියල අමතන්න තරම් අභිමානවත් පුද්ගලයා, කවුද කියල එතුමා බැලුවා. එතකොට එතුමා දැක්ක මිහින්තලා පර්වතයෙ කසාය වර්ණයෙන් බබලමින් වැඩ ඉන්න මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එතකොට එතුමා කලින් මහා සඟ රුවන පිළිබඳව අහල තිබුණත් මේ විදියට ඔබලා කවුද කියල ඇහුවා. පින්වතුනි, අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි, සමණාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා තමේව අනුකම්පාය –ජම්බුදීපා ඉධා ගතා යනගාථා රත්නය මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නෙ “මහරජතුමනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්රමණයන් වහන්සේලා වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි වැඩම කළා”, යනුවෙන් දේශනා කළා. ඊට පස්සෙ රජතුමා ඇසුවා ඔබ වහන්සේලා මෙහි වැඩියෙ කොහොමද කියල. ඒකට පිළිතුරු දුන් මහරහතන් වහන්සේ දියෙනුත් නොවේ.ගොඩිනුත් නොවේ. කියල පිළිතුරු දුන්න. ඊට පස්සෙ රජතුමා ඇහුවෙ නෑ අහසින්ද වැඩියෙ කියල. මොකද රජතුමාට නුවණ තිබුණ තේරුම් ගන්න මනස දියුණු කරල අහසින් ගමන් කරන උත්තමයෙක් ඉන්නා බවටත් ඒත් නූතන යුගයෙ ඉන්න සමහර මිථ්‍යාදෘෂ්ඨික පිරිස් මේව පිළිගන්නෙ නෑ. රජතුමා ඊට පස්සෙ දුනු ඊතල බිම දාල මහ රහතන් වහන්සේට කන් දුන්න. ලෝකයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය සිදු වුනේ ඒ වෙලාවෙ. මහ රහතන් වහන්සේට වුවමනා වුණේ රජතුමාගේ නුවණ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ නිසා අඹ ප්‍රශ්නයක් ඥාති ප්‍රශ්නයක් ඇහුව, එ දෙකටම ඉතාමත් බුද්ධිමත් ලෙස රජතුමා පිළිතුරු දුන්න. ඉන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ මජ්ඣිම නිකායේ පළමුවන කොටසට අයත් ඇතෙකුගේ පියවර සටහනට උපමා කරල වදාළ කුඩා දෙසුම වන ‘චූල හත්ථි පදෝපම ‘සූත්‍රය දේශනා කළා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු හතළිස් දහසක පිරිවර උතුම් තෙරුවන් සරණට පත් වුනා. මේ තමයි අප ලංකා ඉතිහාසයේ අමරණීය දවස, කල්ප ගාණකින් පහළවන ඒ අමා මෑණී බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සරණ යාමට අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමාට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ඒ පින්වත් දේවානම්පියතිස්ස රජතුමා ඒ අවස්ථාව සකල ලංකාවාසි සියලු දෙනාටම ලබා දීමට කටයුතු කළා. මේ උතුම් සූත්‍ර දේශනාවෙ නම් බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි අන්තර්ගතය කුමක්ද කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ උතුම් සූත්‍රයේ තිබෙන්නෙ යම් ආර්ය ශ්‍රාවකයෙක් ස්ථාවරම උතුම් තිසරණයට පත්වීම ගැන. ඇත්තෙන්ම කෙනෙක් ධ්‍යාන ලබා ගත්තත්, පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලැබුවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි කියල පිළිගන්නෙ නෑ. ඒ පිළිගැනීම ඇති කර ගන්නෙ තමා විමුක්තියට පත් වුනා කියල සැබෑ ලෙසට දැන ගත්තට පස්සේ. ඉතින් ශ්රද්ධාවන්ත පින්වතුනි, මිහිඳු මහ රහතන් වහන්සේ අපට තවත් දේශනා ගණනාවක් සිදු කළා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ දෙවැනි දවසෙම දේවදූත සූත්‍රය දේශනා කළා. මෙය තිබෙන්නෙ මජ්ඣිම නිකායෙ තුන්වන කොටසෙ. අද ඉන්න අපේ සමහර බෞද්ධයන් අපායවත් පිළිගන්නේ නෑ. ඒත් ඒ මිහිඳු මහ රහතන් වහන්සේට වුවමනා වුනේ ශ්‍රී ලාංකිකයන්ට අපාය ගැන කියල දීල අපායෙන් ගලවන්න. ඉතිං පින්වතුනි, අද දවස තමයි අපේ රටට ඒ ප්රඥාලෝකය උදා වුනු දවස, සතුන්ට අභයදානය ලැබිච්ච දවස. අපට සංසාරය ගැන ඉගෙන ගන්න ලැබුණු දවස. ඒ උතුම් තිසරණය සරණ යන්න ලැබුණු දවස, පින, පව, ගැන දැන ගන්න ලැබුණු දවස, ඒ උතුම් නිවන ගැන දැන ගන්න ලැබුණූ දවස, ඉතින් අපි මේ ටික තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. අවාසනාවකට අද අපේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයන්ට මේ වැටහීම නෑ. අපි අද පටන්වත් වාසනාවන්ත ජීවිතයක් ආරම්භ කරමු. ඒ උතුම් ධර්මයට අනුව ජීවිතය ගත කරමු. මෙලොව පරලොව වාසනාවන්ත කර ගනිමු. ඒ උතුම් නිවන සාක්ක්‍ෂාත් කර ගනිමු. ඔබට ඒ වාසනාව උදාවේවා! [URL="http://maharahathunwadimagaosse.org/"]http://maharahathunwadimagaosse.org/[/URL] [IMG]http://maharahathunwadimagaosse.org/wp-content/uploads/2014/05/06-Poson-Poya-Day.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom