Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේ&#352

~ අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව - ඉඳුරන්හි අනියත බව ~

තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ සේක. අවිද්‍යාන්ධකාරයෙහි ගැලී වාසය කරන පෘථග්ජන සත්ත්වයාට සසර කතරින් එතෙරවීම උදෙසා ඒ ශ්‍රී සද්ධර්මය අමෘතයක් බඳු විය. උරුවේල කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන් දමනය කොට  උතුම් රහත්ඵලයෙහි පිහිටුවීම උදෙසා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව වූයේ ආදිත්ත පරියාය සූත්‍රයයි.

සත්ත්වයෙකු සිත හා කය යන කොටස් දෙකින් යුක්තය. සිත උපකාර කොට කයත්, කය උපකාරක කොට සිතත් පවතී. කයට කිසිදු දැනුමක් නොමැති නිසාවෙන් හුදකලාව කිසිදු කාර්යයක් සිදුකළ නොහැකිය. කයින් සිත පහවූ කල කය නිශ්චලය. සෑම ක්‍රියාවක් උදෙසාම උපකාරක වන්නේ සිතය. (මනෝ පුබ්බංග මාධම්මා) කය වූ කලි සිතට වාසස්ථානයකි. කයෙහි තිබෙන්නා වූ විවිධ උපකරණයන්ගෙන් විවිධ ක්‍රියා සිදුකරනු ලබයි. ඇස නමැති උපකරණයෙන් බලනු ලබන අතර රූප දකී. කන නමැති උපකරණයෙන් ඇසීම සිදුකරයි. නාසය නමැති උපකරණයෙන් ගඳ සුවඳ දැන ගනී. දිව නමැති උපකරණයෙන් රස විඳී. කය නමැති උපකරණයෙන් පහස ලබයි. මේ ආකාරයට කයෙහි පිහිටි ඉන්ද්රියයන් ක්‍රියා කරමින් අරමුණ ලබාගනිමින් ඊට අනුරූප කුසල අකුසල ක්‍රියාවන් සිදුකරනු ලබයි.

මේ අයුරින් අනන්ත භව සංසාරේදී ඉන්ද්රිය මගින් ලබාගන්නා අරමුණු ඔස්සේ ක්‍රියාකරමින් ඇලෙමින්, ගැටෙමින් උපේක්ෂාවෙන් විදීම් ඇතිකරගෙන දීර්ඝ ගමනක යෙදී වාසය කරනු ලබයි. කයෙහි පවත්නා වූ මෙම උපකරණ නම් වූ ඉන්ද්රියයන් හේතුකොට ගෙන සත්ත්වයා පේ‍්‍රත, තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකකට පත්කොට දුක්වේදනා විඳීමට සලස්වනු ලබයි. නොමැති නම්, එසේ දුක ඉපඳවීමට උපස්ථම්භක වූ ඉන්ද්රියෝ විසින්ම දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම යන සුගති භූමියකට පත්කොට අප්‍රමාණ සැප විඳීමටද සලස්වනු ලබයි. ඒ අනුව සත්ත්වයාගේ භව ගමනට මාර්ගය සකස් කිරීම උදෙසා ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යන ඉන්ද්රියෝ ප්‍රමුඛතම වන්නාහ.

බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදී මෙසේ වූ ඉන්ද්‍රියන් දෙස බැලිය යුතු ආකාරය, නුවණින් ක්‍රියා කළ යුතු අයුරු මනාව පැහැදිලි කොට වදාළ සේක.

“මහණෙනි, ආදිත්ත පරියාය නම් වූ දහම්නය දේශනා කරමි. මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙන් චක්ඛු ඉන්ද්රිය පිරිමදින ලද්දේ මැනවි. එනම්, ඉතා දරුණු වේදනාවක් විඳීමින් ඇස රත්වූ යකඩයකින් පිරිමැදීම සුදුසුවෙත්, නමුදු ඇසින් දකින රූපයෙහි නිමිති වශයෙන් ගෙන බැඳීමක්, ඇලීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. ඇස නිමිති කොටගෙන ලබන ලද්දාවූ රූපයට බැඳීමෙන් වාසය කොට එම නිමිත්තෙන්ම මරණය සිදුවුවහොත් එම කර්ම විඥානය හේතුකොටගෙන මරණයෙන් පසු නරකයෙහි, තිරිසන් ලෝකයෙහි යන ගති දෙකින් එක්තරා ගතියකට පත්වන්නේය.

සත්ත්වයා උපත ලද දවසේ පටන් මරණ මංචකයට පත්වන තුරු ජීවත්වන කාලය තුළ ඇස මුල් කොටගෙන විවිධ වස්තූන් පුද්ගලයන් රූප වශයෙන් රස විඳී. ඇලීමක් ඇතිකරගනී. තමා වසඟයට නතුකර ගැනීමට උත්සුක වෙති. එම පි‍්‍රය වූ දසුන් පිළිබඳව මනසිකාරයෙන් යුක්තව වාසය කරනු ලබයි. එහි අසාර ස්වභාවය නොදැක රූපය පිළිබඳව ඇලීමෙන් හෝ ගැටීමෙන් යුක්තව සිට දුගති භූ®මියට පා තබනු ලබයි. සාමාන්‍ය ලෞකික ලෝකය තුළ විවිධ ප්‍රශ්න ගැටීම් ආදිය ඇතිවීම උදෙසා මෙම ඇසින් දකින රූපය පිළිබඳ ඇතිවන ඇලීම බලවත් වී ඇත්තේය. තරුණ, තරුණියන් අතර ගැටීම් ඇතිවීමටත්, අවසානයේ ජීවිතය පවා විනාශ කරගනු ලබන තත්ත්වයට පත්වන්නේද යථාර්ථවාදී දැක්ම නොමැති නිසාවෙනි.

චක්ඛුන්‍ද්‍රිය දෙස බැලිය යුතු ආකාරයෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සෝතින්‍ද්‍රිය දෙස බලන අයුරුය. “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණූ යුගලකින් සොතින්ද්රිය පිරිමදින ලදදේ මැනවි. කනින් දත යුතු ශබ්දයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නොම මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණාවූ හෝ කර්මවිඥානය සිටුයේ කලුරිය කරන්නේ නම්, නිරයත්, තිරිසන් ලෝකයත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේය “

මෙලොව ජීවත්වන සත්ත්වයා කන මුල් කොටගෙන විවිධ වූ ශබ්ද අසති. පි‍්‍රයවචන, සුවපත් වූ වචන, සුඛර වූ වචනවලින් යුක්ත යහපත් ශබ්ද අසති. එම ශබ්ද කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇතිකරගනී. එමෙන්ම ඇණුම්, බැණුම් ගෙරවුම් ආදී අපි‍්‍රය සහගත වචන වූ අයහපත් ශබ්දද අසති. එම සුඛර සුමට නොවූ ශබ්ද කෙරෙහි ගැටීමක් ඇතිකර ගනී. එම නිසාවෙන් ක්‍රෝධය, ද්වේෂය ,වෛරය ආදි ක්ලේශ ධර්මයන්හි නිමග්නව වාසය කොට නරකයෙහි උපත ලබති. මෙසේ දුර්ලභ වූ උත්තරීතර වූ මනුස්ස සම්පත්තිය ලැබ ඊළඟ ආත්මභාවය දුගතිගාමී වීමට ශබ්දය අනුගත වනවාට වඩා ගිනිදැල් සහිත තියුණූ යහුලකින් කපා දැමීම සුදුසු බව දේශිතය.

සෝතේන්ද්රියෙන් අනතුරුව ඝානේන්ද්‍රිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක. නාසය වනාහි ගන්ධය ලබන්නා වූ ශාරිරික උපකරණයයි. නාසය, ගඳ, සුවඳ දෙපාර්ශ්වයටම අනුගත වේ. ඉතා මිහිරි සුවඳක් දැනේනම් ඒ කෙරෙහි ඇලීමක්, බැඳීමක් ඇතිකරගනී. එය සුවඳ නැවත නැවත විඳීමට රුචිකරයි. ප්‍රාර්ථනා කරයි. අමිහිරි පිළිකුල් සහගත දුගඳ කෙරෙහි ගැටීමක් ඇතිකරගනී.

“මහණෙනි, හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු නියනකින් ඝානේන්ද්‍රිය ගලවා දමන ලදදේ මැනවි. නැහැයෙන් දත යුතු ගන්ධයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසු නොවේ . “ එම කර්මවිඥානයෙන් කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන දෙගතියට පැමිණෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

ජීවයක පැවැත්මට උපකාරක වන ප්‍රමුඛතම සාධකය ආහාරය නිසාවෙන් (සබ්බේ සත්ථා ආහරට්ඨිතිකා) උපතේ සිට මරණය දක්වාම ආහාරගැනීම හේතුවෙන් දිව පිනවීම සිදුකරනු ලබයි. සෑම වීර්යයක්ම දරමින් ආර්ථිකව ගොනුකර ගනුයේ ආහාරය උදෙසාය. විවිධ වූ වර්ණයෙන්, වයනයෙන්, රසයෙන් යුක්ත වූ ආහාර ලබාදෙමින් දිව පිනවීම උදෙසා උත්සුක වෙති. කොපමණ රස වින්දද, ඇතිවීමක් තෘප්තිමත් බවක් නොමැත. තමන් තුළ පවත්නා වූ සාරධර්ම , ගුණධර්ම සාධුක වූ ක්‍රියාවන් පවා මැඬලමින් ආහාර ලබාගැනීමට ආර්ථිකය ගොඩනගන පුද්ගලයන් නැතුවාම නොවේ.

දිව හා සම්බන්ධ රසාංකුරයන් ,හෝමෝනයන් සකස් වී ඇත්තේ රසය පිළිබඳව සංවේදනයන් ලබා තෘප්තිමත් වීම උදෙසාමය. ආහාර ජීවිත පැවැත්ම උදෙසා පාදක කර ගනු මිසක ආහාරය පිළිබඳව ගිජු බවකින් යුක්තව දිව පිනවීමේ අධිකතර ආශාවෙන් යුක්තව වාසය කරන්නේ නම් පේ්රතලෝක වැනි දුගතිගාමී උත්පත්තින්ට පිවිසෙන්නේ නිරායාසයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදි වදාළේ

“මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණූ සැතකින් ජීවිහින්ද්රිය කපන ලදදේ මැනවි. දිවෙන් දත යුතු රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසු නොවේ. නිමිති ආස්වාදයෙන් බැඳුණු කල කර්ම විඥානය හේතු කොටගෙන නිරය හෝ තිරිසන් ලෝකය ස්පර්ශ කරනු ලබන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක.”

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ කායේන්‍ද්‍රිය පිළිබඳව දේශනා කොට වදාළ සේක. උපන් සත්ත්වයා කයට සැප පහසුව ලබාදීමට රුචි වෙයි. තම තත්ත්වය,තරාතිරම ,ගෞරවය හා උසස් සාමජ තත්වයද පවා පහතට හෙළමින් කාය සන්තර්පණයෙහි නිමග්න වෙති. කය සැරසීම උදෙසා විවිධ ආලේපන, විවිධ සුවඳකර දේ, වස්ත්‍ර ආදියට කෙතරම් මුදලක් වියදම් කරමින් කායික ඔපය වඩවයිද?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ, “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත සැනෙකින් කායින්ද්රිය සැසදමන ලද්දේ මැනවි. කයින් දත යුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසුසු වේ. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්යඤජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්ම විඥානය සිටුයේ එසමයෙහි කලුරිය කොට නිරයත්, තිරිසන් යෝනියත් යන දෙකෙහි එක්තරා ගතියකට පැමිණෙන්නේය “

ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළේ, නින්දට බැසගැනීම සුදුසු බවත්, එතුළින් ජීවිතයන්ගේ වධබව, විඵලබව, මුළාබව, ඇතිවන්නේ යැයි කියන ලද බවය. මේ වනාහි මනෝන්ද්රිය පිළිබඳව වූ විමසුමකි. මනසට නතුවන අරමුණු නිශ්ඵල නම්,ඇලීම් බැඳීම් ඇතිකරන සුළු නම්, මනස නිදාගැනීම සිදුකරන්නේ නම් සුදුසු බව එනයින් පැහැදිලි කොට ඇත්තේය.

මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඇස, කන නාසය , දිව , ශරීරය, මනස යන ඉන්ද්රිය මුල්කොට අරමුණු ගැනීම නිසා එයින් සිදුවන අනිටු විපාක පිළිබඳව පිළිවිසීම සිදුකරනු ලබන අතර එම අරමුණුවල ඇලී ගැටී බැඳී වාසය කිරීම නිසා විඳින්නට සිදුවන කර්ම විපාකයන්ට වඩා එම ඉන්ද්රියෝ කපා දැමීම සුවර බව, යහපත් බව, පෙන්වා වදාළ සේක. ඉන්ද්‍රියන්, හා ඉන්ද්රිය ගෝචර අරමුණු පිළිබඳව නුවණින්, ප්‍රඥාවන්තව නොදකින්නේ නම් එයින් අත්වන ඉරණම ඉතා භයානකය. දුර්ලභව ලබාගන්නා වූ මිනිස් ජීවිතය සතර අපා දුකකට පැමිණවීම ට සමත්වන්නේය.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු මෙම ඉන්ද්රිය ධර්මයන් පිළිබඳව නුවණින් සලකන අයුරු පෙන්වා වදාළ සේක. ගිනිදැල් සහිත වූ රත්වූ යකඩයකින් ඇස පසන්නා ලබන කල, ඒකාන්තයෙන් ඇස අනිත්‍යයයි, රූපය අනිත්‍යයි, චක්ඛු, විඤ්ඤාණය අනිත්‍යයි, ඇසෙන් ලබන පහස අනිත්‍යයි, ඇසේ පහස නිසා ලබන සුව හෝ දුක් හෝ නොදුක් වූ වේදනාව අනිත්‍යයි මෙනෙහි කරන්නේය .

පඨවි, ආපෝ, තේජේ,වායෝ යන සතරමහා භූතයන්ගෙන් නිර්මිත ඇස වෙනස්වන සුළුය. උපත ලබන මොහොතේදී පිවිතුරු බවින් යුක්ත වන්නාවූ ඇස වයස මුහුකුරා වැඩෙත්ම තියුණු බවින් යුක්තවේ. අනතුරුව අනිත්‍යතාව පදනම් කොට අවසානයේ පෙනීම හීනවන තත්වයට පත්වේ. මෙසේ ඇස වනාහි වෙනස්වන සුළු දෙයකි.අනිත්‍යයයි දකී. යමක් අනිත්‍ය තත්වයෙන් යුක්තවේද එය දුකකි. (යද නිච්චං තං දුක්ඛං) දුක්ඛ වූ සැමදේ මමය,මාගේය, මගේ ආත්මයය කියාගත නොහැක. තම වසඟයෙහි පැවැත්විය නොහැකිය ලෙස ත්රිලක්ෂණ වශයෙන් විදර්ශනා ඥානයෙන් යුක්තව ඉන්ද්රිය සහ අරමුණු දෙස නුවණ යොදවා බලනු ලබයි.

අනතුරුව ශ්‍රෝතය, ඝානේන්ද්‍රිය ,ජීවිහේන්ද්රිය, කායින්ද්රිය, මනේන්ද්රියයෙහි අනිත්‍යතාව මෙනෙහි කරන ලෙස දේශනා කොට වදාළ සේක, ශබ්ද, ගන්ධ, රස , පහස, යන්නෙහි අනියත ස්වභාවය දකිමින් විඤ්ඤාණයන්හිද අනිත්‍යතාව දකින ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. විඤ්ඤාණය තුළින් හටගන්නා වූ සම්පස්සය හෙවත් ස්පර්ශය අනිත්‍යය. එම සමසපස්සයන් නිසා හටගන්නා සෝත වේදනා, ඝාණ වේදනා,ජීව්හා වේදනා,කාය වේදනා, මනෝ වේදනා අනිත්‍ය බව මෙනෙහි කරන ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කොට වදාළ සේක.

මෙසේ නුවණින් යුක්තව දකින්නා වූ ආර්ය ශ්රාවකයා අනිත්‍ය ස්වරූපය දැක කලකිරීමට පත්වන්නේය. එම කලකිරීම තුළින් ඇලීමක් ඇතිකර නොගනී. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල මිදුනේයැයි දැන ගනී. ජාතිය ක්ෂය කරයි. බඹසර වැස නිම කරන ලද්දේය. මේ භවය මිස තවත් භවයක් නැත්තේ යැයි දැන ගනී. තණ්හක්ඛය,මොහක්ඛය,දෝසක්ය සංඛ්‍යාත උතුම් විමුක්ති රසයෙන් පරික්ෂිප්ත වුනාවූ නිවනින් නිවී සැනසෙති.

මෙලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අනිත්‍ය වූ ඉන්ද්‍රියන් පිළිබඳව ආර්ය උත්තමයකු දැකිය යුතු ආකාරය, විමසිය යුතු ආකාරය, විචක්ෂණය කළ යුතු ආකාරය පෙන්වා වදාළමින් සසර දුගතියට යන මාර්ගය වසා සුගතිභූමියට පිළිපන් මාර්ගය පෙන්වා දෙමින් ජටිල පිරිස රහත්ඵලයට පත්කිරීම උදෙසා උක්ත ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව කරුණාවෙන් දේශනා කොට වදාළ සේක. මෙවන් වූ දහමට පිළිපන්ව අනිත්‍ය වූ ඉඳුරන් කෙරෙහි නොඇලි නොගැටී නිත්‍ය සුඛ ප්‍රණීත නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව සැමසතට උදාවේවා!

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

බුදුසරණ අන්තර්ජාල කලාපය - මොරගොල්ලාගම උපසමා සිල්මාතාව

[QUOTE="Iron Monger, post: 16161227, member: 349634"] [b]අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේŠ[/b] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/t31/1557341_611730538894272_356338505_o.jpg[/IMG] [SIZE=5]~ අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව - ඉඳුරන්හි අනියත බව ~ තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ සේක. අවිද්‍යාන්ධකාරයෙහි ගැලී වාසය කරන පෘථග්ජන සත්ත්වයාට සසර කතරින් එතෙරවීම උදෙසා ඒ ශ්‍රී සද්ධර්මය අමෘතයක් බඳු විය. උරුවේල කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන් දමනය කොට[/SIZE] [SIZE=5] උතුම් රහත්ඵලයෙහි පිහිටුවීම උදෙසා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව වූයේ ආදිත්ත පරියාය සූත්‍රයයි. සත්ත්වයෙකු සිත හා කය යන කොටස් දෙකින් යුක්තය. සිත උපකාර කොට කයත්, කය උපකාරක කොට සිතත් පවතී. කයට කිසිදු දැනුමක් නොමැති නිසාවෙන් හුදකලාව කිසිදු කාර්යයක් සිදුකළ නොහැකිය. කයින් සිත පහවූ කල කය නිශ්චලය. සෑම ක්‍රියාවක් උදෙසාම උපකාරක වන්නේ සිතය. (මනෝ පුබ්බංග මාධම්මා) කය වූ කලි සිතට වාසස්ථානයකි. කයෙහි තිබෙන්නා වූ විවිධ උපකරණයන්ගෙන් විවිධ ක්‍රියා සිදුකරනු ලබයි. ඇස නමැති උපකරණයෙන් බලනු ලබන අතර රූප දකී. කන නමැති උපකරණයෙන් ඇසීම සිදුකරයි. නාසය නමැති උපකරණයෙන් ගඳ සුවඳ දැන ගනී. දිව නමැති උපකරණයෙන් රස විඳී. කය නමැති උපකරණයෙන් පහස ලබයි. මේ ආකාරයට කයෙහි පිහිටි ඉන්ද්රියයන් ක්‍රියා කරමින් අරමුණ ලබාගනිමින් ඊට අනුරූප කුසල අකුසල ක්‍රියාවන් සිදුකරනු ලබයි.[/SIZE] [SIZE=5] මේ අයුරින් අනන්ත භව සංසාරේදී ඉන්ද්රිය මගින් ලබාගන්නා අරමුණු ඔස්සේ ක්‍රියාකරමින් ඇලෙමින්, ගැටෙමින් උපේක්ෂාවෙන් විදීම් ඇතිකරගෙන දීර්ඝ ගමනක යෙදී වාසය කරනු ලබයි. කයෙහි පවත්නා වූ මෙම උපකරණ නම් වූ ඉන්ද්රියයන් හේතුකොට ගෙන සත්ත්වයා පේ‍්‍රත, තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකකට පත්කොට දුක්වේදනා විඳීමට සලස්වනු ලබයි. නොමැති නම්, එසේ දුක ඉපඳවීමට උපස්ථම්භක වූ ඉන්ද්රියෝ විසින්ම දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම යන සුගති භූමියකට පත්කොට අප්‍රමාණ සැප විඳීමටද සලස්වනු ලබයි. ඒ අනුව සත්ත්වයාගේ භව ගමනට මාර්ගය සකස් කිරීම උදෙසා ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යන ඉන්ද්රියෝ ප්‍රමුඛතම වන්නාහ.[/SIZE] [SIZE=5] බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදී මෙසේ වූ ඉන්ද්‍රියන් දෙස බැලිය යුතු ආකාරය, නුවණින් ක්‍රියා කළ යුතු අයුරු මනාව පැහැදිලි කොට වදාළ සේක.[/SIZE] [SIZE=5] “මහණෙනි, ආදිත්ත පරියාය නම් වූ දහම්නය දේශනා කරමි. මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙන් චක්ඛු ඉන්ද්රිය පිරිමදින ලද්දේ මැනවි. එනම්, ඉතා දරුණු වේදනාවක් විඳීමින් ඇස රත්වූ යකඩයකින් පිරිමැදීම සුදුසුවෙත්, නමුදු ඇසින් දකින රූපයෙහි නිමිති වශයෙන් ගෙන බැඳීමක්, ඇලීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. ඇස නිමිති කොටගෙන ලබන ලද්දාවූ රූපයට බැඳීමෙන් වාසය කොට එම නිමිත්තෙන්ම මරණය සිදුවුවහොත් එම කර්ම විඥානය හේතුකොටගෙන මරණයෙන් පසු නරකයෙහි, තිරිසන් ලෝකයෙහි යන ගති දෙකින් එක්තරා ගතියකට පත්වන්නේය.[/SIZE] [SIZE=5] සත්ත්වයා උපත ලද දවසේ පටන් මරණ මංචකයට පත්වන තුරු ජීවත්වන කාලය තුළ ඇස මුල් කොටගෙන විවිධ වස්තූන් පුද්ගලයන් රූප වශයෙන් රස විඳී. ඇලීමක් ඇතිකරගනී. තමා වසඟයට නතුකර ගැනීමට උත්සුක වෙති. එම පි‍්‍රය වූ දසුන් පිළිබඳව මනසිකාරයෙන් යුක්තව වාසය කරනු ලබයි. එහි අසාර ස්වභාවය නොදැක රූපය පිළිබඳව ඇලීමෙන් හෝ ගැටීමෙන් යුක්තව සිට දුගති භූ®මියට පා තබනු ලබයි. සාමාන්‍ය ලෞකික ලෝකය තුළ විවිධ ප්‍රශ්න ගැටීම් ආදිය ඇතිවීම උදෙසා මෙම ඇසින් දකින රූපය පිළිබඳ ඇතිවන ඇලීම බලවත් වී ඇත්තේය. තරුණ, තරුණියන් අතර ගැටීම් ඇතිවීමටත්, අවසානයේ ජීවිතය පවා විනාශ කරගනු ලබන තත්ත්වයට පත්වන්නේද යථාර්ථවාදී දැක්ම නොමැති නිසාවෙනි.[/SIZE] [SIZE=5] චක්ඛුන්‍ද්‍රිය දෙස බැලිය යුතු ආකාරයෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සෝතින්‍ද්‍රිය දෙස බලන අයුරුය. “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණූ යුගලකින් සොතින්ද්රිය පිරිමදින ලදදේ මැනවි. කනින් දත යුතු ශබ්දයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නොම මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණාවූ හෝ කර්මවිඥානය සිටුයේ කලුරිය කරන්නේ නම්, නිරයත්, තිරිසන් ලෝකයත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේය “[/SIZE] [SIZE=5] මෙලොව ජීවත්වන සත්ත්වයා කන මුල් කොටගෙන විවිධ වූ ශබ්ද අසති. පි‍්‍රයවචන, සුවපත් වූ වචන, සුඛර වූ වචනවලින් යුක්ත යහපත් ශබ්ද අසති. එම ශබ්ද කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇතිකරගනී. එමෙන්ම ඇණුම්, බැණුම් ගෙරවුම් ආදී අපි‍්‍රය සහගත වචන වූ අයහපත් ශබ්දද අසති. එම සුඛර සුමට නොවූ ශබ්ද කෙරෙහි ගැටීමක් ඇතිකර ගනී. එම නිසාවෙන් ක්‍රෝධය, ද්වේෂය ,වෛරය ආදි ක්ලේශ ධර්මයන්හි නිමග්නව වාසය කොට නරකයෙහි උපත ලබති. මෙසේ දුර්ලභ වූ උත්තරීතර වූ මනුස්ස සම්පත්තිය ලැබ ඊළඟ ආත්මභාවය දුගතිගාමී වීමට ශබ්දය අනුගත වනවාට වඩා ගිනිදැල් සහිත තියුණූ යහුලකින් කපා දැමීම සුදුසු බව දේශිතය.[/SIZE] [SIZE=5] සෝතේන්ද්රියෙන් අනතුරුව ඝානේන්ද්‍රිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක. නාසය වනාහි ගන්ධය ලබන්නා වූ ශාරිරික උපකරණයයි. නාසය, ගඳ, සුවඳ දෙපාර්ශ්වයටම අනුගත වේ. ඉතා මිහිරි සුවඳක් දැනේනම් ඒ කෙරෙහි ඇලීමක්, බැඳීමක් ඇතිකරගනී. එය සුවඳ නැවත නැවත විඳීමට රුචිකරයි. ප්‍රාර්ථනා කරයි. අමිහිරි පිළිකුල් සහගත දුගඳ කෙරෙහි ගැටීමක් ඇතිකරගනී.[/SIZE] [SIZE=5] “මහණෙනි, හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු නියනකින් ඝානේන්ද්‍රිය ගලවා දමන ලදදේ මැනවි. නැහැයෙන් දත යුතු ගන්ධයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසු නොවේ . “ එම කර්මවිඥානයෙන් කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන දෙගතියට පැමිණෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.[/SIZE] [SIZE=5] ජීවයක පැවැත්මට උපකාරක වන ප්‍රමුඛතම සාධකය ආහාරය නිසාවෙන් (සබ්බේ සත්ථා ආහරට්ඨිතිකා) උපතේ සිට මරණය දක්වාම ආහාරගැනීම හේතුවෙන් දිව පිනවීම සිදුකරනු ලබයි. සෑම වීර්යයක්ම දරමින් ආර්ථිකව ගොනුකර ගනුයේ ආහාරය උදෙසාය. විවිධ වූ වර්ණයෙන්, වයනයෙන්, රසයෙන් යුක්ත වූ ආහාර ලබාදෙමින් දිව පිනවීම උදෙසා උත්සුක වෙති. කොපමණ රස වින්දද, ඇතිවීමක් තෘප්තිමත් බවක් නොමැත. තමන් තුළ පවත්නා වූ සාරධර්ම , ගුණධර්ම සාධුක වූ ක්‍රියාවන් පවා මැඬලමින් ආහාර ලබාගැනීමට ආර්ථිකය ගොඩනගන පුද්ගලයන් නැතුවාම නොවේ.[/SIZE] [SIZE=5] දිව හා සම්බන්ධ රසාංකුරයන් ,හෝමෝනයන් සකස් වී ඇත්තේ රසය පිළිබඳව සංවේදනයන් ලබා තෘප්තිමත් වීම උදෙසාමය. ආහාර ජීවිත පැවැත්ම උදෙසා පාදක කර ගනු මිසක ආහාරය පිළිබඳව ගිජු බවකින් යුක්තව දිව පිනවීමේ අධිකතර ආශාවෙන් යුක්තව වාසය කරන්නේ නම් පේ්රතලෝක වැනි දුගතිගාමී උත්පත්තින්ට පිවිසෙන්නේ නිරායාසයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදි වදාළේ[/SIZE] [SIZE=5] “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණූ සැතකින් ජීවිහින්ද්රිය කපන ලදදේ මැනවි. දිවෙන් දත යුතු රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසු නොවේ. නිමිති ආස්වාදයෙන් බැඳුණු කල කර්ම විඥානය හේතු කොටගෙන නිරය හෝ තිරිසන් ලෝකය ස්පර්ශ කරනු ලබන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක.”[/SIZE] [SIZE=5] අනතුරුව භාග්‍යවතුන් වහන්සේ කායේන්‍ද්‍රිය පිළිබඳව දේශනා කොට වදාළ සේක. උපන් සත්ත්වයා කයට සැප පහසුව ලබාදීමට රුචි වෙයි. තම තත්ත්වය,තරාතිරම ,ගෞරවය හා උසස් සාමජ තත්වයද පවා පහතට හෙළමින් කාය සන්තර්පණයෙහි නිමග්න වෙති. කය සැරසීම උදෙසා විවිධ ආලේපන, විවිධ සුවඳකර දේ, වස්ත්‍ර ආදියට කෙතරම් මුදලක් වියදම් කරමින් කායික ඔපය වඩවයිද?[/SIZE] [SIZE=5] භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ, “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත සැනෙකින් කායින්ද්රිය සැසදමන ලද්දේ මැනවි. කයින් දත යුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසුසු වේ. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්යඤජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්ම විඥානය සිටුයේ එසමයෙහි කලුරිය කොට නිරයත්, තිරිසන් යෝනියත් යන දෙකෙහි එක්තරා ගතියකට පැමිණෙන්නේය “[/SIZE] [SIZE=5] ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළේ, නින්දට බැසගැනීම සුදුසු බවත්, එතුළින් ජීවිතයන්ගේ වධබව, විඵලබව, මුළාබව, ඇතිවන්නේ යැයි කියන ලද බවය. මේ වනාහි මනෝන්ද්රිය පිළිබඳව වූ විමසුමකි. මනසට නතුවන අරමුණු නිශ්ඵල නම්,ඇලීම් බැඳීම් ඇතිකරන සුළු නම්, මනස නිදාගැනීම සිදුකරන්නේ නම් සුදුසු බව එනයින් පැහැදිලි කොට ඇත්තේය.[/SIZE] [SIZE=5] මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඇස, කන නාසය , දිව , ශරීරය, මනස යන ඉන්ද්රිය මුල්කොට අරමුණු ගැනීම නිසා එයින් සිදුවන අනිටු විපාක පිළිබඳව පිළිවිසීම සිදුකරනු ලබන අතර එම අරමුණුවල ඇලී ගැටී බැඳී වාසය කිරීම නිසා විඳින්නට සිදුවන කර්ම විපාකයන්ට වඩා එම ඉන්ද්රියෝ කපා දැමීම සුවර බව, යහපත් බව, පෙන්වා වදාළ සේක. ඉන්ද්‍රියන්, හා ඉන්ද්රිය ගෝචර අරමුණු පිළිබඳව නුවණින්, ප්‍රඥාවන්තව නොදකින්නේ නම් එයින් අත්වන ඉරණම ඉතා භයානකය. දුර්ලභව ලබාගන්නා වූ මිනිස් ජීවිතය සතර අපා දුකකට පැමිණවීම ට සමත්වන්නේය.[/SIZE] [SIZE=5] අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු මෙම ඉන්ද්රිය ධර්මයන් පිළිබඳව නුවණින් සලකන අයුරු පෙන්වා වදාළ සේක. ගිනිදැල් සහිත වූ රත්වූ යකඩයකින් ඇස පසන්නා ලබන කල, ඒකාන්තයෙන් ඇස අනිත්‍යයයි, රූපය අනිත්‍යයි, චක්ඛු, විඤ්ඤාණය අනිත්‍යයි, ඇසෙන් ලබන පහස අනිත්‍යයි, ඇසේ පහස නිසා ලබන සුව හෝ දුක් හෝ නොදුක් වූ වේදනාව අනිත්‍යයි මෙනෙහි කරන්නේය .[/SIZE] [SIZE=5] පඨවි, ආපෝ, තේජේ,වායෝ යන සතරමහා භූතයන්ගෙන් නිර්මිත ඇස වෙනස්වන සුළුය. උපත ලබන මොහොතේදී පිවිතුරු බවින් යුක්ත වන්නාවූ ඇස වයස මුහුකුරා වැඩෙත්ම තියුණු බවින් යුක්තවේ. අනතුරුව අනිත්‍යතාව පදනම් කොට අවසානයේ පෙනීම හීනවන තත්වයට පත්වේ. මෙසේ ඇස වනාහි වෙනස්වන සුළු දෙයකි.අනිත්‍යයයි දකී. යමක් අනිත්‍ය තත්වයෙන් යුක්තවේද එය දුකකි. (යද නිච්චං තං දුක්ඛං) දුක්ඛ වූ සැමදේ මමය,මාගේය, මගේ ආත්මයය කියාගත නොහැක. තම වසඟයෙහි පැවැත්විය නොහැකිය ලෙස ත්රිලක්ෂණ වශයෙන් විදර්ශනා ඥානයෙන් යුක්තව ඉන්ද්රිය සහ අරමුණු දෙස නුවණ යොදවා බලනු ලබයි.[/SIZE] [SIZE=5] අනතුරුව ශ්‍රෝතය, ඝානේන්ද්‍රිය ,ජීවිහේන්ද්රිය, කායින්ද්රිය, මනේන්ද්රියයෙහි අනිත්‍යතාව මෙනෙහි කරන ලෙස දේශනා කොට වදාළ සේක, ශබ්ද, ගන්ධ, රස , පහස, යන්නෙහි අනියත ස්වභාවය දකිමින් විඤ්ඤාණයන්හිද අනිත්‍යතාව දකින ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. විඤ්ඤාණය තුළින් හටගන්නා වූ සම්පස්සය හෙවත් ස්පර්ශය අනිත්‍යය. එම සමසපස්සයන් නිසා හටගන්නා සෝත වේදනා, ඝාණ වේදනා,ජීව්හා වේදනා,කාය වේදනා, මනෝ වේදනා අනිත්‍ය බව මෙනෙහි කරන ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කොට වදාළ සේක.[/SIZE] [SIZE=5] මෙසේ නුවණින් යුක්තව දකින්නා වූ ආර්ය ශ්රාවකයා අනිත්‍ය ස්වරූපය දැක කලකිරීමට පත්වන්නේය. එම කලකිරීම තුළින් ඇලීමක් ඇතිකර නොගනී. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල මිදුනේයැයි දැන ගනී. ජාතිය ක්ෂය කරයි. බඹසර වැස නිම කරන ලද්දේය. මේ භවය මිස තවත් භවයක් නැත්තේ යැයි දැන ගනී. තණ්හක්ඛය,මොහක්ඛය,දෝසක්ය සංඛ්‍යාත උතුම් විමුක්ති රසයෙන් පරික්ෂිප්ත වුනාවූ නිවනින් නිවී සැනසෙති.[/SIZE] [SIZE=5] මෙලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අනිත්‍ය වූ ඉන්ද්‍රියන් පිළිබඳව ආර්ය උත්තමයකු දැකිය යුතු ආකාරය, විමසිය යුතු ආකාරය, විචක්ෂණය කළ යුතු ආකාරය පෙන්වා වදාළමින් සසර දුගතියට යන මාර්ගය වසා සුගතිභූමියට පිළිපන් මාර්ගය පෙන්වා දෙමින් ජටිල පිරිස රහත්ඵලයට පත්කිරීම උදෙසා උක්ත ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව කරුණාවෙන් දේශනා කොට වදාළ සේක. මෙවන් වූ දහමට පිළිපන්ව අනිත්‍ය වූ ඉඳුරන් කෙරෙහි නොඇලි නොගැටී නිත්‍ය සුඛ ප්‍රණීත නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව සැමසතට උදාවේවා![/SIZE] [SIZE=5] ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.[/SIZE] බුදුසරණ අන්තර්ජාල කලාපය - මොරගොල්ලාගම උපසමා සිල්මාතාව [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom