Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලි පැටවුන් නීති විරෝධීව රඳවා ගෙන සිටි පුද්ගලයන්

වනාන්තරයෙන් නීති විරෝධීව අල්ලා ගත් අලි පැටවුන් විවිධ පුද්ගලයන් මිල දී ගෙන හා ප්‍රදාන වශයෙන් ලබා ගෙන විවිධ පුද්ගලයන් භාරයේ තබා ගෙන සිටි අතර නීති විරෝධීව කැලයෙන් ඇල්ලීම සිදු කළ පුද්ගලයන් භාරයේ ද අලි පැටවුන් කිහිපදෙනෙකු සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතර භික්ෂූන්වහන්සේලා හයනමක් ද වෙති.

දැනට සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන් වන්නේ ප්‍රේමසිරි කළුආරච්චි, එස්. එච්. උචිත නිශාන් ධම්මික, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න, වරුණ ලංකා කන්නංගර විජේසිංහ, අමරදේව මල්වත්ත, ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, පළිහපිටිය ගමගේ ජයලත්, සුනෙත් චතුරංග වීරසිංහ, සංඛ විරාජ් නවරත්න, රොමේෂ් මාලක දීපාල් කළුආරච්චි, භාරත දේශප්‍රිය අමරතුංග, ඩබ්ලිව්. ජී. එච්. දීප්ති කුමාර, ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි, ප්‍රදීප් සංජය මියනපලාව, අජිත් සිසිර කුමාර ගාල්ලගේ, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න, බුද්ධික දේශප්‍රිය නිරිහැල්ල, හසන්ති චම්පිකා සමරසේකර කරුණාරත්න, එන්. ජී. රාජපක්ෂ, උපුල් දිසානායක, නෙවිල් වන්නිආරච්චි, කිත්සිරි කහටපිටිය, සී. ඩබ්ලිව්. සනත් හපුආරච්චි, ඩබ්ලිව්. එම්. ඩී. පී. සඳමාලි විජේමාන්න, සමරප්පුලි හේවගේ නිරාජ් රොෂාන්, දේවාලේගම ධම්මසේන හිමි, තුෂාන් යශෝධ වෑකඩපොල, කමතෙගෙදර තිලකරත්න, හේවාවසම් ගමගේ සුනිල්, ගම්පහ ආරච්චිගේ රෝලන්ඩ්, පී. යූ. ඒ. විජයන්ති පෙරේරා, ජගත් පින්නගොඩ විතාන, උඩුවේ ධම්මාලෝක හිමි, ගලබඩ ඥානේස්සර හිමි, මහ දිසානායක බණ්ඩාරගේ චන්ද්‍රරත්න යටවර, හෙල්පාගොඩ ගමගේ තිලිණ සජෝත වින්සන්ට්, කොළොන්නාවේ සිරි සුමංගල හිමි, සචින් වාස් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් හා භික්ෂූන්වහන්සේලා ය.

මීට අමතර ව නීති විරෝධී අලි පැටවුන් සන්තකයේ තබා ගෙන සිටිය දී සැකකරුවන් බවට පත් වී ඇති නමුත් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් ගණන 5 කි. ඒ අතර භික්ෂූන්වහන්සේලා දෙනමක් ද වේ. එනම් බ්රාහ්මනගම රතනසිරි හිමි, ධරණාගම කුසලධම්ම හිමි, සමරප්පුලි හේවගේ නන්දදාස, සිරිසේන අමරතුංග හා ඒකනායක මුදියන්සේලාගේ අසේල ඒකනායක ය.

නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම හා විකිණීමේ ජාවාරමට එක ම පවුලේ වැඩි ම පිරිසක් දායක වී ඇත්තේ සමරප්පුලි හේවගේ නිරාජ් රොෂාන් මහතාගේ පවුලේ අය ය. ඔහුගේ පියා වන දැනට ජීවතුන් අතර නොමැති සමරප්පුලි හේවගේ නන්දදාස, ඔහුගේ සොහොයුරා වන එස්. එච්. උචිත නිශාන් ධම්මික සහ ඔහුගේ මාමණ්ඩියකු වන පළිහපිටිය ගමගේ ජයලත් යන මහත්වරුන් අලි පැටවුන් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම හේතුවෙන් මේ වන විට සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් විසින් මහරගම, ශ්‍රී විපශ්‍යාරාම විහාරය (පුවක්පිටිය විහාරය) සහ කොළොන්නාවේ සිරි සුමංගල හිමි සම්බන්ධ කර ගෙන කැලයෙන් අල්ලා ගන්නා අලි පැටවුන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා අලි පැටවුන් විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කිරීම සිදු කෙරින.

අධිකරණයෙන් නිදහස් කළ කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්

කැලයෙන් අල්ලාගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කර විවිධ පුද්ගලයන් භාරයේ සිටිය දී අවස්ථා කිහිපයක දී අත් අඩංගුවට ගත් අලි පැටවුන් 16 දෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණ තුනක නියෝග මත නිදහස් කර තිබේ. එසේ නිදහස් කළ එක් සතෙකු පමණක් පසුව ලබා දුන් අධිකරණ නියෝග මත උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටී. ඉතිරි සතුන් පසළොස්දෙනා ම නීති විරෝධී භාරකරුවන් සතු කර ඇත.

කැලයෙන් අල්ලා ගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කළ, මතුගම, ජගත් පින්නගොඩ විතාන මහතා භාරයේ සිටින සංජු නම් අලි පැටවා පළමු ව හෝමාගම දී අත් අඩංගුවට ගෙන නිදහස් කර ඇති අතර නැවත දඹුල්ලේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඇති අතර අධිකරණ නියෝග මත නැවත භාරකරු වෙත ලබා දී තිබේ. අලි – ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතාගේ 2016 මැයි මස 25 වන දින දරන විමර්ෂණ කමිටු වාර්තාවේ මෙම අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන භාවිතා කර ඇති බවට තහවුරු කර ඇත.

කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන බී23073/01/15 දරන විමර්ෂණ නඩුවට අනුව 2021 සැප්තැම්බර් 6 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීම මත අලි පැටවුන් 14 ක් නීති විරෝධී භාරකරුවන් වෙත ලබා දීමට නියෝග නිකුත් කෙරින.

එම නියෝගය මත 2014 ජූලි මස 22 වන දින හා 2014 ඔක්තොම්බර් 17 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද නීති විරෝධීව රඳවා සිටි අලි පැටවුන් සම්බන්ධ විගණන විමසුම් වාර්තාවලට අනුව කැලයෙන් අල්ලා ගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කළ බවට නිගමනය කර ඇති සතුන් සත්දෙනෙකු නිදහස් කිරීම සිදු කර ඇත. එනම් මීගොඩ, භාරත දේශප්‍රිය අමරතුංග භාරයේ සිටි චූටි මැණිකේ ඇතින්න, බියගම, ඩබ්ලිව්. ඩී. එච්. දීප්ති කුමාර භාරයේ සිටි සුරනි ඇතින්න, කොට්ටාව, ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි භාරයේ සිටි පංචාලි ඇතින්න, කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරයේ රඳවා සිටි අලි දෙදෙනා, හෝකන්දර, අජිත් සිසිර කුමාර ගාල්ලගේ භාරයේ සිටි දිනුක නම් අලියා සහ ඕපාත, හසන්ති චම්පිකා සමරසේකර කරුණාරත්න භාරයේ සිටි හිරුණි ඇතින්න නැවත නීති විරෝධී භාරකරුවන්ට ලබා දීම සිදු කර ඇත.

නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවට අනුව නීති විරෝධී ලේඛන භාවිතා කර ලියාපදිංචි කර ඇති බවට නිගමනය කර ඇති සතුන් 13 ක් මෙලෙස නිදහස් කිරීම සිදු කර තිබේ. එම සතුන් දහතුන්දෙනා අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වාර්තාවලට ලක් කළ සතුන් හත්දෙනා ද ඇතුළත් වේ. ඒ අනුව නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවෙන්, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කිරීමට නියෝග කළ තවත් සතුන් හයක් නීති විරෝධීව ලියාපදිංචි කළ සතුන් බවට නිගමනය කර තිබී ඇත. එම සතුන් නම් මාතර, ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර භාරයේ සිටි බවට සඳහන් භාණු අලියා, හොරණ, වරුණ ලංකා විජේසිංහ කන්නංගර භාරයේ සිටි සීදේවි ඇතින්න, පන්නිපිටිය, සමරප්පුලි හේවාගේ නිරාජ් රොෂාන් භාරයේ සිටි සුද්ධි නම් ඇතින්න, අමිතිරිගල, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න භාරයේ සිටි අලියා, මාවෙල, බුද්ධික දේශප්‍රිය නිරිහැල්ල භාරයේ සිටි සුදු මැණිකේ නම් ඇතින්න සහ අලව්ව, සුනෙත් චතුරංග වීරසිංහ භාරයේ සිටි සුජීවා නම් ඇතින්න නැවත ලබා දීමට නියෝග කර තිබුණි. නමුත් උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සුජීවා නම් ඇතින්නට පැටවකු ලැබී ඇති බැවින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම මත එම ඇතින්න හා පැටවා නීති විරෝධී භාරකරුවන් වෙත නැවත ලබා දීම අත්හිටුවා ඇති නමුත් ඉතිරි සතුන් සියල්ල ම නීති විරෝධී භාරකරුවන්ට ලබා දීම අවසන් කර තිබේ.

මීට අමතර ව 2021 සැප්තැම්බර් මස 6 වන දින කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත එන්. ජී. රාජපක්ෂ මහතාට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අල්ලා ගෙන ලියාපදිංචි කර නොමැති ව රඳවා සිටි 2015 ජනවාරි මස 31 වන දින පින්නවල අලි අනාථාගාරයට භාර දී තිබූ චාරිකා නම් ඇතින්න ද නැවත නීති විරෝධී භාරකරුට නිදහස් කිරීමට නියෝග කර ඇත. නමුත් එන්. ජී. රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ ඇතින්න භාර ගෙන ඇත්තේ රත්නපුර, පැල්මඩුල්ලේ චානක ජයසේකර මහතා විසිනි. දෙනියායේ විහාරස්ථානයකට රැගෙන ගොස් ඇති මෙම ඇතින්න තුසිත රණවක මහතා භාරයේ සිටින බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

2021 සැප්තැම්බර් 6 වන දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ බී941/14 දරන විමර්ෂණයට අනුව කැලයෙන් අල්ලා ගෙන නීති විරෝධීව රඳවා ගෙන සිටි උකුවෙල, කමතේගෙදර තිලකරත්න මහතා භාරයේ සිටිය දී අත් අඩංගුවට ගත් මිහිල නම් අලියා ව ද අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව නිදහස් කිරීමට නියෝග කෙරින. ඒ අනුව එම සතා ද නීති විරෝධී භාරකරු වෙත නිදහස් කර තිබේ.

[QUOTE="malakadss, post: 27066269, member: 179884"] [B]අලි පැටවුන් නීති විරෝධීව රඳවා ගෙන සිටි පුද්ගලයන්[/B] වනාන්තරයෙන් නීති විරෝධීව අල්ලා ගත් අලි පැටවුන් විවිධ පුද්ගලයන් මිල දී ගෙන හා ප්‍රදාන වශයෙන් ලබා ගෙන විවිධ පුද්ගලයන් භාරයේ තබා ගෙන සිටි අතර නීති විරෝධීව කැලයෙන් ඇල්ලීම සිදු කළ පුද්ගලයන් භාරයේ ද අලි පැටවුන් කිහිපදෙනෙකු සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතර භික්ෂූන්වහන්සේලා හයනමක් ද වෙති. දැනට සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන් වන්නේ ප්‍රේමසිරි කළුආරච්චි, එස්. එච්. උචිත නිශාන් ධම්මික, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න, වරුණ ලංකා කන්නංගර විජේසිංහ, අමරදේව මල්වත්ත, ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, පළිහපිටිය ගමගේ ජයලත්, සුනෙත් චතුරංග වීරසිංහ, සංඛ විරාජ් නවරත්න, රොමේෂ් මාලක දීපාල් කළුආරච්චි, භාරත දේශප්‍රිය අමරතුංග, ඩබ්ලිව්. ජී. එච්. දීප්ති කුමාර, ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි, ප්‍රදීප් සංජය මියනපලාව, අජිත් සිසිර කුමාර ගාල්ලගේ, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න, බුද්ධික දේශප්‍රිය නිරිහැල්ල, හසන්ති චම්පිකා සමරසේකර කරුණාරත්න, එන්. ජී. රාජපක්ෂ, උපුල් දිසානායක, නෙවිල් වන්නිආරච්චි, කිත්සිරි කහටපිටිය, සී. ඩබ්ලිව්. සනත් හපුආරච්චි, ඩබ්ලිව්. එම්. ඩී. පී. සඳමාලි විජේමාන්න, සමරප්පුලි හේවගේ නිරාජ් රොෂාන්, දේවාලේගම ධම්මසේන හිමි, තුෂාන් යශෝධ වෑකඩපොල, කමතෙගෙදර තිලකරත්න, හේවාවසම් ගමගේ සුනිල්, ගම්පහ ආරච්චිගේ රෝලන්ඩ්, පී. යූ. ඒ. විජයන්ති පෙරේරා, ජගත් පින්නගොඩ විතාන, උඩුවේ ධම්මාලෝක හිමි, ගලබඩ ඥානේස්සර හිමි, මහ දිසානායක බණ්ඩාරගේ චන්ද්‍රරත්න යටවර, හෙල්පාගොඩ ගමගේ තිලිණ සජෝත වින්සන්ට්, කොළොන්නාවේ සිරි සුමංගල හිමි, සචින් වාස් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් හා භික්ෂූන්වහන්සේලා ය. මීට අමතර ව නීති විරෝධී අලි පැටවුන් සන්තකයේ තබා ගෙන සිටිය දී සැකකරුවන් බවට පත් වී ඇති නමුත් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් ගණන 5 කි. ඒ අතර භික්ෂූන්වහන්සේලා දෙනමක් ද වේ. එනම් බ්රාහ්මනගම රතනසිරි හිමි, ධරණාගම කුසලධම්ම හිමි, සමරප්පුලි හේවගේ නන්දදාස, සිරිසේන අමරතුංග හා ඒකනායක මුදියන්සේලාගේ අසේල ඒකනායක ය. නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම හා විකිණීමේ ජාවාරමට එක ම පවුලේ වැඩි ම පිරිසක් දායක වී ඇත්තේ සමරප්පුලි හේවගේ නිරාජ් රොෂාන් මහතාගේ පවුලේ අය ය. ඔහුගේ පියා වන දැනට ජීවතුන් අතර නොමැති සමරප්පුලි හේවගේ නන්දදාස, ඔහුගේ සොහොයුරා වන එස්. එච්. උචිත නිශාන් ධම්මික සහ ඔහුගේ මාමණ්ඩියකු වන පළිහපිටිය ගමගේ ජයලත් යන මහත්වරුන් අලි පැටවුන් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම හේතුවෙන් මේ වන විට සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් විසින් මහරගම, ශ්‍රී විපශ්‍යාරාම විහාරය (පුවක්පිටිය විහාරය) සහ කොළොන්නාවේ සිරි සුමංගල හිමි සම්බන්ධ කර ගෙන කැලයෙන් අල්ලා ගන්නා අලි පැටවුන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා අලි පැටවුන් විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කිරීම සිදු කෙරින. [B]අධිකරණයෙන් නිදහස් කළ කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්[/B] කැලයෙන් අල්ලාගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කර විවිධ පුද්ගලයන් භාරයේ සිටිය දී අවස්ථා කිහිපයක දී අත් අඩංගුවට ගත් අලි පැටවුන් 16 දෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණ තුනක නියෝග මත නිදහස් කර තිබේ. එසේ නිදහස් කළ එක් සතෙකු පමණක් පසුව ලබා දුන් අධිකරණ නියෝග මත උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටී. ඉතිරි සතුන් පසළොස්දෙනා ම නීති විරෝධී භාරකරුවන් සතු කර ඇත. කැලයෙන් අල්ලා ගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කළ, මතුගම, ජගත් පින්නගොඩ විතාන මහතා භාරයේ සිටින සංජු නම් අලි පැටවා පළමු ව හෝමාගම දී අත් අඩංගුවට ගෙන නිදහස් කර ඇති අතර නැවත දඹුල්ලේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඇති අතර අධිකරණ නියෝග මත නැවත භාරකරු වෙත ලබා දී තිබේ. අලි – ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතාගේ 2016 මැයි මස 25 වන දින දරන විමර්ෂණ කමිටු වාර්තාවේ මෙම අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන භාවිතා කර ඇති බවට තහවුරු කර ඇත. කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන බී23073/01/15 දරන විමර්ෂණ නඩුවට අනුව 2021 සැප්තැම්බර් 6 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීම මත අලි පැටවුන් 14 ක් නීති විරෝධී භාරකරුවන් වෙත ලබා දීමට නියෝග නිකුත් කෙරින. එම නියෝගය මත 2014 ජූලි මස 22 වන දින හා 2014 ඔක්තොම්බර් 17 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද නීති විරෝධීව රඳවා සිටි අලි පැටවුන් සම්බන්ධ විගණන විමසුම් වාර්තාවලට අනුව කැලයෙන් අල්ලා ගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කළ බවට නිගමනය කර ඇති සතුන් සත්දෙනෙකු නිදහස් කිරීම සිදු කර ඇත. එනම් මීගොඩ, භාරත දේශප්‍රිය අමරතුංග භාරයේ සිටි චූටි මැණිකේ ඇතින්න, බියගම, ඩබ්ලිව්. ඩී. එච්. දීප්ති කුමාර භාරයේ සිටි සුරනි ඇතින්න, කොට්ටාව, ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි භාරයේ සිටි පංචාලි ඇතින්න, කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරයේ රඳවා සිටි අලි දෙදෙනා, හෝකන්දර, අජිත් සිසිර කුමාර ගාල්ලගේ භාරයේ සිටි දිනුක නම් අලියා සහ ඕපාත, හසන්ති චම්පිකා සමරසේකර කරුණාරත්න භාරයේ සිටි හිරුණි ඇතින්න නැවත නීති විරෝධී භාරකරුවන්ට ලබා දීම සිදු කර ඇත. නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවට අනුව නීති විරෝධී ලේඛන භාවිතා කර ලියාපදිංචි කර ඇති බවට නිගමනය කර ඇති සතුන් 13 ක් මෙලෙස නිදහස් කිරීම සිදු කර තිබේ. එම සතුන් දහතුන්දෙනා අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වාර්තාවලට ලක් කළ සතුන් හත්දෙනා ද ඇතුළත් වේ. ඒ අනුව නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවෙන්, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කිරීමට නියෝග කළ තවත් සතුන් හයක් නීති විරෝධීව ලියාපදිංචි කළ සතුන් බවට නිගමනය කර තිබී ඇත. එම සතුන් නම් මාතර, ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර භාරයේ සිටි බවට සඳහන් භාණු අලියා, හොරණ, වරුණ ලංකා විජේසිංහ කන්නංගර භාරයේ සිටි සීදේවි ඇතින්න, පන්නිපිටිය, සමරප්පුලි හේවාගේ නිරාජ් රොෂාන් භාරයේ සිටි සුද්ධි නම් ඇතින්න, අමිතිරිගල, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න භාරයේ සිටි අලියා, මාවෙල, බුද්ධික දේශප්‍රිය නිරිහැල්ල භාරයේ සිටි සුදු මැණිකේ නම් ඇතින්න සහ අලව්ව, සුනෙත් චතුරංග වීරසිංහ භාරයේ සිටි සුජීවා නම් ඇතින්න නැවත ලබා දීමට නියෝග කර තිබුණි. නමුත් උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සුජීවා නම් ඇතින්නට පැටවකු ලැබී ඇති බැවින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම මත එම ඇතින්න හා පැටවා නීති විරෝධී භාරකරුවන් වෙත නැවත ලබා දීම අත්හිටුවා ඇති නමුත් ඉතිරි සතුන් සියල්ල ම නීති විරෝධී භාරකරුවන්ට ලබා දීම අවසන් කර තිබේ. මීට අමතර ව 2021 සැප්තැම්බර් මස 6 වන දින කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත එන්. ජී. රාජපක්ෂ මහතාට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අල්ලා ගෙන ලියාපදිංචි කර නොමැති ව රඳවා සිටි 2015 ජනවාරි මස 31 වන දින පින්නවල අලි අනාථාගාරයට භාර දී තිබූ චාරිකා නම් ඇතින්න ද නැවත නීති විරෝධී භාරකරුට නිදහස් කිරීමට නියෝග කර ඇත. නමුත් එන්. ජී. රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ ඇතින්න භාර ගෙන ඇත්තේ රත්නපුර, පැල්මඩුල්ලේ චානක ජයසේකර මහතා විසිනි. දෙනියායේ විහාරස්ථානයකට රැගෙන ගොස් ඇති මෙම ඇතින්න තුසිත රණවක මහතා භාරයේ සිටින බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ. 2021 සැප්තැම්බර් 6 වන දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ බී941/14 දරන විමර්ෂණයට අනුව කැලයෙන් අල්ලා ගෙන නීති විරෝධීව රඳවා ගෙන සිටි උකුවෙල, කමතේගෙදර තිලකරත්න මහතා භාරයේ සිටිය දී අත් අඩංගුවට ගත් මිහිල නම් අලියා ව ද අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව නිදහස් කිරීමට නියෝග කෙරින. ඒ අනුව එම සතා ද නීති විරෝධී භාරකරු වෙත නිදහස් කර තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom