Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධීව අධිකරණයට කරුණු සැඟවීම

2021 සැප්තැම්බර් මස 6 වන දින නීති විරෝධීව රදවාගෙන සිටිය දී අත් අඩංගුවට ගත් අලි පැටවුන් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු සැඟවීම සිදු කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වාර්තා දෙකක් මගින් හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවට අනුව කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කර ඇති, කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් බවට නිගමනය කර ඇති සතුන් හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව පොදු දේපලක් ලෙස සැලකෙන අලි – ඇතුන් නැවත වරක් නීති විරෝධී සන්තකය දැරූ පුද්ගලයන්ට භාර දිය නොහැකි බවට කරුණු ඉදිරිපත් කර නොමැත.

1944 වසරේ නීතිපතිට එදිරිව පනිකම් නඩුවේ තීන්දුවට අනුව බලපත්‍ර නොමැතිව අල්ලා ගත් අලියකු රජය සතු දේපලක් වන අතර එම සතා ව රඳවාගෙන සිටි පුද්ගලයාට නැවත ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බව දක්වා තිබේ. නමුත් මෙම කරුණු කිසිවක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැත.

දණ්ඩ නීති සංග්‍රහයේ දහ අට වන පරිච්ඡේදයේ 452 වන වගන්තියට අනුව වංචාවක් කිරීමේ අදහසින් අයතා ලේඛන සකස් කිරීම කූට ලේඛන සැකැසීම ලෙස හැඳින්වේ. මෙම අලි පැටවුන් ලියාපදිංචි කිරීම සඳහා මෙලෙස සකස් කළ කූට ලේඛන භාවිතා කර ඇති බවට වාර්තා තුනකින් තහවුරු කර ඇත. මේ තොරතුරු නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනගෙන සිටිය ද ඒ පිළිබඳ ව තොරතුරු සඟවා කරුණු ඉදිරිපත් කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ එකොළොස්වන පරිච්ඡේදය යටතේ බොරු සාක්ෂි දීම හා මහජන යුක්ති ධර්මයට විරුද්ධ වැරදි කොටසේ 189 වන වගන්තියට අනුව අසත්‍ය ප්‍රකාශ අධිකරණමය නීති කාර්යයක දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. වැරදි අදහසක් ඇති කරවාලිය හැකි ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම ද සිදු කර ඇත. පනතේ 190 වන වගන්තියට අනුව මෙවැනි අසත්‍ය ප්‍රකාශ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ හැකි වරදකි.

එපමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් සඳහන් නීතියකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හරින අවස්ථාවක දී දඩුවම් කළ හැකි ය.

මේ අනුව නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇත්තේ නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම හා අධිකරණය හෑල්ලුවට ලක් කිරීමකි. බී23073/01/15 අංක දරන විමර්ෂණ නඩුව 2021 සැප්තැම්බර් මස 23 වන දින කැඳවූ අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක විසින් උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සුජීවා ඇතින්න හා පැටවා නීති විරෝධී භාරකරුට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී ඉදිරිපත් කළ කරුණු සැලැකිල්ලට ගෙන කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාගෙන් විමසා ඇත්තේ ඔබ පෙනී සිටින්නේ නීතිපති වෙනුවෙන් ද නැතහොත් අලි භාරකරුවන් වෙනුවෙන් ද බව ය. ඒ අනුව මහේස්ත්රාත්වරයාට පවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට අවධාරණය වී ඇත. මේ මගින් නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙමින් පවතී.

ලේකම් පාලිත ප්‍රනාන්දු අලි ජාවාරමට හවුල් වීම

පසුගිය වසර 20 ක කාලය තුළ නිරාජ් රොෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අලි පැටවුන් ජාවාරම සඳහා විශාල පිරිසකගේ සහයෝගය ලැබී තිබේ. දේශපාලඥයන්, නීතිවේදීන්, මහේස්ත්‍රාත්වරුන්, පශුවෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහයෝගය මත මෙම ජාවාරම අඛණ්ඩව සිදු කෙරින. අද වන විට මෙම ජාවාරම සඳහා නීතිපති වරයාගේ සහයෝගයට අමතර ව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ සහයෝගය ද ලැබෙමින් පවතී. අලි පැටවුන් ජාවාරම්කරුවන්ට සහයෝගය ලබා දීමට නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි – ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා මෙන් ම අලි – ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවිය හැකි වන පරිදි නියෝග ඇතුළත් 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කරමින් ප්‍රකාශයට පත් කිරීමේ පුරෝගාමී පුද්ගලයා ලෙස කටයුතු කළේ ද පාලිත ප්‍රනාන්දු මහතා ය.

එපමණක් නොව නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි පැටවුන් නිදහස් කිරීම සඳහා ලැබුණු අධිකරණ තීන්දුව පාදක කර ගෙන පින්නවල අලි අනාථාගාරයෙන් හා උඩවලව ඇත් අතුරු සෙවණින් අලි පැටවුන් නීත්‍යනුකූල නොවන ක්‍රමවේද යටතේ නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්බන්ධීකරණය හා නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම ඇතුළු සියල්ල සිදු කරනු ලැබූවේ අමාත්‍යංශයේ ලේකම් පාලිත ප්‍රනාන්දු මහතා ය. වනජීවීන්ගේ රැකවරණය වෙනුවෙන් නොව ජාවාරම්කරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින මෙම පුද්ගලයන් ද ඉදිරියේ දී අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු ය. එසේ නොවුනහොත් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ ලබා දීමට තව තවත් අවස්ථාව ලබා දීම තුළින් මෙරට වනජීවීන්ගේ රැකවරණය අහිමි කර දැමීමට ඉඩහසර විවර කිරීමකි.

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් අධිකරණ නියෝග මත රඳවා තබා ඇති ආකාරය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණ මගින් අලි පැටවුන් 14 ක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණ මගින් අලි පැටවුන් 25 ක් වශයෙන් අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබේ. එම සතුන් අතුරෙන් එක් සතෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී මිය ගියේ ය. ඉතිරි සතුන් තිස් අට දෙනා අධිකරණ නියෝග මත පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන් 19 ක්, උඩවලව ඇත් අතුරු සෙවණේ හා අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි පැටවුන් 18 ක් සහ රිදියගම, සෆාරි උද්‍යානයේ එක් පැටවකු වශයෙන් රඳවා තැබිණි.

කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී23073/01/15 දරන හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ බී941/14 අංක දරන නඩුවලට අදාළ ව 2021 සැප්තැම්බර් 6 වන දින අධිකරණ නියෝගවලට අනුව අලි පැටවුන් 14 ක් මෙම ස්ථානවලින් නීති විරෝධී භාරකරුවන්ට නැවත භාර දී ඇති බැවින් මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ අලි 11 ක් සහ උඩවලව ඇත් අතුරු සෙවණේ හා අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 13 ක් වශයෙන් නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් 24 ක් රඳවා සිටී. ඉතිරි සතුන් දහ හතර දෙනා නීති විරෝධී භාරකරුවන් සන්තකයේ මේ වන විට රඳවා සිටී.

[QUOTE="malakadss, post: 27066278, member: 179884"] [B]නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධීව අධිකරණයට කරුණු සැඟවීම[/B] 2021 සැප්තැම්බර් මස 6 වන දින නීති විරෝධීව රදවාගෙන සිටිය දී අත් අඩංගුවට ගත් අලි පැටවුන් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු සැඟවීම සිදු කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වාර්තා දෙකක් මගින් හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවට අනුව කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කර ඇති, කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් බවට නිගමනය කර ඇති සතුන් හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව පොදු දේපලක් ලෙස සැලකෙන අලි – ඇතුන් නැවත වරක් නීති විරෝධී සන්තකය දැරූ පුද්ගලයන්ට භාර දිය නොහැකි බවට කරුණු ඉදිරිපත් කර නොමැත. 1944 වසරේ නීතිපතිට එදිරිව පනිකම් නඩුවේ තීන්දුවට අනුව බලපත්‍ර නොමැතිව අල්ලා ගත් අලියකු රජය සතු දේපලක් වන අතර එම සතා ව රඳවාගෙන සිටි පුද්ගලයාට නැවත ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බව දක්වා තිබේ. නමුත් මෙම කරුණු කිසිවක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැත. දණ්ඩ නීති සංග්‍රහයේ දහ අට වන පරිච්ඡේදයේ 452 වන වගන්තියට අනුව වංචාවක් කිරීමේ අදහසින් අයතා ලේඛන සකස් කිරීම කූට ලේඛන සැකැසීම ලෙස හැඳින්වේ. මෙම අලි පැටවුන් ලියාපදිංචි කිරීම සඳහා මෙලෙස සකස් කළ කූට ලේඛන භාවිතා කර ඇති බවට වාර්තා තුනකින් තහවුරු කර ඇත. මේ තොරතුරු නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනගෙන සිටිය ද ඒ පිළිබඳ ව තොරතුරු සඟවා කරුණු ඉදිරිපත් කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ එකොළොස්වන පරිච්ඡේදය යටතේ බොරු සාක්ෂි දීම හා මහජන යුක්ති ධර්මයට විරුද්ධ වැරදි කොටසේ 189 වන වගන්තියට අනුව අසත්‍ය ප්‍රකාශ අධිකරණමය නීති කාර්යයක දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. වැරදි අදහසක් ඇති කරවාලිය හැකි ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම ද සිදු කර ඇත. පනතේ 190 වන වගන්තියට අනුව මෙවැනි අසත්‍ය ප්‍රකාශ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ හැකි වරදකි. එපමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් සඳහන් නීතියකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හරින අවස්ථාවක දී දඩුවම් කළ හැකි ය. මේ අනුව නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇත්තේ නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම හා අධිකරණය හෑල්ලුවට ලක් කිරීමකි. බී23073/01/15 අංක දරන විමර්ෂණ නඩුව 2021 සැප්තැම්බර් මස 23 වන දින කැඳවූ අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක විසින් උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සුජීවා ඇතින්න හා පැටවා නීති විරෝධී භාරකරුට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී ඉදිරිපත් කළ කරුණු සැලැකිල්ලට ගෙන කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාගෙන් විමසා ඇත්තේ ඔබ පෙනී සිටින්නේ නීතිපති වෙනුවෙන් ද නැතහොත් අලි භාරකරුවන් වෙනුවෙන් ද බව ය. ඒ අනුව මහේස්ත්රාත්වරයාට පවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට අවධාරණය වී ඇත. මේ මගින් නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙමින් පවතී. [B]ලේකම් පාලිත ප්‍රනාන්දු අලි ජාවාරමට හවුල් වීම[/B] පසුගිය වසර 20 ක කාලය තුළ නිරාජ් රොෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අලි පැටවුන් ජාවාරම සඳහා විශාල පිරිසකගේ සහයෝගය ලැබී තිබේ. දේශපාලඥයන්, නීතිවේදීන්, මහේස්ත්‍රාත්වරුන්, පශුවෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහයෝගය මත මෙම ජාවාරම අඛණ්ඩව සිදු කෙරින. අද වන විට මෙම ජාවාරම සඳහා නීතිපති වරයාගේ සහයෝගයට අමතර ව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ සහයෝගය ද ලැබෙමින් පවතී. අලි පැටවුන් ජාවාරම්කරුවන්ට සහයෝගය ලබා දීමට නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි – ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා මෙන් ම අලි – ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවිය හැකි වන පරිදි නියෝග ඇතුළත් 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කරමින් ප්‍රකාශයට පත් කිරීමේ පුරෝගාමී පුද්ගලයා ලෙස කටයුතු කළේ ද පාලිත ප්‍රනාන්දු මහතා ය. එපමණක් නොව නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි පැටවුන් නිදහස් කිරීම සඳහා ලැබුණු අධිකරණ තීන්දුව පාදක කර ගෙන පින්නවල අලි අනාථාගාරයෙන් හා උඩවලව ඇත් අතුරු සෙවණින් අලි පැටවුන් නීත්‍යනුකූල නොවන ක්‍රමවේද යටතේ නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්බන්ධීකරණය හා නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම ඇතුළු සියල්ල සිදු කරනු ලැබූවේ අමාත්‍යංශයේ ලේකම් පාලිත ප්‍රනාන්දු මහතා ය. වනජීවීන්ගේ රැකවරණය වෙනුවෙන් නොව ජාවාරම්කරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින මෙම පුද්ගලයන් ද ඉදිරියේ දී අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු ය. එසේ නොවුනහොත් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ ලබා දීමට තව තවත් අවස්ථාව ලබා දීම තුළින් මෙරට වනජීවීන්ගේ රැකවරණය අහිමි කර දැමීමට ඉඩහසර විවර කිරීමකි. [B]කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් අධිකරණ නියෝග මත රඳවා තබා ඇති ආකාරය[/B] වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණ මගින් අලි පැටවුන් 14 ක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණ මගින් අලි පැටවුන් 25 ක් වශයෙන් අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබේ. එම සතුන් අතුරෙන් එක් සතෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී මිය ගියේ ය. ඉතිරි සතුන් තිස් අට දෙනා අධිකරණ නියෝග මත පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන් 19 ක්, උඩවලව ඇත් අතුරු සෙවණේ හා අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි පැටවුන් 18 ක් සහ රිදියගම, සෆාරි උද්‍යානයේ එක් පැටවකු වශයෙන් රඳවා තැබිණි. කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී23073/01/15 දරන හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ බී941/14 අංක දරන නඩුවලට අදාළ ව 2021 සැප්තැම්බර් 6 වන දින අධිකරණ නියෝගවලට අනුව අලි පැටවුන් 14 ක් මෙම ස්ථානවලින් නීති විරෝධී භාරකරුවන්ට නැවත භාර දී ඇති බැවින් මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ අලි 11 ක් සහ උඩවලව ඇත් අතුරු සෙවණේ හා අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 13 ක් වශයෙන් නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් 24 ක් රඳවා සිටී. ඉතිරි සතුන් දහ හතර දෙනා නීති විරෝධී භාරකරුවන් සන්තකයේ මේ වන විට රඳවා සිටී. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom