Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලි පැටවුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය

අත් අඩංගුවට ගන්නා කාල සීමාවේ දී අලි පැටවුන් ලෙස හැදින් වූ මෙම සතුන් අද වන විට තරුණ අවධියේ පසු වේ. කැලයෙන් අල්ලාගත් අවස්ථාවේ සිට ම මෙම සතුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය අහිමි කර ඇත. අලි – ඇතුන් නඩු භාණ්ඩ ලෙස විවිධ ස්ථානවල රඳවා තැබීමෙන් සිදු වන්නේ එම සතුන්ට ස්වාභාවික පරිසරය තුළ සිදු කළ සියලු කාර්යයන් අහිමි කිරීම ය. මෙම සතුන් පොදු දේපලක් වන නිසා හා එම සතුන්ට පරම අයිතියක් කිසිදු පුද්ගලයකුට නොමැති නිසා එම සතුන් නඩු භාණ්ඩ ලෙස රඳවා තැබීම වෙනුවට ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු ය.

අලි පැටවුන් ජාවාරමේ නිරත කණ්ඩායම් සිදු කළ හානියට ම සමාන හානියක් එම සතුන් නඩු භාණ්ඩ ලෙස ස්වාභාවික පරිසරයෙන් පරිභාහිරව රඳවා තැබීමෙන් සිදු කර ඇත. මේ තත්ත්වය වහා ම වෙනස් කළ යුතු ය. අජීවී නඩු භාණ්ඩයක් රඳවා තබන ආකාරයට ම ජීවී සතෙකු නඩු භාණ්ඩයක් ලෙස රඳවා නොතැබිය යුතු ය. ඕනෑ ම ජීවියකු ස්වාභාවික පරිසරය තුළ සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙකකි. එනම් උපරිම ආයු කාලයක් ජීවත් වීමට උත්සාහ කිරීම හා එම කාලය තුළ උපරිම ප්‍රමාණයක් තම වර්ගයා බිහි කිරීමට උත්සාහ කිරීම ය. එය ඕනෑ ම ජීවියෙකුගේ කාර්යයභාරය වන අතර ඒ කාර්යය සිදු කරන අතර තුර ස්වාභාවික පරිසර පද්ධතියක පැවැත්මට බොහෝ මෙහෙයක් ඉටු වේ. එම කාර්යය සිදු කිරීමට ඇති අවස්ථාව ජාවාරම්කරුවන්ට අහිමි කළ නොහැකි ආකාරයෙන් ම නඩු භාණ්ඩ ලෙස අලි – ඇතුන් රඳවා තැබීමෙන් එම සතුන්ට අහිමි නොකළ යුතු ය. එම නිසා නඩු භාණ්ඩ ලෙස රඳවා ඇති සියලූ ම අලි පැටවුන් නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු ව ඇත.

ඉන්දියාවේ දිල්ලි මහාධිකරණයේ විභාග වූ ගෘහාශ්‍රිත ව රඳවා සිටි අලියකු සම්බන්ධ සද්ධම් එදිරිව ඉන්දිය රජය නඩුවට අදාළ නඩු තීන්දුව 2020 වසරේ දී ලබා දෙමින් විනිසුරුවන් සඳහන් කරන්නේ සතෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වන හෙයින් සතුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකරණයට යුතුකමක් ඇති බවයි. අලියෙකුට ප්‍රමාණවත් තරම් ජලය හා තෘණ භූමි අවශ්‍ය බව අධිකරණය පිළිගන්නා බැවින් ඒ සඳහා හොඳම ස්ථානය ස්වාභාවික වාසස්ථානය බව නඩු තීන්දුවේ සඳහන් වේ. එපමණක් නොව අලියාට හස්තිපාලක (ඇත්ගොව්වා) නොමැතිව ජීවත් විය නොහැකි බව තහවුරු කිරීමට ලේඛන සාක්ෂි නොමැති අතර හස්තිපාලකට හිමිකාරිත්වය තහවුරු කිරීමට ලේඛන සාක්ෂි තිබුණ ද අලියකුගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවලට හොඳම පරිසරය වනාන්තරය බව එම නඩු තීන්දුවේ වැඩිදුරටත් විග්රහ කර තිබේ. තව ද අලියාගේ අයිතීන් සහ ඇත්ගොව්වාගේ අයිතීන් අතර ගැටුමක් ඇති වුවහොත් අලියාගේ අයිතීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සිදු වන බව ද අධිකරණයේ අදහස බව එම නඩු තීන්දුවේ සඳහන් වේ.

මීට අමතර ව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ ඉන්දියානු සත්ත්ව සුභසාධන මණ්ඩලය එදිරිව නාගරාජා නඩුවේ ගවයින් භාවිත කර සිදු කරන සාම්ප්‍රදායික ජල්ලිකුට්ටු ක්‍රිඩාවට අදාළ තීන්දුව 2014 වසරේ දී ලබා දෙමින් විනිසුරුවන් සඳහන් කරන්නේ රජය අනාථ දරුවන්ගේ භාරකාරත්වය දරන ආකාරයට ම සතුන්ට ද එම භාරකාරත්වය ලබා දිය යුතු බව ය.

මේ අනුව වනාන්තරයෙන් අල්ලා රඳවාගෙන සිටින අලි – ඇතුන් තිස්අට දෙනා ම නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු ය. විවිධ නම් වලින් හඳුන්වමින් රඳවාගෙන සිටින පොඩි කදිරා, සාලිය, සුමනා, සීවලී, භාණු, සහයෝග, සීදේවි, සුජීවා, සුද්දි, චූටි මැණිකේ, සුරනි, පංචාලි, වස්තු, සඳලි, පාරමී, සමාධි, සුදු මැණිකේ, සකුරා හෙවත් චූටි මහත්තයා, හාමු, දිල්කි, සන්දුල, සිගිති, දිනුක, හිරුණි, චාරිකා, මිහිල, දෙව්මිණී, සංජු, ගංගා, මිහින් රාජා සහ රෝහණ රාජා හෙවත් අභය රාජා ඇතුළු අනෙක් සියලූ ම අලි පැටවුන් නැවත වනයට මුදා හැරීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සකස් කළ යුතු ය. එම සතුන් තවදුරටත් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටීමෙන් සිදු වන්නේ පෞද්ගලික භාරකරුවන් සන්තකයේ සිටිය දී සිදු වන අනර්ථය ම ය.

අලි පැටවුන් ජාවාරමෙන් සිදු වන නීති උල්ලංඝනය කිරීම

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 20 වන වගන්තියට අනුව අලි – ඇතුන් අල්ලා ගැනීම හෝ ඒ සඳහා උපක්‍රම භාවිත කිරීම තහනම් වේ. එවන් ක්‍රියාවකට වරදකරුවකු වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ එකහමාරත් ලක්ෂ පහත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එපමණක් නොව එම අලියා හෝ ඇතා යම් නිලධාරියකුගේ සන්තකයට හෝ ආරක්ෂාවට භාර දීමට අධිකරණයට හැකියාව ඇත.

අලි – ඇතුන් සම්බන්ධයෙන් සිදු කරන යම් වරදක් ඇපදිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සම්බන්ධයෙන් 1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධානවලට සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධානවලට අදාළ විය යුතු ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 22අ වගන්තියට අනුව හීලෑ අලි – ඇතුන් නියමිත පරිදි වාර්ෂික ව ලියාපදිංචි කළ යුතු ය. ලියාපදිංචි නොකළ සතුන් සන්තකයේ තබා ගැනීම වරදකි. එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ලියාපදිංචි කර නොමැති අලි – ඇතුන් නීති විරෝධීව අල්ලා ගත් සතුන් ලෙස අනුමාන කළ යුතු අතර පොදු දේපලක් ලෙස සලකණු ලැබේ. ඒ අනුව 1982 අංක 22 දරන පොදු දේපල පනතේ විධිවිධානවලට අනුව කටයුතු කළ යුතු ය. පනතේ 23(1) වගන්තියට අනුව නීති විරෝධීව අලි – ඇතුන් සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයන් වරදකරුවකු වේ. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර දහයත් විස්සත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙම පනතේ 59 වන වගන්තියට අනුව යම් වරදක් සිදු කිරීමට ආදාර අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරද ම කරනු ලබයි. පනතේ 67ආ1 උප වගන්තියට අනුව අලි – ඇතුන් සම්බන්ධ සියලු වැරදි සංඥ්ය වැරදි වේ. ඒ අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි අතර පනතේ 67ඈ1 උප වගන්තියට අනුව සංඥේය වැරදි සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන ක්රියාවේ යෙදවිය යුතු වේ.

අලි පැටවුන් කැලයෙන් අල්ලාගත් බව සනාථ කිරීම

නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කිරීමේ දී මිය ගිය සතුන්ට දාව උපන් පැටවුන් බව සඳහන් කරමින් මෙම සතුන් ගෘහාශ්‍රිත ඇතින්නියන්ට දාව උපන් පැටවුන් බව සනාථ කිරීමට අලි පැටවුන් ජාවාරමේ නිරත පිරිස විශාල උත්සාහයක් ගනිමින් සිටී. අපගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ කැලයෙන් අල්ලා ගෙන ගෘහාශ්‍රිත කර ඇති බවට හඳුනාගෙන දැනට අත් අඩංගුවට ගෙන ඇති අලි පැටවුන් සියල්ල ම 2000 වසරෙන් පසුව ඉපදුණු සතුන් බව ය. එසේ නම් ගෘහාශ්‍රිත අලි – ඇතුන් විශාල ප්‍රමාණයකට දාව මෙම සතුන් ඉපදීම සිදු විය යුතු ය.

ඇතින්නියක් මාස 22 ක් පමණ වන ගැබ් කාලයක් ගත කර පැටවුන් බිහි කරන අතර 2000 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ අලි පැටවුන් මෙතරම් ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට නම් මෙම කාලය තුළ ජීවත් ව සිටි සියලූ ම ගෘහාශ්‍රිත ගැහැනු සතුන්ට පැටවුන් බිහි විය යුතු ය. නමුත් එම කාලය තුළ කිසිදු ඇතින්නියකගේ ගැබ් ගැනීමක් පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වී නොමැත.

අලි පැටවුන් ජාවාරමේ නිරත පුද්ගලයන් සඳහන් කරන ආකාරයට පැටවුන් බිහි කළ සියලූ ම මව් පිය සතුන් මිය ගොස් ඇත. එම සතුන් ජීවත් ව සිටියේ නම් රුධිර සාම්පල් මගින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු කර එම සතුන්ගේ මව් පිය සතුන් නිවැරදි ව හඳුනා ගත හැකි ව තිබුණි.

අපගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ 2000 වසරෙන් පසුව මිය ගිය අලි – ඇතුන් ප්‍රමාණය 22 ක් පමණ වන බව ය. (නමුත් සමහර වාර්තාවල මෙම අගය මීට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බව සඳහන් වේ.) ඒ අතුරෙන් දහසය දෙනෙක් පිරිමි සතුන් වන අතර හතර දෙනෙකු ගැහැනු සතුන් වේ. එම ගැහැනු සතුන් ද වයස අවුරුදු 65 ත් 75 ත් අතර වයස් සීමාවල දී මිය ගිය සතුන් වේ. එසේ මිය ගිය සතුන් නම් අතුල, චන්ද්‍රෘ, සෙල්ලරාජා, ලංකා, දිවුලා, සිංහරාජා, අභය, කපිල, නවම් රාජා, වාසනා, සමන් රාජා, හේමන්ත, කණ්ඩුල, ටිකිරි, අප්පුහාමි පැටියා, රන් අම්මා, මැණිකේ, රාජා, මැණිකා යන නම් වලින් හැඳින් වූ අලි – ඇතුන් හා ඇතින්නියන් ය.

ඒ අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් 51 ක් පමණ ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැත. මෙතරම් අලි පැටවුන් ප්‍රමාණයක් ඉපදීමට තරුණ වයසේ පසුවන ඇතින්නියන් විශාල ප්‍රමාණයක් වර්ෂ 2000 ත් 2015 ත් අතර කාලය තුළ ජීවත් ව සිට මිය යාම සිදු වී තිබිය යුතු ය. නමුත් එතරම් විශාල ප්‍රමාණයක් තරුණ වයසේ පසු වූ ගැහැනු සතුන් මිය ගිය බවට වාර්තා නොමැත. වර්ෂ 2000 ත් 2015 ත් අතර කාල සීමා ව තුළ මෙතරම් ප්‍රමාණයක් තරුණ වයසේ පසු වූ ඇතින්නියන් මිය යාමට ලක් වී ඇත්නම් ඒ පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු අතර ඒ මත පදනම් ව ගෘහාශ්‍රිත ව ඇලි – ඇතුන් රඳවා තබා ගැනීම පිළිබඳ ව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු ය. මේ සියලු තත්ත්වයන්ට අනුව මේ වන විට කූට ලේඛන භාවිත කර ලියාපදිංචි කර ඇති අලි පැටවුන් ගෘහාශ්‍රිත අලි – ඇතුන්ට දාව ඉපදුණු බවට සඳහන් කරන ප්‍රකාශ සියල්ල සම්පූර්ණයෙන් ම අසත්‍ය බව තහවුරු වේ.

[QUOTE="malakadss, post: 27066279, member: 179884"] [B]අලි පැටවුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය[/B] අත් අඩංගුවට ගන්නා කාල සීමාවේ දී අලි පැටවුන් ලෙස හැදින් වූ මෙම සතුන් අද වන විට තරුණ අවධියේ පසු වේ. කැලයෙන් අල්ලාගත් අවස්ථාවේ සිට ම මෙම සතුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය අහිමි කර ඇත. අලි – ඇතුන් නඩු භාණ්ඩ ලෙස විවිධ ස්ථානවල රඳවා තැබීමෙන් සිදු වන්නේ එම සතුන්ට ස්වාභාවික පරිසරය තුළ සිදු කළ සියලු කාර්යයන් අහිමි කිරීම ය. මෙම සතුන් පොදු දේපලක් වන නිසා හා එම සතුන්ට පරම අයිතියක් කිසිදු පුද්ගලයකුට නොමැති නිසා එම සතුන් නඩු භාණ්ඩ ලෙස රඳවා තැබීම වෙනුවට ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු ය. අලි පැටවුන් ජාවාරමේ නිරත කණ්ඩායම් සිදු කළ හානියට ම සමාන හානියක් එම සතුන් නඩු භාණ්ඩ ලෙස ස්වාභාවික පරිසරයෙන් පරිභාහිරව රඳවා තැබීමෙන් සිදු කර ඇත. මේ තත්ත්වය වහා ම වෙනස් කළ යුතු ය. අජීවී නඩු භාණ්ඩයක් රඳවා තබන ආකාරයට ම ජීවී සතෙකු නඩු භාණ්ඩයක් ලෙස රඳවා නොතැබිය යුතු ය. ඕනෑ ම ජීවියකු ස්වාභාවික පරිසරය තුළ සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙකකි. එනම් උපරිම ආයු කාලයක් ජීවත් වීමට උත්සාහ කිරීම හා එම කාලය තුළ උපරිම ප්‍රමාණයක් තම වර්ගයා බිහි කිරීමට උත්සාහ කිරීම ය. එය ඕනෑ ම ජීවියෙකුගේ කාර්යයභාරය වන අතර ඒ කාර්යය සිදු කරන අතර තුර ස්වාභාවික පරිසර පද්ධතියක පැවැත්මට බොහෝ මෙහෙයක් ඉටු වේ. එම කාර්යය සිදු කිරීමට ඇති අවස්ථාව ජාවාරම්කරුවන්ට අහිමි කළ නොහැකි ආකාරයෙන් ම නඩු භාණ්ඩ ලෙස අලි – ඇතුන් රඳවා තැබීමෙන් එම සතුන්ට අහිමි නොකළ යුතු ය. එම නිසා නඩු භාණ්ඩ ලෙස රඳවා ඇති සියලූ ම අලි පැටවුන් නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු ව ඇත. ඉන්දියාවේ දිල්ලි මහාධිකරණයේ විභාග වූ ගෘහාශ්‍රිත ව රඳවා සිටි අලියකු සම්බන්ධ සද්ධම් එදිරිව ඉන්දිය රජය නඩුවට අදාළ නඩු තීන්දුව 2020 වසරේ දී ලබා දෙමින් විනිසුරුවන් සඳහන් කරන්නේ සතෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වන හෙයින් සතුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකරණයට යුතුකමක් ඇති බවයි. අලියෙකුට ප්‍රමාණවත් තරම් ජලය හා තෘණ භූමි අවශ්‍ය බව අධිකරණය පිළිගන්නා බැවින් ඒ සඳහා හොඳම ස්ථානය ස්වාභාවික වාසස්ථානය බව නඩු තීන්දුවේ සඳහන් වේ. එපමණක් නොව අලියාට හස්තිපාලක (ඇත්ගොව්වා) නොමැතිව ජීවත් විය නොහැකි බව තහවුරු කිරීමට ලේඛන සාක්ෂි නොමැති අතර හස්තිපාලකට හිමිකාරිත්වය තහවුරු කිරීමට ලේඛන සාක්ෂි තිබුණ ද අලියකුගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවලට හොඳම පරිසරය වනාන්තරය බව එම නඩු තීන්දුවේ වැඩිදුරටත් විග්රහ කර තිබේ. තව ද අලියාගේ අයිතීන් සහ ඇත්ගොව්වාගේ අයිතීන් අතර ගැටුමක් ඇති වුවහොත් අලියාගේ අයිතීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සිදු වන බව ද අධිකරණයේ අදහස බව එම නඩු තීන්දුවේ සඳහන් වේ. මීට අමතර ව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ ඉන්දියානු සත්ත්ව සුභසාධන මණ්ඩලය එදිරිව නාගරාජා නඩුවේ ගවයින් භාවිත කර සිදු කරන සාම්ප්‍රදායික ජල්ලිකුට්ටු ක්‍රිඩාවට අදාළ තීන්දුව 2014 වසරේ දී ලබා දෙමින් විනිසුරුවන් සඳහන් කරන්නේ රජය අනාථ දරුවන්ගේ භාරකාරත්වය දරන ආකාරයට ම සතුන්ට ද එම භාරකාරත්වය ලබා දිය යුතු බව ය. මේ අනුව වනාන්තරයෙන් අල්ලා රඳවාගෙන සිටින අලි – ඇතුන් තිස්අට දෙනා ම නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු ය. විවිධ නම් වලින් හඳුන්වමින් රඳවාගෙන සිටින පොඩි කදිරා, සාලිය, සුමනා, සීවලී, භාණු, සහයෝග, සීදේවි, සුජීවා, සුද්දි, චූටි මැණිකේ, සුරනි, පංචාලි, වස්තු, සඳලි, පාරමී, සමාධි, සුදු මැණිකේ, සකුරා හෙවත් චූටි මහත්තයා, හාමු, දිල්කි, සන්දුල, සිගිති, දිනුක, හිරුණි, චාරිකා, මිහිල, දෙව්මිණී, සංජු, ගංගා, මිහින් රාජා සහ රෝහණ රාජා හෙවත් අභය රාජා ඇතුළු අනෙක් සියලූ ම අලි පැටවුන් නැවත වනයට මුදා හැරීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සකස් කළ යුතු ය. එම සතුන් තවදුරටත් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටීමෙන් සිදු වන්නේ පෞද්ගලික භාරකරුවන් සන්තකයේ සිටිය දී සිදු වන අනර්ථය ම ය. [B]අලි පැටවුන් ජාවාරමෙන් සිදු වන නීති උල්ලංඝනය කිරීම[/B] වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 20 වන වගන්තියට අනුව අලි – ඇතුන් අල්ලා ගැනීම හෝ ඒ සඳහා උපක්‍රම භාවිත කිරීම තහනම් වේ. එවන් ක්‍රියාවකට වරදකරුවකු වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ එකහමාරත් ලක්ෂ පහත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එපමණක් නොව එම අලියා හෝ ඇතා යම් නිලධාරියකුගේ සන්තකයට හෝ ආරක්ෂාවට භාර දීමට අධිකරණයට හැකියාව ඇත. අලි – ඇතුන් සම්බන්ධයෙන් සිදු කරන යම් වරදක් ඇපදිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සම්බන්ධයෙන් 1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධානවලට සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධානවලට අදාළ විය යුතු ය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 22අ වගන්තියට අනුව හීලෑ අලි – ඇතුන් නියමිත පරිදි වාර්ෂික ව ලියාපදිංචි කළ යුතු ය. ලියාපදිංචි නොකළ සතුන් සන්තකයේ තබා ගැනීම වරදකි. එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ලියාපදිංචි කර නොමැති අලි – ඇතුන් නීති විරෝධීව අල්ලා ගත් සතුන් ලෙස අනුමාන කළ යුතු අතර පොදු දේපලක් ලෙස සලකණු ලැබේ. ඒ අනුව 1982 අංක 22 දරන පොදු දේපල පනතේ විධිවිධානවලට අනුව කටයුතු කළ යුතු ය. පනතේ 23(1) වගන්තියට අනුව නීති විරෝධීව අලි – ඇතුන් සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයන් වරදකරුවකු වේ. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර දහයත් විස්සත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම පනතේ 59 වන වගන්තියට අනුව යම් වරදක් සිදු කිරීමට ආදාර අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරද ම කරනු ලබයි. පනතේ 67ආ1 උප වගන්තියට අනුව අලි – ඇතුන් සම්බන්ධ සියලු වැරදි සංඥ්ය වැරදි වේ. ඒ අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි අතර පනතේ 67ඈ1 උප වගන්තියට අනුව සංඥේය වැරදි සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන ක්රියාවේ යෙදවිය යුතු වේ. අලි පැටවුන් කැලයෙන් අල්ලාගත් බව සනාථ කිරීම නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කිරීමේ දී මිය ගිය සතුන්ට දාව උපන් පැටවුන් බව සඳහන් කරමින් මෙම සතුන් ගෘහාශ්‍රිත ඇතින්නියන්ට දාව උපන් පැටවුන් බව සනාථ කිරීමට අලි පැටවුන් ජාවාරමේ නිරත පිරිස විශාල උත්සාහයක් ගනිමින් සිටී. අපගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ කැලයෙන් අල්ලා ගෙන ගෘහාශ්‍රිත කර ඇති බවට හඳුනාගෙන දැනට අත් අඩංගුවට ගෙන ඇති අලි පැටවුන් සියල්ල ම 2000 වසරෙන් පසුව ඉපදුණු සතුන් බව ය. එසේ නම් ගෘහාශ්‍රිත අලි – ඇතුන් විශාල ප්‍රමාණයකට දාව මෙම සතුන් ඉපදීම සිදු විය යුතු ය. ඇතින්නියක් මාස 22 ක් පමණ වන ගැබ් කාලයක් ගත කර පැටවුන් බිහි කරන අතර 2000 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ අලි පැටවුන් මෙතරම් ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට නම් මෙම කාලය තුළ ජීවත් ව සිටි සියලූ ම ගෘහාශ්‍රිත ගැහැනු සතුන්ට පැටවුන් බිහි විය යුතු ය. නමුත් එම කාලය තුළ කිසිදු ඇතින්නියකගේ ගැබ් ගැනීමක් පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වී නොමැත. අලි පැටවුන් ජාවාරමේ නිරත පුද්ගලයන් සඳහන් කරන ආකාරයට පැටවුන් බිහි කළ සියලූ ම මව් පිය සතුන් මිය ගොස් ඇත. එම සතුන් ජීවත් ව සිටියේ නම් රුධිර සාම්පල් මගින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු කර එම සතුන්ගේ මව් පිය සතුන් නිවැරදි ව හඳුනා ගත හැකි ව තිබුණි. අපගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ 2000 වසරෙන් පසුව මිය ගිය අලි – ඇතුන් ප්‍රමාණය 22 ක් පමණ වන බව ය. (නමුත් සමහර වාර්තාවල මෙම අගය මීට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බව සඳහන් වේ.) ඒ අතුරෙන් දහසය දෙනෙක් පිරිමි සතුන් වන අතර හතර දෙනෙකු ගැහැනු සතුන් වේ. එම ගැහැනු සතුන් ද වයස අවුරුදු 65 ත් 75 ත් අතර වයස් සීමාවල දී මිය ගිය සතුන් වේ. එසේ මිය ගිය සතුන් නම් අතුල, චන්ද්‍රෘ, සෙල්ලරාජා, ලංකා, දිවුලා, සිංහරාජා, අභය, කපිල, නවම් රාජා, වාසනා, සමන් රාජා, හේමන්ත, කණ්ඩුල, ටිකිරි, අප්පුහාමි පැටියා, රන් අම්මා, මැණිකේ, රාජා, මැණිකා යන නම් වලින් හැඳින් වූ අලි – ඇතුන් හා ඇතින්නියන් ය. ඒ අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් 51 ක් පමණ ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැත. මෙතරම් අලි පැටවුන් ප්‍රමාණයක් ඉපදීමට තරුණ වයසේ පසුවන ඇතින්නියන් විශාල ප්‍රමාණයක් වර්ෂ 2000 ත් 2015 ත් අතර කාලය තුළ ජීවත් ව සිට මිය යාම සිදු වී තිබිය යුතු ය. නමුත් එතරම් විශාල ප්‍රමාණයක් තරුණ වයසේ පසු වූ ගැහැනු සතුන් මිය ගිය බවට වාර්තා නොමැත. වර්ෂ 2000 ත් 2015 ත් අතර කාල සීමා ව තුළ මෙතරම් ප්‍රමාණයක් තරුණ වයසේ පසු වූ ඇතින්නියන් මිය යාමට ලක් වී ඇත්නම් ඒ පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු අතර ඒ මත පදනම් ව ගෘහාශ්‍රිත ව ඇලි – ඇතුන් රඳවා තබා ගැනීම පිළිබඳ ව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු ය. මේ සියලු තත්ත්වයන්ට අනුව මේ වන විට කූට ලේඛන භාවිත කර ලියාපදිංචි කර ඇති අලි පැටවුන් ගෘහාශ්‍රිත අලි – ඇතුන්ට දාව ඉපදුණු බවට සඳහන් කරන ප්‍රකාශ සියල්ල සම්පූර්ණයෙන් ම අසත්‍ය බව තහවුරු වේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom